New photo from Facebook November 19, 2016 at 03:00PM

ඕගොල්ලොන්ට මේ රූපායතනයට වගේම තමයි ශබ්දය. ශබ්ද වලත් එක එක හැඩ තියනවා. සද්දයක් ඇහෙනකොටම මේ හැඩයට තමයි ගිරවා කෑගහනවා කියලා කියන්නෙ කියලා අපි හොඳට හිතලා තියනවා. ඔය සද්දෙ ඇහෙනකොටම අර නිමිත්ත සිහිවෙනවා. සද්දය නිසා ගිරවා කියන අදහස අපේ මනසෙ සිහි වෙනවා. නමුත් ඒක දන්නැති උනහම අපේ මනසෙ ගතිය සද්දෙට බැන්දහම අපි ශබ්දායතනය තුල ගිරවෙක්ගෙ සද්දයක් දකිනවා. ඒ වගේම මගෙ අම්මගෙ සද්දෙ, තාත්තාගෙ සද්දෙ, දරුවගෙ සද්දෙ, දරුවගෙ කටහඬ කියලා අපි අනික් පැත්තට ගිහිල්ලා තියන්නෙ මේ.

බුදුරජාණන්වහන්සේ දේශනා කලේ මහණෙනී මේ මාරයාගේ භූමිය කියලා කියන්නෙ මොකක්ද? ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රස, කය පොට්ඨබ්බ, මන ධම්මායතනය. මේක මාරයාගේ භූමිය. මහණෙනී ඕකෙ ඉන්න කෙනා ඕකෙ වාසයට යන කෙනා මාරයාගෙන් බේරෙන්නේ නෑ. මාරයාගේ ගොදුර. ඒ නිසා මහණෙනී නුඹලාට මං විසින් ඉඩමක් දෙනව. හැම වෙලාවෙම මේ පියා සතු ඉඩමේ වාසය කරපල්ලා. එතකොට උඹලා මාරයාගෙන් බේරෙනවා කියලා සතිපට්ඨානය පෙන්නන්නෙ ඔය නිසයි.

ඒ කියන්නෙ ඇස් දෙකට එන රූපය අරඹයා තමන්ගේ මනස තුල පුරුෂයෙක් කියන හැඟීම, ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපය අරඹයා මනුස්සයෙක් කියන හැඟීම තමන් තුල ඇති උනොත්. මේ හැඟීම ආපහු රූපායතනය පැත්තට දාලා ටීවී එකේ මනුස්සයෙක් දැක්කා කියලා කියන්නෙ මාරයාගේ ගොදුරක් උනා මාරයාගේ විශයට ගියා, මාරයාට ඕනෑම දෙයක් කල හැක්කෙක් බවට පත් වෙනවා. රූපය දකිනකොට මනුස්සයා කියන අදහසක් එනකොට කෙනෙකුට සිහිය උපද්දවන්න පුළුවන් නම් මනුස්සයා කියන අදහස ආපහු ගියොත් මේ මාරයාගේ ගොදුර කියලා එයා අහගෙන තියනවා. එයා ඒ වෙනුවට ආපහු යන්නැති වෙන්න සතිපට්ඨානය භාවිතා කරනවා.

නෑ නෑ එතන තියන්නෙ කනබොන ආහාරයෙන් හැදුනු කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇටමිඳුළු ටිකක්. කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් චිත්‍රයක් නෙ තියන්නෙ. ඒ චිත්‍රෙ දකිනකොට මනුස්සය කියන අදහස තමන්ට නේ ඇතිවෙන්නේ කියලා තමන්ගේ මනුස්සයා කියන අදහස රූපය මත පතිත වෙන්න නොදී සතිපට්ඨානයට හිත තබනවා. කායගතාසතිය, කය කෙරෙහි සිහිය තබනවා ඇත්ත ඇති හැටිය. ඒ බලන්නෙ මොකටද? මේ තමන්ගේ මනසෙ තියෙන මනුස්සයා කියන ගතිය අර රූපෙට බැසගන්නෙ නැතිවෙන්න. එතකොට එයාගෙ විඤ්ඤාණය, සිත රූපායතනය ඇසුරු කරන්නැහැ.රූපායතනය ඇසුරු කරන්නේ නැහැ. රූපෙන් මිදෙනවා.

