New at Little Bit


from Path to Nirvana https://ift.tt/37cndXv
“ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක් ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි බලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලි සිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත් මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.”

“මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක් ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික් ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේ ශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.”

“යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.”

“ඔලුවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා. ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

“මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලුත් භාජනයක් වගේ තියාගත්තද, මෝඩ ජනතාවගේ මෝඩ කමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

තෙරුවන් සරණයි…!!!🙏🙏🙏