Monthly Archives: September 2016

New photo from Facebook September 30, 2016 at 12:00PM

මේ ආහාරයෙන් වැඩුණු කුණප කොටස් 32 කේ සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. පිළිකුල් සහගත කූණප කොටස් 32 දකින විට ‘කෙල්ලෙක්, තරුණියක්, ගැහැනියක්’ කියලා සත්ව පුද්ගල හැඟීමක් දැනෙන්නේ අපේ හිතටයි. කුණප කොටස් ධාතු ස්වභාවයක්. ඒවා අනත්ම මයි.

මෙසේ සත්ව පුද්ගල හැඟීමක් දැනෙන සියලු අරමුණු වල සිහිය සහ නුවණ පවත්වමු. කායානුපස්සනාව පුරුදු කරමු. කුණප කොටස් කුණප කොටස් ලෙස දකිමු, සත්ව පුද්ගලයින් ලෙස නොදකිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 27, 2016 at 06:00PM

මච්ඡරි සූත්‍රය -> http://ift.tt/2donjEd

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:
’’යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.
’’බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.
’’එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්‍මයෙකි.
’’ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.’’
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.’’
එවිට අන් දෙවියෙක්, ’’භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. ’’තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:
’’යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්‍ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?’’
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.
’’ඇතැම්හු විෂම කර්‍මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්‍ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 26, 2016 at 12:00PM

කිංදද සූත්‍රය -> http://ift.tt/1JWBS6i

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 25, 2016 at 03:00PM

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉස්සෙල්ලම අපි තේරුම් කරගත කරුණු ටිකක් තියෙනවා. මම ඒ ටික මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාණ දර්ශන නිවන කියන ධර්මාතවයත්. සීලය කියන්නේ කුමක්ද? සීලය කුමකටද? සමාධිය කියන්නේ කුමක්ද? සමාධිය කුමකටද? ප්‍රඥාව කියන්නේ කුමක්ද? කුමකටද? විමුක්තිය කියන්නේ කුමක්ද? කුමකට ද? කියන කාරණා ටික මම පොඩ්ඩක් ඉස්සෙල්ලම පැහැදිලි කරලා ඊට පස්සේ පින්වතුන් අහල තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්.

සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති කියන ධර්මතාවයන් ගත්තහම සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රී ශික්ෂාව අයිති වෙන්නෙ මර්ගයට. එතකොට දුක දැනගෙන, දුක ඇතිවෙච්ච හැටි දැනගෙන, දුක නැති තැන දැනගෙන, ඊටපස්සෙ දුක නැති තැනට යන ප්‍රතිපදාවටයි සීල සමාධි ප්‍රඥා කියන ටික අයිති වෙන්නෙ. නමුත් ඉස්සෙල්ලාම අපිට ධර්මයේදි පැහැදිලි කරගන්න ඕනෙ මාර්ගයට ඉස්සෙල්ලා දුක කියන එකත්, දුක ඇතිවෙච්ච හැටිත්, දුක නැති තැනත්, ඊටපස්සෙ තමයි අපිට සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන ධර්මයෝ අනුපිළිවෙලට සම්බන්ධ වෙන්නෙ.

දුක කියලා ගත්තහම අමුතුවෙන් දුකකට අපි අර්ථකථන දීගන්න අවශ්‍ය නැහැ අපි හැමදෙනාම ජීවත් වෙන අපේ ජීවිතයේ හම්බවෙන දුකම දකින්න මේ ස්පර්ශ ආයතන හයේ අපිට විඳින්න ස්පර්ශ කරන්න වෙන කායික මානසික දුක් දොම්නස් ටිකට තමයි දුක්ඛ කියලා කිව්වෙ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නෙ සසර නැවත නැවත ඉපදීමේ දුක, ලෙඩ වීමේ දුක කිව්වහම තමන් ලෙඩ වෙච්ච නිසා හෝ තමන්ගේ දුවා දරුවො ඥාති හිතෛෂින් දෙමාපියො සහෝදරයෝ මේ අය ලෙඩ වීම නිසා එන දුක, එතකොට තමන් මහලුවීම නිසා තමන්ගේ නෑදෑයෝ අනික් සියලුදෙනා මහලුවීම නිසා එන දුක, අප්‍රිය පුද්ගලයො අප්‍රිය දේවල් නිසා අපිට විඳින්න වෙන දුක, ප්‍රිය දේවල් ප්‍රියමනාප අයගෙන් වෙන්වීම නිසා එන දුක, හිතන බලාපොරොත්තු වෙන කැමතිවෙන දේවල් නොලැබීම නිසා එන දුක.

මෙන්න මේ දුක ලෝකයට හම්බවෙන්නෙ ස්පර්ශ ආයතන හයෙන්. ස්පර්ශ ආයතන හය කියන්නෙ තමන්ගේ අම්මා තාත්තා දුවා පුතා මැරිච්ච පණිවිඩය හම්බවෙන්න පුළුවන් ඇහෙන් බලලා දුක් විඳින්න පුළුවන්, ඒ අය මැරිච්ච ස්වභාවය කණින් අහලා දුක් විඳින්න පුළුවන්, ඒ වගේම නාසයෙන්, තමන්ගේ අම්මා තාත්තා දුවා පුතා මැරිච්ච අයගේ මිනී කුණුවෙච්ච ගඳ, රස නම් ලබන්න බැරි වෙයි නේද… කයට දැනෙන ස්පර්ශයන් තුලින්, විශේෂයෙන්ම සිතට දැනෙන අරමුණු තුලින් අපිට දුක කියන කාරණාව හම්බවෙනවා එතකොට මේ දුක ඇතිකරගෙන තියන්නෙ ඇතිවෙලා තියන්නෙ කොහොමද කියන කාරණාව බැලුවොත් ඇත්තටම “පංච උපාදානස්කන්ධ දුක්ඛා” ඔය දුක් ටික විස්තර වශයෙන් පැහැදිලි කරලා පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අන්තිමට කෙටියෙන් පෙන්නන්නෙ “.සංඛිත්තෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා”

මේ පංච උපාදානස්කන්ධ දුක, ස්කන්ධ ටිකක් සහ කෙලෙස් ටිකක් කියන දෙකම එකට එකතු වෙලා තමයි හැදෙන්නෙ. පංච උපාදානස්කන්ධ දුක,ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් නිසයි හැදෙන්නෙ,එතකොට මෙතනදි අපි ඉස්සෙල්ලාම පංච උපාදානස්කන්ධය කියනකොට ඒකේ තියෙන ලක්ෂණය තේරුම් ගන්නට ඕනෙ. රූප උපාදානස්කන්ධයෙදි ඕගොල්ලන්ට කවදාවත් ස්කන්ධ මට්ටමකින් හම්බවෙන්නෙ නෑ. ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය ඇත්ත ඇතිහැටිය පවතින ස්වභාවය තමයි සතර මහා ධාතු සහ උපාදාය රූප, ඒ නිසා පවතින රූපයක් තමා රූප ස්කන්ධයේ ඇත්ත.

නමුත් රූප උපාදානස්කන්ධය කියන්නෙ හැමවෙලාවෙම අපට හම්බවෙන්නෙ සත්වයෙක්ගෙ පුද්ගලයෙක්ගෙ රූපයක් එහෙම නැත්නම් යම්කිසි භාණ්ඩයක හෝ ද්‍රව්‍ය කාරණාවක රූපයක් තමයි හම්බවෙන්නෙ. කාමාවචර වේවා රූපාවචර වේවා යම්කිසි රූපයක් හම්බවෙනකොට පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය මනින්න පුළුවන් ලක්ෂණය තමයි. අපි කියමු පීරිසියක් තමයි හම්බවෙන්නෙ ටෙලිෆෝන් එකක් තමයි හම්බවෙන්නෙ මේ රූපයෙ. මේක මේසයක්. මේ අත, මේ මම, මේ අහවල් පුද්ගලයා, අහවල් කෙනා, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක් ඔය රූප තමයි හම්බවෙන්නෙ.

එතකොට විඳින්න හම්බවෙන්නෙත් අපට පීරිසියක් දකිනකොට ඇතිවෙන වේදනාව, දුරකථනය දකිනකොට ඇතිවෙන වේදනාව, මේ පුද්ගලයා දකිනකොට මට මෙහෙම සැපක් හෝ දුකක් ඇතිවෙනවා, කියලා රූපයේ විස්තරයම රූපයේ ගතියම ගන්නවා වේදනාවට. සංඥාවත් එහෙමයි මේ රූපයේ හැඩේ, මේ දුරකථනයේ හැඩේ, මේ මනුස්සයගෙ හැඩේ කියලා සංඥාවත් එබදුයි. සංඛාරයත් එහෙමයි මේකට පීරිසිය කියලා කියන්නෙ, එතකොට මේකට දුරකථනය කියන්නෙ, මේ අහවල් පුද්ගලයා කියලා සංඛාරයත් ඒ රූපය ගණයටම වැටෙනවා. විඥ්ඥාණයත් එහෙමයි අහවල් පුද්ගලයාවයි දැනගත්තෙ, අහවල් පුද්ගලයා ගැන වේදනාවයි දැනගත්තෙ. අහවල් පුද්ගලයාගේ හැඩරුවයි දැනගත්තෙ අහවල් පුද්ගලයාගේ මේ නමයි කියලා දැනගත්තෙ කියන කාරණාවයි තියන්නෙ.

ඒ නිසයි එයාට බුදු රජාණන්වහන්සේ පෙන්නනවා “මහණෙනී, දංවැලකින් බඳින ලද සුනඛයෙක්, කණුවක හෝ ටැඹක බැන්දොත් ඒ සුනඛයා හිටගෙන හිටියොත් ඒ කණුව වටේම හිටගෙන ඉන්නවා, ඇවිද්දොත් ඒ කණුව වටේම ඇවිදිනවා, දිව්වොත් කණුව වටේම දුවනවා, නිදාගත්තොත් කණුව වටේම නිදාගන්නවා. එයින් තොර එයාට පැවැත්මක් නැහැ. ඒ වගේ මහණෙනී මේ ධර්මය නොදන්නා අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයා ඉතින් හිටගෙන ඉන්නෙත් පංච උපාදානස්කන්ධයකම හිටගෙන ඉන්නවා, ඉතින් ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයකම ඇවිදිනවා, නිදාගන්නේ පංච උපාදානස්කන්ධයකම නිදාගන්නවා. ඉතින් ඉඳගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ හතර ඉරියව්වම පංච උපාදානස්කන්ධයකමයි තිබෙන්නේ.

එතකොට ඔන්න ඔය පංච උපාදානස්කන්ධයයි දුක. ඔය පංච උපාදානස්කන්ධය ඇතුලෙ දුකෙන් තොර එකඳු ධර්මතාවයක් වත් පනවන්නෙ නැහැ බුදුරජාණන්වහන්සේ. යම්කිසි සැපක් වේවා යම්කිසි දුකක් වේවා දුකයිම යන අර්ථයකුයි බුදුරජාණන්වහන්සේ පෙන්නන්නෙ දුකයි යන ඝනයටයි යන්නෙ. එතකොට සැප කියලා දෙයක් නැද්ද? තියනවා සැප තිබුනට ඒ සැපය සැපක් යන ඝනයට යන්නෙ නැහැ, උපමාවක් පෙන්නනවා ධර්මයෙන්ම කුෂ්ඨ රෝගීන් දරුණු කුෂ්ඨයක් වැලඳෙනවා අර කඩුවේගන් වගේ දරුණු කුෂ්ඨයක් වැලදුන රෝගියෙක් යම් වෙලාවක කුෂ්ඨය කසනකොට පොඩි සැහැල්ලුවක් දැනෙනවාද නැද්ද, කුෂ්ඨෙ කහනකොට සැපයක් දැනෙනවා නේද. පැත්තක බලාගෙන ඉන්න කෙනාට ප්‍රාර්ථනාවක් හිතෙනවාද අනේ මේ මනුස්සය කුෂ්ඨෙ කහලා ඇතිවෙන සැපය මටත් තියේනම් කියලා හිතෙනවාද. ඉතින් සැපක් නම් ඇයි ප්‍රාර්ථනා කරන්නැත්තෙ. සැපය උනාට ආශ්වාදය ටිකක් උනාට ආදීනව බොහෝයි. ආදීනව ගොඩාක් මත පිහිටලා තියන්නෙ නේ.

ඒ වගේ නිතරම කබ ගලන හොටු ගලන මල මුත්‍රා වැගිරෙන කුණුවෙන සැරව ගලන පුපුරන මේ වගේ ශරීරයක් දරාගෙන කවනවා පොවනවා නාවනවා අන්දවනවා පලන්දවන වැඩකාරයෙකුට කරන විදිහෙ මහා උපස්ථාන කරමින් උපකාර කරමින් පරිහරණය කරන මේ කයක් දරාගෙන ඇතිවෙන සැපය බුද්ධාදී සත්පුරුෂයො දකින්නෙ රෝගයක් හැටියට හුලක් හැටියට ගඩක් හැටියට අධික වෙහෙසක් හැටියට. මේ තුල ඇතිවෙන සැපය බොහෝම ටිකයි ආශ්වාදය බොහොම ටිකයි. ආදීනව බොහෝයි කියලා දකිනවා. ඒනිසා මේ පංච උපාදානස්කන්ධයේ සැපය සැපයක් හැටියට ගණන්ගන්නේ නැහැ. .

ඒකයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ “මහණෙනී ස්වල්ව වූ අසුචි දුඟඳයි පිළිකුල් කටයුතුයි, ඒවගේම ස්වල්ප වූ කෙල ටිකක් මුත්‍රා ටිකක් ගත්තොත් දුගඳයි පිළිකුල් කටයුතුයි අප්‍රසන්නයි. ඒ වගේ මහණෙනී මම එක් මොහොතකඳු මේ භවය වර්ණනා කරන්නැහැ ඒක පිළිකුල් කටයුතුයි” කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගත්තහම බුදුරජාණන්වහන්සේ කෙටි කරලා කැටි කරලා “මේ පංච උපාදානස්කන්ධය දුකයි” කියලා එක වචනෙකට පනවන්නෙ ඒ නිසයි. “සංඛිතතෙන පංචඋපාදනස්කන්ධා දුක්ඛා.” කියන වචනයෙන් නිර්වචනය කරන්නෙ අපි සැපයි කියන දේත් දුකයි කියන දේත්, දුකයි සැපයි දෙකම දුකයි කියන අර්ථය. ඒ මොකද, යම් වස්තුවක ආරම්භය සැප උනාට අවසන් වෙන්නෙ දුකකින් නම් ඒ සැපයට බුද්ධාදී සත්පුරුෂයින් වහන්සේලා සැපයි කියන්නැහැ. යම් සැපක් මහා ආදීනවයක් මත මහා දුකක් මත පිහිටලා තියෙයි නම් ඒ සැපය ප්‍රාර්ථනා කටයුතුයි කියන තැනකට බුද්ධාදී ආර්ය උත්තමයො දකින්නෙ නැහැ.

උපමාව පෙන්නන්නෙම “කාමය මහණෙනී කුෂ්ඨයක් වගෙයි” කියලා. එතකොට මේ කුෂ්ඨ රෝගියෙක් විඳින සැපය කවුරුවත්ම නිරෝගී පුද්ගලයෙක් කවදාවත් ප්‍රාර්ථනා කරන්නෙ නැහැ මොකද ඒ සැපයට වඩා ආදීනවය වැඩියි කියලා. ඉතින් ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය කියන තැන මේ ස්පර්ශ ආයතන හය දකින්න. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන කියන පංච උපාදානස්කන්ධය තමයි ලෝකයට දුක කියන එක නිර්මාණය වෙලා තියන්නෙ ලෝකයට දුක කියන කාරණාව ලැබෙන්නෙ. එතකොට මේ දුක කියන කාරණාව ඇතිවෙච්ච හැටි බැලුවොත් දුක්ඛ සමුදය බැලුවොත්, දුක ඇතිවෙච්ච හැටි බැලුවොත්, දුක ඇතිවෙච්ච ක්‍රමය තියනවා පින්වතුනි දෙයාකාරයකින්. දුක ඇතිවෙලා තියනවා කොහොමද? දෙයාකාරයකින්. මොකක්ද දෙයාකාරය? අවිද්‍යා, තණ්හා, කර්ම කියන කර්ම කෙලෙස් කියන ගති ටිකකිනුත්, ආහාර කියන ප්‍රත්‍යයෙනුත්. අපි පටිච්චසමුප්පාද ක්‍රමයට විස්තර කලොත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ කාරණා හතර දෙකට බෙදුවොත්, අවිද්‍යාව කර්මය තණ්හාව කියන කාරණා ටික කෙලෙස් ටිකක්,ආහාර කියලා කියන්නෙ ප්‍රත්‍යයක් ආහාරයක්.
මේ ප්‍රශ්ණයකුත් තියනවා මං ඒකත් එක්කම උත්තර දෙන්නම්.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016. 06.19 පොසොන් පොහොය දින සවස සිදු කල ඉතා වටිනා දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2dgTzsi via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 25, 2016 at 12:00PM

== පහන් පූජාවේ අනුසස් ==

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

== පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ ==

කල්ප ලක්ෂ්‍යයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමය වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝ රුකට වැඳගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා. මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතුවාය. එකෙණෙහි බෝ රුක දිලිසිණ. සියලු බෝ රුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මිල විසුවාය. සත්වන දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් දහසක් දැල්වූවා ය. ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්විණ.

පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුනක් උස තිස් යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල්වෙන්නේ ය. ඇයට දක්නට කැමති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේ ය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේ ය. ඒ පිනෙන් ම ඕ අසූවරක දෙව්‍රදුන්ගේ බිසව වූවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑමතැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම ජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් අවුරුදු වියෙහිම ඕ උපසම්පදාව ද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතසහස්සිතො කප්පෙ යං දීපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියකට නො පැමිණියෙමි. මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තේරුම ය.
(අපදාන පාළියෙන්)

== සුවඳ පූජාවේ අනුසස් ==

දුමක් වශයෙන් ද, වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන් ද, සුවඳ පූජා කළ හැකි ය. සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යයන් ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවෙහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිය යුත්තේ උපනුපන් ජාතියේ අන්‍යනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳදුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ මිනිස් ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිව්පිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණි උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

“යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං,
සබ්බේසම්පි පියො හොමි ධූපදානස්සිදං ඵලං

චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵලං”

මේ ධුපදායක රහතන් වහන්සේ ගේ ප්‍රකාශයකි.

මම යම්යම් ජාතියක උපන්නෙම් ද දෙවි වූද මිනිස් වූ ද සෑම ජාතියේ ම සැමටම ප්‍රිය වූවෙමි. එය ධූපදානයේ ඵලය ය. මේ කපින් සිව් අනූවන කපෙහි යම් ධූපදානයක් කලෙම් ද එතැන් පටන් මේ වන තෙක් දුර්ගතියට නො ගියෙමි. මේ ධූපදානයේ ඵලය ය යනු එහි තේරුම ය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 24, 2016 at 06:00PM

නොයෙක් පුද්ගලයින්ට අධික වටිනාකමක් දෙන්නේ, නොයෙක් කුණප කොටස් වලට අධික වටිනාකමක් දෙන්නේ මේ රූපය අවබෝධ නොකළ නිසාමයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf