Monthly Archives: September 2016

New photo from Facebook September 23, 2016 at 06:44PM

අප්‍රමාණ වූ ආනිසංස සහිත ශ්‍රේෂ්ඨ පිංකමක් සඳහා දායක වීමේ අවස්ථාවක්…
සම්බුද්ධ ශාසනය සුරකින වන්දනීය මහා සංඝරත්නය උදෙසා කොළන් කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අවසන් කරගැනීමට පිංවත් ඔබේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ. පහල මහලේ කුටි 5 ක් සහ ඉහල මහලේ භාවනා/ධර්ම ශාලාවකි.
දුර්ලභ වූ ශ්‍රේෂ්ඨ සම්බුද්ධ ශාසනයක උරුමය ලැබුණු මොහොතක, එය තවත් බොහෝ කාලයක් මේ පින්බිමේ ජීවමානව පවතිනු දකිනු රිසි පිංවත් ඔබත් මේ ශාසනික මෙහෙවරට හැකි පමණින් දායක වන්න.
දැනට අත්තිවාරම දාලා, කොන්ක්‍රීට් කනු නංවා ඇත. තවත් ලක්ෂ 40ක් පමණ වැඩ ඉවර කරගන්න වැයවිය හැකිය.

සියලූ විමසීම්: පූජ්‍ය දිද්දෙණියේ විමලසංඛ ස්වාමින්වහන්සේ
දුරකතන: 0718 419 433
Bank account details:
Rev D Wimalasanka, Sampath Bank, Hanwella Branch, 113754345329 via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 23, 2016 at 06:00PM

කිසිවෙකු තමාගේ වරදක් පෙන්වා දුන් විට එයට නොකිපී නිහතමානී ව වැරැද්ද හදා ගැනීමට පුරුදු වෙමු.
බුදුදහමින් ලැබිය යුතු පන්නරය එයයි. කිපීමෙන් සිදුවන්නේ පව් රැස් වීම පමණි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 22, 2016 at 12:00PM

“අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේ සොතවන්තෝ පමුඤ්චන්තු සද්ධං”
මහාපදාන සූත්‍රය -> http://ift.tt/2cqeQiv

බුදු දහම මරණයෙන් පසුව ලැබෙන දුකින් මිදීමක් නොවේ, මේ ජීවිතයේදීම දුකින් මිදීමක් – අමරණීයත්වයට පිවිසීමක්, අමරණීයත්වය අවබෝධ කිරීමක්, මනුෂ්‍යත්වය ඉක්මවා යාමක්, දුකෙහි කෙළෙවර කිරීමක්, මේ ජීවිතය තුළදීම නොමැරෙන මට්ටමට පත්වීමක්, මරණය ඉක්මවා යාමක්. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 19, 2016 at 12:00PM

මල් පූජා කිරීමේ නැමුණු සිත් ඇති ඔබ පහත ආනිසංස කැමති විය යුතුය.

තිකණිකාර පුප්ථිය හිමි සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවිය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.

▶ මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
▶ පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.
▶ කැමති කැමති යාන වාහන ලැබුණා.
▶ බොහෝ රූමත් ස්තී‍්‍රන් හා දැසි දස්සන් ලැබුණා.
▶ බොහෝ අගනා වස්ත‍්‍රාභරණයන්ට ලාභී වුණා.
▶ සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත‍්‍ර වුණා.
▶ උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
▶ සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
▶ තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.
▶ ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.
▶ ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.
▶ කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.

අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ‍්‍රය වුණා.

(අපදාන පාලි: 501 වන අපදානය)

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 19, 2016 at 09:10AM

පින්වතුනි, මේ සද්ධර්මය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “නුඹලාත්, මමත් බොහෝ කාලයක් සසර ඇවිද්දා, සසර සැරිසැරුවා” කියලා. නිකම්ම සසර ඇවිද්දා, සැරිසැරුවා නොවෙයි, මේ සංසාරේ එනකොට මහා විශාල දුක් ගොඩක් අපි හැම කෙනෙක්ම විඳලා තියෙයි. නමුත් භවයෙන් වැහිලා නිසා අපට ඒවා පෙනෙන්නෙ නෑ.
පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි හැදෙන දුක නිසා නොවේ. වතුර ටිකක් නැතුව පිපාසය නිසා එන දුක නිසා නොවේ. කන් කැක්කුමක්, දත් කැක්කුමක්, බඩේ කැක්කුමක් නිසා එන දුක නිසා නොවේ. කෙටියෙන්ම කියනවානම් මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් විඳින කිසිම දුකක් සසර තියෙන දුක් වලට සාපේක්‍ෂව, ‘දුකයි’ යන ගණයට යන්නේ නෑ.

මම ඕකට පොඩි කතාවක් ඔය පින්වතුන්ට කියන්නම්. පින්වතුනි බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී රජවරුයි. එතැන සමූහ ආණ්ඩුවක් තිබුණා. හත්දහස් හතක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජකෙනෙක්. මේ අම්බසක්කර රජ්ජුරුවන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මධ්‍යයේ බොහෝ වෙළඳසැල් තිබුණා. එක වෙළඳසැලක් තියෙනවා, මේ වෙළෙඳසැල් හිමියා හරිම දැහැමියි, හරිම ගුණයහපත්. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කතා කරන කෙනෙක් නොවේ. හැමෝ කෙරෙහිම ප්‍රිය වූ මනාප වූ ගතියකින් තමයි කටයුතු කරන්නේ.
මේ වෙළඳසැල ඉස්සරහා මඩ වගුරක් තියෙනවා. වෙළඳසැලේ ඉන්න වෙළඳ මහත්තයට පේනවා බොහෝ දෙනෙක් හොඳට ඇඳ පැළඳගෙන එනවා, අනේ මේ මඩ විසිවෙලා මඩ තැවරිලා ඇඳුම් පැළඳුම් ජරා වෙනවා. සමහර අය මඩ වලේ ලිස්සලා වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳලා උදේ ආපනශාලාවට එද්දී, මග තිබුණා ගවයෙක්ගේ ඔළුවක්. හරකෙක් මැරිලා සුදුපාට වුන ඔළු කට්ටක්. ඒ ඔළු කට්ට ගෙනැල්ලා මඩ වල මැද්දට දැම්මා, මේක පාගාගෙන මනුෂ්‍යයන්ට එතෙර වෙන්න පුළුවන්නේ කියලා. ඉතින් මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඇඳුම්වල මඩ තැවරෙන්නේ නැතුව, ගව හිසට අඩිය තියලා එතෙරට යනවා.
මේ ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයෙක් හිටියා, සහෝදරියකගේ පුතෙක්, බෑණා කෙනෙක්. මෙයා ලොකුයි. පසුකාලේදි සූදුවට ඇබ්බැහි වෙලා, තියෙන දේවලුත් විනාශ කරලා, හොරු කණ්ඩායමකට එකතු වෙලා. දැන් මුදල් නැති නිසා හොරකමේ යන්නගත්තා. ආපනශාලාවේ ඉන්න ආපනශාලා හිමියා, මාමා, මේ මොකුත් දන්නේ නෑ. එයා බොහෝම දැහැමි කෙනෙක්. අර ඥාති පුත්‍රයා, මොකද කරන්නේ, හොරකමේ ගිහිල්ලා,ගෙවල් බිඳලා, බඩුමුට්ටු ගෙනැල්ලා, මෙයාට හම්බවෙන කොටස හංගන්නේ මාමාගේම ගෙදර පැත්තක යි. මාමා මේ මොකුත් දන්නේ නෑ.
ඉතින් දවසක් ඔය වගේ හොරකමේ ගියහම, රාජපුරුෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොරු පැනලා යනවා, ආපනශාලා හිමියාගේ ඥාති පුත්‍රයා හසුවෙනවා. බඩුත් එක්ක හසුවෙලා ගහනකොට තියෙන අනිත් බඩුත් පෙන්නනවා අර ගෙදරට එක්කගෙන ඇවිල්ලා. පෙන්නුවහම රාජපුරුෂයෝ හිතනවා මේ ආපනශාලා හිමියාත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා එයාවත් අල්ලාගෙන යනවා. රජ්ජුරුවෝ මොකද කරන්නේ, ආපනශාලා හිමියාගේ හිසගසා මරලා දමන්න නියම කරනවා. එයාගේ ඥාති පුත්‍රයා බලවත් වැරදිකාරයා නිසා එකවර මරන්නේ නෑ. හොඳට කෝටුවක් උල්කරලා, උලතියන්න, උල උඩ ඉන්දවන්න නියමකළා. ඒ කියපු විදිහට රාජපුරුෂයෝ ආපනශාලා හිමියාගේ හිසගසා දැම්මා. එයා මැරුණා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනිහිල්ලා උල තිබ්බා. උලේ කට්ට බේරලා තියෙන්නේ, දවසින් දවස, ටිකෙන් ටික, ශරීරය පසාරු කරගෙන යන්න. එතකොට කෘරවූ, කටුක වූ, තියුණු වූ, දුක් වේදනාවන් විඳිනවා. විඳලා තමයි මැරෙන්නේ.
මේ විදිහට උල උඩ තිබ්බහම, උල උඩ ඉන්න මේ මනුෂ්‍යයා හැම වෙලාවේම හිතනවා, ‘අනේ මාව මැරෙන්නේ නෑනේ. අනේ මාව මැරෙන්නේ නෑනේ. මේ දුක ඉවරයක් වෙන්න ඉක්මනට මැරෙනවානම්. මේ දුක විඳ විඳ ඉන්න බෑ තවත්. අනේ මාව මැරෙනවා නම්’ කියලා හිතින් මරණය ප්‍රර්ථනා කරනවා.
අර ආපනශාලා හිමියා බොහොම දැහැමි කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. අර මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැති වෙන්න මඩ වලට ගව හිසක් දාපු එකේ කුසලයට එයාට දිව්‍යමය අජානීය වෘෂභයෙක් පහළ වුණා. උඩින් යන්න පුළුවන්, ඍද්ධියෙන් යන්න පුළුවන්, වෘෂභ වාහනයකින් තමයි දැන් එයා යන්නේ. හැබැයි එයා තරුණකාලේ යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා, හොරකමටත් නොවෙයි, කෙළි පිණිස සෙල්ලමට යාළුවන්ගේ ඇඳුම් හංගලා තියෙනවා. දෙවියෙක් වෙලා හොඳ දිව්‍ය වාහනයකුත් තියෙනවා නමුත්, ඒකේ අකුසලයට ඇඳුම් නෑ, නිර්වස්ත්‍රයි. අර ලෝවැඩ සගරාවේ තියෙන්නේ
කෙළියට කඩක් සගවා යහළුවකුගෙනේ
හෙළිකොට නැවත දුන් මිනිසෙකුට මෙතෙකිනේ
විළිවැස්මක් නො ලදිය දෙවි වෙලත් අනේ
කෙළි යටවත් නො කරව් සොරකමක් දැනේ

කියලා. එතකොට මෙන්න මේ ඒ දෙවියා තමයි. ඇදුම් නෑ.

ඉතින් මේ ඥාති පුත්‍රයා උල උඩ ඉඳගෙන මරණය නිතරම ප්‍රාර්ථනා කරන බව අර දෙවියාට තේරෙනවා. දෙවියාට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ, දවස දවස ගානේ ඇවිල්ලා, ඥාති පුත්‍රයා ලඟට ඇවිල්ලා, “දරුවා මැරෙන්න හිතන්න එපා. ජීවත්වෙන්න හිතන්න. අනේ මාව ජිවත් වෙන්නේ නෑ නේ, මම කොහොමද ජිවත් වෙන්නේ කියලා හිතන්න. ජිවත්වීම ප්‍රර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත්වීමම ඔබට දාහෙන් සම්පතක්. ඔබට ලාභයක්ම යි. ඒ නිසා උල උඩ හරි කමක් නෑ ජිවත් වෙන්න උත්සාහවත් වෙන්න” කියා කියා යනවා.
ඔය කාලයේ රජවරුන්ගේ සිරිතක් තිබුණා අප්‍රකට වේශයෙන් වෙස්වලාගෙන නගරයේ ඇවිදිනවා. රජ්ජුරුවන්ට හෝ රජයට හෝ මිනිස්සු දොස් කියනවාද, මොනවා හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්න. ඉතින් මේ අම්බසක්කර රජ්ජුරුවොත් දවසක් රාත්‍රී කාලයේදි වෙස්වලාගෙන යනවා. ඔය සොහොන අයිනෙන් තමයි යන්නේ. යනකොට ශබ්දයක් ඇහෙනවා, මේ අර උල තිබ්බ හොරා ඉන්න තැන – “මැරෙන්න එපා ඔබ ජිවත් වෙන්න. මැරෙන්න හිතන්න එපා ජිවත් වෙන්න හිතන්න. මරණයට වඩා ඔබගේ ජිවත්වීම ශ්‍රේෂ්ඨයි කියලා”. රජ්ජුරුවෝ හෙමින් එතැනට ගිහිල්ලා අහනවා ඔබ කවුද? “මම අහවල් දිව්‍ය විමානේ ඉන්න දෙවියෙක්” කියනවා. රජ්ජුරුවෝ “පෙනෙන්න එන්න” කියනවා. “මට ඇදුම් නෑ, පෙනෙන්න එන්න බෑ නේ” කියලා ඒ දෙවියෝ කියනවා. “කමක් නෑ එන්න” කියලා රජ්ජුරුවෝ කියනවා. ඊට පස්සේ ඒ දෙවියෝ තමන්ව පෙන්නනවා.
ඊට පස්සේ රජ්ජුරුවෝ “මේ උල උඩ ඉන්න කෙනා ඔයාගේ හතුරෙක්ද” කියලා අහනවා. “උල උඩ ඉන්න මනුස්සයා මෙච්චර දුක් විඳිද්දී තව මැරෙන්න එපා ජීවත්වෙන්න කියන්නේ එයා දුක් විඳිනවා බලන්න එච්චර ඔයා කැමතිද? එයා එක්ක මෙච්චර වෛරද ඔයා?” කියලා අහනවා. ඊට පස්සේ කියනවා, “නෑ මේ උල උඩ ඉන්න කෙනාට මම ගොඩක් ආදරෙයි. මේ මගේ ඥාති දරුවෙක්. එයාට ආදරේ හින්දාමයි මැරෙන්න එපා ජීවත්වෙන්න” කියලා කියන්නේ. “ඒකට හේතුව මොකක්ද” කියලා රජ්ජුරුවෝ අහනවා. “මගෙන් ඒක මෙතැනදී අහන්න එපා. මෙයාගේ පණ බොහොම යන්තමින් තියෙන්නේ. පැත්තකට ගිහිල්ලා අහන්න මගෙන්” කියනවා. ටිකක් අහකට ගියහම කියනවා “මෙයා බැරිවෙලා මැරුණොත්, ගිහිල්ලා උපදින්නේ අවීචිමහ නරකයේ.ඒ අවීචිමහ නරකයේ විඳින දුකට සාපේක්‍ෂව, උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා වගෙයි” කියලා.
