Monthly Archives: July 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NkfjAy
ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බුහුමානයෙන් නමස්කාර කරමි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ux6Xhn
පාරමී පුරමින්ම යා යුතු
දහම් මග නිසි ලෙස කියා දුන්
ඇදුරැ අප සදවිමල සමිදුන්
පුදමි ගෞරව මෙලෙස බැතියෙන්

මග නොමග මංමුළා වී ඇති අද
දහම අදහම හදුන ගත හැකි
දනන් යහමග ගැන්ම නම් වූ
මෙහෙය මෙලෙසින් කරමි බැතියෙන්

උතුම් වූ තෙරැවන් ගුණ හැදින ගෙන
දහම් නැණසත් නිසිව මතු කර
ගැන්ම ඇවැසිම කල මතුව ඇත
මින් ඔබට එය පහදවනු ඇත

අතිගෞරවාර්හ මහා මහෝපාධ්‍යාය රේරැකානේ චන්දවිමලාභිධාන මාගේ ආචාර්ය පාදෝත්තම, ගුරැ දේවයන් වහන්ස, ඔබ වහන්සේ පිළිබද බලන්ගොඩ මහ නාහිමියන් වරක් පැවසූ දෙයක් නිතැතින්ම සිහියට ඒ. “මතුවටත් මෙම පුස්තක අගය කරනා, ඉන් දිවි කතර හැඩ ගස්වා ගන්නා අයගේ සංඛ්‍යාව නිමක් නැති වනු ඇත. මෙම පුස්තක මනාව පරිශීලනය කිරීමෙන් දහම පිළිබද මනා අවබෝධයක් ලැබීමට හැකි වනු ඇත”.

එය එසේම ය. දිවි කතරේ ඉලක්කයක් නැතිව කල් ගෙවූවෝ ඔබ වහන්සේගේ පුස්තක මගින් යහ මගට පිළිපන්හ. සසුන හැර දමා යන්නට සැරසුනෝ, සිත පැවිදි කර ගෙන විදසුන් මගට පිළිපන්හ. ගිහියෝ සසුනට ළබැදිව උතුම් වූ නිර්වාණ සම්පත්තියට නැඹුරැ වූහ.

පෙර සසරේ දහම හැදෑරැවත්, මෙම භවයේ අතරමං වූවෝ; ඔබ වහන්සේගේ දම් දෙසුමෙන් නැවතත් පාරමී පුරමින් ලොවුතුරැ මගට පිළිබටහ. ඇතැමුන් එම අමිළ වූ මග පෙන්වීමෙන් මග දෙපස ගමන් කරනා කල වුව කුසල් උල්පත් පාදා ගනිති. පාරමී පුරති. තිලකුණු දකිති. විදසුන් වඩා කෙලෙස් සතුරන් හදුනා ගනිති.

ඔබ වහන්සේ සියැසින් දැක නැති සිය – දහස් ගණන් බොදු ජනයා වුව දැනුදු නුඹ වහන්සේ හට පුද සත්කාර කරති. බුද්ධ වන්දනාවේදී ආචාර්ය භක්තිය විදහා පාති. ඒ, ඔබ වහන්සේ ගේ හස්තසාර දහම් පොත් මගින් දහම නිසියාකාරව හැදින, එයට ආචාර්ය ගෞරව පිදීමක් විලසිනි. අපරිමාණ වූ කෘතවේදීත්වය හුවා පෑමක් විලසිනි.

ඉගුරැවත්තේ පියනන්ද මහ නාහිමියන් වරක් පැවසූ පරිදි ඔබ වහන්සේ ගේ පුස්තක පෙල ” බුද්ධඝෝෂ ආචාර්ය පාදයන්ගේ පුස්තක පෙළට සමාන පුස්තක පෙළක්ම ය”.

යක්කඩුවේ නාහිමියන්, අකුරැටියේ අමරවංශ නාහිමියන්, වල්පොල රාහුල හිමියන්, මඩිහේ මහ නාහිමියන්, වෙඩරැවේ අනෝමදස්සී අනු නාහිමියන්, කොස්ගොඩ සිරි ධම්මවංශ මහ නාහිමියන්, කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්, නා උයනේ අරියධම්ම අනු නාහිමියන් වැනි උගත්, වියත්, ධර්මධර මෙන්ම විනයධර භික්ෂූන් වහන්සේලා වුව වදාලේ ඔබ වහන්සේගේ දහම් පොත් පරිශීලනය කරන ලෙසයි.

