Monthly Archives: May 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2EKujGh
අවුරුදු 72 අච්චි අම්මා කුලී වැඩ කරලා සාසනයට රු 175,000 වටිනා බුදු කුටියක් පුජා කරලා . (දවසේ ආදායම රු800 ඉන් 300 අවුරුදු 10 තිස්සේ ඉතුරු කරලා) සාදු සාදු මෙ පින් නිවන් දකින්නට හේතු වේවා !!!

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2HJunYI
මහා පාපී අසත්පුරුෂ සේවනයන් දුෂ්චරිතයට මායිම් වී එයින් චුත වී දහම් මග තුලින් සුචරිතවත් ජීව්තය කර ගත් මාගේ උතුම් කලන ම්ත්‍රයකු වන – ඔහුගේ ඇගිලි තුඩ්න් කර මා හට එව් සැබෑ දිග හැරුම මෙතැන් සිට.. මාගේ නමස්කාරය වේවා ..!!!

ක්ෂන සම්පත්තිය අර්තවත් කරගන්න කියා.එහි නියම අර්තය ධර්මය ඇසුරින් මා වටහා ගත් බැවින් ,
මා මෙතන කල්ගෙවන්නේ සමාජ සත්කාරයක් කලයුතුයි කියන අදහසින්.මෙයින් පරිභාහිර තැන්හී මා ධර්මය කතා කරන්නේ නම් ඒ මා ගැන හොදින් දන්නා කෙනෙක් සමග පමනයි.එහෙම අය නැහැ .සමහර විට අහඹු ලෙස කතාවක් දෙකක් ඇතිවන අවස්තා තියෙනවා .

.මා ගැනවූ පුද්ගලික සාරාංශ ගත හැදින්වීම ධර්ම දානයක් වේවා යන මෙත් සිතින් ඔබට කියමි.

මා අතීතයේ වඩාත් අසත්පුරුෂ සේවනය කල කෙනෙක් ධර්මය පිලිබද නිසි අවබෝධයක් මා තුල තිබුනේ නැහැ .බුද්ධ දර්ශනය දෙස මා බැලුවේ මිච්චාසංකල්පයන් සහිත තවත් එක් ආගමක් හැටියටයි.ගස් ගල් වන්දනාමාන ඇදහිලි ක්‍රම වේදයන් සහිත මිත්‍යාදෘෂ්ටියක් හැටියටයි මට පෙනුනේ.

පාසැලේ වුවත් මා හරියට පන්සිල් ගන්නේ නැහැ.

මගේ ඇසුර අසත්පුරුෂ සේවනයයි.මා ඉතාමත් මත්පැන් සදහා ගිජුවූවෙක්.මගේ මිතුරනුත් එලෙසයි.මගේ ගිජු කම ඔවුන්ට ඉදිරියෙන් පැවතියා.
උදේ සිට හවස දක්වා කෙතරම් මත්පැන් පානය කල හැකිද එතරම් සිට පානය සදහා කැමත්ත දැක්වූවෙක්.මට බොහෝ මිතුරන් සිටියා ඔවුන් සැවෝම මත් පැන් පානය කරන අය.ධර්මයටයි මටයි ඉතා දිග දුරකි.

මගේ ව්‍යවහරය පරුෂ වචනයයි.

නමුත් මා පොත් කිවන්නෙක් මුලින් නව කතා කියවූ මා පසුව අභ්‍යවකාශ විද්‍යාව,මනෝවිද්‍යාව,ජීව පරිනාමය,බටහිර භෞතික වාදි හේතුපල වාදය යන පොත් පත් කියවවූවා. මගේ දර්ශනය බටහිර විද්‍යාවයි.යම් කෙනෙක් මා සමග ආගම් වාදී තර්ක ඉදිරිපත් කර සිටිනවාද මගේ පිලිතුර එම විද්‍යාව සමගයි.

මා ධර්මයට බැස ගැනීම අහඹු ලෙස සිදුවූවකි.
ධර්මයට පැමිනියේ මනෝවිද්‍යා පොත් ඇසුරු කරමිනි.සිග්මන් ප්‍රොයිඩ්ගේ න්‍යාය ධර්මයන් අධ්‍යයනයක මා සිටියා.

එක් අවස්තාවකදි පුස්තකාලය තුල පැමිනි විතර්කයක් නිසා බුද්ධ දර්ශනය නම් වූ පොත් රාක්කයකින් පොතක් සොයා බැලුවා.
ඒ අති පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ සතිපට්ටාන භාවනා ක්‍රමය නම් වූ පරම පූජනීය පොත්වහන්සේයි.

උන්වහන්සේගේ ශ්‍රි නාමයට මගේ ජීවිතය පූජා වේවා !

මා මදක් ලයිබ්‍රියේ එම පොතගෙන කියවූවා කියවා ගෙන යනවිට කුතුහලයක් පැමිනියා අත්හදා බැලීමට පොත වහන්සේ බැහැරදෙන පුස්තකාල කාඩ් පතෙන් නිවසට වැඩමවා ගත්තා.පොත් වහන්සේ අනුව සතර සතිපට්ටාන භාවනාව පර්‍යේෂකු වශයෙන් ගෙන වැඩුවා.ඉතා කෙටි කලකින් හොදින් සතිය පවත්වා ගත හැකි වූවා.

මා ව්ශ්මයට පත්වූවා.

මා ඉන්පසු චත්තාලිසාකාර විපස්සනා භාවනාව,අභිධර්මයේ මූලික කරුනු ආදීකොට ඇති බොහෝ පොත්වහන්සේ තුල ධර්ම අධ්‍යයන තුල සිටියා.

තවමත් සිටිනවා .

ඉන්පසු පරිගනයක තුල ධර්මශ්‍රවණය සෙව්වා.එකල මේ වගේ තත්වයක තිබුනේ නැහැ.විද්‍යුත් මාධ්‍යවල ධර්ම දේශනා එක්කෝ පොහොය දිනක නැත්නම් ඉදහිට ඉරුදිනක ශ්‍රවණය කරන්න ලැබුනා.

එහිදි ශ්‍රවණය කරන ඉතා කුඩා ධර්ම කරුන පවා මට මහත් ශ්‍රද්ධාවක් ඇති කර සිටියා.පත්තර කෑල්ලක තිබෙන ධර්ම කරුන පවා මට මහා දායාදයක් වුවා.

මා පරිගණකයේ ධර්මය සෙවුවා මට හමුවුනා මගේ ක්ෂන සම්පත්තිය වැඩි දුරටත් අර්තවත් කල අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ

උන්වහන්සේට මගේ නමස්කාරය වේවා !

එවිට පරිගනකයේ තිබුනේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ සහ නා උයනේ ආරියධම්ම හිමිපානන්ගේ හඩ පටි එකක් දෙකක් පමනයි.

මා පරම පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ තිබෙන හඩ පටි මහත් කැමත්තෙන් අසනවා උන්වහන්සේ ධර්ම දේශනා සොය සොයා අසනවා.

මට හමුවනවා අති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින්වහන්සේ.ශ්‍රද්ධාවෙන් නෙතු කදුලින් තෙත් කරන උතුම් ස්වාමින්වහන්සේ

උන්වහන්සේට මගේ නමස්කාරය වේවා !

මගේ නොසන්සිදෙන ධර්ම පිපාසාව සන්සිදවන ස්වාමින්වහන්සේලා බොහෝ හමුවනවා මගේ වාසනාවටම මෙ ලොව වැඩම කල අතිපූජනීය දරනාගම කුසළ ධම්ම හිමියන්

පරම පූජනීය උන්වහන්සේගේ ශ්‍රී නාමයට මාගේ නමස්කාරය වේවා !

ශ්‍රද්ධා රූපවාහිනිය ඇ‍රබෙනවා.ධර්මය රසය විදීමේ ධර්මය පමනයි කියන තැනයි අන්තිමට මා නතර වුනේ.

මා හදා වැඩූ සඝ රත්නය බොහොයි.

තෙරුවන් ගුන වශයෙන් කෙනෙකුට දැකිය හැකි නම් එය කෙනෙක් ලබන මහා වාසනාවක්මයි.

එය ලැබීමටයි උත්සහ කල යුතුයි.

මට දැන් එක අසත්පුරුෂයකු නැත.අසත්ධර්ම සේවනයක් නැත.ආකාරවති ශ්‍රද්ධාවෙන්ම ධර්මයට බැස ගතිමි .සම්මුතිය කුමක්ද පරමාර්තය කුමක්ද ? ආමිෂය කුමක්ද ප්‍රතිපත්තිය කුමක්ද ?
මිච්චා දිටිටිය කුමක්ද සම්මාදිටිටිය කුමක්ද කියා ධර්මය කුමක්ද අධර්මය කුමක්ද යන අල්ප මාත්‍ර ප්‍රත්‍යක්ෂයක් ඇත.

උපෙක්ෂා මෛත්‍රී සිත පෙරටු කොට මෙවදන් පැවසුවෙමි.

ධර්මය උවමනා කෙනෙකුට තමන් තුලින් දැක ගැනීමට හැකි වෙනවා සතර සතිපට්ටානය වැඩීම තුලින් කියන පනිවිඩය මාගේ අත්දැකීම තුලින් ප්‍රත්‍යක්ෂ කොට පවසනවා.
මං වගේ කෙනෙකුටත් ධර්මය ලබාගන්න හැකි වුනා.

තෙරුවන් සරණයි !

ඔබ මත්පැන් ගන්නා කෙනෙක් නම් සීලය ඔබෙන් තුරන්වනවාද එහෙත් ධර්මයෙන් ඈත්වන්න එපා.ඔබ තුල ඇති ධර්මය විසින් එය නෙරපා දමනු ලබයි.
කිසිම හේතුවකට ධර්මයෙන් නම් ඈත් වන්න එපා.
එවිට ඔබ අන්තුරේමයි

(උපුටා ගැනීමකි)

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Ey6bqk
ධර්ම සේනාධිපති සාරිපුත්ත තෙරුන් වහන්සේ මෙසේ දේශනා කල සේක🌹🌷🌺🌼🏵️💐

සාධු` සාධු` සාධු` උන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