Monthly Archives: March 2016

New photo from Facebook March 26, 2016 at 08:50AM

මේ දරුවන් බොහෝ පින් කර ශ්‍රී ලාංකික බෞද්ධ දෙමාපියන් වන අපවම දෙමාපියන් ලෙස ලැබෙන්න පතාගෙන ඒ සඳහා හේතු සකස් කරගෙන ඇත්තේ ගොඩක් අපහසුවෙන්. එසේ පැමිණෙන්නේ සසර දුකින් මිදිය හැකි දම් අමා පැන් බිඳක් මෙවර අපෙන් ලැබේවි යන අහිංසක බලාපොරොත්තුවෙන්. ඉතින් අපේ සිත්වල නීවරණ වගාකරගෙන ඒ අහිංසක බලාපොරොත්තු සුනු විසුනු කර දැමීම, දයාබර දෙමාපියන් ලෙස අපට කල හැකි දෙයක්ද? එනිසා අපේ යුතුකම ඉටුකරමු ඔවුන් වෙනුවෙන් නොපමාව. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 25, 2016 at 06:00PM

යමෙක් මා තරම් දානයෙහි අනුසස් දන්නේ නම්, ඔහු තමාගේ අවසාන බත් පිඬද දන් දෙන්නේය – බුදුරජාණන් වහන්සේ

If one knows the merits of donation as me, then he would donate even his last meal – Lord Buddha via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 25, 2016 at 09:19AM

මනාපදායී සූත්‍රය -> http://ift.tt/1VLPKJ9

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ, විසල් නුවර වැසිවූ උග්ග නම් සිටුහුගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිති විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ ට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.

’’ස්වාමීනි, සල් මල් මෙන් සාදන ලද කෑම මට මනාප වේ. මාගේ ඒ කෑම භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, මිහිරි ඩෙබර ඵල සහිතවූ, පස්ගෝරස සහිතවූ භෝජනය මට මනාප වේ. මාගේ එය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, තෙලින් බදිනා ලද නාළියසාක නම් පලා වර්‍ගය මට මනාප වේ. මාගේ ඒ භොජනය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.

’’ස්වාමීනි, අහුලා දමන ලද කළු ඇට ඇති, නොයෙක් මාළු ඇති, නොයෙක් ව්‍යඤ්ජන ඇති ඇල් සාලේ බත මට මනාප වේ. මාගේ ඒ බත භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, කසී රට උපන් වස්ත්‍ර මට මනාප වෙත්. ස්වාමීනි, මාගේ ඒ වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, කොඳු පලස් අතුරන ලද, සුදු එළු ලොම් ඇතිරි අතුරණ ලද, ඝන පූප් ඇතිරි අතුනණ ලද, කෙසෙල් මුවන්ගේ සමින් කළ උතුම් පසතුරුණු අතුරණ ලද, උඩු වියන් සහිතවූ, දෙපස තබන ලද රතු කොට්ටා ඇති පර්‍ය්‍යඞ්කය තෙම මට මනාප වේ. ස්වාමීනි, එතකුදුවුවත් මෙය භාග්‍යවතුන් වහන්සේට නොකැපයයි . අපිදු මෙය දනිමු.

’’ස්වාමීනි, මාගේ මේ සඳුන් පුවරුව දහසකට වැඩිය වෙයි. මාගේ එය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා,’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් සිටුහට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කළ සේක.

(1) යමෙක් තෙම ඎජුවූවන් කෙරෙහි වස්ත්‍රය, ශයනාශනය, තවද. ආහාර පානයද, නොයෙක් ප්‍රකාර ප්‍රත්‍යයන්ද, කැමැත්තෙන් දේද, මනාපවූ දෙය දෙන්නාවූ හෙතෙම, මනාපවූ දෙය ලබයි.
(2) ’’ඒ සත්පුරුෂ තෙම ත්‍යාග කරණ ලද්දාවූද, මුදන ලද්දාවූද, අපේක්‍ෂාවෙන් නොගන්නා ලද්දාවූද, සිතින් ක්‍ෂෙත්‍ර බඳුවූ රහතන් දැන, දුෂ්කරවූ පරිත්‍යාගය කොට, මනාපවූ දෙය දෙන්නේ, මනාපවූ දෙය ලබාය’’ යි වදාළ සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් ගෘහපතියාට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම පසු කලෙක්හි කළුරිය කෙළේය. කළුරිය කළාවූ, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම, එක්තරා මනොමයවූ දෙවි කොටසක උපන්නේය.
’’එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ, අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි, උග්ග නම් දිව්‍ය පුත්‍ර තෙම, ප්‍රථම යාමය ඉක්මගිය රාත්‍රිය ඇති කල්හි, අහිරාම ඡවිවර්‍ණ ඇත්තේ, සියලු ජේතවනාරාමය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවූ, උග්ග නම් දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ’’උග්ග නම් දිව්‍ය පුත්‍රය, කිමෙක්ද, තොපගේ අදහස් පරිදි වූයේද?’’ ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එසේය, මාගේ අදහස පරිදි වූයේය’’ යි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උග්ග නම් දිව්‍ය පුත්‍රයාට ගාථාවලින් ධර්‍මය දේශනා කළ සේක.

(1) ’’මනාපවූ දෙය දෙන තැනැත්තේ, මනාපවූවක් ලබයි. අග්‍රවූ දෙය දෙන්නේ, නැවත අග්‍රවූවක් ලබයි. උතුම් දෙය දෙන්නේ, උතුම් දෙය ලබන්නෙක් වෙයි. ශ්‍රෙෂ්ටවූවක් දෙන්නේ, ශ්‍රෙෂ්ටවූ තැනට පැමිණෙයි.
(2) ’’යමෙක් අග්‍රවූ දෙය දෙන්නේ, උතුම් දෙය දෙන්නේ වේද, යම් මනුෂ්‍යයෙක් ශ්‍රෙෂ්ටවූ දෙය දෙන්නේ වේද, හෙතෙම යම් යම් තැනක උපදී නම්, ඒ ඒ තන්හි දීඝායුෂ ඇත්තෙක්, යශස් ඇත්තෙක් වේය’ යි වදාළ සේක. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 24, 2016 at 12:00PM

මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතකුත් මව් කුස හිරවී දුක් විඳීමට සිදුවිය. මව්තුමිය වූ සුප්පාවාසාවට ද මෙතරම් කාලයක් දරු කුස දරා සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ පෙර රජකුව සිටිය දී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුදු ඒ කුඩා රට අල්ලා ගැනීමට නො හැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගත නො හැකි වූ අතර මව ගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමග ද වසා දැමීය. පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව ද මව දුන් උපදෙස් හේතුවෙන් මවට ද ඒ කර්මය ආ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ බලය නො මඟට නො යොදත්වා!

සීවලි මහ රහතන් වහන්සේටත් කර්මය මෙසේ පල දී නම් ඔබත් අපත් ගැන කුමන කතාද? එනිසා වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

(ආඝාත රූප ජාතකය)

මතු සම්බන්ධයි!

පෙර ලිපිය : http://goo.gl/4aTlYK

#PathtoNirvana #Karma #Buddhism #BuddhaStory via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 24, 2016 at 09:40AM

ඇඟ කොච්චර ලස්සන උනත් හිත ඊර්ෂ්‍යාවෙන්, අහංකාරකමින්, වෛරයෙන්, රාගයෙන් අවලස්සන වෙලා නම්, දුෂණය වෙලා නම්, මේ ජීවිතයත් දුකසේ ගතකර පරලොවත් අපාගත වෙන්න වේවි.
සොහොනේ කුණු වන අසූචි ගොඩක් ලස්සන කරන්න උත්සාහ නොකර හිත පිරිසිදු කළා නම් හොඳ නැද්ද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 23, 2016 at 12:00PM

කිසිවෙකුට පහර ගැසීමට හෝ අපහාස කිරීමට නොවේ. මෙවන් දුෂ්‍ය මායාවන් බුදුදහම හා සම්බන්ධ කිරීමෙන් දහමට සිදුවන හානිය වැළැක්වීම සඳහායි.

http://ift.tt/1U7udv1
කැමරාවේ සටහන්වන දේවතා එළි පිළිබඳවත්, විටින් විට කැමරාවේ සටහන් වන හොල්මන් සහ අවතාර පිළිබඳවත් කතා වලට වර්තමාන සමාජයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබෙමින් තිබේ. පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ එක්තරා බාලිකා පාසලක අනතුරකින් මියගිය ශිෂ්‍යාවකගේ අවතාරය දක්නට ලැබෙන බවට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ එක් ඡායාරූපයක් පදනම් කර ගනිමිනි.
වැවක් අසලදී ගත් ඡායාරූපයක රාවණගේ දඩුමොනර යානය දක්නට ලැබුණු බවට ද පසුගිය දා විශාල ප‍්‍රචාරයක් ලැබිණි. එමෙන්ම පොහොය දිනවලදී හෝ ඇතැම් විට ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයන්හිදී ගන්නා ඡායාරූපවල තැන තැන සුදු පැහැති හෝ කහ පැහැති පැල්ලම් ලෙස දක්නට ලැබෙන්නේ දේවතාවුන්ගේ ආලෝකය බව ද බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
දැන් කැමරාව අතීතයේ මෙන් නොව ඉතාමත්ම සරල උපකරණයක් වී ඇත. ඕනෑම කුඩා ළමයකුට වුව ද පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ තාක්ෂණික මෙවලමක් බවට කැමරාව පත්වූයේ ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් සමගිනි. එය වඩාත් සංයුක්ත සරල කැමරාවක් බවට පත්ව තිබේ.
ඡායාරූප ශිල්පය වඩාත් සරළ වීමත් සංයුක්ත කැමරාව පැමිණීමත් සමගම දේවතා එළි සහ ඡායරූපයන්හි සටහන්වන හොල්මන් හා අවතාර ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේ. සමාජයේ බොහෝ දෙනකු තම කැමරාවන්හි දේවතා එළි සටහන් වන බවත් විටින් විට අවතාර හා හොල්මන් ඡායාරූපයට නැගෙන බවත් මෙය කැමරාවේ දියුණුවත් සමග සිදුවූවක් බවත් දැඩි සේ විශ්වාස කරති.
නමුත් සිදුව ඇත්තේ නවීන ඩිජිටල් කැමරාව වඩාත් සරල සංයුක්ත උපකරණයක් බවට පත්කිරීමේදී ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙවැනි දේවතා එළි සහ හොල්මන් ඡායාරූපවල සටහන් වීමයි.
මේ පිළිබඳ අදහස් දක්වන වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලේඛකයකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ වර්තමානයේ බොහෝ දෙනකු ගන්නා ඡායාරූපවල සටහන් වන දේවතා එළි සහ අවතාර වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සියල්ල සංයුක්ත කැමරා හේතුවෙන් හටගන්නා තාක්ෂණික දෝෂ සමූහයක් බවයි.
සරල සංයුක්ත කැමරා සහ වෘත්තීය මට්ටමේ කැමරා යනුවෙන් ඩිජිටල් කැමරා මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. මේ කැමරාවලින් වෘත්තීය මට්ටමේ කැමරාවක කාචය විශාලය. එය ගලවා මාරු කළ හැකිය. එමෙන්ම එහි කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හෙවත් ෆ්ලෑෂ් උපකරණය ද බාහිරින් සවිකළ හැකි සංකීර්ණ උපකරණයකි. නමුත් සරල සංයුක්ත කැමරාවක කාචය ඉතා කුඩා උපකරණයක් වන අතර කැමරාවටම සවිකළ කෘති‍්‍රම ආලෝක ප‍්‍රභවයක් ද එය සතුව තිබේ.
ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි වායුගෝලයේ දුවිලි ප‍්‍රමාණය අධික බවයි. විශේෂයෙන්ම පිරිත් ගෙවල්, පිරිත් පැවැත්වෙන විහාරස්ථාන, පෝය දිනයේ විහාරස්ථාන, පෙරහර පැවැත්වෙන අවස්ථාවන්හි මිනිසුන් අධික ලෙස ගැවසෙන බැවින් සාමාන්‍ය වායුගෝලයේ අධික දුහුවිලි අංශු ප‍්‍රමාණයක් දක්නට ලැබේ. එමෙන්ම රාතී‍්‍ර කාලයේ වායුගෝලයේ ජල වාෂ්ප ප‍්‍රමාණය ද අධික වේ.
