Monthly Archives: April 2016

New photo from Facebook April 18, 2016 at 12:00PM

සතර මහා ධාතුවේ නිමිති (මම, දුව, අම්මා, කාරය ආදී වශයෙන්) ගැනීම නිසා දුක ඇතිවී තිබෙන ආකාරය….
කායානුපස්සනාවේ ධාතු මනසිකාරය වඩන්න….

’’මහණෙනි, නැවතද භික්‍ෂුව මේ ශරිරය යම්සේ සිටියේද, යම්සේ පිහිටු වන ලදද, එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරිරයෙහි පෘථවි ධාතුව (තදගතිය), ආපො ධාතුව (දියවනගතිය), තේජෝ ධාතුව (උණුගතිය), වායො ධාතුව (විහිදෙනාගතිය) (යන ධාතුහු) ඇත්තේය කියායි. මේසේ තමන්ගේ හෝ අනුන්ගේ ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.

’’මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳුවීම පිණිසද, ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද, ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධ කිරීම පිණිසද, එකම මාර්ගය වන්නේයයි’’ දේශනා කළාහුය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 18, 2016 at 09:29AM

෴….අප්‍රමාදී වන්න – අතිශය දුලබ බුදු උපත….෴

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”
බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව – 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. පේ‍්‍රතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා…” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.
පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය – පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහා වෙහෙසිය යුතුයි.

මාස්පොත , ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ පටිච්චසමුප්පාදය ධර්ම දේශනා ඇතුළු සියලුම ගැඹුරු ධර්ම දේශනා වලට දැන් youtube හරහා සවන් දිය හැකිය. අදම එක්වන්න.

Path to Nirvana

More info @ https://www.youtube.com/channel/UCUPxFKfmzSDNVpQEeW6ci7g
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
April 17, 2016 at 11:46AM

New photo from Facebook April 16, 2016 at 12:00PM

කෙලෙස් වලටඅනුගත වී සිල් බිඳ ගැනීම වීරකමක් නොවේ. ඕන මෝඩයෙකුට ඒක කළහැකි.
කෙලෙස් වලට විරුද්ධව සටන් කරමින්, සිතට වහල් නොවී, ශීලය ආරක්ෂා කිරීමයි අපහසු. සිල් ආරක්ෂා කරන කෙනයි මහා පුරුෂයෙකු, වීරයෙකු වෙන්නේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 15, 2016 at 12:00PM

සතර මහා ධාතු ගොඩකට නිමිති (මම, අම්මා, තාත්තා, දුව, පුතා, ගෙවල් දොරවල් ආදී) දාගෙන ලෝකයක් නිර්මාණය කරගෙනයි අපි ජීවත් වෙන්නේ.
කායානුපස්සනාවේ ධාතු මනසිකාරය නමැති කමටහන වඩමු -> http://ift.tt/1T8wfbj via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 15, 2016 at 09:30AM

ඔබ මේ කුණුවන කුණප කොටස් සමූහයට සත්වයෙක් පුද්ගලයෙක් කියා රැවටෙනව නම්, නිවන් දකින්න කලබල වෙන්න එපා.
මුලින් කායානුපස්සනාව තුළින් සිහි නුවණ වර්ධනය කර ගනිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 14, 2016 at 06:00PM

කකුළුවන් තමනගේ මරණය සිදුවන උනුවතුර හෑලියේ ඒ බව නොදෑන සතුටින් දගලන කල්හි එ බව දකින අනුකම්පා සහගත පුද්ගලයකුට බොහො සේයින අනුකම්පාවක් ඈති වන්නා සේම ජරා මරණ ව්‍යාධි දුක් සෙවනැල්ලක් සේ තමා පසුපසින් එන මේ ලොකේ කාමයට ලොල් වි දගලන බොහෝ ජනයා දකින ධර්මයේ හෑසිරෙන මෙත් සිත ඈති පුද්ගලයකුට තම සිතෙහි ඈති වනුයේ මහත් වු අනුකම්පාවකි.

වර්තමානයේ බොහො ජනයා අය වෑය ලෙඛනයම සිතෙහි තබා ගෙන මුදල් පසු පසම දිව යාම ද, තම දරුවන්වද ඒ මාර්ගයටම යොමු කිරීමද මහත් අවාසනාවන්ත තත්වයකි…. නමුදු තවමත් උතුම් ගෞතම බුද්ධ සාසනේ රෑකවරණය ලබා ගෙන මේ ඉපදෙන මැරෙන සසර කතරින් එතෙර වීමට වාසනාව ඈති බව අප සිහියේ තබා ගත යුතුමය… උතුම් වු අරහත් සම්මා සම්බුදු පියාණන් වදාල ඒ අජරාමර නිර්වාණය මේ දිවියෙදීම සාක්ෂාත් කරගෙන සියලු දුක් ක්ෂය කිරීමේ හැකියාව තවමත් පවතී…..

සියලු සත්වයෝ අප්‍රමාදීව ධර්මයට එක්වෙත්වා.
සම්මා සම්බුදු සරණයි………..

හැකිතාක් share කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook April 14, 2016 at 09:14AM

දුටුගැමුණු රජුගේ මරණය.

(බොහෝ සිංහල බෞද්ධයින් විසින් උසස් ලෙස සලකන දුටුගැමුණු රජතුමාගේ ශ්‍රද්ධාවේ මහත් බව පෙන්වන කතාවකි)

(1) දුට්ඨ ගාමිණී අභය මහ රජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. (2) මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය; (3) “මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණු පසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්” (4) මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හරී උතුම් මහාසෑය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇදෙහි හිදගෙන ඉදිරියෙහි තිබෙන, රහතන්ට වාසස්ථානය වූ මිරිසවැටිය දකී. (6) ඒ කලයෙහි ථේරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධවිහාරයෙහි වසයි. (7) දිවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතුවී අස්නක හිදගත්තේය. (8) එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීහ: “මහරජ බිය නොවුව මැනවි; ඔබ විසින් බොහෝ පින් කරන ලදී. (9) මේ මහසෑය චන්ද්‍රයා සේ පිරිසිදුව, සක්ගෙඩියක් මෙන් සුදුව, චන්ද්‍ර සූර්යයන් මෙන් බබළමින් මෙහි තිබේ. (10) මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙර මුදුන මෙන් ද බබළමින් පිහිටියේය. (11) ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන් ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනේ. (12) භික්ෂූන් ලක්ෂයකටද භික්ෂුණීන් අනූනවදහසකටද ඉතා වටිනා මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ. (13) ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල් ද නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.

(14) තෙරුන්ගේ කීම අසා රජතෙමේ මෙසේ කීහ; “මා විසින් යම් දනක් දෙනලද නම් ඒ සියල්ල සිහිකරමි. (15) නමුත් රාජ්‍යය ලබූ පසු මෙවනි දේ කිරීම අපහසු නැත. සිය නිවෙසින් පිටවී සැග වී සිටියදී යමක් දෙන ලද නම් එය අපහසු දීමකි. (16) පෙර කුමාර කාලයේදී පියා මට පරිභව කළ බැවින් මම සේවකයකු සමග කදුරට ගියෙමි. (17) එහි කාංගුම කාංගු පර්වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැදින නොගත්තේය. (18) මාලෙය්‍ය දේව තෙරනමද ධම්මගුත්ත තෙරනම ද ධම්මදින්න තෙරනම ද පූජ්‍ය වූ ව්‍යග්ඝ තෙරනම ද (19) යන සතරනම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩ සිටියාය. ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍රයක් ඇදගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබුකැටයක් ගෙන වැපිරීම සදහා කෙතට ගියාය. (21) මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය නො පෙනෙන ලෙස ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. (22) ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කළෙමි. (23) එවිට මා හදුනාගත් මිනිසුන් සතර දෙනෙක් දීකිරි කලයක් ද මස් ද මට පඩුරු සදහා ගෙනාහ. (24) මම ඒ සියල්ල එක්කොට වර්ණගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට (25) ඒ තෙරසතරනමගේ පාත්‍ර ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගන්නුවෙමි. (26) මාගේ දානය රැගත් දේව තෙරනමත් ධම්මගුත්ත තෙරනමත් අහසට නැගී ගියහ. (27) ධම්මදින්න ව්‍යග්ඝ තෙර දෙනම දියෙහි ගිලෙන්නා සේ පොළවෙහි ගිලී ගියහ. (28) මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ; අන් සියලු දානයන්ට ඉදිරියෙන් පෙනේ.

(29) තවත් දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ. තිස්ස කුමරු හා යුද්ධ කොට කීපවරක් පැරදී භටයන් විසින් ලුහුබදනා ලදුව (සංඝයා) මැවූ පර්වතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමාරා එතැනින් නැවතුනි. (31) වන මැදට පැමිණි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙම් යම්කිසි ආහාරයක් සෙවුවෙමි. (33) මාගේ කීම ඇසූ ඇමති තෙමේ ” ස්වාමීනි මාගේ අතේ බත්මුලක් ඇත, ආහාර අනුභව කළ මැනැවැ ” යි කීය. (34) “යෙහෙකි මිත්‍රය, ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව” යි මම කීවෙමි. (35) එසේ ගෙනාවිට එය අතට ගත් මම කදුළු පිරුණු ඇස් ඇතිව හඩමින් ශෝකයෙන් රත්වූ හර්දය ඇතිව මෙසේ සුතුවෙමි: ” මම යම්කලක වැඩිවියට පැමිණියේමි නම්, එතැන් සිට මහසගනට නොදී කෑ බවක් නොදනිමි’. (37) මාගේ අදහස දැනගත් පුවගු දිවයින වැසි තෙරෙනමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේය. (38) සතුටු වූ මම එතුමාට වැද දෙකොටසක් එක්කොට සියතින් දෙනු කැමති වීම්. (39) තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමී. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි. (40) විචක්ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගී ආරාමයට පැමිණියේය. (41) එතුමා ඒ ආහාරය තෙළෙස් දහසක් භික්ෂූන්ට වැළද වීය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවීය. (42) අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍රය මනා කොට සෝදා හරවා යැවීමු. (43) මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සාපිසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි.

(44) සමූහයන්ට අග්‍ර වූ ශිලාදි නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංගයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානාදි නොයෙක් පින් කම් කළෙමි. මා රැස්කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේවපුත්‍රයා අනාගතයෙහි බුදු වන්නේය”. මෙසේ කියා ඒ රජ කෘමී සමූහයාට වාසස්ථානය වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැග දෙව්ලොවට ගියේය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි. via Facebook Pages http://ift.tt/1GMS4Lf