කකචූපම සූත්‍රය -> http://ift.tt/2bR2vCy
“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
“මහණෙනි, තොප මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. මහණෙනි, තෙපි යම් හෙයකින් නොඉවසන්නාවූ අල්ප සාවද්‍යවූ හෝ මහා සාවද්‍යවූ හෝ යම් වචනයක් දක්නහුද?” “නැත, ස්වාමිනී”.
“මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’යි මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය. via Facebook Pages http://ift.tt/1GMS4Lf