New at Little Bit


from Path to Nirvana https://ift.tt/34KI18Z
1.) චත්තාළීස දන්තො- සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපුර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

2.) සමදන්තො- සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

3.) අව්වරදන්තො- බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳි පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේ ගේ දන්තයෝ එකින් එක බැඳි පිහිටා සිටිති. ආහාරවලට රැඳී සීටිමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

4.) සුසුක්ක දාඨො- දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්‍ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හී ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය. (දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය)

තව මේවාගේ ධර්ම කරුණු රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සූවිසි මහ ගුණය තුලින් දැන ගෙන ශ්‍රද්ධාව උපදවා ගමු.

පොත කියවන්න (HTML) : https://ift.tt/34HpRoF
(PDF) : https://ift.tt/2WXcmfG
පොත ශ්‍රවණය කරන්න : https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3Gza8pym2OlwQe833hgyH9DV

(පැරණි පින්තූර අනුව උපකල්පනය කර අඳින ලද චිත්‍රයක් හෙයින් සැබෑ වර්ණ මීට වෙන්සය. වඩාත් සත්‍ය දර්ශනය නැරඹීමට නියම කළු සුදු රූප ඇසුරු කරන්න. කළු සුදු පින්තූර වල අයිතිය අපි සතු නැත. බෝහෝ වෙහෙස මන්සිවී අතීත්යේ පින්තූර ගත් කලාකරුවන්ටද ඒවා අන්තර්ජාලයේ විවිධ ස්ථාන වල සංරක්ෂනය කරන අයටද මේ සියලු පින අත්වේවා.)