මෙහෙම උපදින උපදින හැම අරමුණකම බලනකොට මෙයා රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ කියන ආයතන ටිකේ ඇසුර, නවාතැනෙන් ටිකෙන් ටික මිදෙනවා. ස්පර්ශ ආයතනය පෙනෙනවා පෙනුනට ඒ ගැන නුවණයි මිසක ඒකේ වාසයට යන්නැහැ. සද්දෙ ඇහෙනවා සද්දෙට නුවණයි ඒකෙ වාසෙට යන්නෙ නැහැ.එබඳු කෙනාට මාරයව එයාට පෙනෙනවා මේකට ගියොත් මාරයට අහුවෙනවා කියලා. හැබැයි මාරයට එයාව හොයන්න බැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ ඕගොල්ලො සතිපට්ඨානය හැම වෙලේම වඩන්න මම මේ කිව්වෙ හොඳට එකක් ඉගෙනගෙන තියාගන්න. මේ ස්පර්ශ ආයතන හයම අනාත්මයි කියලා කිව්වෙ රූප ගත්තොත් හරියට වීඩියෝ පටයක ටීවී එකක චිත්‍රපටයක තියෙන චිත්‍ර ටිකක් උපමාව වශයෙන් සන්තකයේ තබාගන්න. එහෙම නැත්නම් ගෙදර ගහල තියෙන තමන්ගේ හෝ දරුවෙක්ගෙ හෝ කාගෙ හරි ෆොටෝ එකක් සන්‍තකයේ තබාගන්න.

හොඳට බලන්න ගෙදර උනත් තියෙන ෆොටෝ එක දිහා. ඕගොල්ලො දන්නවා දිය සායම් ටිකකින් චිත්‍ර ටිකකින් ෆොටෝ එක ඇඳලා බිත්තියේ ගහලා තියන්නෙ ඒක චිත්‍රයක්. ඒක දකිනකොට දරුවා කියන අදහස මේ මගෙ මහත්තයා කියන අදහස ඕගොල්ලන්ට එයි. එතකොට හොඳට තේරෙනවා ෆොටෝ එක දකිනකොට මගෙ මනස සිහිවීමක් මේ තියන්නෙ. ෆොටෝ එක දකිනකොට මගෙ මහත්තයා කියලා මනසෙ සිහි උනාට ෆොටෝ එක මහත්තයා කියලා දකින එක හරිද කියලා බලන්න? වැරදියි. ෆොටෝ එක දකිනකොට මනසෙ මේ මගේ මහත්තයා මේ මගේ දරුවා කියලා සිහිවෙනකොට ෆොටෝ එකේ ඇත්ත දන්නෙත් නෑ. ෆොටෝ එකේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යා පච්චයා සංඛාරා මනස තුල ඇතිවෙච්ච ප්‍රපංච සංඤා සංඛාරයක් දරුවා කියන එක දන්නෙ නැති ලෝකයා ෆොටෝ එක පැත්තෙන් දරුවා දකිනවා නම් ෆොටෝ එක පැත්තෙන් මහත්තයා දකිනවා නම් අන්න මාරයාගේ වාසයට ගිහිල්ලා කියලා මාරයට අහූඋනා කියලා දකින්න.

මේ මාරයාගෙන් මිදෙන්නයි සතිපට්ඨානය තියන්නෙ කියලා කියන්නෙ ෆොටෝ එක දකිනකොට මහත්තයා කියන අදහස ඇතිවෙනවා එයා ෆොටෝ එක පැත්තට නැමෙන්නෙ නෑ මහත්තයා කියලා එතන තියන්නෙ චිත්‍රයක්. එතකොට එයාට තේරෙනවා මං මගේ මනස තලු මර මරා ජීවත් වෙන කෙනෙක්. මං මගේ හිතත් එක්ක ජීවත් වෙන කෙනෙක් කියන එක ටික ටික ප්‍රකට වෙනවා. අද අපි රූපයෙන්නේ පුද්ගලයා දකින්නෙ. රූපයෙන් පුද්ගලයා දැක්කහම තියෙන දෝසෙ මොකක්ද? සතරමහාධාතු රූපය විපරිණාම වෙච්ච දවසට දරුවා මැරුණ දුක විඳින්න වෙයි. තාත්තා මල දුක විඳින්න වෙයි. මොකද? සතර මහාධාතු රූපය නිසා දරුවා කියන අදහස එනවා. දරුවා කියන අදහස ආපහු තමන්ගේ මනස තුල තිබුණු අදහසක් කියන එක දන්නෙ නැතුව සතර මහා ධාතුවට අයිතියි කියලා ඒ පැත්ත දැක්කොත් අපිට පෙනෙන්නෙ ඒ රූපය දරුවා වගේ.

රූපය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දරුවා මැරුණා වගෙයි අපිට පෙනෙන්නෙ. නමුත් රූපය නිසා දරුවා කියන අදහසක් තමන් තුල ඉපදිලා ඒ අදහස එක්කයි අපි ගනුදෙනු කරන්නෙ කියනකොට අර රූපේ විපරිණාම උනත් කනබොන ආහාරයෙන් හැදුනු රූපය නිරුද්ධ උනා කියලා දකිනවා. ඒ රූපය හැමදාම කලේ මගේ මනස තුල තියෙන දරුවා කියන අදහස උපදින්න හා පවතින්න උපකාරයක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ ඉස්සරහ ඕගොල්ලො හිතන්නෙ මේ රූපය කෝප්පෙ කියලා. නමුත් මෙතන වෙන සැබෑම සිද්ධිය දකින්න. ඇස් ඉදිරිපිටට මේ වර්ණ සටහනක් එනකොට මේකේ භෞතික තත්වය බාහිරයි එහෙම්මමයි, සතරමහාධාතුව ඇසුරු කරගෙන තියෙන වර්ණ රූපයක්.

ඔය රූපෙ ඇස් ඉදිරිපිටට එනකොට මේ විදිහටම ක්ෂණිකව නිමිත්තක් හදාගෙන. දැන් මේ ඉදිරියෙන් තියෙන රූපෙට කිසිම දෙයක් අපිට හිතන්න කියන්න කරන්න බැහැ. ඇස් ඉදිරිපිටට ආවා පමණයි “දිට්ඨේ දිට්ඨ මත්තං” ඔය විදිහටම නිමිත්තක් හදාගෙන මේ හැඩේටම මේ විදිහට නිමිත්තක් හදාගෙන දැන් හිතේ තියෙන නිමිත්තට මං නම් කරනවා මේක කෝප්පෙ. මේ කෝප්පෙ පෝසිලේන් එකක් මේක හදන්නෙ අහවල් කොම්පැණියෙ, ඒ කොම්පැණිය තියන්නෙ පිළියන්දල. පිළියන්දල කියනකොට ඩිපෝ එකකුත් තියනවා. ආ ඩිපෝ එකේ මෙහෙම බසුත් තියනවා. ඔහොම තමයි මේක යන්නෙ ආයුහනා සංඛාරා කියලා. කෝප්පෙන් පටන්ගත්තෙ යන්නෙ ඔහොම. මේ නිමිත්ත වටා දහස් ගානක් හදන්න පුළුවන්. ඊටපස්සෙ මේ මේ විදිහට හිතේ තියෙන නිමිත්තට විස්තර හදනවා.

ඇස් ඉදිරිපිට ආපු මේ රූපය අහකට යනවා. අහකට ගියාට හිතේ හදපු නිමිත්ත ආපහු ආපහු සිහි කර කර හිතන්න පුළුවන්. හිතේ තියෙන නිමිත්ත සිහිකරන ගානෙ එයාට හිතෙන්නෙ බාහිර රූපෙ ගැන හිතනවා කියලා. මොකද මෙහෙම හිතද්දි මෙයාට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියන්නෙ. ඇස් ඉදිරිපිටට ආපු රූපය වර්ණ සටහනක්. ඔය රූපය ඇස් ඉදිරිපිට තියාගෙන හිතේ නිමිත්තක් හදාගෙන ඒ තුලයි මේ හැසිරෙන්නෙ නේද කියලා දන්නැහැ එයා. එයා හිතන්නෙ මම මේ හිතන්නෙ බාහිර වස්තුවකටයි කියලයි. බාහිර රූපෙ පැත්තකට ගියත් අර හිතේ නිමිත්ත පුන පුනා හැපි හැපි පවතිනවා. යම් වෙලාවක හිතේ තියෙන විස්තර කවපු මේ හැඩේට සමාන රූප ලෝකෙ කොතනක හෝ රූපයක් දැක්කොත් පත්තර කඩදාසියක දැක්කත් ඇති ටක්ගාලා තමන්ගේ අර නිමිත්ත ආයෙ සිහිකරගන්නවා.

