Monthly Archives: April 2015

කායානුපස්සනාවට අයත් කමටහනක් වන ආනාපානසති කමටහන සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රථම කමටහනයි…

කායානුපස්සනාවට අයත් කමටහනක් වන ආනාපානසති කමටහන සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රථම කමටහනයි. බුදුවරුන් ද සමථ කමටහනක් ලෙස බුද්ධත්වයට පාදක කරගන්නේද ආනාපානසතියයි.
අපිත් ආනාපානසතිය වඩන අයුරු නිවැරදිව දැනගමු ->

අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පි¥ පිනින් කල්ප හැටද…

අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පි¥ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේ ය. සතිස් වතාවක් සක් දෙව් වුණා. වාර සත් සියයක් ප‍්‍රදේශ රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද ඒ කුසලය ම උපනිශ‍්‍රය වූ බව දැක්වේ.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

(අපදාන පාලි: 400 වන අපදානය)

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

#PathtoNirvana

'නාථකරණ සූත‍්‍රය – 9 කොටස' ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස, ආපෝ ධාතුව ධම්මායතනය පරිය…

‘නාථකරණ සූත‍්‍රය – 9 කොටස’

ප‍්‍රශ්නය : ස්වාමීන් වහන්ස, ආපෝ ධාතුව ධම්මායතනය පරියාපන්නද?

වේදනා, සංඥා, සංඛාර කියන චෛතසික ටිකට තමයි ධම්ම කියලා කියන්නෙ. ඒ චෛතසික නිසා නැවත නැවත හිත් උපද්දන හින්දා ඒකට ආයතනයක් කියලා කියනවා. ධම්ම + ආයතනය.

ආයතනය කියන්නේ ආයදානත්ථො ආයතනත්ථො ආකාරත්ථො ආයතනත්ථො කියලා. ස්වර්නා කර, රතනාකර වගේ ආයතනවලින් නැවත නැවත වස්තු උපදිනවා වගේ, නැවත නැවත මනුෂ්‍යයො රජයට අයබදු ගෙවන්නා වගේ, නැවත නැවත චිත්ත චෛතසික උපද්දන ධර්මතාවය හඳුන්වනවා ආයතනයි කියලා.

දැන් අපි චක්ඛු ඉන්ද්‍රිය, චක්ඛායතනය, චක්ඛු ධාතු කියලා කියනකෙට එකම ඇහැ, එයාගෙන් කෙරෙන වැඩ වලින් නම් කරලා තියෙන්නෙ. මේ ඇහැ නැවත නැවත සිත් උපද්දවන නිසා, තව තව චෛතසික උපද්දන නිසා චක්ඛු ධාතු කියලා කියනවා. ඒ වගේ මේ වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික නැවත නැවත සිත් උපද්දන නිසා ඒකට ආයතනයක් කියනවා. ඒක ධම්මායතනය පරියාපන්න කියන්නෙ අනුව ගිය.

එතකොට වේදනා, සංඥා, සංඛාර කියන ධර්මතා ටික අනුව ගිය ආපෝ ධාතුවක් නැහැ. අනුව ගිය රූප තියෙනවා. දාහතරක්. ඒවට කියනවා සුඛුම රූප කියලා. ධම්මායතනය පරියාපන්න රූප. එතකොට ධම්මායතනය කිව්වෙ කුමක් නිසාද, පරියාපන්න කිව්වෙ කුමක් නිසාද කියලා තේරෙන්න ඕන. පරියාපන්න කියන්නෙ අනුව ගිය,කාම ධාතුව පරියාපන්න කාම ධාතුව අනුව ගිය. රූප ධාතුව පරියාපන්න රූප ධාතුව අනුව ගිය. අරූප ධාතුව
පරියාපන්න. අරූප ධාතුව අනුව ගිය.

