Monthly Archives: June 2016

New photo from Facebook June 25, 2016 at 12:00PM

කුහුඹුවන් මදුරුවන් ආදී වූ ලොකු කුඩා සියලු ප්‍රාණීන් නැසීමෙන් වැලකී සිටීමට අදීටන් කර ගනිමු.
ඔබත් ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක්ද? පහතින් comment කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 25, 2016 at 09:43AM

අප්‍රමාණ වූ, බාධා රහිත වූ, සැප සහගත වූ, මෛත්‍රී සහගත සිතේ පවතින සංසිඳීම අත්දකින්න…
ඔබත් අනිවාර්යයෙන්ම පුරුදු කරන්න
ඔබේ මෛත්‍රී භාවනා අත්දැකීම් පහතින් comment කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 24, 2016 at 09:02AM

එක සිල් පදයක අනුහස්!
.
පංචශීල ප්‍රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත් ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි ලක බණකතාවකි.

ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ-වෙසෙති.

දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා-පිපාසාවෙන් පෙළුණේ විහාරස්ථානයට යනුයේ තෙරුන් පි¾ඩු සිඟා ලද ආහාරය දකියි. යම් ලෙසකින් ‘මේ හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම සිතමින් සිටියේය. හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි කාරුණිකව ඇරියුම් කළහ. සා-පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය:

“හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක් නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට සමා වනු මැනවි, ස්වාමීනි!”

“හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි. ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”

“ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”

යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට පැහැදිලි කළහ. එවිට සොරා “ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක් ඇති විය:

“පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”

“බැහැ, ස්වාමීනි.”

“තුනක් වත් රකින්න.”

“බැහැ, ස්වාමීනි.”

“එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”

“බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”

“හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”

“හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන සිල්පදය ආරක්ෂා කරන්නෙමි.”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.

සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.

“තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”

“ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම පිණිසය.”

“තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට ඉඩ දෙමි.”

“හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”

“කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන් අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”

“ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”

මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.

“යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක් නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්‍රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”

සොරු පුදුම විය.

‘මම ආරක්ෂා කළේ එක්ම එක් සිල් පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත් ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’

මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි පැවසීය.

“පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන් මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”

සතුටු සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව් නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.
. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 23, 2016 at 12:00PM

ස්ත්‍රීන් දැකීමය, ඔවුන් ගේ ක්‍රියා දැකීමය, ඔවුන්ගේ හඬ ඇසීමය, ඔවුන් ගේ ගන්ධය ආඝ්‍රාණය කිරීමය, ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය, ඔවුන්ගේ ශරීර ස්පර්ශය ලැබීමය, ඔවුන් හා සම්භාෂණයෙහි යෙදීමය, තවත් ක්‍ර‍මවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳ ව පුරුෂ චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද, පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ස්ත්‍රී චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද රාග නම් වේ. මෙය සමහරවිට නිෂ්ප්‍රීතික ද වන්නේ ය. සමහරවිට තවත් පුරුෂයකු සම්බන්ධයෙන් පුරුෂයකුට ද, ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකට ද රාගය ඇති වේ. මෙය මෛත්‍රී කරුණා ශ්‍ර‍ද්ධාදි අනේක වේශයන් ගෙන් පහළ වී වඤ්චා කරන ධර්මයකි.

== මෛත්‍රී රූපයෙන් වඤ්චක රාගය ==
තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමාහට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නො ලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේ ය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍ර‍ත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේ ය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නො දැනෙන්නේ ය. එයට රැවටුණු වූ හෙතෙමේ “මෛත්‍රිය හෙවත් මිත්‍ර‍ත්වය සැම දෙනා සමග ම පැවැත්වීමට සුදුසු දෙයකැ” යි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේ ය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේ ය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍ර‍මයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයට ද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු වලින් පරෙස්සම් වීම ඉතා දුෂ්කර ය. නුවණැතියෝ ද මේවාට මුළා වී අන්තයේ දී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇති වේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍ර‍මණ ධර්මයෙන් ද පිරිහෙති.