සිහි කරනකොට ඒ නිමිත්තෙත් තියනවා මේක කෝප්පෙ, කෝප්පෙ පෝසිලේන්, පෝසිලේන් කර්මාන්ත ශාලා තියනවා පිළියන්දල, පිළියන්දල තව ඩිපෝ එකකුත් තියනවා. ඔක්කොම ටික ඒකෙ තියනවා. තව ඒකට අලුත්වැඩියා කරන්නත් පුළුවන්. එතකොට එක රූප මාත්‍රයක් විතරයි පේන්න ඕනෙ මනස තුල මහා ලෝකයක් ගොඩනැගිලා. මේ අපේ ලෝකෙ හැදිලා තියන්නෙ හදාගෙන තියන්නෙ ඔහොමයි. තේරුම් ගන්න ඕගොල්ලන්ට ගොඩාක් ආදරෙයි කියලා හිතෙන දරුවා නම්, චිත්‍රපටයක වර්ණ සටහනක් බඳු කනබොන ආහාරයෙන් හැදුනු රූපය ඇසුරු කරගෙන ඇස් ඉදිරිපිට වර්ණ සටහන් මාත්‍රයක් ආවා නම් ඒ වර්ණ සටහන දකිනවත් එක්කම හිත ඇතුලෙ ඒ විදිහෙම නිමිත්තක් හදාගන්නවා.අර පෙනෙන දේට මොකුත් කරන්න බැහැ ඒක එහෙම්මමයි. ඒක මහා භූත පැත්තටයි අයිති.

ඒ හිතේ හදාගත්ත නිමිත්තට මේ මගේ දරුවා දරුවගෙ නම මෙහෙමයි කියලා, දරුවට මම ආදරෙයි සෙනෙහසයි කියලා ගොඩාක් සෙනෙහස ආදරය කියන ගති ටික තමන්ගේ සිතේ තියෙන නිමිත්තට බඳින්නෙ. බැඳලා තියන්නෙ. පස්සෙ දැන් මේ හිතේ තියෙන නිමිත්ත උපදින්න හා පවතින්න අර සතරමහාධාතු රූපය උපකාර වෙලයි තියන්නෙ. සතරමහාධාතු රූපේ දකිනගානෙ දරුවා කියන නිමිත්ත උපදිනවා. ඊටපස්සෙ මම දරුවා කියලා හිතනකොට හිතන එක මනස තුල කියලා පෙන්නන්නෙ නැහැ සතරමහාධාතු රූපෙට අයිතියි කියලා මේක පවත්වනවා. මේ නිමිත්ත උපදින්න හා පවතින්න සතරමහාධාතු රූපය උපකාර වෙලා මිසක දරුවා කියන මගෙ මනස තුල තියෙන නිමිත්ත උපදින්න පවතින්න සතරමහාධාතු රූපය උපකාරයි.

මගේ මනස තුල ඉන්න විජේ කුමාරතුංග උපදින්න හා පවතින්න ටීවී එකේ තියෙන වර්ණ සටහන උපකාරයි. ටීවී එකේ තියෙන වර්ණ සටහන විජේ කුමාරතුංග නෙමෙයි නමුත් මගෙ මනස තුල ඉන්න ජීවමාන පුද්ගලයා විජේ කුමාරතුංග කියන එක ඒ රූපය දැකපු ගමන්ම උපදිනවා. ඊටපස්සෙ ඒක දුරුවෙන්නෙ නැහැ මෙහෙම කෙනෙක් ලෝකෙ ඉන්නවා කියලා ඒ රූපෙට මගෙ මනසෙන් බඳින නිසා උපදින්න හා පවතින්න උපකාරයි. ඒ වගේ ඕගොල්ලන්ට දැන් දරුවෙක් ඉන්නවා නම්, ඉන්නවා කියලා හිතෙන්නේ සතරමහාධාතු රූපයේ උපකාරයෙන් මනසෙ ඔය නිමිත්ත පවත්වනවා. ඒ රූපය දැකපු ගමන් ඒ නිමිත්ත උපද්දවනවා. ඔය නිමිත්ත උපද්දවන්න හා පවත්වන්න සතරමහාධාතු රූපය උපකාර වෙලා.