මුළාවෙන් තොර දහම හදුනා ගැන්මට ඔබ වහන්සේගේ පොත් පරිශීලනය කරන ලෙසයි. ස්ව මත නොව, බුදු වදන සරලව පැහැදිලි බසින් අරැත් පසිදලමින් හදුනා ගැන්මට ඔබ වහන්සේගේ පුස්තක හදාරන ලෙසයි.

අග්ග මහා පණ්ඩිත, පොල්වත්තේ බුද්ධද්ත මහ නාහිමියන් වුව උන්වහන්සේගේ “ථෙරවාද බෞද්ධ දර්ශනය” පුස්තකයේ නිර්වාණ ධාතුව මෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබද විවරණයේදී වදාලේ රේරැකානේ මහ නාහිමියන් ගේ “පටිච්ච සමුප්පාද විවරණය” හදාරන ලෙසයි. එමෙන්ම උන්වහන්සේ නිර්වාණ ධාතුව පිළිබද රචනා කල ලිපි කිහිපයක් ද එහි හොවා දක්වන ලදී.

ඔබ වහන්සේ ගේ චතුරාර්ය සත්‍යය දහම් පොතේ මෙන්ම විදර්ශනා භාවනා පුස්තක වල බලන්ගොඩ මහ නාහිමියන් ගේ හැදින්වීම දැක්විය යුතු යැයි සිතේ.

“චතුස්සත්‍යය පිළිබද මෙතරම් වටිනා පුස්තකයක් හෙළ බසින් රචනා වී නොමැත”

“විදසුන් භාවනා මග මෙම පුස්තකය හැදෑරීමෙන් මැනවින් උගත හැක” යන්න එහි කෙටි උදෘත වේ.

ඔබ වහන්සේ අසල හිද දහම් අසන විලාසයක් ඔබ වහන්සේගේ පුස්තක හදාරන කල නිතැතින්ම සිහියට ඒ. ගැඹුරැ දහම් ඔබ වහන්සේ මෙන් විස්තර කිරීමට ඇති හැකියාව අන් කිසිවෙකුට නැතැයි වරක් රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වදාළහ.

මාතර සිරි නැණරම් හිමි සහ කඩවැද්දුවේ සිරි ජිනවංශ හිමියන් උන්වහන්සේලාගේ අතිජාත දීප්තිමත් ශිෂ්‍ය රත්නය මෙන්ම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන නා උ⁣යනේ මහා ස්වාමිපාදයානන් වහන්සේව අබිදම් උගැන්මට එවූයේ ඔබ වහන්සේ ඇසුරටය.

මුළු රටම බුද්ධ ජයන්තිය සැමරීමට සූදානම් වන කලෙක සාහිත්‍යධරයෙක් වන මානවසිංහයන් වුව වරක් පැවසූයේ “බුද්ධ ජයන්තිය” වෙනුවෙන් ඉටු වූ, වැදගත්ම නමුත් නිහඩතම සේවය රේරැකානේ මහ නාහිමියන් ගේ දහම් පුස්තක සේවය” බවයි.

මෙය හුදෙක් ගුණ වැයුමක් නොවේ. ආචාර්ය භක්තිය හුවා පෑමක් මෙන්ම, කෘතවේදීත්වය විදහා දැක්වීමක් සමගින් අද සමාජයට ඇවැසි දෑ ඉටු කිරීමක් ද අපේක්ෂා කරමි.

දහමත් අදහමත් හදුනා ගැනීම ඇවැසිම යුගයක් එළඹ ඇත. උතුම් වූ පාරමී සපුරා සම්පූර්ණ කර ගත යුතු මාර්ගය; අද පද විවරණයකින් පමණක් ලබා ගත හැකි යැයි මග පෙන්වන ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහියන් බහුලව ඇත.

කමටහන් ලබා දීම පිළිබද අවබෝධයක් නැති ඇතැමුන් ධ්‍යාන ලබා ගැනීම පිළිබද දෙසුම් පවත්වා ජනයා මුළා කරති. පොදුවේ කමටහන් ලබා දෙති. ඇතැම් උගතුන් වුව මෙම කෙටි මාර්ගයන් දක්වා පාන කල එයට හසුව නොමග යති.