එතකොට සිතේ තියෙන සිතුවිලි අනුව ගිය, සිත නිසා හැදෙන රූප දාහතරක් තියෙවා. ඉත්තින්ද්‍රිය, පුරුසින්ද්‍රිය, ජිවිතින්ද්‍රිය, ආකාශ රූපය, කාය විඥප්ති, වචී විඥප්ති ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, කබලිංකාරාහාරය කියලා රූප ටිකක් තියෙනවා. මේවා සිතක තියෙන ගති ටික, සිතුවිලි ටික නිසා උපදින රූප ටිකක්.

ආපෝ ධාතුව අයිති මහා භූත රූපයට, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ටික මහා භූත. ධම්මායතනය පරියාපන්න සියලූම රූප උපාදාය රූප. මහා භූත නිසා සිතිවිලි වලින් ප‍්‍රකට වෙන රූප. ඒකෙ අයිතිය තියෙන්නෙ මහා භූතයන්ට නෙවෙයි. ධම්මායතනයට. වර්ණ සටහන මහා භූතයන්ගේ උපාදාය රූපයක්. ඒකෙ අයිතිය පනවන්නෙ උපාදාය රූපයට. සුඛුම රූප ටික මහාභූතයන්ගේ උපාදාය රූපයක් වුනාට ඒක ධම්මායතනය පරියාපන්නයි. සිතේ තියෙන ගති ටික නිසා ඇති කරපු එකක් කියන කාරණාව තේරුම් ගත යුතුයි. එතකොට ආපෝ ධාතුව කියන්නෙ මහා භූත. මහා භූත සිත නිසා හටගන්නෙ නෑ. සිත ඇසුරු කරගෙන පවතිනවා.

ප‍්‍රශ්නය : හීන රූප කියන්නේ මොනවාද?

හීන රූප කියන්නේ ලෝකය තුළ හීන යැයි සම්මත රූප. රූප කිව්වම ස්වභාව අර්ථයකට යනකම් යනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා ලෝකයාගේ මනසට හම්බවෙනවා රූප. මේ රූපවල ප‍්‍රභේදය තියෙන්නෙ කෙනා කෙනාගෙ මනසට සාපේක්ෂව. ඊට පස්සෙ ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා තියෙනවා. හීන රූප කියලා කියන්නේ ලෝකයා පිළිකුල් කරන, අවමන් කරන, නින්දා කරන, දුර්වර්ණ ස්වභාවයෙන් යුක්ත රූපවලට හීන රූප කියනවා. ලෝකයා සතුටු වන, කැමති වෙන, නැවත නැවත බලන්න කැමති, පි‍්‍රය කරන රූපවලට ප‍්‍රණීත රූප කියනවා.

මේ එකොළොස් ආකාර රූපය අරබයා වූ බෙදීම පෙන්වන්නේ කෙනා කෙනාගෙ මනස පැත්තෙන්. ඒකෙන් කියන්නේ අපිට අතීතය ඇසුරු කළ, අනාගතය ඇසුරු කළ, වර්තමානය ඇසුරු කරන රූපයක් හෝ වේවා,
ආධ්‍යාත්මිකයි කියලා හෝ බාහිරයි කියලා පෙනෙන රූපයක් වේවා, හීනයයි පෙනෙන හෝ ප‍්‍රණීතයි කියලා පෙනෙන රූපයක් හෝ වේවා, ගොරෝසු හෝ සියුම් රූපයක් හෝ වේවා. ළ`ග රූපයක් හෝ දුර රූපයක් හෝ වේවා. ඒ හැම තැනකම තියෙනවා නම් තියෙන්නේ සතර මහා ධාතු හෝ උපාදාය රූපයි කියන උත්තරේකුයි ගන්නෙ.

අපි හිතන ඕනම තැනක තිබුනා නම් තිබුනෙ, තියෙනවා නම් තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු හෝ උපාදාය රූපයි කියලා කෙටි පිළිතුරක් ලබා දුන්නා බුදුරජාණන් වහන්සේ. එහෙම නැතුව අපි හිතාගෙන ඉන්න විදියට වෙනත් වෙනත් සත්වයන්ගෙ රූප, මනුෂ්‍යයන්ගෙ රූප, දෙවියන්ගෙ රූප, යක්ෂයන්ගෙ රූප තිබුනා හෝ තියෙනවා එහෙම නෙවෙයි.

රූපයේ සැබෑ ස්වභාවය තමයි, ‘චත්තාරොච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං’ සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා ටිකක් තමයි තියෙන්නෙ. එහෙම තියෙන තැනක, කෙනා කෙනාගෙ මනසෙ මේක ප‍්‍රභේදගත වෙලා එකොළොස් ආකාරයක් වෙලා තියෙනවා. රූපය එකොළොස් ආකාරයකින් හම්බවෙන්නෙ කෙනා කෙනාගෙ මනසට.

කෙනා කෙනාට හම්බවෙන රූප ටික තථාගතයන් වහන්සේ විස්තර කරලා, පසුව දේශනා කරනවා ‘මේ කුමන තැනක රූපයක් තිබුනත් එතන තිබුනා නම් තිබුනෙ සතර මහා ධාතු හෝ උපාදාය රූපයි? කියලා පෙන්නලා එතන තියෙන සතර මහා ධාතු කියන්නෙ මොනවද කියලා මේ පඨවි, අපෝ, තේජෝ, වායෝ පෙන්නලා ඒවා ඇතිවෙන්නෙ කොහොමද කියලත් පෙන්නුවා.

කොහොමද සතර මහා ධාතු ඇතිවෙන්නෙ? ඒවා ඇතිවෙලා තියෙන්නෙත් අවිද්‍යා, කම, තණ්හාවෙන්මයි. පඨවි හෝ පඨවි යන සංඥාව හෝ, වායෝ හෝ වායෝ යන සංඥාව හෝ, ආපෝ හෝ ආපෝ යන සංඥාව හෝ, තේජෝ හෝ තේජෝ යන සංඥාව හෝ කියන ඕවගෙන් තමයි අපි මහාභූත හතර දන්නෙ. අපිට හම්බවෙන්නෙ අවිද්‍යා, කම, තණ්හා කියන ටිකෙන් වර්තමානයෙ පවතින්නෙ ආහාර ප‍්‍රත්‍යයෙන්. පඨවිය ආපෝවට උදව්වෙලා, ආපෝව පඨවියට උදව්වෙලා, ඒ දෙන්නා තේජෝවට උදව්වෙලා, ඒ තුන් දෙනා වායෝවට උදව් වෙලා ඔවුනොවුන්ගෙ අඤ්ඤ මඤ්ඤ ප‍්‍රත්‍යයකින් තමයි පවතින්නෙ.

එහෙම අඤ්ඤ මඤ්ඤ ප‍්‍රත්‍යයකින් පවතින මහා භූත ටික අපිට හම්බවෙන්නෙ අවිද්‍යා, කම, තණ්හාවෙන්. මහා භූත හෝ මහා භූත කියන දැනුමක් හෝ යම් රූපයක් අපිට හම්බවුනා නම් හම්බවුනේ අවිද්‍යා, කම්, තණ්හා කියන හේතුවට හැදුන මේ චිත්ත චෛතසික ටික උදව් කරගෙන මිසක නැත්නම් අපි මහාභූත රූපයක් ගැන හෝ දන්නවද?

නමුත් මහා භූත රූපයේ පැවැත්මට වෙන හේතුවක් නෑ. මහා භූතමයි ඒවායෙ පැවැත්මට හේතුව. ඒකද අඤ්ඤමඤ්ඤ ප‍්‍රත්‍යයකින්. මේ විදියට එකිනෙකාට ප‍්‍රත්‍යව පැවතීම ආහාර ප‍්‍රත්‍යයක්.

මේ එකොළොස් ආකාර රූපයක් අපිට හම්බවෙන තැනක තිබුනා නම් තිබුනෙ ඔවුනොවුනට උපකාරීව පවතින සතර මහා ධාතු හෝ ඒ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප. ඒ උපාදාය රූප ටිකත් තථාගතයන් වහන්සේ විස්තර කරනවා.

