Monthly Archives: June 2015

කාමය : 6 ‘තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ’ ලෝකයේ චිත‍්‍ර එහෙමම තියෙනවා. මිරිඟුව…

කාමය : 6

‘තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ’ ලෝකයේ චිත‍්‍ර එහෙමම තියෙනවා. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. ඒක ධර්මතාවය. නමුත් ඒ පෙනෙන දේ ඇති බවට බාහිරේට එයා මෙනෙහි කළොත්, පෙනෙන දේට අනුව මෙනෙහි කළොත්, ඒකයි සංකප්පය. ඒකයි රාගය, ඒකයි එයාගෙ කාමය. එතකොට ලැබෙන්නෙ මොකක් ද? වතුර වලක් හම්බවෙන්නෙ බාහිරින් එයාට. ඔන්න දැන් එයා වස්තු කාමයත් හදාගෙන. ක්ලේශ කාමයත් එයා හදාගෙන නෙමෙයිද ඉන්නෙ.

පිළිගන්නවද තිරිසන්ගත සතාට වස්තු කාමය කියන එක පේන වතුර, බාහිර තියෙනවා කියන එක, ඒ නිසා ඇති තණ්හාව ආසාව රාගය කියන එක ක්ලේශ කාමය. මෙයාගෙ වස්තු කාමයයි. ක්ලේශ කාමයයි දෙකම බාහිර තිබුන වස්තු කාමය වුනා නම් අපිටත් ඒක වෙන්න ඕන. නමුත් අපිට වස්තු කාමය නොවී එයාට විතරක් ඒක වස්තු කාමය වුනා නම් ඒක එයා හදාගත්ත එකක් නේ. ඒ වගේ ම දකින්න මේ අපිත් එහෙමයි. එතකොට ඒ තිරිසන්ගත සතා ඇහැ නොබි`දුනා. ඇස් හමුවට රූපයක් ආවා. ඊට අනුරූපව මෙනෙහි කළ නිසයි වස්තු කාමය හැදුනෙ. ඒ නිසයි ක්ලේශ කාමය හැදුනෙ. අපිටත් ඒ වගේ ම ඇහැ නොබි`දුනා, ඇස් හමුවට රූප ආවා අපි ඊට අනුව මෙනෙහි කරන්නේ නැතුව යථා ස්වභාවය මෙනෙහි කළා. පෙනෙන දේට අනුව මෙනෙහි

කළේ නෑ. අපි මෙනෙහි කළේ මිරිඟුව. යථා ස්වභාවය. ඒකෙන් වුනා මොකක්ද? අරයට වස්තු කාමය වෙච්ච මට්ටම අපිට මනස වුනා. වස්තු කාමයෙන් මිදුනා නම්, ක්ලේශ කාමය කෙලින්ම අතහැරෙනවා. මොකද වස්තුවකුත් නැත්නම් කෙලේසය කියන එකට පතිත වෙන්න තැනක් නෑ. තේරුණාද කියපු එක. ඒ වගේ දැන් මේ අරමුණේදිත් මිරිඟුව කියන තැනක ජලය තියෙනවා වගේ සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම සංඥාවක් අපට පෙනෙද්දී, අපි පේන දේට අනුව මෙනෙහි කළොත් මේ පේන දේ බාහිරේ වෙලා රූපායතනය වෙලා අපිට හම්බවෙනවා කාමය හැටියට. ඊට පස්සෙ ඔන්න ඒකට අපි කැමැත්ත ඇති කර ගන්නවා. දැන් වස්තුකාම, ක්ලේශ කාම දෙක හදාගෙන අපි මේ ඉන්නෙ.

ඇහැ තියෙනවා නොබිඳෙනවා රූපය ඇස් හමුවට එනවා. ඊට අනුව මෙනෙහි කරන්නෙ නැතුව, අපි යථා ස්වභාවය මෙනෙහි කළොත්, මොකද වෙන්නෙ මේ වස්තු කාම ක්ලේශ කාමය කියන දෙකෙන් මිදෙනවා. ඒ කියන්නෙ අද අපිට බාහිරෙන් හම්බවෙන වටපිටාව අපේ මනස වෙන දවසක් එනවා. දැන් තිරිසන් ගත සතාට හම්බවෙන වස්තුකාම ක්ලේශ කාමය දෙකම එයාගෙ මනසින් හදාගත් එකක්. එතන තියෙන ඇත්ත මේකයි කියලා අපට පේනවනේ. ඒ වගේ අද අපිට මේ වස්තු කාමය ක්ලේශ කාම වෙච්ච දෙකම අපි හදාගත්ත එකක් මෙතන පවතින ඇත්ත මේකයි කියලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පේනවා. නමුත් අපිට පේන්නේ නෑ. අපිට පේන්නෙ මොකක් ද? මේ දුවා, පුතා, ගෙවල් දොරවල් මයි. මිරිඟුව නෙමෙයි අපට පේන්නෙ. ජලය මේ. මිරිඟුව තියෙන තැනක ජලය පේනවා වගේ ධාතුව තියෙන තැනක මෙහෙම සටහනක් අපට පේනවා. දැන් පේන දේට අනුව හිතනවා කියලා කියන්නෙ අපි මොකක්ද? මේ වස්තු කාමය නිර්මාණය වෙන විදියට ඉන්නවා. මේ කාමය කියන එක සංකප්පො කාමො රාගො. සංකප්ප රාගො කාමො කියලා කිවුවෙ. මෙන්න මේ කාමය උපදවාගෙන කාමයෙන් සැප දුක් වි`දින මට්ටම. කාමයෙන් සැපදුක් වි`දින එක තමයි අපේ කෙලේසය. ඒකට ඉස්සෙල්ලා මෙ කාමය අපි උපදවාගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ අවිද්‍යාව ඇතුලෙ. එතකොට ආර්ය අෂ්ටාංගික මාග_ය කියලා කිවුවෙ කාම නිරෝධමිණී පටිපදා කියලා කියන්නෙ ඇහැ තියෙනවා රූපය ඇස් හමුවට එනවා. ඊට අනුව මෙනෙහි කරන්නෙ නෑ. ඒ කියන්නේ ඇහැ තියෙනවා.

රූපය ඇස් හමුවට එනවා. මිරිඟුව දිහා බලනකොට තිරිසන්ගත සතාට වගේම අපිටත් එකම විදියටයි ඇහැ. ඒ සතාට වගේම එකම විදියටයි අපිටත් පේන්නෙ. ඒ සතා පේන දේට අනුව මෙනෙහි කරනවා. අපි පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. අපි යථා ස්වභාවය මෙනෙහි කරනවා. ඒ නිසා ඒ සතාගෙ මට්ටමින් අපි මිදිලා ඉන්නවා. ඒ වගේ දැන් ඇහැත් තියෙනවා. රූප ඇස් හමුවට එනවා. ලෝකෙ හැමෝම පෙනෙන දේට අනුව මෙනෙහි කරනවා. අර තිරිසන්ගත සත්තු මිරිඟුවේ මෙනෙහි කරනවා වගේ. අපි මිරිඟුවේ දී මනුෂ්‍යයො මෙනෙහි කළා වගේ මේ අරමුණේදි පෙනෙන දේට අනුව මෙනෙහි නොකර ඊට ඔබ්බෙන් මෙනෙහි කළොත් මේ ලෝකයාගෙ, කාමයෙ ඉන්න කෙනාගෙ මට්ටමින් අපි මිදිලා. කාමයෙන් මිදෙන්න පුළුවන්, එතකොට එයා දන්නවා ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියනකොට වස්තුකාම ක්ලේශ කාම කියන එක දන්නවා.

අද අපිට බාහිරින් මෙන්න මෙහෙම හම්බ වෙන එක වස්තුකාමය. ඒ අරබයා ඇති තණ්හාව ක්ලේශ කාමය. මේ දෙකේම ස්වභාවය තමයි, කාමය ඇටසැකිල්ලක්, තණ සුළක්, ගිනි අඟුරු වලක් මෙන්න මෙබ`දු ස්වභාවයයි කාමය කියන එක. ඒ කාමය ද නිකම් නෙමෙයි ස්පර්ශය නිසයි කාමය ඇතිවෙලා තියෙන්නෙ. හොඳට බලන්න. ඵස්ස සමුදයො – කාම සමුදයො කියනකොට හොඳට පෙන්නනවා. කාමය කියන එක ස්පර්ශයකින් හදාගත්ත එකක්. දැන් අද අපි දන්නෙ, අපිට ස්පර්ශ වුනත් නැතත් මේ හැදිච්ච ගස් කොළන් තියෙනවා. අපිට ස්පර්ශ වුනත් නැතත් ගෙවල් දොරවල්, යාන වාහන, ඉස්පිරිතාල තියෙනවා කියලනෙ අපි හිතාගෙන ඉන්නෙ. නමුත් ස්පර්ශය කියන එක කොහේද තියෙන්නෙ. මනසෙ නම්, ස්පර්ශ සමුදයෙන් නම් කාම සමුදය. කාමය කියන එක ස්පර්ශය නිසා නම් ඇතිවුනේ, මනසෙන්ම හදාගත්ත ධර්මයක් කියන එක පෙන්නනවා නේද බුදුරජාණන් වහන්සේ. ආයෙ බුදුරජාණන් වහන්සේ බොරු එහෙම කියනවද? මොකද මෙහේ කාම භාණ්ඩ කාමය තියෙද්දිත් ස්පර්ශය තියෙනවා කිවුවම, අපි ඔතෙන්දි හිතන්නෙ ස්පර්ශය නිසා කාමය කියනකොට. ගහ මෙහේ තියෙනවා ඒකට තියෙන කැමැත්තයි මේ ස්පර්ශය නිසා කියන තැනින්. ඒක නෙමෙයි කාමය. වස්තු කාමය ක්ලේශ කාමය කියන දෙකම කාමය. වස්තු කාමයත් අයිතියි. ක්ලේශ කාමයත් අයිතියි. දෙකම ස්පර්ශය නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයත්, ලෝක

සමුදයත්, ලෝක නිරෝධයත් , ලෝක නිරෝධ ගාමිණී පටිපදාවත් මේ බඹයක් පමණ ශරීරයෙන් පනවමි. එහෙනම් කාම ලෝකය කොහෙන්ද දකින්න වෙන්නෙ. මෙහෙන් දකින්න වෙන්නෙ. කාම ලෝකයෙ ඇතිවීමත් මෙහෙන් දකින්න වෙන්නෙ. කාම ලෝකයෙ නැතිවීමත් මෙහෙන් දකින්න වෙන්නෙ. කාම ලෝකෙ නැති තැනත් මෙහෙන් තමයි දකින්න වෙන්නෙ.

ඒ නිසා හොඳට දකින්න ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියනකොට වස්තු කාම, ක්ලේශ කාම දෙකත් දකින්න. ඒ වස්තු කාම, ක්ලේශ කාම දෙක හිතෛශි කෙනෙක් නෙමෙයි. සප්පසිරූපමා කාමා. කාමයට කියනවා සර්ප හිසක් වගෙයි කියලා. ආයෙ දෂ්ට කළොත්, ඇල්ලූවොත් මොකද වෙන්නෙ. කෙලින් ම මරණය හෝ මරණය සමාන දුකට පත්වෙනවා. තව තියෙනවා. ඔය ටිකක් වෙලා කිවුවොත් මතක් වේවි. බොහෝ ජාති කියනවා බුදුරජාණන් වහන්සේ මේ කාමය ගැන. ආදීනව. මෙහෙම මෙහෙම දකින්න කියලා. අන්න එබ`දුයි කාමය. ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියන කොට ඒ විදියට දකින්න ඕනෙ. ස්පර්ශය සමුදයෙන් කාම සමුදය දකින්න. ඊට පස්සෙ කාමයන්ගෙ නානත්වය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ නානත්වයෙන් දකින්න. කාමයාගේ විපාකය දකින්න මොකක් ද ක්‍රෝධ භක්ෂ යක්ෂයා වගේ. මෙහෙ කැමති වෙන්න කැමති වෙන්න මෙහෙ පුද්ගලයා නිර්මාණය වෙන ගතිය. මෙහෙ පුද්ගලයා නිර්මාණය වුනොත් කුසල හෝ අකුසල
රැුස්වෙලා මරණින් මත්තෙත් පුද්ගලයගෙ ප‍්‍රතිසන්ධිය හිස් නැති බවින් දකින්න.

ඊට පස්සෙ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා කියලා දකින්න. මේ ආර්ය අෂ්ටාංගික මාග_යට අනුව ජීවත් වුනොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය, කිවුවෙ සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි කිවුවෙ දකින දේ ඇත්ත දකින්න. මිරිඟුවේ පෙනෙනවා කියන දේ ඇත්ත දකින්න. මිරිඟුවක් තියෙන තැනක, අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත දකින්න. මිරිඟුව තියෙන තැනක මෙහෙම පේනවා. එච්චරයි. සම්මා දිට්ඨි කියන කොට වෙන මුකුත් අමුතුවෙන් හිතන්න ඕන නෑ. ඇත්තටම ඇත්ත දකින්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම පේනවා. නැත්නම් කන බොන ආහාරයෙන් හැදුන රූපයක් තියෙන තැනක මෙහෙම පේනවා. මෙහෙම පෙනුනට පේන දේ කන බොන ආහාරය ද, ආහාරයෙන් හැදුන දේ ද, අත නිසා හෙවනැල්ලක් වැටුනට අත කියන්නෙ හෙවනැල්ල ද? ඒකට සම්බන්ධයක් නෑ. ඒ වගේ පවතින දේ සහ පෙනෙන දේ කියන මේ ධර්මතා දෙක වෙන්වෙන විදියට නුවණ ගෙනියන්න. පෙනෙන දේට අනුව මෙනෙහි කරන්න එපා. එහෙම වුනොත් සම්මා දිට්ඨිය තමයි, මෙහෙම පෙනුනට පවතින දේයි අරමුණු කරන්නෙ. පේන දේට අනුව අරමුණු කරන්නෙ නෑ. එහෙම කෙරුවහම වෙලා තියෙන්නෙ මොකක්ද ස්පර්ශය වෙලා නෑ. ස්පර්ශය නිරුද්ධ වෙලා ස්පර්ශය නිරුද්ධ වුනොත් කාමය නිරුද්ධ වෙලා. එහෙම වුනොත් වෙලා තියෙන්නෙ මොකක්ද. මේ කාමයෙන් අපි මිදිලා. කාමයෙන් මිදෙනවා. ඒ විදියට කෙනෙක් ඉගෙන ගෙන භාවිතා කළොත් ඒකාන්තයෙන්ම මේ කාම නිරෝධ කරලා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්.

ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ‍්‍රයම වේවා!

සාදු! සාදු !! සාදු !!!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

කාමය

අසංඛත වූ නිවන නොතිබෙන්නට දුකින් නිදහස්වීමක් නැත සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝ…

අසංඛත වූ නිවන නොතිබෙන්නට දුකින් නිදහස්වීමක් නැත

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් ලෙස තුන්ලොවේ ගුණ රාව පැතිර ගියේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනයි. දවසක් ඒ බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් මෙසේ විමසා සිටියා.

මේ වේගයෙන් ගලාගෙන යන සංසාරය නවතින්නේ කොතැන ද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැන ද? නාමයත්, රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතැන ද?

සසර ගමනින් නිදහස් නොවූ කෙනෙක් නම් මෙබඳු පැනයක් කෙසේ විසඳන්න ද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ ප්‍රඥා ඇති බුදු රජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කොට වදාළා.

යම් තැනෙක අපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් පිහිටන්නේ නැතිනම් අන්න එතැන තමයි වේගයෙන් ගලාබසින සංසාරය නවතින තැන. එතැන තමා ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතැන තමා නාමයත්,රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නේ.

මේ පිළිතුරේ දී උන්වහන්සේ දේශනා කළේ ඒ අමා මහ නිර්වාණය ගැනයි. නිවන නම් වූ ලොව ඇති පරම සුඛය ලෝ සතුනට පෙන්වා වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේ විසිනුයි. ඒ අසංඛත වූ අමා මහ නිවන ගැන උන්වහන්සේ මෙසේ පෙන්වා දී වදාළා.

පින්වත් මහණෙනි, අමා මහ නිවන නම් වූ තැනක් තිබෙන්නේ ම ය. යම් තැනෙක පඨවි ධාතුව නැද්ද? ආපෝ ධාතුව නැද්ද? තේජෝ ධාතුව නැද්ද? වායෝ ධාතුව නැද්ද? ආකාසානඤ්චායතනය නැත්ද? විඤ්ඤාණඤ්චායතනය නැත්ද? ආකිඤ්චඤ්ඤායතනය නැත්ද? නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැත්ද? මේ ලෝකය නැත්ද? පරලොවක් නැද්ද? හිරු සඳු නැත්ද? පින්වත් මහණෙනි, ඒ අමා මහ නිවන තුළ සත්වයාගේ පැමිණීමක් නැත්තේ ය. පිටවීයාමත් නැත්තේ ය. සිටීමක් නැත්තේ ය. චුතියක් නැත්තේ ය. උපතක් නැත්තේ ය. එය නොපිහිටා තිබෙන තැනකි. නො පවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහී දුකෙන් නිදහස් වූ තැන වේ.

සංසාර ගමන තුළ දුක උරුම කරගෙන ගමන් කරන ලෝ සතුන් හට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අමා නිවන නම් වූ දුක් බිය රහිත ක්ෂේම භූමිය පෙන්වා නො දුන්නා නම් කිසිවෙකුටත් ඒ දුක්ඛිත වූ සසරින් අත්මදිමක් නම් නැත.

අද අප ඉගෙන ගන්නේ සංසාරයේ දුක දැනුණ දිව්‍ය පුත්‍රයෙකුට දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ පිහිට වූ ආකාරය යි.

ඒ දිව්‍ය පුත්‍රයාගේ නම සුබ්‍රහ්ම. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා පරිවාර දිව්‍ය අප්සරාවන් දහසක් සමඟ තව්තිසාවේ දිව්‍ය විමානයක සැප සේ කල් ගත කරමින් සිටියා. ඒ තව්තිසාවේ නන්දන උයනේ තිබෙන පරසතු වෘක්ෂයේ මල් පිපෙන කාලය යි. දෙවිවරු සියලු දෙනා මල් පිපී ගිය පරසතු රුක් සෙවනේ සතුටුවීම පිණිස ඒ දිනවල නන්දන උයනට යනවා.

ඉතින් මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාත් තම පරිවාර අප්සරාවියන් දහසක් දෙනා පිරිවරාගෙන නන්දන උයනට පැමිනුණා. පරසතු රුකට පිට දී සුබ්‍රහ්ම දෙවියා ගසමුල වාඩිවුණා. මේ පරසතු කියන දිව්‍ය රුක්ෂයේ ස්වභාවය තමා යම් දෙවියෙක් මලක් නෙලා ගැනීමට කැමැති නම් ඒ රුක්ෂයේ අත්ත බිමට පහත් වෙනවා.

නමුත් සුබ්‍රහ්ම දෙවියාගේ පිරිවර අප්සරාවියෝ පන්සියයක් සෙල්ලමට වගේ පරසතු ගසට නැග්ගා. නැගලා අතු හොලවන්නට පටන් ගත්තා. එතකොට පරසතු මල් බිම වැටෙනවා. ඒ මල් බිම සිටින පන්සියයක් අප්සරාවියෝ එකතු කළා. ඇතැම් අප්සරාවියෝ පරසතු මල් මාලා ගෙතුවා. ඇතැම් අය මල් ඔටුණු හැදුවා. ඒ ඔක්කෝම සැරසිලිවලින් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා සරසමින් සිටියා.එක්වරම ගස් උඩ සිටි අප්සරාවියන්ගේ සිනා හඬ නො ඇසී ගියා. පරසතු මල් වැටෙන එකත් නැවතුනා. සුබ්‍රහ්ම දෙවියා කලබලයෙන් බැලුවා පරසතු ගස දෙස. ඒ අප්සරාවියෝ පන්සිය දෙනාම පෙනෙන්නට නැහැ. කෝ මේ නැගණිවරු? කියලා සුබ්‍රහ්ම දෙවියා නුවණින් විමසන්නට පටන් ගත්තා.

මීට සුළු මොහොතකට පෙර දිව්‍යාලංකාරයෙන් කුල්මත් වී සිටි ඒ පන්සියයක් අප්සරාවියෝ දෙවියන් අතරින් චුත වී නිරයේ ඉපදී සිටියා. නිරයේ ගිනිදැල් අතර වේදනාවෙන් දුක් විඳින ඒ අප්සරාවියන් දුටු සුබ්‍රහ්ම දෙවියාට විශාල සංවේගයක් ඇතිවුණා.මට තව කොපමණ කාලයක් මේ තව්තිසාවේ ඉන්ට පුළුවනිද? කියලා ඒ මොහොතේ ඔහු කල්පනා කළා. සුබ්‍රහ්ම දෙවියාට වැටහුණා අවශේෂ පන්සියයක් අප්සරාවියන් ද සමඟ තව සත් දිනකින් තමාටත් නිරයේ ඉපදීමට සිදුවන බව. ඔහුගේ සිත බියෙන්, තැතිගැනීමෙන්, ශෝකයෙන් දැවී ගියා. ඔහු විමසා බැලුවා මාගේ මේ ශෝකය නිවාදැමිය හැකි කෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද කියලා. ඇත්තෙන්ම සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා වාසනාවන්තයෙක්. අලාමක ප්‍රඥා ඇති තිලෝවේම ශාන්තිනායක වූ බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා.

ඉතින් ඒ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීම පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පසෙක සිට ගත්තා. එකත්පසෙක සිටි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසුවා.

නූපන් කරදර ගැනත්, ඇතිවෙලා තිබෙන කරදර ගැනත්, මේ සිත නිතර තැති ගන්නවා. මේ සිත නිතර බියට පත්වෙනවා. මම මේ අසන කරුණු කියාදෙනු මැනැවි. මේ සිතේ කිසි තැති ගැනීමක් නැත්නම් ඒක ඇතිවෙන්නේ කොහොමද?

සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විමසන්නේ නූපන් කරදර ගැන කිව්වේ ඔහුට තව දින හතකින් නිරයේ ඉපදීමට තිබීම නිසා දුකක් තිබෙනවා. ඇතිවෙලා තිබෙන කරදර ගැන කියා කිව්වේ ඔහුගේ පිරිවර පන්සියයක් දිව්‍ය අප්සරාවියෝ අහිමි වීමෙන් පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ඔහුට තිබෙනවා. ඒ දුකට විසඳුමයි ඔහු විමසා සිටියේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථාවකින් පිළිතුරු දේශනා කොට වදාළා.

නාඤ්ඤත්‍ර බොජ්ඣංගා තපසා
නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා
නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා
සොත්ථිං පස්සාමි පාණින’න්ති

බොජ්ඣංග ධර්මයන් වැඩීමෙන් තොරව, කෙලෙස් තවන ජීවිතයෙන් තොරව, තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් තොරව, ඒ සියලු දුකින් නිදහස් වූ අමා නිවන අවබෝධ කිරීමෙන් තොරව මේ සත්ත්වයන්ට වෙන සෙතක් මා නම් දකින්නේ නැහැ.

මේ සංසාර ගමනේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ශෝකය, වැළැපීම, දුක, දොම්නස, සුසුම් හෙළීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා එක්වීම ආදී අනේකප්‍රකාර වූ දුක උරුමකරගත් ලෝ සතුනට විශ්මිත සම්බුදු නුවණින් අමා නිවන නම් වූ අමෘතය දායාද කර නො දෙන්නට මෙලොවේ දුකින් නිදහස්වීමක් නම් නැත. ඒ බව මෙසේ පෙන්වාදුන් සේක.

පින්වත් මහණෙනි, නුපන්නා වූ හට නොගත්තා වූ නොකරන ලද්දා වූ අසංඛත වූ නිවන නම් වූ තැනක් තිබෙන්නේම ය.

පින්වත් මහණෙනි, ඒ අසංඛත වූ නිවන නො තිබෙන්නේ නම් උපන් හටගත් සංඛත වූ මේ සත්ත්වයන් හට දුකින් නිදහස්වීමක් නො පෙනෙන්නේම ය. පින්වත් මහණෙනි, මේ උපන් හටගත් සංකත වූ සත්ත්වයන් හට දුකින් නිදහස්වීමක් තිබෙන්නේ අසංඛත වූ අමා මහ නිවන තිබෙන නිසාවෙනි.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරද්දී සුබ්‍රහ්ම දෙවියා සෝවාන්ඵලයට පත්වුණා. සතර අපායෙන් සදහටම නිදහස් වුණා. ඒකාන්තයෙන් ම ඒ අමා නිවන අත්දකින ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

– නයනා නිල්මිණි

අද ලෝකයේ ඉන්න ඔක්කොම මේ අසාර වූ කයට රැවටිලයි ඉන්නේ. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් නොවන්න…

අද ලෝකයේ ඉන්න ඔක්කොම මේ අසාර වූ කයට රැවටිලයි ඉන්නේ. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් නොවන්නට අප්‍රමාදීව කායානුපස්සනාවේ යෙදෙන්න.

සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව…. අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීම…

සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව….

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.

ඇටසැකිල්ලක් සිනාසුණා….

පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය. ටික මොහොතකට පසු ඇයගේ ස්වාමි පුරුෂයා ඒ මගින් පැමිණ ස්වාමීන් වහන්සේ දැක ”මේ පාරෙන් කාන්තාවක් ගියේ දැයි” විචාළේය. ”ස්ත‍්‍රියක් ද, පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් ගියා දැක්කෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්නේය. අට්ඨික සඤ්ඤාව බහුල වශයෙන් වැඞීම නිසා ඇස සංවර වූ ආකාරය සිතා බලන්න.

බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

– අට්ඨික සඤ්ඤා භාවනාව –

සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

ගිනිගත් සිත නිවන බුදු වදන්… අපි සැප ලැබෙනවා, සැප ලබන්නට කියලා ලං කර ගන්නා දේවල…

ගිනිගත් සිත නිවන බුදු වදන්…
අපි සැප ලැබෙනවා, සැප ලබන්නට කියලා ලං කර ගන්නා දේවල් වලින් මයි අන්තිමට දුක ඇවිල්ලා තියෙන්නේ…

කාමය : 5 ‘යං බො භික්ඛවෙ කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගිය…

කාමය : 5

‘යං බො භික්ඛවෙ කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා’

යං කාමයමානො – යමකට කැමතිවෙයි නම්, යමකට කැමති වෙනකොට එයින් එයින් උපදනා ආත්මභාවය උපදිනවා කුසල අකුසල සහගත වූ. ඒ කියන්නේ අපි පෙනෙන දේට කැමති වුනොත් ඔන්න එයින් උපන් ආත්මභාවය කියන්නෙ සම්පරායිකා දිට්ඨධම්මා එයින් උපදනා ආත්ම භාවය කියලා කිවුවෙ සත්ව පුද්ගල ආත්ම හැඟීම උපදිනවා. යමකට කැමතිවෙන්න කැමතිවෙන්න පුද්ගලයා නිර්මාණය වෙන්නෙ මෙහේ. දැන් අපිට හැමෝටම මේ මම කියලා හිතන්න පුළුවන් නේද? මේ තමන් ඉන්නවා කියන ගතිය තේරෙනවා නේද? මේ කෙනෙක් කියන ගතිය තේරෙනවා නේද? මේ මම හින්දා හිතන්නේ මේ කය මම කියලනේ. මේ කය මම හින්දා මම නෙමෙයි මේ. මම කියන හැඟීම අපේ හිතේ තියෙන්නෙ හිත රැු`දිලා පවතින්නේ කයේ. ඒ නිසා මේ කය මම වගේ තේරෙන්නෙ. නමුත් අපි හිතාගෙන ඉන්නෙ කය මම හින්දා මේ මම කියලා. මේ මගේ අත. මේ මෙඟ් ඇඟ. කියලා අපි හිතන්නෙ. නමුත් සිද්ධිය එහෙම නෙමෙයි. මම කියන හැඟීම. අපිට අපිව හීනෙන් පේනවනේ. පේන්නෙ නැද්ද තමන්ට තමන්ව හීනෙන් පෙනිලා තියෙනවද? ඉතින් මේ කය නම් තමන් කොහොමද හීනෙන් පෙනුනෙ.

දැන් ඔය තමන් කියන හැඟීම ඇතිවෙන්න ඔය හැඬේම පත්තරේක තිබුනොත් ඇතිවෙන්නෙ නැද්ද? තේරෙනවද ඒක දකිනකොට මනස තුලයි ඇතිවෙලා තියෙන්නෙ කියලා. මේ තමන් කියන හැඟීම චිත‍්‍රයක තිබුනොත්, බිත්තියක එහෙම ඇඳලා මේ මමනෙ කියන හැ`ඟීම ඇතිවෙනව ද නැද්ද? ඒ හැඟීම ඇතිවෙන්න හේතුව ඒ චිත‍්‍රය ද? පාට ටික ද මම. එහෙනම් හොඳට තේරෙනවද ඒක උදවු කරගෙන ක්ෂණිකව මනස සිහි කරගෙන කියලා. ඒ වගේ මේ රූපයක් දකින කොට මම කියන හැඟීම මේ ඇතිවෙලා තියෙන්නෙ. මේ බාහිර චිත‍්‍රය දැක්කා වගේ. වීඩියෝ පටයක් දැක්කා වගේ. වතුරක මේ ඡුායාව දැක්කත් මම එනවනේ. ඒ වගේ මේ රූපය දැක්කහම මම කියන හැඟිම එනවා. ඒ මම කියන හැඟීම තියෙන්නේ කොහෙද? හිතේ හැපිලා. හිතේ පවතින්නෙ මේ මානය මම වෙමි අස්මිමානය. මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම කියනකොට මේ පේන සටහනම හිතට නිමිත්ත අරගෙන තියෙන්නෙ මනෝමය කයකින්. මම කියන හැඟීමෙන් ඉන්නෙ අපි මේ මම කියලා හිතාගෙන. අන්න ඒ මම

කියන වචනෙ නෙමෙයි හැඟීමම. මම කිවවුහම අපිට හිතෙන්නෙ කෙනාව කියලා කොතන හරි දැක්කම මේ මගේ රූපෙනෙ කියලා හිතෙන ගතිය තියෙන්නෙ ඒ ටිකම. ඒ ටික ඔක්කොම තියෙන්නෙ හිතේ. ඒ සිත බැසගෙන තියෙන්නෙ මේ කයේ. ඒ හින්දා දැන් කය මගේ වගෙයි අපිට තේරෙන්නෙ. දැන් මෙතන දී මේ හිතේ තියෙන මම කියන ගතිය පවතින්න, පවතින්න මේ කය පේන්නෙ මම වගේමයි. යම් වෙලාවක මේ හිතේ තියෙන මම කියන ගතිය අස්මි මානය මම කියන හැඟීම ගෙවුනොත් ටික ටික ඉබේම පෙනෙයි මේක නිකම්ම නිකම් රූප මාත‍්‍රයක් විතරයි කියලා. දැන් ප‍්‍රශ්නයක් තියෙනවා. ‘තජ්ජං තජ්ජං අත්තභාවං’ – මෙහෙ යමකට කැමති වෙන්න කැමති වෙන්න මේ පුද්ගලයයි හැදෙන්නෙ මෙහේ. ඕකට හොඳ කතාවක් තියෙනවා.

මේ උත්පත්ති හරි පුදුම උත්පත්ති තියෙන්නෙ. ඔය සමහර ආත්මභාව තියෙනවා රළු, නරක, සැඩ, පරුෂ, වචනයන්ට හරි කැමතියි. දැන් ඕගොල්ලො කවුරුවත් කැමති ද බනිනවට. නෑ. සමහර ආත්මභාව තියෙනවා එයාගෙ පැවැත්ම වෙන්නෙ මොකක්ද? තරහව ඇතිවෙන විදියෙ වචන ඇහෙනවා නම් ඒක තමයි එයාගෙ ජීවිතේ. එයිට වඩා දෙයක් නෑ. ඕකට කියනවා ක්‍රෝධ භක්ෂ සත්වයෝ කියලා. ක්‍රෝධය භක්ෂණය කරනවා. ක්‍රෝධය ආහාර වශයෙන් ගන්න සත්වයෝ. එක්තරා දවසක් තව්තිසා දිව්‍ය ලෝකෙදි මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයෙක් ගිහිල්ලා ශක‍්‍රයගෙ පාණ්ඩු කම්බල ශෛලාසනේ ඉඳගන්නවා. ප`ඩුපුල් ආසනේ ඉඳගෙන දැන් ඉන්නවා. ශක‍්‍රයා ඇවිල්ලා ඉඳගන්න බලනකොට මේ යකෙක් ඉඳගෙන. බනින්න ගත්තා . ‘‘නීචයා, දුෂ්ඨයා, උඹ පලයන් ඔතනින්. උඹට අයිති නෑ ඕක මගේ” කියලා බණින්න බණින්න මේ යක්ෂයා ලස්සණ වෙලා, වණ_වත් වෙලා බබල බබල ඉන්නවා හොඳට. දැන් ආසනෙන් එකයි එන්න එන්න. බණින්න බණින්න ලස්සණයි බණින්න බණින්න ලස්සණයි. මොකද එයාගෙ ආහාරය ක්‍රෝධය. දැන් එයාට ආහාර. ක්‍රෝධය නැති වෙලාවට ආහාර නැ. ශරීරයට ආහාර නෑ. ඉතින් මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා මොකද කරන්නෙ ක්‍රෝධය ලැබෙන්න ලැබෙන්න ලස්සන වෙලා වණ_වත් වෙලා එනවා හොඳට. දැන් ඉතින් තවත් බලවත්. ශක‍්‍රයා දැනගත්තා මේ ක්‍රෝධ භක්ෂ ආහාරය. මෙයාට නම් මෙහෙම හරියන්නෙ නෑ. අනික් අතට කිවුවා. ‘‘අනේ ඔයා හරීම හොඳයි. බොහෝම වටිනවා ඔහොමම ඉන්න” කියලා ගුණ කියන්න ගත්තහම එන්න එන්න ටික ටික දුර්වර්ණ

වෙලා මිරිකිලා පැනලම දිවුවා. ඒ වගේ ක්‍රෝධ භක්ෂ යක්ෂයා වණ_වත් වෙන්නෙ, හොඳට බබලන්නෙ, හොඳට සප‍්‍රාණිකව ඉන්නෙ එයාට ආහාර වෙච්ච වචන ඇහෙනකොටනෙ. ඒ වගේ මේ කාමයන්ගෙ තියෙන විපාකෙ තමයි මෙහෙ බලාගෙන යමක් කැමති වෙනකොට අර, ක්‍රෝධ භක්ෂ සත්වයා වගේ මෙහෙ හොඳට මම කියන හැඟීම පුෂ්ඨිමත් වෙලා, ලස්සන වෙලා , හැඩ වැඩ දාලා මේ මම හොඳට පය ගහලා ඉන්නවා. ශබ්දෙට මෙහෙ කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. ගන්ධෙට කැමති වෙනකොට මෙහෙ මාව තමයි හැදෙන්නෙ. මම හොඳට නිරුපද්‍රිතව තමන්ට තමන් ඉන්නවා කියලා. මම ඉන්නවා කියලා හිතන විදියට මේ මාව ඉන්නෙ, කුමක් නිසා ද මෙහෙට කැමති වෙන නිසා.

‘යං කාමය මානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බන්ති’ යමක් කැමති වෙයි නම් එයින් එයින් උපදනා වූ ආත්මභාවය දත යුතුයි. මෙහෙ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන විදියට මේ පුද්ගලයා හොඳට අලූත් වෙලා, ලස්සන වෙලා, හොඳට හැදිලා අපිට මේ මාව සිිහි කරගන්න පුළුවන් විදියට මගේ ඇහැ, මගේ කණ, මගේ දුව, මගේ පුතා කියලා හිතන්න පුළුවන් විදියෙ මම හැදෙන්නෙ කොහොමද, එයා පවතිනේ කොහොමද මේ කාමයෙ විපාකෙ තමයි මාව හදන එක. ආත්ම භාවය හදන එක. තමන් ජීවත් වෙන්නෙ, තමන් හැදෙන්නෙ මේ කාමය නිසයි. බැරිවෙලාවත් අර ක්‍රෝධ භක්ෂ යක්ෂයට ගුණ කියන්න එහෙම ගත්තොත්, මෙහෙට කැමති වෙන්නෙ නැතුව ඕක අනික් පැත්තට එහෙම හිතන්න ගත්තොත් මෙයාට තමයි ඉන්න බැරි වෙන්නේ. මෙයා එන්න එන්න පොඩි වෙලා හීන් වෙලා දුර්වර්ණ වෙලා නැති වෙලා යනවා. දැන් රහත් වෙනකොට කියන්නෙ මානය නැතිවෙනවා අස්මි මානය නැතිවෙනවා කියලා ඒ වගේ.

දැන් මෙහේ කාමය ඇසුරු කරනතාක් ඒකෙ විපාකෙ කියන්නෙ මොකක් ද හොඳට පුද්ගලයයි ඉන්නෙ. ඉතින් හොඳට දැනගන්න ඕනෙ මේ කය මම වගේ පෙනෙන්නෙ කය මම හින්දා නම් නෙමෙයි. කය මම කියලා පේන්නෙ මොකක් හින්දද? මම කියන හැඟීම. මෙහේට කැමති වෙච්ච නිසා හිතේ මම කියන හැඟීම හොඳට පෝෂණය වෙලා තියෙනවා ඒ හිත බැසගෙන තියෙන්නෙ කයේ ඒ නිසා කය මම වගේ. ඔන්න ඕක තමයි කාමයෙ විපාකය. කාමය ඇසුරු කළොත් කැමති

වුනොත් හැදෙන්නෙ කවුද? මම. එතකොට මෙහේ මම හැදුනොත් මොකද වෙන්නෙ. තජ්ජං තජ්ජං අත්තභාවං ඒ ඒ කරුණින් ආත්ම භාවය උපදිනවා. ඒ ආත්ම භාවය කුසල හෝ අකුසල සහගතයි. ඒ තමයි සම්පරායික වශයෙන් මරණින් පස්සෙ කුසල කරගත්ත මම. අකුසල කරගත්ත මම. නැත්නම් පුද්ගලයට අනුව යන්න පුළුවන් එහා පැත්තට.

දැන් කීයක් කිවවුද? කාමය කිවුවා. කාමයන්ගේ ඇතිවීම කිවුවා. කාමයන්ගෙ වෙනස් බව කිවුවා. කාමයන්ගෙ විපාක කිවුවා. දැන් කියන්න තියෙන්නෙ මොකක් ද ‘කාම නිරෝධෝ වේදිතබ්බො’ කාම නිරුද්ධ කරන්න ඕන. කොහොමද කාම නිරෝධ වෙන්නෙ. ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධයි. ස්පර්ශය නිරුද්ධ වෙන විදියට දැන් කටයුතු කරන්න ඕන. කොහොමද ස්පර්ශය නිරුද්ධ වෙන්නෙ. රූපාරම්මණය. ඇහැ නොබි`දුනා. ඇහැ තියෙනවා. බාහිර රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි නොකළොත්. ඊට අනුරූපව කිවුවෙ කුමකට අනුරූපව ද? පේන රූපයට අනුව මෙනෙහි නොකළොත්. චක්ඛු විඥානයාගේ පහළවීමක් නෑ. පිහිටුවීමක් නෑ. එතකොට ස්පර්ශය යන පැනවීමක් පනවන්නෙ නෑ. කණත් තියෙනවා. ශබ්දයත් තමන් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. ඊට අනුරූපව කිවුවෙ මොකේටද? ශබ්දයට අනුව තමන් හිත මෙහෙය වන්නෙ නෑ. එහෙම වුනොත් සෝත විඥානය උපදින්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන මේ පැනවීම නෑ. ස්පර්ශය නෑ කියලා කියන්නෙ මොකක්ද? කාමය යන පැනවීම නෑ. කාමය නිරුද්ධයි.

නාසයත් නොබි`දුනා, ගන්ධයත් එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එහෙම වුනොත් විඥානය පිහිටන්නෙ නෑ. ස්පර්ශය නෑ.

දිවත් තියෙනවා. රසත් දිව හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ විඥානය පහළ වෙන්නෙ නෑ. එතකොට කියනවා ජීවිහා ස්පර්ශය නෑ. ස්පර්ශය යන පැනවීම නෑ. කය තියෙනවා පොට්ඨබ්බයත් කය හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ, ඊට අනුරූප වූ විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත්, ස්පර්ශය යන පැනවීම නෑ. මෙන්න මේ ස්පර්ශය නිරෝධයෙන්, කාම නිරෝධයි කියලා කියනවා.

දැන් ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කරන්නෙ නැත්නම් අපි කොහොමද මෙනෙහි කරන්නෙ. එහෙනම් ඇහැ පරිහරණය කරන කොට අපි කොහොමද පරිහරණය කරන්නෙ. අන්න ඒ උත්තරය ලැබෙනවා අපිට. කාම නිරෝධ ගාමිණී පටිපදාවෙන්. දැන් කාම නිරෝධය පෙන්නුවා මොකක්ද? ස්පර්ශය නිරෝධයෙන් කාම නිරෝධය වෙනවා. ස්පර්ශ නිරෝධයට පෙන්නුවා. ඇහැ තිබුනත්, රූපය තිබුනත්, ඊට අනුරූපව මෙනෙහි නොකළොත් ඊට අනුරූපව කියන කොට, රූපයට අනුව මෙනෙහි නොකළොත් චක්ඛු විඥානය පිහිටන්නෙ නෑ. එහෙම වුනොත් ස්පර්ශය යන පැනවීම නෑ. ඕක හොඳට පෙන්නනවා මහා හත්ථී පදෝපම සූත‍්‍රය වගේ සූත‍්‍රයක. ඊට අනුරූපව මෙනෙහි කිරීම නිසයි විඥානයාගේ පහළ වීම. ඊට අනුරූපව මෙනෙහි නොකළොත් විඥානය පිහිටන්නෙ නෑ කියන එක. ඒකත් බලාගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායෙ මහා හත්ථී පදෝපම සූත‍්‍රයේ.

ඊට පස්සෙ දැන් ‘අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො කාම නිරෝධ ගාමිණී පටිපදා’. මේ ආර්ය අෂ්ටාංගික මාග_යම කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාවයි. මොකක් ද? දැන් ආර්ය අෂ්ටාංගික මාග_ය කියලා කියන්නෙ කාමය නිරුද්ධ කරන ප‍්‍රතිපදාව.

ඒ කියන්නෙ, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම සම්මා දිට්ඨි, සමමා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග අටෙන් සංකප්ප.. සමාධි කියන අංග හත උපදිනවා සම්මා දිට්ඨියට අනුව. සම්මා දිට්ඨිය නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය හරියට තිබුනොත් වෙලා තියෙන්න ඕන මොකක්ද කාමය නිරුද්ධ වෙලා තියෙන්න ඕන. කාම නිරෝධ ගාමීණී පටිපදාව නේ මේ. මේ කාම නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව වඩනකොට නිරුද්ධ වෙලා තියෙන්න ඕන. මොකක්ද? කාමය. කාම නිරෝධ ගාමිණී පටිපදාව වඩනකොට කාමය නිරුද්ධ වෙනවා කියන්නෙ කොහොමද? ස්පර්ශයයි නැතිවෙලා තියෙන්නෙ. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාග_ය වඩනකොට ස්පර්ශය නැතිවෙන්න ඕන. ස්පර්ශය නැතිවෙන විදියටයි වෙන්න ඕන. ඇයි ඒ? ස්පර්ශය නිරෝධයෙන්නෙ කාම නිරුද්ධ වෙන්නෙ. එහෙනම් කාම නිරුද්ධ කරන ප‍්‍රතිපදාවෙන් ස්පර්ශය තියාගෙන කාමය නිරුද්ධ කරන්න පුළුවන්ද? බෑ.

මේ ප‍්‍රතිපදාව වඩනකොට නැතිවෙන්න ඕන මොකක්ද? ස්පර්ශය. ස්පර්ශය නැතිවීමෙන් කාමය නැතිවෙනවා. එහෙනම් ස්පර්ශය නැතිවෙන්න නම් අපි කිවුවා ඇහැ තියෙනවා. රූපය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන එක නෑ. එතකොටයි විඥානය පිහිටන්නෙ නැත්තෙ. එතකොටයි ස්පර්ශය නැත්තෙ.

එහෙනම් සම්මා දිට්ඨිය කියන එකෙන් ලැබෙන්නෙ මොකක් ද? ඇහැ තියෙනවා රූපය තියෙනවා ඊට අනුරූපව මෙනෙහි නොකරන්නෙ කොහොම ද කියන එක තමයි සම්මා දිට්ඨියෙන් පෙන්නන්නෙ. තේරෙනවා නේද? ඔන්න ඕකට තමයි මං වෙනදත් කියන්නෙ ඇහැ තියෙනවා. රූපය ඇස් හමුවට එනවා. රූපයට අනුව මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්න, මෙතන යථා භූත ස්වභාවය. මොකක්ද? මේ පෙනෙන දේ අනිකක්. පවතින දේ අනිකක්. මෙහෙම පෙනුනට පවතින්නෙ මෙහෙම නේද කියලා යථා භූත ස්වභාවය අරමුණු කරන්න. එතකොට පේන දේට අනුරූප වූ විඥානයක් පිහිටන්නෙ නෑ. පවතින දේට අනුරූප වූ විඥානය පිහිටනවා. එතකොට ස්පර්ශයයි යන ගණයට යන්නෙ නෑ. අර මං කිවුවෙ දැන් ඇහැ තියෙනවා. අපිට වැලි ගොඩක් වගේ පේනවා. වැලි ගොඩක් දකිනවා කියන තැනකින් අපිට හිත පහල වෙනවා. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඇහැත් නොබි`දුනා. රූපයත් ඇස් හමුවට ආවා. දැන් වැලි ගොඩකුත් පේනවා. පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. වැලි ගොඩක් බලන්නෙ නෑ. නුවණින් මෙනෙහි කරනවා. මෙහෙම පෙනෙන තැනක තියෙන්නෙ වැලි කැට නේද පෙනෙන දේට ඔබ්බෙන් බලනවා. එතකොට අපිට නුවණ එනවා මොකක්ද පවතින ස්වභාවය වැලි කැට. පෙනෙන්නෙ අපේ මනසට නේද කියන එක එනවා අපිට.

ඇහැ නොබි`දුනා, ජලය වගේ පේන රූපයක් අපේ ඇස් හමුවට ඇවිල්ලා. දැන් අපි පේන දේට අනුව මෙනෙහි කරන්නෙ නෑ. මෙහෙම පෙනෙන තැනක පවතින්නෙ මිරිඟුව නේද කියලා. මිරිඟුව අරමුනු කරනවා. එතකොට හොඳට පේනවා පවතින්නේ මිරිඟුව. ජලය වගේ පේන්නෙ අපිට නේද. පේන දේ බාහිර තියෙන විදියට හිතන්නෙ නෑ. පේන දේට ඔබ්බෙන් යථාර්ථය හිතුවහම, අද අපිට බාහිරේ වෙලා පෙනෙන දේ අපේ ජීවිතේ වෙන දවසක් තියෙනවා. තිරිසන්ගත සතාට මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම්, තිරිසන්ගත සතාට බාහිරේ වෙලා පෙනෙනවා නම්, ඒ පේන දේට හිතන්නෙ නැතුව පේන

දේට ඔබ්බෙන් හිතපු නිසා, තිරිසන්ගත සතාට පේන මට්ටම අපිට මනස වෙලා පේනවා. නේද? ඒ වගේ. අපි පේන දේට හිතලා මෙහෙම දකින ලෝකයක් තුල, මෙහෙම පෙනෙද්දී පෙනෙන දේට ඔබ්බෙන් අපි බැලූවොත්, අද ලෝකයාට පෙනෙන මට්ටම අපිට අපේ මනස වෙයි. අද අපිට ඇත්ත වෙලා පෙනෙන මට්ටම, අද අපිට බාහිර වෙලා පෙනෙන මට්ටම අපේ මනස වෙන දවසක් එනවා. අන්න එහෙම වුනොත් ඕගොල්ලන්ට බාහිර මෙහෙන් වි`දින්න වස්තු කාමයක් හම්බවෙන්නෙ නෑ. වස්තු කාමෙන් මිදෙනවා.

ඒ කියන්නෙ තිරිසන්ගත සතාට වස්තුකාමය කියලා කියන්නෙ වතුර. මිරිඟුව දකිනකොට වතුර පේනවනේ. තිරිසන්ගත සතාට වස්තු කාමය මොකක්ද? වතුර. ක්ලේශ කාමය මොකක් ද? ඒ වතුරට තියෙන
තණ්හාව. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනා නම්, වතුර හම්බනොවුනා නම් තණ්හාව ඇතිවෙයිද? නෑ. ඔන්න එයා වස්තු කාම ක්ලේශ කාමයෙන් යුක්තයි. දැන් ඒ අරමුණේදී අපි දකිනවා ඇස් හමුවට ඒ තිරිසන්ගත සතාට පේන අරමුණ ම එනවා. අපි ඒ තිරිසන්ගත සතා දකින විදියට පෙනෙන දේට අනුව හිතන්නේ නෑ. පෙනෙන දේට අනුව, හිතන්නෙ නෑ. අපි හිතනවා පෙනන දේට ඔබ්බෙන් පවතින ඇත්ත. මේ ඇහැ තියෙනවා මේ ඇහැට මෙහෙම පෙනුනට තියෙන්නෙ මිරිඟුව නේද කියලා හිතන කොට තිරිසන්ගත සතාට වස්තු කාමය වෙච්ච බාහිරින් පෙනුන ජලය කියන එක අපිට පේන්නෙ මොන විදියට ද? මිරිඟුව තියෙන තැන ජලය වගේනෙ පේන්නෙ. තිරිසන්ගත සතාට හිතෙන්නෙ පේන දේම බාහිරයි කියලනේ. වස්තු කාමයනෙ ඒ.
තිරිසන්ගත සතාට පේන දේ බාහිරයි කියලා වස්තු කාමය කියලා පෙනුන ටික අපිට පේන්නේ කොහොමද? මනස හැටියට නෙමෙයි ද අපිට පේන්නෙ. ඒ කියන්නේ මිරිඟුව නම් පේන දේ. මනසයි කියලයි අපිට පේන්නෙ. තේරුණාද කියන එක. දැන් වස්තු කාමය හැටියට තිරිසන්ගත සතාට හම්බවෙන්නෙ මොකක් ද? වතුර. ඒක කොහෙන්ද හම්බවුනේ. ආධ්‍යාත්මික ද බාහිර ද? බාහිර. ඒකට හේතුව මොකක් ද? වතුරට අනුව මෙනෙහි කෙරුවා මිසක තියෙන්නේ මිරිඟුව යථා ස්වභාවය මෙනෙහි නොකර, පෙනෙන දේට අනුව මෙනෙහි කළ නිසා පෙනෙන දේ බාහිරින් එයාට හම්බවුනා. තේරුණා ද ඊට පස්සෙ ඒ අරබයා තියෙන තණ්හාව වුනා එයාට. මොකක් ද ක්ලේශ කාමය. දැන් බාහිරෙන් වතුර පෙනෙන බව දකින්න වස්තු කාමය. ඔන්න වස්තු

කාමය කියන කොට ඒක හිතේ පැත්තෙන් හම්බ වුනොත් වස්තුවක් සැප දුක් වි`දින්න බෑ. බාහිරින්මයි එයාට හම්බ වෙන්නෙ. තේරෙනවද? බාහිරෙන් වතුර වලක් එයාට හම්බ වුනානෙ. හම්බවුනා. එතකොට ඒ අරබයා රාගයක් තණ්හාවක් ආශාවක් තියෙනවා නම් මේක කෙලේසය. දැන් ඒ වස්තු කාම ක්ලේශ කාමය කියන දෙක. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා වස්තු කාමය හදාගත්තෙත් මෙයාමයි. සංකප්පො කාමො, රාගො කාමො කියලා. මිරිඟුව නිසා ජලය වගේ පෙනුනෙ. මේක ලෝකෙ චිත‍්‍ර, චිත‍්‍ර කාමය නෙවෙයි. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියන එක ධර්මතාවයක්. දැන් පෙනෙන දේට අනුව මෙනෙහි කරලා, අනුව හිතලා මෙයා නෙමෙයිද ජලය කියලා එකක් බාහිරින් හදාගත්තෙ. ඔය වස්තු කාමය එයා නෙමෙයිද හදාගත්තෙ. දැන් එයාම හදාගෙන එයාම හදාගත්ත එකට එයාම ඇලිලා නෙමෙයිද? දැන් වස්තු කාමයයි, ක්ලේශ කාමයි දෙකම එයාගෙ සංකල්පයෙන් එයාගෙ රාගය නිසා හැදිලා මිසක, යථාර්ථ වශයෙන් තිබුණ ද?

මතු සම්බන්ධයි!

රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ . නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුධස්ස . ශ්‍…

රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ
.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුධස්ස
.
ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේට නමස්කාර වේවා. ස්වර්ණමාලී මහ චෛත්‍යරාජයාණන් වහන්සේ අබිමුව ශිලා ලේඛන ගත කොට ඇති ඒ සාඩම්බර ඉතිහාසය අන්තර්ජාලයේ මෙසේ ලියා තබන වගයි:
.
▬▬▬▬▬ ගෞතම ශාක්‍යමුනීන්ද්‍ර සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ▬▬▬▬▬
.
මෙයින් වසර දෙදහස් හයසියයකට ඉහතදී බුද්ධගයා ශුද්ධ භූමියේ ජයසිරි මහ බෝ මැඬ දී මාර පරාජය කොට සවාසනා සකලක්ලේශයන් සෝධා හැර සර්වඥතාඥාන සමධිගමයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක.
පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝක සත්වයාට සදහම් අමාව බෙදා දී සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් අමා මහ නිවන් පුර පමුණුවාමෙයින් දෙදහස් පන්සිය පනස් පස් වසරකට පෙර කුසිනාරා නුවර උපවත්ථන සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාල සේක.
මේ මහා භද්‍රකල්පයෙහි ලොව පහළ වූ කුකුසඳ, කොණාගමන, කාශ්‍යප නම් වූ සර්වඥයන්වහන්සේලා තුන් නම ගේ ම සර්වඥ ශාසනය පිහිටුවනු ලැබුවා වූ ශ්‍රී ලංකාද්වීපයට අපේ ගෞතම සර්වඥයන්වහන්සේ ද තුන්වරක් වැඩම කොට ශ්‍රී ලංකාද්වීපය බුද්ධ භූමියක් හා සමාන බවට පමුණුවා වදාළ සේක.
.
▬▬▬▬▬ ලක්දිව බුදු සසුන පිහිටුවීම ▬▬▬▬▬
.
ශ්‍රී බුද්ධ වර්ෂ 235 දී දඹදිව ධර්මාශෝක මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන් වන ධර්ම සංගායනාව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් නවයක සර්වඥ ශාසනය පිහිටුවන ලදී. ශ්‍රී ලංකාද්වීපයේ ශාසනය පිහිටුවීම පිණිස ධර්මාශෝක මහ රජාණන්ගේ පුත්‍ර ද්විපප්‍රසාදක මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි සේක. දේවානම්පියතිස්ස මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක් පොහෙඔ දින සර්වඥ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවා වදාල සේක.
.
▬▬▬▬▬ මහ සෑ රදුන් සඳහා භූමිය තෝරා ගැනීම ▬▬▬▬▬
.
සිවු බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සමවැදීමෙන් පරිභෝග කල රුවන්මැලි චෛත්‍ය භූමියේ, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රොණයක් පමණ තැන්පත් කොට චෛත්‍යයක් බැඳවිය යුතු බවත් දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු මහ රජතුමාණන් විසින් එම චෛත්‍යරාජයා නිර්මාණය කරනු ලබන බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ, ගල් ටැඹක් පිහිටුවා සෙල් ලිපියක් කරවූහ. එම ලිපිය රන් පතක ලියා කරඳුවක බහා රජ වාසලෙහිද තැන්පත් කළහ.
.
▬▬▬▬▬ ගැමුණු මහ රජතුමාණෝ (බුද්ධ වර්ෂ 382 – 406) ▬▬▬▬▬
.
ශ්‍රී බුද්ධ වර්ෂ 382 හි දී රජ බවට පැමිණි දුටුගැමුණු මහ රජතුමාණෝ මාගම සිට අනුරාධපුරයට සැපත්ව එහි සිටි ආක්‍රමණිකයන් සමග කළ මහ සටනකින් ජය ගෙන ලංකා රාජ්‍යය එක්සේසත් කොට හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ම බුදු සසුන බැබළවූහ.
ලංකාද්වීපය එකසේසත් කොට රාජ්‍යාභිෂේකයෙන් පසුව ඉදිකිරීම් අරඹා දහනව කෝටියක් ධනය විසඳා තෙවසරකින් මිරිසවැටි කර්මාන්තය නිම කළහ. තිස් කෝටියක් වැයකොට ලෝවා මහා පායද කරවා, ලක්ෂයක් වැයකොට මහා බෝධි පූජාවක් පවත්වා, දේවානම්පියතිස්ස මහ රජුන් ලියා තැබූ රන් පත හා සෙල් ටැම් ලිපිය කියවා, අප්‍රමාණ ප්‍රීතියට පැමිණ රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීමට අධිශ්ඨාන කර ගත්හ.
එය එතුමාණන් ගේ දෙවන චෛත්‍ය කර්මාන්තය යි.
.
▬▬▬▬▬ මහ සෑයට වස්තු පහළවීම ▬▬▬▬▬
.
ලක්වැසි ජනයා නොපෙළා මහ සෑයට අවශ්‍ය වන්නා වූ වස්තු සම්භාරය කෙසේ ලබන්නෙමි දෝහෝයි දුටුගැමුණු මහ රජතුමන් සිතමින් සිටිද්දී සක් දෙව් රජ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එක ම දවසෙහි සියළු වස්තුව මවා ගියේ ය.
.
අනුරාධපුරයට උතුරු දෙස යොදුනක් ගිය තැන ගම්භීර නදීතීරයෙහි ගඩොළු ද, ඊසාන දෙස යොදුන් තුනක් ගිය තැන අවුරුවිටි ගමෙහි රත් රන් ද, නැගෙනහිර දෙස සත් යොදුනක් ගිය තැන තඹවිට ගමෙහි තඹ ද, ගිනිකොණ දෙස සතර යොදුනක් ගිය තැන සමන් වැවෙහි මැණික් ද, දකුණු දෙස අට යොදුනක් ගිය තැන රිදී ලෙනෙහි රිදී ද, බටහිර දෙස පස් යොදුනක් ගිය තැන උරුවෙල් පටුනෙහි නෙල්ලි ගෙඩි තරම් මුතු හා පබළු ද, වයඹ දෙස සත් යොදුනක් ගිය තැන පේළවාපි ගමෙහි මහ මැණික් සතරක් ද, විස්කම් දෙවි පුත් විසින් මවන ලදුව දුටුගැමුණු මහ රජතුමාණෝ ඉමහත් සතුටින් ඒවාට ආරක්ෂා සංවිධාන සැලසූහ.
.
▬▬▬▬▬ මහ සෑයේ කටයුතු ඇරඹීම ▬▬▬▬▬
.
වෙසක් පුර පසළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු දුටුගැමුණු මහ රජාණන් විසින් ආරම්භ කරන ලදී. දේවානම්පියතිස්ස මහ රජුන් පිහිටුවූ ගල් ටැඹ ඉවත්කරවා බිම සමතා කොට, සත් රියනක් පොළොවේ පස් ඉවත් කොට, යෝධයන් ලවා වටගල් අතුරුවා, කුළුගෙඩියෙන් තළවා, ඇතුන් ලවා පාගවා ඒ මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේලා හිමවතින් ගෙනා නවනීත මැටි අතුරුවන ලදී.
නවනීත මැටි මත්තෙහි ගඩොලු ද, ඒ මත ශුද්ධ වූ කරගල් ද, ඒ මත කුරුවින්ද පාෂාණ ද, ඒ මත යකඩ දැල් ද, ඒ මත බොරළු ද, ඒ මත පළිඟු ගල් ද, ඒ මත ගල් ලෑලි ද අතුරන ලදී.
නැවත රසදිය දිවුල් මැලියම් සමග අනාඒ ගල් ලෑලි මත අතුරා අටඟුලක් ඝන ලෝ පත් එලන ලදී. ඒ මත්තෙහි රන් සිරියල් තලතෙලින් අනා අතුරා සතඟුලක් ඝන රිදී පත් එළන ලදී. මෙසේ මහ සෑයේ පදනම සාදා නිමවන ලදී.
.
▬▬▬▬▬ මහ සෑයට මුල් ගල් තැබීම ▬▬▬▬▬
.
මහ සෑ මළුව පිහිටි අනුරාධපුර නගරය දෙව් පුරයක් සේ සරසනු ලැබී ය. දඹදිව් තලයෙන් රහතන්වහන්සේලා සයානූ කෝටියක් අහසින් වැඩියහ. ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයට මුල්ගල් තබන ලදී. “මා කරවන මේ චෛත්‍ය කර්මාන්තය නිරුපදෘතව නිමාවට යේ නම් සෑ මළුවේ සිවු දිග බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝරක්ඛිත ආනන්ද නම් ඇති තෙරණුවන් වහන්සේලා වැඩ සිටින සේක්වා” යි ගැමුණු රජතුමාණෝ අදිටන් කළහ. රජතුමන් ගේ අභිප්‍රාය දැනගත් ඉන්දගුත්ත නම් මහ රහතන් වහන්සේගේ නියමයෙන් එය එසේ ම සිදු විය.
.
තවද සිද්ධත්ථ, මංගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සාගර, චිත්තසේන, ජයසේන, අචල නම් ඇති මහ රහතන් වහන්සේලා එකොළොස් නම පුන් කළස් ඉදිරියේ නැගෙනහිර බලා වැඩ හුන්සේක. නන්දිසේන හා සුමනාදේවී යන ජීවමාන මවුපියන්ගේ පුත්‍ර වූ සුප්‍රතිෂඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා ප්‍රමාණයෙන් අති විශාල දාගැබක් සඳහා බිම ලකුණු කරනු දුටු සිද්ධත්ථ නම් මහ රහතන් වහන්සේ මධ්‍යම ප්‍රමාණයේ ස්ථූපයක් සඳහා ලකුණු කරන ලෙස උපදෙස් දුන්සේක. මහ සෑ මැද රන් කළස් අටක් ද, රිදී කළ අටක් ද තබා ඒ වටා පුන් කළස් එකසිය අටක් ද, රන් ගඩොළු අටක් ද අට කොන තබා ඒ එක එකට පිරිවර රිදී ගඩොළු එකසිය අට බැගින් ද තබන ලදී.
.
ස්ථූප බිම් සැලැස්මේ නැගෙනහිර දිශාවේ චිත්තසේන මහ රහතන් වහන්සේ සුවඳ පිඬක් තැබූ සේක. ජයසේන නම් මහ රහතන් වහන්සේ සුවඳ පිඬ පැන් ඉස ඇනූ සේක. සුප්‍රතිෂ්ඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා උතුරුසළ නැකතින් මහත් පූජා සත්කාර සහිතව නැගෙනහිර රන් ගොඩොළ සුවඳ පිඬ මත පිහිටුවා දෑසමන් මල් පිදූ කල්හි දෙලක්ෂ හතලිස්දහසක් යොදුන් ඝන මහ පොළොව ගුගුරමින් විශේෂයෙන් කම්පා විය. ඉතිරි සත් දිසාවේ රන් ගඩොළු ද, ජීවමාන මවුපියන් ඇති මංගල සම්මත අමාත්‍ය පුත්‍රයන් සත් දෙනෙකු ලවා එසේ ම පිහිටුවනු ලැබිණ. පියදස්සී නම් මහ රහතන් වහන්සේ එදවස් වදාළ ධර්මය ශ්‍රවණය කල සතලිස් දහසක් දෙනා රහත් වූහ. සතලිස් දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියා හ. දහසක් දෙනා සකෘදාගාමී වූහ. භික්ෂූන් වහන්සේලා අටළොස් දහසක් රහත් වූහ. භික්ෂුණීන් වහන්සේලා තුදුස් දහසක් රහත් වූහ.
.
▬▬▬▬▬ මහ සෑයේ ධාතු ගර්භ නිර්මාණය ▬▬▬▬▬
.
චෛත්‍ය කර්මාන්තය පිණිස බඳවා ගැනුණු වඩුවාණෝ විස්කම් දෙව්පුත් ආවේශ ලැබ රන් තලියක පැන් පුරවා අතින් දිය ගෙන දිය පිට ගසා පලිඟු බුබුළක් සේ දිය බුබුළක් නංවා ඒ හා සමාන පෙනුමකින් මහ සෑය කරවීමට රජතුමන් කැමති කරවා ගත්හ. රජතුමාණෝ මිල නොගෙවා කිසිවෙකුගෙන් කිසිවෙකුගෙන් වැඩ නොගන්න ලෙස ද විශේෂයෙන් විධාන කළහ.
.
රහතන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි මහ සෑයේ තුන් මාල් පේසා ගොඩ නංවා නව වාරයක් පොළොවට ගිලා බස්වන ලදුයේ භූමි චලනයකින් වත් ධාතු ගර්භය නොසැලෙනු පිණිස ය.
මහ රහතන් වහන්සේලාගේ ම විධානයෙන් උත්තර හා සුමන නම් රහත් සාමණේරයන් වහන්සේ දෙනම උතුරුකුරු දිවයිනෙන් අසූ රියන් දිග පළල ඇති අටඟුල් ඝන මේඝවර්ණ ගල් පුවරු සයක් ගෙනවුත් මහ සෑ ධාතු ගර්භයෙහි එකක් අතුරා ඒ මත සිවු දිගින් සතරක් සිට වූ කල්හි අධිෂ්ඨාන බලයෙන් මනා ව සන්ධි විය. ඉතිරි ගල් පියන වැඩ නිමවූ කල්හි වැසීමට නැගෙනහිර දිසාවෙහි නොපෙනෙන සේ තබන ලදී.
.
ධාතු ගර්භය තුළ සියළු කර්මාන්ත සත් රුවනින් ම කරවන ලදී. දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය තෙක් සියලු විස්තර ද, බුදුවීමේ සිට පිරිනිවීම තෙක් බුද්ධ චරිතය ද, පරිනිර්වාණයේ සිට දඹදිවින් ලක්දිව බුදු සසුන පිහිටුවීම ආදී සියළු විස්තර ද සත් රුවනින් ම කරවන ලදී. ධාතු ගර්භය මැද නැගෙනහිරට මුහුණලා වජ්‍රාසනය කෝටියක් අගනා සේ කරවා එහි රන්මුවා බුදුපිළිමයක් තැන්පත් කරන ලදී. සෙසු දිශා තුනටද කෝටිය බැගින් අගනා සත් රුවනින් කරවන ලද පර්යංක අතුරන ලදී. අටළොස් රියන් උස බෝධීන් වහන්සේ ද සත් රුවනින් ම කරවන ලද හ. කෝටියක් අගනා සේ බෝධීන් වහන්සේට හිස ලා සයනාසනය ද නා නා රත්නයෙන් සරසා රිදීයෙන් කරවූහ.
.
ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරූ පාරමිතා ඇති ගැමුණු මහ රජාණන්ගේ පුණ්‍ය බලයෙන් හා දෙවියන් ගේ දේව බලයෙනුත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙනුත් ධාතු ගර්භයේ බුද්ධ චරිතය ඉතිරි නැතිව සත් රුවනින් පියවි මිනිස් පමණින් ම කරවන ලදී. මුල සිට වැඩ නිමවන තෙක් විස්කම් දෙව් පුත් චෛත්‍ය කාර්මික වඩුවාණන් ට ආවේශව වැඩ කල අතර ෂඩ් අභිඥාලාභී ඉන්දගුත්ත මහරහතන් වහන්සේ විශේෂයෙන් චෛත්‍ය කර්මාන්තය සංවිධානය කළ සේක.
.
▬▬▬▬▬ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවයට දින නියම වීම. ▬▬▬▬▬
.
ඇසළ පුර පසළොස්වක් පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයේ ධාතු නිධානෝත්සවය නියම කරගත් ගැමුණු මහ රජාණෝ තුදුස්වක් දින මහා සංඝයා වහන්සේ වැඳ සෙට දින ධාතු නිධානය නියමිත බවත් සර්වඥ ධාතූන් වහන්සේ ලබා දෙන ලෙසත් ආරාධනා කළහ. සර්වඥ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි දඹදිව රාම ග්‍රාමයෙහි නිහිතව, පසුව නාග ලෝකයට ගෙනගොස් පුදනු ලද ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ නිදන් කිරීමට නියමිත වූයෙන් මහා සංඝයා වහන්සේ ෂඩ් අභිඥාලාභී සෝණුත්තර සාමණේරයන් වහන්සේට මාංජේරික නම් නාග භවනයට ගොස් එම ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස විධාන කළ සේක. ලක්වැසි ජනතාවෝ ඔකඳව උත්සවයට සැරසී ගත්හ. සයානූ කෝටියක් රහතන් වහන්සේලා ද අහසින් පැමිණ මහ සෑ මළුවේ රැස් වූ සේක.
.
▬▬▬▬▬ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය ▬▬▬▬▬
.
ශ්‍රී ලංකාද්වීපය අරභයා පඤ්ච මහා අධිෂ්ඨානයක් කළ භාග්‍යවතුන් වහන්සේගේ පස්වැනි අධිෂ්ඨානය වූයේ, “අනාගතයේ දී ගැමුණු රජතුමන් විසින් නිර්මාණය කරනු ලබන අනුරාධපුර රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කිරීමේ උත්සවයේදී සර්වඥ ධාතූන් වහන්සේලා අහසට පැන නැඟී නිර්මිත බුදු රුවක් මැවී සවණක්බුදු රැස් විහිදුවමින් යමා මහ පෙළහර පවත්වත්වා” යන්නයි. එය එසේ ම සිදු විය. ආශ්චර්‍යවත් වූ ඒ ප්‍රාතිහාර්‍යය දුටු දොළොස් කෝටියක් දෙනා සිවුපිළිසිඹියාපත් රහත් බවට පත් වූහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී බවට පත් වූවන්ගේ ගණන මෙතෙකැයි සීමාවක් නොවී ය.
.
ගැමුණු මහ රජතුමා අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනපිනා, “මාගේ ආත්මභාවයෙහි ඵල ලදිමි” යි සතුටුව සිය හිස මතට වැඩම කළ ධාතු කරඬුව සුවඳින් දෙවූ අතින් ගෙන උත්තර ශීර්ෂකව පැනවූ කෝටියක් අගනා නන් රුවනින් සැරසූ රිදී යහනෙහි ඇතිරවූහ. සර්වඥ අධිෂ්ඨානය පරිදි සීහ සෙය්‍යාවෙන් සැතපෙන බුදුරුවක් මැවී සියළු සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරුව තුල නිධානගත විය. තවද රජතුමාගේ නියමයෙන් ලක්වැසි ජනතාවෝ ධාතු ගර්භය මත රන් කරඬු, රිදී කරඬු ආදී අනේක වස්තු සහිතව තවත් සර්වඥ ධාතූන් වහන්සේලා දහසක් පමණ තැන්පත් කළහ.
.
▬▬▬▬▬ ගැමුණු මහ රජතුමාණන් ගේ අභාවය ▬▬▬▬▬
.
අසදිස රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ සතරැස් කොටුව දක්වා බැඳ නිමවූ කල්හි සයානූ කෝටියක් රහතන් වහන්සේලා පිරිත් සඤ්ජායනා කරත්දී සූවිසි වසරක් ලක් රජය කල ගැමුණු මහ රජතුමාණෝ තම පින් පොත කියවනු අසා සිට, “මම සවිසි වසරක් මහා සංඝයා වහන්සේට උපකාර වූයෙමි. මගේ මේ කය ද සඟරුවනට උපකාර වේවා” යි පවසා මහ සෑ රදුන් දෙස බලාම චුතව තුසිත භවනයෙහි දෙව් රජ කෙනෙකුව උපන්නාහ.
.
▬▬▬▬▬ මහ සෑ පුද හරසර ▬▬▬▬▬
.
සද්ධාතිස්ස රජතුමාණෝ (බු. ව. 406-424) ගැමුණු මහ රජතුමන් ඇවෑමෙන් රජ පැමිණ මහ සෑයේ ඉතිරි කටයුතු නිමවා මහ සෑ පිලිබඳ සිත්තම් ද සුණු පිරියම් ද ඇත් පවුරද කරවූහ. එකල්හි මහ සෑය එකසිය විසි රියන් උස විය.
.
ලජ්ජිතිස්ස රජතුමාණෝ (බු. ව. 424-434) තුන් ලක්ෂයක් කහවණු දී මහ සෑයෙහි සෙල්මුවා මල් අසුන් තුනක් කරවා ලක්ෂයකින් මහ සෑ-ථූපාරාම අතර බිම සමකොට ගොඩ කරවූහ.
.
බල්ලාටනාග රජතුමාණෝ (බු. ව. 434-440) මහ සෑය හාත්පස වැලිමළු සීමාවෙහි පවුරු කරවූහ.
.
භාතිකාභය රජතුමාණෝ (බු. ව. 524-552) මහ සෑයෙහි පිළිකඩ දෙක කරවූහ. තමන්ට උපදනා අයබදු යොදා නුවර යොදුනක් මානය සිසාරා දෑසමන්, සීනිද්ද මල් වවා, මහ සෑයේ පාපිළිකඩ පටන් ඡත්‍රය තෙක් සතරඟුල් බොල් ගඳකලලින් මහ සෑය ආලේප කොට, එහි මනා කොට නැටියෙන් මල් වද්දා, සෑය මල් ගුලාවක් සේ කරවූහ. නැවත දෑඟුල් බොල් මනෝසිලා කබලින් සෑය ආලේප කරවා, පෙරසේ ම මල් ඇමිණීම කල සේක. හිණි හිස පටන් ඡත්‍රය තෙක් මලින් වැසූහ. අබා වැවේ ජලය යන්ත්‍රයකින් ඔසවා සෑය නහවා ජල පූජාව කළහ. ගැල් සියයක හුණු, තල තෙලින් අනා, සෑයේ සුණු පිරියම් කරවූහ. පබළු දැලක් කරවා, ගැල් සකක් තරම් රන් පියුම් එහි එල්වා, පංචතූර්‍ය නාදයෙන් සෑය පිදූහ. මහ සෑයේ පිරියම් පිණිස ඉඩම් පූජා කළහ.
.
මහාදාඨික මහානාග රජතුමාණෝ (බු. ව. 552-564) මහ සෑ මළුව කිඤ්ජල්ක පාෂාණයෙන් අතුළහ. මළුව මහත් කරවා වැළිමළු සීමාව ද කරවූහ.
.
ආමණ්ඩගාමිණී අභය රජතුමාණෝ (බු. ව. 569-574) මහ සෑය ඡත්‍රය මතුයෙහි දෙවන ඡත්‍රයක් ද කරවා පාපිළිකඩ හා මුදුන් පිළිකඩ ද කරවූහ.
.
වසභ රජතුමාණෝ (බු. ව. 608-652) මහ සෑයෙහි දහසක් පහන් පූජා පැවැත්වූහ.
.
පළමුවන සිරිනාග රජතුමාණෝ (බු. ව. 738-757) මහසෑයේ ඡත්‍රය කරවා මනරම් රන්කම් කරවූහ.
.