බෝධි වෘක්ෂයක් හෝ වෙනත් ගස් සහිත පරිසරයකදී සාමාන්‍ය ස්ථානයකට වඩා වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් දක්නට ලැබීම විද්‍යාත්මක සත්‍යයකි.
මෙවැනි ස්ථානයක කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් හෙවත් සරල සංයුක්ත ඩිජිටල් කැමරාවක් භාවිතයේදී බොහෝ විට දේවතා එළි යනුවෙන් වර්තමානයේ හඳුන්වන විවිධ වර්ණයෙන් යුතු ආලෝක ලප ඡායාරූපයක දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ.
එය තේනුවර මහතා විස්තර කරන්නේ මේ ආකාරයෙනි.
රාතී‍්‍ර කාලයේදී සෙනග ගැවසෙන එළිමහනේ විශාල දුවිලි ප‍්‍රමාණයක් අපට නොපෙනී තිබෙනවා. ඒ වගේම ජල වාෂ්ප ප‍්‍රමාණයත් වැඩියි. මේ වගේ තැනකදී අපි සරල සංයුක්ත කැමරාවක් හෙවත් කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් භාවිත කරලා ඡායාරූපයක් ගන්නා විට එය කරන්නේ කැමරාවේ ඇති සරලතම ක‍්‍රමවේදය වූ ඔටෝ හෙවත් ස්වයංකී‍්‍රය සැකැස්ම භාවිත කරමින්. මෙවැනි කැමරාවක කාචය ඉතාමත්ම කුඩායි. ඒ වගේම ස්වයංකී‍්‍රය කි‍්‍රයාත්මක වන කෘතිි‍්‍රම ආලෝක ප‍්‍රභවය හෙවත් කැමරාවේ ෆ්ලෑෂ් එක කි‍්‍රයාත්මක වූ විට බාහිර පරිසයේ තිබෙන දුවිලි අංශු වලට හා ජල වාෂ්ව වලට අර ආලෝකය වැදී එය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වනවා. එය කැමරාවේ සටහන් වන්නේ ආලෝක ලප හැටියට.
මේවා විවිධ වර්ණයන් ගන්නවා. කහ, රතු, නිල්, දම්, සුදු ආදී වර්ණ ගන්නවා. තවත් විශේෂත්වයක් තමයි මේ ලප විශාල කළවිට පෙනෙන්නේ මලක් වැනි හැඩයකින්. ඇතැම් විට මේවා සහමරු හිතනවා අර හඳේ හාවා මවාගෙන ඉන්නවා වගේ මිනිස් මුහුණු ආකාරයට. මේ දේවතා එළි නොවේ. දුවිලි සහ ජල වාෂ්ප වලට ක්ෂණික ආලෝක ප‍්‍රභවය පතිත වීමෙන් ඇතිවන දෝෂයක් මිසක් දේවතා එළි නොවේ.
වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවසන්නේ තමන්ගේ වෘත්තීය මට්ටමේ කැමරාවල මෙම දෝෂය ඇති නොවන බවයි. මේ පිළිබඳ පර්යේෂණයක් කළ තේනුවර මහතා වරක් තම නිවස පිටුපස ඇති වැසිකිළියක රාතී‍්‍රකාලයේ සිය වෘත්තීය මට්ටමේ කැමරාව සහ තම දියණිය සතුව ඇති සරල සංයුක්ත කැමරාව භාවිතා කරමින් එකම මොහොතේ ඡායාරූප දෙකක් ගෙන තිබේ.
අපි කැමරා දෙකෙන් එකම වෙලාවේ ඡායරූප ගත්තා. එතැන විශාල ජලවාෂ්ප ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම දුවිලි සහිත පරිසරයක් තිබෙන්නේ. දුවගේ සරල සංයුක්ත කැමරාවේ අර දේවතා එළියැයි කියන ලප විශාල ප‍්‍රමාණයක් සටහන් වී තිබුණා. නමුත් මගේ කැමරාවට බය වෙලා එළි නිකුත් කරලා නැහැ. පොඩි කැමරාවකින් වැසිකිළියේත් දේවතා එළි පෙන්වන්න පුඑවන්.
වෘත්තීය ඡායරූප ශිල්පියකුවන විමුක්ති වීරතුංග මහතා පවසන්නේ ද සරල සංයුක්ත කැමරාවේ කුඩා කාචය හා එහි ඇති සරල කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හේතුවෙන් රාතී‍්‍ර කාලයේ දී පරිසරයේ ඇති ජල වාෂ්ප හා දුවිල අංශු ආලෝක ලප ලෙස කැමරාවේ සටහන් වන බවයි. හෙතෙම මෙසේ ද කීවේය.
මේ කුඩා කැමරා බොහෝ දෙනෙක් සාක්කුවේ දමාගෙන යනවා. ඒ වගේම නිකන් අතේ එල්ලාගෙන යනවා. ඒ තරමටම එය සරල උපකරණයක්. නමුත් මේවා වතුරට ප‍්‍රතිරෝධී නැහැ. ඒ නිසා රාතී‍්‍ර කාලයේදී හෝ ඕනෑම වේලාවක මේ කැමරවල ඡායාරූපය ග‍්‍රහණය කරගන්නා සංවේදී පෘෂ්ඨයේ, කාචයේ හා ෆ්ලෑෂරයේ ජල වාෂ්ප සහ දහඩිය බැඳී තිබෙනවා. එවැනි අවස්ථාවක ගන්නා ඡායාරූපයේ අර වගේම ආලෝක ලප දක්නට ලැබෙනවා. මෙය හොඳින් පෙනෙන්නේ අඳුරු ස්ථානයක කෘත‍්‍රිම ආලෝකය භාවිතයෙන් ඡායාරූපය ගන්නා විට. නමුත් ඒ මොහොතේ ක්ෂණික ආලෝකයේ ඇති ප‍්‍රභලතාව නිසා ජල වාෂ්ප ඉක්මනින් නැතිවී යනවා. ඒ හේතුවෙන් දෙවැනි ඡායාරූපයේ මේ ආලෝක ලප දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනකු සිතන්නේ එතැන ගන්නා එක් ඡායාරූපයක් පමණක් ආලෝක ලප සටහන් වූ අවස්ථාවකදී එය සැබැවින්ම අපේ සාහිත්‍යයේ එන දේවතාවුන්ගේ එළි කියලා. දේවතාවුන් ඉන්නවා ද නැද්ද කියන දේ මම දන්නේ නැහැ. නමුත් මේ විදියට ඡායාරූපවල සටහන් වන්නේනම් දේවතා එළි නොවන බවනම් ස්ථිරයි.
වර්තමානයේ කතා බහට ලක්වූ ඡායාරූප අතරින් වඩාත් ආන්දෝලනාත්මක වූයේ මහනුවර බාළිකා පාසලක දක්නට ලැබෙනවායැයි කිය අනතුරකින් තුවාල ලබා මියගිය සිසුවියකගේ අවතාරයයි. මේ කතාවට පදනම වැටුණේ එක්තරා රාති‍්‍රයක එම ශාලාවේ ලැගුම්ගත් හෙදියන් පිරිසක් විසින් ගන්නා ලද එක් ඡායාරූපයකි. නමුත් මේ ඡුායාරූපය බොහෝ දෙනෙක් දැඩි සේ විශ්වාස කළහ. එහි එක් කකුලක් පෙනෙන්නට නොතිබීමත් මියගිය දැරියගේ පාදයකට දැඩි සේ හානි සිදුව තිබීමත් හේතුවෙන් මෙහි සත්‍යතාවක් ඇතැයි බොහෝ දෙනෙක් සිතන්නට වූහ. මිය ගිය දැරියගේ හානියට පත්ව තිබුණේ වම් පාදයටය. නමුත් මේ ඡායාරූපයේ සිටින අවතාරය යැයි කියන රූපයේ වම් පාදය පැහැදිලිව දක්නට ලැබේ.
ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ මෙය සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූපයක් ගැනීමේදී බහුලව දක්නට ලැබෙන දෝෂයක් බවයි.
ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කළේය.
අඳුරු ස්ථානයක ඡායාරූපයක් ගන්නා විට සාමාන්‍යයෙන් කැමරාව ස්වයංකී‍්‍රයව අඩු ද්වාර වේගයක් හෙවත් අඩු ෂටර් ස්පීඞ් එකක් භාවිත කරනවා. ඒ වගේම අඩු ආලෝකයක් ඇති ස්ථානයකදී වැඩි ආලෝකයක් කැමරාවට ගැනීම සඳහා ස්වයංකීයවම කැමරාවේ කාච විවරයත් විශාල කරගන්නවා. ඒ වගේ වේලාවකදි ඇතැම් විට කාච ද්වාරය හෙවත් ෂටර් එක විවෘතව පවතින කාලය තත්පරයෙන් 15 එකක්, 10 න් එකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක් විය හැකියි. ඉතින් මේ වගේ වෙලාවට අපේ ශරීරයේ ඇති සාමාන්‍ය කම්පන, අත වෙවිලීම හෘද ස්ඵන්දනය ආදිය නිසා ඡායාරූපය යම් පමණකට වෙව්ලන ස්වරූපයෙන් සටහන් වනවා. එවැනි අවස්ථාවකදී යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් චලනය වූවානම් එය සටහන් වන්නේ බොඳවූ රූපයක් වගේ. ඇතැම් විට පුද්ගලයකුනම් හඳුනාගන්නටවත් බැහැ. මහනුවර බාලිකා පාසලේ අවතරායත් එවැන්නක්. එදින පැහැදිලිවම හෙදියන් රාතී‍්‍ර නවාතැන් ගත්බව සඳහන් වනවා. මේ ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ නිල ඇඳුමින් සිටි හෙදියක් ඡායාරූපය ගත් ස්ථානය හරහා ගමන් කළ මොහොතක්. කෙනෙක් ගමන් කරන විට එක් කකුලක් තත්තපර කිහිපයක් ස්ථාවරව පොළව මත තිබියදී අනෙක් පාදය ඔසවනවා. නැතිනම් එය යම් වේගයකින් චලනය වෙනවා. වැඩි වේලාවක් කැමරාවේ ස්වයංකී‍්‍ර දොර විවෘතව තිබීමත් විශාල කාච විවරයක් තිබීමත් හේතුවෙන් මේ චලනය වන පාදය ඡායාරූපයේ සටහන් වන්නේ නැහැ. ගමන් කරමින් සිටි තැනැත්තා හෝ තැනැත්තිය සටහන් වන්නේත් බොඳවූ රූපයක ආකාරයෙන්. සිදුවී ඇත්තේ මේ දෙය විනා මියගිය සිසුවියකගේ අවතාරයක් කැමරාවේ සටහන් වීම නොවේ.
මෙවැනි අපූරු සිදුවීමකට මුහුණ දීමට විමක්ති වීරතුංග මහතාට සිදුව තිබේ.
අපි වනාන්තරයේ ඡායාරූප ගැනීම සඳහා වරක් යාල කැලයේ කඳවුරු බැද ගත්තා. එදා රාති‍්‍රයේ අපට තිබුණේ ලන්තෑරුම් කිහිපයක් සහ පත්තුකරපු ගිනි මැලයේ ආලෝකය පමණයි. අපිම රාතී‍්‍ර ආහාරය පිළියෙල කරගත්තා. මේ අවස්ථාවේ අපි කෑම පිළියෙල කරනවා කෑම කනවා ඡායාරූප ගත්තා. මගේ වෘත්තීය මට්ටමේ කැමරාවෙන් වගේම තවත් මිතුරකුගේ සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූප ගත්තා. දවස් දෙකකට විතර පස්සේ ගෙදර ආවායින් පස්සේ මගේ යාඑවා මහ කලබලයකින් මට කතා කරලා කියනවා අපි එදා රෑ කෑම කන වෙලාවේ කෑම හදපු භාජනයෙන් අවතාර කෑම ගන්නවා එයාගේ ඡායාරූපවල සටහන් වෙලා කියලා.
මම එයාට ඒ පින්තූර අරගෙන එන්න කියලා ඒවා පරීක්ෂා කළා. හොඳ වෙලාවට ඒ වෙලාවේ අපි දෙන්නම එකම තැන වාඩිවෙලා ඡායරූප අරගෙන තිබුණේ. මගේ ඡායාරූපත් එයාගේ ඡායාරූපත් එකට දාලා බැලූවම අපේ කණ්ඩායමේ හිටපු කට්ටිය කෑම බෙදා ගන්නා අවස්ථාව එයාගේ කැමරාවේ සටහන් වෙලාතිබෙන්නේ අවතාර කෑම බෙදා ගන්නවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා ඡායාරූප තාක්ෂණය නොදන්නා එයාට තේරුම් කරලා දුන්නේ බොහොම අමාරුවෙන්. මගේ කැමරාවේ හොඳට පේන රූප එයාගේ කැමරාවේ අඩු ද්වාර වේගය හා විශාල කාච විවරය නිසා සෙලවුණු අවතාර බවට පත්වෙලා. මේක අප තේරුම්ගත යුතුයි. මේ අවතාර නොවේ. කැමරාවල තාක්ෂණික ගැටලූ නිසා ඇතිවන දේ.
පසුගියදා ජනපි‍්‍රය වූ තවත් ඡායාරූපයක් වූයේ වැව් ඉස්මත්තකදී සටහන්වූවායැයි කියන රාවණගේ දඩු මොනරයයි. ඒ ඡායාරූපයේ ඇත්තේ කැමරාවට ඉදිරියෙන් ඉගිලී ගිය කුරුල්ලකු බව වෘත්තීය ඡායරූප ශිල්පීන් කොතෙක් පෙන්වාදුන්න ද ඇතැමුන් එය රාවණගේ දඩුමොනරය යැයි විශ්වාස කරනු ලැබුවා.
තේනුවර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
දඩුමොනරයේයැයි කියන ඡායරූපය ගනිද්දී එම ශිල්පියා ෂටර් ස්පීඞ් එක භාවිතා කරල තියෙන්නේ තත්පරයෙන් 4000 න් එකක වේගයක්. ඒ කියන්නේ තත්ත්පරයෙන් 4000 කින් එකක වේලාවකදී කැමරාවේ ආලෝකය ඇතුඑ කරන දොර විවෘත වී වැහෙනවා. මේ දොර ඇරෙන්නේ පහළ සිට ඉහළට උඩ සිට පහළට ස්කෑන් වෙලා ඡායාරූපය ගොඩනැගෙනවා. මේ දත්ත අරගෙන තමයි කැමරාවෙන් ඡායාරූපයක් හැදෙන්නේ. කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹායන කුරුල්ලකු වුවත් මේ ද්වාරවේගයේදී සටහන් වෙනවා. අංශක 25 ක් හෝ 30 ක පමණ කෝණයක් ඇතිව කැමරාව දෙසට එන කුරුල්ලෙක් හෝ බෝලයක් වුණත් කැමරාවේ සටහන් වන්නේ හීනි පැතලි වස්තුවක් හැටියට. එවිට එය පේන්නේ ජෙට් එකක් වගේ. ඉතින් රාවණගේ දේවල් විශ්වාස කරන අය හිතනවා මෙය දඩුමොනරය කියලා. නමුත් මේ ඡායාරූපයේ දක්නට ලැබුණේ කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹා ගිය කුරුල්ලෙක්.
රාති‍්‍රයේ ආලෝකවත්ව ඇති දාගැබක ඡායාරූපයක් ගන්නා විට දාගැබ හා කැමරාව අතර ඇති විදුලි පහණක් ඇතැම් විට අහසේ ඇති ආලෝක ප‍්‍රභවයක් ලෙස දිස්වේ. ඡායාරූපයේ මෙය පෙනෙන්නේ අඳුරු අහසේ ඇති හඳුනානොගත් ආලෝකයක් ලෙසිනි. එය ඇතැම් විට වෙව්ලීම හේතුවෙන් අපහැදිලි හැඩයක් ලෙස දක්නට ලැබේ. බොහෝ දෙනකු සිතන්නේ මෙය ද දේවතා ගමන් කිරීමක් බවයි.
වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම කැමරා පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයගේ මතය වී ඇත්තේ කැමරාවන්හි සටහන් වන මෙවැනි ආලෝක ලප හා ආගන්තුක වස්තු මෙරට ඇති සංස්කෘතික මතවාද හා සම්බන්ධ කර විවිධ සංකල්ප ඉදිරිපත් කිරීමෙන් හා ප‍්‍රචාරයක් ලබාදීමෙන් සමස්ථ සමාජයම මිත්‍යාව වෙත තල්ලූකැර දැමීම ඛේදවාචකයක් බවයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 23, 2016 at 09:30AM

මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට අප කොතරම් වාසනාවන්තද?

ස්වාමීන්වහන්ස, කෝටි බිලියන ගණන් වටිනා ස්වීප් එකක් ඇදෙනවා කිව්වොත් අපි හිතන්නේ මහා දෙයක් කියලා. නමුත් ස්වාමීන්වහන්ස, තඹයක් තරම්වත් වටින දෙයක් නෙමෙයි. මේ ඇදිලා තියෙන ස්වීප් එකේ වටිනාකම දන්නේ නැහැ. බොරු නෙමෙයි, හිතන්න ස්වාමීන්වහන්ස, බුදුරජාණන්වහන්සේ පෙන්නනවා මහ මුහුදේ ඉන්න සත්තු – මේ මුළු පොළවෙම තියෙන ගස් වැල් අඟලෙ, අඟලෙ කෑලි වලට කපලා මුහුදෙ ඉන්න එක සතාට එක කෑල්ල කෑල්ල තියාගෙන ගියොත්, මුළු පොළවේම තියෙන ගස්වැල් ඉවර වෙනවා, ඒත් මුහුදෙ ඉන්න සත්තු වැඩියි කියලා. මොකද මේ පෘථිවියේ හතරෙන් තුනක් ජලය, ජලයේ ඉන්න සත්තු වැඩියි. ගොඩබිම ගත්තහම එක ඉඩමක ඉන්න කඩි, කූඹි, වේයෝ, මේ මුළු පෘථිවියේම ගොඩබිමයි, ජලයෙයි ඉන්න සත්තු ගත්තොත් සත්ව විෂය කොච්චරද?
ගිය ජීවිතයේ මරණාසන්න අවස්ථාවේ දී – ඒ එකම සත්ව යෝනියකටවත් යන්නේ නැතුව, එකම තැනකටවත් ප්‍ර‍තිසන්ධි ගන්නේ නැතුව, මනුෂ්‍යය මව් කුසක ප්‍රතිසන්ධි ගත්තා කියනකොට හිතාගන්න කොහොමද කියන එක. ඇඟ කිලිපොලා යනවා ස්වාමීන්වහන්ස – මේ ලැබුණ ජීවිතයේ වටිනාකම. අපිට තේරුණේ නැති වුණාට.
නමුත් අවාසනාවට – අර මම කියන්නේ කෝටි ගණනක් වටිනා මැණිකක් තියෙන්නේ වටිනාකම නොදන්නා කිරි සප්පයෙක් අතේ නම්, ඔය වටිනා මැණික එයාගෙ ජීවිතෙන් අයින් කරන්න දෙන්න ඕනේ මොකක්ද – රුපියලක් නැත්නම් ශත පණහක් විතරයි. කෝටි ගණනක් වටිනා මැණිකක්. හැබැයි පුංචි පැටියෙක් අතේ තියෙන්නේ. ටොපියක් පෙන්නලා ‘මේ බලන්න පුතේ මේක හරි රසයි. මේක අරන් ඕක දෙන්න පුතේ’ කිව්වොත් දෙන්නේ නැද්ද? දිවෙත් ගාලා පෙන්නනවා, ඇයි රහයි නේ. ශත පනහේ, රුපියලේ ටොපිය අරගෙන ළමයා ඒක දෙයි. ඇයි ඒ? ‘වටිනාකම නොදන්නාකම’ නිසා. කෝටි ගණනක් වටිනා මැණික වටිනාකම දන්නා කෙනෙක් අතේ තිබුණොත් – රුපියලක්, ශත පණහක් දීලා ගන්න පුළුවන්ද? ගුටිකන්නයි වෙන්නේ.
ස්වාමීන්වහන්ස, ඒ වගේ මේ තුන් භවයේම තුණුරුවන් හා සමාන රත්නයක් නැහැ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. දුක් ගිනි නිවෙන මේ ධර්මය නිසා. මේ චෛත්‍යය වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ ස්වාමීන්වහන්සේලා වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ මේ දහම නිසා. මේ වටිනාකම ආවේ. නමුත් අපිට ඒකෙ වටිනාකම තේරෙන්නේ නැහැ, මෙච්චර වටින්නේ මොකක් නිසාද කියලා.
ආලෝකෝ උදපාදි පොත ඇසුරෙන් -> http://ift.tt/20rXBKK

ෆොටෝ එක -> http://ift.tt/1fQW6PA via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook March 22, 2016 at 12:00PM

ඉලෙක්ට්‍රෝන කියලා දෙයක් තියෙනවද? ඔව්
දැක්කද? නෑ ඒත් විද්‍යාඥයෝ කියනවානේ. අපිටත් ඕනේ නම් පරික්ෂා කරලා සොයාගන්න පුළුවන්ලු.

ප්‍රෝටෝන කියලා දෙයක් තියෙනවාද? ඔව්
දැක්කද? නෑ ඒත් විද්‍යාඥයෝ කියනවානේ. අපිටත් ඕනේ නම් පරික්ෂා කරලා සොයාගන්න පුළුවන්ලු.

නියුට්‍රෝන කියලා දෙයක් තියෙනවාද? ඔව්
දැක්කද? නෑ ඒත් විද්‍යාඥයෝ කියනවානේ. අපිටත් ඕනේ නම් පරික්ෂා කරලා සොයාගන්න පුළුවන්ලු.

නිවිති වල යකඩ තියෙනවාද? ඔව්
දැක්කද? නෑ ඒත් විද්‍යාඥයෝ කියනවානේ. අපිටත් ඕනේ නම් පරික්ෂා කරලා සොයාගන්න පුළුවන්ලු.

කර්මය කර්මඵල කියලා දෙයක් තියෙනවාද? නෑ.
ඇයි? පේන්ට නෑනේ. නමුත් චුතුපපාත ඥානය උපදවාගෙන තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිබව බුදුරජාණන් වහන්සේ කියලා තියනවනේ. ප්‍රත්‍යක්ෂ කරගත් අයත් ඉන්නවනේ ලක්ෂ ගණනින්.

නිරය ප්‍රේත ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදිය තියෙනවාද? නෑ
ඇයි? පේන්ට නෑනේ. නමුත් චුතුපපාත ඥානය උපදවාගෙන තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිබව බුදුරජාණන් වහන්සේ කියලා තියනවනේ. ප්‍රත්‍යක්ෂ කරගත් අයත් ඉන්නවනේ ලක්ෂ ගණනින්.

විද්‍යාඥයන් ලෙස හඳුන්වන කෙලෙස් සහගත පිරිස යමක් කීවොත් අවිවාදිතව පිළිගන්න බොහෝ අය අප ආදරයෙන් සරණ ගිය නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කොට දෙසා වදාළ සත්‍ය පිළිගැනීමට මැලි වන්නේ ඇයි…? via Facebook Pages http://ift.tt/1GMS4Lf