New photo from Facebook January 31, 2016 at 09:00AM

දුර්ලභ කාරණාවන් 5 ක්‌…
පිංගියානී සූත්‍රය -> http://ift.tt/1nvApyA

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පන්සියයක් පමණ ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවර්‍ණවූ, නීලවර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, නීලවර්‍ණ ආභරණ ඇත්තාහු නිල්පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීතවර්‍ණවූ, පීතවර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, පීතවර්‍ණ ආභරණ ඇත්තාවූ රන්වන් වූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ලෝහිතක වර්‍ණවූ, ලෝහිතක වර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, ලෝහිතක වර්‍ණ ආභරණ ඇත්තාවූ රතු පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ස්වේත වර්‍ණවූ, ස්වේත වර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, ස්වේත වර්‍ණ ආභරණ ඇත්තාවූ සුදු පැහැ ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙන්ද, යශසින්ද ඒ හැම දෙනම ඉක්මවා බබළයි.
’’එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශවෙක්හිද. ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
’’ භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහේය’’ යි.
’’පිංගියානිය, තට වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
’’එකල්හි පිංගියානි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසුවූ ගාථාවකින් ස්තූති කෙළේය.
’’යම්සේ උදෑසන පිපියාවූ, සුවඳ ඇත්තාවූ, පහව නොගිය සුවඳ ඇති රත් පියුමක් වන්නේද, එමෙන් අහසෙහි බබළන්නාවූ සූර්‍ය්‍යයා මෙන් බබළන්නාවූ සර්‍වඥයන් වහන්සේ බලවයි කීයේය.
ඉක්බිති ඒ ලිච්ඡවීහු උතුරුසළු පන්සියයකින් පිංගියානි බමුණා පිදූහ. ඉක්බිති පිංගියානි බ්‍රාහ්මණ තෙම ඒ උතුරුසළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක.
’’ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
කවර පසක්හුගේද යත්? අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ. කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
’’ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf