New photo from Facebook January 26, 2016 at 12:00PM

අනමතග්ග සංයුක්තයේ එන සූත්‍ර 20 ම කියවන්න -> http://ift.tt/1VmOSYJ
එක් සුත්‍රයක් පහතින් දැක්වේ.

දුග්ගත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, විරූපවූ අත් පා වලින් යුක්තවූ යම් දිළින්දෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි.
“ඊට හේතුව කවරේද?”
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
(පළමුවෙනි දුග්ගත සූත්‍රය නිමි.) via Facebook Pages http://ift.tt/1GMS4Lf