New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bw4Ilp
අද මාර්ගඵල ලබා ගැනීමට නොහැකි යැයිපවසන දනන් හට 1959 අතිපූජ්‍ය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ මහාස්ථවිර ස්වාමීන්වහන්සේ ලබා දුන් පිලිතුරක කොටසකි )

ශාසන ප්‍රාසාදයේ මුදුන් මහල වූ අධිගමයට පිවිසෙන දොරටුව වැසී ගොස් බොහෝ කල්ය.ඊට ඇතුල්විය නොහැකිය යන කථාව පැරණිය, දීර්ඝය, විසිතුරැය. අදත් ඒ බැරිකථාවට පණදෙන තාර්කිකයන් ඒ සඳහා ගළපා දක්වන සියුම් තර්ක උපමා පුදුම සහගතය.ඇතමෙක් අද සාසනය වඳ පීදුනු කෙසෙල් ගසකට සමාන යයි කියනු ලැබේ.ජිනචක්‍රයට පහරදීමේ මාරක ඍද්ධිය කොතරම් බිහිසුණුද? ශාසන සංරක්ෂණය හා සංවර්ධනය පිළිබඳ විවිධ හැඟීම් බලපාන මේ බුද්ධ ජයන්ති වේගයේ උණුසුම නිවී යන්නට පෙර ප්‍රතිවේධ සාසන ගවේශක මණ්ඩලයක් ඇතිකිරීම අද කළයුතු අසාහාය ශාසන මෙහෙය වශයෙන් සැලකිය යුත්තේ ශාසනය මැරීමේ මහාපාපය දඩුවම් නැති අපරාධයක් වී තිබෙන හෙයිනි.කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම දශකයේ පර්වතයක් මුදුනට නැගී අධිගමය උදෙසා පණදුන් අධිගම වීර පෙරමුණ වැනි පරාක්‍රමශීලී අධිගම වීර පෙරමුණක් වහා සංවිධානය විය යුත්තේය යන යෝජනාව අප ඉදිරිපත් කරන්නේ මහත් සාසන සංවේගයෙනි. ධර්මෝපදේශයන් ගණනට නොගෙන පිළුණු පුහුල් හොද්දෙහි පවා ආශාව අත් නොහැර, කුණු වණය රකින හිඟන්නා මෙන් හැම කුණක්ම රැක ගෙන, නිවන් මඟ නොතකා ලාභ කීර්ති මඬ ගොහොද්දේ කරවටක් එරී දඟලන පින්වතුන් අද නිවන් නැතැයි නඟන හඬ නම්බුව රැක ගැනීමේ ව්‍යාජයෙන් කරන තුච්ඡ ඝොෂණයක් වශයෙන් සලකා බැහැර ලිය යුත්තේය. ශාසන මාමක පැවිදි උතුමනි! සැදැහැති බෞද්ධ උපාසක උපාසිකාවෙනි! රහතුන්ගේ සෙවණැල්ලෙන් වැසී පැවැති මේ ශුද්ධ පොළොවේ අධිගම පෙළහැර පාන්නට තවමත් ඔබට වාසනාව ඇතිවග සලකමින් බුදු මුහුණ බලා මෙයට සැරසෙනු මැනවි! සම්මා ධම්මං විපස්සතු!!!

කඩවැද්දුව ශ්‍රී ජිනවංස ස්වාමීන්වහන්සේ
ගැන කියවන්න( කඩවැද්දුවේ ජිනවංශ හිමි ආත්ම ප්‍රත්‍යවේක්ෂණය) https://ift.tt/2MPKusy

ශ්‍රවණය කරන්න (අපේ වැනසීම අතළගද)

(පින්තූරය වර්ණ ගන්වන ලද්දකි)