New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LumfuL
” එක වරක් භික්ෂූන් වහන්සේ නමක් ලොකු කඩදාසි පිටු 16 ක ලිපියක් එවනවා මට දොස් කියලා සාප කරල මාව අපායටම දාලා .මම ඉතින් එය මුල ඉඳල අග දක්වා ම මගේ හිතේ බිංදුවක්වත් වේදනාවක් ඇති නොවන විදියට කියවල පසුවදා ම ඒ නමට ලිපියකින් ආශිර්වාද කළා. මට දහසක් දෙනෙක් ගුණ කියනවට වඩා එක් කෙනෙක් හරි මෙහෙම අගුණ කියනකොට මට සන්තෝසයි.මගේ අගුණයක් තියෙනවා නම් මම ඒක හදාගන්නව.ගුණයක් තියෙනවා නම් මම එයින් සතුටු වෙනවා.දැන් තමුන්වහන්සේ ලියල තියෙන කරුණු වලින් මට එක වරදක්වත් සිදු වෙලා නැති බව මගේ හිත කියනවා .තමුන්වහන්සේ ගේ ලිපියෙන් මගේ හිත මැන ගන්න මට පුලුවන් වුණා .මීට පෙර තමුන් වහන්සේ ගැන මම දැනගෙන හිටියේ නහැ .අදින් පස්සේ ඔබවහන්සේ ත් මගේ මෛත්‍රී චිත්ත තරංග ධාරාවලියට ඇතුළු වුණා .තමුන්වහන්සේ මගේ කල්‍යාණ මිත්‍රයෙක් වුණා කියලා ස්තූති කරල ලිපියක් යැව්වා .පස්සේ නැවත ලොකු කඩදාසි පිටු 16 ක ලිපියක් එවනවා ප්‍රශංසා කරලා.ඇත්තටම ඒ වගේ වේදනාකාරී දේ පවා වේදනා නිවෙන හැටියට පිළිපැදලා තියෙනවා .
කවදාවත් මම කිසි කෙනෙකු සමඟ තරහ ගන්නේ නහැ .බැන ගෙන නහැ .එකම දවසක් කෙනෙකුට පහරක් ගහල තියෙනවා .කෙනෙකුව කරදරයකින් බේරන්න.තරහට නොවේ.ඊට පස්සේ පහර කෑ කෙනා සන්සිදුනා.

මම සාමණේර කාලයේම අධිෂ්ඨාන කරගත්තා උපසම්පදා වුනොත් ගරු ලඝු කිසිම ඇවතකට දැන දැන පත් වන්නේ නහැ කියලා .අද වනතුරු ගරු ඇවත් වලට පත් වෙලා නහැ .මම දෙවාරයක් මානත් පිරුවා.පිරිවෙස් නම් පුරලා නහැ .ඒ මානත් පිරුවේ ඇවැත් වෙලා නොවෙයි.සංඝයා සතුටු කරන්නයි.පැයක් පමණ කාලයක් දීර්ඝව ගැඹුරටම සිව්පස ප්‍රත්‍යවේක්ශාව කරගන්නවා. හැම දෙයින්ම මම ප්‍රයෝජන ගන්නවා.මෛත්‍රී භාවනාව වැඩිවශයෙන් මම භාවිතා කරනවා .අද කාලයේ ලොව බොහො අයට තියෙන්නේ ගිනි ගත් සිතක් නිසා අපි මෛත්‍රී බලය කාටත් බෙදා දෙනවා.ත්‍රිලක්ශන විපස්සනාව කරනවා.අසනීප ගණනේ හිටියත් ප්‍රතිපත්ති අඩු කරන්නේ නහැ .ඉතින් මම මගේ ගැන හිතලා නිතර සතුටු වෙනවා. අපි ආරණ්‍ය ප්‍රතිපත්ති වලින් ඉවත් වුණේම නහැ .ආරණ්‍යයෙන් ගමට ගියේ නහැ. ගමෙන් නගරයට ගියේ නහැ .ආරණ්‍යයේමයි ජීවත් වෙන්නේ.”
— නාඋයනේ අරියධම්ම හිමි
යති ශේෂඨ උතුමන් මෙදා ද පහළ ව නිවී ගියහ……..