මේක දන්නැති ලෝකයා සතරමහාධාතුවේ ඉන්න දරුවාව දකිනවා. ඔය විදිහටමයි මමත්.තමන්ට මේ සතරමහාධාතු රූපය උපකාරී කරගෙන මේ විදිහටම හිතේ මම කියලා හැඩතල වලින් යුක්ත නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත තමයි මම මගෙ නම මෙහෙමයි මගෙ ගම මෙහෙමයි මගේ අම්මා තාත්තා මට දරුවො ඉන්නවා මට ගෙවල් තියෙනවා මට මෙච්චර ගෙවල් තියනවා මෙච්චර දේවල් තියනවා කියලා ඔය නිමිති තමයි හදාගෙන තියන්නෙ. කාලා බීලා හොඳට පෝෂණය කරන මේ සතරමහාධාතු රූපය මනස තුල ඉන්න මාව උපද්දවන්න හා පවත්වන්ඩ උපකාරයි මිස මේ කය මම නෙමෙයි මේ කය මාව උපද්දවන්න පවත්වන්න උපකාරයි. තමන්ගේ මනස තුල තියෙන මම කියන හැඟීම උපදින්න පවතින්න උපකාරයි.

මේ සතරමහාධාතුව ඇසුරු කරගෙන මනසෙ තියෙන නිමිති උපදින හා පවතින තාක් මේ මනස මිදෙන්නෙ නැහැ. මේ කර්මක්ෂය වෙන්නෙ නෑ. සතිපට්ඨානයෙන් කරන්නෙ එක දෙයයි කායගතාසතියට හිත තබල මේ ප්‍රපංච නිමිති උපදින්න හා පවතින්න ඉඩ නොදෙන එකයි. හොඳට මතක තබාගන්න කෙටියෙන් දරුවා කියලා නිමිත්තක් තමන්ගේ මනසේ තිබෙයි නම් ඒ නිමිත්ත උපදින්න දෙන්නෙ නැහැ ඒ නිමිත්ත පවතින්න දෙන්නෙ නැහැ කායගතාසතිය ට හිත තියලා. මම කියලා හැඟීමක් ඕගොල්ලන්ට තියෙයි නම් මෙච්චර කාලයක් මේ කය සංකේතයක් උනා ඕගොල්ලන්ට මම කියන ඔය හැඟීම උපදින්න හා මම කියන ඔය හැඟීම පවතින්න. සතිපට්ඨානය ඕගොල්ලො දැන් වඩන්නෙ මම කියන හැඟීම උපදින්න හා පවතින්න ඉඩ නොදෙන්නයි.

එතකොට ඕගොල්ලො මේ තමන් කියන ශරීරය ගැනත් බලනවා. බලන්නෙ කොහොමද? මේ කනබොන ආහාරයෙන් හැදුනු කෙස් ලොම් නිය දත් සම් නහර ඇට ඇටමිඳුළු යුක්ත කුණප කොටස් ටිකක් ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් තියෙන මේ ශරීරය කියලා මේ රූපෙ ඇත්ත බලන්නෙ මොකක් නිසාද? මම ඉන්නවා කියන්නෙත් නෑ, මම නැහැ කියන්නෙත් නැහැ. මේ රූපෙ බලන්නෙ ආශ්‍රවක්ෂය කරගන්න. මොකද එයා දන්නවා සතිපට්ඨානයට නුවණ නැති හැම වෙලාවෙම මේ රූපෙ දකිනකොටම මම කියන හැඟීම උපදිනවා. උපන්න හැඟීම මේ කයේ හැපිලා පවතිනවා. මේ රූපෙ දකිනකොට මම කියන හැඟීම උපදිනවා, හිතේ උපන්න හැඟීම ආපහු මේ කයේ හැපිලා පවතින හින්දා මම ජීවත් වෙනවා වගේ පෙනෙන්නෙ.

