Category Archives: NewFromFacebook

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3iZu1gO
🔹සාරාණීය වත කියන්නේ කුමක්ද?
“සාරාණීය වත ” යනු භික්ෂූණ් වහන්සේලාට දන් දීමේ කුසල කර්මය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල එක්තරා වත් ක්රමයකි. මෙම වත තරමක් දුෂ්කර වතකි.
එය කෙසේදැයි විස්තර කරනවා නම්,
යම් භික්ෂූණ් වහන්සේ නමක් පිණ්ඩපාතය කරගෙන නැවත විහාරයට වැඩම කල පසු ඒ ලැබුණු පිණ්ඩපාත කොටස පිණ්ඩපාත නොයන භික්ෂූණ් වහන්සේලාටත්, ගිලන් වූ භික්ෂූණ් වහන්සේලාටත් , මහලු භික්ෂූණ් වහන්සේලාටත් සහ ඒ මොහොතේ වැඩම කල ආගන්තුක භික්ෂූණ් වහන්සේලාටත් පූජා කිරීමයි.

🔹මෙම වත සම්පූර්ණ කිරීමට ගත වන කාලය කොපමණද?
මෙම වත සම්පූර්ණ වන්නේ මෙලෙසම එම වත හරියටම අවුරුදු 12ක් ආරක්ෂා කලොත් පමණි.මෙම අවුරුදු 12 ඇතුලත එක දවසක්වත් එම වත කැඩීම කල හොත් එය නැවත මුලසිටම අවුරුදු 12 ක් පිරිය යුතුයි.
එම වත කැඩෙන ආකාර නම්…
🔸තමන් පිණ්ඩපාතය කරගෙන එන දානය යම් හේතුවක් නිසා වෙනත් භික්ෂුවකට පූජා කිරීමට නොහැකි වීම.
🔸පිණ්ඩපාත කරගෙන රැගෙන ආ එම ආහාර තමන්ටවත් ඉතිරි නැති වීම.
අවු. 11 මාස 11 දින 29ක් වත නොකඩවා සම්පූර්ණ කල භික්ෂුවක් 29 වන දින වත කැඩුනොත් නැවතත් වත සම්පූර්ණ කිරීමට නම් මුල සිටම අවුරුදු 12ක් වත සම්පූර්ණ කලයුතුයි.
ඒ තරමටම මෙම සාරාණිය වත ඉතාමත් දුෂ්කරවේ.
භාග්යවතුන් වහන්සේ දේශනා කරනවා මෙම සාරාණීය වත හරියට අවුරුදු 12 ක් රැක්කොත් එම භික්ෂුවට සසරේ සිව්පස දානයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා. අති දුෂ්කර කාලෙක වුණත් , කාන්තාරයක වැඩම කලත්, මිනිසුන් නොමැති ස්ථානයකට ගියත් කවදාවත් සිවුපසයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා දේශනා කරනවා.

🔹 “සාරාණිය වත ” සම්පූර්ණ කල භික්ෂුවක් ලබන ආනිසංශ මොනවාද?
දවසක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතය සඳහා ගමකට වැඩම කරනවා. එහිදී භික්ෂූන් වහන්සේලා 50 නමක් වැඩ සිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා හට පිණ්ඩපාත දානය නොලැබ එම ග්රාමයෙන් එලියට වැඩම කලා.
උන්වහන්සේලාට එම ග්රාමයෙන් පිණ්ඩපාත නොලැබුණු නිසා “සාරාණීය වත”සම්පූර්ණ කල භික්ෂූන් වහන්සේ නමක් පසුව එම ග්රාමයටම වැඩම කලා. උන් වහ්න්සේට පාත්රය පිරෙන්නම දන් ලැබුණා. එම ලැබුණු දන් ප්රමාණය අර 50 නමටම බෙදා ගෙන වැලඳීමට ප්රමාණවත් වුණා.ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන ආනිසංසයි.
ලංකාවේද “සාරාණීය වත” සම්පූර්ණකල භික්ෂූන් වහන්සේලා සිටියා.
ලක්දිව දවසක් එක්තරා රජකෙනෙක් භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කරනවා. මෙම දානයට වැඩම කරනවා “සාරාණීය වත” සම්පූර්ණ කල තරුණ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ දානය සංවිධානය කරන අමාත්යවරයා ලඟට පැමිණ විමසනවා මෙම දාන වස්තූන්ගෙන් තිබෙන වටිනාම පරිශ්කාරය කුමක්ද කියලා. අමාත්ය වරයා කියනවා ඉතා වටිනා සිවුරක් පෙන්නලා “ස්වාමීන් වහන්ස මෙම සිවුර තමයි මෙතන තිබෙන වටිනාම පරිශ්කාරය ” කියලා. එවිට ස්වාමින් වහන්සේ කියනවා
” එහෙනම් අමාත්ය තුමනි ඒ සිවුර මට ලැබෙයි” කියලා. ඉන්පසු ඒ භික්ෂුව දානය සඳහා යම් ආසනයක අසුන් ගත්තා.
මෙම අමාත්යවරයා රජතුමාට මේ කාරණාව පැවසූ විට , තරුණ භික්ෂූන් වහන්සේලා ඔහොම ම තමයි හොඳම දේ ලැබෙයි කියලා තමයි හිතන්නෙ .. යැයි රජතුමා සිතින් හිතා ගත්තා. එවිට රජතුමා කියනවා “මේ වටිනා සිවුර උන්වහ්න්සේට ලැබෙන්නෙ නෑ. ඒක ලැබෙන්නේ ගරු කලයුතු සිල්වත් භික්ෂූන් වහන්සේටයි ” යැයි පැවසුවා.
ඉන් පසුව දාන පූජා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පරිශ්කාර පූජා කිරීමට පටන් ගත්තා.අර වටින සිවුරත් පරිශ්කාර ගොඩේ උඩින්ම තියෙනවා.
අමාත්යවරු සියලු පරිශ්කාර රැගෙන රජතුමා පසු පස එන අතර තුර රජතුමාද අතට ලැබෙන ලැබෙන පරිශ්කාර පිලිවෙලින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා. ටික වෙලාවකින් අර වටිනාම සියුර අතට ආවා. අතට ගත් විගසම රජතුමා පිලිවෙලින් ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේට පූජා කලා. එකවරම රජතුමා පූජා කල භික්ෂූන් වහන්සේගේ මුහුණ දෙස බලන විට ඒ අර කාරණාව කියපු තරුණ භික්ෂූන් වහන්සේමයි. එවිට රජතුමා සහ අර අමාත්ය වරයා මුහුණට මුහුණ බලමින් පුදුම වුණා. අවසානයේ රජතුමා දාන කටයුතු අවසන් වී මේ පිලිබඳ විමසන විට දැනගන්නට ලැබුණේ ඒ තරුණ භික්ෂුව ” සාරාණීය වත” සම්පූර්ණ කල භික්ෂුවක් ලෙසය.
ඒනම් මේ “සාරාණීය වත” සම්පූර්ණකල භික්ෂුවට යම් ස්ථානයකට වැඩම කලොත් එම ස්ථානයෙ තිබෙන හොඳම වටිනාම දේතමයි උන් වහන්සෙට ලැබෙන්නෙ. ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන විශේෂ ආනිසංසයි.

මුලාශ්‍ර
https://ift.tt/3hUHUvr
ධම්මසංගණී අටුවාව
https://ift.tt/3iZhry4

ලිපිය සකස් කලේ ,
දුෂ්‍යන්ත බණ්ඩාර

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cnQJN3
https://ift.tt/3hQpgEQ
ඒකාලෙ මම චන්ද්‍රවතී නගරයේ ඉපදිලා හිටියෙ. ජීවිකාව විදිහට කළේ අනුන්ගෙ බැලමෙහෙවරකම්.
අනවමදර්ශී බුදුරජුන් පහලවෙලා හිටපු ඒ කාළෙ මට දන් දෙන්න මුකුත්ම තිබුනෙ නෑ. මම මොනවා කියලා දෙන්නද මම බැලයෙක්. මම කොහොම මේ සසරින් මිදෙන්නද කියලා නිතරම කල්පනා කළා.
දෙන්න දෙයක් නැති නිසා මම කල්පනා කළා සම්පූර්ණ පංචසීලය ජීවිතය පුරාවටම ආරක්ෂා කරන්න. ඉතිං මම අනවමදර්ශී බුදුරජුන්ගෙ නිසභ කියන ශ්‍රාවකයා ගාවට ගිහින් පංසිල් ගත්තා.
ඒ කාලෙ මනුශ්‍ය ආයුෂ ඉතා දීර්ඝයි. මම අවුරුදු ලක්ෂයක් ම එක දිගට කඩ නොකර පංසිල් රැක්කා. කාළය ගත වුනා මම මැරෙන මොහොතත් ලං වුනා. ඒ වෙලාවෙ දෙවියෝ ඇවිත් මාව අස්වැසුවා ඒ කොහොමද, “නිදුකාණෙනි! මේ දහසක් අසුන් යෙදූ රථය ඔබටයි එන්න” කියලා. අවසාන චුති සිතෙන් මම රැක්ක පංචසීලය සිහි කළා. ඒ වෙලාවෙම මම තව්තිසා දෙව්ලොව ඉපැදුනා.
බලන්න ඊට පස්සෙ මම රැක්ක පංසිල් නිසා මට ලැබුනු සැප විපාක.
ශක්‍ර දේවේන්ද්‍රව තිස් වාරයක් මම දිව්‍ය රාජ්‍ය පාලනය කළා. අප්සරාවන් විසින් පිරිවරාගෙන දෙව්සුව වින්දා. හැත්තෑ පස් වාරයක් සක්විති රජ බවට පත්වුනා. ඊට අමතරව ප්‍රදේශ රජ කෙනෙක් විදිහට සිටි ආත්මභාව ගණන මෙච්චරයි කියලා කියන්න බෑ එපමණ වාරක් ප්‍රදේශ රජ බවට පත්වුනා.
ඒ කුසලය මාව අතහැරියේ නෑ දෙව්ලොවින් චුත වෙලා වේසාලී නගරයේ අතිශයින් පොහොසත් මහාසාර කුලයක ඉපැදුනා. වස් එළැබෙන කාළයේ දෙමාපියන් එක්ක මමත් ගියා. එයාලා පංසිල් ගන්නකොට මට ඒවා හොඳින් ඇසුනා. මට වයස අවුරුදු පහක් විතරයි. පන්සිල් ඇසෙනවාත් සමග සමථ විදර්ශනා නුවන මේරීමෙන් ඉදගෙන ඉදපු ආසනේම ක්ෂණිකව රහත්බව ලැබුවා.
උප්පත්තියෙන් පස් හැවිරිදි වියේම මම රහතන් වහන්සේ කෙනෙක් වුනා. ප්‍රඥාවෙන් උත්තම වූ බුදුරජුන් මේ බව දැනගෙන මාව උපසම්පදා කළා.
මීට අප්‍රමාණ කල්ප ගණනකට ඉහත කළ ඒ කුසල කර්මයෙන් ලැබූ සැපවිපාක මෙච්චරයි කියලා කියාගන්න බෑ. ඒ ආත්මභාවයේ සිට මේ දක්වාම මම දුගතියකට ගියේ නෑ. පංසිල් රැකීමෙන් විශේෂ වූ ආනිසංස තුනක් මම නිතරම ලැබුවා. ඒවා තමා නිතරම දීර්ඝායුෂ වුනා, මහත් වූ භෝග සම්පත් ලැබුවා, තීක්ෂණ වූ ප්‍රඥාව ලැබුවා.
පන්සිල් රැකීමේ අනුසස් මෙහෙම නම් බුද්ධ ශ්‍රාවකයන් රකිනා උතුම් සීලයෙහි අනුසස් කොහොම වෙයිද?
නිකම්ම නිකම් බැලයෙක් වුන මම මනාකොට පන්සිල් රැකලා අද සියළුම භව බන්ධන වලින් මිදුනා. සිව් පිළිසිඹියාවන්, අෂ්ට විමෝක්ෂයන්, ෂඩ් අභිඥාවන් මම ලැබුවා. ගෞතම මුනිඳුන්ගේ සාසනයත් මම කරගත්තා.
මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානිය තෙරුන් විසින් සිංහනාද කරන ලදී.
(පංඤ්චසීලසමාදානිය ථේරාපදානය – සුභූති වර්ගය)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3j2cN24
_____කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී_____

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයයි. සැවැත්නුවර පිඬු පිණිස වඩින භික්ෂුන් වහන්සේ නමකි. කොසොල් රජතුමා ගේ එක බන්ධනාගාරයක් උන්වහන්සේ ගේ ඇස ගැටේ.

එහි දැඩි වධ බන්ධනයට හසුව දුක් විඳීන සිරකරුවෝ ය. ඒ දුක දැක සංතාපයට පත් වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ අසති.

“ස්වාමීනි! බුදුපියාණන් වහන්ස. රජ ගෙයෙහි අපමණ දුක් පීඩා විඳින සිරකරුවන් දැක අපි බොහෝ දුකට පත් වීමු. යකඩ දැල් අතර සිරවී ගත කරන මේ බන්ධනයට වඩා වැඩි තවත් බැඳුම් තිබේද? බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.

“නතං දළහං බන්ධනමාහු ධීරා – යදාය සං දාරුංජං බබ්බජඤ්ච
සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු – පුත්තේසු ධාරේ සුචයා අපේඛා
එතං දළහං බන්ධනමාහු ධීරා – ඔහාරිනං සිථිලංදුප්පමුඤචං
ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්තී – අනපේක්ඛිනෝ කාම සූඛං පහාය”

“මහණෙනි, යකඩයෙන් කරන ලද, දැවයෙන් කරන ලද සහ රැහැනින් කරන ලද යම් බැඳුමක් වේද ඒ සියල්ල පහසුවෙන් සිඳලිය හැකි ය. ඒ නිසා නුවණැත්තෝ මේවා දැඩි බැඳුම් සේ නොසලකති. යමෙක්, ආභරණ කෙරෙහි, දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි වූ දැඩි බැඳුම් ඇත්තෙක් වේද ඒ බන්ධනය අවි ආයුධයකින් සිඳලිය නොහැකි ය. නුවණැත්තෝ දැඩි බන්ධනය ලෙස දකින්නේ තණ්හාව නමැති බැම්මයි.

බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට පෙන්වා දුන් මාර්ගය අද අප ගේ ජීවිත හැඩ ගසා ගැනීමට මහත් උපකාරි වන බව මාගේ විශ්වාසයයි.

අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත් රාදීන්, ආහාරපාන, වස්ත්ේරාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි. එහි රූප තිබේ.

ශබ්ද තිබේ. ගන්ධය, රසය, ස්පර්ශය තිබේ. නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන.

කාම බන්ධනයේ ස්වභාවය එයයි. ලෞකික ධ්යාන උපදවාගෙන සිටින අය පවා එම ධ්යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව කාලයේ සිටම නෙක්ඛම්ම පාරමිතාව පිරුවේ කාමයෙහි ඇළුණු පසුව අත්විඳින්නට වන අසහනකාරිත්වය, එහි තිබෙන දුක්ඛ සහගත බව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කොට සිටි බැවිනි. කාමයෙහි වූ ආදීනව දැකිය යුතු බව උන්වහන්සේ සෑම මොහොතකම තම ශ්ටරාවක පිරිසට ඉගැන්වූයේ ය.

කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ ‘අලගද්දුපම සූත්බරයේ’ දී උපමා මගින් පෙන්වා දුන්හ.

“අත්ථි කන්කලුපමා කාමා”

කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.

මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප්ටරමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.

“මංස පේසු උපමා කාමා”

කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.

බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග් රහ කරති.

“තිනික්කු උපමා කාමා”

පේුර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් ‘මාව පිච්චෙනවා වගේ’ ‘මම ගිනි අරගෙනයි ඉන්නේ’ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.

ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි්ේරයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.

“අංගාර කාසු උපමා කාමා”

කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.

කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?

ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.

කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.

‘සුපින කූපමා කාමා’

කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.

අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.

තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.

“යාචිත උපමා කාමා”

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.

“රුක්ඛ පලුපමා කාමා’

පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

“අතිසුනු උපමා කාමා”

කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප්මරායෝගික සිදුවීමකි.

අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.

“සක්ති සලුපමා කාමා”

අලගද්දුපම සූත්මරයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.

කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.

බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.

“සප්ප සිරූපමා කාමා”

සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.

ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප්නරහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.

ඒ සඳහා අලගද්දුපම සූත්අරය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප්ටරයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.

ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2RJ1AHM
ඤාණදීප ස්වාමීන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ මංජුසාව.
ඔබත් සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමින් වැඳ පුදා ගන්න. සාදු සාදු සාදු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3kml9Ca
== මැටි පාත්‍රය ==

මහණෙනි, රන් පාත්‍ර‍ය නො දැරිය යුතුය. රිදී පාත්‍ර‍ය නො දැරිය යුතුය. මැණික් පාත්‍ර‍ය නො දැරිය යුතුය. පළිඟු පාත්‍ර‍ය නො දැරිය යුතුය. ලෝකඩ පාත්‍ර‍ය නො දැරිය යුතුය. වීදුරු පාත්‍ර‍ය නො දැරිය යුතුය. සුදු ඊයම් පාත්‍ර‍ය නො දැරිය යුතුය. කළු ඊයම් පාත්‍ර‍ය නො දැරිය යුතුය. තඹ පාත්‍ර‍ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, යකඩ පාත්‍ර‍ය මැටි පාත්‍ර‍ය යි පාත්‍ර‍ දෙකක් අනුදනිමි.

මහණෙනි, දැවයෙන් කළ පාත්‍ර‍ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, මිනී හිස් කබල පාත්‍ර‍ය වශයෙන් නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ලබුකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, වළංකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

‘ලබුකබල හා වළංකබල තාවකාලික වශයෙන් හදිසි අවස්ථාවක දී පරිභෝග කිරීම වරද නැතය’ යි අටුවාවෙහි දක්වා ඇත්තේය. යකඩපාත්‍ර‍ය මැටිපාත්‍ර‍ය යන මේ දෙකින් මැටිපාත්‍ර‍ය වඩාත් පරිභෝගයට යහපත්ය. එහෙත් මේ රටේ පරිභෝගයට සුදුසු මැටිපාත්‍ර‍ නැත. තෙල් උරා නො ගන්නා වූ වතුරා උරා නො ගන්නා වූ පහසුවෙන් පිරිසිදු කළ හැකි වූ කළු පැහැය ගන්වන ලද්දා වූ මැටිපාත්‍ර‍ බුරුමයේ තනනු ලැබේ. එහි බොහෝ භික්ෂූහු මැටිපාත්‍ර‍ පරිභෝග කරති. විනය පොත්වල සඳහන් කරුණුවලින් පෙනෙන්නේ බුද්ධකාලයේ විසූ බොහෝ භික්ෂූන් ද මැටිපාත්‍ර‍ පරිභෝග කළ බවය.

“පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා”[1] යි වදාරා ඇති පරිදි පැවිද්ද ගෙදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාතභෝජනය නිසා එය ප්‍ර‍ධාන කොට පවත්නා දෙයකි. එබැවින්, ලොවුතුරා බුදුවරු ද ගෙදොරක් පාසා වැඩම කොට පිඬු සිඟා වැළඳූහ. පසේබුදුවරු ද, රහත්හු ද එසේ ම කළහ. බොහෝ භික්ෂූහු අද දක්වා ද එසේ කරති. අනාගතයෙහි එසේ කරන්නාහ. ඒ පිණ්ඩපාත භෝජනයට ඉතා ම සුදුසු භාජනය පාත්‍ර‍ය ය. එබැවින් සෑම භික්ෂුවකට ම පාත්‍ර‍යක් තිබිය යුතුය. එබැවින් “න භික්ඛවෙ අපත්තකො උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2] යි පාත්‍ර‍යක් නැතියකු උපසම්පදා නො කරන ලෙස සිකපදයක් ද පනවා ඇත්තේය. භික්ෂුවකට පාත්‍ර‍යක් තිබිය යුතුය යි කී පමණින් “භික්ෂුව පිණ්ඩපාත භෝජනය ම වැළඳිය යුතුය, පාත්‍රයේ ම වැළඳිය යුතුය” යි වරදවා තේරුම් නො ගත යුතුය. අන් ක්‍ර‍මවලින් ලැබෙන භෝජනයත් පාත්‍ර‍ය හැර අන් භාජනත් භික්ෂුවට කැප බව දත යුතුය. යම් භික්ෂුවක් ලෝකය රැවටීමේ අදහසින් තොරව අල්පේච්ඡතා ගුණයෙහි පිහිටා අන් බොජුනක් නො පිළිගනිමින් පිඬු සිඟා ගෙන ම වළඳනවා නම්, අන් බඳුනක් නො පිළිගෙන පාත්‍රයේ ම වළඳනවා නම් එය උසස් ප්‍ර‍තිපදාවකැයි කිය යුතුය. පාත්‍ර‍ය පිළිබඳ සිකපද බොහෝ ගණනක් ඇත්තේ ය. ඒවා නො දැන සිටින භික්ෂුවකට පාත්‍ර‍ය නිසා ම දිනපතා බොහෝ ඇවැත් සිදු විය හැකිය. එබැවින් පාත්‍ර‍ය පිළිබඳ විනය එය පරිහරණය කරන භික්ෂුව විසින් මැනවින් දැන සිටිය යුතුය.

දැනට පාත්‍ර‍ යන නාමයෙන් වෙළඳ සැල්වල තිබෙන සෑම භාජනය ම භික්ෂූන්ගේ පරිභෝගයට සුදුසු විනයානුකූල පාත්‍ර‍ නො වේ. සිකපද ඇත්තේ ද ඒවාට නොවේ. ඒවා ලද හොත් පාත්‍ර‍ වශයෙන් නොව වතුර ගැනීම් ආදිය සඳහා භාජන වශයෙන් පරිභෝග කිරීම වරද නැත. භික්ෂුවක් විසින් පාත්‍ර‍යක් වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නො වූ පමණට වඩා මහත් ද නො වූ නියමිත ජාතියෙන් තනන ලද සෝදා පිරිසිදු කළ හැකි පරිදි මට්ටම ඇති ශ්‍ර‍මණසාරුප්‍ය වන පරිදි කළුපැහැය ගන්වන ලද පාත්‍ර‍ය ය. ඇතුළත මට්ටම නැති බැවින් සේදුව ද තෙල් ආදිය ඉතිරි වන පාත්‍ර‍ය පරිභෝග කරන්නහුට සන්නිධිකාරක සිකපදයෙන් ඇවැත් වන බැවින් භික්ෂූන්ට අයෝග්‍ය ය.

—-
මැටි පාත්‍රය පිලිබඳ වැඩි විස්තර
Mahamithawa Pannarathana
https://ift.tt/2FMlqzd

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3c90Oxe
(මේ ලිපිය කිහිප වරක් කියවන්න )
* A Lion – පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි
සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ “ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය”. වර්තමාන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්, ලෙන්ගතුකමත්, ආදර‐භක්තියත් එකට කැටිකොට “ඤාණදීප භන්තේ” ලෙස උන්වහන්සේව හැඳින්වීමට භික්ෂූන් වහන්සේලා හුරු‐පුරුදු වී සිටියහ. මෙකල සාමාන්‍ය භික්ෂුවක් තුළ දැකිය නොහැකි අසාමාන්‍ය ප්‍රතිපත්ති වලින් යුක්තව අප්‍රසිද්ධ ව වැඩසිටි නිසාම ප්‍රසිද්ධියටත්, ජනප්‍රියත්වයටත් පත්විය.
අතිශයින්ම හුදෙකලාව ප්‍රිය කළ උන්වහන්සේ වාසය කළේ වනාන්තරවල නොව ගැඹුරු වනාන්තරවලය. අලි‐වලස්‐දිවි‐විෂඝෝර සර්පයන්ගේ අඩවිවලය. එබඳු තැන්වල සිට පිණ්‌ඩපාතය වඩින්නේ පා ගමනින් ද, නැත්නම් වෙනත් ක්‍රමයකින් දැයි තවමත් අභිරහසක්ව පවතියි. එහෙත් පිණ්‌ඩපාතය කරගෙන නැවත වැඩීමේ දී, සාමාන්‍ය දුරක් ගමන්කර, ගිය මඟක් සොයාගත නොහැකි වීම නම් ප්‍රසිද්ධ රහසකි.
දිනක් පිණ්‌ඩපාතය කරගෙන නැවත වැඩීමේ දී, රැළෙන් වෙන්ව කලබලයෙන් දිව ආ අලි පැටවකු අත්වැරදීමකින් ඤාණදීප හිමියන්ගේ ඇඟේ හැපී, ඇද වැටුණු උන්වහන්සේගේ වම් පාදය ද පාගා ගෙන දිව්වේය. පිණ්‌ඩපාතය ද අවට විසිරී ගියේය. අසල තිබූ රුක් සෙවණකට ඇදෙන්නට උත්සාහ කළ ද, තුවාලය තරමක් බරපතල බැවින් එය අසාර්ථක විය. ඉර මුදුන් වීමට මත්තෙන්, අවට විසිරුණු පිණ්‌ඩපාතය කිසිදු පිළිකුලකින් තොරව හැකි පමණින් අහුලාගෙන වැළදූහ. පසුදා පිණ්‌ඩපාතය බෙදීමට රැස් වූ පිරිස ඤාණදීප හිමියන්ගේ ප්‍රමාදයෙන් තරමක් කලබලයට පත්වූහ. එයින් කිහිපදෙනෙකු කැළයට තුළට වැදී ටික දුරක් යන විට, අලි රංචුවකට මැදිව දිග ඇදී සිටින ඤාණදීප හිමියන් දුටුවහ. උන්වහන්සේ රැය පහන් කර තිබුණේ පෙර දා අනතුර සිදු වූ ස්ථානයේම ය. ‘අපේ රැහේ පොඩි එකෙකුගෙන් සිදු වූ අත්වැරැද්දට සමාව යදින්නාක් මෙන්’ අලි රංචුව ද ඤාණදීප හිමියන්ට රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයා තිබූහ. තුවාලය ලේ වලින් පිරී, එහි ඕජස කූඹින් විසින් භුක්ති විඳිමින් තිබුණි. වහා රෝහල් ගත කරන ලදුව, පාදය ශල්‍යකර්මයකට ද භාජනය කෙරිණි. එයින් පාදය තරමක් කොට විය (අඟල් 1.5 කට ආසන්න ප්‍රමාණයක්). පාදයේ තුවාලය සුව වූ පසු, ‘නැවත කැළයට නොවඩින්න, අපි උපස්ථාන කරන්නෙමු’යි, බොහෝ භික්ෂූන් වහන්සේලා ඉල්ලීම් කළත් උන්වහන්සේ නොවේ එය පිළිගත්තේ. සැරයටියකින් හා විශේෂයෙන් සකසන ලද රබර් පාවහන් යුගලකින් ආබාධිත පාදයෙන් වන හිරිහැරය මගහරවාගත් උන්වහන්සේ නැවත පැරණි යුධ භූමිය වෙත ම පියමැන්නේය. ඇත්තෙන්ම තරුණ භික්ෂුවකට වුව ද, වයස්ගත වූ, පාද‐ආබාධිත ඤාණදීප හිමියන් හා සම‐සමව වනයේ ‘කරක් ගැසීමට’ නම් නොහැකිය. ඕනෑම ‘වන‐වංකගිරියක්’ තම නිවස බවට පත්කර ගැනීමට උන්වහන්සේට ගතවන්නේ දින කිහිපයකි. තනි අලියා මුණගැසීම නම් සාමාන්‍ය දෙයකි. එවිට උදාන පාළියේ නාග සූත්‍රයේ අවසානයට එන ගාථාව සජ්ඣායනා කරයි.
ඤාණදීප හිමියන් සතුව තිබුණේ අත්‍යාවශ්‍යම පිරිකර කිහිපයක් පමණි. ඕනෑම තැනකට පහසුවෙන් වැඩීමට එය පහසුවක් විය. ගිලන්පස බෝතලයක් පිළිගැන්වූ විට එය නොපිළිගනියි. අවශ්‍ය ප්‍රමාණය කෝප්පයකට පමණක් පිළිගනියි. උන්වහන්සේ සාමාන්‍යයෙන් කාර්යබහුල භික්ෂුවක් නොවේ. එහෙත් සැතපෙන්නේ ඉතාම කෙටි කාලයක් වන අතර නොසැතපෙන අවස්ථා ද නැතුවා නොවේ. දිනකට වළඳන්නේ එක් වේලකි. සතියකට එක්වරක් සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටියි. ‘කෙලෙස් යුද්ධයේ දී’ ‘ඤාණදීප භන්තේ’ තරම් කාර්යබහුල භික්ෂුවක් දැකගත නොහැක. ධූතාංගධාරී (කෙලෙස් කම්පා කරවන අංගවලින් යුත්) භික්ෂුවකගේ ස්වභාවය නම් මෙයයි.
අසනීප වූ විට පමණක් ඒ කාලය ආරණ්‍ය සේනාසනයක ගතකරයි. රෝහල් ගත වූ අවස්ථාවල පවා භාවනාව නම් අතහැරයේ නැත. එක්තරා ආරණ්‍යක ඈතම කුටියේ භාවනා කරමින් සිටියේය. භාවනාවෙන් නැගිටි විට දුටුවේ කවුරුන් හෝ පැමිණ කුටිය අවුස්සා ‘වණයක්’ කර ඇති බවයි. විවෘතව තැබූ එක් ජනේලයකින් පිටත බැලූවිට පිළිතුර හමුවිය. කුටියේ තිබූ දේවලින් සෙල්ලම් කරන රිළා රංචුවකි. තමාට අඩි කිහිපයක පරාසයක් තුළ රිළවුන් නැටූ ‘නාඩගම’ පිළිබඳ ‘ඤාණදීප භන්තේට’ කිසිදු සංඥාවක් නොවූයේ වඩමින් සිටි සමාධියේ ගැඹුරුබවත්, බලවත්කමත් නිසාමය.
ඇතැමෙක් රහතන් වහන්සේ නමක් ලෙසත්, ඇතැමෙක් අනාගාමී උත්තමයකු ලෙසත් හැඳින්වුවත්, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස තමාව හඳුන්වාදෙයි. ලැබූ ධ්‍යානයන්, මාර්ග‐ඵලයන්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ ඤාණයන් පිළිබඳ කිසිවිටෙක ප්‍රකාශ කර නැත. විමසූ විට එම ප්‍රශ්නය මඟහරියි. නොලැබූ ධ්‍යාන, මාර්ග‐ඵල, අරහත්වය ‘මාර්කට්’ කරන යුගයක උන්වහන්සේගේ අල්පේච්ඡතාවට දෙවියන් ද, බ්‍රහ්මයන් ද වන්දනා කරනබව නම් නො අනුමානය.
‘ඤාණදීප හිමියන් වෙනුවෙන්’ බොහෝ දේශීය විදේශීය භික්‍ෂු පිරිසක් පැවිදිවූහ. ගුරුවරුන්ට ද ගුරුවරයකු වීමේ සියලු සුදුසුකම් තිබුණ ද, කිසිදු ගෝලයකු පැවිදි කළේ නැත. එහෙත් බොහෝදනෙක්ට ධර්මාචාර්යවරයෙක් විය. පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම සකස්කරගත්තේ “පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගෙනි” (අපවත් වී ඇත). පසුව තනිවම අධ්‍යනය කරමින් දියුණු කරගත් පාලි භාෂා දැනුම, ආචාර්ය ‐ මහාචාර්ය පදවි මට්ටම්වලට සීමා නොවුණි..
මේ ලෝක ධාතුවේ ථේරවාදී බුදුදහම පිළිබඳ වර්තමාන කේන්ද්‍රයස්ථානය වන ලංකාවේ ‐ මේ බෞද්ධ රටේ ‐ තථාගතයන් වහන්සේගේ සුපිරිසිදු ම ශ්‍රී මුඛ දේශනාව වන ‘සූත්‍ර ධර්මයන්’, “වෝහාරික දේශනා” ලෙස “හංවඩු” ගසා ඇති අවධියක, ඒවායේ ගාම්භීරත්වය ‘සම්ප්‍රදායික ප්‍රසිද්ධ බුදුදහම’ විසින් යටපත්ව ඇති අවධියක, එය එසේදැ’යි යන්න සොයා බැලීමටවත් උනන්දු නොවන අවධියක, සූත්‍ර ධර්මයන්හී ගැඹුරුබව, අවබෝධයට ඇති දුෂ්කරබව, තර්කයට විෂය නොවනබව පැහැදිලි වන්නේ “ඤාණදීප භන්තේ වැනි ස්වාධීන ධර්ම පර්යේෂකයන්” සමඟ සාකච්ඡා කරන විටය. ඤාණදීප හිමියෝ සූත්‍ර ධර්මත්, විනය පිටකයත් තමන්ටම ආවේණික වූ විශේෂිත ලඝු ක්‍රමයකින් ලේඛනගත කරගෙන සිටියහ. එමෙන්ම විනය පිටකයත්, සම්පූර්ණ මජ්ඣිම නිකායත්, තවත් බොහෝ සූත්‍රත්, සූත්‍රවලට අයත් සියලුම ගාථාත් මතකයේ දරාගෙන සිටියහ. සූත්‍ර නිතර‐නිතර සජ්ඣායනා ද කළහ.
ඤාණදීප හිමියෝ ඉංග්‍රීසියෙන් කථා කරන විට ඉංග්‍රීසියෙන් පමණක් කථා කරති. සිංහලෙන් කථා කරන විට සිංහලෙන් පමණක් කථා කරති. කිසිම විටෙක භාෂා දෙක කලවම් නොකරති. දහම් ගැටලුවක් විමසූ විට පිළිතුර ලෙස ලැබෙන්නේ සූත්‍ර පාඨයක්මය. එහි අර්ථය තවත් සූත්‍රයකින් ම මතුකරන අතර, ඇතැම් විටෙක කෙටි විස්තරයක් ද ඉදිරිපත් කරති. ඇත්තෙන්ම උන්වහන්සේගේ මව් භාෂාව ඉංග්‍රීසි ද, එසේත් නැතිනම් පාලි ද යන්න අසන්නෙකුට සැක ඉපදෙයි. ඤාණදීප හිමියන් ධර්මයෙන් අනුග්‍රහ කළේ තමා අනුගමනය කරන විශේෂ පිරිසක් බිහි කරගැනීමට නොවේ. ධර්මය තුළ පුද්ගලයකු ස්වාධීන කරවීමටයි. නියම කල්‍යාණ මිත්‍රයකුගේ ස්වභාවය එයයි.
චිත්තානුපස්සනාවෙන් කල්ගෙවන ලෙසත්, එය විදර්ශනාවට මූලය බවත් නිතර දෙන අවවාදයකි. සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළයුතු බවත්, ඇතිවන වැටහීම්වලට, “මෙයමයි සත්‍යය” ලෙස ඒකාන්තබවක් නොපණවා, මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත‐නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළයුතු බවත් ‐ ලබාදෙන අතිවිශේෂ අවවාදයකි. අතිබහුතරයක් ‐ අතිම බහුතරයක් මේ වැටහීම්වලට මාර්ග‐ඵල යැයි රැවටෙති.
අසනීප අවස්ථාවලදී හැර සියලු ගමන් පයින්ම වඩිති. ඇතැම්විට දින කිහිපයක් නොව සති කිහිපයක් ද විය හැක. ආපසු මව් රටට වැඩමකර ඇත්තේ ද එක්වරක් පමණි. ඤාණදීප හිමියන් වසර ගණනාවකින් වීසා බලපත්‍ර අලුත්කර නැත. කිසිම විදේශිකයකුට නොලැබෙන වරප්‍රසාදයක් උන්වහන්සේට හිමි වී තිබුණි. එනම්, හිටපු ජනාධිපතිවරයකුගේ සමයේ ලැබුණු, ඕනෑම කාලයක් මෙරටෙහි වැඩසිටීමේ විශේෂ ලිඛිත අනුමැතියයි.
පැහැදිලිවම කිවහැකි දෙයක් තිබේ. උතුම් අරහත්වය වෙනුවෙන් ජීවිතය කැප කළේය. ඇත්තෙන්ම මුල් බුදු සමය සිහිගන්වන ‘හුදෙකලාව වෙර ‐ වීරිය වැඩීමේ බෞද්ධ සංස්කෘතිය’ මේ බෞද්ධ රටට නැවත හඳුන්වාදුන්නේ පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. ඒ අනුව ලග්ගල වනය භික්ෂූන් වෙනුවෙන් ම වෙන්විය. පසුව ස්ථාන කිහිපයක් ම ඒ අනුව සකස් විය.
2016 දී ඤාණදීප හිමියන් දැඩි සේ රෝගාතුර විය. මුළු සිරුර ම සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කළ අතර, රෝග කිහිපයක් ම හඳුනාගන්නා ලදී. එහෙත් ‐ ඒ වන විට අවු:- 73 ක් පමණ වන උන්වහන්සේගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි වයස අවු:- 40 – 45 ක් පමණය. මෙතැන් පටන් ඇප ‐ උපස්ථාන ලබමින් සංඝයා අතරම වැඩ සිටියේය. එහෙත්, හුරු ‐ පුරුදු ප්‍රතිපදාව වෙනස් කළේ උන්වහන්සේ නම් නොවේ. 2020. 09. 12 දින උදෑසන, ඉමහත් ශ්‍රද්ධාවෙන් දෙඅත් වැඳගෙන සූත්‍ර සජ්ඣායනයන් මනාකොට ශ්‍රවණය කර, සිහි නුවණින් අපවත්වූහ. උන්වහන්සේට පිළිකාවක් වැළඳී තිබුණි. (උපත ‐1943 , පැවිදිවීම ‐ පොල්ගස්දූව ආරණ්‍යය, උපසම්පදාව ‐ 1971)
තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙවැනි අග්‍ර ශ්‍රාවක වන මහා කස්සප මහරහතන් වහන්සේව සිහිගන්වන වර්තමාන භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. මහරහතන් වහන්සේලා වැඩි මාර්ගයේ ගමන් කළ යම් භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. උන්වහන්සේගේ ගුණකඳ ගැන දැනගන්නට උන්වහන්සේ අපවත් වන තෙක් සිටින්නට සිදුවීම අප සැමගේ අභාග්‍යයකි.
ඩෙන්මාර්කය වැනි දුර ඈත රටක අන්‍යාගමිකව ඉපිද, “සත්‍යය කුමක්දැ’යි සොයා ආ ගමනේ”, ඒ සඳහා ‘පතිරූපදේසය’ (සුදුසු භූමිය) ලෙස මහා සාගරයක හුදෙකලාව පවතින මේ කුඩා දිවයින තෝරාගැනීම පිළිබඳ උන්වහන්සේට විශේෂයෙන් කෘතඤ්ඤ වෙමු. ලංකාදීපයේ ශ්‍රද්ධාවන්තයින්ට “ඤාණය” ඇතිකර ගැනීමෙහිලා “දීපයක්”(දිවයිනක්) වූ “අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ” නිවනේ නිවේවා !!!
උන්වහන්සේගේ ආභාෂය අප සැමටද සතර සතිපට්ඨානය ත්‍රිපිටක ආදී මුලාශ වල සඳහන් නිවැරදි ආකාරයට වැඩීමට උපනිශ්‍රය වේවා.
– (උපුටාගැනීමකි )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FOUTRG
“සිංහලයනි නැගිටිවු”
තුන්කල් දුටු ජාතියේ පියා ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ 156 වැනි ජන්ම දිනය අදයි…
අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුල ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්රේෂ්ඨයන්ගේ ප්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්යාපනික ආදී විවිධ ක්ෂේත්රයන්හි ප්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.
ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපේරමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපේර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.
කීර්තිමත් වෙළෙඳ ව්යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප්‍රකට ශ්රේෂ්ට නායකයා වූයේ ය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3kdlo28
බොහෝ කාලයක් ලග්ගල වනයේ වැඩ සිටි මහා රූක්ෂ වෘක්ෂයේ සෙවන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අහිමි විය. ආර්ය වංශ ප්‍රතිපදාවෙ මිහිර නිහඬව ලොවට පෙන්වූ කැඩපතෙහි ඔපය මැකී ගියේය. ඥානදීප ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට අමා නිවන් සුව වේවා !!!

ශාසනික සේවය කරන්නේ යැයි කාම වස්තුන්ගේ ඇලී ගැලී සිටින භික්ෂූන් වහන්සේලා අතරේ ශාසනයේ නියම පස්ගෝරසය වැළඳීමට භාග්‍ය සම්පන්න වූ භික්ෂූන් වහන්සේ නමක්.

https://ift.tt/3kgrwH6

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2RsYckk
බොහෝ කාලයක් ලග්ගල වනයේ වැඩ සිටි මහා රූක්ෂ වෘක්ෂයේ සෙවන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අහිමි විය. ආර්ය වංශ ප්‍රතිපදාවෙ මිහිර නිහඬව ලොවට පෙන්වූ කැඩපතෙහි ඔපය මැකී ගියේය. ඥානදීප ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට අමා නිවන් සුව වේවා !!!

ශාසනික සේවය කරන්නේ යැයි කාම වස්තුන්ගේ ඇලී ගැලී සිටින භික්ෂූන් වහන්සේලා අතරේ ශාසනයේ නියම පස්ගෝරසය වැළඳීමට භාග්‍ය සම්පන්න වූ භික්ෂූන් වහන්සේ නමක්.

https://ift.tt/3kgrwH6