Monthly Archives: November 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2TR2Eco
යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ දුබලයාට ඉවසයි ද, එය උතුම් ඉවසීම යයි කියත්. දුබලයා නිතරම ඉවසයි.

යමෙක් කිපුන කෙනෙකු හට පෙරළා කිපේ ද, එයින් ඔහුටම අයහපත වේ. කිපුන කෙනෙකු හට පෙරළා නො කිපෙන්නේ දිනන්න බැරි වූ සටන දිනයි.

වෙපචිත්‌ති සූත්‍රය – https://ift.tt/2ArEzA1

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PTX6zR
නමෝ තස්ස භගවනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමයි කියනුයේ ඒ පිළිගැනිමට යි. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක් වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැදින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්යය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකළ බෞද්ධයන් විසින් තරමක් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහොත් බොහෝ බුදු ගුණ ඇත්තේ ය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරිමට කාලයක් නැත්තේ ය.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි.

සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුදුගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුඬ මහා කච්චානා මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලූ පසේ බුදුවරුන්ගේ බුඬගුණඥාණයට මහත් වු බුඬගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක් මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක් මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ. සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය. (දීඝනිකායට්ඨ කථා)

ඒ මෙසේය :

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ඬො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුඬො, භගවාති.
ඒ පාඨයේ තේරුම මෙසේ ය:

1. සො භගවා අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක.

2. සො භගවා සම්මා සම්බුද්ඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.

3. සො භගවා විජ්ජා චරණ සම්පන්නො
ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

4. සො භගවා සුගතො
ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.

5. සො භගවා ලොකවිදු
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

6. සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි
ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

7. සො භගවා සත්ථා දේවමනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.

8. සො භගවා බුඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක.

9. සො භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක.

මෙසේ සැකවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KE3JAt
==කාතියානි==

අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යනු ලබනලද නොසැලෙන පැහැදීමෙන් යුක්තවූ උවැසියන් අතුරින් කාතියානි උවැසිය අග්‍රයයි දැක්වෙයි. ඕ වනාහි පියුමුතුරා බුදුන්කල්හි හංසවතියෙහි කුලගෙයක උපන්නී එක් උවැසියක නොසැලෙන පැහැදීම් ඇත්තියන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි කුරරඝර නුවරෙහි උපන්නාය. ඇයට කාතියානියයි නම් කළාහුය. මෑතකාලයෙහි වියපත්වූවා කුරරඝරික කාලිය සමඟ යහළුවූවා දැඩි මිතුරියක්වූවාය. යම් දිනක කුටිකණ්ණ තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට කියනලද අයුරින්ම මටද ධර්‍මය දෙසනු මැනවැයි මව විසින් අයදිනලද්දාහු රාත්‍රිකාලයෙහි ඇතුළුනුවරෙහි සරසනලද ධර්‍මාසනයෙහි හිඳ මව කායසක්‍ෂ්‍ය කොට ධර්‍මදේශනය අරඹූසේක්ද, එකල්හි මේ කාතියානි උවැසිය කාලි සමඟ ගොස් සිහි එළවා දහම් අසමින් සිටියාය. එකල්හි සොරු නවසියයක් පමණ ඇතුළ් නුවරෙහි දහවලෙහි කරන ලද සංඥාවෙන් කෙළවරෙහි පටන් උමගක් කැණ මේ කාතියානියගේ ගෙට පැමිණියහ. ඔවුන්ගේ සොර දෙටුවා එවුන් සමඟ නොපිවිස කුමක් නිසා මේ පිරිස රැස් වීදැයි විමසනු සඳහා සොණ තෙරුන්ගේ ධර්‍මදේශනා ස්ථානයට ගොස් පිරිස් කෙළවර සිටිමින් මේ කාතියානියගේ පිටු පසෙහි සිටියේය. එකෙණෙහි කාතියානි දැස්ස ඇමතුවාය: ‘එම්බල ගෙට ගොස් පහන්තෙල් ‍ගෙනෙව, අපිද පහන් දල්වන්නෙමු. යෙහෙළි කාලියගේ පින්කමෙහි භාගයක් ගන්නෙමැ’යි කීවාය. ඕ ගෙට ගොස් උපගෙහි සොරුන්දැක පහන් තෙල් නොගෙනම තමන්ගේ ස්වාමී දියණියට, ආර්‍ය්‍යාවනි ගෙහි සොරු උමගක් කණිතියි කීවාය. සොරදෙටුවා, ඉදින් මෝ මැයගේ කථාව පිළිගෙන ගෙටයන්නීද මෙහිම ඇය කඩුවෙන් දෙකඩ කොට සිඳින්නෙමි. ඉදින් ගත් නිමිත්තෙන්ම ධර්‍මය අසන්නීද සොරුන් ගත් බඩුද යළිදෙන්නෙමැ’යි සිතුවේය. කාතියානීද දාසියගේ ශබ්දය අසා, ‘දරුව ශබ්ද නොකරව. සොරුනම් ගන්නාහු අප දුටු දෙයම ගෙනයති. මම අද දුලබ වදනක් අසමි. දහමට බාධාවක් නොකරව’යි කීවාය. සොරදෙටුවා ඇයගේ වචනය අසා, ‘මේ ‍අදහසින් සිටින තැනැත්තියගේ ගෙහි බඩු සොරාගන්නා අපි මහපොළෙවට පිවිස යුතු (වැළලිය යුතු) වන්නමෝ වෙමුයි සිතුවේය. හෙතෙම එකෙණෙහිම ගොස් සොරුන් පැහැරගත් බඩු ඉවත දමා සොරුන් සමඟ අවුත් දහම් අසමින් පිරිස කෙළෙවරෙහි සිටියේය. කාතියානි උවැසියද තෙරුන්ගේ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටියාය. ඉක්බිති අරුණ නැඟුණු කල්හි සොරදෙටුවා ගොස් උවැසියගේ දෙපාලඟ වැටී ‘ආර්‍ය්‍යාවනි, අප හැම දෙනාටම ක්‍ෂමා කරනු මැනවැ’යි කීවේය. ‘නුඹලා විසින් මට කුමක් කරන ලද්දේද? හෙතෙම තමන් විසින් කරනලද සියලු දොෂය සැළකළේය. ‘එසේනම් දරුවනි නුඹලාට ක්‍ෂමා කරමැ’යි ඕ කීවාය. ‘ආර්‍ය්‍යාවනි, අපට මෙසේ ක්‍ෂමා කරනලද්දේ නම් නොවෙයි. නුඹගේ පුත්තෙරණුව් සමීපයෙහි අප සියල්ලන්ටම පැවිද්ද ලබා දෙනුමැනවැ’යි සොර දෙටුවා කීවේය. ඒ සොරුද තෙරුන් සමීපයෙහි පැවිදිවූවාහු සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. මෙසේ මේ කථාවස්තුව උපන්නේය. ඉක්බිති මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේ දෙව්රමෙහි වැඩසිටිනසේක් උවැසියන් තනතුරුවල තබමින් කාතියානි උවැසිය නොසැලෙන පැහැදීම් ඇත්තියන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2R8aHzX
==සුප්පියා==

සත්වැන්නෙහි ගිලානුපට්ඨාකීනං යන්නෙන් ගිලනුන්ට උවටැන් කරන උවැසියන් අතුරින් සුප්පියා උපාසිකාව අග්‍රයයි දැක්වෙයි. මෝ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් උවැසියක ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි බරණැස කුලගෙයක උපන්නීය. ඇයට සුප්පියායි නම් කළාහුය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරකොට ඇතිසේක් බරණැසට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේගේ පළමු දැක්මෙන් දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියාය. ඉක්බිති එක්දිනක් දහම් ඇසීම සඳහා විහාරයට ගියා විහාර චාරිකාවෙහි හැසිරෙන්නී එක් ගිලන් (භික්‍ෂුවක) දැක වැඳ පිළිසඳර කොට ආර්‍ය්‍යයන්වහන්සේට කුමක් ලැබීමට වටීදැයි ඇසුවාය. උවැසියනි, රසයක් ලැබීමට වටීයයි එම භික්‍ෂුව කීවේය. ‘වේවා! ස්වාමීනි, මම එවන්නෙමැ’යි තෙරුන් වැඳ ඇතුළුනුවරට ගොස් දෙවැනි දිනයෙහි අමුමස් (මාළු) සඳහා දැස්සක වෙළඳ පොළට යැව්වාය. ඕ තොමෝ මුළු නගරයෙහිම අමුමස් නොලැබ නොලදබව කීවාය. උවැසිය, ‘මම ආර්‍ය්‍යයන්වහන්සේට රසය එවන්නෙමැයි කියා ඉදින් නොයවන්නේ නම් ආර්‍ය්‍යයන්වහන්සේ අන්තැනකින්ද නොලබන්නෝ වෙහෙස වෙති. යම් කිසිවක් කොට යැවීමට වටීයයි සිතා ගෘහගර්‍භයට පිවිස කළවාමස් සිඳ මේ මස් ගෙන දුරුවර්‍ගයොදා රසයක් කොට විහාරයට යවා ආර්‍ය්‍යයන්වහන්සේට දෙව. උන්වහන්සේ ඉදින් මා විමසත් නම් මා ගිලන්යයි පිළිතුරු දෙවයි පවසා දාසියට දුන්නාය. ඕතොමෝ එසේ කළාය. ශාස්තෘන්වහන්සේ එම කරුණ දැන දෙවැනි දිනයෙහි පිඬුහැසිරෙන වේලෙහි බික්සඟන විසින් පිරිවරණලද සේක් උවැසියගේ ගෙට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේ වැඩි බව අසා, ‘ආර්‍ය්‍යපුත්‍රය, මම ශාස්තෘන් සමීපයට යාමට නොහැක්කෙමි. ඔබ ශාස්තෘන්වහන්සේ ඇතුළුගෙට පිවිසුවා වඩා හිඳුවන්න’යි සැමියා ඇමතුවාය. හෙතෙම එසේ කළේය. ශාස්තෘන්වහන්සේ, ‘සුප්පියා කොහිදැ,යි විමසූසේක. ‘ස්වාමීනි. ගිලන්ය’යි කීවේය. ‘ඇය කැඳවන්න.’ ඉක්බිති ඔවුහු. ‘ශාස්තෘන්වහන්සේ ඔබ කැඳවනසේකැයි කීවාහුය. ඕතොමෝ, සියලු ලෝකයාට හිතානුකම්පා ඇති ශාස්තෘන්වහන්සේ මෙකරුණ නොදැක නොකැඳවනසේකැ’යි සිතුවාය. (එසේ සිතා) ඉක්මණින් ඇ‍ඳෙන් නැඟිට්ටාය. ඉක්බිති බුද්ධානුභාවයෙන් ඇයගේ තුවාලය එකෙණෙහිම මස් වැඩී සම ඇත්තේ විය. සෙසු තැන්වලට වඩා පැහැපත් වූයේ විය. එකෙණෙහි උවැසිය සිනහවක් පහළකොට භාග්‍යවතුන්වහන්සේ පසඟ පිහිටුවීමෙන් වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ මේ උවැසියගේ අපහසුව කුමකුදැයි ඇසූසේක. ඕතොමෝ තමාවිසින් කරනලද සියලු කරුණු පැවසුවාය. ශාස්තෘන්වහන්සේ කරනලද බත්කිස ඇතිසේක් විහාරයට වැඩමවා බික්සඟන රැස්කරවා ඒ භික්‍ෂුවට නොයෙක් අයුරින් නින්දාකොට ශික්‍ෂාපදයක් පැනවූසේක. මේ කථා වස්තුව මෙසේ හටගත්තේයි. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහුන්සේක් උවැසියන් තනතුරුවල තබමින් සුප්පියා උවැසිය ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2DHrKVA
==සුප්පවාසා කොලියධිතා==

සයවැන්නෙහි පණීතදායිකානං යන්නෙන් මිහිරිරස දෙන උවැසියන් අතුරින් සුප්පවාසා කොලිය දියණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් උවැසියක මිහිරිරස දෙන්නියන් අතුරින් අග තන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කොලිය නුවරෙහි ක්‍ෂත්‍රිය කුලගෙයක උපන්නාය. ඇයට සුප්පවාසයි නම් කළාහුය. වියපත්වූ ඕ එක් ශාක්‍යකුමරුවකුගේ ගෙට ගියා පළමුදැක්මෙන්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා සෝවාන් පෙලෙහි පිහිටියාය. ඒ මෑත කාලයෙහි සීවලී නමු වූ දරුවෙකු බිහි කළාය. ඔහුගේ කථාවස්තුව යට විස්තරකරන ලද්දේමය. මෝතොමෝ එක් කලෙක බුදුපාමොක් බික් සඟනට නොයෙක් අග්‍රරසයෙන් යුත් ප්‍රණීත භෝජනයක් දුන්නාය. ශාස්තෘන් වහන්සේ කරනලද බත්කිද ඇති සේක් අනුමෝදනාව කරමින් සුප්පවාසාවට මේ ධර්‍මදේශනය කළසේක: ‘සුප්පවාසාවනි, බොජුන් දෙන ආර්යශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයන්ට කරණු පසක් දෙයි: ආයුෂ දෙයි. වණර්‍ය දෙයි. සැපය දෙයි. බලය දෙයි. ප්‍රතිභාණය දෙයි. ආයුෂ දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ආයුෂයට කොටස් කාරියක්වෙයි. -පෙ- ප්‍රතිභාණය දී දිව්‍යමයවූ හෝ මානුෂිකවූ හෝ ප්‍රතිභාණයට කොටස්කාරියක් වෙයි.’ යනුවෙනි. මේ කථාවස්තුව මෙසේ නැඟීසිටියේයි. ඉක්බිති පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහිඳ උවැසියන් තනතුරුවල තබනසේක් සුප්පවාසා කොලිය දියණිය මිහිරිරසවත් බොජුන් දෙන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.