New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Jmibgx
🌷 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 05🌷

🌻 පසුගිය ලිපියෙන්

සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්‍රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.

🌻 සක්දෙවූ රජගෙන් රතන සුත්‍රයට එකතු වූ අවසාන ගථා තුන.

ඉහතින් කි පරිදි සක්දෙවිදු භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි සත්‍ය සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන පවසා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.

යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං
සඞ්‌ඝං නමස්‌සාම සුවත්‌ථි හොතූති.

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.

🌻 බුදුරජාණන් වහන්සේ විසාලා නුවරින් මහත් පුද සත්කාර මධ්‍යයේ නික්මයෑම.

මේ සියල්ල අවසාන වීමෙන් පසු එක්වරම භාග්‍යවතුන් වහන්සේ විසාලා නුවර තනිකර වැඩියේ නැහැ. තවත් අඩමසක්ම විසාලාවෙහි වාසය කරනු ලැබුවා. සියල්ල යතා තත්වයට පැමිණියායින් පසුව නගරයෙන් පිට වන්නට දැන් කාලය එළඹ ඇතැයි රජවරුන්ට දන්වනු ලැබුවා. එවිට රජවරු පෙරටත් වඩා දෙගුණ වූ ගරුසත්කාරයෙන් නැවත තෙදිනක් තුලදී මග දෙපස සරසා රාජකීය පෙරහැරකින් ගංතෙර වෙත කැදවාගෙන ගිය.

🌻නාරජවරුන්ගේ පුජෝපහාර

එතැන් සිට තවත් පුදුමාකාර දේ වන්නට පටන්ගත්තා. ගගෙහි උපන් නා රජවරුද තථාගතයන් වහන්සේට ම්නිසුන් මෙතරම් සත්කාර කරති. අපි කෙලෙස සත්කාර කළයුතුදැයි සිතන්නට වුනා. ඔවුන් ප්‍රථමයෙන් කලේ රන් රිදී මුතු මැණික් වලින් මනරම් නැවක් මැවිමයි. එලෙස මැවූ ස්වර්ණමය නැව මත රන් රිදී මැණික් අසුන් පනවා පස්පැහැ පස්පියුමෙන් දිය මතුපිට සකසා අපට පුදසත්කාර සදහා උපකාර වුව මැනවයි භාග්‍යවතුන් වහන්සේ වෙත අයාචනා කොට සිටියා. එය ඉවසා වැදෑරූ බුදුරජාණන් වහන්සේ රුවන්මය නැවට පිවීසුනා. පන්සියයක් වූ සංඝ පිරිසටද වෙන් වෙන් වශයෙන් නැව් පන්සියයක් සකසා තිබුණා.
ඒ ඒ පිරිසත් ඒ ඒ නව්කා වලට පිවිසුණා. ඉන්පසු නා රජවරු බුදුපාමොක් මහසග පිරිස නාග විමනට කැදවාගෙන ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ නා පිරිසට මුළු රැයම දර්මය දේශණා කළා. පසුදින නාගයෝ අති ප්‍රණීත දිව බෝජුනින් මහදන් පිළිගැන්වූවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පුණ්‍ය අනුමෝදනා කොට නා බවනින් නික්මුණා.

🌻 වැසි දෙවිවරුන්ගෙන් පටන්ගෙන අකනිටා බඔලෝ දක්වා නැංවූ සේසත් හා සාදු නද.

උන්වහන්සේ ලැබූ සත්කාර එතනින් නිමාවුනේ නැහැ. පොළොවෙහි වැසි දෙවිවරු මිනිසුන්ද නාගයෝද තථාගතයන් වහන්සේට මෙලෙස කරති. අපි නිකම් බදු සත්කාර නොකරන්නෙමුදැයි සිතා වනලැහැබ්වල ගස් පව් මුදුන් ආදියෙහි සේසත් පිට සේසත් නංවනු ලැබුවා. මේ ආකාරයෙන් අකනිටා බඔලෝ දක්වා මහත් සත්කාර පවත්වනු ලැබුවා.

බිම්බිසාර රජුද ලිචඡවී රජවරුන් පැමිණි කල කරන ලද සත්කාරවලට වඩා දෙගුණ වන පරිදි සත්කාර කරනු ලැබුවා. පෙර කී පරිද්දෙන්ම පුද සත්කාර ලබම්න් පස්දිනකින් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට නැවත වැඩම කරවන ලැබුවා

🌻 දම්සභා මණ්ඩපයේ ඇතිවූ කතාබහ..

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.

එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.

🌻හෙට සුසීම පසේබුදුහමුදුරුවෝ සහ සංඛ බ්‍රාහ්මණයා🌻

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
20-03-2020