Monthly Archives: June 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NdjcZ9
අප විසින් නිර්මාණය කරන ලද භාවිතය ඉතා පහසු පාලි-සිංහල ශබ්දකෝෂය android app එක දැන් පහතින් ලබාගත හැකියි.
https://ift.tt/2lAPOz6

ත්‍රිපිටකය කියවන ධර්මය ඉගන ගන්නා ඔබගේ දෙමාපියන්ගේ සහ දන්නා හඳුනන භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලට install කර දෙන්න.

https://pitaka.lk/dict/ ලිපිනය ඔස්සේද භාවිතා කල හැකියි.

භාවිතයට උපදෙස් -> https://www.youtube.com/watch?v=GLQCAn1-2lc

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yYdaZe
“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධ රත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත්වේවා!

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සගේගසු වා යං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතෙන
ඉධම්පි බුදෙධ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු”

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද? තථාගතයන් වහන්සේම “සෙල” නම් බමුණාට වදාළ අයුරින් දතයුතු සියල්ලම (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදිමි. (අභිඤෙඤයං අභිඤඤතං) වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (භාවෙතබ්බං ච භාවිතං) හල යුතු සියල්ල හලෙමි. (පහාතබ්බං පහීනමෙම) එහෙයින් මම බුද්ධ නම් වෙමි. (තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණ)

දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග ආදී ආය¸ සත්‍ය, ස්කන්ධ, ආයතන, ධාතු, බෝධිපාක්‍ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම් වද, සත්ව ලෝකය පිළිබඳ වූ උත්පාද, ඨිති, භංගා දී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්‍ෂියෙන් දත් හෙයින් ද සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකතාචාරීහු පෙන්වා දෙති.

බුද්ධරත්නය යනුවෙන් සලකන විට අතීත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහුද අපගේ ස්වාමී වු ගෞතම නම් බුදුන්වහන්සේ ද අනාගත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත්ද කාලත්‍රයවර්තී සියලු දෙනා වහන්සේම ඊට ඇතුලත් වෙති. එහි සියලු බුදුවරයන් වහන්සේම බුද්ධරත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.

සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැයි තථාගතයන් වහන්සේ සතු මහා ප්‍රඥාවෙන් අවබෝධ කට යුතුයි. ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධඥානය විවිධාකාර ප්‍රභේදයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්වයෙහි අසිරිය කාරකාරාම සුත්‍රයෙන් “සබ්බඤ්ඤු භූමි, ඛීණාසව භූමි, සච්ච භූමි, සඤ්ඤාත භූමි, තාදි භූමි “ යනුවෙන් ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්වයෙහි විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.

සම්බුද්ධත්වය අති ගාම්භීර ඤාණ සම්පත්තියකින් සමූපලක්‍ෂිතය. සම්බුද්ධත්වය කරා පියවරින් පියවර ආධ්‍යාත්ම සංවර්ධන කාර්යෙහිලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රොත්සාහිවූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිතපර්ය්‍යංකයෙන් වැඩ හිඳ මාර පරාජයන් අනතුරුව අනාපානසති භාවනා ‘භ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත්කොට අනේක සංඛ්‍යාත අතීත ආත්ම භාවයන් තත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඤාණ ප්‍රතිලාභ කොට ගත්හ.

අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම ගොත්, විඳින ලද සුව දුක් පැහැදිළි ලෙස දකිමින් අතීතය වසාලන මෝහන්ධකාරය දුරු කිරීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භවයද, කුසලාකුසල කර්ම විභාගාදියද දකිමින් ඤාණ “ සහ චුතුපපාත ඤාණ උපදවා ගත්හ. ඉන් අනතුරුව කෙලෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මග කෙරෙහි සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙලින් සර්වඥ ඤාණ සම්පත්ති ප්‍රතිලාභී වූහ. එය වනාහි යථාභූත ඤාණ දස්සන අවබෝධයයි. ඒ වනාහි,

චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඥාණ අටකින්ද, අසාධාරණ ඤාණ හයකින්ද ප්‍රභේදගත වේ.

