New at Little Bit


from Path to Nirvana https://ift.tt/2oKt8BF
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 74 🧡💛

🌺 සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 02 🌺

සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ මහබෝසතානෝ සූරසේන නම් නගරයේ මංගල නම් බමුණෙකු නමින් උපත ලබා සිටියා. උන්වහන්සේ වේද වේදාංගයන්හි පරතෙරට පත්ව මහා දනස්කන්දයකටද උරුමකම් ලැබූ රටේ කීර්තිමත් පුද්ගලයෙකු වශයෙන් යහපත් දිවිපෙවතක් ගතකරමින් සිටියේ.
එහෙත් ඒ කාර්යය බහුල ජිවිතයට උන්වහන්සේ ඇල්මක් දැක්වූයේ නැත්තේ සංසාර පුරුද්දටම වගේ. අවසානයේ ඒ කෙළගණනක් වූ ධනස්කන්දය දුගී මගී ජනයාට දන්දී තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට ඇතුලත් වුනා. උන්වහන්සේට ධ්‍යාන අභිඥා උපදවා ගන්නට වැඩිකලක් ගතවුයේ නැහැ. එලෙස වැඩවිසූ කාලයේ තමයි සිද්ධාර්ථ නම් බුදුවරයෙකු ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කලේ බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමට යාමයි.

ඒ සිදුහත් බුදුරජාණන් වහන්සේ සැට රියනක් අහසට උස්වූයේ වුනා. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් දක්වා බබලන්නට වුනා. ඉතාම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ වෙත පැමිණි අප මහා බෝසතාණෝ උන්වහන්සේ වෙතින් බණ අසා තවත් ශ්‍රද්ධාවට පැමිණ සුරසේණ නම් විහාරයට දානය සඳහා ආරාධනා කොට නික්මුණා. ඉන්අනතුරුව සිද්ධාර්ථ බුදුපියාණන් අනුකෝටියක් භික්ෂු පිරිවර සමග නියමිත දිනට සූරසේණ විහාරයට වැඩම කරනු ලැබුවා. ඒ කාලේ දඹදිව දඹගස් අතරින් ඉතා ප්‍රකට දඹගසක් තිබුණා. අප මහා බෝසතාණන් වහන්සේ ඒ දඹපල නෙලා ගෙනවුත් බුදුරජාණන් වහන්සේ ඇතුලු පිරිසට එයින් සංග්‍රහ කරනු ලැබුවා. ඉන්පසුව ඒ ශාස්තෘන් වහන්සේ පල වළඳා මෙයින් සිවුඅනූ කපකින් මතු ගෝතම නම් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇතිව මේ තවත් බුදුපැලයෙකැයි, කුහුල්හඬ නංවමින්, අත්පොලසන් දෙමින්, සතුටින් සිනහසෙමින්, දෑත් එක්කරමින් නමස්කාර කරන්නට වුනා. යම්හෙයකින් මෙම සස්නේ මගඵල ලබන්නට නොහැකි වුවහොත් අපි මතු ගෞතම බුදුසසුණේ හමුවී කෙලෙස් නදිය තරණය කරමු යනුවෙන් සැනසුම් සුසුම් හෙළන්නට වුනා. ඔබත් මමත් ඒ අතර ඉන්නට නොහැකි යැයි කිසිවෙකුට හෝ කිවහැකි නොවුවත් අප සැවොම මේ සසරේ අදටත් යනුවෙන් අප සැමටම මේ මොහොතේ ස්ථිර වශයෙන්ම සනාථ කල හැකියි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
04-10-2019