New photo from Facebook September 25, 2016 at 03:00PM

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉස්සෙල්ලම අපි තේරුම් කරගත කරුණු ටිකක් තියෙනවා. මම ඒ ටික මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාණ දර්ශන නිවන කියන ධර්මාතවයත්. සීලය කියන්නේ කුමක්ද? සීලය කුමකටද? සමාධිය කියන්නේ කුමක්ද? සමාධිය කුමකටද? ප්‍රඥාව කියන්නේ කුමක්ද? කුමකටද? විමුක්තිය කියන්නේ කුමක්ද? කුමකට ද? කියන කාරණා ටික මම පොඩ්ඩක් ඉස්සෙල්ලම පැහැදිලි කරලා ඊට පස්සේ පින්වතුන් අහල තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්.

සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති කියන ධර්මතාවයන් ගත්තහම සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රී ශික්ෂාව අයිති වෙන්නෙ මර්ගයට. එතකොට දුක දැනගෙන, දුක ඇතිවෙච්ච හැටි දැනගෙන, දුක නැති තැන දැනගෙන, ඊටපස්සෙ දුක නැති තැනට යන ප්‍රතිපදාවටයි සීල සමාධි ප්‍රඥා කියන ටික අයිති වෙන්නෙ. නමුත් ඉස්සෙල්ලාම අපිට ධර්මයේදි පැහැදිලි කරගන්න ඕනෙ මාර්ගයට ඉස්සෙල්ලා දුක කියන එකත්, දුක ඇතිවෙච්ච හැටිත්, දුක නැති තැනත්, ඊටපස්සෙ තමයි අපිට සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන ධර්මයෝ අනුපිළිවෙලට සම්බන්ධ වෙන්නෙ.

දුක කියලා ගත්තහම අමුතුවෙන් දුකකට අපි අර්ථකථන දීගන්න අවශ්‍ය නැහැ අපි හැමදෙනාම ජීවත් වෙන අපේ ජීවිතයේ හම්බවෙන දුකම දකින්න මේ ස්පර්ශ ආයතන හයේ අපිට විඳින්න ස්පර්ශ කරන්න වෙන කායික මානසික දුක් දොම්නස් ටිකට තමයි දුක්ඛ කියලා කිව්වෙ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නෙ සසර නැවත නැවත ඉපදීමේ දුක, ලෙඩ වීමේ දුක කිව්වහම තමන් ලෙඩ වෙච්ච නිසා හෝ තමන්ගේ දුවා දරුවො ඥාති හිතෛෂින් දෙමාපියො සහෝදරයෝ මේ අය ලෙඩ වීම නිසා එන දුක, එතකොට තමන් මහලුවීම නිසා තමන්ගේ නෑදෑයෝ අනික් සියලුදෙනා මහලුවීම නිසා එන දුක, අප්‍රිය පුද්ගලයො අප්‍රිය දේවල් නිසා අපිට විඳින්න වෙන දුක, ප්‍රිය දේවල් ප්‍රියමනාප අයගෙන් වෙන්වීම නිසා එන දුක, හිතන බලාපොරොත්තු වෙන කැමතිවෙන දේවල් නොලැබීම නිසා එන දුක.

මෙන්න මේ දුක ලෝකයට හම්බවෙන්නෙ ස්පර්ශ ආයතන හයෙන්. ස්පර්ශ ආයතන හය කියන්නෙ තමන්ගේ අම්මා තාත්තා දුවා පුතා මැරිච්ච පණිවිඩය හම්බවෙන්න පුළුවන් ඇහෙන් බලලා දුක් විඳින්න පුළුවන්, ඒ අය මැරිච්ච ස්වභාවය කණින් අහලා දුක් විඳින්න පුළුවන්, ඒ වගේම නාසයෙන්, තමන්ගේ අම්මා තාත්තා දුවා පුතා මැරිච්ච අයගේ මිනී කුණුවෙච්ච ගඳ, රස නම් ලබන්න බැරි වෙයි නේද… කයට දැනෙන ස්පර්ශයන් තුලින්, විශේෂයෙන්ම සිතට දැනෙන අරමුණු තුලින් අපිට දුක කියන කාරණාව හම්බවෙනවා එතකොට මේ දුක ඇතිකරගෙන තියන්නෙ ඇතිවෙලා තියන්නෙ කොහොමද කියන කාරණාව බැලුවොත් ඇත්තටම “පංච උපාදානස්කන්ධ දුක්ඛා” ඔය දුක් ටික විස්තර වශයෙන් පැහැදිලි කරලා පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අන්තිමට කෙටියෙන් පෙන්නන්නෙ “.සංඛිත්තෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා”

මේ පංච උපාදානස්කන්ධ දුක, ස්කන්ධ ටිකක් සහ කෙලෙස් ටිකක් කියන දෙකම එකට එකතු වෙලා තමයි හැදෙන්නෙ. පංච උපාදානස්කන්ධ දුක,ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් නිසයි හැදෙන්නෙ,එතකොට මෙතනදි අපි ඉස්සෙල්ලාම පංච උපාදානස්කන්ධය කියනකොට ඒකේ තියෙන ලක්ෂණය තේරුම් ගන්නට ඕනෙ. රූප උපාදානස්කන්ධයෙදි ඕගොල්ලන්ට කවදාවත් ස්කන්ධ මට්ටමකින් හම්බවෙන්නෙ නෑ. ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය ඇත්ත ඇතිහැටිය පවතින ස්වභාවය තමයි සතර මහා ධාතු සහ උපාදාය රූප, ඒ නිසා පවතින රූපයක් තමා රූප ස්කන්ධයේ ඇත්ත.

නමුත් රූප උපාදානස්කන්ධය කියන්නෙ හැමවෙලාවෙම අපට හම්බවෙන්නෙ සත්වයෙක්ගෙ පුද්ගලයෙක්ගෙ රූපයක් එහෙම නැත්නම් යම්කිසි භාණ්ඩයක හෝ ද්‍රව්‍ය කාරණාවක රූපයක් තමයි හම්බවෙන්නෙ. කාමාවචර වේවා රූපාවචර වේවා යම්කිසි රූපයක් හම්බවෙනකොට පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය මනින්න පුළුවන් ලක්ෂණය තමයි. අපි කියමු පීරිසියක් තමයි හම්බවෙන්නෙ ටෙලිෆෝන් එකක් තමයි හම්බවෙන්නෙ මේ රූපයෙ. මේක මේසයක්. මේ අත, මේ මම, මේ අහවල් පුද්ගලයා, අහවල් කෙනා, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක් ඔය රූප තමයි හම්බවෙන්නෙ.

එතකොට විඳින්න හම්බවෙන්නෙත් අපට පීරිසියක් දකිනකොට ඇතිවෙන වේදනාව, දුරකථනය දකිනකොට ඇතිවෙන වේදනාව, මේ පුද්ගලයා දකිනකොට මට මෙහෙම සැපක් හෝ දුකක් ඇතිවෙනවා, කියලා රූපයේ විස්තරයම රූපයේ ගතියම ගන්නවා වේදනාවට. සංඥාවත් එහෙමයි මේ රූපයේ හැඩේ, මේ දුරකථනයේ හැඩේ, මේ මනුස්සයගෙ හැඩේ කියලා සංඥාවත් එබදුයි. සංඛාරයත් එහෙමයි මේකට පීරිසිය කියලා කියන්නෙ, එතකොට මේකට දුරකථනය කියන්නෙ, මේ අහවල් පුද්ගලයා කියලා සංඛාරයත් ඒ රූපය ගණයටම වැටෙනවා. විඥ්ඥාණයත් එහෙමයි අහවල් පුද්ගලයාවයි දැනගත්තෙ, අහවල් පුද්ගලයා ගැන වේදනාවයි දැනගත්තෙ. අහවල් පුද්ගලයාගේ හැඩරුවයි දැනගත්තෙ අහවල් පුද්ගලයාගේ මේ නමයි කියලා දැනගත්තෙ කියන කාරණාවයි තියන්නෙ.

