Monthly Archives: July 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ArWOst
යම් කාලයක පටන් ආර්යශ්‍රාවක,
අකුසලයත් දනී ද,
අකුසල මූලයත් දනී ද,
කුසලයත් දනී ද,
කුසල මූලයත් දනී ද,
මෙපමණකින් ආර්යශ්‍රාවක සම්මාදිට්ඨියෙන් යුක්ත වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

කම්මපථවාරය – සම්මාදිට්ඨි සූත්‍රය

https://ift.tt/2mVhrUq

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NUTDLP
සාදු සාදු සාදු. ජේතවනාරාමයේ ගන්ධ කුටියට කල පූජාව අපිත් සතුටු සිතින් අනුමෝදන් වෙමු.
අන් අයටත් අනුමෝදන් කරවමු.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LDYjIn
පින්බර ඇසල පොහොය දිනය අදයි.
ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම්…

1.අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
2.සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. 3.එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
4.ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව 5.බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
6.තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
7.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
8.විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2vbMYFd
ලෝවැසි සැමට පින් බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා !
සියලු සිත් නිවි සැනසී පහන් වේවා !

සිත නිවන බණ කතා
( සද්ධර්මාලංකාරය ඇසුරෙනි )

01.ගින්නෙන් සිහිලසක්

බුදු හාමුදුරුවන් වහන්සේ කොසඹෑ නුවර සුංසුමාරගිරි පර්වතයේ වැඩ සිටින කාලෙක කොසඹෑ රජුගේ අගබිසොව වෙස්සමිත්තා රජුත් සමග බුදු හාමුදුරුවන් දැකගන්නට විහාරයට ගියාය. සිත් පහදවන රූපයෙන් යුතුව මිහිරි හඬින් වදාළ බණ අසා පැහැදී සරණ සීලයේ පිහිටා බුදු හාමුදුරුවන් කෙරෙහි මහත් සැදැහෙන් සිටියා .

මේ අතරෙ කොසඹෑ නුවර රාජ්‍යය අල්ලා ගැනීමට සතුරු රජෙක් සේනාව පිරිවරාගෙන පැමිණියේය. ‘ මම මේ මාගේ රාජ කිසිම කෙනෙකුට අයිති කර ගන්න දෙන්නේ නැහැ’ මෙසේ සිතූ කොසඹෑ රජු සටන සැරසුණේය. අග බිසොවට කතාකර

” සොදුර , මම සටනට යන්නයි සූදානම් වෙන්නෙ.දිනුම පැරදුම කාට ලැබේද දන්නේ නැහැ.මට පැරදුමක් වුණොත් මම කහපාට කොඩියක් ඔසවන්නම්.එවිට ඔබ වහාම මේ කදවුරින් පිට වෙලා කොසඹෑ නුවරට පලා යන්න. ” යැයි කීවේය .

කොසඹෑ රජු සටන් කරමින් ඉදිරියට ගියේය .පරාද වන බව පෙනුණු විට රජු කහ පාට කොඩියක් ඔසවා තවත් ඉදිරියට ගියේය. සතුරන් අතින් රජු මැරුම් කෑවේය. කහ කොඩිය දුටු බිසව ඉක්මනින් කොසඹෑ නුවරට පලා ගියාය.සතුරු රජුගේ පුරුෂයෝ බිසව හඳුනා ගෙන ඇය තමන්ගේ රජ්ජුරුවන් ඉදිරියට ගෙන ගියහ .

සතුරු රජු කොසඹෑ රජුගේ අගබිසොව දැක ඇය පිළිබඳව සිතක් ඇතිකර ගෙන ,ඇය තමන්ගේ අගබිසව ලෙස ඔටුනු පලඳවන්නට මගුල් සූදානම් කරන්නට ඇමතිවරුන්ට කීවේය .

ඇමතිවරු තම රජුගේ අදහස කොසඹෑ අග බිසොවට දැන්වූහ බිසව මෙසේ කීවාය.

“මාගේ සැමියාණන් වූ කොසඹෑ රජු ඔටුණු පළඳවා මා අග බිසෝ තනතුරට පත් කළා. එදා සිට අපි දෙන්නා ඉතාමත් සතුටින් හිටියා. ඒ මාගේ සැමියාණන් මතක් වෙනකොට මගේ හදවත දැවෙනවා. මේ රජ්ජුරුවන්ගේ අග බිසව උනොත් ආයෙමත් මට මේ වගේ වේදනාවක් විඳින්නට සිදුවෙයි. මම කැමති කැමැති නැහැ ඒ වගේ වේදනා නැවතත් විදින්නට .”

සතුරු රජුට බිසොවගේ මේ කතාව ඇසුවාම බොහො කේන්තියක් ඇති විය.

” තී මගේ අගබිසොව හැටියට ඔටුනු පැළදීමට අකමැතිනම් දර සෑයකට දමා ගිනි අවුළුවා තී මරා දමන්නට මම නියම කරනවා .”

බිසෝව සතුරු රජුට බැගෑපත්වෙමින් මෙසේ කීවාය .” දේවයන් වහන්ස, නිරපරාධ අය ගින්නට දමා මැරීම මහා අකුසලයක්. එයින් මෙලොවදීත් පරලොවදීත් විපාක විඳින්නට සිදු වෙනවා. පැරණි කාලේදී නම් මහණ බමුණන්, දෙමාපියන්,බාල දරුවන්, රෝගීන් ,කාන්තාවන් මරන්නට, ඔවුන්ට දඩුවම් කරන්නට රාජ නීතියෙනුත් අවසර ලැබුණේ නැහැ.”

මේ කථාවලින් සතුරු රජුගේ කෝපය අඩුනොවීය.” මේ ස්ත්‍රීයගේ දෑත,දෙපය බැදලා ගිනිමැලයට දමා පියව” යැයි රාජ පුරුෂයන්ට නියම කළේය .

රාජ පුරුෂයෝ රජුගේ නියෝගය අනූව මල් දමක් වාගේ සියුමැලි බිසොවගේ දෑත් ,දෙපය බැද ගිනිමැලයට දැම්මෝය.

මෙසේ ගින්නට දමන වේලාවේ ඒ බිසව මෙසේ සිතුවාය. මට මෙතන කිසිම පිළිසරණක් නැහැ .මට මේ වෙලාවෙ තිබෙන්නේ බුදු සරණ ,දහම් සරණ, සඟ සරණ
විතරයි.මම ඒ තුන්සරණ යනවා.

