Monthly Archives: March 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2E9LMVb
මුසාවාදය ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?
අප්‍රේල් 1 මෝඩයාගේ දිනය නිසා හැකිතාක් share කරන්න

ඒ මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් පැවතුණු යුගයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී අකුසල කර්ම එකල මනුෂ්‍යයන් තුළ විද්‍යමාන නො වී ය. එකල සිටි රජතුමා පෙර සිටි පැරණි චක්‍රවර්තී රජවරු මෙන් දිළින්දන්ට ධනය නො දුන්නේය. දිළින්දන්ට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මනුෂ්‍යයෝ ද සොරා අල්ලා ගෙන රජුට භාර දුන් පසු කවර හේතුවක් නිසා නුඹ සොරකම් කළේදැයි රජු සොරා ගෙන් ඇසුවේය. දිළිඳුකම නිසා තමා එසේ කළ බව පැවසූ විට රජු ඔහුට ධනය දී අඹුදරුවන් පෝෂණය කොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කොට සුගති පරායන වන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. රජු සොරුන්ට ධනය දෙන්නේය යන මෙම පුවත සැළවීම නිසා බොහෝ දෙනා සොරකම් කිරීමට පටන් ගත්තේය. මෙනිසා සොරකම, වැළැක්වීමට හිස් සිඳලීම් ආදී දඩුවම් දීම ඇරඹුණි. රජු මෙසේ කරන නිසා තියුණු ආයුධ කරවා ගම්, නියම්ගම් නගර කොල්ලකන්නට විය. මං පැහැරීම කරන්නට ද පටන්ගත්හ. දිළින්දන්ට ධනය නොදුන් විට දිළිඳු බව බහුල විය. දිළිඳු බව බහුල වීම නිසා සොරකම බහුල විය. සොරකම බහුල වීම නිසා අවි දැරීම බහුල විය. අවි දැරීම බහුල වීම නිසා ප්‍රාණඝාත බහුල විය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහිණ. අසූදහසක් අවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන් වර්ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ අවුරුදු සතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ.

සතළිස් දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතරින් එක්තරා පුරුෂයෙක් අනුන් සතු නොදුන් දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා රජු හට භාර දුන් පසු නුඹ සොරකම් කළේදැයි ඇසූ විට දේවයන් වහන්ස නැත’ යි හේ දැන බොරු කීයේ ය. එම නිසා ප්‍රාණඝාතය වැඩීමට ගිය කලැ බොරුකීම වැඩීමට ගියේ ය. බොරුකීම වැඩීම නිසා ඒ සත්වයන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහිණ. සතලිස්දහසක් අවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන් ද වර්ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ අවුරුදු විසි දහසක් ආයුෂ ඇත්තෝ වූහ. චක්‍රවර්තී සීහනාද සූත්‍රයේ එන ඉහත විස්තරය අනුව මනුෂ්‍යයාගේ ආයුෂය සැළකිය යුතු පමණකින් අඩුවීමට මුසාවාදය හේතු වීය.

== මුසාවාදය සිදුවන ආකාරය ==

අනුන් රවටවන කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද කර්මය සිදුවන්නේ අංග සතරක් සම්පූර්ණ වීමෙනි. එනම්,

(1) කියන කරුණ බොරුවක් වීම ය.
(2) අනුන් රවටන අදහස ය
(3) ඇඟවීමේ උත්සාහය ය
(4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය

නො දෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැලවීම පිණිස ද, කළ වරද සඟවනු පිණිස ද බොරු කීම අල්ප සාවද්‍ය වේ. අන්‍යයන් හට අනර්ථවන ලෙසට සාක්ෂ්‍ය වශයෙන් බොරු කීම එයට ද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍ර‍මාණයට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. බොරු කීමේ දී ඇතිවූ ක්ලේශයන් ප්‍ර‍මාණයෙන් ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතුය.

== විහිළුවේ බරපතලකම…….. ==

පෙර එක් මනුෂ්‍යයෙක් තොටුපොලෙහි නාමින් සිටින මිතුරන්ගේ ඇඳුම් සඟවා තැබුවේය. එය ද ඔහු සිදු කරනුයේ සොරකම් කරන සිතකින් හෝ විනාශ කරන අදහසින් නොව කෙළි පිණිස ය. එම විහිළුවේ බරපතලකම කෙසේ වී ද යත් පසුකළෙක ඔහු ප්‍රේතාත්මයක් ලැබ ඒ අකුසලය නිසා නග්න වීය. ඔහුගේ දිවිපැවැත්ම ද දුක් සහිත වීය. මේ පුවත දැක්වෙනුයේ ප්‍රේත වස්තුවෙහි ය. මෙම කරුණ සඳහන් ගාථාවට පසුව ඇති ගාථාව විහිළුව පිළිබඳව ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙයි.

‘‘යො කීළමානො පකරොති පාපං, තස්‌සෙදිසං කම්‌මවිපාකමාහු;
අකීළමානො පන යො කරොති, කිං තස්‌ස කම්‌මස්‌ස විපාකමාහූති.

“යමෙක් කෙළි අදහස් පෙරදැරි ව පවක් කෙරේ නම් ඔහුට මෙබඳු කර්මවිපාකයක් වේ ය යි පණ්ඩිතයෝ කියති. යමෙක් කෙළි අදහසක් නොමැති ව දුෂිත සිතින් පව් කෙරේ නම් ඒ පාපකර්මයාගේ විපාකය කොපමණ කටුක වේ දැ යි පණ්ඩිතයෝ කීහු ”

මේ අනුව බලන විට විහිළුව පිණිස කියන්නා වූ මුසාබස් ඒකාන්තයෙන් ම අනිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන බව වටහා ගත යුතු වේ. ඇතැම් පුද්ගලයන් විහිළුවට කියන බොරුවෙහි වරදක් නැති බව සිතත්. ඒ බව අන්‍යයන් හට ද ප්‍රකාශ කොට ඔවුන් ද මුසාවාදයෙහි යොදවත්. විහිළුවට කියන බොරුව කියන වරද නැති බව සිතා බොරු කීම බරපතල වේ. ඊට හේතුව නම් එසේ සිතන විට සිතෙහි දිට්ඨිය යෙදීමයි.

ඉතා සියුම් ආකාරයෙන් වුව ද මුසාවාද කර්මය සිදුවන ආකාරය විනය අටුවාවෙහි මුසාවාද සිල්පදයෙහි එන පහත උදාහරණය ඇසුරෙන් දත යුතුය. සාමණේර හිමි නමක් විසින් “ස්වාමින් වහන්ස, මගේ උපාධ්‍යායන් වහන්සේ දුටුවෙහි ද?” යැයි ඇසූවිට කවටකමින් යුතුව “නුඹගේ උපාධ්‍යායන් වහන්සේ දර ගැලක් යොදා ගියේය” යැයි ප්‍රකාශ කරයි. සිවලෙකු කෑගසන ශබ්දයක් ඇසී “”ස්වාමින් වහන්ස, ඒ ශබ්දය කුමක් ද?” යැයි ඇසූ විට කෙළි පිණිස ” ඒ නුඹේ මව යානයකින් යන විට මඩෙහි එරුණු කරත්ත රෝදය ගොඩට අදින ශබ්දය ය” යැයි ප්‍රකාශ කරයි. එක් භික්ෂුවක් ගමට ගොස් තෙල් ස්වල්පයක් ලබා විහාරයට පැමිණ විට සාමණේරයෙකු “නුඹ අද කොතනට වැඩියෙහි ද ?” යැයි ඇසූ විට “ගම එකම තෙලක් වීය (තෙලින් පිරී තිබුණි) “යැයි ප්‍රකාශ කරයි. නැතහොත් පැසක තබා තිබූ කැවුම් කැබැල්ලක් ලැබී “අද ගමෙහි පැස්වලින් කැවුම් එළවූහ” යැයි ප්‍රකාශ කරයි. ඉහත දැක්වෙන සියළු අවස්ථාවල දී මුසාවාදය සිදු වේ.

== මහාසාවද්‍ය වූ මුසාවාද කර්මයක්. ==

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කිමිලා නම් නුවර සෝවාන් ඵලයට පත්වූ උපාසකයෙක් වීය. ඔහුගේ බිරිද ද එම උපාසකයා සමග නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්ම සිදු කරමින් හැසිරුණාය. පසු කළෙක ඇය එක්තරා ධූර්තයෙකු සමග කාමයෙහි වරදවා හැසිර ස්වාමියා විසින් මෙය සත්‍යයක් ද ‍යැයි ඇසූ විට අසළ සිටි සුනඛයෙක් පෙන්වා “ඉදින් මම කාමයෙහි වරදවා හැසිරුණි නම්, මේ දිරා ගිය කන් ඇති කළු සුනඛයා, මා උපදින උපදින භවයෙහි කත්වා”යැයි ප්‍රකාශ කළාය. ඇයට මිතුරියන් පන්සියයක් වූහ. ඈලා ගෙන් ද මෙය දන්නේ ද යැයි විමසු විට “ඉදින් අපි මෙය දන්නේ වී නම්, අප ද මැගේ දාසියන් වේවා” යැයි මුසා බස් කීහ. වරදෙහි හැසුරුණු ඒ ස්ත්‍රිය සිතේ හට ගත් පසුතැවිල්ල නිසා ටික කලකින් මිය ගොස් හිමාලයේ මහවිල් සතෙන් එකක් වු “කණ්ණමුණ්ඩ” නම් විල් ඉවුර සමීපයෙහි විමාන ප්‍රේ‍තියක්ව උපත ලැබීය. ඇගේ විමානය සමීපයේ ඇයගේ කර්ම විපාක විඳීමට සුදුසු එක් පොකුණක්ද පහළ වීය. ඇගේ මිතුරියන් වූ ස්ත්‍රීන් කළ බොරු දිව්රීම නිසා ඇගේ දාසියන්ව උපත ලැබූහ.

ඒ ප්‍රේ‍තිය පෙර කරන ලද පුණ්‍ය කර්මවල විපාක හේතුවෙන් දවල් කාලයේ දිව්‍ය සම්පත් අනුභව කොට රාත්‍රි කාලයේ පාප කර්ම බලයෙන් යහනෙන් නැගිට පොකුණ අසලට යන්නීය. එවිට ඇත් නාම්බෙක් පමණ විශාල කාළ වර්ණ සුනඛයෙක් පොකුණෙන් පිටතට පැමිණේ. කන් සිඳුණු තියුණු වූත් දැඩි වූත් දිලිසෙන අඟුරු මෙන් ඇස් ඇති, තියුණු නියපොතු ඇති රළු දිග දුර්වර්ණ ලෝම ඇති ඒ සුනඛයා එම ප්‍රේ‍තිය බිම දමා මස් කා ඇටසැකිල්ල පමණක් ඉතිරි කොට දත් වලින් ඇදගෙන ඇවිත් පොකුණට දමා අතුරුදන් වේ. ඒ ප්‍රේ‍තිය පොකුණට වැටුණ පසු නැවත ප්‍රකෘති රූපය ලබා විමානයට පැමිණේ. මේ ආකාරයට ඇය දීර්ඝ කාලයක් දුක් වින්දාය. ඇය කාමය වරදවා හැසිර එය පිළිගත්තේ වී නම් මෙබඳු දරුණු විපාකයක් අත් නොවන්නට තිබුණි. එවිට ඇයට අනිෂ්ට විපාක ගෙන දෙනුයේ එම කර්මයෙන් පමණි.

‘‘එකං ධම්‌මං අතීතස්‌ස, මුසාවාදිස්‌ස ජන්‌තුනො;
විතිණ්‌ණපරලොකස්‌ස, නත්‌ථි පාපං අකාරි යං”

“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යන්න ඉහත කථා ප්‍රවෘත්තියෙන් පැහැදිළි වේ. ඒ මුසාවාදය නිසා සෙසු අකුසල් සැඟවීමට හැකි බැවිනි.

ගූථභාණී පුද්ගලයා – අසූචි බදු කථා ඇති පුද්ගලයා

මුසා බස් කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දක්වනුයේ ගූථභාණී පුද්ගලයා ලෙසය. මුසා බස් කියන පුද්ගලයා ගේ වචන අසූචියට සමාන බැවින් මෙසේ වදාරන සේක. එම පුද්ගලයා පිළිබදව දැක්වෙනුයේ මෙසේය.

“ මහණෙනි, ගුථභාණී පුද්ගලයා කවරේද යත්: මහණෙනි, මෙලොව කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට විමසන ලද කල්හි නොදන්නේ හෝ ‘දනිමි’යි කියයි. දන්නේ හෝ ‘නො දනිමි’ යි කියයි. නො දක්නේ හෝ ‘දුටුවෙමි’ යි කියයි. දක්නේ හෝ ‘නො දුටුවෙමි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ අන්‍යයා හේතු කොට ගෙන හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙන හෝ දැන දැන මුසා බස් කියයි ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.

== මුසාවෙහි ආදීනව ==

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

== මුසාබසින් වැළකීමේ ආනිසංස ==

· පැහැපත් ඉඳුරන් ලැබීම
· මිහිරි කටහඬක් ලැබීම
· මනාව පිහිටි දත් ඇති බව,
· අතිශයින් මහත් නොවූ ශරීරයක් ලැබීම
· අතිශයින් සිහින් නොවූ ශරීරයක් ලැබීම
· අතිශයින් මිටි නොවීම
· අතිශයින් උස නොවීම
· මහනෙල් මල් සුවද හමන මුවක් ලැබීම
· මනාව ඇහුම්කන් දෙන පිරිවර ලැබීම
· විශ්වාස කටයුතු වචන ඇත්තෙකු වීම
· පියුමක් බඳු සුමුදු රත් පැහැ සිහින් දිවක් ලැබීම

== සත්පුරුෂයෙකු වන්නේ කෙසේද? ==

සෑම වසරක ම අප්‍රේල් මස පළමු දිනය ලොව පුරා මුසාවාද කර්මය බහුලව සිදු කෙරෙන දවසකි. එය බටහිර ලෝකයෙන් පෙරදිගට පැමිණියක් වන අතර එම දවසෙහි දී දැන හෝ නොදැන කෙරෙන මුසාවාදය සත්තවයා දුගතියට ඇද දමන්නකි. මුසාවාදය සිදු කරන පුද්ගලයා අසත්පුරුෂයෙක් බවත් මුසාවාදයෙහි අන්‍යයන් සමාදන් කරන තැනැත්තා අසත්පුරුෂයාට වඩා අතිශයෙන් අසත්පුරුෂ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එමෙන්ම මුසාවාදයෙන් වෙන් වන පුද්ගලයා සත්පුරුෂයෙක් බවත් මුසාවාදයෙන් වෙන් වීමට අන්‍යයන් සමාදන් කරන තැනැත්තා සත්පුරුෂයාට වඩා අතිශයෙන් අසත්පුරුෂ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එම නිසා මෙබඳු දවසක දී සත්පුරුෂ ධර්මයෙහි පිහිටා ස්වකීය සන්තානයත්, අන්‍යයන්ගේ සන්තානයන් ද රැක බලා ගැන්මට සියළු නුවණැත්තෝ කටයුතු කරත්වා.

ආශ්‍රිත ග්‍රන්ථ සහ උපුටා ගැනීම්
චක්‍රවර්ති සිංහනාද සූත්‍රය – දීඝ නිකාය
පෙතවත්‌ථු-අට්‌ඨකථා
ධම්‌මසඞ්‌ගණී-අට්‌ඨකථා
සමන්තපාසාදිකා විනයාට්ඨකථා
පුද්ගලප්‍රඥප්ති
ඉතිවුත්‌තක-අට්‌ඨකථා
බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහානායක හිමි

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk

from Path to Nirvana https://ift.tt/2pT0sD3
අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි. ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත. හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි. වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.

මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර – මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.

ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.

මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශතවර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බවට කෙතෙකුත් සාක්ෂි ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නොබලා දුෂ්කරකම් ගැන නොසලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්තව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මලව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසාය.

සතර පෙර නිමිති පහළවීම

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියහ.

සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා – ව්‍යාධි – මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරි අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනව වසක් සපිරි සිදුහත් මහා බෝසතාණන්වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා (මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනයක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසල පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.

කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවුයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්ණ කළහ.

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ධර්මදානය : https://ift.tt/1NO2uXY

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2E8f72u
අසිරිමත් බක් පෝය
.
ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික

පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.

හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.

මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර – මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.

ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.

ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.

මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි.

උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

▬▬▬▬

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශතවර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බවට කෙතෙකුත් සාක්ෂි ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නොබලා දුෂ්කරකම් ගැන නොසලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්තව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මලව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසාය.

▬▬▬▬

සතර පෙර නිමිති පහළවීම

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියහ.

සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා – ව්‍යාධි – මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරි අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනව වසක් සපිරි සිදුහත් මහා බෝසතාණන්වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා (මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනයක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසල පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.

▬▬▬▬

කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවුයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්ණ කළහ.
.
මාපලගම සිරි සෝමිස්සර නා හිමි
පොහොය වර්ණනාව කෘතියෙනි
.
copied from -> මුදුන (Muduna)

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2Igp14J
මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල ප්‍රිය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි. මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.

උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය. මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථු පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.

තවත් බොහෝ දහම් ගැටළු වලට පිළිතුරු මෙතැනින්
https://ift.tt/2GBDQBF

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2IbBjep
දරු උපත හා බුදුදහම
.
දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමකි. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙනි. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුqවු පෙළඹුණහ. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්‌නට ලැබේ.

දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක්‌ ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක්‌ වෙනස්‌ වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙනි. ඒ අනුව මවු කුසක දරු ගැබක්‌ හටගන්නේ ස්‌ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්‌වීමෙන් පමණක්‌ නොව කර්මය, පුනරුත්පත්තිය, ආත්මය වැනි ශක්‌තීන්ගේ ද බලපෑමෙනි. ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්‍රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කර ඇත. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්‌වීමෙනි. සත් – අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති – පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම – රූප යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවලද දැක්‌වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්‍රහ කරන්නේ නාම – රූප පදනම් කරගෙනය. ස්‌කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්‌තරය ද එයට ඇතුළත් ය.

මේ ජීවිතය හටගන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? යන ප්‍රශ්නයට පිළිතුරක්‌ සංයුත්ත නිකායේ සේලා සූත්‍රයෙහි දැක්‌වෙයි. එම ප්‍රශ්නයට පිළිතුරු සපයන සේලා භික්‌ෂුණිය මෙම ජීවිතය තමන් විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයක්‌ නොවේ. අනුන් විසින් සාදන ලද්දක්‌ ද නොවේ, එය හේතු මුල්කරගෙන හටගත්තකි, හේතු බිඳීමෙන් නැතිවන්නකි යනුවෙන් පවසයි. මිනිස්‌ ජීවිතය දේව නිර්මාණයකි යන අදහස ඒ අනුව බුදුදහමෙන් ප්‍රතික්‌ෂේප කර ඇත. තුරු ලතාවන්ගේ හට ගැනීම පිළිබඳ බෞද්ධ මතය ද සේලා සූත්‍රයෙහි දැක්‌වෙයි. කෙතක වපුරන ලද බීජ පොළොවෙහි සාරය ද, ජලය ද උරා ගෙන අංකුරයක්‌ බවට පත්වන බව සේලා භික්‌ෂූණිය පවසයි. බීජයක්‌ තිබුණ පමණින් එය පැළයක්‌ බවට පත්වන්නේ නැත. ඒ සඳහා පොළවේ පස්‌ සහ ජලය වුවමනා වෙයි. එම හේතු එක්‌වීමෙන් බීජය වැඩෙයි. ලෝකයේ සෑම දෙයක්‌ම හටගන්නේ මෙම හේතුඵල න්‍යායට අනුවයි. යමක්‌ හටගන්නේ ඒ සඳහා බලාපන මූලික හේතු එක්‌තැන් වීමෙනි. එම හේතු නොමැති විට ඵලය හටගැනීමක්‌ සිදු නොවෙයි. දරු උපතකට මෙන්ම තුරු ලතා ආදිය හටගැනීමට පදනම් වන මෙම හේතුඵල න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය බුදුදහමේ සඳහන් ගැඹුරු ඉගැන්වීම්වලින් එකකි. මවුකුස තුළ නාමරූප (පටිසන්ධි විඤ්ඤාණය සහ භෞතික ශරීරය) අංකුරය හටගන්නා අයුරු මහායාන ආර්ය ශාලිස්‌තම්යක සූත්‍රය විස්‌තර කරන්නේ මෙසේය. මවුකුසේ පිළිසිඳ ගන්නා නාමරූප අංකුරය තමන් විසින් කරන ලද්දක්‌ නොවෙයි. අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. තමන් හා අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. මැවුම්කරුවකු විසින් කරන ලද්දක්‌ ද නොවේ. කාලය සමග පරිණාමය වූවක්‌ ද නොවේ. ප්‍රකෘතියෙන් හටගත් දෙයක්‌ද නොවේ. එක හේතුවකින් පමණක්‌ ඇතිවූවක්‌ ද නොවේ. හේතුවකින් තොරව ඇතිවූවක්‌ද නොවේ. මවුකුස තුළ නාමරූප අංකුරය උපදින්නේ විකල නොවූ හේතූන් රාශියක්‌ එක්‌වීමෙනි.

දීඝ නිකායේ සෝණදණ්‌ඩ සූත්‍රයේ දැක්‌වෙන අන්දමට මේ සිරුර මවුපියන්ගේ එක්‌වීමෙන් හා සතර මහා භූතවලින් හට ගත්තකි. ඒවා දරු උපතකට බලපාන භෞතික හේතු වශයෙන් දැක්‌විය හැක. ඒ අනුව මවුකුසක දරුවකු හට ගැනීම සඳහා මවුපියන්ගේ ලිංගික සබඳතාවයත්, පඨවි (තද ගතිය), ආපෝ (ජලය මෙන් වැගිරෙන දේවල්) තේජෝ (උණසුම), වායෝ (වාතය) යන සතර මහා භූතයන්ගේ එක්‌වීමත් බලපායි. දරු උපතකට පාදක වන ප්‍රධාන කාරණා තුනක්‌ මජCධිම නිකායේ මහා තණ්‌හා සංඛය සූත්‍රයෙහි සඳහන් වෙයි. 1 මවුපිය දෙදෙනාගේ එක්‌වීම 2 දරු ගැබක්‌ හටගැනීමට සුදුසු ශාරීරික තත්ත්වයක්‌ මවු කුසෙහි තිබීම 3 උපතක්‌ බලාපොරොත්තු වන ගන්ධබ්බයකු එළඹ සිටීම යන මූලික කරුණු සම්පූර්ණ වූ විට දරු ගැබක්‌ ඇතිවෙයි. මවුකුසයේ සකස්‌ වීම ගැන මහා තණ්‌හා සංඛය සූත්‍ර අටුවාව විවරණයක්‌ ඉදිරිපත් කර තිබේ. මවගේ කුසයෙහි දරුවකු පිළිසිඳ ගන්නා අවකාශයෙහි ලොකු ලේ ගඩුවක්‌ සැදී බිඳී වැගිරෙයි. මවුපියන්ගේ එක්‌වීමෙන් සත්දිනක්‌ ගතවන තුරු පිරිසිදු වූ අවකාශයෙහි දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ තිබේ. එම කාලය තුළ මවගේ අත ඇල්ලීම, හිස හා සිරුර පිරිමැදීම වැනි දෙයකින් වූවද දරුවකු පිළිසිඳ ගන්නා බව අට්‌ඨ කතාවෙහි සඳහන් වෙයි. දරු උපතක්‌ පතන සැමියා බිරිඳ කෙරෙහි ආදරය දැක්‌වීම වැදගත් බව මෙයින් පෙනේ. උපතක්‌ අපේක්‌ෂා කරන ගන්ධබ්බ යන වචනයෙන් අදහස්‌ වන්නේ ප්‍රතිසන්ධි විඥනයයි. සර්වාස්‌තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අභිධර්ම කෝෂයේ ගන්ධර්ව යන වචනයට අන්තරාභවිකයා යන අර්ථය දී ඇත. මරණය සිදු වූ පසු නැවත මවුකුසයක පිළිසිඳ ගන්නා තුරු භවයෙහි සැරිසරන විඥන ශක්‌තිය එයින් අදහස්‌ කෙරේ. එය ආත්මයට වෙනස්‌ වූවකි. කරණියමෙත්ත සූත්‍රයේ සම්භවේසී යනුවෙන් දැක්‌වෙන්නේ සත්ත්වයකුගේ ගන්ධබ්බ අවස්‌ථාවයි. උපතක්‌ බලාපොරොත්තුවෙන් සිටින ගන්ධබ්බයා කෙරෙහි ද මෛත්‍රිය පතුරුවන ලෙස එම සූත්‍රයේ උපදෙස්‌ දී ඇත. ඒ අනුව සලකන විට මිනිස්‌ කළලයක්‌ ගබ්සාවට ලක්‌කිරීම බුදුදහමට පටහැනි ක්‍රියාවකි.

සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්‌තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්‌මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙනි. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස්‌ සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්‌ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්‌වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙයි. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්‌ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්‌බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක්‌ වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක්‌ පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක්‌ යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක්‌ පමණ වෙයි. දරුවකුගේ ස්‌ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්‌ථාවේදීය. දරුවකුගේ පිළිසිඳ ගැනීම ගැන සූත්‍ර දේශනාවල සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කිරීමේ දී අටුවාචාරීන් දක්‌වන අදහස්‌වල වෙනස්‌කම් පවතියි.

දරු ගැබක්‌ ඇති නොවීමට හෙවත් වඳ බවට බලපාන හේතු කීපයක්‌ සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්‌වෙන්නේ මේ අයුරිනි. දරු ගැබ් හටනොගන්නා ස්‌ත්‍රියක්‌ නොමැත. දරු ගැබ රඳවා ගත නොහැකි ස්‌ත්‍රිය වඳ ස්‌ත්‍රියක්‌ ලෙස හැඳින්වෙයි. සෘතුභාවයට පත් ස්‌ත්‍රි කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවන නමුත් කළලය රඳන්නේ නැත. වඳ ස්‌ත්‍රියක ලෙස හැඳින්වෙන නැතැත්තියගේ ගැබෙහි මඳ වූ කුසලයකින් පිළිසිඳ ගන්නා තැනැත්තා අකුසල විපාකයන්ට මුහුණ දෙයි. එයින් පීඩාවට පත්වන ඔහු වැනසෙයි. පිළිසිඳ ගැනීමක්‌ සිදුවූවත් දරු ගැබ ර¹ නොපැවැතීමට හේතුවන කරුණු දෙකක්‌ ඇත. එය සිදුවන්නේ වාතය නිසා හෝ ප්‍රාණීන් නිසාය. වාතයෙන් ගැබ වියළී කළලය අතුරුදන් වෙයි. ප්‍රාණීහු කළලය කා දමති. වාතයෙන් හෝ ප්‍රාණින්ගෙන් සිදුවන කළල විනාශය වැළැක්‌වීමට බෙහෙත් කළ යුතුය. එවිට දරුගැබ පිහිටන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි. අණ්‌ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙන් සත්ත්වයන් උපත ලබන ස්‌ථාන හතරක්‌ ගැන මජ්ජිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දක්‌වා ඇත. මිනිසුන් උපදින්නේ ගර්භාෂය මුල්කරගත් ජලාබුජ සත්ත්වයකු වශයෙනි. නමුත් සුවිශේෂ සිදුවීම් කීපයක්‌ පිළිබඳ නිදසුන් ත්‍රිපිටකයේ ඇත.

දරුවකුගේ උපතට බලපාන භෞතික සාධක සම්බන්ධයෙන් ආගම්වලට මෙන්ම විද්‍යාවට ද එතරම් ගැටලුවක්‌ නොමැත. නමුත් මවුකුසේ සිටින දරුවකුට ජීව ශක්‌තිය හෙවත් ප්‍රාණය ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට එමගින් පැහැදිලි පිළිතුරක්‌ ලැබෙන්නේ නැත. බොහෝ ආගම් ඒ සඳහා මැවුම්කරුවකුගේ පිහිට ලබාගනියි. ඒ අනුව ප්‍රාණය පිඹීම මැවුම්කරු විසින් සිදුකරනු ලබන්නකි. එහෙත් ගන්ධබ්බ හා ප්‍රතිසන්ධි විඥනය සංකල්පය ඔස්‌සේ බුදුදහම එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. උපත ලබන්නට බලාපොරොත්තු වන ගන්ධබ්බයා යනුවෙන් දැක්‌වෙන්නේ උත්පත්ති විඥනයයි. එය භෞතික තත්ත්වය ඉක්‌ම වූ අරූපී දෙයකි. තෛතරීය ආරණ්‍යයක වැනි හින්දු වේදාන්ත ග්‍රන්ථයන්හිද ගන්ධර්ව යන වචනයෙන් දරු ගැබට ඇතුළුවන ජීව ශක්‌තිය හඳුන්වා ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව ගමන් කරන ආත්මයකි. පුනරුත්පත්තිය යනු දිරාපත් නිවස වෙනුවට නව නිවසක්‌ සකස්‌ කර ගැනීමකි. දිරාපත් ඇඳුම ඉවත් කර අලුත් ඇඳුමක්‌ අදින්නාක්‌ මෙන් ආත්මය දිරාපත් සිරුර අත්හැර අලුත් සිරුරක්‌ සොයාගැනීමකි. ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව යන ආත්මයක්‌ ඇත යන වෛදික ඉගැන්වීම් බුදුදහම පිළිගන්නේ නැත.

සිදුහත් බෝසතුන් බුදුබවට පත්වීමෙන් පසු දෙසූ “අනේක ජාති සංසාරං” යනාදී උදන් වැකියෙන් කියෑවෙන අන්දමට ජීවිතය නමැති නිවෙස ඉදිකරනු ලබන්නේ තණ්‌හා නමැති ගෙවල් සාදන්නා විසිනි. බුද්ධඝෝෂ ආචාර්යයන් විශුද්ධි මාර්ගය පොතේ දක්‌වන අන්දමට දරු උපතක්‌ ඇතිවීමට කර්මය, විඤ්ඤාණය හා තණ්‌හාව මුල්වෙයි. කර්මය කුඹුර යි. විඤ්ඤාණය බීජය යි. තණ්‌හාව ජලයයි. මෙම කාරණZය මහායාන සම්ප්‍රදායට අයත් ආර්ය ශාලිස්‌තම්භක සූත්‍රයේ තවත් විස්‌තරාත්මකව සඳහන් වෙයි. කර්මය නමැති කුඹුරේ විඤ්ඤාණ නමැති බීජය වපුරණු ලබන්නේ අවිද්‍යාව විසිනි. මේ පැහැදිලි කිරීම්වලින් පෙනෙන්නේ භෞතික ස්‌වභාවය ඉක්‌ම වූ නවීන විද්‍යාවට හසුනොවන කරුණු ද දරු උපතකට බලපාන බවයි.

මවුකුසක හටගත් කළලය හඳුන්වන්නට නවීන විද්‍යාව යොදන්නේ ඉදිමුම යන අදහස දෙන Eපඉරදහද යන ලතින් වචනය යි. මුල් සති කීපය තුළ කළලයේ ශෛල දෙගුණ සිව් ගුණ වශයෙන් බෙදෙමින් වර්ධනය වන බව කළල විද්‍යාව පෙන්වා දෙයි. පුරුෂ ජන්මානු සහ ස්‌ත්‍රි ආර්තවානු මැද පියවි ඇසට නොපෙනෙන නියුක්‌ලිස්‌ නමින් හැඳින්වෙන නූලක්‌ වැනි දෙයක්‌ පවතියි. ඒ ඇතුළත තිබෙන වර්ණදේහ සෑදී තිබෙන්නේ පබළු වැලක්‌ මෙන් බැඳුණ ජාන එක්‌වීමෙනි. මෙම ජානවල තිබෙන දෙමවුපියන්ගේ පරම්පරානුගත ගති ලක්‌ෂණ දරු කළලයට එක්‌වි වෙයි. ඒ අනුව මවුපිය දෙපාර්ශ්වයට ම අයත් ජානවල ගති ලක්‌ෂණ දරුවකු තුළ පිහිටයි. පරම්පරා දෙකක්‌ යනු විශාල ජන කොටසකගේ ජාන එකතුවකි. ඒ නිසා දෙමවුපියන් තුළ නොපෙනෙන පරම්පරාගත විවිධ ගති ලක්‌ෂණ සහිත ජානයන්ය. ඒ හේතුවෙන් උපදින දරුවන්ගේ කායික දුබලතා ඇතිවන බව විද්‍යාවෙන් සොයාගෙන ඇත. ඒ නිසා සමීප ඥතීන් අතර විවාහයට වෛද්‍ය විද්‍යාව අනුබල නොදෙයි. රුබෙල්ලා එන්නත ලබාදෙන්නේ ජාන මගිනි. ගලා එන ආබාධිත තත්ත්වයන් වැළැක්‌වීමටය.

බුදුදහමේ දැක්‌වෙන රූප කලාප පරිණාමය නවීන විද්‍යාව සඳහන් කරන කළලයේ ශෛල බෙදී යැමට සමානය. බුදුදහම සඳහන් කරන අන්දමට පටිසන්ධි විඤ්ඤානය සමග බැඳුණු කර්ම ශක්‌තිය මවුකුසේ හටගන්නා කළලයට සම්බන්ධ වෙයි. ඇතැම් ශාරීරික දුබලතා ඇතිවන්නේ ඒවායේ බලපෑමෙනි. එහෙත් බුදුදහම මවුකුසේ සිටින දරුවකුගේ සියලු සකස්‌වීම් කර්මය ට හෝ විඤ්ඤාණ ශක්‌තියට පවරන්නේ නැත. අඹ ඇටයකින් අඹ පැළයක්‌ම හටගැනීම , මවුකුසකින් මිනිස්‌ දරුවකුම බිහිවීම වැනි කරුණු නියාම ධර්මයන්ට අනුකූලව සිදුවන බව බුදුදහමේ විස්‌තරය කර ඇත. බුදුදහම බීජ නියාමය මගින් පෙන්වා දෙන්නේ ජානවල ක්‍රියාකාරිත්වය යි. ආරය වශයෙන් හැඳින්වෙන්නේ පරම්පරාවෙන් පිහිටන ගති ලක්‌ෂණයන්ය. ඒවා පැවැතෙන්නේ ජාන මගිනි. පුද්ගලයකු රහත් බවට පත්වූවන් කායික වශයෙන් ආරයෙන් පැවතෙන ගති සිරිත් ඔහු තුළ ඉතිරි වන්නට පුළුවන. ඇතැම් විට පෙර භවයට සම්බන්ධ ගති ලක්‌ෂණද පෙර පුරුදු වශයෙන් පවතියි. බුදුදහමේ දක්‌වෙන පාරමිතා පිරීම වැදගත් වන්නේ සසරේ ඉදිරි ජීවිතවල ගුණ යහපත් පුද්ගලයකු වීමට ඒවා බලපාන බැවිනි.

නවීන විද්‍යාව දරු උපත ගැන සියලු දේ විස්‌තර කරන්නේ භෞතික හේතු සාධක පදනම් කරගෙනය. දරු උපතකට බලපාන කර්ම ශක්‌තිය හා පටිසන්ධි විඤ්ඤාණය වැනි ආගමික ඉගැන්වීම් නවීන විද්‍යාව පිළිගන්නේ නැත. ප්‍රතිසන්ධි විඥනය හා කර්මය දරු උපතකට බලපාන බවට බුදුදහම ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවට මාර්ටින් වික්‍රමසිංහ මහතා විස්‌තරාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ මහතා පිළිගන්නේ දරු උපතකට බලපාන භෞතික හේතු පමණි. භවකර්ම විකාශය නමැති පොතේ එම විස්‌තරය ඇතුළත් වෙයි.

මවුපිය පරපුරේ තිබෙන කායික හා මානසික ගති ලක්‌ෂණ රෝගාබාධ ජාන මගින් දරුවන්ට උරුම වන බව පිළිගත හැක. නමුත් මවුකුසයෙන් බිහි වූ පසු පරිසරයෙන් දරුවකුට උරුම වන දේවල් සහජ හැකියාවන් වශයෙන් ඇතැම් දරුවන්ගෙන් මතුවන්නේ කෙසේද? යන්නට පිළිගත හැකි පිළිතුරක්‌ නවීන විද්‍යාවෙන් සපයා නැත. එපමණක්‌ නොව පුනර්භවය, කර්ම සිද්ධාන්තය හා පටිසන්ධි විඥනය නොපිළිගන්නා ආගම්වලට ද එයට පිළිතුරු දීමට නොහැක. ඔස්‌ටියෝපොරසිස්‌ රෝගය ගැන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන්ට දේශන පවත්වන හය හැවිරිදි මෙක්‌සිකානු දරුවකු ගැන 2005 අප්‍රේල් මස වාර්තා විය. කිසිම අකුරක්‌ නොවරදවා සතිපට්‌ඨාන, ධම්මචක්‌කපවත්තන වැනි සූත්‍ර කටපාඩමින් කියූ ධම්මරුවන් නම් දරුවෙක්‌ මහනුවර සිටියේය. තමා බුද්ධඝෝෂ අටුවාචාරින් සමග පැමිණි මුදිතඝෝෂ භික්‌ෂුව බව ඔහු පැවසුවේ තුන්හැවිරිදි වියේදී ය. පූර්ව ජන්මයන් පිළිබඳව පර්යේෂණ පවත්වන ඉයන් ස්‌ටීවන්සන් මහාචාර්යවරයා ද මෙම දරුවා හමුවීමට පැමිණියේය. කිසිදු පෙරහුරුවක්‌ නොමැතිව ගී තනුවලට අනුව සංගීත භාණ්‌ඩ වාදනය කරන, උපත ලබා කෙටි කලකින් විදේශීය භාෂාවන් කතා කරන බිළිඳු දරුවන් ගැන ද අසන්නට ලැබේ. දරුවකුට මෙවැනි හැකියාවන් ලැබෙන්නේ කෙසේද එය සිදුවන අන්දම විග්‍රහ කළ හැක්‌කේ මිනිසාගේ සාංසාරික පැවැත්ම හා කර්මය පිළිගන්නා දහමකට පමණි.
.
උපුටාගැනීම – මුදුන (Muduna)

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2pKtGF8
ධර්මය අවබෝධ කළ නො හැකි අවස්ථාවන් අටක්
.
තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය අපට මේ ලැබුන වෙලාවේ, අප උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න බුද්ධියත් මුණ ගැසුණ වෙලාවේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරයට හිතන්න පුරුදු වෙන්න ඕන. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන එක ගැන සැක කරමින් සිතනවා මේ කාලයේ ඒ දේ කරන්න පුලුවන්ද? දන්නේ නැහැ කියා. එසේනම් හිතනවානම් ඔබ මේ කාරණය ගැන සිතන්න.

අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා ධර්මය අවබෝධ කළ නොහැකි අවස්ථා අටක් තිබෙන බව. ඒ අවස්ථා අට තුළ කෙනෙකුට මේ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ.
ඒ තමා

1) බුද්ධ ශාසනයක් තිබෙන කලෙක, ධර්මය පැතිරුණ කාලයක කෙනෙක් නිරයේ ඉපදිලා නම්,

2). කෙනෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම්,

3) පේ‍්‍රත ලෝකයේ ඉපදිලානම්,

4) ඒ වගේම සුගති ලොවක් වුවත් අසංඤ්ඤ සත්ව ලෝකවල ඉපදිලානම්. (අසංඤ්ඤ කියන්නේ සංඤා නැහැ. හඳුනා ගැනීමක් නැහැ. ධර්මය ඇසුණත් හඳුනාගන්න බැහැ)

5). බුදුරජාණන් වහන්සේ ධර්මය අසන්න ලැබෙනවා. නමුත් ඒ මනුස්සයා මන්ද බුද්ධිකයි. ඔහුට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැහැ.

6) මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. ධර්මයත් ඇසෙනවා. නමුත් ඒ ධර්මය පිළිගන්න කැමැති නැහැ. දැඩි දෘෂ්ඨිවල ඉන්නවා. ධර්මයට කැමැති නැහැ. කීකරු නැහැ.

7) බුදුරජාණ වහන්සේ ගේ ධර්මය ඇසෙනවා. කෙනෙක් ඒ යුගයේම මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. නමුත් ඔහු ඉන්නේ ධර්මය නො ඇසෙන පැත්තක.

8) බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා නැති කාලයක අබුද්ධෝපත්ති කාලයක කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදෙනවා. ඔහු බුද්ධ ශාසනයක් ගැන අසා නැහැ. දන්නෙත් නැහැ. ඔහුටත් මේ අවස්ථාව අහිමියි.

එහෙනම් දැන් මේ අවස්ථා අටෙන්ම අප නිදහස්. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැරි අවස්ථා අටක් තිබෙනවා කියා වදාළා නම්, ඒ අටට අප අයත් නැත්නම්, අපට සැක උපදවාගන්න ඕන නැහැ. මේ ධර්මය අපට අවබෝධ කරන්න පුලුවන්ද? බැරිවෙයිද? කියා. මේ අටට අමතරව තවත් අවස්ථාවක් තිබෙනවානම් උන්වහන්සේ ඒකත් මේ ගොඩට දානවා. එසේනම් මේක හතක් කියන්නත් බැහැ. නවයක් කියන්නත් බැහැ. අප උන්වහන්සේ ගැන ශ්‍රද්ධාවට නො පැමිණ අපට සිතෙන දේ කියමින් අපට තවම පාරමිතා සම්පූර්ණ වී නැහැ ආදී දේ මේ අතරට දානවානම් එය අප වරදවා ගැනීමක් මිස උන්වහන්සේගේ වරදක් නොවේ.

පාරමිතා අවශ්‍යයි සම්බුද්ධත්වයට පත්වෙන්න. පාරමිතා අවශ්‍යයි මහරහතන් වහන්සේ නමක් වෙන්න. පාරමිතා අවශ්‍යයි අග්‍ර ශ්‍රාවකයන් ලෙස බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්න. පාරමිතා අවශ්‍යයි උපස්ථායක ස්වාමින් වහන්සේ වෙන්න. පාරමිතා අවශ්‍යයි බෝසතාණන් වහන්සේගේ අම්මා, තාත්තා දරුවා, බිරිඳ වෙන්න. නමුත් අනෙක් හැම දෙනාටම පාරමිතා අත්‍යවශ්‍යයි කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා නැහැ.

එයට හේතුව උන්වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය මිසක් වෙන දෙයක් නොවේ. මේ චතුරාර්ය සත්‍යය තුළ තිබෙන්නේ

1) දුක,
2) දුකට හේතුව,
3) ඒ හේතුව සම්පූර්ණයෙන් නැති කරන්න පුලුවන් කියන දේ,
4) දුක නැති කරන්න තිබෙන මාර්ගය.

ඒවාට අවශ්‍ය පාරමිතා නොවේ. හතරවන ආර්ය සත්‍යය තුළ තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න බුද්ධිමත් ඔබට මේ යුගයේ පුළුවන්ද බැරිද කියන දේ ගැන ඔබට සංෂික්තව කියා දෙන්නම්.

අද දවසේ අපට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න නම් හොඳට කන ඇසෙන, අපට හොඳට ඇස් පෙනෙන, අපට මේ කියාදෙන ධර්මය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන අපට.මේ දේ වඩන්නත් පුළුවන්. ඔබ හිතන්න පළමු ආර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. උන්වහන්සේ දුක ගැන විවිධ ආකාරයට පෙන්වූවා. ඊළඟට වදාළා ‘සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා දුක්ඛා’ හකුලුවා ගත්තොත් මේ හැම දුකක්ම කාරණා පහකට අයිතියි. ඒ තමා රූප උපාධානස්ඛන්ධය, වේදනා උපාධානස්ඛන්ධය, සංඤා උපාධානස්ඛන්ධය, සංකාර උපාධානස්ඛන්ධය, විඤ්ඤාණ උපාධානස්ඛන්ධය. දුක , දුක කියා අප කථා කරන සියලුම දේ මේ පංච උපාධානස්ඛන්ධයටයි අයිති. අපි සිතමු යම් පොතක පිටුව පිටුව ගැන අප කථා කරනවා. මේ පිටුවේ මෙහෙම තිබෙනවා, මේ පිටුවේ මෙහෙම තිබෙනවා කියා. ඒ පිටු ටික සියල්ලම වහල පොත වශයෙන් ගත්තොත් පොතක් ලෙස අපට පෙන්වන්න පුලුවන්. පොතක් ලෙස කථා කරන්න පුලුවන්. නමුත් ඒ පොත ඇතුළේ පිටුවෙන් පිටුව වෙන් වෙන් වශයෙන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ අප දුක, දුක කියමින් කථාකරන සියල්ලම පොත්වල පිටුනම් ඒක හකුලුවා ගත්විට පොතක් කිව්වා වගේ සියලුම දුක් හකුළුවා ගත්තම පංච උපාධානස්ඛන්ධය කියා වදාළා. මේ පංච උපාධානස්ඛන්ධය කියන දේ අප ගොඩාක් දෙනා තේරුම් අරගෙන තිබෙන්නේ එක් එක් ආකාරයට. නමුත් අප තේරුම් ගන්න ආකාරය නොවේ වැදගත් වන්නේ. මෙය අවබෝධ කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ ලෙසම ඉගෙන ගන්න ඕන. උන්වහන්සේ වදාළා පඤ්චුපාදානක්ඛන්ධා කියන විට රූපය පළමු උපාධානස්ඛන්ධය සම්පූර්ණ වාක්‍යයම වචන තුනකට කඩන්න පුලුවන්. රූප – උපාධානස් – ඛන්ධය, වේදනා – උපාධානස් – ඛන්ධය, සංඤා – උපාධානස් – ඛන්ධය, සංකාර– උපාධානස් – ඛන්ධය, විඤ්ඤාණ- උපාධානස්- ඛන්ධය මේ කාරණා පහේම වචන තුන ගානේ කථා කරපුවා.

මෙහිදී බුදුන් වහන්සේ වදාළා රූපය කියන්නේ සතරමහ ධාතුන් සතරමහ ධාතුන්ගෙන් හට ගත් දේයි. පොළවට පස්වන හැම දෙයක්ම පඨවි – ජලයේ දියවන දේ, ආපෝ – සුළඟේ හමන දේ, වායෝ – උණුසුමෙන් තිබිල නිවී යන ස්වභාවයෙන් ඇති දේ තේජෝ කියා හඳුන්වනවා. සෑම තැනකම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරේම එකතුවට කියන නම තමා රූපය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සංවිඤ්ඤාන කය පමණක් නොවේ ආධ්‍යාත්මික හෝ වේවා, බාහිර හෝ වේවා රූප තිබෙනවා. ආධ්‍යාත්මික රූප කියන්නේ තමා යැයි සළකන කෙස්, ලොම්. නිය, අත් ආදි ටික. බාහිර රූප යැයි වදාළේ බාහිර ටික. මේ රූප සියල්ලම බාහිරව තිබුණට අප මේ රූප සියල්ලම දැන ගන්නේ නාම මාත්‍රයක් තුළ ඉඳළයි. මේ සම්බන්ධව ‘ආනන්ද’ කියන සූත්‍රයේදී මන්තානිපුත්ත ස්වාමින් වහන්සේ මෙසේ උපමාවකින් වදාළා, මේ ලෝකයේ බාහිර දේ තමාට අරමුණක් ලෙස එන්නේ කණ්නාඩියක පිළිබිඹුවක් වගේ කියා.

කණ්නාඩියට ඉදිරිපස පිළිබිඹු වෙනවා. යමක් දුටු විට අපට හිතෙනවා මෙය කණ්නාඩිය ඉදිරියේ තිබෙන දේමයි කියා. ඔබ හිතන්න යම් ඇඳුමක් කණ්නාඩිය ඉදිරියේ කෙනෙක් බලනවා. එවිට අපට සිතෙනවා මේ කණ්නාඩියෙන් පිළිබිඹු වන්නේ ඒ ඇඳුම කියා. ඒ ඇඳුම රුපියල් 300 ක් නම් කණ්නාඩිය තුළ පිළිබිඹුවන ඇඳුමේ මිල කීයද? එහෙනම් පේනවා ඒ ඇඳුම නොවේ ඒ තිබෙන්නේ. අර ඇඳුමේ කණ්නාඩිය තුළ තිබෙන්නේ නිකම්ම ඡායාවක් පිළිබිඹුවක් වීමයි. අපේ ඇඳුම අතින් අල්ලන්න පුළුවන්. නමුත් පිළිබිඹු වන දේ අල්ලන්න බැහැ. මේක තියාගන්න පුළුවන්. පිළිබිඹුව තියාගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ සියලුම රූප අපට දැකගන්න ලැබෙන්නේ මේ ආකාරයට. බාහිර දේ අරමුණක් ලෙස පමණයි අපට ලැබෙන්නේ. අප තුළත් තිබෙනවා කණ්නාඩියක්. ඒ කණ්නාඩියට තමා බාහිර රූපයේ පිළිබිඹුව ලැබෙන්නේ. අප තුළ තිබෙන කණ්නාඩිය තමා සිත. ඇසෙන දකින දේ පිළිබිඹුව වැටෙනවා, පිළිබිඹු වන සිතට. සිත නැමැති කණ්නාඩියට ලැබෙන පිළිබිඹුව බාහිර රූප ලෙසම ගන්නවා. ඔබ ඉදිරියේ තිබෙන සියලු දේ ඔබගේ සිතට එක අරමුණක් පමණයි. කණ්නාඩියට ලැබෙන ඡායා ටිකත් පමණයි. ඒ විදිහටම මේ ලෝකයේ යම් ශබ්දයක් තිබෙනවා නම් ශබ්දය මතු වෙන්නේත් සතරමහ ධාතුන්ගේ රූපයකින්. අප යම් දෙයකට අතින් තට්ටු කළ විට යම් ශබ්දයක් එනවා. ඒ ශබ්දය සතරමහ ධාතුන්ගෙන් හටගත් යම් භාණ්ඩයක ගැටීමක් නිසා හටගත් ශබ්දයක්. මේ වගේ නාසයට දැනෙන ගඳ – සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සතර මහ ධාතුන්ගෙන් හට ගත් රූපයකින් හටගත් දේ. අරමුණු පමණක් සිතේ හට ගන්නවා.

එහෙනම් හැම රූපයක්ම රූපයක් ලෙස දැනගන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක් තිබෙන නිසයි. ඒ ක්‍රියාකාරීත්වයට කියන්නේ ‘විඤ්ඤාණය’ කියා. එහි තේරුම දැන ගන්නවා කියන එකයි.
.
වල්පොල ගෝතම හිමි
.
උපුටා ගැනීම – මුදුන (Muduna)

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2IT8sNn
අප්පලාභොපි චෙ භික්ඛු, සලාභං නාතිමඤ්ඤති;
තං වෙ දෙවා පසංසන්ති, සුද්ධාජීවිං අතන්දිතං.

වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2GdpfJ3
“කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,
ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

පුත්තා මය්හං බහූ හොන්ති තාසො ම‍ය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො
ඛලිතං මං න ජානාමි අභන්තං මානසං මම”

බුදුනට ද සඟනට ද සැරයටි පුදා මාගේ කර්මයට අනුරූප වූ පරිදි අනුසස් සයක් ලබමි. මා හට පුත්‍රයෝ බොහෝ වෙති. තැති ගැනීමක් මට නැත. හැම කල්හි අනුන් විසින් පිඩා නො කළ හැක්කේ වෙමි. සකලාරක්ෂාවෙන් ආරක්ෂා කරන ලද්දේ වෙමි. මාගේ වැරදීමක් නො දකිමි. මාගේ සිත නො පෙළන ලද්දේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX