New at Little Bit


from Path to Nirvana https://ift.tt/30vfAb6
උතුම් දිවියෙන් බිඳක්
ගරු ආචාරියා මන් භූරිදත්ත තෙරුන් කියලා කියන්නේ මෑත කාලයේ පහල වූ උත්තරීතර අරිහතුන් වහන්සේ කෙනෙක්! උන්වහන්සේ වැඩ වාසය කලේ තායිලන්තයේයි. 1870 වර්ෂයේ උපත ලැබූ උන්වහන්සේ පිරිණිවන් පා තිබෙන්නේ 1949 වර්ෂයේදීයි. ඉතින් අපි බොහෝමයක් අහලා තියෙනවානේ සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ කාලයේ වැඩ වාසය කල මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පිළිබදව. උන්වහන්සේ තමයි ධූතාංගදාරී භික්ෂූණ්වහන්සේලා අතරින් අග්‍ර කොට සැලකූ අරිහතුන්වහන්සේ. ඉතින් ආචාරියා මන් භූරිදත්ත අරිහතුන්වහන්සේත් අන්න ඒ වගේ ඒ ධූතාංගදාරී භික්ෂූ පරපුර අනුගමනය කරපු මහා වීර්යයක් ධෛර්යක් ඇති භික්ෂූන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අරිහත්වයෙන් පසු වසර 60ක පමණ කාලයක් ගත කොට තිබෙනවා… ඒ වසර කීපය තුල උන්වහන්සේගේ මග පෙන්වීමෙන් ධර්මය පාදා ගෙන අරිහත්වයට පත්වූ භික්ෂූන්වහන්සේලා බොහෝ පිරිසක් සිටිනවා.

ආචාර්යා මන් භූරිදත්ත තෙරුන්ගේ ගිහි අවධිය පිළිබදව කෙටි සටහනක් තබනවා නම් උන්වහන්සේ උපත ලබා තිබෙන්නේ 1870 ජනවාරි මස 20 වනදින බ්‍රහස්පතින්දා දිනයකයි. දරුවන් අට දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමලා ලෙසින් තමයි උපත ලබා තිබෙන්නේ. ඒ වුණත් උන්වහන්සේ පිරිනිවන් පාන විට උන්වහන්සේට වඩා වයසින් බාල ඒ සහෝදර පිරිස අතරින් දෙදෙනෙකු පමණයි ජීවත් වෙලා ඉදලා තියෙන්නෙත්. වයස අවුරුදු 15දී තමයි උන්වහන්සේ මුලින්ම චීවරය දරාගෙන සසුන්ගත වී තිබෙන්නේ. ඉන් වසර 2කට පමණ පසු ඔහුගේ පියාගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ සිවුරු අතහැර විත් ගිහි වැඩකටයුතු වලට තමාට උපකාර කරන ලෙසයි. උන්වහන්සේ සසුන්ගතවීමට තිබූ දැඩි කැමැත්ත ඇල්ම නිසාම නැවතත් චීවරය දරාගන්නවාමයි යන බලාපොරොත්තුව දැඩි අධිශ්ඨානය ඇතිව තමයි නැවතත් ගිහි පරිසරයට යොමුවුනේ.

1893 වර්ෂයේ ජුනි 12 වන දින නැවතත් උන්වහන්සේ සසුන්ගත වූනේ අවුරුදු 22දීය. උන්වහන්සේට සසුන්ගත විමට තිබූ දැඩි අධිශ්ඨානය දෙමව්පියන් දැන සිටි නිසාම මෙවර සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කොට උන්වහන්සේට ඒ අවස්ථාව ලබාදීමට දෙමව්පියන් කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව උන්වහන්සේට සසුන්ගත නම ලෙසින් “භූරිදත්ත” යන නාමය ලැබී තිබෙනවා. ආචාරියා සාඕ තෙරුන් සමග තමයි ඉන්පසුව උන්වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනේ. උන්වහන්සේ ගැන කරුණු මට නැවත නැවතත් ලියන්නට අවශ්‍ය නොවෙන්නේ උන්වහන්සේ පිළිබදව සවිස්තරව ලියැවුණු ග්‍රන්ථ මෙන්ම වෙබ් අඩවිත් බොහෝමයක් තිබීම නිසයි.

උන්වහන්සේ ගැන උන්වහන්සේ අනුගමනය කරපු ක්‍රම රටාව පිළිබදව බොහෝම අපූරුවට උන්වහන්සේගේ ගෝල හිමිනමක් විසින්ම ලියන ලද ග්‍රන්ථයක් තිබෙනවා. ආචාරියා මහා බෝවා නම් ඒ හිමි නමත් පසුකලක අරිහත්වයට පත්වූ උත්තරීතර හිමි නමක්. ඉතින් එම සුවිශේෂී ග්‍රන්ථය මේ වන විට සිංහලයට පරිවර්ථනය වී තිබීමත් ඉංග්‍රිසී භාෂාවට එතරම් හුරුවක් නැති ඔබට වැදගත් මෙන්ම සතුටුදායක ආරංචියක් යැයි සිතමි.