New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gsWmdg
සිත දියුණු කිරීමට නම් මහා වීර්‍යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය.

අපි අකමැති දෙයක් ඇසුණා දුටුවා යැයි සිතමු. එවිට නිරායාසයෙන් සිතට තරහක් එයි. ඒ පුද්ගලයා ගැන නොරිස්සීමක් හටගනී
කෙළවරක් නැති සිතිවිලිවල පැටළෙමින් අකුසලය රැස්වන්නේ නොදැනුවත්වමය

රූපවාහිනි නාට්‍ය,සංගීත, ගමන් බිමන් මැද අපට මේ සත්‍යය නොදැනුවත්වම වැසී යන්නේ සිහි නැතිකම නිසාමය

සිත දියුණු තියුණු කරවන දේවල් නොව, කෙලෙස් ආගාධයේ ගිලෙමින් තව තවත් සිත මොට කරවන අරමුණු වැහි වැහැලාය..

රූපවාහින්යේ ප්‍රවෘත්ති විකාශයක් බැලූ විට කොතෙක් නම් හිස් ලෝකයක, හිස් අරමුණුවල මිනිසා ගිළී ඇද්දැයි සිතේ. චන්ද ව්‍යාපාර, මිනී මැරුම්, සොරකම්, අනතුරු, අපරාධ,ලෙඩ රෝග, ස්ත්‍රී ළමා දූෂණ ආදී කෙළවරක් නැති ඒ පුවත් සිහිය නැතිකරන්නේය

මොහොතක් තුල ඔබ සිතේ ජනිත වන ( උපදින)කෙලෙස් සිතිවිලි කල්ප ගණනකට දුකින් පිරුනු සසර සාදන්නේය.

උතුම් දුර්ලභ මනුස්ස ජීවීතයේ ගතවී ගෙවෙන තත්පරයද අහක දැමිය යුතු නොවේ.
මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයකි.
අද පවතින දේ හෙට පවත්නේ නැත.
එක මොහොතක් අපතේ හරින්නට වේලාවක් නොවේ.. ඒ අප්‍රමාදී බව සෑම මොහොතකම මෙනෙහි( සිහි) කරන්න..

සිත මුලාකරවන කෝටියක් දේවල් අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභ බව නිතර හිතන්න. එය ඉදිරියට තව තවත් දුලභ වෙනවා හැරෙන්නට…
සුලභ නම් නොවනු ඇත…