New at Little Bit


from Path to Nirvana https://ift.tt/358f05M
චුල්ල සෝතාපන්න කෙනෙක් වෙන හැටි

මහණෙනි, ඇස අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. කණ අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. නාසය අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි.අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යයි. පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි.

“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ ශ්‍රද්ධාවෙන් අදහයිද, එය කරණකොට මිදෙයිද, හෙතෙම ආර්ය මාර්ගයට බැසගත්තාවූ, සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ.

හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් ලෝකයෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුස්සෙක් වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුස්සෙක් වෙයි.

මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් අවබොධයට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට බැසගත්තාවූ සත්පුරුෂ භූමියට බැසගත්තාවූ පෘථග්ජනභූමිය ඉක්මවූ ධම්මානුසාරි පුද්ගලයා යයි කියනු ලැබේ.

“හෙතෙමේ යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.

මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, මෙසේ දකියිද, මේ පුද්ගල තෙමේ අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.

සං.නි. ඔක්කන්ති සංයුත්තය,චක්ඛු සුත්‍රය.