== කරුණා වේශයෙන් වඤ්චක රාගය ==
පොහොසතුන්ට දුප්පත් ස්ත්‍රීන් පිළිබඳ ව ඇති වන රාගය සමහරවිට කරුණා රූපයෙන් පහළ වේ. එයට රැවටුන තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිට වීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍ර‍හ කරන්නේ ය. ඔවුන් හා ආශ්‍ර‍යට ද යන්නේ ය. දුම්රිය බස්රිය ආදියේ ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු වුව ද එබඳු අවස්ථාවල දී ඒ පැත්තවත් නො බලන සමහරු, හොඳින් හැඳ පැළඳ ගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුටහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුළ කරුණා රූපයෙන් පහළ වූ රාගයෙනි. රෝගාතුර වූ ස්ත්‍රීන් දක්නා කල්හි ද සමහරුන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක් ද කියා නො දැන ම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට උපකාර කරන්නාහු ය.

== ශ්‍ර‍ද්ධා වේශයෙන් වඤ්චක රාගය ==
ශෝභන රූපය හා මිහිරි කට හඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්ෂූන් දක්නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍ර‍ද්ධා වේශයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වේ. භික්ෂුව සම්බන්ධයෙන් තමන් ගේ සිත්හි පහළ වී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනෙකක් බව ඒ කාන්තාවෝ නො දනිති. එයින් මෙහෙයවන ලද ඔවුහු ඉන් පෙර භික්ෂුවකට කිසි සැලකිල්ලක් නො කළාහු ද “බොහොම හොඳ හාමුදුරුවෝ යැ” යි පසසමින් ඒ භික්ෂුව කරා නිතර එළඹෙති. සැලකිලි ද කරති. සමහර විට ඒ භික්ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නට ද බසිති. ඔවුන් ගේ මේ ශ්‍ර‍ද්ධාව කුමක් ද යන බව ඔවුන් තබා ඔවුන් ගේ හිමියෝ ද නෑයෝ ද නො දනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියකු මෙය දැන ගෙන කිව හොත් ඔවුහු ඒ තැනැත්තාට ද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යා කාරයෙකැ යි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශ වඤ්චනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසු වෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකි ය.

== පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක රාගය ==
පුණ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍ර‍ද්ධා රූපයෙන් උපන් රාගය ම පසුව පුණ්‍යකාමතා රූපය ගන්නේ ය. එයින් මෙහෙයනු ලැබූ ස්ත්‍රීහු “පින් කරමි” යි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්ෂූන්ට දන් දෙති. භික්ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින් වේ ද නො වේ ද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කර ය. දර්ශන රාගය ද පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යයි පිරිත් පින්කම් බණ පින්කම් යන්නේත් වන්දනා ගමන් යන්නේත් පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණි රාගයා ගේ මෙහෙයීමෙනි.

== කෘතඥතා වේශයෙන් වඤ්චක රාගය ==
කෘතඥතා යනු කෙළෙහි ගුණ සැලකීම ය. ස්ත්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයා කෙරෙහි ද පුරුෂයකුගෙන් උපකාරයක් ලත් ස්ත්‍රිය කෙරෙහි ද සමහර විට කෘතඥතා වේශයෙන් රාගය පහළ වේ. කෘතඥතා ප්‍ර‍තිරූපක රාගයට රැවටුණ පුරුෂ තෙමේ තේ කෝප්පයකින් මුත් තමාට සංග්‍ර‍හ කළ ස්ත්‍රිය ගේ බොහෝ ගුණ දකී. “ගුණ අමතක කිරීම නො වටනේ ය.” යි ඇය ගැන සැලකිලි කරන්නට වෙයි. ස්ත්‍රීහු ද එසේම ය. සමහරවිට තමන්ට උපකාර කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්ට ද කෘතඥතා ප්‍රතිරූපය ඇතිවේ.

== සමානාත්මතා වේශයෙන් වඤ්චක රාගය ==
අන්‍යයන් ද තමා හා සම තත්ත්වයෙහි තබා සිතන ස්වභාවය සමානාත්මතා නමි. එය උතුම් ගුණයකි. බොහෝ සෙයින් පොහොසත්තු දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු දෙයකැයි සලකති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි රාග වශයෙන් ඇල්ම පොහොසතුන්ට ද ඇති නො වන්නක් නොවේ. පොහොසත් තරුණයකුට දුප්පත් පවුල තරුණියක ගැන ඇල්ම ඇති වූ කල්හි, ඔහු තුළ පවත්නා වූ දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු ය යන හැඟීම ඇය හා සම්බන්ධකම් පැවැත්වීමට බාධාවක් වෙයි. එකල්හි ඒ රාගය සමානාත්මතා වේශය ගන්නේ ය. එයට රැවටුණු තැනැත්තේ සමානාත්මතා නමැති ගුණය ඉදිරිපත් කර ගෙන රාගයෙන් දුප්පතුන් ඇසුරු කරන්නට පටන් ගනී.

== ප්‍ර‍තිසංස්කාරකාමතා වේශයෙන් වඤ්චක රාගය ==
තමා කරා පැමිණෙන්නවුන්ට ප්‍රිය වචනයෙන් කථා කොට අවස්ථාවට සුදුසු හැටියට සංග්‍ර‍හ කරන ස්වභාවය ප්‍ර‍තිසංස්කාරකාමතා නමි. මෛථුනාධ්‍යාශමය රාගය යැයි ඇතැමෙක් වරදවා සිතති. දැකීම, ප්‍රිය සම්භාෂණය ආදිය පිළිබඳ වූ ආශාවත් රාගය ම ය. දර්ශනයෙන් හා කථා කිරීමෙන් ද ආස්වාදය ඇතිවන කෙනකු තමන් වෙත පැමිණි කල්හි ඒ ආස්වාදය විඳිනු කැමති බව වූ රාගය පටිසන්ථාර කාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ තමා වෙත පැමිණි තමාගේ මන පිනවන ආගන්තුකයා සමීපයට කැඳවා ඔහු හා ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙන්නේ ය. ආදරයෙන් ඔහුට සංග්‍ර‍හ කරන්නේ ය. ඔහු තමා කෙරෙන් ඉවත් ව යන්නට උත්සාහ කළත් ඉක්මණින් එය සිදු කර ගන්නට ඉඩ නො දෙන්නේ ය. හැකි තාක් කාලයක් ආගන්තුකයා නවත්වා ගන්නට උත්සාහ කරන්නේ ය. ඔහු ආගන්තුකයා ගේ පැමිණි කාරණය ද ඉතා ඕනෑ කමින් ඉටුකර දෙන්නේ ය.

== පරාභිවෘද්ධිකාමතා වේශයෙන් වඤ්චක රාගය ==
අනුන් ගේ දියුණුවට කැමති බව පරාභිවෘද්ධිකාමතා නමි. සමහර විට රාගය පරාභිවෘද්ධි කාමතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ ස්ත්‍රීන්හට ඉගෙනීමට උපකාර කිරීම, රක්ෂාවල් සොයා දීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක් සැටියට කරන්නේ ය. ස්ත්‍රීන්ට පමණක් නොව සමහර ළමයින්ට ද පරාභිවෘද්ධි කාමතා ප්‍ර‍තිරූපක රාගයෙන් සංග්‍ර‍හ කරති. රාගය බොහෝ වෙස් ගන්නා ධර්මයකි. ප්‍රිය වාදිතා, ධර්ම දේශනා කාමතා, ධර්ම ශ්‍ර‍වණ කාමතා, දාතු කාමතා, පරීක්ෂණතාදී රාගය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ.

රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ වංචක ධර්ම පොතෙන් උපුටා ගන්නා ලදී.
ධර්ම දානය පිණිසම බෙදා හරින්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 22, 2016 at 12:00PM

සිතේ සම්මා දිට්ඨිය ඇත්නම්… ලෝකය පෙනෙන හැටි.

කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය -> http://ift.tt/28MS7aM
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
ඉක්බිති කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිටියේය. එක් පැත්තක සිටියාවූ, ඇවැත් කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”
කච්චායනය, මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය, නොවෙයි කච්චායනය, මේ ලෝවැසි තෙම වනාහි බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි. (එහෙත්) මේ ආර්ය ශ්‍රාවකතෙම අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.
කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”
(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 21, 2016 at 12:00PM

සප්පුරිසදාන සූත්‍රය -> http://ift.tt/28Lv17D

’’මහණෙනි, මේ සත්පුරුෂ දාන පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ශ්‍රද්‍ධාවෙන් දානය දේද, සකස් වශයෙන් දානය දේද, සුදුසු කාලයෙහි දානය දේද, මුදනලද ත්‍යාග සිත් ඇත්තේ දානය දේද, තමාද, අනුන්ද නොපෙලා දානය දේද (යන පසයි.)
’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් වනාහි දානය දී (2) යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. (3) විශිෂ්ට රූ ඇත්තේ, දැකුම්කළුවූයේ, ප්‍රසාද එළවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තවූයේද වේ.
’’මහණෙනි, සකස් වශයෙන් වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ පුත්‍රයෝය කියා හෝ, භාර්‍ය්‍යාවය කියා හෝ, දාසයෝය කියා හෝ, පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ ඒ යම් කෙනෙකුන් වෙද්ද, ඔවුහුද කියන ලද්ද අසන්ට කැමති වෙත්. කණ එළවා තබත්. දැන ගැනීමට සිත එළවා තබත්.
’’මහණෙනි, සුදුසු කාලයෙහි වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුට සුදුසු කල්හි පැමිණියාවූ සම්පත්ද බොහෝ වෙත්.
’’මහණෙනි, මුදනලද සිත් ඇතිව වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මහත්වූද පස්කම් ගුණයන්හි පරිභෝ්ග කිරීමට සිත නැමෙයි.
’’මහණෙනි, තමන්ද අනුන්ද නොපෙලා වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ සම්පත්වලට ගින්නෙන් හෝ දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ, කොයිනුත් වැනසීමක්ද නොපැමිණේ. මහණෙනි, මොහු වනාහි සත්පුරුෂ දාන පස වෙත්ය’’ යි වදාළ සේක. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 20, 2016 at 09:23AM

කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයයි. සැවැත්නුවර පිඬු පිණිස වඩින භික්ෂුන් වහන්සේ නමකි. කොසොල් රජතුමා ගේ එක බන්ධනාගාරයක් උන්වහන්සේ ගේ ඇස ගැටේ.

එහි දැඩි වධ බන්ධනයට හසුව දුක් විඳීන සිරකරුවෝ ය. ඒ දුක දැක සංතාපයට පත් වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ අසති.

“ස්වාමීනි! බුදුපියාණන් වහන්ස. රජ ගෙයෙහි අපමණ දුක් පීඩා විඳින සිරකරුවන් දැක අපි බොහෝ දුකට පත් වීමු. යකඩ දැල් අතර සිරවී ගත කරන මේ බන්ධනයට වඩා වැඩි තවත් බැඳුම් තිබේද? බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.

“නතං දළහං බන්ධනමාහු ධීරා – යදාය සං දාරුංජං බබ්බජඤ්ච
සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු – පුත්තේසු ධාරේ සුචයා අපේඛා
එතං දළහං බන්ධනමාහු ධීරා – ඔහාරිනං සිථිලංදුප්පමුඤචං
ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්තී – අනපේක්ඛිනෝ කාම සූඛං පහාය”

“මහණෙනි, යකඩයෙන් කරන ලද, දැවයෙන් කරන ලද සහ රැහැනින් කරන ලද යම් බැඳුමක් වේද ඒ සියල්ල පහසුවෙන් සිඳලිය හැකි ය. ඒ නිසා නුවණැත්තෝ මේවා දැඩි බැඳුම් සේ නොසලකති. යමෙක්, ආභරණ කෙරෙහි, දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි වූ දැඩි බැඳුම් ඇත්තෙක් වේද ඒ බන්ධනය අවි ආයුධයකින් සිඳලිය නොහැකි ය. නුවණැත්තෝ දැඩි බන්ධනය ලෙස දකින්නේ තණ්හාව නමැති බැම්මයි.

බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට පෙන්වා දුන් මාර්ගය අද අප ගේ ජීවිත හැඩ ගසා ගැනීමට මහත් උපකාරි වන බව මාගේ විශ්වාසයයි.

අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත් රාදීන්, ආහාරපාන, වස්ත්ේරාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි. එහි රූප තිබේ.

ශබ්ද තිබේ. ගන්ධය, රසය, ස්පර්ශය තිබේ. නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන.

කාම බන්ධනයේ ස්වභාවය එයයි. ලෞකික ධ්යාන උපදවාගෙන සිටින අය පවා එම ධ්යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව කාලයේ සිටම නෙක්ඛම්ම පාරමිතාව පිරුවේ කාමයෙහි ඇළුණු පසුව අත්විඳින්නට වන අසහනකාරිත්වය, එහි තිබෙන දුක්ඛ සහගත බව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කොට සිටි බැවිනි. කාමයෙහි වූ ආදීනව දැකිය යුතු බව උන්වහන්සේ සෑම මොහොතකම තම ශ්ටරාවක පිරිසට ඉගැන්වූයේ ය.

කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ ‘අලගද්දුපම සූත්බරයේ’ දී උපමා මගින් පෙන්වා දුන්හ.

“අත්ථි කන්කලුපමා කාමා”

කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.

මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප්ටරමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.

“මංස පේසු උපමා කාමා”

කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.

බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග් රහ කරති.

“තිනික්කු උපමා කාමා”

පේුර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් ‘මාව පිච්චෙනවා වගේ’ ‘මම ගිනි අරගෙනයි ඉන්නේ’ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.

ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි්ේරයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.

“අංගාර කාසු උපමා කාමා”

කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.

කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?

ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.

කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.

‘සුපින කූපමා කාමා’

කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.

අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.

තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.

“යාචිත උපමා කාමා”

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.

“රුක්ඛ පලුපමා කාමා’

පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

“අතිසුනු උපමා කාමා”

කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප්මරායෝගික සිදුවීමකි.

අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.

“සක්ති සලුපමා කාමා”

අලගද්දුපම සූත්මරයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.

කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.

බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.

“සප්ප සිරූපමා කාමා”

සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.

ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප්නරහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.

ඒ සඳහා අලගද්දුපම සූත්අරය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප්ටරයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.

ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.

http://ift.tt/1V9W6gZ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 19, 2016 at 01:41PM

අද පොසොන් පුන් පොහෝ දා පටන් සීල සුව අරණ ගිලන් භික්‍ෂූ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිලන් රථයක් ලබාගැනීමට ආරමභ කල පිංකමට ඔබත් ශක්ති ප්‍රමානයෙන් දායක වන්න.
ගිලන් භික්‍ෂූන් රැකබලා ගැනීම පිණිස වෛද්‍ය පහසුකම් සහිත රෝහලක් ඉදිකරගෙන යමින්‍ දැනටමත් රෝගී භික්‍ෂූන් විසිනමක් පමන නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කරණු ලබයි.
ගලිගමුවේ ඤාණදීප හිමියන් ගිලන් භික්‍ෂූන් වෙනුවෙන් ඉදිකරගෙන යනු ලබණ ගිලන් භික්‍ෂූ මධ්‍යස්ථානයේ දැනටමත් ප්‍රතිකාර ලබණ රෝගී වයෝවෳර්ධ භික්‍ෂූන් හට වෛද්‍ය ප්‍රතිකාර සියල්ලම උන්වහන්සේට උපකාර කරණ සැදැහැවතුන්ගේ ආධාර තුලින් නොමිලේ ලබා දේ.
මසකට ලක්‍ෂ දහයක් පමණ නඩත්තු වියදම් සදහා වැයවන අතර
ගිලන් භික්‍ෂූන්ට වෙන වෙනම රෝගී තත්වය මත දානය පිලියල කරයි,
රෝහල් පලපුරැද්ද ඇති සේවකයන් විස්සක් පමණ දැනට වැටුප් ගෙවමින් දිවා රාත්‍රී දෙකේම ගිලන් භික්‍ෂූ ප්‍රතිකාර කරයි,
සුවේච්චාවෙන් පැමිණ ප්‍රතිකාර කරණ වෛද්‍ය වරැන්ට අමතරව ගෙවීම් කොට සේවය ලබා ගන්නා විශේෂඥ වෛද්‍ය වරැන්ද සීල සුව අරණට සේවය සපයයි,
ගිලන් භික්‍ෂූන්ගේ වෛද්‍ය පරීක්ශණ, ප්‍රතිකාර වියදම් , ශල්‍යකර්ම වියදම් පමණක් නොව රෝගී භික්‍ෂූන් අපවත් වුණ විට ආදහාන කටයුතු පවා ගලිගමුවේ ඤාණදීප හිමියන් සිදුකරයි
රජයෙන් සතයක දීමනාවක් නොමැති මේ පුණ්‍යකටයුත්තට හැකිනම් ගිලන් රථයක් පරිත්‍යාග කරන්න එක්වන්න
0718671086 / 0115753987 via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 19, 2016 at 09:00AM

මරණින් මතු දිරා යන මේ ශරීර කොටස් දන් දෙන්නට ඔබත් කැමතිද?
අමතන්න – 011 2692051,011 2696109
ඇස් සහ සිරුර දන්දීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීමටද ඔබට දැන් අවස්ථාව උදාවී ඇත. පහත වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදු කළ හැකිය.
http://htb.mobitel.lk/

තවද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත ඔබගේ නම සහ ලිපිනය ලියූ මුද්දර කවරයක් යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය පොරොන්දු පත්‍රයක් සහ ඇස් සහ සිරුර දන්දීම පිළිබද සියළු තොරතුරු ලබාගත හැකිය.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
නො.120/12,
විද්‍යා මාවත,
කොළඹ 07.

ඔවුන්ගේ fb පිටුව -> http://ift.tt/1UDl4JN
හැකිතාක් share කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf