Monthly Archives: July 2019

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2LJgv3U
පංචශීල ප්‍රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත් ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි ලක බණ කතාවකි.

ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ වෙසෙති.

දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා පිපාසාවෙන් පෙළුණේ විහාරස්ථානයට යනුයේ තෙරුන් පිඩු සිඟා ලද ආහාරය දකියි.

යම් ලෙසකින් ‘මේ හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම සිතමින් සිටියේය.

හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි කාරුණිකව ඇරියුම් කළහ. සා පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය.

“ හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක් නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු ආදිය සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට සමා වනු මැනවි, ස්වාමීනි!”

“ හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි. ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”

“ ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”

යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට පැහැදිලි කළහ. එවිට සොරා “ ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක් ඇති විය:

“ පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”

“ බැහැ, ස්වාමීනි.”

“ තුනක් වත් රකින්න.”

“ බැහැ, ස්වාමීනි.”

“ එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”

“ බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”

“ හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”

“ හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන සිල්පදය ආරක්ෂා කරන්නෙමි. ”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.

සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.

“ තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”

“ ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම පිණිසය.”

“ තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට ඉඩ දෙමි.”

“ හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”

“ කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන් අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”

“ ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”

මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.

“ යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක් නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්‍රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”

සොරු පුදුම විය.

‘ මම ආරක්ෂා කළේ එකම එක් සිල් පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත් ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’

මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි පැවසීය.

“ පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන් මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”

සතුටු සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව් නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.

2015 මාර්තු මස නමස්කාර පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/32PDZcJ
ලිඛිත හෝ උපකල්පිත ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවන් පුණ්‍යවන්ත වූ , නිර්භීත වූ, දක්ශ වූ, නරේන්ද්‍රයෙක් නොසිටියේම ය.

බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාද්වීපයටත් මේ මහා පුරුෂයා විසින් කළ සේවයෙන් කෙස් ගසක් තරම් වත් කළාවූ ශ්‍රී ලාංකික රජෙක් නම් නැත.

මතු මෙත් බුදු සසුනේ උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නාවූ ගැමුණු මහ රජතුමාගේ මරණාසන්න අවස්ථාවේදී , ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගේ නියෝගයෙන් ඒ උතුමාණන්ගේ පින් පොත කියවන්නට යෙදුනි.

සිංහල ථූපවංශය ග්‍රන්ථ රත්නයේ අනුසාරයෙන් පහත ලිපිය ශාසන හිතකාමීන්ගේ පහන් සංවේගයටත් , ඒ මහා පුණ්‍ය කර්මයන් අනුමෝදන් වීමටත් ඉදිරිපත් කරමි .

ගැමුණු මහ රජතුමාගේ පිං පොත
🌸 එකක් අඩු විහාර සියයක් කරවූ සේක

🌸 එසේ කරවූ විහාරවලින් මිරිසවැටි විහාරය එකාණු කෙළක් වස්තු වියදම් කොට කරවන ලදී

🌸 නැවත උතුම් වූ ලෝවාමහාපාය තිස් කෙළක් වස්තු වියදම් කොට කර වූ සේක.

🌸 නැවත උතුම් වූ රුවන්මැලි මහා සෑයෙහි අගය නැති වස්තු සූවිස්සක් හැර, කරවන ලද සෙසු කර්මාන්තයෝ කෙළ දහසක් වස්තු අගනාහ.

🌸 නැවත මිරිසවැටි විහාරය පිලිගන්වන සතිය ද, ලෝවාමහපාය පිළිගන්වන සතිය ද, රුවන්මැලි දාගබ මඟුල් උළු ඔබ්බන සතිය ද, ධාතුනිධාන කළ සත් දවස ද යන මේ සිවු තන්හි සතර දිගින් වැඩි භික්ෂු භික්ෂුණී සංඝයා වහන්සේට මහ දන් දී තුන් සිවුරු පාත්ර දෙවූ සේක.

🌸 සූවිසි මහා වෙසක් පූජාවක් කළ සේක.

🌸 නැවත සිංහලද්වීපයෙහි සියලු භික්ෂු සංඝයා වහන්සේට තුන් වරෙක තුන් සිවුරු පාත්‍ර දෙවූ සේක.

🌸 සත් දවසක් ලංකා රාජ්‍යයෙන් පස් වරෙක තුනුරුවන්ට පිදූ සේක .

🌸 එළඟිතෙලින් සකස් සුදකඩින් පාන්පියලි අඹරා දොළොස් තෙනක නිරන්තරයෙන් සත්දහසක් පාන් පූජා කළ සේක.

🌸 ලක්දිව අටළොස් තෙනක වෙදහල් නංවා වෙදවරුන්ට භාණ්ඩාගාරයෙන් මිල දී , රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා වෙදවරුන් කී සැටියේ නිරන්තරයෙන් ප්‍රත්‍ය සැටියේ බතුත් දෙවූ සේක.

🌸 නැවත සිවුසාළිස් තෙනෙක මනාකොට කරවන ලද මීපිඬු දන් දෙවූ සේක.

🌸 එසේම සිවුසාළිස් තෙනෙක නිරන්තරයෙන් තෙල් උපුල්වා සියල්ලවුන්ට කිරිබත් දෙවූ සේක.

🌸 නැවත එපමණ තෙන එළඟිතෙලින් බඳනා ලද පුළුප් බඳනා බත් හා නිරන්තරයෙන් ම දෙවූ සේක.

🌸 මසකට දොළොස් දවසක් බැගින් මේ සියළු ලංකාද්වීපයෙහි ඇතැයි කී සියලු විහාරයකට හන්තෙල් දෙවූ සේක .

🌸 එසේම හැම තන්හිම මැදහත්ව පසිඳිනා ධර්මාධිකරණ ද කරවූ සේක.

🌸 ලංකාද්වීපයෙහි ගර්භනී ස්ත්‍රීන්ට මිරිස් ලුණු ද , ප්‍රසවකර වූ වින්නඹුවන්ට පිළී් ද දෙවූ සේක.

🌸 🌸 🌸

ධර්මදානය

🌸 “මේ සියලු දානයට වඩා ලොවුතුරා බුදුන්ගේ ධර්ම දානයම උත්තම ය ” යි අසා ලෝවාමහාපායෙහි රැස්ව වැඩ හුන් සයානූකෙළක් රහතුන් වහන්සේ මධ්‍යයෙහි ධර්ම දානයක් දුන මැනවයි ධර්මාසනයට පැන නැගී හිඳ මංගල සූත්‍රය කියන්නට පටන්ගත් සේක් වැඩ හුන් මහාසංඝයා වහන්සේ බලා “ඔබ කෙරෙහි ගෞරවයෙන් සූත්‍රය කියා නිමවා ගන්ට නො පොහොසත්ව බණ කීම් නම් ඉතා බැරි දෙයකැ” යි සිතා එතැන් පටන් මේ සියලු ලක්දිව හැම දෙනාට බණ අසන්ට ගමකට පණ්ඩිත කෙනෙක් බැගින් සලස්වා, ඒ සියලු පණ්ඩිතවරුන්ට දිවෙල් වැටුප් වියදම් තමාගෙන් ම දෙවා, ඔවුන්ට සත්කාර කොට, ලංකාද්වීපයෙහි සියලු තැන්හි ම බණ කියවූ සේක.

🌸 නැවත එසේ බණ කියනා පණ්ඩිතවරුන්ට භාණ්ඩාගාරයෙන් පෝයකට ගිතෙල් නැළියක් බැගින් මසකට සතර නැළියක් ද , උක්සකුරු ද, උක්දඬු ද, කෙහෙල් , වැලවරකා ද, සතරඟුල් දිග ඇති වැල්මී ගැටයක් ද, පොහොයකට පිළි සඟලක්දැ” යි යන මේ කී සියල්ල දී ධර්මදානයත් සියල්ලවුන්ට දෙවූ සේක.

🌸 🌸 🌸

අනුස්මරණීය දාන

🌸 නැවත කොළොම්හල කුඩුකන සායෙහි මාහැඟි වූ කන තුබූ කුණ්ඩලාභරණ දෙක දී තණසාලේ පැසි බත්මුලක් හැර ගෙන ක්ෂීණාශ්‍රවයන් පස් දෙනෙකුන් වහන්සේට ප්‍රසන්නවූ සිතින් දී වදාළ සේක.

🌸 නැවත යුදඟණාපිටියෙහිදී මලණුවන් වහන්සේ හා සමග කළ යුද්ධයෙහි පැරද පලා යන්නා වූ ඔබවහන්සේ , සප්පඳුරුහොය සැතැපී වැඩ හිඳ “ලද බත් දන් දී කමි” යි කියා ඇමැත්තහු ලවා සිඟා වඩනා කලැයි “හඬගාවා, එවේලෙහි අහසින් වැඩි රහතුන් වහන්සේ දැක බතෙහි අපේක්ෂාවක් නො කොට තැටි බත් දෙන ලදැ” යි
කියා මේ සැටියේ ලියන්නහු විසින් පින්කිරියවත් කියවූ කල්හි ඒ අසා සතුටු වූ දුටුගැමුණු මහරජ පින්කිරියවත් කියා තමන් සිත් සතුටු කළ ඒ ලියන්නා හට අපමණ සම්පත් දී පින් කිරියවත එපමණකින් තබා පියා “මෙකී සියලු පින්කම් රාජශ්‍රීයෙහි සිට කළ හෙයින් මා සිත සතුටු කොට ලිය නො හෙයි.
මාගේ ජීවිතයෙහි අපේක්ෂාවක් නො කොට දුක්පත්ව සිට මා විසින් දෙන ලද්දාවූ මේ දන් දෙක හා සමාන දන් දෙකක් නැත.
මෙ පමණකින් ම මට සෑහේ” යි කියා රජ්ජුරුවන්ගේ බස් ඇසූ ථෙරපුත්තාභය මහ තෙරුන් වහන්සේ
“දේවයෙනි සිත පහදවා ගතමනා තෙන ම ප්‍රසාද එළවුව. එසේ හෙයින් ඒ දන් දෙකම කිසි කෙනෙකන්ට පීඩාවක් නොකොට දැහැමින් සෙමින් ලබන ලද දෙය හෙයින් ද, තමා නො බලා නො පසුබැස දුන් හෙයින් ද , ශ්‍රද්ධාවෙන් දුන් හෙයින් ද, දෙයධර්මය නිරවශේෂයෙන් අනුභවයට ගිය හෙයින්දැයි යන මේ පස් කාරණයෙන් මහාඵලය” යි වදාරා “තණ සාලේ පැසි බත දන් ගත් තෙරුන් වහන්සේ අතුරෙන් මලියදේව නම් තෙරුන් වහන්සේ පිළිගත් බත් කොටස රැගෙන ගොස් සමනල පර්වතයෙහි වසන පන්සියයක් දෙනා වහන්සේට ද දී වැලඳූ සේක.

🌸 අනිත් පඨවිචාලක ධම්මගුත්ත නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොටස ගෙන ගොස් කැළණි මහා විහාරයෙහි පන්සියයක් දෙනා වහන්සේට දන් දී වැලඳූ සේක.

🌸 තලගුරු විහාරවාසී ධම්මගුත්තනම් තෙරුන් වහන්සේ තමන් ලත් බත් කොටස රැගෙන ගොස් පුවඟු දිවයින දොළොස් දහසක් රහතුන් වහන්සේට බෙදාදී වැලඳූ සේක.

🌸 මහවනවාසි තිස්ස නම් තෙරුණු වහන්සේ තමන් ලත් බත් කොටස රැගෙන ගොස් කෙලාසකුට නම් විහාරයෙහි වසන සැට දහසක් රහතුන් බෙදාදී වැලඳූ සේක.

🌸 මහාභග්ගව නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොටස රැගෙන ගොස් උක්කානගර නම් විහාරයෙහි වසන පන්සියයක් රහතුන්ට බෙදාදී වැලඳූ සේක.

🌸 තැටි බත් පිළිගත් තෙරුන් වහන්සේ පුවඟු දිවයිනට ගෙන ගොස් දොළොස් දහසක් දෙනා වහන්සේට ද දී වැලඳූ සේකැ ” යි කියා මේ සැටියේ රජ්ජුරුවන් සිත පැහැද වූ සේක.

🌸 🌸 🌸

අනුශාසනය

🌸 ඉක්බිති දුටුගැමුණු මහරජ තෙරුන් වහන්සේට මෙසේ දැන්වී ය. ” ස්වාමීනි මම සූවිසි හවුරුද්දක් රාජ්‍ය කරන්නෙම්, භික්ෂු සංඝයා වහන්සේට උපකාරීව සිටියෙමි .
එබැවින් මාගේ ශරීරයද සංඝයා වහන්සේට උපකාර වේවා; මා මළ කළ මාගේ ශරීරය රුවන්වැලි දාගැබ සමීපයෙහි පොහෝ කරන මළුවෙහි දවා වදාළ මැනවැ” යි දන්වා, ඉක්බිති ගැමුණු රජ මලණුවන් තිස්ස කුමාරයන් ගෙන්වා කියන්නේ :

“මලණ්ඩ! තිස්සයෙනි ! මාගේ මහදාගැබෙහි නොනිමි කර්මාන්තයෙක් ඇත්නම් ඒ යහපත් කොට කරවාලව.

සවස උදාසන මහදාගප් වහන්සේට මල් පහන් පූජා කර වැඳ, දවස තුන් වේලෙහි සක්පඤ්ච මේ ආදී වූ පූජාත් කරව.

මා තබාලූ දන්වැට නොපිරිහෙළා දෙවාලව.

මහා සංඝයා වහන්සේට කළමනා සියලු උපස්ථානයෙහි තා ප්‍රමාද නො වව.

තොපි දිවි රැකමෙහිද සිහි ඇතිවව !

ලංකාවාසීන්ට කිසි පීඩාවක් නොකොට දැහැමින් සෙමින් රජය කරව” යි මෙලෙස මලණුවන්ට අනුශාසනා කොට මුවෙන් නො බැණ හොත්තේ ය .

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2Y3Xcc3
ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි – ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි (කෝසල බිම්බ වර්ණනාව අනුසාරයෙන් උපුටා ගැනීමකි)

ලෝකයේ මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක.

ග්‍රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ බුදු රුවේ සිවුර පෙරවලා තිබෙන ආකාරය නිරීක්ෂණය කරද්දී.

ඒ කොහොම වුණත් සාහිත්‍ය මූලාශ්‍ර පිරික්සද්දී ඊටත් වඩා පැරණි ඉතිහාසයක් බුද්ධ ප්‍රතිමාවට හිමිවෙන බව පේනවා. මේ නිගමනයට එන්න පාදක වෙන සාහිත්‍ය මූලාශ්‍ර දෙකක් වෙන්නේ සංචාරක භික්ෂූන් ලෙසට ප්‍රකට පාහියන් සහ හියුං සියෑංගේ සංචාරක වාර්තාවන්.

ඒ වාර්තා දෙකේම දක්වන විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස් කාලයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්ම පිටකය දේශනා කරන්නට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා වස් තුන් මාසයම දිව්‍ය ලෝකයේ ගත කරද්දී බුදුන් වහන්සේ නොදැක සංවේගයට පත්වෙන රජතුමෙක් බුදු පිළිමයක් නිර්මාණය කරනවා.

පාහියන්ගේ වාර්තාවට අනුව ඒ රජතුමා කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා. හියුං සියෑංගේ වාර්තාවට අනුව ඒ රජතුමා වත්ස්‍ය ජනපදයේ අධිපතියා වුණු උදයන රජතුමා.

මේ කතා පුවත් දෙකෙන් පසේනදී කෝසල රජතුමා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවපු ආකාරය පිළිබඳව තවත් සාහිත්‍ය මූලාශ්‍ර දෙකකම සඳහන් වෙන නිසා ඒ පැත්තට වැඩි බරක් ලැබෙනවා. හැබැයි ඒ සාහිත්‍ය මූලාශ්‍ර දෙකේ කතාව පාහියන්ගේ කතාවට වඩා වෙනස්.

මේ සාහිත්‍ය මූලාශ්‍ර දෙක තමා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිතව තිඛෙන පඤ්ඤාස ජාතක නමින් හැඳින්වෙන පන්සිය පනස් ජාතකවලට අමතරව තිබෙන ජාතක කතා පනහෙන් 37 වැනි ජාතක කතාව වෙන වට්ටාංගුලි රාජ ජාතකය සහ තවමත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා නේත්‍රා පිහිටවන්න කලින් ගායනා කරන කෝසල බිම්බ වර්ණනාව.

ඒ කතා දෙකේ සම්මිශ්‍රණය කියන්න තමා මේ සූදානම.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.

ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව “සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ” කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා “ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති” කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

මේ ආකාරයේ ආමිෂ පූජාවන්ගෙන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසිලා අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

🌼 කෝසල බිම්බ වර්ණනාව සිංහලෙන් කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
https://ift.tt/2OhmBKY

🌼 පාලියෙන් කෝසල බිම්බ වර්ණනාව කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
https://ift.tt/2XZgz66

උපුටා ගත්තේ මහාචාර්ය යූ.ඩී. ජයසේකර අභිනන්දන සමරු කලාපයට මහාචාර්ය තිස්ස කාරියවසම් ලියපු කෝසල බිම්බ වණ්ණනා සහ කෝසල බිම්බ වර්ණනාව හෙවත් කොසොල් බුදු පිළිමයේ කතාව ලිපියෙන්

https://ift.tt/2Oj7u3x

from Path to Nirvana https://ift.tt/2JRvAhP
නිධීනං ව පවත්තාරං යනාදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයේ රාධතෙරුන් අරභයා දේශනා කළසේක.

හෙතෙම ගිහි කාලයෙහි සැවැත්නුවර දුප්පත් බමුණෙකි. භික්ෂූන් ළඟ ජීවත් වන්නෙමියි සිතා විහාරයට ගොස් තණ උගුල්ලාදැමීම කරමින් මිදුල් අමදිමින් මුවදෙවීමට පැන් සපයමින් විහාරයෙහිම විසීය. භික්ෂූහු ඔහුට සංග්‍ර‍හකළහ. පැවිදි කරන්ට කැමති නොවෙත්. හෙතෙම පැවිද්ද නොලැබ කෘෂව කෙට්ටුවී ගියේය.

ඉන්පසු දිනක ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් ඒ බමුණා දැක කෙසේදැයි ඔහු ගන විමසාබලනසේක් ඔහු රහත්වන බව දැක, සවස්කාලයේ විහාර චාරිකාවේ හැසිරෙන ගමන් බමුණා ළඟට ගොස් බමුණ, කුමක් කරන්නෙහිදැයි ඇසූහ. භික්ෂූන්ට වත්පිළිවෙත් කරමින් සිටින්නෙමි ස්වාමීනියි කීවේය. ඔවුන්ගෙන් සංග්‍ර‍හ ලබන්නෙහිද? ස්වාමීනි එසේය ආහාර පමණක් නම් ලැබෙයි. එහෙත් මා පැවිදිකරන්නේ නැත.

ශාස්තෘන්වහන්සේ මේ කරුණ නිසා භික්ෂුසංඝයා රැස්කරවා එය අසා, මහණෙනි, මේ බමුණාගෙන් උදව් ගත්බව සිහිකළ හැකි කවුරුහෝ ඇද්දැයි ඇසූහ. සැරියුත්තෙරණුවෝ, ස්වාමීනි, මට එය සිහිකළ හැකිය. මා පිඬුපිණිස රජගහනුවර සැරිසරද්දී තමන්ට ලැබුණු හැන්දක් පමණ භික්ෂාව මොහු මට දුන්නේය. මම මොහුගේ මේ පින ගැන සිහිකරන්නෙමියි කීහ. ඉතින් ශාරීපුත්‍ර‍ය ඒ කළ උපකාරය මොහු දුකින් මුදවන්ට තරම් නොවටනේදැයි වදාළකල්හි ස්වාමීනි, යහපතැයි මම මොහු පැවිදි කරවන්නෙමියි ඒ බමුණා පැවිදි කරවූහ. ඔහුට දානශාලාවෙහි ආසනපේළියේ අග ආසනයක් ලැබිණි. එනිසා කැඳබත් ආදියේ අඩුපාඩු නිසා ක්ලාන්ත වෙයි. තෙරණුවෝ ඔහු රැගෙන චාරිකාවේ ගියහ. නිරතුරුවම ඔබ මේ දේ කළයුතුය. මෙය නොකළයුතුයයි අවවාදානුශාසනා කළහ. හෙතෙම සුවචයෙක් විය. අවවාද මැනවින් පිළිගත්තේය. එහෙයින් ශික්ෂාවෙහි පිහිටුවූ සැටියෙන්ම පිළිපදිමින් කීප දිනකින්ම රහත්විය.

තෙරණුවෝ ඔවුන් රැගෙන බුදුන් ළඟට ගියහ. එහි ගොස් වැඳ වැඩහුන්හ. පසුව ශාස්තෘන්වහන්සේ පිළිසඳර කථාකරමින් කෙසේද ශාරීපුත්‍ර‍ය ඔබේ අන්තේවාසිකයා කීකරුදැයි ඇසූහ. එසේය ස්වාමීනි, ඉතාමත් සුවචය. යම් දොසක් කියාදෙනකල නොකිපෙයි. එසේ කිපී නැත. ශාරීපුත්‍ර‍ය, මෙබඳු සද්ධිවිහාරීන් ලදහොත් කොපමණ රඳවාගත හැකිදැයි විමසූහ. ස්වාමීනි, බොහෝවුවත් රඳවාගත හැකිය. ඉන්පසු දිනෙක දම්සභාවෙහි, සැරියුත් තෙරනුවෝ කතඤ්ඤු කෘතවේදී කෙනෙකි. සැන්දක් පමණ බතින් කළ උපකාරය සිහිකොට දුප්පත් බමුණා පැවිදි කළහ. ඔහුට දානශාලාවෙහි කෙළවර අසුනක් ලැබී ආහාර අඩුපාඩු විය. තෙරණුවෝ අවවාදයෙහි දක්ෂයහ. අවවාදයෙහි පිහිටන්නෙකුම ලබති. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ කථා අසා මහණෙනි, දැන් පමණක් නොව සැරියුත්තෙරණුවෝ පෙරත් කෘතවේදීවූවාහුමයයි කියා එය ප්‍ර‍කටකරනු පිණිස-

නොපසුබට සිත් ඇති

සතුටු සිත්ඇති මහා හමුදා

පණපිටින් සිටියදී

කොසොල් හමුදා ඇල්ලී

මෙසේ සම්පත් ඇති

වීරියෙන් වැඩ කරන භික්ෂුව

නිවන් ලබන රිසියෙන්

කුසල් දහමෙහි යෙදෙමින්

සැම සංයෝජන නසා

නිවන් පසක් කරනේමැයි

යන දුකනිපාතයේ අලීනචිත්ත ජාතකය විස්තර වශයෙන් පැහැදිලි කළහ. එකල්හි වඩුවන් පාදය සුවපත්කරනු සඳහා තමන්ට කළ උපකාරය දැනගෙන, සර්වාංගයම සුදුවූ ඇත්පැටවා දුන්, තනිවම හැසුරුණු ඇතානම් සැරියුත්තෙරණුවෝමය. මෙසේ තෙරුන් අරභයා ජාතක කථාව කියා රාධතෙරුන් අරභයා, මහණෙනි, භික්ෂුව විසින් රාධතෙරුන් මෙන් සුවචවිය යුතුය. දොස් පෙන්වා අවවාද කරනවිට නොකිපියයුතුය. අවවාද දෙන්නා වනාහි නිධාන පෙන්වන්නෙකු මෙන් දැකියයුතුයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

වැරදි දැක දැක හොඳ හිතින්

ඒ වැරදිවලට නිගා කරමින්

පෙන්වා දෙන තැනැත්තා

නිදන් පෙන්වන්නෙකු ලෙස

පිළිගෙන ඔහු බජනේ නම්

එම ඇසුර යහපත් වේ

එයින් දෙලොවටම සැප සැලසේ

එහි නිධීනං යනු ඒ ඒ තැන නිධන්කොට තිබූ රන්රිදී ආදි පැරණිනිධානයෝයි. පවත්තාරං යනු දුෂ්කර සේ ජීවත්වන දුප්පත් මිනිසුනට අනුකම්පාකොට, එන්න, සැපසේ ජීවත්වීමේ උපායක් කියාදෙන්නෙමියි නිධාන ඇති තැනට ගෙන ගොස් අතදිගහැර මේවා රැගෙන සැපසේ ජීවත්වෙවයි කියා දෙන්නෙකු මෙන් වජ්ජදස්සිනං යනු වරද දකින්නෝ දෙදෙනෙකි. මෙයින් මම මොහුට අසාරූප්‍යලෙස හැසිරීම ගැන පැකිළීම ගැන හෝ සංඝයාමැද නිග්‍ර‍හකරන්නෙමයි කටයුතුකරන වැරදි සොයන්නාය, නොදන්නා දෙය දැන්වීමටත්, දන්නා දෙය තවත් හොඳින් කියාදීමටත් ඔහුගේ සීලාදි සම්පත් වැඩිදියුණු කරදීමටත් ඒ ඒ වැරදි දැකීමෙන් ඒ වැරදිවලින් එගොඩවීමේ මග කියාදෙන පසුරක්මෙන් සිටින තැනැත්තායයි දෙදෙනෙකි. මෙහි, එයින් දෙවැන්නා අදහස් කරන ලදි. යම්සේ දුප්පත් මිනිසෙකුට මෙය ගනුවයි තර්ජනයෙන් හෝ පහරදීමෙන් හෝ නිධානයක් පෙන්වාදෙන කල කෝප නොකෙරෙයිද, සතුටුමවෙයිද එපරිදි එබඳු පුද්ගලයන්ගේ නොගැළපෙන හෝ අතපසුවීම් හෝ දැක පෙන්වාදෙන විට කෝප නොවිය යුතුය. සතුටුම වියයුතුය. ස්වාමීනි, මා අතින් බරපතල වරදක්විය. ඔබ මගේ ආචාර්ය උපාධ්‍යායකත්ත්වයේ සිට අවවාද කරන්නෙහිය. නැවත නැවතත් මෙසේම කරන්නැයි ඒ තත්ත්වය පවරාදීම කළයුතුය. නිග්ගය්හවාදිං යනු ඇතැම් කෙනෙක් සද්ධිවිහාරිකයන්ගේ නොසරුප්කම් හෝ අත්වැරදි දැක මොහු මට මුවසෝදන පැන් ගෙනදීමාදියෙන් උවටැන් කරයි. ඉදින් මේ වැරදි කීවොත් ඉන්පසු ඔහුගේ ඒ සැලකිලිනොලැබී පිරිහීමකට පත්විය හැකියයි වැරදි කීමට අපොහොසත් වන්නේ නම් එය නිග්ගය්හවාදී නම් නොවෙයි. හෙතෙම මේ සසුනෙහි කැලිකසළ වගුරු වන්නෙකි. යමෙක් වනාහි එබඳු වැරදි දැක, වරදේ හැටියට තර්ජනය කොට පලවාහරිමින් දඬුවම් දෙමින් වෙහෙරින් එළවමින් හික්මවයිද, මේ නිග්ගය්හවාදී නමි. හරියට බුදුරදුන් මෙනි. ඒ සඳහා මෙසේත් ප්‍ර‍කාශකොට ඇත. ආනන්ද මම නිග්‍ර‍හ කළයුතුතැන එසේ කළයුතුයයි කියමි. ඒ නිග්‍ර‍හය යමෙකුට සාරවත්ව සිටින්නේය. මෙධාවිං යනු ධර්මය ඇසුරුකොට සංවර්ධනයවූ ප්‍ර‍ඥාවෙන්යුත් තැනැත්තාය. තාදිසං යනු එබඳු පණ්ඩිතයෙකු භජනය, සේවනය කළයුතුය. තාදිසං යනු එබඳු ආචාර්යවරයෙකුය. භජමානස්ස යනු අතවැසියාට සෙය්‍යො හොති න පාපියො, වැඩීමක්ම වෙයි. පිරිහීමක් නොවෙයි. දේශනාවසානයේ බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2MbYiLx
භිස ජාතකය

