New at Little Bit


from Path to Nirvana https://ift.tt/2suTYjb
යම් කාරණයකින් කටයුතුවූ අර්ථය (ඡන්දාගති ආදියෙහි පිහිටා මුසාවාදයෙන්) වහා විනිශ්චයකෙරේද ඒ කාරණයෙන් (විනිශ්චය) ධර්මයෙහි පිහිටියා නම් නොවෙයි. නුවණැත්තාවූ යමෙක් වනාහි සත්‍යවූ කාරණයද අසත්‍යවූ කාරණයද යන දෙක නිශ්චය කෙරේද.

“න තෙන හොතී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විනිශ්වය මහ ඇමති නිමිති කරගෙන දේශනා කළහ.

එක් දිනක් භික්ෂූන් වහන්සේලා සැවත උත්තර ද්වාර ගමේ පිඬු පිණිස චාරිකාවේ යෙදී පිණ්ඩපාතයෙන් වැළකුනේ නගරය මැදින් විහාරයට යති. එම අවස්ථාවේදී වැස්සක් පැනනැගුනි. ඔහු ළගම ඇති විනිශ්චය සාලාවට පිවිස සිටියදී) විනිශ්චය මහ ඇමති අල්ලස් ගෙන ස්වාමීන් අස්වාමීන් කරණු දැක, අහෝ මේ අධාර්මික අය අපි “ධාර්මික විනිශ්චය කරන්නෙමු”යි සනිටුහන් ඇතිව අධාර්මික විනිශ්චය කරතැයි, වැස්ස පහව ගියවිට විහාරයට ගොස් බුදුන් වැඳ එකත් පසෙක හිඳ මේ කරුණු දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මහණෙනි, ඡන්ද දෝෂ භය මෝහ යන්ගෙන් මුලාවී සැහැසිව අර්ථ විනිශ්චය කිරීම අධර්ම නම් වේ. ධාර්මික නොවේ, අපරාධ විනිශ්චය කිරීම විද්‍යාමාන කරණු අනුව අපරාධයට අනුරූපව දරුණ නොවන අන්දමින් විනිශ්චය කිරීම ධාර්මික විනිශ්චය වන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.

දැහැමෙන් සෙමෙන් විමසා සියලු තොරතුරු

නඩුවක තීන්දුව දිය යුතුය නිරතුරු

අල්ලස, බිය, තරහ, තමබවම සුමිතුරු

තීන්දුව දෙතොත්, ඔහු අදැමි විනිසුරු

යම් හෙයකින් නඩුව බොරුවෙන් විසදයිද එපමණින් නීති ධර්මයෙහි පිහිටියෙක් නො වන්නේය. නුවණැති පුද්ගලයා දහමින් ද සමයෙන් ද වරද වු ලෙසත්ම සළකා විසදයි ද? විනිශ්චය ධර්ම අනුව රකින්නා ඔහුම වේ. ධාර්මික ලෙස විනිශ්චය දහම් හි පිහිටියේමය.

එහි තෙන යනු මේ කරුණින් රජවරු ධාර්මික රජවරුන් වශයෙන් තමන් විසින් කළයුතු විනිශ්චය ධර්මයේ මනාව සිටියේද ධම්මට්ඨ වේ. එසේ නොවන්නේ ධර්මිෂ්ඨ නොවේ. යනු යම් කරුණකින් අත්ථං යනු විනිසකරු වෙත විසඳීමට පැමිණි නඩු විනිශ්චය කළයුතුයි යන අර්ථයි. සහසානයේ යනු ජන්දය ආදි අගතීන්හි පිහිටා සැහැසික මුසාවාදයෙන් විනිශ්චය දෙයි ද යමෙක් ඡන්දයේ පිහිටා තමන්ගේ ඥාතීන් කෙරෙහි – යමෙක් ඡන්දයේ පිහිටා වෛරීව බොරුකියා ස්වාමීයා – අහිමියා කරයිද, මෝහයේ පිහිටා අල්ලස් ගෙන විනිශ්චය කාලයේ අවධානය වෙනස් වුයේ ඔබ මොබ බලමින් බොරුකියා මොහු විසින් දිනන ලදි. මොහු පරාජය වියයි, අනුන් බැහැරකරයිද? බියෙන් පිහිටා කෙසේ හෝ අයිතිකරුට පරාජය හිමිවී අස්වාමිකයාම ජය ලබාදෙයි ද මෙය නපුරු ලෙස අර්ථය පමුණුවයි ද ඔහු ධම්මට්ඨ නම් නොවේ. අත්ථං – අත්ථං වාති – යනු සිදු වු හෝ සිදුනොවු කරුණු උහොවිනි චෙඡයාති යම් නුවණැතෙක් නුවණ ඇතිව අර්ථ අනර්ථ දෙකේ විනිශ්චය කර කියයි අසාහසෙන මුසාවාදයෙන් බොරුවෙන් නොවේ. ධම්මෙන යනු විනිශ්චය ධර්මයෙන් ඡන්දාදි වශයෙන් නොවේ. සමෙන යනු අපරාධයට අනුරූප වශයෙනි. ඡන්දදොශ වශයෙන් නොවේ. සමෙන්ති අපරාධයන්ට අනුරූපවම අන් අයට ජය හෝ පරාජය වෙනස් නොකරයි. ධම්මස්ස ගුත්තෙ – යනු ඔහු ධර්මය රකින්නේ ධර්මානුකුල ප්‍රඥාවෙන් යුතු වුයේ, නුවණැත්තේ විනිශ්චය ධර්මයේ සිටියේය නමැයි කියයි.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වුහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!