රේරැකානේ මහ නාහිමියනි; ඔබ වහන්සේගේ දහම් පුස්තක හදාරා සිය දහස් ගණන් බොදු ජනයා දිවි මග සරි කර ගත්තාක් මෙන්ම වත්මනේ ද එම පුස්තක වල අගය වඩ වඩාත් මතුව ඒ. මෙය කියවන ඔබත් හස්තසාර වස්තුවක් වන “⁣බෞද්ධයාගේ අත්පොත” සමගින් උන්වහන්සේගේ අනෙක් දහම් පොත්ද හදාරන්න.

“සූවිසි මහා ගුණය” පුස්තකය කියවා තෙරැවන් ගුණ හැදින තෙරැවන් පිළිබද අචල වූ සැදැහැති බවක් උපදවා ගෙන නුවණින් යුතුව කුසල් කර්ම වල යෙදී “පාරමිතා පර්‍රණය” කියවා චිත්ත සන්තානය පාරමී මගට හරවා ගන්න.

චිත්ත, චෛතසික, රෑප සහ නිර්වාණ යන සතර පරමාර්ථ දහම් උ⁣ගැනුමට උන්වහන්සේගේ ” අභිධර්මයේ මූලික කරැණු මෙන්ම අභිධර්ම මාර්ගය” සමගින් අනෙකුත් අබිදම් පොත් හදාරන්න.

මදින් මද ගැඹුරැ වන දහම් දැනුමේ සැකමුසු තැන් මෙන්ම අපැහැදිළි තැන් වල අරැත් පසිදලීමට “වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම”, “ධර්ම විනිශ්චය” වැනි දහම් පොත් ඔබට මග පෙන්වනු ඇත. මුළාවට පත් අය නුමුළා බවට පත් කරනු ඇත.

“කෙලෙස් එක් දහස් පන්සියය” පුස්තකය තුළින් විවිධාකාර වූ කෙලෙසුන් පිළිබද විවරණය කරනු ඇත. මදින් මද තියුණු වන නුඹගේ නුවණ “චතුරාර්ය සත්‍යය”, “පටිච්ච සමුප්පාදය” පුස්තක ද්විත්වය තුළින් එම ගැඹුරැ දම් පිළිබද මනා පරිචයක් ලබා දෙනු ඇත.

දහම පිළිබද නුවණ ලබා ගෙන උතුම් වූ භාවනාවට බට නුඹගේ දහම් නැණසට “විදර්ශනා භාවනා”, “චත්තාලීසාකාර මහා විපස්සනා” යන පුස්තක තුළින් උතුම් වූ නිර්වාණ ධාතුවට නිසි මග පෙන්වීමක් ලබා දෙනු ඇත.

උතුම් වූ පැවිදි මගට බැසගත් ස්වාමීන් වහන්සේලා සහ සසුනට එකතු වීමට සූදානම් කුල පුතුන් වෙනුවෙන් “ශාසනාවතරණය”, “උපසම්පදා ශීලය” සහ ” විනය කර්ම පොත” මග පෙන්වනු ඇත.

ඇතැම් ගැඹුරැ දෑ එක් වරක් කියැවූ පමණින් නොවැටහෙනු ඇත. එනමුදු තෙරැවන් ගුණ හදුනා ගනිමින්, මදින් මද ලබනා නිසි අවබෝධය ඉවසීමෙන් ලැබිය යුතුය. වරදවා දැනීම කොහෙත්ම නොදැනීමට වඩා දරැණු හෙයිනි. මා මෙහි දැක්වූයේ පුස්තක කිහිපක් පමණි. සම්පූර්ණ පුස්තක පෙළ කියැවීම වටනේය.

මෙය කියවන නුඹත්, හිතවතුන් දැනුවත් කරන්න. පාරමී සපුරා අවබෝධාත්මකව නිසි මගට එළඹෙන්න.

තර්ක මෙන්ම විතර්කද එනු ඇත නොඅඩුව; මෙම රචනයට
එනමුදු මෙය තර්කයෙන් විසදිය යුතු නොවේ
පාරමී දම් පුරමින් යා යුතු මගකි නිතැතින්
තුන් ශික්ෂා මෙන්ම තිලකුණුත් වැටහෙනු ඇත සැමට කෙමෙන්

වැ. සෝ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JiZUhq
තරුණ වියේදීම ධර්මයට එක්වන්න.
මේ ආහාරයෙන් සෑදුනු ලේ මස් ගොඩක් වන ශරීරය ඉතා උසස් යහපත් දෙයක් ලෙස ගෙන එයම උපාදානය කරගෙන සිටින ලෝකයා දෙස බලන්න.
කයෙහි යථා ස්වභාවය දකින්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2N9eUkr
අසූමහා ශ්‍රාවක චරිත 01

බෝසතුන් උතුම් බුද්ධ රාජ්‍යයට පත් වීමෙන් අනතුරුව තමා අවබෝධකොට ගත් ධර්මය පළමුව දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයෙහි එවකට වැඩ සිටිය පස්වග තවුසන් වෙත වැඩම වූ බව සෑම දෙනාම දන්නවා. දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට මහත්සේ උපකාර කළ බව සිහිපත් වී කෘතගුණ දැක්වීමට මෙසේ වැඩම කළ බව පැහැදිලියි.

