New at Little Bit


from Path to Nirvana https://ift.tt/2VIt8OT
නාගපුප්ඵිය ස්ථවිරාවදානය

‘‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං;
රථියං පටිපජ්ජන්තං, නාගපුප්ඵං අපූජයිං.

ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.

‘‘එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.

මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

‘‘කිලෙසා ඣාපිතා මය්හං…පෙ…. විහරාමි අනාසවො.

මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

‘‘ස්වාගතං වත මෙ ආසි…පෙ…. කතං බුද්ධස්ස සාසනං.

බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම එකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

‘‘පටිසම්භිදා චතස්සො…පෙ…. කතං බුද්ධස්ස සාසනං’’.

සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
https://ift.tt/35C0CTn
🙏🙏🙏