New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mkx23b
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 59 🧡💛

🌷 සුජාත බුදුහාමුදුරුවෝ 01 🌷

සුමේධ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑවායින් පසුව නැවතත් බුද්ධ ශූන්‍ය කාලයක් ඇති වුණා. ආයුෂ අවුරුදු දහය දක්වා පිරිහී ගොස් නැවතත් අසංඛ්‍ය දක්වා දක්වා වැඩි වුණා . අප්‍රමාණ ආයු ඇති සත්වයන් අනුක්‍රමයෙන් පිරිහී පිරිහී ගොස් අනූ දහසක් අවුරුදු ආයුශ මේ දක්වා පැමිණි කල කළ මනා රූපකායෙන් හෙබි පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේත් මේ සසරෙහි පෙරුම් පුරමින් පැමිණ තුසිත පුරේ ඉපද ඉන් චුතවී සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිද දසමස් ඇවෑමෙන් මව්කුසින් මෙලොවට බිහි වුණා. උන් වහන්සේ මෙලොව ඉපදීමෙන් පසුව මුළු දඹදිව පුරවරයට ම මහත් සැප සම්පත් භවභෝග ලැබුණේ හෙයින් නම් තබන දිනයේ ඔහුට සුජාත කියා නම් තබනු ලැබුවා . උන්වහන්සේටත් අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලාට වගේම සිරි උපසිරි නන්ද යනුවෙන් ප්‍රාසාද තුනක් හිමි වුණා. සිරිනන්දා දේවිය ප්‍රමුඛ විසි තුන් දහසක් ස්ත්‍රීහු දිවා රාත්‍රියේ උවටැන් කරනු ලැබුවා. උන්වහන්සේ අවුරුදු නවදහසක් ඒ අනේක වූ සැප සම්පත් විඳිමින් ගිහිගෙයි වාසය කළා.

උන්වහන්සේ ඒ වන විටත් සතර පෙර නිමිති දැක සසර කළකිරීමට පත්වෙලයි සිටියේ. ඒ අතරතුර තමයි සිරි නන්දා දේවි උපසේන නම් පුතු මෙලොවට බිහි කළේ. එදිනම උන්වහන්සේ ගිහි ගෙයින් නික්ම සදා විමුක්තිය සොයා යන්නට තීරණය කළා. උන්වහන්සේ ගිහිගෙයින් නික්මුනේ ඉතා අලංකාර වූ අශ්ව රථයකින් හා කෝටියක් පමණ තම පිරිවර සමගින්. උන්වහන්සේ සමඟ ඒ කෝටියක් පිරිවර ද පැවිදි දිවියට ඇතුළත් වුණා . ඉන් අනතුරුව උන් වහන්සේ ඔවුන් පිරිවරා මාස තුනක්ම ප්‍රධාන වීර්යය වැඩුවා. අවසානයේ කල්ප ගණනක් පිරූ පාරමිතා මල්ඵල ගැන්වෙන දිනයද උදා වුණා. ඒ උන්වහන්සේට විතරක් නෙමේ. මුළු ලෝක සත්වයාටම. එදත් වෙසක් පුන් පොහෝ දිනයක්. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු වුනේ සිරි නන්දන නුවර . සිරි නන්දන නුවර සිරිනන්දන සිටු දියණියත් මේ දිනය සඳහා කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ තිබුණේ . ඇයි විසින් සාදනු ලැබූ පරම මධුර මී කිරිබත් වළඳා සල් වනයෙහි දිවා විහාර කොට සවස සුනන්දා ජීවක දුන් අට තන මිට ගෙන උණ බෝධිය කරා පැමිණ එහි තිස්රියන් පළලැති තන අතුරා හිරු තිබියදීම මරු සහිත මර බල බිඳ සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුන්ට ආවේණික ප්‍රීති උදාන වාක්‍යය වදාරමින් උදම් ඇනුවා. පෙර පරිදිම දෙතිස් පෙළහර ලොව විද්‍යාමාන වුනා. සිත් පිත් නැති මහා පොළවද කම්පා වුනා.

ඉන් අනතුරුව බෝමැඩ සමීපයෙහි ම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයා විසින් කළ ආරාධනය පිළිගෙන තම බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත කුමරු ද සිව්සස් අවබෝධ කිරීමට සමත් බව දැන අහසින් වැඩම කරවා සුමංගල නුවර අසළ වූ සුමංගල උයන්හි බැස උයන් පාලක ලවා සිය සොහොයුරු සමඟ පුරෝහිත පුතුද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දේශනා කරනු ලැබුවා

එහිදී අසූ කෝටියක ධර්මාවබෝධය වුණා වුණා මේ ප්‍රථම ධර්මාභිසමය යි. යම් දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන් උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්‍රාතිහාර්ය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල තිස්හත්දහසකට ධර්මවබෝධය වුණා. මේ දෙවැනි ධර්මාභිසමයයි. යම් කලක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක් ද එකල සැටලක්ෂයකට ධර්මාවබෝධය වුණා මේ තෙවැනි ධර්මාභිසමය යි .

එම මණ්ඩ කල්පයෙහි සිංහයෙකුගේ හනුවකට බඳු හනු ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, කිසිම සතුරෙකුට ළංවිය නොහැකි, සඳ මෙන් නිමල වූ , හිරු මෙන් ප්‍රභාශ්වර වූ බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මුළු මහත් දඹදිවූ තලය පුරාම ප්‍රචලිත වන්නට වුනා.

අපේ බෝධිසත්වයන් වහන්සේ එකල මහා සක්විති රජ කෙනෙක්. සුජාත බුදුන්ගේ ලොව පහළවීම අහසින් ලොව සිසාරා යමින් සිටි උන්වහන්සේගේ කනවැටිමටත් වැඩිකල කරමින් නැහැ. ඒ ඇසූ සැණින්ම උන්වහන්සේ සුජාත බුදුරජාණන් වහන්සේ වෙතට පැමිනියේ සසර පුරුද්දටමයි. ඇවිත් බණ අහන්නට වුණා .ඉන් අනතුරුව ඒ කෝටි ගණනක් වූ භික්ෂු සංඝයා හට සත් රත්න සමග දන් දෙන්නට වුණා . ලොව ඉහළම තනතුරු වූ සක්විති රජකම හැර දා උන්වහන්සේත් සුජාත බුදුරජාණන් වහන්සේ අබියස මහණ දිවියට ඇතුළත් වුණා .

ඒ රාජධානිය රජකුගෙන් තොර වූවත් සියලු මහජනතාව රජයට හිමි අය බදු රැස් කරමින් බුදුන් ප්‍රමුඛ සංඝයා සිටිනතාක් කල් දන් දෙමින් පුද සත්කාර කරනු ලැබුවා .

මේ සියල්ල අවසානයේ සුජාත බුදුරජාණන් වහන්සේ පුණ්‍යානු මෝදනා කරන්නට වුනා. එවිට අප මහා බෝධිසත්වයන් වහන්සේ මතු ගෞතම නමින් බුදුසසුණ බබළවන සම්මා සම්බුදුවරයෙකු වන බව දැන “ඔබ මතු බුදුවන බව” දේශණා කරමින් නියත විවරණ දී වදාරනු ලැබුවා.

අප බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් අනතුරුව පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන් භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.

කෝටි සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසගේ සාදු කාර නදට දෙවියන් හා බ්‍රහ්මයන්ගේ සාදු නදද එකතු වුනා. ඒ නාදය සක්වලින් සක්වලට පතුරුණා. නැවතත් මදාරා මල් දසත විහිදුනා. වර්තමානයේ ඔබ අප වෙනුවෙන් මෙලෙස බුද්ධාන්කුරයක් තව දුරටත් දළුලමින් පැවතිය.

සාදු සාදු සාදු !!!

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
31-08-2019