මේ ඉදිරියෙන් මේසේ උඩ තියෙන රූපෙ දකිනකොටම මගෙ මනස තුල හදාගත්ත කෝප්පෙ කියන අදහස උපදිනවා. උපන්න කෝප්පෙ අදහස මේ රූපෙ හැපිලා පවතිනවා. කෝප්පෙ කියන එක නිරුද්ධ වෙන්නෙ නැහැ මේ රූපයට මම බැඳලා තියෙන තාක් කෝප්පය මගේ මනස තුල උපදිනවා. උපන්න කෝප්පය කියන නිමිත්ත පවතිනවා. මේ මනස තුල උපන්න නිමිත්තටයි තණ්හාව.කෝප්පෙටයි තණ්හා කරන්නෙ. ඒකයි “චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං , රූපං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති. එත්ථ නිවිසමානා නිවිසති”මේ තණ්හාව කොහෙද උපදින්නෙ? කොහෙද පවතින්නෙ? ඇහැ රූපය ලෝකේ ප්‍රිය මධුර ස්වභාවය උපදින්නෙ පවතින්නෙ මේවෑ.

කෝප්‍පයක් කියලා ඕගොල්ලොන්ට ගොඩාක් ආස කරන කෝප්පෙකට කැමතියි නම් ඕගොල්ලන්ට කෝප්පෙකට කැමතියි කියන නිමිත්ත උපදින්නෙ මේ රූපෙ බලාගෙන ඒ නිමිත්ත පවතින්නෙ මනස තුල මේ රූපෙ බලාගෙන. ඕගොල්ලොන්ගෙ මනස තුල උපදින තණ්හාව කෝප්පෙකට තියෙන තණ්හාව උපදින්න පවතින්න මේ රූපය උපකාරයි. රූපෙ කෝප්පය නෙමෙයි. රූපය මේ මනස තුල තණ්හාව උපදින්න පවතින්න උපකාරයි. මගේ දරුවා කියලා ඕගොල්ලන්ට තණ්හාවක් තියේනම් මගේ දරුවා කියන තණ්හාව උපදින්න පවතින රූපායතනය ඕගොල්ලන්ට උපකාරයි. ඔය රූපෙ නිසා මගෙ දරුවා කියන අදහස උපදිනවා. මගෙ දරුවා කියන අදහස මනසෙ පවතිනවා රූපායතනය නිසා.එතකොට රූපායතනය මම කියලා පිළිගන්න එක බාල කමක්, ඉතාමත් පහත්, ඒ කියන්නෙ අපි ගොඩාක් දුබලයි.

ටීවි එකේ තියෙන වර්ණ සටහන පුද්ගලයෙක් කියලා දකිනවා කියනඑක මොන තරම් පහත්ද කියන එක බලන්න. ටීවී එකේ තියෙන වර්ණ සටහන දැක්කත් ඕගොල්ලන්ට දරුවා කියන අදහස උපදියි නේද? ඒ වර්ණ සටහන තමන් තුල ඉන්න දරුවා උපදින්න හා පවතින්න උපකාරයි. ඒ දරුවා කියන අදහස උපදියි. ඊටපස්සෙ ඒ අදහස වර්ණ සටහන හින්දා පවතියි. ඕගොල්ලන්ට වර්ණ සටහන හින්දා පවතින හින්දා වර්ණ සටහනනිසා උපදින හින්දා ඕගොල්ලො ඒක දන්නැහැ ඒ හින්දා රූපය දරුවා කියලා රැවටිලා. දරුවා කියලා කැමැත්ත තණ්හාව ආශාව කියන මේ නිමිත්ත උපදින්න පවතින්න උපකාරයි රූපය. ඇහැ කන ශබ්දය මේවා තණ්හාව උපදින්න පවතින්න උපකාරයි. තණ්හාව කියනකොට නිකන්ම ගතියක් දකින්න එපා.

