New at Little Bit


from Path to Nirvana https://ift.tt/2J9KjSH
සත්වයෝ යන්නා වූ කරත්ත රෝදයේ කඩ ඇණය මෙන් කර්මයෙන් බැඳී පවතී – වාසෙට්‌ඨ සූත්‍රය

(කඩ ඇණය ගැල වුනොත් වැඩි දුර නොගොස් කරත්ත රෝදය පෙරළේ – කර්මය ක්ෂය වීමෙන් සියලු දුකින් මිදේ)

කර්මයෙන් ගොවි වෙයි.
කර්මයෙන් ශිල්පියෙක් වෙයි.
කර්මයෙන් වෙළෙන්දෙක් ද වෙයි.
කර්මයෙන් මෙහෙකරුවෙක් වෙයි.

කර්මයෙන් හොරෙක් ද වෙයි.
කර්මයෙන් යෝධයෙක් ද වෙයි.
කර්මයෙන් යාජක ද වෙයි.
කර්මයෙන් රජෙක් ද වෙයි.

හේතු ඵල දහම දක්නා වූ කර්ම විපාක දෙක්හි දක්ෂ වූ පණ්ඩිතයෝ මෙලෙස මේ කර්ම ඇත්ත ඇති සැටියෙන් දක්නාහ.

කර්මයෙන් ලෝකය පවතී.
කර්මයෙන් සත්ව වර්ගයා පවතී.
සත්වයෝ යන්නා වූ කරත්ත රෝදයේ කඩ ඇණය මෙන් කර්මයෙන් බැඳී පවතී.

https://ift.tt/2pYzrhB