පළමුවන සංඝතිස්ස රජතුමාණෝ (බු. ව. 790-794) මහ සෑයෙහි ඡත්‍රය ද රන්කම් ද මුදුනෙහි වජ්‍ර චුම්බටකයක් ද කරවූහ. වෙන් වෙන් වූ, ලක්ෂයක් වටිනා අගනා මිණි රුවන් සතරක් ද සතර රිවිබිඹු මැද තැබවූහ. ඡත්‍රෝත්සව පූජාවෙහි සතලිස් දහසක් සංඝයාට ෂට් චීවරයන් පූජා කලෝ ය.
.
ශ්‍රී සංඝබෝධි රජතුමාණෝ (බු. ව. 794-796) ලක්දිව නියං සායෙන් පෙළුණු කල මහ සෑ මළුවෙහි සිට “වැසි දියෙන් මා නොඉල්පුව හොත් මෙහි ම මියෙමි, නොනැගිටින්නෙමි” යි සත්‍යක්‍රියා කලෝය. එවිට සියළු ලක්දිව පිනවමින් වැසි වැස්සේ ය.
.
මිත්තසේන රජතුමාණෝ (බු. ව. 975-976) මහ සෑයෙහි ඇත් පවුරු තොරණ කරවූ හ.
.
ධාතුසේන රජතුමාණෝ (බු. ව. 1055-1063) මහ සෑයෙහි දිරාගිය ඡත්‍රය පිලිසකර කරවූ හ. සුණු පිරියම් කරවා ස්වර්ණ ඡත්‍රයක් ද වජ්‍ර චුම්බටකයක් ද කරවූ හ.
.
මහානාග රජතුමාණෝ (බු. ව. 1116-1118) මහ සෑයෙහි සුණු පිරියම් ද, කොත් කැරළි ද, ඇත් පවුර ද කරවා සිත්තම් ද කරවූ හ.
.
පළමුවන අග්බෝ රජතුමාණෝ (බු. ව. 1118-1151) සූවිසි බරක් ඇති, රන් ආලේප කළ ශිලා ඡත්‍රයක් පිහිටුවා මාහැඟි උතුම් රුවනින් ද පිදූ හ.
.
දළමුගලන් රජතුමාණෝ (බු. ව. 1161-1166) මහ සෑය පිළියම් කර අලුත් වස්ත්‍රයෙන් දාගැබ වැස්වූහ.
.
දෙවන කාශ්‍යප රජතුමාණෝ (බු. ව. 1193-1202) මහ සෑරජාණන් වහන්සේට මහා පූජාවෙන් සත්කාර කළ හ.
.
දෙවන සේන රජතුමාණෝ (බු. ව. 1396-1430) මහ සෑයෙහි දී අභිෂේකය ගෙන ඒ සිරිත අවුරුද්දක් පාසා කරවන්නට ලියා තැබූහ.
.
පස්වන කාශ්‍යප රජතුමන් ගේ (බු. ව. 1457-1466) රාජිනී නම් බිසෝ තොමෝ මහ සෑයට පට සැට්ටයක් පිදුවා හ.
.
හතරවන මිහිඳු රජතුමාණෝ (බු. ව. 1499-1515) පට සැට්ට, ගී නැටුම්, සුවඳ විලවුන්, නා නා පුෂ්ප, පහන් මාලා, සුවඳ දුම් යන මේ දැයින් නොයෙක් පරිද්දෙන් මහ සෑයට පූජා කොට එම වස්ත්‍රයන් භික්ෂූන් වහන්සේලා ට බෙදා පිදූහ. රජතුමානන් ගේ කිත්තී නම් දේවි තොමෝ දොළොස් රියන් දිග රන්මුවා පතාකයක් මහ සෑයට පිදුවාහ.
.
පළමුවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1696-1729) සොළීන් විසින් බිඳිනා ලද මහ සෑය ඇතුළු සියළු සෑ වහන්සේලා, සොළී රට ජයගෙන මෙරට ගෙනා සොළීන් ලවා ම ප්‍රතිසංස්කරණය කරවූ හ. මහ සෑය එක්සිය විසි රියන් කර නැවත බඳවා කොත් පලඳනා දින මහා සංඝයා වහන්සේ රැස් කරවා, සිවුපසයෙන් උපස්ථාන කර, නුවර අලංකාර කර බෙර හසුරුවා, පුණු පොහෝ දිනයේ දේව ලීලාවෙන් සැරසී සෑ මතුයෙහි රන්කොත තබා පහන් පූජා කළහ.
.
නිශ්ශංකමල්ල රජතුමාණෝ (බු. ව. 1730-1739) සිවුරඟ සෙනග සමගින් පැමිණ මළුවේ මුතු අතුරුවා රන් මල්, රිදී මල් පුදා, කපුරු තෙල් හා සුවඳ තෙලින් සතියක් පිදූහ. දොළොස් මහ වෑතැන්හි මසුන් මැරීම, සත් ගව්වක් තැන සතුන් හා කුරුල්ලන් මැරීම ද තහනම් කරවූහ. මිනිසුන්ගේ බදු අවුරුද්දකින් අත්හළහ. දෙවියන්ට වන්දනා පිණිස මළුවේ සෙල්මුවා දාගැබක් කරවූහ.
.
කල්‍යාණවතී රැජිනගේ (බු. ව. 1745-1751) භාණ්ඩාගාරික වූ පිරිවතුබිම් විජයනාවෝ ද, බිරිය සුමේධාවෝ ද, බෑණනුවන් වූ ලංකාධිකාරී තොටදනවූ දෙවල්නාවෝ ද මහ සෑයට නානාවිධ අටදහස් අටසිය අසූවක් පමණ වස්ත්‍රයෙන් කංචුකයක් සාදා, පළඳවා පස්යාලක් පමණ සාලින් සොළොස් මංගල ලක්ෂණ අන්දවා, වීදි සරසා, තොරණ බැඳ, දාන ශාලා කොට, සතියක් පූජා පවත්වා, කපුරු දෙදහස් කලඳක් තුන්වන පේසාවෙහි කබල් වලට බහා, පහන් දල්වා, ස්ථූපයේ නොයෙක් කටයුතු කළ කර්මාන්ත කරුවන්ට හා අඹුවන්ට තෑගි දී සෑ මළුවේ දී ථූපවංශය ඇසූහ.
.
දෙවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1779-1813) පර සතුරන් විනාශ කල මහ සෑ රජාණන්වහන්සේ බඳවා රන් කොත් පැලැඳවීමට කටයුතු යෙදූ හ.
.
හතරවන විජයබාහු රජතුමාණෝ (බු. ව. 1813-1815) තම පියාණන් ඇරඹූ ඉහත සඳහන් ප්‍රතිසංස්කරණයන් හි නවකම් කරවා මහා සංඝරත්නයට දන් දුන්හ.
.
මෙසේ අතීතයේ රාජරාජ මහාමාත්‍යාදීන මෙන් ම විවිධ තරාතිරම් වල ගිහි පැවිදි තුමන් විසින් රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද විවිධ පූජාවන් පිළිබඳ සටහන් ශිලා ලේඛන ද මහ සෑ මළුවෙන් ලැබී ඇත්තේ ය.
.
▬▬▬▬▬ වර්ථමාන සංවර්ධනය ▬▬▬▬▬
.
අදින් සියවස් කිහිපයකට පෙර අනුරාධපුරය අවට පරිසරය ජනශුන්‍යව පැවතීම හේතුවෙන් මේ මහා ස්ථූප රාජයාණන්වහන්සේ වර්ථමාන සංවර්ධනයට පෙර කැලෑවෙන් වැසී, ගරා වැටී තිබිණ. බු. ව. 2396 දී සැදැහැවතුන් පිරිසක් විසින් පෙරහැරක් පවත්වා කොතක් පලඳවන ලදී. බු. ව. 2415 දී පූජ්‍ය නාරංවිට සුමනසාර මහ නාහිමියන් වහන්සේ විසින් චෛත්‍යය සංවර්ධනය පටන් ගන්න ලදුව මහජන ආධාර ඇතිව චෛත්‍යය අඩි සතලිසක් පමණ උසට නංවා ලූ පසු බු. ව. 2445 දී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාද මැදිහත් ව ඇරඹූ චෛත්‍යය සංවර්ධන සමිතියේ, ඇවරිවත්තේ රන්සිරියෙල් කුමාරසිංහ වෙද මහතා, අකුරැස්සේ හේනේගම අප්පුහාමි යන සැදැහැවතුන්ගේ කැපවීම හා ධන පරිත්‍යාගයත්, මහජනතාව ගේ පරිත්‍යාග ආධාරයෙනුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර, බු. ව. 2483 පොසොන් පොහෝ දින යළි කොත පලඳවන ලදී. කොත්වහන්සේ මුදුනේ පලඳවා ඇති අඩියක් උසැති පලිඟු මිණ බුරුම රටින් ලද පරිත්‍යාගයකි. වර්ථමානයෙහි මහ සෑ රජුන්වහන්සේගේ උස අඩි දෙසිය අනූ දෙකක් ද විෂ්කම්භය අඩි දෙසිය පනස් නවයක් ද වේ
.
බුද්ධ වර්ෂ 2549ක් වූ මැදින් පොහෝ දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති , ප්‍රධාන අනුශාශක, ත්‍රිපිටකධරාචාර්‍ය, මහා කම්මට්ඨානාචාර්‍ය, අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ද, අටමස්ථානාධිපති අති පූජනීය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේද අනුශාසනා පරිද්දෙන් අරියමග්ග සංවිධානය විසින් සැදැහැවත් ලෝකවාසී ජනතාව සමඟ මහ සෑ රදුන්ගේ පේසා වළලු නෙළුම් මලින් මුළුමනින් ම ආවරණය කරමින් ද, ෂඩ් වර්ණ මහා ධ්වජ පූජාවකින් ධාතු ගර්භය වටා ආවරණය කරමින් ද, මහා පහන් පූජාවක්, අටපිරිකර දෙදහසක පමණ මහා පූජාවක් හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වමින් “මුළු මහත් ලෝක ධාතුව තුළ බුදු සසුන බැබලේවා”යි මහා අධිෂ්ඨාන පූජාවක් ද පවත්වා, අසදිස පින්කම් මාලාවකින් මහ සෑ රජාණන්වහන්සේ වන්දනා කොට, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා ගිහි පැවිදි විද්වතුන්ගේ සහයෝගයෙන් ද, සෙසු සැදැහැවතුන් ගේ මූල්‍ය දායකත්වයෙන් ද බිම් සකසා, පදනම් පිහිටුවා ශ්‍රී බුද්ධ වර්ෂ 2550ක් වූ වෙසක් මස පුර එකොළොස්වක් ලත් කිවි දින රුවන්මැලි මහ සෑරදුන්වහන්සේ ගේ වංශකථාව මෙසේ ශිලා ලේඛන ගත කල වග යි.
.
▬▬▬▬▬ ශ්‍රී සර්වඥ ධාතු පරිනිර්වාණය ▬▬▬▬▬
.
ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහහ්සේ තුළ එක් රැස් ව අවසානයේ ජය ශ්‍රී මහ බෝ මැඬට නා ලොව, බඹ ලොව හා දෙව් ලොව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද අබැටක් පමණකුදු නොනැසී රැස් ව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අනුව්‍යංජනයෙන් ද, ව්‍යාමප්‍රභායෙන් ද පිරිපුන් බුදුරුවක් මැවී, සවණක් බුදුරැස් විහිදුවමින්, යමා මහ පෙළහර දක්වන සේක.
දස දහසක් සක්වල දෙවියන් හඬමින් පුදසත්කාර කරත්දී, ශ්‍රී ධාතු ශරීරයෙන් තේජෝ ධාතුව පැන නැගී, ධාතු පරිනිර්වාණය සිදුවන්නේය. එතෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සේක.
.
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ – නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වණ්ණමාලීති පතීත නාමං – වන්දාමහං ථූපවරං මහග්ඝං
.
ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බහුමානයෙන් නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා.