Monthly Archives: November 2014

ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔ…

ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ මග කියා දෙන්නා වූ පින් කෙත් බඳු වූ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා…!

සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං

සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාට මම නමස්කාර කරමි…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. වර්තමානයේ මෙම බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා විසින් සම්මා සම්බුද්ද ශාසනය සහ බෞද්ධයන් උදෙසා කරන්නා වූ අමිල මෙහෙය අගය කරමින් මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

ධර්ම දානය:

සීල සමාධි ප්‍රඥා නම් වූ නිවන් මගෙහි ආරම්භය සීලයයි. එමනිසා සීලය තුළ නිවැරදිව පිහි…

සීල සමාධි ප්‍රඥා නම් වූ නිවන් මගෙහි ආරම්භය සීලයයි. එමනිසා සීලය තුළ නිවැරදිව පිහිටමු. සීලය ජීවිතයට විශාල ආරක්ෂාවකි.

මෛත්‍රී භාවනාවේ අනුසස් ———————————————- 1.සුවසේ න…

මෛත්‍රී භාවනාවේ අනුසස්
———————————————-
1.සුවසේ නිදීම
2.සුවසේ පිබිදීම
3.නපුරු සිහින් නොදකිම
4.මිනිසුන්ට ප්‍රිය වීම
5.අමනුස්සයන්ට ප්‍රිය වීම
6.දෙවියන් විසින් රකිනු ලැබීම
7.ගින්නෙන්,වස විසින් හෝ ආයුධවලින් කරදර නොවීම
8.මුහුණ පැහැපත් වීම
9.සිත වහා සමධිගතවිම
10.සිහි මුළානොවී කලුරිය කිරීම
11.මරණයෙන් මතු භ්රක්මලෝකයේ ඉපදීම

“මහණෙනි, පෙර කල්පයක, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.

මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, තිස් හත් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.

නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.”

—————————————-
එක් මොහොතක් හෝ අනිත්‍ය භාවනාව වැඩීම මෛත්‍රී භාවනාවටද වඩා ඉතා උසස්ය. මොහොතක් පාසා සියලු රුප, ශබ්ද ආදිය අනිත්‍ය වී යන ආකාරය පිලිබඳ දල අදහසක් කර ගැනීමට ‘දහම් ඇස’ පොතෙහි අවසන් පරිච්චේදය කියවන්න ->

දෙමාපියන්ට සැලකීම කිසිවිටකත් අතපසු නොකරන්න. දෙමාපියන්ට සලකන සත්පුරුෂයන් ට දෙවියෝ…

දෙමාපියන්ට සැලකීම කිසිවිටකත් අතපසු නොකරන්න.
දෙමාපියන්ට සලකන සත්පුරුෂයන් ට දෙවියෝද නමස්කාර කරත්.
දෙමාපියන්ට කළ හැකි උතුම්ම උපකාරය නම් 1) ඔවුන්ව තිසරණයේ පිහිටවීම 2) ඔවුන් පංච ශීලයේ පිහිටවීම 3) ඔවුන් ධර්මයට යොමු කිරීම ආදියයි

අසූමහා ශ්‍රාවක චරිත – 11 අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතර එක් නමක් වූයේ මහාපන්‍ථක…

අසූමහා ශ්‍රාවක චරිත – 11

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතර එක් නමක් වූයේ මහාපන්‍ථක මහරහතන් වහන්සේ යි. උන් වහන්සේගේ චරිත කථාව විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්තයි. රජගහනුවර සිටු කුලයක විසූ සිටු දියණිය තම නිවසේ දාසයෙකු සමග රහසේ සබඳතාවක් ඇතිකර ගෙන කලක් ගතවුණා.

ටික කලක් යනවිට මේ සබඳතාව මවුපියන් ඇතුළු අන් අය දැනගතහොත් පුදුම විපතක් සිදු වේ යයි බියක් හටගත්තා. මේ නිසා දෙදෙනාම සිටු ගෙදර හැරදා වෙනත් රාජ්‍යයකට පැන ගොස් රහසේ අඹුසැමියන් ලෙස ජීවත් වුණා. මෙහිදී සිටු දියණියට දරුවෙකු බිහි වීමට ආසන්න වෙත්ම දරු ප්‍රසූතිය සඳහා මවුපියන් වෙත යා යුතු යයි සිටු දියණිය වාර ගණනක් යෝජනා කළ නමුත් ස්වාමියා එය අතපසු කළා.

කවර වරදක් කළත් මවුපියන් දරුවන්ට කවර අවස්ථාවකවත් අහිතක් සිතන්නේවත් අවැඩක් කරන්නේවත් නැති බව වටහාගත් සිටු දියණිය ස්වාමියා නැති විටෙක දී මවුපියන් වෙත යාමට හුදකලාව නිවසින් නික්මුණා. ස්වාමිපුරුෂයා නිවසට පැමිණි භාර්යාව නැති බව දැක ඇය සොයා නොපමාව ගිය මහ ඔස්සේ ගමන් කළා. දෙදෙනා එකතුව ගමන් කරද්දී අතරමග දී දරුවෙකු බිහිවූවා. මවුපියන් වෙත යාමේ කාර්යය සපිරුණ හෙයින් නැවත ඔවුන් සිය නිවස වෙත ආපසු ආවා.

අතරමග දී බිහිවූ ඒ දරුවාට “පන්‍ථක” නම තැබුවා.

කලකට පසු තවත් දරුවෙකු බිහිවීමට සිටියදී නැවතත් මවුපියන් වෙත යාමේ අවශ්‍යතාව ස්වාමිපුරුෂයා වෙත සැලකළා. කලින් මෙන්ම ඔහු ඒ සඳහා උනන්දු වූයේ නෑ. සිටු දියණිය හුදකලාව නිවසෙන් පිටත් වී මාර්ගයේ ගමන් කරද්දී පෙර පරිදිම තවත් දරුවෙකු බිහි වුණා. ඔහුට චුල්ලපන්‍ථක නම තැබූ අතර කලින් දරුවා මහාපන්‍ථක නමින් හඳුන්වන්ට පටන් ගත්තා.

දරු දෙදෙනා වැඩෙත්ම වෙනත් දරුවන් සමග නිතර ක්‍රීඩා කිරීමට පුරුදු වුණා. බැහැරින් එකතු වූ දරුවන් තම වැඩිහිටි මාමලා, නැන්දලා ආදි නෑයන් ගැන කථා කරනවා අසා සිට මේ පන්‍ථක සොහොයුරන් තමන්ට නෑයන් නැද්දැයි මවගෙන් විමසුවා. තොරතුරු වසන් කිරීමට අපහසු නිසා රජගහ නුවර සිටුතුමා දරු දෙදෙනාගේ සීයා යයි ප්‍රකාශ කොට පරපුර පිළිබඳ විස්තර කියා දුන්නා.

දරුවන් දෙදෙන මවට තදබල ලෙස කියා සිටියා සීයා ඇතුළු ඤාතීන් බැලීමට යා යුතුය කියා. අන්තිමේ ස්වාමිපුරුෂයා සමග සාකච්ඡා කොට දරුවන් රැගෙන සිටු මාලිඟය සමීපයට ගොස් තමන් පැමිණ සිටින බව පියාට දන්වා යැවුවා.

සිටුවරයා දරු දෙදෙනා තමා වෙත ගෙන්වා ගෙන දියණියට වස්තුව දී ආපසු පිටත්කොට යැවුවා.

සිටුතුමා ආදරයෙන් දරු දෙදෙනා හදා වඩා ගත්තා. බොහෝ අවස්ථාවල මහාපන්‍ථක සමග බුදුරදුන්ගෙන් බණ ඇසීමට යාම සිටුවරයා පුරුද්දක් වශයෙන් සිදුකළා. ධර්මය කෙරෙහි පැහැදුණු මහාපන්‍ථක, සීයාගෙන් අවසර ලබාගෙන බුදුරදුන් හමුවේ පැවිද්ද ලබා ගත්තා.

උන්වහන්සේ බුදුරදුන්ගෙන් කමටහන් ගෙන භාවනා කොට ධ්‍යාන ලබා ගත්තා. එක් කොට ගැනීමත් ප්‍රතිවිරුද්ධ ධර්මයන් දවාලීමත් සිදු කරන්නේ ධ්‍යාන මගිනුයි. දවාලන ධර්ම පහක් තියෙනවා.

ඒවානම් රූප ආදී කාම වස්තුන් පිළිබඳ අධික ආසාව නම් වූ කාමච්ඡන්දයත්, දැඩි ක්‍රෝධය නම් වූ ව්‍යාපාදයත්, විත්ත චෛතසික දෙකෙහි පසුබස්නා ගතිය නම් වූ ථිනමිද්ධයත් සිත්හි නො සන්සුන්ගතිය සහ සිතේ පසුතැවිල්ල වශයෙන් දැක්වෙන උද්දච්ච කුක්කුච්ච යත් බුද්ධාදී අටතැන්හි උපදනා බලවත් සැකය නම් වූ විචිකිච්ඡාවත් යනුවෙන් දැක්වෙන පස් ආකාර නීවරණ ධර්ම ධ්‍යානයෙන් දවාලනව හෙවත් නැති කරනවා.

මේ නිසා අරමුණකට සිත නැන්වීම නම් වූ විතක්කයන් අරමුණේ සිත හැසිරවීම නම් වූ විචාරයත් අරමුණෙහි සිත පිනවීම නම් වූ පී‍්‍රතියත් අරමුණ රසය දැන ගැනීම නම් වූ සුඛයත් එකම අරමුණක සිත පවත්වා ගැනීම නම් ඒ ඒකග්ගතාවත් යන පහ ධ්‍යානයේ බලයෙන් එක්ව පවතිනවා.

ඉහත දැක්වූ විතක්ක, විචාර, පී‍්‍රති සුඛ, ඒකග්ගතා යන මේ පහෙන් යුක්ත වීම නිසා සිත දියුණු තත්ත්වයට පත්වෙනවා. ඒ අනුව රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. තවදුරටත් භාවනා කිරීමෙන් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමට හැකිවෙනවා.

මහාපන්‍ථක හිමියන් පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ සිට මේ අරූපාවචර ධ්‍යාන සහිත රහත් බව ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා ඇතිකොට ගෙන අපමණ වෙහෙස ගෙන දාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප බුදුරදුන් කල රහත් වීමෙන් අනතුරුව අරූපා ධ්‍යානලාභී භික්ෂූන් අතර අග තනතුර ලබා ගැනීමේ වාසනාව හිමිකොට ගත්තා.

තෙරුවන් සරණයි!

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තමා අතින් වරදක් සිදුවුණි නම් එය සඟවාගෙන නොසිට අනෙක් අයට පවසා සමාව ගැනීමෙන් (සමාව…

තමා අතින් වරදක් සිදුවුණි නම් එය සඟවාගෙන නොසිට අනෙක් අයට පවසා සමාව ගැනීමෙන් (සමාව ගැනීමට පුරුදු වීමෙන්) ඉදිරියේදී එම වැරැද්ද අප අතින් සිදුවීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩුවේ.

වැරැද්ද සඟවාගෙන සිටීමෙන් එය සිත තුල නැවත නැවත පැරෙන තුවාලයක් මෙන් කෙලෙස් සැරව වගුරවමින් බොහෝ කලක් දුකට හේතුවේ.

බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක තැති ගන්නේ නැහැ, බියෙන් පලා යන්නේ නැහැ, වෙනත් ක…

බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක තැති ගන්නේ නැහැ, බියෙන් පලා යන්නේ නැහැ, වෙනත් කෙනෙකුගේ පිහිටක් කිසිම අකාරයකින් සොයන්නේ නැහැ. එවැනි නිකෙලෙස් උතුමෙකුගේ සරණට පැමිණීමට හැකිවීම කොතරම් භාග්‍යයක්ද?

සියලු බිය සැක නැති, පරම සැපය වන නිවන දේශනා කළ ඒ බුදු සමිදුන් දිවි හිමියෙන් සරණ යමු.