බුද්ධත්වය හා බැඳි පවත්නා මෙම ඤාණ විභාගයෙහි රහත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, වෛශේෂිත, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර විමංසා, ෂඩ් දර්ශන, උපනිෂද් ආදි ඉගැන්වීම් මගින් ඉදිරිපත් කෙරෙන ඉන්දීය දර්ශන සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තුලනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මගින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්‍රියාවලිය හා විග්‍රහය අවබෝධ කොටගත හැක්කේ විචාරශීලි පරිපූර්ණ මනසක් ඇති ප්‍රතිපත්ති ගරුක, සත්පුරුෂ සාධූන්ට පමණි. බුද්ධිගෝචර බවින් සැබවින්ම ඈත්වු දේව නිර්මාණවාදි යදමින් බැඳුනු ආගමික නායකයින්ට එය කෙසේවත් කළ නොහැකිය.

සර්වඥතාඤාණය පාදක වී පවත්නා දාර්ශනික පදනම හේතුඵලවාදය නම් වේ.

එය අචින්ත්‍ය වූ ජගන් මණ්ඩලය සංස්ලේෂණ හා විශ්ලේශන වශයෙන් විමර්ශනයට භාජන කළ හැකි වූද, යථාර්ථාවබෝධයට මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නා වූද පරම සත්‍ය වූ දාර්ශනික පදනම ලෙස හඳුන්වා දිය හැකිය.

බුද්ධරත්නය අසම සම ගුණ සමුදායෙන්ද උපසොභිතය, ඒ බුදුගුණ සිත් සතන් හි රඳවා ගෙන නැවත නැවත සිහි කිරීම “බුද්ධානුස්මෘති” නම් වේ. “අනුස්සති” යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි.

බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද මාර්ග ඵලාවතීර්ණ වූවෝද පෘථග්ජන එහෙත් නුවණැතියෝද තම තමන්ගේ නැණ පමණින් බුදු ගුණ හඳුනා ගනිති. අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එහෙයින්ම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්‍රය සරණ යති.

තෙරුවන් සරණයි!

නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2N7Ydqg
බුද්ධ ශාසනයේ කරන යුද්ධය නම් මරුවා සමග කරන යුද්ධයයි. සැබෑ නිදහසත්, මරණය ආදී සියලු දුකත් අවසන් කල හැක්කේ මේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පමණි.
ජීවිතය පරුදුවට තබා පධන් විර්යෙන් යුද්ධ කරන අයට පමණක් මේ යුද්ධය දිනිය හැකිය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lBeOX2
අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.

එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව.

බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව දඹදිව රජකම් කළේ ධර්මාශෝක මහා අධිරාජයා. එතුමාගේ මුල් නම අශෝක. එතුමා දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඒ කියන්නේ යුද්ධ කරල රටවල් ඇල්ලීමේ ප්‍රතිපදාව. පසුව කාලිංග දේශය සමඟ සිදුවුණු බිහිසුණු යුද්ධයෙන් පසුව එතුමා ජීවිතය පිළිබඳව ඉතාමත් කළකිරුණා. එදා එතුමාගේ ජීවිතයටත් මුළු මහත් බෞද්ධ ලෝකයටත් වැදගත්ම අමරණීයම දවසක්.ඒ තමයි මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින රජුගේ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වරණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය, මේ දර්ශනය දැකීමෙන් රජතුමා ගේ සිත පී‍්‍රති ප්‍රමෝදයට පත් වුනා පමණක් නොවෙයි චංචල වී ගිය සිත මදකට නිශ්චල වී ගියා.

ඉන්පසුව එතුමා ස්වකීය ඇමතිවරුන් ලවා මේ පුංචි සාමණේරයන් වහන්සේ ස්වකීය මාලිගයට වැඩම කරවා ගත්තා. තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධාන කළා. එතකොට පොඩි හාමුදුරුවො සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. උන්වහන්සේ සුගතියට මග සකස් කරගත් කෙනෙක්. නිවන් මගට යොමු වූ කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්හ. රජතුමාත් බොහෝ නිහතමානී ලෙස බිමින් වාඩි වුනා. දැන් බලන්න මුළු දඹදිව තලයම හෙල්ලුම් කන ආකාරයට කටයුතු කරපු අධිරාජයෙක් කටයුතු කරන ආකාරය. මේ තමයි ධර්මයේ බලය.

ඉතින් මේ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්ත. ඉන්පසුව එතුමාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුනා. “චන්ඩාශෝක” ධර්මාශෝක බවට පත් වුනා. දිග්විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා.

ඉන්පසුව ධර්මාශෝක අධිරාජයා මේ සාමණේරයන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. ඊට පස්සෙ උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන වෙහෙර විහාර අසූහාර දහසක් කෙරෙව්ව. විශේෂයෙන්ම එතුමාට ඒ විහාර සඳහා අවශ්‍ය ධාතුන් වහන්සේලා එදා අජාසත්ත රජතුමා විසින් නිදන් කර තිබූ චෛත්‍යය තුළින් ලබා ගන්නට හැකි වුනා. වර්තමානය වන විට පුරා විද්‍යාඥයින් පවා තහවුරු කරල තිබෙනවා. ඒ වෙහෙර විහාර පිළිබඳව.

මේ වන විට ශාසනයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්‍යලබ්ධිකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට පටන් ගත්හ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇති වුනා. විනය විරෝධී භික්‍ෂූන් වහ්නසේලා එන්න එන්නම වැඩිවුනා. සත් අවුරුද්දකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. ඊට පස්සෙ මේ පිළිබඳව අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කරල තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එය පැවැත්වුනේ පැළලුප්නුවර (පාඨලීපුත්‍ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා. මින් පසුව විනය විරෝධී භික්‍ෂූන් වහන්සේලා සැට දහසක් පමණ සිවුරු අරවා ශාසනයෙන් නෙරපා හැරියා.

තුන්වන ධර්ම සාංගායනාවෙන් සිදු වුණූ උදාරම සේවය තමයි රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීම. ඒ අනුව අපි වාසනාවන්ත වුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්න.

එදා පොසොන් පොහොය දා දඹදිව වේදිසා පුරයේ සිට ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක කියන පිරිස සමඟ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළේ.

ඒ වෙලාවෙ අපේ රටේ රජතුමා හතලිස් දහසක පිරිවර සමග මුව දඩයමේ ගිහිල්ල හිටියෙ. ඒක ඒ කාලෙ තිබුණු එක්තරා චාරිත්‍රයකි. ඉතින් මේ වෙලාවෙ මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමාට මුණ ගැස්සවීම පිණිස එම පර්වතයට අරක් ගත් දේවතාවා රත්තරන් පාට ලස්සන මුවෙකුගේ වේශය අරගෙන රජතුමාට පෙනෙන්නට තණ කමින් සිටිය. රජතුමා මේ මුවාට විදින්නට ඕන කියල හිතාගෙන දුනුදිය ඇදගෙන ඌ පසුපස්සෙ එලවාගෙන ගියා. අර මුවාත් හරියටම මිහින්තලා පර්වතය ළඟින් දුවගෙන ගිහිල්ල අතුරුදන් වුනා. ඒ වෙලාවෙ රජතුමාව දුටු මිහිඳු මහ රහතන් වහන්සේ ‘තිස්ස’, ‘තිස්ස’ කියල කථා කළා. මේ ශ්‍රී ලංකාදීපයේ තමාට නම කියල අමතන්න තරම් අභිමානවත් පුද්ගලයා, කවුද කියල එතුමා බැලුවා. එතකොට එතුමා දැක්ක මිහින්තලා පර්වතයෙ කසාය වර්ණයෙන් බබලමින් වැඩ ඉන්න මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට එතුමා කලින් මහා සඟ රුවන පිළිබඳව අහල තිබුණත් මේ විදියට ඔබලා කවුද කියල ඇහුවා.

පින්වතුනි, අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි,

සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධා ගතා

යනගාථා රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නෙ “මහරජතුමනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි වැඩම කළා”, යනුවෙන් දේශනා කළා. ඊට පස්සෙ රජතුමා ඇසුවා ඔබ වහන්සේලා මෙහි වැඩියෙ කොහොමද කියල. ඒකට පිළිතුරු දුන් මහරහතන් වහන්සේ දියෙනුත් නොවේ.ගොඩිනුත් නොවේ. කියල පිළිතුරු දුන්න. ඊට පස්සෙ රජතුමා ඇහුවෙ නෑ අහසින්ද වැඩියෙ කියල. මොකද රජතුමාට නුවණ තිබුණ තේරුම් ගන්න මනස දියුණු කරල අහසින් ගමන් කරන උත්තමයෙක් ඉන්නා බවටත් ඒත් නූතන යුගයෙ ඉන්න සමහර මිථ්‍යාදෘෂ්ඨික පිරිස් මේව පිළිගන්නෙ නෑ. රජතුමා ඊට පස්සෙ දුනු ඊතල බිම දාල මහ රහතන් වහන්සේට කන් දුන්න. ලෝකයේ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය සිදු වුනේ ඒ වෙලාවෙ. මහ රහතන් වහන්සේට වුවමනා වුණේ රජතුමාගේ නුවණ පිළිබඳව පරීක්‍ෂා කරන්න. ඒ නිසා අඹ ප්‍රශ්නයක් ඥාති ප්‍රශ්නයක් ඇහුව, එ දෙකටම ඉතාමත් බුද්ධිමත් ලෙස රජතුමා පිළිතුරු දුන්න. ඉන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ මජ්ඣිම නිකායේ පළමුවන කොටසට අයත් ඇතෙකුගේ පියවර සටහනට උපමා කරල වදාළ කුඩා දෙසුම වන ‘චූල හත්ථි පදෝපම ‘සූත්‍රය දේශනා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිවර උතුම් තෙරුවන් සරණට පත් වුනා. මේ තමයි අප ලංකා ඉතිහාසයේ අමරණීය දවස, කල්ප ගාණකින් පහළවන ඒ අමා මෑණී බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යාමට අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමාට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ පින්වත් දේවානම්පියතිස්ස රජතුමා ඒ අවස්ථාව සකල ලංකාවාසි සියලු දෙනාටම ලබා දීමට කටයුතු කළා.

මේ උතුම් සූත්‍ර දේශනාවෙ නම් බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි අන්තර්ගතය කුමක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ උතුම් සූත්‍රයේ තිබෙන්නෙ යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්ථාවරම උතුම් තිසරණයට පත්වීම ගැන. ඇත්තෙන්ම කෙනෙක් ධ්‍යාන ලබා ගත්තත්, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලැබුවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි කියල පිළිගන්නෙ නෑ. ඒ පිළිගැනීම ඇති කර ගන්නෙ තමා විමුක්තියට පත් වුනා කියල සැබෑ ලෙසට දැන ගත්තට පස්සේ.

ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට තවත් දේශනා ගණනාවක් සිදු කළා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ දෙවැනි දවසෙම දේවදූත සූත්‍රය දේශනා කළා. මෙය තිබෙන්නෙ මජ්ඣිම නිකායෙ තුන්වන කොටසෙ. අද ඉන්න අපේ සමහර බෞද්ධයන් අපායවත් පිළිගන්නේ නෑ. ඒත් ඒ මිහිඳු මහ රහතන් වහන්සේට වුවමනා වුනේ ශ්‍රී ලාංකිකයන්ට අපාය ගැන කියල දීල අපායෙන් ගලවන්න. ඉතිං පින්වතුනි, අද දවස තමයි අපේ රටට ඒ ප්‍රඥාලෝකය උදා වුනු දවස, සතුන්ට අභයදානය ලැබිච්ච දවස. අපට සංසාරය ගැන ඉගෙන ගන්න ලැබුණු දවස. ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණු දවස, පින, පව, ගැන දැන ගන්න ලැබුණු දවස, ඒ උතුම් නිවන ගැන දැන ගන්න ලැබුණූ දවස, ඉතින් අපි මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අවාසනාවකට අද අපේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට මේ වැටහීම නෑ. අපි අද පටන්වත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කරමු. ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය ගත කරමු. මෙලොව පරලොව වාසනාවන්ත කර ගනිමු. ඒ උතුම් නිවන සාක්ක්‍ෂාත් කර ගනිමු. ඔබට ඒ වාසනාව උදාවේවා!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MiQaWC
දන් දෙන්නට නොකැමැති අය කැමති වන්නේ නොලැබිමටයි, දුප්පත්කමටයි. ඉතින් ඒ අයටත් ලැබෙන්නේ නැහැ.
දුප්පත් අය විශේෂයෙන්ම දන් දිය යුතුය, මොකද ඒ අය පෙර ආත්ම වල නොදුන් නිසයි එසේ වුනේ. ඒ නිසා දැන්වත් තියන දෙයකින් දන් දෙන්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2tzDp1U
අපගේ සාශ්තෘන් වහන්සේ තරම් දානයේ අනුසස් වර්ණනා කල වෙනත් පුද්ගලයෙක් නැත. උන්වහන්සේගේ උපදෙස් අනුව යමින් අපිත් හැකි උපරිමයෙන් දන් දෙමු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MigoZo
දුර්ලභ ඉපැරණි පොත් සමුහය
https://ift.tt/2K0ZktX

අපේ බෞද්ධ පුස්තකාලය -> http://pitaka.lk/books
නාඋයන ආරණ්‍යයෙන් ස්කෑන් කර සකසන ලද නාමාවලිය පහතින්

== අභිධර්මය ==
අභිධම්ම මාතිකා
අභිධම්මත්ථ විකාසිනී – අභිධම්මාවතාර ටීකා
අභිධම්මත්ථ විභාවිනී – අභිධම්මත්ථ සංගහ ටීකා [partial]
අභිධර්ම කෝෂය
අභිධර්ම ප්‍රකාශය
අභිධර්ම ප්‍රවේශනය
අභිධර්ම ප්‍රවේශය
අභිධර්ම මධු බින්දුව
අභිධර්මාර්ත්ථ විභාවනි සන්නය
අභිධර්මාර්ථ සංග්‍රහ ප්‍රශ්න උත්තර
අභිධර්මාර්ථ සංග්‍රහ පුරාණ සන්නය
අභිධර්මාර්ථ සංග්‍රහ සංඛේප ටීකා
නවනීත ටීකා
පට්ඨාන දේසනා සාරය
පරමත්ථවිනිච්ඡය සහ පරමත්ථ විභාවිනී
ලෝක නිත්ථරණය – හේතුඵල වාදය
විභඞ්ග අටුවා සන්නය – අභිධර්මප්‍රදීපිකා
වීථි විභාගය සහිත පට්ඨාන ත්‍රී රාසිය.

== පාලි භාෂාව ==
අභිධානප්පදීපිකා සූචි
අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු – රඹුක්වැල්ලේ විපස්සි හිමි
අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු – වස්කඩුවේ සුභූති හිමි
ආඛ්‍යාතය දීපනිය
උපසග්ගත්ථසඞ්ගහො – රූපසිද්ධි
කච්චායන භේදය – සන්න සහිත
කච්චායන සන්නය
කච්චායන සූත්‍ර පාඨය – සන්න සහිත
කච්චායන සූත්‍රපාඨ
කච්චායනය ව්‍යාකරණය සහ හැඳින්වීම
කච්චායනය ව්‍යාකරණය
ගැටලු පද
ධාත්වත්ථවණ්ණනා
ධාත්වත්ථසංගහො
නයපරීක්ෂණය – handwritten
නාම මාලා – වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි
නිපාතත්ථසඞ්ගහො
පදරූපසිද්ධි සහ රූපසිද්ධිටීකා
පදසාධනටීකා
පාලි අකුරු උච්චාරණය
පාලි ව්‍යාකරණ සමාලෝචනා
පාලි හෝඩිය
පාලිගද්‍යපද්‍යරචනා – පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පාලිවාක්‍ය විවේචනය
පාලිවාක්‍යරචනාව සහ පරිවර්තනපරිචය – පොල්වත්තේ බුද්ධදත්ත හිමි
බාලාවතාර පුච්ඡාවිස්සජ්ජනං
බාලාවතාර වර්ණනාව – තත්වදීපිකා
බාලාවතාර ව්‍යාඛ්‍යා – බාලාවබොධිනී
බාලාවතාර විවරණය
බාලාවතාර සන්නය – ගඩලාදෙනි
බාලාවතාර සුගම සන්නය
බාලාවතාර සූත්‍ර අකාරාදිය
බාලාවතාර සූත්‍ර පටුන
මහාරූපසිද්ධි – සන්දේහවිඝාතනී සන්නය
මහාරූපසිද්ධි ටීකා
මහාරූපසිද්ධි සන්නය
මුඛමත්තදීපනී
මොග්ගල්ලානණ්වාදිවුත්ති
මොග්ගල්ලායන ව්‍යාකරණ සහ සන්ධිදීපනී
වරනැගීම් පාලි වාක්‍ය 2 සිං 3
ව්‍යාකරණසද්දසින්ධු – පාලි පාරිභාෂිකශබ්දකෝෂය
විභත්තිකථා
වුත්තෝදය, සන්නය, විවරණය හා ටීකාව
ශබ්දසාරත්ථජාලිනි – සන්න සහිත
සංස්කෘත සිංහල ශබ්දකෝෂය
සන්ධිදීපනී
සම්බන්ධ චින්තාව
සරළ පාලි වියරණය
සිංහල හෝඩිය
සුධීරමුඛමණ්ඩනං – පාලිසමාසචක්කං
සුබෝධාලංකාරය – පුරාතන සන්න සහිත
හීයත්තනියේදී -ස්-කාරාගමය.

== සූත්‍ර ==
ධාතුමනසිකාර දීපනී
නෙත්තිප්‍රදීපය
නෙත්තිසාරාර්ත්ථදීපනී
පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනා
පපඤ්ච දීපිකා – මජ්ඣිමනිකාය අට්ටකථා සිංහල
බොජ්ඣංග ධර්ම විභාගය
මනෝරථපූරණී භාවසන්නය
මාරවිජය – පංචමාර දමනය
යමකපාටිහාරිය ඥාන දේශනාව
විමලාර්ත්ථවාහිනී – මජ්ඣිම නිකාය ව්‍යාඛ්‍යාව
සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව – ප්‍රතිපත්ති ශාසනය
සාමණේර ප්‍රශ්නය
සාරත්ථ මඤ්ජූසා – මනෝරථපුරණී ටීකා.

== විනය ==
අපේ විනය පොත
උත්තරවිනිච්ඡය
කංඛාවිතරණී පිටපොත
කුදුසික හා පුරාතන විස්තර සන්නය
ගරුභාණ්ඩ විනිච්ඡය
ප්‍රාතිමෝක්ෂ වර්ණනාව
පාරුපනපාලි
පාලිමුත්තකවිනයවිනිච්ඡය
භික්ෂූන් වහන්සේට මුදල් කැපද
මහවග ගැටපදය
මුලුසික වර්ණනාව
විනය කෝෂය
විනය නීති සංග්‍රහය-partial
විනය පිටකය ගැන විස්තරයක්
විනය මහා සන්‍යය
විනයවිනිච්ඡය
විනිශ්චයාර්ත්ථ දීපනී 1 – විනයවිනිච්ඡය සන්නය
විනිශ්චයාර්ත්ථ දීපනී 2 – විනයවිනිච්ඡය සන්නය
සන්දේහ ඝාතිනී – කංඛාවිතරණී සන්නය
සාමණේර බණ දහම් පොත
සීමානයදප්පනය.

== අනෙක් පොත් ==
අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර හිමි
අසිරිමත් බුදුමග පියසටහන් – නාඋයන අරියධම්ම හිමි චරිතාපදාන
එකක්ඛර කෝසය – ඤාණතිලකතිස්ස හිමි
කඩවැද්දුවේ ජිනවංශ හිමි
ජිනචරිතය – සන්න සහිත
තෙලකටාහගාථා
තෙලෙස් ධුතාංග
දැනුම සහ දැකීම – පාඖක් ශයාඩෝ හිමි
දින චරියා සහ වත් – යෝගාශ්‍රමයේ
දේශීය වෛද්‍ය ශබ්දකෝෂය – කිරිඇල්ලේ ඤාණවිමල හිමි
පටිච්චසමුප්පාද දේසනා – බුද්ධදාස මහත්මා
පටිච්චසමුප්පාදය – දම්පැල්ලේ ගුණසිරි හිමි
පටිච්චසමුප්පාදය – නාඋයනේ අරියධම්ම හිමි
පටිච්චසමුප්පාදය භාව සන්නය – ඇම් සී ද සිල්වා මහතා
පටිච්චසමුප්පාදය සිංහල භාවය – වලානේ ශ්‍රී විජයනන්ද හිමි
පද්‍යාවබෝධිනී – සමන්තකූට වණ්ණනා ව්‍යාඛ්‍යා
පූතිමුත්ත භේසජ්ජය – උ ධම්මජිව හිමි
බුද්ධ වන්දනා ක්‍රමය – නාඋයනේ අරියධම්ම හිමි
බුද්ධවර්ෂය ගණනය කිරීම
බුද්ධානුස්සති සහ චතුවිශාරද භාවනාව – නාඋයනේ අරියධම්ම හිමි
භික්ෂුවගේ පිය උරුමය – කොස්වත්තේ අරියවිමල හිමි
මහකුඹුක්වැවේ උත්තරවංස හිමි
මොක්පුර රන්දොර all books – පාඖක් ශයාඩෝ
රුවන්වැලි මහාසෑය සහ චූඩාමානික්‍ය වර්ණනාව
විශුද්ධිමාර්ගය – බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමි
සම සතළිස් කර්මස්ථාන භාවනා – නාඋයනේ අරියධම්ම හිමි
සුභාෂිතය

මේ පොත් scan කර අප වෙත ලබාදීමට කැමැත්ත පලකල නාඋයන සහ යෝගාශ්‍රම වාසි භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටද, ආරණ්‍යට ගොස් ඒවා ලබාගෙන අප වෙත එවූ Pasan මහතාටද මේ ධර්ම දානමය පින අයත් වේ.