Monthly Archives: October 2016

New photo from Facebook October 24, 2016 at 12:00PM

බක්කුල ථෙරාපදානය -> http://ift.tt/1MTPbv3
386
’’හිමවතට නුදුරෙහි සොභිත නම් පර්‍වතයක් විය. මාහට මැනවින් කරණ ලද අසපුවක් විය. එම අසපුවෙහි ස්වකීය ශිෂ්‍යයන් විසින් කරණ ලද මණ්ඩපයෝද බොහෝ වූහ. පිපුණු සින්දුවාර (නික) වෘක්‍ෂයෝද (එසේම) පිපුණු ජීව ජීවක වෘක්‍ෂයෝද, (තවත්) එහි කපිත්‍ථ (ගීවුල්) වෘක්‍ෂයෝද බොහෝ වූහ.
387
388
’’නික ගස්ද, ඩෙබර හා නෙල්ලි ගස්ද, බොරළු දමනු (උගුරැස්ස) ගස්ද, ලබුද, පිපුණු සුදු නෙළුම්ද එහි බොහෝය.
389
’’ආලක නම් ගස්ද, බෙලි ගස්ද, කෙසෙල් ගස්ද, නාරන් ගස්ද, උක් ගස්ද, කුඹුක් ගස්ද, පුවඟු ගස්ද එහි බොහෝය.
390
’’කොසොඹය, සලලය, කොළොම්ය, නුගය, හිවුළුය යන මේ වෘක්‍ෂයෝද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳුය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.
391
’’සියල්ල තෙමේම අවබෝධ කරගත් ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (විවේකය) සොයන්නේ, මගේ අසපුවට එළඹි සේක.
392
’’මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් (එම) ලෝක නායක බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් නැගී ආවේය.
393
’’මම අරණෙහි හැසිරෙන්නේ ලෝක නායකයන් වහන්සේ දැක, මහත් යශස් ඇත්තාවූද, පසැස් ඇත්තාවූද, (එම) සම්බුදුරජුන් වෙත එළඹ, උන්වහන්සේගේ කම්පනයද දැක, එකල්හි ’’අහෝ! අපගේ සියල්ල තෙමේම (ස්වයම්භූඥානයෙන්) දත් බුදුරජුන්හට ව්‍යාධියක් හටගත්තේය’’ යි සැළකීමි.
394
395
’’(ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි, මම මගේ සිසුන් සමීපයෙහිදී බේතක් කරනු කැමැත්තේ, සිසුන් ඇමතීමි.
396
’’සියළු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක්තැන්ව රැස්වූහ. මාගේ ශාස්තෘ ගෞරවය හේතුකොට ගෙන,
397
’’මම මහා පර්‍වතයට නැග සියළු ඖෂධ (සකස්) කළෙමි. මම එම ඔසු බීමට සුදුසුකොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
398
’’සර්‍වඥවූ, ලෝක නායකවූ මහා වීරයන් වහන්සේ ඒ ඖෂධයන් පානය කළ කල්හි සුගතවූ ඒ මහර්ෂීන් වහන්සේගේ වාත රෝගය වහා සන්සිඳුනේය.
399
’’මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජතෙම සන්සිඳුනාවූ (කාය) දරථය (ක්ලාන්තය) දැක සිය අසුනෙහි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
400
’’යමෙක් මට බෙහෙත් දුන්නේද, මාගේ රෝගය සන්සිඳුවීද, හේ කවරෙක්දැයි මම පවසන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
401
’’මේ හේතුවෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. එම දෙව්ලොවෙහි තූර්‍ය්‍යයන් වාදනය කරණ කල්හි මෙතෙම හැම කල්හි සතුටු වන්නේය.
402
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, මිනිස් ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විති රජ වන්නේය.
403
’’පස් පණස්වන කපෙහි සිව් මහා දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ (සතුරු රජවරුන්) ජයගන්නාසුළුවූ, ජම්බුද්වීපයට (විශෙෂයෙන්) අධිපතිවූ, සත්රුවනින් යුත්, මහත් බල ඇති අනොම නම් සක්විති රජෙක්ව, තව්තිසාවද කළඹා ආධිපත්‍යය කරන්නේය.
404
405
’’දෙවි වූයේද, මිනිස් වූයේද, අල්පාබාධවූ (නීරෝගී) කෙනෙක් වන්නේය. (රෝග භයින්) අල්වා ගැනුමක් නොමැතිව, ලෝකයෙහි (ව්‍යාධි) සාගරය තරණය කරන්නේය.
406
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේය.
407
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ඖරස (බුද්ධ පුත්‍රවූ), ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, සියළු ආශ්‍රව යන් (පරිඥා ප්‍රහාණ වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
408
’’කෙළෙස් දවා, තෘෂ්ණාව නමැති සැඩ පහරද තරණය කරන්නේය. නම්න් බක්කුල නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක්ද වන්නේය.
409
’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ (මොහු) එතදග්‍ර ස්ථානයෙහි තබන්නේය.
410
’’සියල්ල තෙමේම අවබෝධ කලාවූ, ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේක සුවය බලාපොරොත්තු වන්නේ, අසපුවට එළඹි සේක.
411
’’එළඹියාවූ මහාවීරවූ, ලෝකනායකවූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තේ, සියතින් සියළු ඖෂධයන්ගෙන් සන්තර්‍පණය කෙළෙමි.
412
’’ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇතිවූ) බීජ සම්පත්තිය (අස්වැන්න) මෙන් සරුය. අවසන් කරන්නට නොහැක්කෙමි.
413
’’ඒ මම ලෝක නායකයන් වහන්සේ දුටුයෙම්ද, (එය) මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමකි. එම කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අචල පදයවූ නිවනට පැමිණියේ වෙමි.
414
’’ශාක්‍ය කුල ශ්‍රෙෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මා ඒතදග්‍ර ස්ථානයෙහි තැබූහ.
415
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.
416
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
417
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
418
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 24, 2016 at 09:29AM

“මුළු ලෝකයාම විරුද්ධ පැත්තේ වුවත් අපි නම් භාග්‍යවතුන් වහන්සේගේ පැත්තේ” යැයි කීමට තරම් එඩිතර මානසිකත්වයක් ඇතිකර ගන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 23, 2016 at 09:00PM

භාර්‍ය්‍යාවක් සරණ පාවා ගත් කෙනකු පැවිදි වුවහොත් භාර්‍ය්‍යාව අසරණ වන බැවින් සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව සිතන්නකුට මතු පැවිදි වන සිද්ධාර්ථ කුමාරයන් යශෝධරාව සරණ කර ගැනීම වරදක් ලෙස පෙනෙනු ඇත. යශෝධරාව පාවා ගැනීම ශුද්ධෝන රජතුමා ගේ යෙදවීමෙන් සිදු වූවක් මිස සිද්ධාර්ථ කුමාරයන් විසින් යොදා ගන්නා ලද්දක් නො වේ. බුදු බව පතා ආ කෙනකු වුව ද ඒ කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ට පැවිදිවීමේ බලාපොරොත්තුවක් තුබූ බව ද නො කිය හැකි ය. නිමිති සතර දැකීමෙන් පැවිදිවීමේ අදහස ඇති වූ බව කියා තිබීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ඊට කලින් සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වන්නට සිතා නො තුබූ බව ය. ඒ නිසා යශෝධරාව සරණ පාවා ගැනීමෙන් සිද්ධාර්ථ කුමාරයෝ වරදක් කළහ යි නො කිය හැකි ය.

සියලු ම මහාබෝධිසත්ත්වයන්ට සාධාරණ ධර්මතා ගණනක් ඇත්තේ ය. නිමිති සතර දැක දරුවකු ලැබූ පසු පැවිදිවීම ද එක් ධර්මතාවෙකි. එබැවින් සිද්ධාර්ථ කුමාරයන් විසින් භාර්‍ය්‍යාවක් පාවා ගැනීම නො වැරදී ම සිදුවිය යුත්තකි. බුද්ධත්වයට පැමිණිමෙන් පසු කරන වැඩවලට භාර්‍ය්‍යාවන් දූ දරුවන් ලබා තිබීම ප්‍රයෝජනවත් ය. දරුවකු ලැබීමෙන් පසුව පැවිදිවීම ධර්මතාවක් වී ඇත්තේ ඒ නිසා විය හැකි ය. බුදුවරයන් ලොව පහළ වන්නේ සත්ත්වයන් සංසාර දුඃඛයෙන් මිදවීම පිණිස ය. සත්ත්වයන් සංසාරයෙහි ගැලී සිටින්නේ තණ්හාව නිසා ය. තථාගතයන් වහන්සේ ඔවුන් නිවන් මඟට ගන්නේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය දේශනා කොට කාමයන් පිළිබඳව ඔවුනට ඇති තණ්හාව තුනී කිරීමෙනි.

“පුත්තභරියං භික්ඛවෙ! ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙලකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවලවං ජාතිධම්මං, ජාත රූප රජතං ජාති ධම්මං, ජරා ධම්මං, ව්‍යාධි ධම්මං, මරණ ධම්මං, සොක ධම්මං, සංකිලෙස ධම්මං.”

යනාදීන් තථාගතයන් වහන්සේ අනේකාකාරයෙන් කාමයන් ගේ ආදීනවය නිසරු බව දේශනය කරන සේක. ඒ ධර්මය අසා බොහෝ පින්වත්හු කාමයන් ගැන කලකිරී භාර්‍ය්‍යාවන් හැර, දූ දරුවන් හැර, නෑමිතුරන් හැර, මහාධනස්කන්ධයන් හැර, පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නාහ. බුදුරජාණන් වහන්සේ පුත්‍ර‍ භාර්‍ය්‍යාවන් හැර පැවිදි වූවකු නො වන සේක් නම්, ධර්මය අසන්නවුන්ට “මුන් වහන්සේටත් සුන්දර කාන්තාවක් සිටියා නම් දරුවකු සිටියා නම් මෙසේ අඹුදරුවන් හැර දැමීමට අනුශාසනය නො කරන්නාහ. කාමරසය ලබා නැති නිසා ම මුන් වහන්සේ කාමයන් ගේ දෝෂයන් දේශනය කරන්නාහ” යි සිතා ඇතමුන්ට ඒ ධර්මය නො පිළිගන්නට ද ඉඩ තිබේ. තථාගතයන් වහන්සේ අඹුදරුවන් හැර පැවිදි වූ කෙනකුන් වන කල්හි ධර්මය අසන්නවුන්ට සැක ඇති නො වේ. එය භාර්‍ය්‍යාවක් සරණ කර ගෙන දරුවකු ලැබීමෙන් පසු පැවිදි වීමේ විශේෂ ප්‍රයෝජනය සැටියට සැලකිය යුතු ය. ආදර්ශය දීමත් එහි එක්තරා විශේෂ ප්‍රයෝජනයෙකි. තමන් නො කළ දෙයක් අනුන්ට කරන්නට කීවාට එය ඒ තරමට අන්‍යයෝ ගණන් නො ගනිති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/t9Yxtt via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 23, 2016 at 12:00PM

පින්වත් මහණෙනි,යම් සත්ව කෙනෙක් පෙරවරුවේ කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්,වචනයෙන් යහපතෙහි හැසිරෙනවානම්,මනසින් යහපතෙහි හැසිරෙනවානම්,
පින්වත් මහණෙනි,ඒ සත්වයන් හට එය සුභ උදෑසනකි.

පින්වත් මහණෙනි,යම් සත්ව කෙනෙක් මධ්‍යහ්නයෙහි කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්,වචනයෙන් යහපතෙහි හැසිරෙනවානම්,මනසින් යහපතෙහි හැසිරෙනවානම්,
පින්වත් මහණෙනි,ඒ සත්වයන් හට එය සුභ දහවලකි.

පින්වත් මහණෙනි,යම් සත්ව කෙනෙක් සවස් වරුවේ කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්,වචනයෙන් යහපතෙහි හැසිරෙනවානම්,මනසින් යහපතෙහි හැසිරෙනවානම්,
පින්වත් මහණෙනි,ඒ සත්වයන් හට එය සුභ සන්ද්‍යාවකි.

උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනැවින් පුදන ලද දානයක් ඇද්ද,

ඒ දන්දෙන වෙලාව තමයි සුභ නැකත,සුභ මංගල්‍යය,සුභ උදෑසන,සුභ නැගී සිටීම,සුභ මොහොත,සුභ මුහුර්තිය.

ඇසුර අංගුත්තර නිකාය තික නිපාතය via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 23, 2016 at 08:54AM

දුතිය චතුධම්ම සමන්නාගත සූත්‍රය -> http://ift.tt/2dZuPAJ

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
’’බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.’’
’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 22, 2016 at 06:00PM

චූලකම්ම විභංග සූත්‍රය -> http://ift.tt/29fH1MP
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැඟිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දියයුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද. හීනකුල ඇත්තෙක් වේ.
“මානවකය, තදසිත් ඇත්තේ අධික මාන ඇත්තේ වැඳිය යුත්තාට නොවඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියි නම්, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදෙයි නම්, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව නොකරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරයි නම්, පිදිය යුත්තාට නොපුදයි නම්, මේ පැවැත්ම හීන කුල ඇති බව පිණිස පවත්නේ වෙයි.
“මානවකය මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීද, ආසනය දියයුත්තාට ආසනය දෙයිද, මාර්ගය දිය යුත්තාට මාර්ගය දේද, සත්කාර කළ යුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, උසස් කුල ඇත්තෙක්වේ.
මානවකය, තද සිත් නැත්තේ අධික මානය නැත්තේ වැඳිය යුත්තාට වඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීයි නම් ආසනය දිය යුත්තාට ආසනය දෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය දෙයි නම්, සත්කාර කළ යුත්තාට සත්කාර කරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව කරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් කරයි නම්, පිදිය යුත්තාට පුදායයි නම්, මේ පැවැත්ම උසස් කුල ඇති බව පිණිස පවත්නේය.
296
“මානවකය, මේ ලොකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ‘ස්වාමීනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නාවූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වේදැ’ යි නොඅසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙත් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අඥානයෙක් වෙයි.
මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමීනි, කුසල් කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද? සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර නම් දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි නොඅසන්නේ වේනම්, මේ පැවැත්ම අඥානවීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹ, ‘ස්වාමීනි, කුසලය කවරක්ද? අකුසලය කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවය කළ යුත්ත කවරක්ද? සේවය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ඥානවන්තයෙකු වෙයි (මහත් නුවණැති).
මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙතට පැමිණ, ‘ස්වාමීනි, කුසල කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළ යුත්ත කවරක්ද? සේවනය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේනම් මේ පැවැත්ම මහත් නුවණැති බව පිණිස පවත්නේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 20, 2016 at 12:00PM

පාංශුකූල චීවරයේ සත්‍ය කතාව
.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් දෙව්දත් තෙරණුවන් ඉල්ලා සිටි වර පහෙන් එකක්‌ වූයේ භික්‍ෂුන් වහන්සේලා දිවි ඇති තෙක්‌ පාංශුකූල සිව්රු දැරිය යුතුය යන්නයි. එය ඉතා හොඳයෑයි දේශනා කළ බුදු පියාණෝ එය නීතියක්‌ ලෙසට පිළිගන්නට නොහැකියෑයි දෙව්දත් තෙරණුවන්ට දන්වා සිටියහ. එම ඉල්ලීම බැහැර හැරීම ඉතා සුදුසු යෑයි වැටහෙන්නේ එදාට වඩා අද සමාජයටය. අද වෙළෙඳ පොළෙහි විවිධ වටිනාකම් ඇති දේශීය හා විදේශීය වශයෙන් නිෂ්පාදිත සිවුරු වර්ග කොපමණ ඇතත් පාංශුකූල සිවුරක්‌ නම් සොයාගත නොහැක. එමෙන්ම පන්සලකද නැත. සමරහවිට ආරණ්‍ය දෙක තුනක ඇත. පාංශුකූල රෙද්දක්‌ සොයා ගැනීමද උගහටය. අද පාංශුකූලයක්‌ පන්සලකට ලැබෙන්නේද නැත. ලැබෙන්නේ මතක වස්‌ත්‍ර පූජාවන්ය. මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකන බොහෝ බෞද්ධයන්ගෙන් අප රට පිරී ඉතිරී පවතී. නමුත් පාංශුකූලය යනු මතක වස්‌ත්‍රය නොවන බව වටහා ගත යුතුය. මතක වස්‌ත්‍රය පුදන්නේ කෙනෙකු මියගිය පසු හෝ ජීවත් වන විට සිදු කරන පූජාවක්‌ ලෙස එම පුද්ගලයාගේ අවසාන කටයුතු කරන සොහොන් පළේදී හෝ නිවසේ දීය. කෙනෙකු ජීවත්ව සිටින විට සිදු කරන මතක වස්‌ත්‍ර පූජාව ඔහුට කැමති තැනකදී සඟරුවනට පිදිය හැක. ඒ සියල්ල මතක වස්‌ත්‍ර මිස පාංශුකූල නොවනු ඇත. එයට හොඳ නිදසුනකි මතක බණ හා මතක දන. මේ සියල්ල පටලවා ගත් බෞද්ධ පිරිස්‌ මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකත්. මතක වස්‌ත්‍රය පූජාකරන ගාථාවෙන්ද පවසනුයේ “ඉමං මතක වත්තං” යනුවෙනි. මතක වස්‌ත්‍රය හා පාංශුකූලය අතර කිසිම සබඳතාවක්‌ නොමැත.

පාංශු යන්නෙහි සිංහල තේරුම වන්නේ පාංශු යනු පස්‌ යන්නයි. කුල යනු පිළිකුල් යන්නයි. එබැවින් පස්‌වලට දිරායන පිළිකුල් වූ රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස සලකන අතර සමහර තැනකදී මෙහි වෙනත් අර්ථයක්‌ද ලබාදී ඇත. පාංශු පස්‌ – කුල – මුදුන සොහොන් බිම් ආදී තැන්වල මළමිනී ඔතා දමා මුඳුන් වී තිබෙන රෙදි කැබැල්ල යන අරුත ගෙනදෙයි. කෙසේ වෙතත් පිළිකුල්වී පසට දිරායන රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස හැඳින්වීම අර්ථාන්විතය. එමෙන්ම නිවැරදිය. මෙලෙස පිළිකුල් කොට අහකට දමා දිරායන පාංශුකූල වස්‌ත්‍ර 23 ක්‌ චීවර හෙවත් සිවුරු මැසීමට සුදුසු බව විශුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුත් මෙම පාංශුකූල වස්‌ත්‍ර 23 න් එකකින්වත් මැසූ සිවුරු ලොවෙහි සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් අඳිනවාද යන්න අපි නොදනිමු. බුද්ධ දේශනාවට අනුව, බුදු දහමට අනුව විනයට අනුව සුදුසුම චීවර පූජාවට කැප එම පාංශුකූලික වස්‌ත්‍ර මොනවාදැයි අප විශුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරෙන් දැන ගනිමු. එම පාංශුකූලික වස්‌ත්‍ර 23 මෙසේය.

1. සොහොනෙහි දැමූ වස්‌ත්‍රය(- මළමිනී ඔතා දැමීමට යොදාගත් හෝ මළමිනියට පෙරවූ රෙද්ද.

2. වෙළෙඳ සල් කඩපිල් ආදියෙහි දැමූ රෙද්ද(- බඩු බාහිරාදිය වැසීමට හෝ ඒවා වෙළෙ¹ම් කිරීමට බිම අතුරා දමන ලද රෙද්ද.

3. නගර වීදිවල විසිකරන ලද රෙද්ද(- සමහරවිට අමතකව දමාගිය හෝ අපවිත්‍ර බවට පත්වූ නිසා නගරයේ විසිකර දමා ඇති රෙද්ද.

4. කුණු ගොඩෙහි දමන ලද රෙද්ද(- ප්‍රයෝජනයට නොගෙන යම් යම් අඩුපාඩු නිසා ඉවත දමා ඇති වස්‌ත්‍රය.

5. වැදූ ස්‌ත්‍රීන්ගේ ගැබ්මල පිස දැමූ වස්‌ත්‍රය(- දරුවන් ප්‍රසූත කිරීමේදී රුධිරය ආදී අපවිත්‍ර දෑ ගෑවුණු හෙයින් අහකට දමා ඇති වස්‌ත්‍රය.

6. යකදුරන් විසින් ඉවතට දමන ලද වස්‌ත්‍රය(- යකදුරන් තොවිල් ආදිය සිදු කිරීමෙන් පසු ආතුරයන් නහවා පිස දමා විසික්‌කරන ලද රෙදිකඩ.

7. ස්‌නානය කරන විට ඇඳ සිට ඉවත දැමූ වස්‌ත්‍රය(- යමෙකු ස්‌නානය සඳහා යොදාගෙන ඉවත දමන ලද රෙදිකඩ.

8. සොහොනට ගිය අයවලුන් විසින් ඉවත දමන ලද වස්‌ත්‍රය(- සොහොනට ගිය අය කිළි කුණු යැම සඳහා ස්‌නානය කොට ඇඟපත පිසදමා ඉවත දැමූ රෙදිකඩ.

9. ගින්නෙන් දැවුන රෙදිකඩ(- යම්කිසි හේතුවක්‌ නිසා ගින්නකට හසුවී දැවී පිළිස්‌සීම නිසා ඉවත දමා ඇති රෙදිකඩ.

10. ගව – මුව ආදීන් විසින් කා දමන ලද රෙදිකඩ(- ගවයන්, මුවන් ආදී සතුන්ට හසුව උන් විසින් හපා දැමූ නිසා ඉවත දැමූ වස්‌ත්‍රය.

11. වේයන් කෑ රෙදිකඩ(- වේයන් විසින් කා දමා ඉවතට විසිකරන ලද වස්‌ත්‍රය.

12. පලුදු වූ වස්‌ත්‍රය(- රෙද්දේ කොන් ආදිය පලුදුවී කැඩී යැමෙන් ඉවතට දමන ලද රෙදිකඩ.

13. මීයන් කෑ වස්‌ත්‍රය(- මීයන් විසින් සපා කෑ නිසා අසුභ ලෙස සලකා ඉවත දැමූ රෙදිකඩ.

14. දහවල් කාලයේ කැඩී ඉරී ගිය වස්‌ත්‍රය(- යම් කටයුත්තකට ගෙන දහවල් කාලයේදී එම වස්‌ත්‍රය ඉරීගොස්‌ අහකට දැමූ රෙදිකඩ.

15. නැව් ආදී ජලයාත්‍ර වලින් හැර ගිය ධජ වැනි රෙදි(- නැව් ආදී යාත්‍රා වලින් විවිධ දේශයනට ගොස්‌ වෙළහෙළ¹ම් කරන අය විසින් නැව්තොට වල ධජ කොඩි ආදිය ලෙස එල්ලා තබා අහක දමා යන වස්‌ත්‍ර.

16. තුඹස්‌ වටකොට එල්ලා තැබූ රෙදි(- විවිධ උත්සව ආදී අවස්‌ථාවලදී එම ස්‌ථානවල තිබෙන තුඹස්‌ ආදිය කඩා බිඳ නොදමා ඒවා නොපෙනෙන්නට රෙදි වලින් ආවරණය කළ පසු අප්‍රයෝජනවත්ව අහක දැමූ වස්‌ත්‍ර.

17. පැවිද්දන් දුන් වස්‌ත්‍ර(- තවුස්‌, පැවිදි ආදී පිරිස්‌ තමාට ලැබී වෙනත් අයට පිරිනමන ලද රෙදි.

18. රජුන් අභිෂේක කළ තැන දැමූ රෙදි(- රජකෙනෙකු ඔටුනු පළඳවා අභිෂේක කළ තැන එම කටයුතු කර අවසානයේ ඉවත දැමූ රෙදි.

19. ඒහි භික්‌ඛු පැවිද්දෙන් ලබන චීවරය(- බුදුරජාණන් වහන්සේ නමක්‌ විසින් ඒහි භික්‍ෂු පැවිද්දෙන් ලබාදෙන චීවරය.

20. මාර්ගයෙහි වැටී තිබෙන වස්‌ත්‍රය(- මහ මාර්ග අතුරු මාර්ග ආදියෙහි වැටී තිබෙන්නාවූ රෙදි.

21. සුළඟේ ගසාගෙන ආ වස්‌ත්‍රය(- කොයි තැනක හෝ තිබී සුළඟට ගසාගෙන අවුත් අහුලාගත් වස්‌ත්‍රය.

22. දෙවියන් දෙන ලද වස්‌ත්‍රය(- දෙවියන් විසින් යමෙකුට පිරිනමන ලද රෙදිකඩ.

23. මුහුදෙන් ගොඩ දැමූ වස්‌ත්‍රය(- නැව් ආදියෙන් වැටීමෙන් එහි සිටින අය විසිකර දමා මුහුදේ ගසාගෙන අවුත් වෙරළට ගොඩ ගසාගෙන අවුත් ඇති රෙදි කඩ.

මේ ආදී වස්‌ත්‍ර භික්‍ෂුන් වහන්සේලා සිවුරු මසා ගැනීමට සුදුසු පාංශුකූලික වස්‌ත්‍රය එහි භික්‍ෂු භාවයෙන් සහ දෙවියන් ගෙන් ලැබුණ වස්‌ත්‍ර දෙක හැර අනෙක්‌ වස්‌ත්‍ර සොයා ගැනීම අපහසු නැත. එවැනි රෙදිවල කොටස්‌

රැගෙන සකසා ගන්නා සිවුරු පාංශුකූලික සිවුරු ලෙස බුදුරජාණන් වහන්සේ මහා සංඝයාගෙන් ප්‍රයෝජනය සඳහා සුදුසු බව වදාළ සේක.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට සිවුරු පරිහරණය කිරීමට පෙන්වා දුන්නේ තම තමන්ගේ වටිනාකම තත්ත්වය, බලය, ධනය පෙන්වීම සඳහා නොවන අතර උන්වහන්සේලාට සීත, ඌෂ්ණය, මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වීම, වාතය, සර්ප කොටස්‌ වලින් සිදුවෙන අතුරු ආන්තරාවලින් මිදී අඟපසඟ නිසි සේ වසාගෙන සියලු කල්හි ලැඡ්ජාබිය සහිතව සුවසේ ප්‍රිය මනාපම හැසිරෙන්නටය. මේ පිළිබඳවද විසුද්ධි මාර්ගයේ මනාව පැහැදිලි කර ඇත.
.
අහුන්ගල්ලේ
දේ.සූ.ද සොයිසා
උපුටා ගැනීම මුදුන පිටුවෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf