Monthly Archives: March 2016

New photo from Facebook March 31, 2016 at 12:00PM

භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත කුමක්ද?
අකුසලයෙන් මිදුණු කුසලයේ පැත්තයි…
අසිහියෙන් මිදුණු සිහියේ පැත්තයි….
මෝඩකමින් මිදුණු ප්‍රඥාවේ පැත්තයි…
ප්‍රමාදයෙන් මිදුණු අප්‍රමාදී බවේ පැත්තයි…
කාමයන්ගෙන් මිදුණු නෙක්ඛම්මයේ පැත්තයි…
ලෝකයෙන් මිදුණු නිවනේ පැත්තයි …. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 30, 2016 at 12:00PM

බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.

1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති

2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.

3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.

4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.

5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.

6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.

7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.

8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.

10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.

11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.

12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. “දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි” යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.

13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.

14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.

“මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි” යන වදන් බෝසත් මුවින් පිටවෙයි. ”

15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.

16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්‍රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.

එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. ‘බුද්ධ’ යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්‍රමාදී වෙත්වා !! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 30, 2016 at 09:53AM

කෙලෙස් මරුන් පරදවා ඒ අසමසම උත්තරීතර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය – ජය ශ්‍රී මහා බෝධිය. මේ ලෝක ධාතුව තුළ ඇති උතුම්ම ස්ථානයයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 29, 2016 at 12:00PM

මල සූත්‍රය -> http://ift.tt/1pWUcck

’’මහණෙනි, මේ මල හෙවත් කිලුටු අටක් වෙත්.
’’කවර අටක්ද යත්? මහණෙනි, මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් (පාඩම් නොකීමෙන් හෝ භාවනා නොකිරීමෙන්) මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, (ගෙවල් හෝ ගෘහ වාසීහු) උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවූවාහු මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, කුසීත බව ශරීර වර්ධනයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ප්‍රමාදය ධන සංරක්‍ෂණයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ස්ත්‍රියට දුෂ්චරිතය කිලුට වේ. මහණෙනි, දෙන්නාහට මසුරුකම කිලුට වේ. මහණෙනි, මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වේ. මහණෙනි, ඊටත් වඩා අතිශයින්ම කිලුට වූයේ, තදබල කිලුට වුයේ අවිද්‍යාවයි. මහණෙනි, මේ වනාහි අෂ්ටවිධ මලයෝ වෙත්.
’’මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ගෘහවාසීහු උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ශරීර වර්ණයට කුසීත බව (බාධකවු) කිලුට වේ. ප්‍රමාදය ධන සංරක්‍ෂණයට) බාධකවූ කිලුට වේ. අනාචාරය ස්ත්‍රියට කිලුට වේ. දායකයාහට මසුරුකම කිලුට වේ. මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වෙත්. ඊටත් වඩා අතිශයින්ම තදබල කිලුට වන්නේ අවිද්‍යාවයි.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 28, 2016 at 09:22AM

දුර්වලයින් ලෝකය සමග ගැටෙති.
ශක්තිවන්තයින් ලෝකයේ ස්වභාවය දැන ඉවසති.
ප්‍රඥාවන්තයින් ලෝකයේ යථාර්තය දැක ලෝකයෙන් නික්ම යති. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 27, 2016 at 12:00PM

අද දිනයේ (2016-01-11) ශ්‍රද්ධා අභදාන පුණ්‍ය කර්මය යටතේ නිදහස් කරගත් මරණයට කැපව සිටි මව් ගවයන්, ගැබිනි ගවයන්, පැටවුන් ඇතුළු ගවයින් 30 දෙනා..

මේ උතුම් අභයදාන පුණ්‍ය කර්මය සියල්ලෝ ම සතුටින් අනුමෝදන්ව සසර බියෙන් අත් මිදෙත්වා!!

http://ift.tt/1MK26KF via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 27, 2016 at 09:06AM

අවුරුදු 2500ක් පුරාවට මේ ස්ථානය රැකබලා ගත්, සංවර්ධනය කළ, දෙව් මිනිසුන්ට වන්දනා කිරීමට අවස්ථාව සලසා දුන්, සියලුම සංඝයාටද, ගිහි පින්වතුන්ටද, දෙවිවරුන්ටද මාගේ නමස්කාරය වේවා. via Facebook Pages http://ift.tt/1GMS4Lf