මහා භූත නිසා පවතින උපාදාය රළු රූප ටිකක් තියෙනවා. ඇහැ – රූප, කන – ශබ්ද, නාසය – ගන්ධ, දිව – රස, කය. මේ රූප නවය උපාදායයි, රළුයි නැත්නම් ඕදාරිකයි.

ඊට පස්සෙ තියෙනවා උපාදායයි, සුඛුමයි. ඉත්තින්ද්‍රිය, පුරුසින්ද්‍රිය ආදී වූ ධම්මායතනය පරියාපන්න රූප. මේ උපාදාය රූපත් එකින් එක හොඳට පෙන්නලා ඒකට ප‍්‍රත්‍ය ටිකත් පෙන්නලා, මහා භූතත් ඒකට ප‍්‍රත්‍ය ටිකත් පෙන්නලා මේ එකොළොස් ආකාර රූපය යම් තැනෙක ලබෙයි නම් ඒ හැම තැනකම තිබුනා නම් තිබුනෙ මෙන්න මේ ධර්මතා ටිකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.

එතකොට මනුෂ්‍යයො හම්බවුනා, දෙවියො හම්බවුනා, යක්ෂයො හම්බවුනා කියලා හිතන්න හෝ බලන්න දෙයක් නෑ. යකෙක් ඉස්සරහට ආවත් මෙයා දන්නවා රූප කියලා එන තැනක තියෙන්නෙ මහා භූත හෝ උපාදාය රූප පමණයි කියලා. හීන රූප ප‍්‍රණීත රූපත් පුද්ගල සන්තානයට සාපේක්ෂවයි හම්බ වෙන්නෙ. ලෝකයාට රූපය හම්බවෙන ආකාරයයි මේ එකොළොස් ආකාරයෙන් පෙන්නන්නෙ. ලෝකයට මෙහෙම එකොළොස් ආකාරයෙන් හම්බවෙන තැනක තියෙන්නෙ අපි හිතාගෙන ඉන්න විදියෙ එක එක තැන්වල ඇසුරු කළ අතීත රූප නෙවෙයි.

අතීතයේ රූප ඇසුරු කළා කියන තැනකත්, දැන් ඇසුරු කරනවා කියන තැනකත්, අනාගතයේ ඇසුරු වෙනවා කියන තැනකත් මෙන්න මේ සිද්ධාන්තයයි රූපය කියන සිද්ධියයි මේ කියන්නෙ. ඔය ටික තේරෙන කොට එයාට රූපය කියන තැන ධර්මතාවයක්. වස්තු නෑ, සත්වයො නෑ, පුද්ගලයො නෑ, ධර්මතාවයක්. ඒ ධර්මතාවය හැදුනෙ මෙහෙමයි කියන නුවණ තියෙයි.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද නාථකරණ සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

අයමපි ධමෙමා නාථ කරණො

මෝඩ ජනතාව මේ ශරීරයට හරි ආසයි. ඔබත් මෝඩ ජනතාවගෙන් කෙනෙක් නොවන්නට බුදුරජාණන් වහන්ස…

මෝඩ ජනතාව මේ ශරීරයට හරි ආසයි.
ඔබත් මෝඩ ජනතාවගෙන් කෙනෙක් නොවන්නට බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද කායානුපස්සනාව වඩන්න.
එදා කුරු රට සියලුම ජනතාව සතර සතිපට්ඨානයේ යම් කිසි කමටහනක් වැඩු බව ධර්මයෙහි සඳහන්ය.

මිහිරි බීජයක් සාරවත් පසක පැල කලොත් හොඳින් පැසුණු මිහිරි ඵල ලැබේ. එමෙන්ම රසවත් ආහ…

මිහිරි බීජයක් සාරවත් පසක පැල කලොත් හොඳින් පැසුණු මිහිරි ඵල ලැබේ. එමෙන්ම රසවත් ආහාර පාන හොඳින් සකසා පිළිගැන්වීමෙන් එවැනිම මිහිරි වූ විපාකයක් ලැබේ.

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියු…

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.

(අපදාන පාලි බු:ව: 193 පිට)