බිසෝවට ගින්නෙන් කිසිම හානියක් නොවීය.රතු නෙලුම් මල් අතරේ සිටින රන්වන් හංසයෙකු මෙන් ,රතු පලසක් පොරවා ගත් කෙනෙක් මෙන් බිසව ගිනිදැල් අතරේ නොදැවී
සිටියාය .රජු මේ පුදුමය දැක, ‘ අනේ මම මේ මොකක්ද කළේ’ යැයි සිතා භයෙන් වෙව්ල වෙව්ලා දුවගෙන ගොස් බිසොව දෑතින් ඔසවාගෙන ගිහින් ආසනයක වාඩිකොට බිසොවගෙන් ” ඔබ මේ ගිනිදැල්වලින් නොදැවුණේ ඇයි ද ? ” කියා ඇසුවේය.ඒ වෙලාවේ බිසොව ” මේ වෙලාව දෙමාපියනට , සොහොයුරන්ට, නෑදෑයින්ට , මාව බේරගන්නට පුලුවන් කමක් නැහැ .තුනුරුවන්ගේ ආනුභාවයෙන් තමයි මම බේරුණේ.” යි කීවාය.

බිසොව තුණුරුවන්ගේ ගුණ කියමින් දහම් දෙසුවාය.ඉතාමත් පැහැදීමට පත් සතුරු රජතුමා ” අද පටන් ඔබ මාගේ මෑණියන් වහන්සේ ” යයි කියමින් එතැන් පටන් බිසොවට ගරු සත්කාර කළේය.රජතුමාත් සරණ ශීලයෙහි පිහිටියේය.

🙏🙏🙏🙏🙏🙏🙏

( වෙස්සාමිත්තා වස්තුව ) නිමි.

සිත නිවන බණ කතා
( සද්ධර්මාලංකාරය ඇසුරෙනි )
සැකසුම, නදීකා දමයන්ති .

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LQNxeL
නිවසක, කාර්යාලයක හෝ පිරිසක් අතර සිටින එක් අයෙකුගේ ප්‍රභල මෙත් සිත පැතිරවීම නිසා අවට සිටින සියලු දෙනාගේම සිත් මෘදු බවට පත්වනු ඇත.

මෛත්‍රී චිත්ත විමුක්තිය ඇති කර ගැනීමට උත්සාහ කරමු

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Lr3cVV
ධර්මය සෙවීමේ වටිනාකම

පින්වතුනි, මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කලේ වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මේ ලෝකයා තමන්ගේ අඟපසඟ රැක ගන්න ධනය අතහරිනවා.” මේ ශරිරයේ කොටසක් නැති වෙන්න ගියොත් ඒක බේර ගන්න ගෙවල් දොරවල් වුනත් මිල මුදල් උනත් අපි අත හරින්නේ නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ඒ වගේම “ශරිර අඟපසඟ රැක ගන්න ධනය අත හරිනවා. ඒ වගේම සමහරු ශරිරයේ කොටස් අත හරිනවා ජීවිතය රැක ගන්න”. මේ දේ අත හැරියේ නැත්නම් ජීවිතය නැති වෙනවා කිව්වොත් ඒ කොටස අත හරිනවා ජීවිතය රැක ගන්න. ඊට පස්සේ තවදුරටත් දේශනා කරනවා “ධර්මය සිහි කරන ධර්මයට ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ධර්මය අබියස දී ජීවිතයයි, ධනයයි, අංගයි කියන මේ තුන ම අත හරිනවා”.

ඒකට හොඳ කථාවක් තියෙනවා. මේ ලංකාවේ බොහෝම ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු දෙමාපියන්ට හිටියා බොහොම පින්වත් පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්නා ටිකක් ලොකු වෙන විට ඒ දරුවන්ට තමන් සතු සියලු ම ධනය සමානව බෙදලා දුන්නා. මේ දෙමව්පියෝ දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්නා කලුරිය කලා.

ඉතින් මේ අයියයි මල්ලියි දෙන්නා දැන් මේ සිටු දෙමාපියන් සතු ධනය පරිහරණය කරමින් ජිවත් වෙනවා. අයියගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදියට හිතනවා ජීවිතය ගැන. ඉතින් මනුෂ්‍යයෝ විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අර ගෙන යන විට මෙයා කල්පනා කරනවා ‘ඇයි මේ මනුෂ්‍යයෝ මල් පහන් අර ගෙන යන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇති’ කියලා. මෙයත් ඒ පස්සෙන් දුවනවා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහන විට ජීවිතයේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුනා. බණ අහන විට තිස්සට තේරුණා ‘යම් තරුණ කමක් මහළු කමෙන් අවසන් වෙනවා නම් මේ තරුණ කමෙන් තේරුමක් නෑ නේද? නින්දා වේවා. යම් ජීවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජීවිතයෙන් තේරුමක් නෑ නේද? මේ ජීවිතයට නින්දා වේවා. යම් එක් වීමක් වෙන් වීමකින් අවසන් වෙනවා නම් ඒ එක් වීමෙන් තේරුමක් නැහැ නේද?’ කියලා. මේ වගේ ජීවිතය ගැන ලෝකයා හිතන විදියට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුනා. අනන්ත ජාති සංසාරයේ ජරා මරණ දුක තමන්ගේ පිටුපසින් වධකයෙක් වගේ හඹා ගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න පටන් ගත්තා.

පසුව විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා
ස්වාමීනි මා මහණ කරන්න
ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා
තිස්ස ඔයා ආවේ අවසර අර ගෙන ද? ගෙදර අවසර ගන්න කවුරු හරි ඉන්නවා ද?
ස්වාමීනි මට එක ම එක මල්ලි කෙනෙක් ඉන්නවා.
ඒ මල්ලිගෙන් අවසර ගත්ත ද?
නැහැ ස්වාමීනි.
එහෙනම් තිස්ස යන්න ගිහින් මල්ලිගෙන් අවසර ගෙන එන්න

මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලිට කියනවා, “මල්ලි මේ ජීවිතය හරි ම නිසරුයි ජරා මරණෙන් අවසන් වෙනවා නම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නැහැ. ඒ හින්දා මල්ලි මට මහණ වෙන්න අවශ්‍යයි” කියලා. ඒ පාර ඒ මල්ලි අඬන්න පටන් ගත්තා “අයියයි මායි විතරයි හිටියේ අම්මා තාත්තත් නැහැ. මට අයියා, අයියා විතරක් නොවෙයි, මට අම්මත්, මට තාත්තත්, අනිකුත් ඥාතීන් ඔක්කොමත් ඔයයි. ඒ හින්දා අනේ අයියේ මහණ වෙන්න නම් එපා. මගේ ධනයත් ඕනෑ නම් ගන්න” කියලා. මල්ලි විවාහ වෙලා හිටියේ. අයියා ගොඩක් කරුණු කියලා අන්තිමට කිව්වා “මල්ලි මා සතු සියලුම ධනය ඔයා ගන්න මට එක ම එක දෙයක් දෙන්න. ඒ මට මහණ වෙන්න අවසර විතරක් දෙන්න” කිව්වා.

මෙහෙම නැවත නැවත කරදර කරන විට මල්ලි අඬ අඬා අයියගේ කැමැත්තක් එහෙනම් කරන්න. මහණ වෙන්න අවසර දුන්නා.

ඒ අයියගේ සියලුම ධනයත් මල්ලිට පවරලා දීලා අයියා විහාරස්ථානයට ගිහින් මහණ වුනා. මහන වෙලා තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉල්ල ගෙන පාංශුකූල චීවරයක් පොරව ගත්තා. පාත්තරයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැලේ ඇතුළේ ගල් ලෙනකට ගියා.
උදෑසන ගමට ගිහිල්ලා පිඬුසිඟා වඩිනවා. හම්බ වෙන පිණ්ඩපාතය රස දෙයක් ද, නීරස ද කියලා බලන්නේ නැහැ. සිහිල් වෙච්ච දෙයක් ද, රස්නේ දෙයක් ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි පැවැත්ම පිණිස ම පිණ්ඩපාතය ඇසුරු කලා. අප්‍රමාදීව මේ වන අරණෙ ගල් ලෙනට වෙලා භාවනා කරනවා.

ඔහොම ඉන්න අතර මල්ලිගේ බිරිඳට එක්තරා විදියේ කල්පනාවක් ඇති වුනා. “අයියගේ තියෙන සියලුම ධනය අපට පවරලා දීලා මහණ වූවේ, මහා විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවිදි ජීවිතය ගැන කලකිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනය එයාට දෙන්න වෙනවා. මේ ධනය ගන්න එන්න ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් ඔහුව මරන්න ඕනෑ” කියලා මල්ලිගේ බිරිඳ අදහස් කර ගත්තා. මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් කැඳවලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කියනවා, “අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරු නමක් මෙන්න මේ හාමුදුරුවන් ව මරන්න ඕනෑ. මැරුවාට පස්සේ මම මීට වඩා තව වැඩිපුර මුදලක් දෙනවා” කියලා.

ඉතින් මේ ලෝකයේ මුදල ලැබෙන විට මුදල සඳහා ඕනෑම දෙයක් කරන්න සුදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටි මේ අය භාර ගත්තා. භාර ගෙන කැලේ ගල්ලෙනට ගියා තිස්ස හාමුදුරුවෝ මරන්න. එවිට තිස්ස හාමුදුරුවෝ බොහොම වීර්යයෙන් භාවනා කරනවා. තිස්ස හාමුදුරුවන්ව මේ හොරු වට කර ගත්තා. තිස්ස හාමුදුරුවෝ අහනවා
උපාසකවරුනි, කුමක් නිසා මෙහාට ආවා ද?
අපි ආවේ ඔබ වහන්සේව මරන්න.
මා මරන්නේ ඇයි? මා මැරීමෙන් ඔබට එන ලාභය මොකක් ද?
ඔබ වහන්සේ මැරුවාම අපට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ.
මැරුවට කමක් නැහැ, ඒත් මට එක දවසක් දෙන්න. තව එක දවසකින් පස්සේ මා මරන්න.
ඊට පස්සේ මේ හොරු කියනවා “නෑ නෑ ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස් වහලා පැනලා යන්න. එක දවසක් වත් දෙන්න බැහැ. දැන් අපි ආපු කාරණය කරනවා” කියලා කඩුව ඇදලා ගත්තා.
ඊට පස්සේ කියනවා තිස්ස හාමුදුරුවෝ
ඇවැත්නි, උපාසකයිනි, එක දවසක් මට දෙන්න. ඒ වෙනුවට මං ඔබට ඇපයක් දෙන්නම්.
මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්නේ?

ඉඳ ගෙන ඉන්න ආසනයට එහා පැත්තේ තිබුණා මහා විශාල කළු ගලක්. අපහසුවෙන් මේ කළු ගල ඔසවලා අර ගෙන තමන්ගේ කකුලේ කලවා ඇට දෙකට වේගයෙන් ගහලා ඇට දෙක බිඳ ගත්තා. “ඇවැත්නි, මේ ඇපය ඇති ද?” කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරිම සංවේගයක් ඇතිවෙච්ච හොරු හරිම සංවේගයෙන් “ඇති ස්වාමීනි” කියලා යන්න ගියා.

දැන් ඉතින් සක්මන් කරන්නත් බැහැ. මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුලේ කකුල කැඩීම නිසා ඇති වෙච්ච වේදනාව අරමුණු කරලා සියලු කෙලෙස් නසලා එතැන ම රහත් බවට පත් වුනා. ඒ කකුලේ කලවා ඇට බිඳ ගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා, “කෙලෙස් සහගතව ජීවත් වෙනවාට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලා. ඒ නිසා කෙලෙස් සහගත ව කලුරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්න විට මෙහෙම එක වරක් පමණක් නොවෙයි කකුල් කැඩෙන්න ඇත්තේ. ඕනෑ තරම් මේ කකුල් කැඩෙන්න ඇති. ඒ ධර්මය වෙනුවෙන් මං මේ කකුල කඩා ගත්තට කමක් නැහැ” කියලා. එහෙම තීරණය කරල යි කකුල කඩා ගත්තේ.

පින්වතුනි, අපට තියෙනවා ජීවිතය ගැන හිතන්න ගොඩක් දේ මේ තුලින්. ඒ හාමුදුරුවෝ සද්ධර්මයට ජීවිතය පූජා කරලා ඒ වගේ ක්‍රියාවකට පැමිණුණේ පින්වතුනි මේ අනවරාග්‍ර වූ සංසාරය ගැන යම් පමණක් හෝ දැනුමක් අවබෝධයක් තිබුණු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපට නැති නිසායි, අපි බයක් සැකයක් නැතිව මේ ජීවිතය ජීවත් කරන්න ගෙවන්නේ.

ඉතින් මේ සද්ධර්මය අපට හරියට තේරුනොත්, අපි වුනත් අපේ ජීවිතය සද්ධර්මයට පූජා කරන්න මැලි වෙන්නේ නැහැ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “අනමතග්‌ගොයං, භික්‌ඛවෙ, සංසාරො. පුබ්‌බා කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං සන්‌ධාවතං සංසරතං… – මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරයේ පූර්ව කෙළවරක් හොයන්න බැහැ. ඒ දීර්ඝ සංසාරයේ එන කොට, තමන්ට ඇඟ ලේ කිරි කරලා පොවපු මව්වරුන් මළ දුකට හඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම්, සතර මහා සාගර ජලයට වැඩියි” කියලා පෙන්නුවා. ඒ වගේ ම දහදිය මහන්සියෙන් හම්බ කරලා තමන් ව පෝෂණය කල පියා, තමන් තුරුලේ තියා ගෙන බොහෝ ම සෙනෙහසින් හදපු දුව පුතා, වැලි කෙළියේ පටන් තමන්ගේ ළඟින් හිටපු සහෝදරයා සහෝදරිය, අනෙක් ඥාති හිතෛෂීන් ආදීන් ද මළ විට ඒ දුකට පපුවේ අත් ගසමින් අඬන විට ඒ ගැලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

ඒ විතරක් නොවෙයි, මේ දීර්ඝ සංසාරයෙ අප හැම කෙනෙක් ම මනුෂ්‍ය ආත්ම වලට වඩා ලබලා තියෙන්නේ තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලබපු ආත්මවල දී බෙලි කැපුම් කන විට ගලා ගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. පෙන්නලා බුදු හාමුදුරුවෝ නැවතත් මෙහෙමත් දේශනා කලා “මේ පටිච්ච සමුප්පාදය නැමති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්මය ඇසූ පිරූ ඇති කෙනෙක් හැර මගේ මේ වචන විශ්වාස කරන්නේ නැහැ” කියලා. අනෙක් අයට හිතෙන්නේ මේක අතිශයෝක්තියක්, මවා පෑමක්, මවා පෙන්වීමක් කියලා. ඇයි මහා සාගරයට වඩා වැඩියි අඬපු කඳුළු කියන විට.
නමුත් පින්වතුනි, බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ අපව යහපත් මාර්ගයට ගන්නවාත්, බොරු කියන කෙනෙක් නොවෙයි. බොරුවෙන් උපමා කරන කෙනෙක් නොවෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක් ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මේ සංසාරයේ එන කොට, ඇස් දෙක අන්ධ වෙලා, ගල් මුල් වල පය හැපි හැපී ජීවිතය අවසන් වූ වාරත් ඕනෑ තරම් ඇති. අතපය හතර නැති වෙලා, කොටයක් වගේ වෙලා කිසි කෙනෙකුගේ පිහිටක් නැතිව ජීවිතය අවසන් වෙච්ච වාරත් අපේ ඕනෑ තරම් ඇති. ඒ වගේම ජීවත්ව සිටින විටම පණුවෝ ගහලා, හොරි කුෂ්ට හැදිලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති.

අද සිහි කරලා බලන්න මේ ලෝකේ මොන තරම් අනතුරු තියෙනවා ද? මොන තරම් ලෙඩ රෝග වල ප්‍රභේද තියෙනවා ද? ඒ සියල්ල මේ සසරේ, අපි ඉන්නෙත් මේ සසරේ. ඒ හැම දෙයකට ම නෑකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා, අපට මේ සසරේ ඇති භයානක කම තේරෙන්නේ නැහැ.

පින්වතුනි අපේ ජීවිතය ගැන අපි මීට වඩා නම් ටිකක් හිතන්න ඕනෑ. එකම එක දෙයක් හොඳට සිහි කරලා බලන්න. ඇයි අප ජිවත් වෙන්නේ කියලා. අපි ජිවත් වෙන්නේ කුමක් සඳහා ද කියලා.

අපි උදේ ම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා. කෑම කනවා. මේ ටික ඇයි අපි කරන්නේ? මෙහෙම කර කර ඇයි අප ජිවත් වෙන්නේ? අපි මේ කරන ක්‍රියා ඉතා සියුම් විදියට නිරීක්ෂණය කරලා ගවේෂණය කරලා බැලුවොත්, අපට තේරෙයි අපි හැම කෙනෙක් ම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති කරුණත්, ලැබිලා නැති කරුණත්, දුක නැති කර ගන්න එක, සැනසිල්ල ලබාගන්න එක. ඒ සඳහා මාවතක් ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපට එහෙම අවශ්‍යතාවක් දැනිලා නැහැ. අපට අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. අපේ වටපිටාවේ හිස් බවක් නො දැනෙන නිසා, අපට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුනුබුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපට පේන්නේ නැහැ. ඒක අපට සිහි කර ගන්න නුවණ ශක්තිය මදි වෙලා. අපි වටා තියෙන්නේ මෙහි ධර්මයන්ගේ ආදීනව ටික.

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දහම් ඇස පොතෙන් උපුටා ගන්නා ලදී. එක්වන්න http://sudassana.org/ සමග

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LowJzJ
මුසා බස් නොපැවසීමේ ආනිශංස

අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

අනෙක් සිල්පද වලිනුත් ලැබෙන ආනිසංස කියවන්න

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම

කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ් ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

යම් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LAOgnj
කර්ම විපාක

1. ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව

ඛුජ්ජත්තරාව බොහෝම ධර්ම කථික කාන්තාවක් වුවද ඇය උදේනි රජ නිවසේ දාසියකි.ඊට හේතුව පෙර කාශ්‍යප බුදුරජ කාලයේ මැය සිටු දියණියක්ව ඉපිද දිනක් නිවසට වැඩි රහත් සාමණේර තෙරණියකට, (හිතවත් හෙයින්)දුර තිබූ රන් ආභරණ පොදිය අරන් දෙන්න යයි කියා වැඩගත් පවින් බව දත යුතුය. ඒ හේතුවෙන් ආත්ම 500 ක්ම දාසියක්ව ඉපදුනාය.(මනෝරථපූරණී අටුවා – 238 පිටුව) එබැවින් පින්වතුනි,භික්ෂු භික්ෂුණීන් කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් ඇසුරු කල යුතුය.

2. ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව

ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවැසියකි.එසේ වුවත් උදේනි රජුගේ සාමාවතිය ඇතුලු පන්සියයක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නාය.ඒ පිරිසට ධර්මය ඉගැන්වීමද කළාය.ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක්ව සිටියදී මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දගකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවට ගිය අයුරු ඇද කොට (කුදු ආකාරය) පෙන්විය.ඒ පවින් ඇය කුදු වි උපන් බව දත යුතුය.(අංගුත්තර නිකායට්ඨ කතා – 238 පිට)

3. චුල්ලපන්ථක හිමිට සිව් මසක් ගත වීද එක් ගාථාවක් පාඩම් කරන්නට බැරිවුණ හේතුව

උන් වහන්සේ මහා පන්ථක හිමිගේ බාල සහෝදරයාය.පැවිදි වී සාර මසක් ගතවූ නමුදු එක් ගාථාවකුද පාඩම් කරගැනීමට බැරිව අසරණ විය.ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුනෙහි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මය කියාදෙන විට ඉගෙනගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කළේය.ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මය නොම කියවා ගත්තේය.ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතයේ පැවිදි වූ නමුදු නූගතෙක් විය.පසුව බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතුකරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය.(ධම්ම පදට්ඨ කතා 152 පිට)පින්වතුනි,අදටද සමාජයේ නූගතුන් ඇත.මේ රහත් හිමිනමකට විහිඵ කිරීමෙන් විපාක දුන් කර්මයක් නොව අර පුහුදුන් භික්ෂුවකට විහිලු කිරීමෙන් විපාක දුන් කර්මයකි.එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ අනවශ්‍ය විහිඵ තහලු කිරීමෙන් වැලකෙත්වා..

4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්දවීමට හේතුව මේ ස්වාමීන් වහන්සේ

පෙර දක්ෂ වෛද්‍යවරයෙකුව සිටියදී ”මාගේ දෙනෙත් සුව කළොත් මම දූ පුතුන් සමග ඔබගේ දාසියෙක් වෙමියි” කී එක් අන්ධඡ කාන්තාවකට බෙහෙත් කොට දෑස සනීප කලේය.ඇය සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නොපෙනෙන බව වෛද්‍යවරයාට කීවාය.කරුණු වටහා ගත් ඔහු කෝප වූ දූෂිත සිතින් දෑස් අන්ධවන බෙහෙතක් ගැල්වීමට දුන්නේය.එය ගැල්වූ විට ඇගේ දෙනෙත් සහමුලින්ම අන්ධ විය.එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වු ජීවිතයේදීද මහාපාල හිමිගේ දෑස් අන්ධ වී චක්ඛු පාල හිමියැයි ප්‍රසිද්ධ වූ බව දතයුතුය.
( ධම්ම පදට්ඨ කතා 12 පිට )

5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

මහාධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දි‍ලෙන කිහිරි අගුරෙන් පිලිස්සුවේය.නොයෙක් වද දෙන ලදී.මේ සෝවාන් රජුට මෙසේ දුක් විදිමට හේතු වූයේ පෙර භවයෙක් චෛත්‍යය මලුවෙහි වහන් පයලා යෑම හා ඉදගැනීමට එලූ පැදුරක් නොසේදු පයින් පෑගු බව සුමංගල විලාසීනි
අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍රයේ වර්ණනාවේ පෙන්වා ඇත.

6. බිහිවූ දිනම කසල ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කතාව

මෙතුමා කිලිටි කර්ම කොට ජීවත්ව නගර සෝභිනියකගේ කුසෙහි ඉපදුනේය.ඇය දරුවා බිහිතල දිනයේ පිරිමි දරුවෙකු බව අසා කනෙකු ලවා මේ කිරි කැටි බිලිදාව සොහොනෙහි දමන ලදි.නමුදු කිසිම සතෙකුගේ හිංසාවක් නොවීය.දෙවියන් රැකවරණය දෙන ලදී.පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක.මිනිසුන් ද එහි රැස්වූහ.එහිදී මේ දරුවා පෙන්වා මොහුගේ අනාගත වාසනාවද පෙන්වා මෙසේ පූර්ව කර්මයද වදාල සේක.සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදී.මෙය දුටු මසුරු පුරුෂයෙක් ”මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩකට දැම්මේනම් උතුම් වේ.” යැයි කියන ලදී.පසුව මවගේ කීම නිසා සමාව ගෙන දින 7ක් මහත් කැද දනක් දෙන ලදි.මොහු මැරීගොස් පෙර කී සේ ගණිකාවගේ කුස ඉපිද ඇය විසින් බිහිවූ දින මොහු කසල ගොඩකට දැම්ම වූ බව දත යුතුය.

උපුටා ගත්තේ ජූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි දෙසු දේශනයකින්.

”පොඩි පාපයක් වුවත් සුලුවකට තකන්න එපා”
තෙරුවන් සරණයි..

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JNG6Dr
මරණානුස්සති භාවනාව

“ඒකධම්මො භික්ඛවෙ භාවතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො ඒක ධම්මො? මරණ සති” යනුවෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි වදාළ පරිදි මහණෙනි, එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද සසර නො ඇලී කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලැබීම පිණිස ද, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස ද, නිවන් පසක් කිරීම පිණිසද පවතී හෙවත් හේතු වේ. ඒ එකම ධර්මය නම් කවරේ ද? මරණ සතිය මරණය අරමුණු කොට උපන් සිහිය යි.

මරණානුස්සති යනු මරණය පිළිබඳ සිහිය හෙවත් තමා මැරෙන බව නැවත නැවතත් ඊ පිට ඊ පිට නිතර ම තම සිතෙහි උපදවා ගැනීම යි.

මෙය ඉතාම උතුම් භාවනාවකි.

අප්පමායු මනුස්සානං – හීලෙය්‍ය නං සුපොරිසො
චරෙය්‍යාදිත්ත සීසොව – නත්ථි මච්චුස්ස නාගමො

මිනිසුන්ගේ ආයුෂ ඉතා ටිකයි. සත්පුරුෂයා (නැණවතා) එය සුළු කොට නොසිතන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මරණයාගේ නො පැමිණීමක් නැති බැවිනි යනු මෙහි භාවයයි.

අප බුදුරජාණන් වහන්සේ පමණ සිත දියුණු කළ අන් කෙනෙක් දෙවියන් සහිත ලෝකයා අතර නැත. සාරාසැකි කප්ලකක් සිත අන්තිම ඉහළට ම වඩා සර්වඥ (සියල්ල දැනගත්) බවට පත් වූ සේක. එබැවින් මෙ ලොවැ පහළ වූ අසහාය මනෝවිද්‍යාඥයා ද, අධ්‍යාපනඥයා ද, චින්තකයා ද, දාර්ශනිකයා ද ශාස්තෘවරයන් වහන්සේ ද වූ සේක.

ඥානයෙන් අගතැන් පැමිණි පණ්ඩිතෝත්තම වූ මහා කාරුණික වූ ලොව මවිතයට පත් කළ ඉහළ ම පුරුෂෝත්තමයන් වහන්සේ බවට පත් වූ සේක. එබැවින් කරුණා මෛත්‍රීයෙන් සුවඳ කැවුණු මෙලෝ පරලෝ සැපත් සලසා දෙන සව් කෙලෙස් නසා සංසාර විමුක්තියත් සපයා දිය හැකි පණ්ඩිත ගෝචර වූ අසහාය ධර්මයක් දේශනා කළ සේක. පන්සාළිස් වසක් කල් දෙසූ ඒ බුදු දහමෙහි මිනිස් සිත ඉහළට ම දියුණු කැර ගැනීම පිණිස කිය යුතු හැම දෙයක් ම උගන්වා වදාළ සේක.

දානයෙන් (දීමෙන්) වස්තු සම්පත් ලැබෙන බව ද සීලයෙන් සුගති සම්පත් ලැබෙන බව ද භාවනා වැඩීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ ලැබෙන බව ද වදාළ සේක. ප්‍රඥාව නොලබා ජීවිතයේ යථා තත්ත්වයවත් සසර ස්වභාවයවත් තේරුම් ගත නොහැකි ය. සසරින් එතෙර වැ නිවන් සුව ලබන්නට වත් නොහැකි ය.

අනාදිමත් කාලයක සිට සසර ඉපිද මැරි මැරී යන සත්ත්වයා වනාහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධය යි. මේ පස්කඳ නම් වූ රාශි හෙවත් ගොඩවල් පහ ජාතියක් ජාතියක් පාසා ම ඉපිදැ ඉපිදැ වහ වහා බිඳි බිඳී යන බැවින් අනිත්‍යය හෙවත් සදහට නැත. තාවකාලික ය. මේ පස්කඳ ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් සංඛතය හෙවත් පටිච්චසමුප්පන්න ය. යමක් සංඛත ද පට්ච්චසමුප්පන්න ද එය දුක් ය යි වදාළ සේක. මේ පඤ්චස්කන්ධය ම දුක් පොදියකි. නො වෙනස්වන ස්ථිර ව පිහිටා සිටින කිසිවක් මෙහි නොමැති බැවින් සත්ත්වයා කියන මේ පස්කඳ ම අනාත්ම යයි වදාළ සේක.

පස්කඳ ම වනාහි 1. අනිච්චතො, 2. දුක්ඛතො, 3. රෝගතො, 4. ගණ්ඩතො, 5. සල්ලතො, 6.අඝතො, 7. අබාධතො, 8. පරතො, 9. පලොකතො, 10. සුඤ්ඤතො, 11. අනත්තතො යොනිසො මනසිකාතබ්බා යනුවෙන් වදළ සේක්. ලෝකයා මනුෂ්‍යයා සත්වයා යයි ව්‍යවහාර කරන මේ පස්කඳ ම:

1. ඇති ව නැති වන බැවින් අනිත්‍ය වශයෙන් ද

2. නිතර ම පීඩා කරන බැවින් දුකක් වශයෙන් ද

3. රිදෙන බැවින් රෝගයක් වශයෙන් ද

4. ඇතුළත දූෂණය වන බැවින් ආබාධයක් වශයෙන් ද

5. ස්වකීය දෙයක් නොවන බැවින් පරකීය දෙයක් වශයෙන් ද

6. ජරා මරණාදියෙන් සිඳී බිඳී යන බැවින් (පලොකතො) විනාශවන දෙයක් වශයෙන් ද

7. හිමියකු නැති දෙයක් හෙයින් ශුන්‍ය දෙයක් වශයෙන් ද

8. තමන් වසයෙහි නො පවත්නා බැවින් අනාත්ම දෙයක් වශයෙන් යැයි යොනිසොමනසිකාරයෙන් හෙවත් මනා නුවණින් නිතර ම මෙනෙහි කටයුතු ය.

කාටත් හොඳ භාවනාවක්

ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනා විසින් නිතර ම භාවනාවක් වශයෙන් වැඩිය යුතු, සිහිකට යුතු කරුණු පහක් බුදු දහමෙහි සඳහන් වේ.

1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා ච පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතේන වා මම ජරාව (දිරාපත්වීම – මහලුවීම) ස්වභාවය කොට ඇත්තෙක්මි, ජරාව නො ඉක්ම වූයෙක්මි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධි අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජතේන වා – මම ලෙඩවීම ස්වභාව කොට ඇත්තෙක්මි. ලෙඩ නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං

ඉට්ටියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතෙන වා – මම මරණය ස්වභාව කොට ඇත්තෙක්මි. මරණය නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

4. සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතේනවා– මම මාගේ සියලු ම පි‍්‍රය මනාප ඇත්තන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම (අහක්වීම) ස්වාභාව කොට ඇත්තෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහිකටයුතු ය.

5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්කිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජිතේන වා – මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මයට උරුමක්කාරයෙක්මි. කර්මය ප්‍රභවය හෙවත් හටගත් තැන කොට ඇත්තේක්මි.

කර්මය නෑයා කොට ඇත්තේකමි. කර්මය පිලිසරණ හෙවත් පිහිට කොට ඇත්තේකමි. යම් කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් හෝ මම කරන්නෙම් ද, එයට මම උරුමක්කාරයෙක් හෝ වන්නෙමි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කටයුතු යයි වදාළ සේක.

මරණ සති වැඩීමේ ආනිසංස

“මරණසතිං භික්ඛවෙ භාවෙථ, මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා”

(අංගුත්තර නිකාය)

මහණෙනි, මරණය පිළිබඳ සිහිය වඩවූ, මහණෙනි. මරණ සතිය භාවිත කළේ බොහෝ කොට පුරුදු කළේ මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. නිවනට පැමිණිය හැකි වන්නේ ය. නිවන් සුව ලබන්නේ යයි වදාළ සේක. මරණ සතිය වඩන විට තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද හා මාන මදයෝ සංසිදෙති. උපාදානයෝ (තදින් අල්ලා ගැනීම) තුනී වෙති. සංවේග බහුල වේ තෙමේ තමන්තතු හඳුනාගන්නට සමර්ථ වේ.

“මරණසතිමනුයුත්තෝ භික්ඛු සත්තං අප්පමත්තෝ හොති” මරණ සිහියෙහි යෙදුණු භික්ෂු තෙමේ, නිතර මැරෙන බව සිහි කරන්නේ මරණයට පළමුව තමා විසින් කටයුතු මෙලෝ පරලෝ වැඩ අප්‍රමාද වැ සැලැකිල්ලෙන් හා උද්යෝගයෙන් වහ වහා කරයි. ඒ ඒ මොහොතෙහි කටයුතු ඉගනීම් ආදී කිසිවක් කල් නොතබයි. මරණාදී විපත්තීන්හි දී ශෝකවීම් ළතැවීම් නැති වැ ධෛර්යයන් හා සිහි නුවණින් කටයුතු කරන බවත් උරග ජාතිකාදියෙන් හා බන්ධුල මල්ලිකා සිටු දේවිය, පේසකාර දුහිතෘ ආදීන්ගේ කථා ප්‍රවෘත්තිවලින් හොඳ හැටි පැහැදිලි වේ.

මරණය පිළිබඳ සිහිය නිතර උපදවා ගැනීමෙන් මරණය අරමුණු කරගෙන සතිය පිහිටන්නේ ය. නැවත නැවතත් සිහි කිරීම් වශයෙන් ලැබෙන ආසේවන ප්‍රත්‍යයන්ගෙන් සිත එකඟ වන්නේ ය. නීවරණ විෂ්කම්භන හෙවත් යටපත් වන්නේ ය. ධ්‍යානාංග පහළ වන්නේ ය. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු තැනැත්තේ සියලු භවයන්හි අනභිරත සංඥාව ලබන්නේ ය. හෙවත් භවයෙහිමි ඇලුම් නොකරන්නේ ය.

ජීවිත තෘෂ්ණාව හැර දමන්නේ ය. පවට පිළිකුල් කරන්නේ ය. පිනට ලැදි වන්නේ ය. සන්නිධි (රැස්කිරීම්) බහුල නොවන්නේ පරිභෝගයට ගන්නා දේවල් කෙරෙහි මසුරුමල නැත්තෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි. මරණය පිළිබඳ භාවනා කළෝ මරණාසන්න කාලයෙහි වල් සතුන් – යක්ෂ – සර්ප – සොරුන් – වධකයන් යන මොවුන් විසින් අභිභූත වූවන් වහා තැති ගැනීමට සිහි මුළාවට පැමිණෙත් ද එසේ නොවැ, බියට සිහිමුළාවට නො පැමිණ කලුරිය කරන්නෝ ය. මෙලොවැ නිවන් සුව ලබන්නෝ ය. මේ දිවියෙහි නිවන් සුව නොලද්දෝ නම් මරණින් මතු දෙව් මිනිස් යන සුගතියෙක ම උපදින්නෝ ය.

මරණානුස්සති භාවනාව වඩන ආකාරය

දිනක් අප බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාවෙන් නිවන් සුව ලැබිය හැකි යයි වදාරා, මහණෙනි, තෙපි මරණස්ති කමටහන වඩන්හු ද? යි භික්ෂූන් විමසූ සේක.

1. එසේ විමසූ කලැ එක්තරා භික්ෂුවක් ස්වාමීනි, මම මරණ සතිය වඩමි යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි. මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි මම රැයක් දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක, එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමිනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

2. දෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි’ යි කී ය. “මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. මම දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක. එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

3. තෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි මේ කරුණෙහිලා මට මෙබදු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළදමි නම් එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙමි නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

4. සව්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ. කෙසේ ඔබ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර පස් පිඬක් අහර වළඳම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

5. පස්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මට මේ කරුණෙහි ලා මට මෙබඳු සිතක් වෙයි. මම යම් පමණ කලෙකින් එක අහර පිඩක් පසා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

6. සවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ? යි විමසූ විට, ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙන) ප්‍රශ්වාස (හුස්මපිට කිරීම) කෙරෙම්ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට මහණෙනි, (මුලින් සඳහන් වූ) 1, 2, 3, 4 යන මේ භික්ෂූන් ප්‍රමාද වැ හෙවත් නො සැළැකිලි ලෙස වෙසෙති. අශ්‍රවක්ෂය (කෙලෙස් දුරු කිරීම) පිණිසලැසි වැ මරණ සතිය වඩන්නාහු ය යි වදාරා,

මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් එක අහර පිඬක් සපා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙමි නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි මඟ ඵල පිණිස යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. මෙසේ මරණ සතිය වඩයි ද,

මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද එතෙක්

4. කාය බහු සාධාරණතො – මේ කය නොයෙක් අබල දුබල කම්වලට ද රෝග පීඩා ආදියට හා මරණයට සාධාරණය. හෙවත් පොදු යයි නිතර සිතා බැලිය යුතුය. මේ කයෙහි නොයෙක් රෝග හටගනී. කොහි සිටියත් මේ කය ගල් මුල්, කඩු කිරිච්චි, වෙඩි පහර, විදුලි සර, හෙණ වැදීම් ආදියට ද සාධාරණය. මැසි මදුරු, පත්තෑ ගෝනුසු, නයි පොළොං ආදී සර්පයන්ගෙන් හා සිංහ ව්‍යාඝ්‍රාදී වල් සතුන්ගෙන් වන උවදුරුවලට ද සාධාරණ වේ. එබඳු ශරීරයක් දරන්නා වූ මට මාගේ මරණය කොයි වේලාවේ පැමිණේ දැයි කිව නොහැකි බව නිති මෙනෙහි කටයුතුය.

5. ආයු දාබ්බලතො – මේ ආයුෂ නොහොත් පණ නම් ඉතා දුබලය. පණ රඳා පවතින්නේ ආහාරය – ඍතු ගුණය – විහරණය – ආශ්වාස ප්‍රශ්වාස යන මොවුන්ගේ ආධාරයෙනි. එහෙත් මෙයින් එක ද උපකාරක ධර්මයක් මඳ අයුරින් වුවද වෙනස් වුවහොත් පණ නැති විය හැකිය. සාමාන්‍ය වශයෙන් සිතතොත් හුස්ම පිට නො කළොත් පිට කළ හුස්ම ඇතුළට නො ගත හැකිමය. මෙසේ ඉතා දුර්වල වූ ආයුෂයක් ජීවිතේන්ද්‍රියක් ඇති මේ පණ කවර විටෙක යාවි දැයි නො දනිම්යි නිතරම සිතා බැලිය යුතුය.

6. අනිමිත්තතො – කලින් තීරණය කොට දැන ගන්නට නිමිති (කරුණු) නැතිකම වශයෙන් මරණය ගැන සිතිය යුතුය.

“ජීවිතං ව්‍යාධි කාලො ච – දෙහනික්ඛෙපනං ගති
පඤ්චෙතෙ ජීවලෝකස්මිං – අනිමිත්තා න ඤායරේ”

මේ ලෝකයෙහි උපන් මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ කලින් තීරණය කොට නො දත හැකි කරුණු පසෙකි.

1. මෙතෙක් කල් ජීවත් වන්නේය යි ආයු ප්‍රමාණය කල් ඇතිව තීරණය නො කට හැකිය.

2. අසුවල් ලෙඩින් මැරෙන්නේය යි මාරක රෝගය නො දත හැකිය.

3. උදය හෝ දහවල් හෝ සවස හෝ රෑ හෝ අසූවල් කාලයෙහි හෝ මැරෙන්නේයයි කාලය නො දත හැකිය.

4. මළකඳ උපන් ගෙහි හෝ අන් ගෙයක හෝ සිය රට හේ අන් රටෙක හෝ දියෙහි හෝ ගොඩෙහි හෝ නුවරෙක හෝ වනයෙක හෝ කොහි හෝ හෙළන්නට වේ දැයි මිනිය දමන තැන හෝ නො දත හැකිය.

5. මරණින් මතු සුගතියට හෝ දුගතියට හෝ කොහි යන්නට වේ දැයි උපදනා ගතිය (උපදින තැන) ද දැන ගන්නට නිමිති නැත යන ලෙසින් මරණය ගැන සිතිය යුතුය.

7. අ_ාන පරිච්ඡෙදතො – මිනිසුන්ගේ ජීවත්වන කාලය මෙ පමණ යයි පිරිසිඳීමක් (වෙන් කැර දැක්වීමක්) නැති හෙයින් ද මරණය කවර විටෙක සිදුවේ දැ යි කිව නො හැකිය. යයි හැම දෙනා විසින් ම නිතර නිතර ම සිහි කටයුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවන කාලය අවුරුදු සීයක් හෝ ඊට ටිකක් අඩු වැඩි කාලයක් හෝ යයි කිව හැකි වුවද එය ස්ථිර නැත. එහෙත් කවර විටෙක හෝ මරණය නම් ස්ථිර යයි නිති මෙනෙහි කටයුතුය.

8. බණ පරිත්තතෝ – පරමාර්ථ වශයෙන් සත්ත්වයන් ජීවත් වන කාලය ක්ෂණයෙකි. එය ඉතා ස්වල්පය. එක චිත්තක්ෂණයෙක උප්පාද (සිත ඉපදීම), ඨිති (ස්ථිතිය හෙවත් පැවැත්ම), භංග (බිඳී යෑම), වශයෙන් අවස්ථා තුනෙකි. හැම සත්ත්වයා ම එක සිතක් පිළිබඳ පැවතුම් මාත්‍රක්ෂණයෙහි ම ජීවත් වෙනවා මිස, එකවර චිත්තාක්ෂණ දෙකක හෝ නො සිඳී පවත්නා චිත්තක්ෂණයන්හි ජීවත් නොවේ. මෙසේ හෙයින් ජීවිතයාගේ පැවැත්ම එක ක්ෂණ මාත්‍රයක් ම යැයි මරණ සිහිය වැඩිය යුතුය.

ධුවං මරණං – මරණං නියතයි (ඒකාන්තයි)
අද්ධුවං ජීවිතං – ජීවිතය අනියතයි (අස්ථිරයි)

අරක ශාස්තෘවරයා

අතීතයෙහි බුදු සමය නො දත් කාමයන්හි වීතරාග වූ අරක නමැති ශාස්තෘවරයෙක් විය. හේ ඔහුගේ සව්වනට (ශ්‍රාවකයනට) මෙසේ දහම් දෙසීය.

‘බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණපත අගැ පිනි බිඳක් වැනිය. වැසි පොද වැටෙන විට හට ගන්නා දිය බුබුළක් වැනිය. දියෙහි ඇඳී ඉරක් වැනිය. කඳු මුදුනෙන් වේගයෙන් මුහුදට ගලා බස්නා ගඟක් වැනිය. බලවත් පුරුෂයකු දිවගට ගත් කෙළ පිඩක් වැනිය. මුළු දවසම රත් කළ යකඩ කබලයට දැමූ මස් ටිකක් වැනිය. මරන්නට ගෙන යන ගවයා සේ මනුෂ්‍ය ජීවිතයේ ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේය.

‘එපමණ මිනිසුන්ගේ ජීවිතය අස්ථිරය. ස්වල්පය, ටිකය, බොහෝ දුක් සහිතය. බොහෝ ආයාස (ගැහැට) සහිතය. එය නුවණින් අවබෝධ කැරැ ගත යුතුය. එහෙයින් කුසල් කට යුතුය. බඹසර (ශීල, සමාධි, ප්‍රඥාවෙන් යුත්) දිවියක් (ශ්‍රේෂ්ඨ ජීවිතයක්) විසිය යුතුය. උපන්නහුට නො මැරීමෙක් නැත. මරණය ඒකාන්තය.

මෙසේ අවවාද කරන සමයෙහි මිනිසුනට ආයුෂ අවුරුදු හැට දාහක් (60,000) විය. පන්සිය හැවිරිදි කුමරිය පතිකුලයට යන්නට නිසි වූය. එකල මිනිසුනට ශීත ය. උෂ්ණ ය, සා ය (බඩගින්න), පවස ය (පිපාසය), මලපහ කිරීමය, මූත්‍රා කිරීමය යන ආබාධයෝ සයක් පමණ ඇති වූහ.

එබඳු වූම අරක ශාස්තෘ තෙමේ මෙසේ දීර්ඝායුෂ්ක වූ අල්පාබාධ වූ මනුෂ්‍යනට හා තම සව්වනට මෙලෙස දහම් දෙසීය.

මතු සම්බන්ධයි

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NDwcGO
මත් වීමේ ආදීනව සලකා එයින් වැළකී සිටීමේ අනුසස්.
කිසිම අවස්ථාවක කුමන කරුණක් නිසාවත් මත් නොවී සිටීමෙන්ම මේ අනුසස් ලැබේ.