New at Little Bit


from Path to Nirvana https://ift.tt/35h6EJC
මෙම අතිතුම් සූත‍්‍රධර්‍මය.
ප්‍රඥ්ඤාසාගර මාඟේ සම්මා සම්බුදු පියාණනේ වහන්සේ. සැවැත් නුවර දෙව්රම් විහාරයෙහි වැඩසිටිමින්.
භික්ෂූන් අමතා කළ දේශණාවකි.
මෙහිදී බුදුරජාණන් වහන්සේ අදහස් කරණුයේ සිතේ කිලිටි බව හා පිරිසිදු බව පිළිබඳව දේශණා කිරීමටයි. ඒ අනුව පුද්ගලයාගේ සිත කිලිටි කරන මනෝභාවයන් දහසයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

1. “අභිජ්ඣා විසම ලොභො චිත්තස්ස උපක්කිලෙසො”
(තම වස්තුව කෙරෙහි ඇතිවන ලෝභය අභිජ්ඣා නම් වේ. විසමලෝභය නම් අන්‍ය වස්තූන් කෙරෙහි ඇතිවන ලෝභයයි)

2. “ව්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො”
(අනුන් පෙලීමට හෙවත් නැසීමට හෝ විනාශ කිරීමට ඇති ආශාව ව්‍යාපාද නම් වේ)

3. “කොධො චිත්තස්ස උපක්කිලෙසො”
(අනුන්ට විරුද්ධව නැගී සිටීම හෝ තරහ උපදවා ගැනීම කෝධ නම් වේ)

4. “උපනාහො චිත්තස්ස උපක්කිලෙසො”
(උපනාහ නම් වනුයේ බද්ධ වෛරයටයි)

5. “මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො”
(පුද්ගලයකුගේ ගුණයන් වසාලීමේ හෝ අමතක කර දැමීම මක්ඛෝ නම් වේ.එනම් ගුණමකුකමයි)

6. “පලාසෝ චිත්තස්ස උපක්කිලෙසො”
(තමාට වඩා ධනයෙන්,බලයෙන් හෝ උගත්කමින් උසස් අය හා තමන් සමානයැයි සිතීම පලාස නම් වේ)

7. “ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො”
(ඊර්ෂ්‍යාව හෙවත් අන්‍යයාගේ දියුණුවට ඇති නොකමැත්ත ඉස්සා නම් වේ)

8. “මච්ඡුරියො චිත්තස්ස උපක්කිලෙසො”
(තමන් සතු දෑ අනුන්ට දීමට ඇති නොකමැත්ත හෙවත් මසුරුබව මච්ඡුරිය නම් වේ)

9. “මායා චිත්තස්ස උපක්කිලෙසො”
(තමා තුළ ඇති වැරදි සැගවීමේ ස්වභාවය හෙවත් චාටු බව මායා නම් වේ)

10. “සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසො”
(කපටිකම හෙවත් අනුන් මුලාකිරීමේ ස්වභාවය සාඨෙයිය නම් වේ)

11. “ථම්භො චිත්තස්ස උපක්කිලෙසො”
(සිතේ තද ගතිය හෙවත් තමන්ට කොතරම් අවැඩ වුවත් තමා කැමති දේම කිරීම)

12. “සාරම්භෝ චිත්තස්ස උපක්කිලෙසො”
(නිරතුරුව අන්‍යයන්ගේ දේවල්වලට වඩා තමන්ගෙ දේවල් වැඩිකරගැනීමේ අශාව සාරම්භ නම් වේ)

13. “මානෝ චිත්තස්ස උපක්කිලෙසො”
(ආඩම්බරකම,උඩගුබව එනම් තමන්ගේ රූපයෙන්,ධනයෙන්,කුලයෙන්,තනතුරුවලින් ආඩම්බර වීම මාන නම් වේ*

14. “අතිමානෝ චිත්තස්ස උපක්කිලෙසො”
(අනුන් පහත්ම කොට තමන් අධික උසස් යැයි කල්පනා කිරීම අතිමාන නම් වේ)

15. “මදො චිත්තස්ස උපක්කිලෙසො”
(උමතු බව හෙවත් තම ජාතියෙන්,කුලයෙන්,ගෝත‍්‍රයෙන් හෝ යෞවනබවින් ඇතිවන උමතුව මදො නම් වේ)

16. “පමාදො ච්ත්තස්ස උපක්කිලෙසො”
(කාමයන් හේතුකොට කුසල් වැඞීමෙහි සිත යෙදීමෙහි ඇතිවන ප‍්‍රමාදය හෝ පසුබැස්ම පමාදො නම් වේ)

මේ ආදී මනෝභාවයන් පුද්ගලයාගේ සිත කිලිටි කරන බවත් බුදුරජාණන් වහන්සේ මෙකී අතිතුම් වත්ථුපම සූත‍්‍රධර්‍මය තුළදී දේශනා කොට තිබේ.

චිත්තේන නීයතී ලෝකෝ
චිත්තේන පරිකස්සති
චිත්තස්ස ඒකධම්මස්ස
සබ්බේව වසමන්වගු

මේ චපල චිත්තය විසින් ලොව හසුරුවනු ලබන නිසාත්‍‍ අදිනු ලබන නිසාත්, සැම දෙනාම චිත්තය නම් වූ එකම දහමට වසඟව සිටියි. මේ අනුව සිත ලෝකය පවත්වාගෙන යන බවත්, පෘථග්ජන සියල්ලන් සිතෙහි වසඟයට යෑම ස්වාභාවික ධර්මතාවක් බවත් අනාවරණය වේ. පෙළ සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී අපහට බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳව දේශනා කොට ඇති අවස්තා විශාල ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. ප‍්‍රධාන වශයෙන්ම ඛුද්දක නිකායාගත ධම්මපදය තුළ සිත පිළිබඳව දේශනා කොට ඇති ගාථා දක්නට ලැබේ. එසේම මජ්ඣිම නිකායේ සඳහන් වන මේ අතිතුම් වත්ථූපම සූත‍්‍රධර්‍මය පිලිබදව අවධානය යොමු කිරීමේ දී ද අප හට සිතෙහි ස්වභාවය සිතේ පිරිසිදු බව සිතේ කිලූටු වීම සිදුවන ආකාරය හඳුනාගත හැකිය…
“සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සංසනං”
සාධු🌼🌿🌼🌿
🌼👣👣🌼