දරුවාට තණ්හාව කෝප්පෙට තණ්හාව රත්තරං වලට තණ්හාව සල්ලිවලට තණ්හාව.සල්ලි කෝප්ප රූප ටිකේ දකින්න එපා සල්ලි වලට තියෙන තණ්හාව උපදින්න පවතින්න රූපෙ උපකාරයි. රූපය දකිනකොටම සල්ලි හොඳයි කියන තණ්හාව උපදියි. සල්ලි වලට තියෙන තණ්හාව පවතියි. ඕගොල්ලන්ට ඔය ටීවී එකක උනත් සල්ලි කොලයක් දැක්කොත් මේ අහවල් රුපියල් දාහෙ කොලේ පන්දාහෙ කොලේ කියලා හිතෙන්නෙ නැතිවෙයිද? හිතෙනවා. එතකොට ඒ විදිහටම තමයි මේ සතරමහාධාතුව තියෙන තැනත් අම්මා තාත්තා දුවා පුතා කියලා අද අපිට තියෙන නිමිති ටිකට තමයි තණ්හාව කියලා කියන්නෙ බුදුරජාණන්වහන්සේ .

“තණ්හක්ඛයෝ නිබ්බානං” තණ්හාවේ ක්ෂය බවයි නිවන කියලා කියන්නෙ. මේ රූප ටිකේ ඇත්ත දැකලා මේ නිමිති ටික මනසෙන් ගෙවා දැම්මා නම් මේකයි නිවන. ඕගොල්ලන්ට ජරා මරණ දුක් විඳින්න කාරණා නැහැ රූපායතනයේ. රූපායතනය හිස්. ජරා මරණයන්ගෙන් තොරයි ශුන්‍යයි. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි.හොඳට තේරුම්ගන්න මේ සතිපට්ඨානය තියන්නෙ තණ්හාව නැතිකරන්න තණ්හාව ගෙවන්න. තණ්හාව කියන එකේ අර්ථය අපි තාම තේරුම් අරගෙන නැහැ. දරුවාට තියෙන තණ්හාව කියන එක තමන්ගේ මනස තුල තියන්නෙ.ඒකයි මම කිව්වෙ මේ මනස තුල තියනවා කියන එක අඳුනගන්න ෆොටෝ එක දැක්කොත් මේ දරුවා කියන කැමැත්තෙන් බැඳිච්ච නිමිත්ත උපදින්න පවතින්න ෆොටෝ එක උපකාරයි.

“රූපං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති. එත්ථ නිවිසමානා නිවිසති”. මේ තණ්හාව කොහෙද උපදින්නෙ? කොහෙද පවතින්න. රූපය ලෝකෙ ප්‍රියයි මධුරයි එහි උපදිනවා එහී පවතිනවා. තණ්හාව පවතින්නෙ රූපෙ. දරුවා කෙරෙහි කියලා පෙන්නලා තියනවාද? දරු තණ්හාව පවතින්නෙ දරුවාගේ රූපෙ කියලා පෙන්නලා තියනවද? නැහැ. රූපය අනාත්මයි ඒ රූපය අවබෝධ කර නොගැනීම නිසා දරුවා කියන තණ්හාව මගෙ මනස තුල තියෙන තණ්හාව උපදින්නෙ පවතින්නෙ රූපායතනය බලාගෙන. ඒ නිසා ඕගොල්ලො මෙන්න මේ දෝශය ඉතුරු නොකරන්න.

අනන්ත සංසාරෙ අපි හැමෝටම ලෙහා ගන්න බැරි උනේ මේ ගැටය. මේ ඇත්ත ලෝකෙ හැමදාම බුදු හාමුදුරුවෝ පහල උනත් නැතත් හැමදාම ලෝකෙ මේ ඇත්ත තිබුනා. නමුත් වැහිලා ලෝකෙට පේන්නෙ නැහැ මේ රූපය නිසා තමන්ගේ මනස තුල ඇතිවෙන තණ්හා නිමිත්ත කියන එක පේන්නෙ නැහැ. එයාට පේන්නෙ මනසෙ තියෙන ඡායා ටික වස්තු මත පතිත වෙලා මේ දරුවා ගෙවල් දොරවල් කියලා. ඉතින් මම ඔය විස්තර ටික පෙන්නුවෙ අපිට වෙලා තියෙන දෝසෙ සතිපට්ඨානය වඩන්නේ ඔන්න ඔය ඇත්ත තේරුම් අරගෙන තමන්ගේ මනස තුල තණ්හාව උපදින්න පවතින්න නොදෙන්නයි.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් සතිපට්ඨානය නිවැරදිව වඩන්නේ කෙසේද යන්න 2016.10.05 දින සිදු කල දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීමට

http://ift.tt/2eBFDYu via Facebook Pages http://ift.tt/1GMS4Lf