මේ කතාව ගොඩක් දිගට තියෙනවා.මම මෙතෙන්දි කියන්න ගත්තේ පින්වතුනි එක දෙයක් දකින්න, කෙනෙක්ගේ පිටිපස්ස පැත්තෙන් පසාරුකරගෙන ශරීරය විනිවිද යන්න උලක් ඇන්නොත් මොනතරම් වේදනාවක් එයිද? ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳලා තියෙයිද? නෑ. එතකොට අපායට සාපේක්‍ෂව, අපායේ දුකට සාපේක්ෂව, අර තරම් වේදනාවකුත් දිව්‍ය ලෝකයක බඳුයි කියනවා.
ඒ උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒක හොදට මතක තබාගන්න. උල උඩ ඉන්න මනුෂ්‍යයාත් ඉන්නේ සුගතියකයි. ඒකට කියන්නේ තවම සුගති කියලා, යහපත් ගතියක් කියලා. එතකොට දුගතිය කියන එක මොනතරම් ඇත්ද කියන කාරණාව මේ මොහොතදි පොඩ්ඩක් අනුමානෙට සිහිපත් කරගන්න.
බුදුරජාණන්වහන්සේ සසර දුකයි කියන්නේ, අපට මොහොතකට ඇතිවෙන බඩගින්න හින්දා නොවෙයි. කන්න බොන්න දෙයක් නැතිව ඇති දුප්පත්කම නිසා නොවෙයි. අඳින්න ඇඳුමක් නැතිකම නිසා නොවෙයි. සීත උෂ්ණ නිසා එන දුක නිසා නොවෙයි. එහෙම නැත්නම් කවුරුහරි බැනපු හින්දා නොවෙයි. කවුරු හරි ගහපු නිසා නොවෙයි. මේවා නොවෙයි පින්වතුනි, සසර දුක කියලා කියන්නේ. මේවා ඔක්කොම ‘සුගතියක තියෙන අපහසුකම්’ යන ගණයට යන්නේ. ඒද සුගතියක්. කෙනෙක් උපන් දවසෙම ඉඳලා උපන්ගෙයි ඉඳලම අතපය හතරම කොරවෙලා, මලමූත්‍ර ගොඩේ වැතිරිලා, මැරෙනකල්ම, අවුරුදු සීයක් ජිවත් වුනත් එයා ඉන්නේ සුගතියක කියලා මතක තබා ගන්න. ඉතින් දුගතිය කියන එක කොහොමද කියන එක හිතාගන්න.
සමහර ප්‍රේත නිකායයන් තියෙනවාලු, හරියට ගහක බෙනයක් ඇතුළේ හටගන්නා ගිනිදැල් වගේ. අභ්‍යන්තර ඇතිවෙන ගින්න, කුසගින්න, කියන එක දරාගන්න බෑ. නමුත් ඒ කුසගින්න නිවාගන්න සෙම, සොටු ටිකක්වත් නෑ. එහෙම අවුරුදු කෝටි ගණන් තියෙන ආත්මභාවයන් තියෙනවා. ඉතින් මේවා පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ සසර එබඳු දුකක් තියෙන නිසා යි, සසරගත ඉන්න සත්ත්‍වයෝ එබඳු දුකක් විඳින නිසායි.
පින්වතුනි, අද අපේ ජීවිතය මෙබඳු වුනාට අපි ඔය කිවුවේ තව ‘අහක ඉන්න නිරිසත්ත්‍වයෙක්’ ගැන නොවෙයි. හෙට දවසේ අපේ ඉරණම ගැන යි. හෙට දවසේ අපේ ජීවිතය ගැන යි. මේ පින්වතුන්ට මේ සසරේ ඉන්නකොට හැමදාම බුද්ධෝත්පාද කාල හම්බවෙන්නේ නෑ. හැමදාම සත්පුරුෂ ඇසුර හම්බවෙන්නේ නෑ. හැමදාම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ නෑ. මනුෂ්‍යයෙක් වුනත්, මේ යමක් හිතන්න පුළුවන් මේ වටපිටාව අපට හැමදාම හම්බවෙන්නේ නෑ.
පින්වතුනි, මේ විදිහට ඉපදෙමින් මැරෙමින් යන මේ සසරෙදි යනකොට සත්පුරුෂ කාලවලට වඩා අසත්පුරුෂ කාල වැඩියි. ඒ අසත්පුරුෂ කාලයක, අසත්පුරුෂ අදහස් ඇති පවුලක ඉපදුණොත් පින්වතුනි ‘ඉබේමයි’ අපි ඊට අනුගතව කටයුතු කරන්නේ. එතකොට අරවගේ අපායට යන කර්‍ම කෙරෙනවා කියන එක ඒ තරම් දෙයක් නොවෙයි. ඒ නිසායි මෙතැන තියෙන භය. ඒ නිසා යි මෙතැන අපි සංවේගය ඇතිකර ගන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා.
එබඳු වූ සසරෙන් එතෙර වෙන්න තියෙන එකම උපාය තමයි මේ සද්ධර්‍මය. ඒ නිසයි අපි සද්ධර්‍මය අහලා එතෙර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ.
අද මේ කන්න බොන්න නැතිකම නිසා එන දුක, ඇඳුම් පැළඳුමක් නැතිකම නිසා එන දුක, ගෙයක් දොරක් නැතිකම නිසා එන දුක, දුකක් නොවෙයි. මේ සසරෙදි ඔයිට වඩා සතර අපායේ අපි දුක් විඳලා තියෙයි. පින්වතුනි, මම දවසක් දැක්කා හරකෙකුට කවුරුහරි කෙනෙක් පිටට කොටලා පිහියකින් හරි මන්නෙකින් හරි. පිටේ පණුවෝ ගහලා සුදුපාටට ඉහඳයෝ. හරකාට මේක එලවගන්න බැහැ. නැට්ටෙන් එහාට මෙහාට වනනවා. කපුටෙක් ඉඳගෙන, පිට උඩ වහගෙන, කොට කොටා පණුවෝ කනවා. එතකොට අර සතාට තුවාලේ වේදනාවයි, පණුවෝ ගහපු වේදනාවයි, දෙකයි. කපුටට මේක තේරෙන්නේ නෑ. කපුටා පණුවෝ කන්නයි කොටන්නේ නමුත් වදින්නේ තුවාලයට යි. ඒ සතා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.
මම මේක දිහා සෑහෙන්න වෙලා බලන් හිටියා.මේ ඇස් දෙකෙන්ම දැකපු සිද්ධියක්. ඒ ද පින්වතුනි, හෙට දවසේ අපගේ චරිතය යි, කියන එක මතක තබාගන්න. අද මෙහෙම හිටියට හෙට දවසේදී මේ කියන ඕනෑම පැවැත්මකට පත්වෙන්න පුළුවන්කම, හේතු, ඔඩොක්කුවේ තියාගෙනයි අපි ඉඳගෙන ඉන්නේ.
අපි හිතාගෙන ඉන්නේ අතේ පයේ මොකුත් නැතුව හිස් අතින් අපි ඉඳගෙන ඉන්නේ කියලා නේද? නෑ. ඒ ඒ සත්ත්‍ව නිකායන්වල, ඉපදිලා විඳින්න තියෙන දුක් ඔඩොක්කුවේ තියාගෙනයි ඔය ඉඳගෙන ඉන්නේ කියලා මේ පින්වතුන් දන්නවාද? දන්නේ නෑ.
ඒ හින්දා, මම මේ කරන දේශනාව කරන්න ඉස්සෙල්ලා, මේ ටික මම මුලින් ම මතක් කරනවා.බොහොම ආදරයෙන්, උවමනාවෙන් අහලා මේ බණ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook September 18, 2016 at 12:00PM

චක්කවත්ති සීහනාද සූත්‍රය -> http://ift.tt/2cT2vB3
අත්තදීපසරණතා
80
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාසය දේශනා කළහ.
“මහණෙනි, තමන්ම ආරක්ෂාස්ථාන කොට තමන්ම පිහිට කොට වාසය කරව්, එයින් අනෙක් පිහිටක් නැත්තෝව වසවු. ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිට කොට වසව්, එයින් අනෙක් සරණක් නැත්තෝව වසව්.
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිට කොට අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, කෙළෙස් තවන විර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව, ස්කන්ධ ලෝකයෙහි ඇලීමත් මානසික දුකක් දුරලා වාසය කෙරේ.
වෙදනාවන්හි වෙදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව, ධර්මයන්හි ධර්ම අනුව බලන්නෙක්ව කෙළෙස් තවන වීර්යය ඇතිව යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ.
මහණෙනි, මහණ තෙමේ තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිටකොට, අන්‍ය පිහිටක් නැතිව ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිටකොට අන්පිහිටක් නැතිව මෙසේ වාසය කරන්නේය.
මහණෙනි, පියාගෙන් තමන්ට උරුමව පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නොලබන්නේය. මාර තෙමේ අරමුණක් නොලබන්නේය. මහණෙනි, මෙසේ කුශල ධර්මයන්ගේ සමාදානය හේතුකොට ගෙන පින් වැඩෙන්නේයයි වදාළේය.

…….

110
මහණෙනි, (බුදුරජාණන් වහන්සේ) නමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරෙව්, සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාහු ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය.
මහණෙනි, භික්ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි, වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඍද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ ආයුෂයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ වර්ණයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වූයේ ආචාර ගොචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍ර වරදෙහිද භය දක්නා සුලු වූයේ වාසය කරයි, ශික්ෂා පද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්ෂුවගේ වර්ණයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන යන ධ්‍යානවලට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සැපයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ සම්පතට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක් එසේ උඩයට සරස සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපෙක්ඛා සහගත සිතින්ද එක් දිසාවක්, දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක්, උඩ යට සියලු තැන, සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සම්පතට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ බලයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ බලයට කාරණයයි.
මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඬේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළෝය. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූහ.

විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf