New at Little Bit


from Path to Nirvana https://ift.tt/2M0q2lT
කාශ්‍යප හාමුදුරුවෝ එයාගේ ගුරුතුමා හොයන් යද්දි බුදුන්වහන්සේ දකිනවා මහා පින්වන්තයෙක් ධර්මය හොයාගෙන යනව කියලා
පස්සේ දන් වලදලා ගහක් යටට වෙලා වැඩ ඉන්නව.
ඒ ඉන්න අතරේ කාශ්‍යප හාමුදුරුවන්ට විතරක් පේන්න බුදුරැස් මාලාවක් යාවනව අහසට. ඒක මල් වලින් හැදුනු හිරිපොද වැස්සක් වගේ වැටෙනව කාශ්‍යප හමුදුරුවෝ ආපු පාරට. මේක දැක්ක කාශ්‍යප හාමුදුරුවෝ, මගේ ශාස්තෘන් වහන්සේ මේ ලගමයි ඉන්නේ ඉන්නේ කියලා බුදුන්වහන්සේ හොයාගෙන යනවා.

බුදුන්වහන්සේ බැහැදැකපු කාශ්‍යප හාමුදුරුවන්ට බුදුන්වහන්සේ මේම කියනව.
“පින්වත,ඔබ යම් දවසක මහා සාගරය ඉදිරියට ගිහින් ඔබයි මගේ ගුරුතුමා කීවොත්, මහා සාගරය ක්ශණයකින් දූවිලි ගොඩක් බවට පත්වෙන්නම හිදෙනව” කියනව

“මහා මේරු පර්වත ය ඉදිරියට ගිහින්
ඔබයි මගේ ගුරුතුමා කීවොත්
කකුලට පෑගෙන වැලි කැට ගානට මහා මේරු පර්වතය විනාශ වෙලා කුඩු වෙලා යනව” කියනව

“යම් මනුශ්‍යයෙක් ලගට ගිහින් ඔබයි මගේ ගුරුතුමා කීවොත්
ඒ මනුශ්‍යයා හෝ ඒක පිලිගත්තොත ක්ශණයකින් ඔහුගේ හිස 4 ට පැලිලා මැරී වැටෙනව” කියනව…………….

“ඒ තරම් ඔබේ ගුණ කද සමාන කල හැක්කෙක් මේ තුන් ලෝකයේ නෑ” කියනව

“නමුත් ඔබ වැනිම ගුණ ඇති අය උරහිසට උරහිස ගෑවෙන විදියට
මුලු ලෝ තලයෙම හිටගෙන බුදුන්වහන්සේ ට කීවොත් ඔබයි අපේ ගුරුතුමා කියලා
බුදුන්ගේ එක රෝම කූපයක්වත් හෙල්ලෙන්නේ නෑ කියනව”

හිතන්න බුදු කෙනෙකුගෙ ගුණය
අපි සරණ ගිහින් ඉන්නේ එවන් ශාස්තෘන්වහන්සේ කෙනෙක් කියලා මතක තියාගන්න…….