එදා ප්‍රථම වරට දේශනා කොට වදාළ දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අපමණ දෙවි බඹුන් සිටියත් මනුෂ්‍යයන් වශයෙන් සිටියේ මේ පස්වග තවුසන් පමණයි. ධර්ම දේශනාව අවසාන වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූවා. ඒ අවබෝධය ලබා ගැනීම නිසා එදා බුදුරදුන් “අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ” යනුවෙන් ‘කොණ්ඩඤ්ඤ තවුසාණන් ධර්මය දැනගත්තා ‘ කියා සතුට ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ හිමියන් එදා පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැමදෙනාම හඳුන්වන්න පටන් ගත්තා.

බුදු සසුනේ පළමුව “ ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං චිර රත්තඤචුතං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤො’ යනුවෙන් ශ්‍රාවකයන් අතර දහම් අවබෝධ කොට ගත් පළමුවන භික්‍ෂු නම වී අගතනතුර ලැබීමේ භාග්‍යය කොණ්ඩඤ්ඤ හිමියන්ට උදාවුයේ සසර කල්ප ලක්‍ෂණයක් පමණ කාලයක් මෙවැනි තනතුරක් ලැබේවායි යන පැතුමෙන් ඉතා උසස් ගුණධර්ම ක්‍රියාත්මක කළ නිසාය.

කල්ප ලක්‍ෂයකට පෙර ලොව පහළ වී සිටිය පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පොළවෙහි පා තබන වාරයක් පාසා පියුම් පහළ වන නිසා ‘පදුමුත්තර’ නමින් හැදින්නුවා. එක් අවස්ථාවක ලක්‍ෂයක් පමණ ශ්‍රාවක භික්‍ෂූන් පිරිවරාගෙන හංසවතී නම් පියරජුගේ නුවරට වැඩි අවස්ථාවෙහි රජතුමාත් වැසියෝත් බොහෝ සැදැහැවත් සිතින් දන් පූජා කොට ධර්ම ශ්‍රවණය කළා. එහි දී එක් භික්‍ෂු නමකට ධර්මය අවබෝධ කරගන්නවුත් අතර අග්‍රස්ථානය පිරිනැමුවා. හංසවති නුවර ගෘහපති නිවසක එකල උපත ලබා සිටි අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් ඒ අවස්ථාවේ ධර්මය ශ්‍රවණය කරමින් හිටියා. ඒ අගතනතුර පිරිණමද්දී මටත් කවදා හෝ දවසක මේ සමාන තනතුරක් ලබා ගන්නට ලැබේවායි සිතුවා.

ජීවත් වන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි වේවා යි කියල හිතන්න පුළුවන්. ඒත් ඒ හිතපු දේ ලබා ගන්නට අවශ්‍ය වන ප්‍රඥාවත්, වාසනාවත්, උනන්දුවත් නොතිබුණොත් හිතපු සම්පත් ලබා ගත්ත අමාරුයි. අපේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් එදා අගතනතුර ලබන්නට සිතු සිතුවිල්ල සාර්ථක කර ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදුනා.

එදා පැතු දිනයේම බුදුපාමොක් මහ සගනට ආරාධනය කොට පළමු දිනයේ දන් දී වංග රටෙත් ලබා ගත් අගනා උතුම් සළුවක් තම පැතුම සපුරා ගැනීමේ අරමුණින් බුදුන්ට පූජා කළා. එයින් නොනැවතී සත් දිනක් මහ දන් පවත්වා අවසානයේ දී පදුමුත්තර බුදුරදුන් සිරිපා පාමුල වැඳ වැටී තමාගේ ප්‍රාර්ථනය සැළකර සිටියා. දිවැස් යොමු කළ උන්වහන්සේ කල්ප ලක්‍ෂණයක් ඇවෑමෙන් අප බුදුරදුන් කල ඒ ප්‍රාර්ථනය අනුව අගතනතුර ලැබෙන බවට විවරණ දී වදාළා.මේ පදුමුත්තර බුදුන් පිරිනිවන් පෑ පසු එම ධාතු තැන්පත් කරීමට රුවන් ගෙයක් සාදා පූජා කළේත්, සෑය වටා රුවන් තොරණ ඉදි කළේත්, ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට.

පසු කාලයේ ලොව පහල වූ විපස්සි බුදුරදුන් අවධියේදි කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් බන්දුමති නම් නගරයෙහි කෙළෙඹී පවුලක මහා කාල නමින් උපත ලබා එනම් ශස්‍ය කාලයක දී තව වරක් එසේ දානය පූජා කළා. සසර දිගු කාලයක් මෙසේ අපමණ පින් කොට අවුත් ගෞතම බුද්ධෝත්පාද අවධියේ කිඹුල්වත් නුවරට නුදුරු දෝණවත්ථූ නම් වු ගමෙහි උසස් වූ බමුණූ කුලයක කොණ්ඩඤ්ඤ නමින් උපත ලැබුවා.සසර කළ මහා පින්වල මහිමයෙන් උසස් ගුණ හා නැණ ලැබීම නිසා කුඩා අවධියේම සුදොවුන් රජතුමාගේ පුරෝහිත පදවිය ලබා ගන්න සමත් වුනා. සිදුහත් බෝසතුන් උපන් අවස්ථාවෙහි එකසිය අටක් වූ බමුණන් අතරින් වඩාත් දේහ ලක්‍ෂණ පිළිබඳව අවබෝධයක් තිබූ බමුණන් අටදෙනාට සිදුහත් කුමාරයාගේ අනාගතය පිළිබඳ අනාවැකි පළ කරණ ලෙසත් සුදුසු නමක් තබන ලෙසත් සුදොවුන් පියා විසින් ඉල්ලා සිටියා.

මේ අවස්ථාවේ දී අන් සැම දෙනාම බුදු හෝ සක්විති හෝ වන බව පළ කළා. කොණ්ඩඤ්ඤ බමුණා පමණක් නලළෙහි දකුණු අතරට කරකැවී පිහිටා තිබූ සුදු පැහැති ඌර්ණරෝමය විමසිල්ලට ගනිමින් ඒකාන්තයෙන් බුදුවන බවට අනාවැකි පළ කළා. ඒ අනාවැකිය සිහියට ගනිමින් ලෝකයට අර්ථය සිද්ධ කරන්නේය යන අර්ථය ඇති “ සිද්ධාර්ථ” යන නම බෝසතුන්ට තැබුවා.

පසුව කොණ්ඩඤ්ඤ බමුණා එදා අනාවැකි පළ කළ බමුණන් අතුරෙන් සිව් දෙනෙකුගේ දරුවන් වූ වප්ප, භද්දිය, ,මහානාම, අස්සජි යන අය සමග තවුස් පැවිද්දෙන් පැවිද්ද ලබා ගත්තා. සිදුහත් බෝ සතුන් ගිහි ගෙයින් නික්ම දුෂ්කර ක්‍රියා කරණ අවධියේදි මේ පස්දෙනා දැඩි ලෙස උපස්ථාන කළත් එය අත්හැර දැමීම නිසා කලකිරී බෝසතුන් හැරදා බරණැසට ගොස් තවුස්දම්, පිරුවා.

බුද්ධත්වයට පත්ව ප්‍රථම ධර්ම දේශනාවට සවන් දුන් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූ අතර පසුදින හතරෙහි පිළිවෙළින් අන්සිවු දෙනා ද සෝවාන් වුවා .මේ පස්දෙනාම ඒහි භික්‍ඛු භාවයෙන් පැවිද් ද ලැබූ අතර අවවිසේණිය දිනයේ දී හෙවත් කෘෂ්ණකක්‍ෂයේ පස්වනදා දේශනාකොට වදාළ අනන්ත ලක්ඛණ සූත්‍රය අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රධාන පස් නමම රහත් භාවයට පත්වුනා.

තෙරුවන් සරණයි!

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KQFfqM
රහත් ඵලය පිණිස වැඩිය යුතු දහම් සතර – චතුත්ථඵල සූත්‍රය

https://ift.tt/2N5DnXP

මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්:

සත්පුරුෂසේවන,
සද්ධර්‍මශ්‍රවණ,
යෝනිසොමනස්කාර,
ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි.

මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත් යි.