New at Little Bit


from Path to Nirvana https://ift.tt/3o40wwC
අති පූජ්‍ය මාතර සිරි ඥානාරාමාභිධාන මහා ස්වාමීන් ගැන මතක සටහනක්….

දිනක් අළුයම 5.30ට පමණ මා උන්වහන්සේ වෙත ගියේ කිසියම් කාලීන කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. උන්වහන්සේ එවෙලේ ලුණු කැඳ වළඳමින් සිටියහ. අසල බඳුනක හකුරු තිබුණු නමුත් උන්වහන්සේ තනිකර කැඳ වැළඳුවා මිස හකුරු වැළඳුවේ නැත. පසුව මම ඒ ගැන උන්වහන්සේගෙන් විමසීමි

පුරෙ පටිග්ගහිතං ව – සත්තාහං යාවජීවිකං, සෙසකාලික සම්මිස්සං- පාචිත්ති පරිභුඤ්ජතො – ( ඛුද්ද සික්ඛා-111 ගාථාව )

“කලින් පිළිගන්නා ලද සත්තාහකාලික හෝ යාවකාලික දෙයක් සෙසු යාවකාලික-යාමකාලිකයන් සමඟ වළඳන්නා හට පචිති ඇවැත් වේ” යන මේ විනය නීතිය අනුව කලින් පිළිගෙන තුබූ සත්තාහකාලික වූ හකුරැ සමග කැඳ වැළඳීමෙන් ඇවැත් සිදු වන බව උන්වහන්යස් පැහැදිලි කළ යස්ක. “අනමත්තේසු වජ්ජේසු භයදස්සාවී (ඉතා සුළු වරදහි පවා ආතප්පනසීලි ) ගුණය අනුව උන්වහන් ස් ග් ආජීව පාරිශුද්ධිය කෙබඳු වීදැයි සිහි කළ යුතු.

කඩවැද්දුයේ ශ්‍රී ජීනවංශ මාහිමිපාණන් විසිනි.

අමා බින්දු – මාතර ඥානාරාම හිමි ගුණසමුරු –
පොත කියවන්න (PDF) = https://ift.tt/2MpsOEd
පොත ශ්‍රවණය කරන්න (Audio) = https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3GzZwLcJ4Omo7vFGiZFZ4ofp

(මහ තෙරුණ්ගේ පින්තූරය වර්ණගන්වන ලද්දකි)