Monthly Archives: May 2019

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Hp9JNo
ඔන්න ඒ කාලේ ලංකාවේ තිබුනා මහවැව කියලා ගමක් මේ ගමේ තිබු පන්සලට කිව්වෙත් මහ වැව විහාරය කියල මේ පන්සලේ හාමුදුරුවෝ වණ ගතව ‍චාම් දිවියක් ගත කළා. මේ ගමේ එක් දායකයෙක් මේ හාමුදුරුවන්ට සිවුරු මහන්න රෙදි පූජා කළා. නමුත් හාමුදුරුවෝ පරණ සිවුරුමයි අදින්නේ ඉතින් දවසක් මේ හාමුදුරුවොන් ට අර දායක මහත්මයා සිවුරක් පූජා කළා නමුත් හොරෙක් ඇවිදින් ඒ සිවුර හොරා ගෙන ගියා.ඉතින් අර දායක මහත්මයා මෙහෙම කල්පනා කළා. මම දෙන සිවුරු මේ හාමුදුරුවෝ අදින්නේ නැත්තම් මොනවද ඒවට වෙන්නේ .මෙහෙම හිතලා මේක පරික්ෂා කරන්න හිතා ගෙන දවසක් සිවුරක් පූජා කරල විහාරයට යන අතර මඟ හැංගිලා හිටියා .අර හොරා හරන්තික හාමුදුරුවන්ගේ සිවුර අර ගෙන දැන් අර මිනිසා ලගින් යනවා .ටික ටික ඒ මිනිසා වෙත ලංවුණා .ඒත් එක්කම අර මිනිසා මොකද කලේ පැන්න ගමන් අර සොරාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා විස්තරේ ඇහුවා .මේ සොරා ගැන කේන්ති ගොස් අර මිනිසා හොරාට හොඳටම ගැහුවා ගහල අමු සොහනකට අරන් ගියා ගිනිහින් මිනියකට අල්ලලා බැන්දා .බැඳලා ගමපුරා මෙහෙම ප්රචාරයක් යැවුවා . “අද හැම ගෙදරකටම මේ වගේ අමනුෂ්‍යයෙක් පැමිණේවි .කිසි කෙනෙක් දොරවල් අරින්න එපා .”

දැන් අර හොරා මිනිය මුදා ගන්න බැරිව මිනිය පිටින්ම ගමට ගියා .තමන්ගේ නිවසේ දොරට තට්ටු කළා. ඒත් ඒ ගෙදර අය මේ ඉන්නේ අර අමනුෂ්‍යයා කියලා හිතන් දොර ඇරියේ නෑ හැම නෑ කෙනෙක්ගෙම ගෙවල්වල දොරවල් වලට තට්ටු කළා .ඒත් කිවෙක් දොරවල් ඇරියේ නෑ.මේ නිසා හොරා අසරණ වෙලා හිටියේ .බැරිම තැන මේ හොරා පන්සලට ගියා .ගිහින් හාමුදුරුවන්ගේ පාමුල හඩා වැටුනා .අර හාමුදුරුවන්ටත් හොරා කෙරෙහි අනුකම්පා හිතිල .ඒ හරන්තික හොරා එම මිනියෙන් මුදවා ගත්තා .මුදව ගෙන ඇගේ තැලුණු තැන් වල තෙල් ගෑව .උණු වතුරෙන් නැහැ වුවා .

අර මිනිසා ගියා කනත්තට හොරා බලන්න නමුත් හිටියේ නෑ .හැම තැනම හොයලා හොයලා නැති නිසා පන්සලට ගියා .එවිටදකින්න ලැබුනා හාමුදුරුවෝ හොරාට සාත්තු කරණවා දැකලා මෙහෙම කියනවා

“මේ මගේ යහළුවායැයි යමෙක් උපකාර කළත් සොරා එය සිහි නොකරයි .එම නිසා සොරා සමඟ මිත්ර කමක් නැත.” “ එකට සිටිමින් කමින් බොම්න් සිටියද හොරා තම ස්වභාවය අත් නෙහරී .” “ සොරා කටින් එකක් කියයි කයින් එකක් කරයි අවකාශය ලැබූහැටියේම සොරකම් කරයි .” “සොරා දැක මව්පියොද නෑදෑයෝද දුරින්ම දුරුකරයි .”

මෙලෙස පවසා ස්වාමීණි එහෙයින් මෙම අසත් පුරුෂයාට උවටැන් නොකරව .එවිට හිමි මේසේ පැවසීය .

බල්ලෙක් යම්කිසිවකු‍ගේ පාදයක් සපාකෑවද හෙතෙම බල්ලාගේ පාදය සපා නොකයි .එසේම අසත් පුරුෂයා කෙතරම් වැරදි කළත් සත් පුරුෂයා ඔහුට අවඩැක් නොකරයි.එසේද සත්පුරුෂයා අසත් පුරුෂයාට මෛත්රී නොකරයි නම් හෙතෙම කාට මෛත්රී කෙරෙද?

මෙලෙස පවසා පින්වත, මොහු විසින් කරණ ලද කර්මයට මෙහුම විපාක ලබයි . එසේ පවසා ඔහු යැවීය. හරන්තික දින කිහිපයකින් නිරෝගී වී අභය හිමි ගෙන් පැවිද්ද ලබා නොබෝ කලනික්ම රහත් විය

New at Little Bit


from Path to Nirvana http://bit.ly/2w5qG91
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.

මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.

කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.

බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.

බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ ‘අප්පමාදේන සමිපාදේථ’ යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.

සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.

සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.

සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට රෝහිණී නදිය මධ්‍යයේ පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.

බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.

සතුරු බලයන් පරදා බොදු බලයෙන් රට බැබළ වූ දුටුගැමුණු රජු රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරැඹුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

මහා විහාර භික්‍ෂූන් වහන්සේ වසරක් පුරා සපුරන උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින්, බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව අධිෂ්ඨාන කර ගනිමු.