New at Little Bit


from Path to Nirvana https://ift.tt/31YlvGx
තථාගත කාය බලය

තථාගතයන් වහන්සේට ඥානබල පමණක් නොව ලෝකයෙහි අන් කවරකුටවත් නැති පුදුම කායබලයක් ද ඇති බව අටුවාවල දක්වා තිබේ. ඒ මෙසේ ය:-

‘කාළාවකඤ්ච ගංගෙය්‍යං – පණ්ඩරං තබ්බ පිංගලං,
ගන්ධමංගල හෙමඤ්ච – උපොසථ ජද්දන්තිමෙ දස’

යනුවෙන් දැක්වෙන ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේය. පණ්ඩරයන් දසදෙනුකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේය. පිංගලයන් දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධයන් දෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත්තේය. හේමයන් දෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ජද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය. ජද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුඬකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහසක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කොටිදහසක බල ය.