ඒ නිසයි එයාට බුදු රජාණන්වහන්සේ පෙන්නනවා “මහණෙනී, දංවැලකින් බඳින ලද සුනඛයෙක්, කණුවක හෝ ටැඹක බැන්දොත් ඒ සුනඛයා හිටගෙන හිටියොත් ඒ කණුව වටේම හිටගෙන ඉන්නවා, ඇවිද්දොත් ඒ කණුව වටේම ඇවිදිනවා, දිව්වොත් කණුව වටේම දුවනවා, නිදාගත්තොත් කණුව වටේම නිදාගන්නවා. එයින් තොර එයාට පැවැත්මක් නැහැ. ඒ වගේ මහණෙනී මේ ධර්මය නොදන්නා අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයා ඉතින් හිටගෙන ඉන්නෙත් පංච උපාදානස්කන්ධයකම හිටගෙන ඉන්නවා, ඉතින් ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයකම ඇවිදිනවා, නිදාගන්නේ පංච උපාදානස්කන්ධයකම නිදාගන්නවා. ඉතින් ඉඳගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ හතර ඉරියව්වම පංච උපාදානස්කන්ධයකමයි තිබෙන්නේ.

එතකොට ඔන්න ඔය පංච උපාදානස්කන්ධයයි දුක. ඔය පංච උපාදානස්කන්ධය ඇතුලෙ දුකෙන් තොර එකඳු ධර්මතාවයක් වත් පනවන්නෙ නැහැ බුදුරජාණන්වහන්සේ. යම්කිසි සැපක් වේවා යම්කිසි දුකක් වේවා දුකයිම යන අර්ථයකුයි බුදුරජාණන්වහන්සේ පෙන්නන්නෙ දුකයි යන ඝනයටයි යන්නෙ. එතකොට සැප කියලා දෙයක් නැද්ද? තියනවා සැප තිබුනට ඒ සැපය සැපක් යන ඝනයට යන්නෙ නැහැ, උපමාවක් පෙන්නනවා ධර්මයෙන්ම කුෂ්ඨ රෝගීන් දරුණු කුෂ්ඨයක් වැලඳෙනවා අර කඩුවේගන් වගේ දරුණු කුෂ්ඨයක් වැලදුන රෝගියෙක් යම් වෙලාවක කුෂ්ඨය කසනකොට පොඩි සැහැල්ලුවක් දැනෙනවාද නැද්ද, කුෂ්ඨෙ කහනකොට සැපයක් දැනෙනවා නේද. පැත්තක බලාගෙන ඉන්න කෙනාට ප්‍රාර්ථනාවක් හිතෙනවාද අනේ මේ මනුස්සය කුෂ්ඨෙ කහලා ඇතිවෙන සැපය මටත් තියේනම් කියලා හිතෙනවාද. ඉතින් සැපක් නම් ඇයි ප්‍රාර්ථනා කරන්නැත්තෙ. සැපය උනාට ආශ්වාදය ටිකක් උනාට ආදීනව බොහෝයි. ආදීනව ගොඩාක් මත පිහිටලා තියන්නෙ නේ.

ඒ වගේ නිතරම කබ ගලන හොටු ගලන මල මුත්‍රා වැගිරෙන කුණුවෙන සැරව ගලන පුපුරන මේ වගේ ශරීරයක් දරාගෙන කවනවා පොවනවා නාවනවා අන්දවනවා පලන්දවන වැඩකාරයෙකුට කරන විදිහෙ මහා උපස්ථාන කරමින් උපකාර කරමින් පරිහරණය කරන මේ කයක් දරාගෙන ඇතිවෙන සැපය බුද්ධාදී සත්පුරුෂයො දකින්නෙ රෝගයක් හැටියට හුලක් හැටියට ගඩක් හැටියට අධික වෙහෙසක් හැටියට. මේ තුල ඇතිවෙන සැපය බොහෝම ටිකයි ආශ්වාදය බොහොම ටිකයි. ආදීනව බොහෝයි කියලා දකිනවා. ඒනිසා මේ පංච උපාදානස්කන්ධයේ සැපය සැපයක් හැටියට ගණන්ගන්නේ නැහැ. .

ඒකයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ “මහණෙනී ස්වල්ව වූ අසුචි දුඟඳයි පිළිකුල් කටයුතුයි, ඒවගේම ස්වල්ප වූ කෙල ටිකක් මුත්‍රා ටිකක් ගත්තොත් දුගඳයි පිළිකුල් කටයුතුයි අප්‍රසන්නයි. ඒ වගේ මහණෙනී මම එක් මොහොතකඳු මේ භවය වර්ණනා කරන්නැහැ ඒක පිළිකුල් කටයුතුයි” කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගත්තහම බුදුරජාණන්වහන්සේ කෙටි කරලා කැටි කරලා “මේ පංච උපාදානස්කන්ධය දුකයි” කියලා එක වචනෙකට පනවන්නෙ ඒ නිසයි. “සංඛිතතෙන පංචඋපාදනස්කන්ධා දුක්ඛා.” කියන වචනයෙන් නිර්වචනය කරන්නෙ අපි සැපයි කියන දේත් දුකයි කියන දේත්, දුකයි සැපයි දෙකම දුකයි කියන අර්ථය. ඒ මොකද, යම් වස්තුවක ආරම්භය සැප උනාට අවසන් වෙන්නෙ දුකකින් නම් ඒ සැපයට බුද්ධාදී සත්පුරුෂයින් වහන්සේලා සැපයි කියන්නැහැ. යම් සැපක් මහා ආදීනවයක් මත මහා දුකක් මත පිහිටලා තියෙයි නම් ඒ සැපය ප්‍රාර්ථනා කටයුතුයි කියන තැනකට බුද්ධාදී ආර්ය උත්තමයො දකින්නෙ නැහැ.

උපමාව පෙන්නන්නෙම “කාමය මහණෙනී කුෂ්ඨයක් වගෙයි” කියලා. එතකොට මේ කුෂ්ඨ රෝගියෙක් විඳින සැපය කවුරුවත්ම නිරෝගී පුද්ගලයෙක් කවදාවත් ප්‍රාර්ථනා කරන්නෙ නැහැ මොකද ඒ සැපයට වඩා ආදීනවය වැඩියි කියලා. ඉතින් ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය කියන තැන මේ ස්පර්ශ ආයතන හය දකින්න. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන කියන පංච උපාදානස්කන්ධය තමයි ලෝකයට දුක කියන එක නිර්මාණය වෙලා තියන්නෙ ලෝකයට දුක කියන කාරණාව ලැබෙන්නෙ. එතකොට මේ දුක කියන කාරණාව ඇතිවෙච්ච හැටි බැලුවොත් දුක්ඛ සමුදය බැලුවොත්, දුක ඇතිවෙච්ච හැටි බැලුවොත්, දුක ඇතිවෙච්ච ක්‍රමය තියනවා පින්වතුනි දෙයාකාරයකින්. දුක ඇතිවෙලා තියනවා කොහොමද? දෙයාකාරයකින්. මොකක්ද දෙයාකාරය? අවිද්‍යා, තණ්හා, කර්ම කියන කර්ම කෙලෙස් කියන ගති ටිකකිනුත්, ආහාර කියන ප්‍රත්‍යයෙනුත්. අපි පටිච්චසමුප්පාද ක්‍රමයට විස්තර කලොත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ කාරණා හතර දෙකට බෙදුවොත්, අවිද්‍යාව කර්මය තණ්හාව කියන කාරණා ටික කෙලෙස් ටිකක්,ආහාර කියලා කියන්නෙ ප්‍රත්‍යයක් ආහාරයක්.
මේ ප්‍රශ්ණයකුත් තියනවා මං ඒකත් එක්කම උත්තර දෙන්නම්.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016. 06.19 පොසොන් පොහොය දින සවස සිදු කල ඉතා වටිනා දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2dgTzsi via Facebook Pages http://ift.tt/1GMS4Lf