New at Little Bit


from Path to Nirvana https://ift.tt/2XMMCEk
පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් යනු අප රටේ පහලවූ චිරප්‍රසිද්ධ ධර්ම කථික ධර්ම දේශකයන් වහන්සේ නමකි. රජ මැදුරේ සිට හැම දෙනාටම දහම් දෙසූ හිමිනමකි.
පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් රෝගීව සිටින වීඩියෝපටයක් ඊයේ මා දුටුවෙමි. උන්වහන්සේට අගෞරවයක් වේ යන අදහසින් මා එය අපගේ පේජ් එකේ නොදැමුවත් මේ වන විට එය සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී. එය දුටු විගස උන්වහන්සේ පිලිබද සොයාබලා කල හැකි යමක් කිරීමට මා ද කිහිප දෙනෙකුට දැන්වුයෙමි.

සැබවින්ම එම වීඩියෝ පටය දැක මා ද අතිශයින් කම්පනයට පත්වුනෙමි. අප අප්‍රමාදීව කුසල් වැඩිය යුතුම ය. එක මොහොතකින් කෙනෙකු අසරණ විය හැක.
ලෙඩවීම කාටත් පොදු ධර්ම තාවයකි. අද උන්වහන්සේට හෙට මට ද ඔය ඉරනම අත්විය හැක.

අප කල යුත්තේ හැකිවිගස වගකිවයුතු අය ඉදිරිපත්ව උන්වහන්සේව විදේශ රටක හෝ දක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීමය.

මෙය අපගේ වෛද්‍ය වරැන් අවතක්සේරු කිරීමක් නොව අප රටට වඩා ඉතා දියුණු වෙද්‍ය උපකරණ වටිනා ඖෂධ දියුණු රට වල ඇත. අප රටේ බොහෝ දනය ඇති දේශපාලකයන් පවා ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙන සිංගප්පූරු ප්‍රතිකාර ලබන අයුරු ඔබ දැක ඇත. ඔලුවට වෙඩි කිහිපයක් වැදුණු පුද්ගලයන් පවා අද සිංගප්පූරු රෝහලේ ප්‍රථිකාර ලබා සුවවී සිටිති. උන්වහන්සේගේ ඔලුවේ සිදු කල ශල්‍යකර්මය පිලිබඳ මා කිසිවක් නොදන්නා නිසා ඒ පිලිබද බුද්ධශාසන අමාත්‍යාංශයට හෝ මැදිහත්ව කල හැකි වැඩිදුර ප්‍රථිකාර පිලිබඳ සොයාබලන මෙන් කාරැණිකව දන්වමි.

මොකද ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාට වගකීම ගෙන ප්‍රථිකාර පිණිස යමෙකු ඉදිරිපත් වීමට භියක් දක්වයි. එය මම ද අත්දැක ඇත. “ප්‍රසිද්ධ අයට බෙහෙත් දීම ලොකු අවදානමක්. කවුරු හරි වෛද්‍ය වරයාගේ අත්වැරැද්දක් කියල කීවොත් අපේ ජීවිතත් අනතුරේ” කියල. සමහර හිතවත් වෙද්‍යවරු අපසමග ඇතැම් අවස්ථා වල පවසා ඇත.
ඇතැම් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ගිලන් අවස්ථා වල උන්වහන්සේලාට අවංකව ප්‍රථිකාර කිරීමට ඉදිරිපත් වූ හිතවත් දායකයන්ට පවා පසුව චෝදනා ලබන්නට සිදුවූ අත් දැකීම් අපරටේ දැනුවත්ව ඇත. එම නිසා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා. වගකිවයුතු නිකායේ මහානායක හිමිවරුන්. දායකසභාවල පිංවතුන් සමග සාකච්ඡා කොට බලධාරීන් ලවා සුදුසු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමුකරන මෙන් වගකිවයුත්තන් ගෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.

අප ද කල පිං බලයෙන්. තුණුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන්. බක්කුල මහ රහතන්වහන්සේගේ අනන්ත ගුණ බලයෙන්. බක්කුල මහ සෑ සමිදු පිහිටෙන් නිදුක් නීරෝඝී දීර්ඝායුෂ ලැබේවා !!!….

—-
විචිත්‍ර ධර්ම කථික ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ.