පෙර කාලයේ පයින් ගමන් කරන අය රැ බෝ වන විට අම්බලම් වලට එක් රැස් වෙති. නොයෙක් පළාත්…

පෙර කාලයේ පයින් ගමන් කරන අය රැ බෝ වන විට අම්බලම් වලට එක් රැස් වෙති. නොයෙක් පළාත් වලින් පැමිණි අය ඒ රැයට පමණක් එකට උයා පියා ගෙන එකිනෙකාට ඥාතීත්වයෙන් අමතමින් රැය පහන් කරති. පසුදා උදැසන සියල්ලෝ තම තමාගේ ගමන යාමට පිටත් වෙති.

මේ ජීවිතයද අම්බලමක් වැනිය. සංසාර ගමනේ යෙදෙන කල්ප ගණන් වයසක ආත්ම මේ කෙටිකලකට එකට එකතු වී ඇත.

ඒ නිසා සම්මතය තුළ ප්‍රමාද නොවී වහ වහා ධර්මයට එක්වන්න.