New at Little Bit


from Path to Nirvana https://ift.tt/38Dy9ir
වත්මන් බෞද්ධයන්ට අමතකව ගිය විශ්ව කර්ම දිව්‍යරාජයාණන් වහන්සේ ……

විශ්ව කර්ම දෙවියන් යනු දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියාය.ඒ දෙවියන් දිව්‍ය ලෝකයට අධිපති සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් විවිධ නිර්මාණ බිහි කරයි. එතුමා සැබවින්ම තෙරුවන් සරණ ගිය බෞද්ධ දෙවියෙකි.මහානුභාව සම්පන්නය.
ලක්දිවට සිළුමිණ වන් ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ තැනීමට සේම අප සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිදන්ව සේරුවාවිල ඉදිවූ මංගල මහාසෑය සඳහාද අවශ්‍යව තිබූ ගඩොල් මැවීම සිදු කරන ලද්දේද මෙතුමාය.බුදුරජාණන් වහන්සේ සුනාපරන්ත ජනපදයට වැඩීමට සූදානම් වූ විට කූටාගාර පන්සියයක් (ගගන යාත්‍රා) මැවීම කළේද මෙතුමාය.සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවී ගිය කළ චිතකය රමණීය ආකාරයෙන් සැරසීම කළේද මෙතුමාය.සක් දෙව් රජුන්ගේ නියෝගයෙන් කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් කිරීමට රමණීය කූටාගාරයක් මැවූ බැව් සදහන්ය.
මේ ආකාරයෙන් බුදු සසුනට අදාළ තව බොහෝ කටයුතු වලට මේ දෙව්රජුගේ දායකත්වය ලැබී අැත. එසේ වුවද වර්තමානයේ මේ සාක් මහානුභාව සම්පන්න දෙව් රජු සම්පූර්ණයෙන්ම පමණ අමතක කොට ඇති බව පෙනේ.
රූප මාලාවට අනුව මේ දෙව් රජුගෙ හිස් පහෙන් සහ දෑත් දහයෙන් සංකේතවත් වන්නෙ
එක අතක – පුස්කොළ පොත
එක අතක- පන්හිඳ
එක අතක – කඩුව
එක අතක- දෙළුම් ඵලය
එක අතක- පැන් කෙණ්ඩිය
එක අතක- නාගයෙක්
එක අතක- පුන්කලස
එක අතක- නවගුණ වැල
එක අතක- ලඹය
එක අතක- බෙදුම් කටුව යන මේවාය.

වාහනය සුදු ගවයෙකි.
තවුතිසා දිව්‍ය භවනේ වැඩ සිටින මෙතුමා බුදු සසුනේ චිර පැවැත්මට ඇවසි බොහෝ දේ මේ වන විටත් සිදු කර තිබේ.
ලක්දිව බෞද්ධයක්ට මෙලෙස මේ දෙව් රජු අමතකව ගියත් දඹදිව වැසියන් විශ්වකර්ම දිනය නමින් දිනයක් සැප්තැම්බර් මාසයේ වෙන්කොට ගනිමින් මෙතුමාගේ ගුණ සමරනු දැක ගත හැකිය..
බුදු සසුනේ මහත් වැඩ රාශියක් සිදු කරමින් බොදුණුවන්ට සමීප වූ මේ මහානුභාව දිව්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ විමසා දැන ගෙන සිටීම බොදුනුවන් ගෙන් අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි…

-නිසල-