New at Little Bit


from Path to Nirvana https://ift.tt/2kFi7j5
ප්‍රබල විජ්ජා

කඳුකරයේ ගෝත්‍රික මිනිසුන් ආචාර්ය මන් පිළිබඳ නොයෙක් ලෙස සිතූහ. වරෙක උන්වහන්සේ ළඟ අවතාර හොල්මන් දුරුකරන ප්‍රබල විජ්ජා ඇතැයි සිතූහ. ඉන්පසු උන් වහන්සේ හමු වී එවැනි විජ්ජාවක් ඇතොත් තමන්ට එය ලබා ගන්ට කතිකා කළහ.

පසුදා උදෑසන ආචාර්ය මන් මේ කතිකාව ගැන භික්ෂූන්ට සැළ කළහ. ඊයේ රාත්‍රියේ මා භාවනාවේ යෙදී සිටින විට මට ඇසුනා ගෝත්‍රික මිනිස්සු කතිකා කරනවා අප ළඟ හොලඟ අවතාර පලවාහැරීමට විජ්ජා ඇත කියා. එය ඉල්ලන්ට අද එනවා කියා කියනවා. ඒ අය ආවොත් බුද්ධ, ධම්ම, සංඝ, මන්ත්‍රය දෙන්න එය භාවනා කරන්න කියන්න. මෙය ඉතා බලවත්. හොල්මන් අවතාර මේ බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි මහා බයක් ඇත. එකම හොල්මනක් වත් ඉන්නේ නැහැ බය වී දුවති.

උන්වහන්සේ පැවසූ පරිදි පසුදා එම ගෝත්‍රික මිනිස්සු අවුත් හොල්මන් පලවා හරින මන්ත්‍රය ඉල්ලූහ. ආචාර්ය මන් මෙම මන්ත්‍රය කියා දුනි. එය භාවනා කරන අන්දම ද කීහ. තමන් නිතරම හිතින් බුද්ධො, ධම්මෝ, සංඝෝ මෙනෙහි කළ යුතුයි බුද්ධෝ… බුද්ධෝ… කීවත් කමක් නැහැ

මෙය අසා ඔවුන් මේ වටිනා මන්ත්‍ර සූත්‍රයක් යැයි නිතර භාවනා කළහ. ඇත්තෙන්ම එය භාවනා කමටහනක් විය. වැඩිකල් ගතවීමට පෙර ඔවුහු සමාධි ගත වූහ. ඔවුන් ඉක්මනින් දුව අවුත් මේ පිළිබඳ දැන්වූහ. ආචාර්ය මන් එම සූත්‍රය හොඳින් භාවනා කරන නිසා ඒ පළාතේ එකම හොල්මනක් වත් නැතැයි ප්‍රකාශ කළහ. මේ ධර්මයේ ආනුභාවයෙන් ඔවුන් තුළ හොල්මන් වලට තිබූ බිය පහවිය. ඇත්තෙන්ම හොල්මන් දුරුවිය. භාවනා නොකරන අය කෙරෙහි පවා අමනුෂ්‍යයන් බිය පත් වුණි.

ස්වභාවිකව ඉතා අවංක බැවින් ද ගුණවත් බැවින්ද ගෝත්‍රික මිනිසුන්ට ධර්මය ඉගැන්වීම පහසු විය. ආචාර්ය මන් කියාදෙන පරිදි ඒ අය පැය ගණන් භාවනා කළහ. එබැවින් ඉතා හොඳ ප්‍රතිඵල ලදහ. මොවුන්ගේ හදවත ආලෝකමත් විය. පරචිත්ත විජානන ඥානය පහළ විය. අසපුවේ සිටින භික්ෂූන්ගේ පවා සිත් දනිති.

තමාගේ අත්දැකීම් ගැන ඔවුහු විස්තර කළහ. භික්ෂූන් වහන්සේලා පුදුම වූහ. තමන් වහන්සේලාගේ සිත් දකිතියි බියපත් වූහ. මෙය සැබෑවක් දැයි ප්‍රශ්න කළහ. ගෝත්‍රිකයෝ සත්‍ය ප්‍රකාශ කළහ. නැවත නැවතත් හරස් ප්‍රශ්න අසමින් විස්තර ඇසූහ. හැම විටම එකම උත්තර දෙති. ඔවුන්ගේ ස්වභාවික අවංක ස්වරයෙන් කියති. භික්ෂූන් වහන්සේලා තමන්ගේ මෝහය දුරු කිරීමට මෙසේ ප්‍රශ්න ඇසූහ. අන්තිමේදී මේ අය කියන්නේ සැබෑවක්මය ඔවුන් අපේ සිත් දකිති තව තවත් බියපත් වූහ.

මේ ගෝත්‍රිකයෝ ආචාර්ය මන් ගේ සිත දන්නා බව පැවසූහ. “මාගේ සිත කෙසේද? අවතාර හොල්මන් වලට බය ද?”…. ඔබ වහන්සේගේ සිත මේ ලෞකික සිත නො වේ. මිනිස් සිරුරක නිවනකි. ඔබ වහන්සේගේ සිත් අති උත්තමයි. කිසි දෙයකට බය නැත. ඉන්පසු ඔවුන් තුළ හොල්මන් වලට තිබූ බය පහ වී ගියේය. භාවනා දියුණු අය අන් අයටත් තමන්ගේ වැටහීම ගැන කීහ. සියලු දෙනා තුළම ආචාර්ය මන් ගැන ශ්‍රද්ධාව ඇත. හැමදාම උදෑසන ගමේ මද්‍යස්ථානයකට රැස්වී දන් පිළිගන්වති. සියලුම භික්ෂූන් වහන්සේලාගේ පාත්‍රවල ආහාර දමා ආචාර්ය මන් ගෙන් ආශිර්වාද ලබති.සියලු දෙනාම එකවිට සාධුකාර දීමට උන්වහන්සේ පුරුදු කළහ. ශබ්දනගා දෙන සාධුකාර නාදය දේව ලෝකවල රැව් පිළිරැව් දුනි. දෙවිවරු අනුමෝදන් වෙති. හැමදාම ගෝත්‍රිකයෝ මෙසේ මහ හඬින් සාධුකාර දුන්හ. රාත්‍රී කාලයේ දෙවියන් සමග කතා කරන විට එම ශබ්දය ඈත දේව ලෝක වලට ඇසුන බව දෙවියෝ ආචාර්ය මන් හට කීහ. මේ ශබ්දය අසා දෙවිවරු ආචාර්ය මන් මේ පළාතේ වසන බව දනී.

දෙවිවරු සමූහ වශයෙන් අවුත් ආචාර්ය මන් සමඟ කතා කරත්. මෙම කණ්ඩායමේ නායකයෙක් ඇත. එක් එක් තරාතිරමේ දෙවිවරු ඇත. සමහරු භුම්මට්ඨ හෙවත් භූමිය ආශ්‍රිත ය. ඉතා දුර බැහැර හෝ ලගපාත අය වෙති. බෞද්ධ පොත්පත්වල සඳහන් පරිදි බොහෝ දිව්‍යලෝක ආකාශයේ ඇත. ඒ ආකාශස්ථ දෙවිවරු වෙති. දෙවිවරු තමන් වහන්සේ දැකීමට එන බව උන්වහන්සේ කලින් ම දනිති. රාත්‍රී දෙකට හෝ තුනට එන බව දත් විට කලින් නින්දට ගොස් විවේක ගනිති. නින්දෙන් පිබිද නියම වෙලාවට සමාධියට පත් වෙති. මධ්‍යම රාත්‍රියේ එන්නේ නම් දිගටම සමාධිගත වෙයි.මේ දෙආකාරයටම සිදු වේ. ප්‍රථමයෙන් තද සමාධියකට සම වැදී සුව විඳිමින් ශාරීරික පීඩා සංසිඳවති. නියම වේලාව පැමිණි විට සුදුසු සමාධියකින් අමුත්තන් පිළිගනිති. දෙවිවරු දැන් පැමිණ ඇතැයි දනිති. තාම ඈත දේව ලෝක වලින් ගමන් කරන බව හෝ දනිති. ඒ අය පිළිගෙන උන්වහන්සේ උචිත තේමාවකින් ධර්මය දේශනා කරති. ඉහළ ධ්‍යානවලට සම වැදුණු විට දෙවියන්ට හමුවීමට නොහැකි ය. සාමාන්‍ය මිනිස් මනසට ඉතා කලාතුරකින් දෙවියන් හමුවේ ඒත් සමාධිගත වූ විට අමනුෂ්‍යයන් ලෙහෙසියෙන් අරමුණු වේ. බොහෝවිට උපචාර සමාධියෙන් මෙය සිදු වේ.

අවුරුදු ගණනාවකට පෙර සාරිකා ගල්ගුහාවෙ ගත කරන කාලයේදී මෙසේ අමනුෂ්‍යයන් සමග ඇසුරු කිරීමට පුරුදු විය. දැන් එය ඉතා ලෙහෙසි දෙයකි. ඒ කාලයේ මහන උපසම්පදාවෙන් වස් 22කි. පිරිනිවන්පාන විට වස් හැටක් පමණි. ඒ වන විට මේ පිළිබඳ අති දක්ෂ විශේෂඥතා ඇතිවිය. අපි කාට වුවද මේ දක්ෂතා ඇති කරගත හැකි වේ. මෙතරම් දක්ෂ නොවූවත් සාමාන්‍ය මට්ටමේ හැකියාවක් හෝ ලබාගත හැකිය. ඒ ඊට අවශ්‍ය පිළිවෙත් සාධනය කිරීමෙනි. මෙහි වැදගත්කම වනුයේ අප බොහෝ අය මෙය විශ්වාස නොකරන බැවින් එවැන්නන්ගේ සැක දුරු කිරීමයි. වැනි දේ නැතැයි කියන අය මේ ප්‍රතිපත්ති අනුගමනය කර තමන්ට අත්දැකීම් ලබාගත යුතු වේ. ධර්මය පිළිබඳ දැනුම නැති අයට මේ කරුණු ඒත්තු ගැනීමට දුෂ්කරය. හදවතේ ඇති ගුණ යනු කුසලතාවයකි. සමාධි ගුණයකි. මේ කුසලතා දියුණු වූ විට තමන්ට දැකීම් ලැබේ. ලෝකයේ සියලු දෙනාම මෙය ප්‍රතික්ෂේප කළත් තමන්ගේ විශ්වාසය නැති නොවේ. එක් එක් අයගේ මතිමතාන්තර මත සත්‍ය නොපවතී. සත්‍ය යනු නොසෙල්විය හැකි ස්වාභාවික ස්ථාවරයකි.

අාචාර්ය මන් වැඩිම කාලයක් ගතකළේ චියාං මායි ප්‍රදේශයේය. මෙය ඉතා දුෂ්කර දුර බැහැර කඳුකරයකි. එය භාවනාවට සුදුසු පරිසරයකි. තවද කඳුකරයේ ගෝත්‍රික මිනිසුන් අතර බොහෝ දියුණු මනස් ඇති පුද්ගලයෝ බිහිවිය. ඒ අය කෙරෙහි උන්වහන්සේගේ උන්වහන්සේ ගේ අනුකම්පාව ඇති විය. ඒ අයට උපදෙස් දීම අවශ්‍ය විය. නැතහොත් තම කුසලතා නැතිවී නැවතත් පුරුදු පරිදි වනගත ගෝත්‍රිකයෝ වෙති. තවද බොහෝ දෙවිවරු සමග සම්බන්ධතා මෙහිදී ඇති වුනි.

මසකට දෙතුන් විටක් දේව හා නාග කණ්ඩායම් උන්වහන්සේ දැකීමට පැමිණ ප්‍රශ්න අසති. ධර්මය අසති. කණ්ඩායම් ප්‍රධානියා මුලින් අවුත් දේව ගණයා ගේ විස්තර හා සංඛ්‍යාව දැනුම් දෙයි. උදාහරණයක් වශයෙන් – දස දහසක්, සියක් දහසක් දේව ගණයා පැමිණ ඇත. නාග ගණයා පන්සියයකි… දහසකි… ආදී වශයෙනි. උන්වහන්සේ සක්මන් භාවනා කරන විට දී සවස් යාමයේ ද අවුත් නොයෙක් නිකායික දේව කණ්ඩායම් එන බව හා වේලාව මතක් කරති. සමහර විට හිඳිමින් සමාධිගත වූ විට ද විට ද පැමිණ යම් යම් දේ නිවේදනය කරති. එවිට උන්වහන්සේ මුණ ගැසීමට දිනයක් වේලාවක් පවරති. වෙනත් වෙනත් නිකායිකයින් එකට හමු නොවෙති. ඒ අය වෙන් වෙන්ව පැමිණෙති. ඒ අයගේ මානසික මට්ටම් අනුව ධර්මය දේශනා කරනු ලැබේ. සමහර විශේෂ මාතෘකා විෂය කරුණු විචාරති. මේ කරුණු උන්වහන්සේගේ විමසීමට බෙහෙවින් හේතු විය. මිනිස්, නාග, ගරුඬ, ආදී නිකායන් සියල්ලටම වඩා දේව නිකායික සංඛ්‍යාව වැඩි විය. දෙවියන්ගේ සිත් හඳුනාගැනීමේ ශක්තිය ඇත්තේ ස්වල්ප දෙනෙකුටය. පරචිත්ත විජානනය සහිත වූ අධිමානුෂික බලයකි.

දෙවියන් නිතරම කියන දෙයක් නම් මිනිසා දෙවියන් සිටින බවත්, දෙවියන් ගැන කිසිවක් නොදන්නා බවත් ය. කර්මානුරූපව දේව නිකාය වල ඉපදෙති. මිනිසාගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන නිසා නො අදහති. එහෙත් මිනිසා මෙන්ම දෙවියන්ටද සිතුම් පැතුම් ඇත. ආචාර්ය මන් වැනි අධිමානුෂික බල ඇත්තන් සිටින්නේ කලාතුරකිනි. මිනිසා මෙන්ම දෙවියන්, සතුන් සහ වෙනත් බොහෝ ජිවීහු සිටිති. ඒ අය සිටින බව සත්‍යයක් ලෙස බොහෝ දෙනා නො අදහති. ආචාර්ය මන් සමග දෙවිවරු ඉතාමත් සුහදව ඇසුරු කරත්. උන් වහන්සේට පූජා සත්කාර කරත්. ධර්මය ශ්‍රවණය කරත්. තම සිත් තුළ ධර්මය රඳවා රඳවා ගැනීමට කැමති වෙත්. එවිට ඒ අයගේ සතුට ප්‍රීතිය වර්ධනය වේ. දේව ආත්මය වඩා සුවදායක වේ. මේ නිසා අතින්ද්‍රිය ගුණ නුවණ ඇති අය දෙවියන්ට ප්‍රිය වෙති. පින් කිරීමේ කැමැත්ත ඇත.

අන් ජීවීන් මෙන් දෙවිවරු තම ජීවිතය සකස් කර ගැනීමට නිතර ආචාර්ය මන් හමුවෙති. ධර්මය අසති. ඒ ගැන මිනිසුන් කිසිවක් නො දනිත්. මේ අතීන්ද්‍රිය හැකියාව මිනිසාට ලබා ගත හැකිය. දෙවියන් සමග අදහස් හුවමාරුව සාමාන්‍ය දෙයකි. එය මිනිසුන් සමග කතා කරන කතාබහ හා සමානය. ආචාර්ය මන් දෙවියන් සමග කතා කළේ සාමාන්‍ය දෙයක් ලෙසිනි. උන්වහන්සේ කොහේ සිටියත් දෙවියන් සමඟ කතා බහ කරති. කැලෑබද ඈත කඳුකර ය දෙවියන්ට ප්‍රිය වේ. මිනිසා ගැවසෙන ප්‍රදේශ වලට දෙවියන් පැමිණෙන්නේ නැත. කැලෑ ප්‍රදේශවල සමාජ වගකීම් නැති නිසා වැඩි කාලයක් දෙවියන් ඇසුරු කරත්.

(ආචාර්ය මන් භූරිදත්ත මහා රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය නමැති පොතෙන් උපුටා ගැනුනි)

Path To Nirvana පේජය සඳහා සකස් කරන ලද මෙම ලිපිය මිතුරන් අතරේ share කර ඔබත් ධර්ම දානමය කුසලය ට සහභාගී වන්න.