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයනට දන් දී තපස් කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගිය හ. දාසියක් ද දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කරගෙන සෑම දෙන ම පැවිදි ව මහ බෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණ දම් පුරන්නට වන්හ.
ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පලවැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ “අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පලවැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරමින් සිටින්නට හැර මම වනයට ගොස් සැම දෙනාට ම ඵලාඵල නෙළාගෙන එමි” යි සිතා සවස් කාලයේ දී සරම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුනට දැනුම් දුන් හ.
එකල්හි සෙස්සෝ කියන්නාහු, ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණ දම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැඟණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පලවැල සොයා අවුත් ගල්පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා ගෙඩිය ගසා තමන්ගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන් වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලෙක දී ඒ තාපසවරු පලවැල සෙවීමත් නවත්වා එක් විලෙකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත් හ.
උන් වහන්සේලාගේ ශීල තේජසින් ශක්‍ර‍භවන ද සැලිණ. ශක්‍ර‍යා ද උන් වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයන් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැතිව සිටි කල්හි සැම දෙනා ම ගුණවන්තයෝ ය. කෙනකු ගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළිබසින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එ බැවින් ආරණ්‍යකයන් ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස, එළිබසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළිබසින වැඩක් කෙළේ ය. එනම් මහ බෝසතාණන් වහන්සේට තැබූ නෙලුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.
පළමු වැනි දිනයේ ගෙඩි හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේ ගේ කොටස නුදුටහ. උන් වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇත ය යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේ දී ද කොටස නො ලැබූ බෝසතාණෝ මාගේ යම් කිසි වරදකින් කොටස නො තබති යි සිතූහ. තුන් වන දවසේ දී ද කොටස නො ලැබ වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි යි සිතා සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා කාරණය පිරිසට දන්වා ඒ ඒ දිනවල පලාඵල නෙළීමට ගියවුන් ගෙන් තමන් වහන්සේට කොටස නො තැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ.
එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නාහු ය, මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේ දැ යි දත යුතු ය” කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නො මනා දෙයක් සිදු වීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක්දෙවිඳු ද තාපසවරුන් ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නො පෙනී සිටියේ ය.
එකෙණෙහි මහබෝසතාණන් වහන්සේගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.

“අස්සං ගවං රජතං ජාතරූපං
භරියඤ්ච සො ඉධ ලභතං මනාපං
පුත්තේහි දාරෙහි සමංගි හොතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද, හෙ තෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා, අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.
අශ්වගවාදි ප්‍රිය වස්තූනි නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැති වීමන් පසු ව එපමණ ම හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුඃඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදු වන එක් නපුරෙකි. ඒවා නිසා සිදු වන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවාදි කාමයන් ලබාවා යි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන් ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව, ඔබගේ ශාපය ඉතා දරුණු ය” යි කියා කන්වල ඇඟිලි ගස් ගත් හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.

“මාලඤ්ච සො කාසිකචන්දනඤ්ච
ධාරෙතු පුත්තාස්ස බහූ භවන්තු,
කාමෙසු තිබ්බං කුරුතං අපෙක්ඛං
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා, ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා” ය යනු එහි තේරුමයි. අනතුරු ව සෙස්සේා ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.

“පහූතධඤ්ඤො කසීමා යසස්සි
පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ,
වයං අපස්සං ඝරමාවසාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍ර‍යන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා යනු එහි තේරුමයි.

“සො ඛත්තියො හොතු පසය්හකාරි
රාජාභිරාජා බලවා යසස්සී,
ස චාතුරන්තා මහිමා වසාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” ය යනු එහි තේරුම යි.

“සො බ්‍රාහ්මණො හොතු අවීතරාගො
මුහුත්තනක්ඛත්තපථෙසු යුත්තො,
පූජෙතු නං රට්ඨපතී යසස්සී
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු පුදාවා.”

“අජ්ඣායකං සබ්බසමත්තවෙදං
තපස්සිනං මඤ්ඤතු සබ්බලොකො,
පූජෙතු තං ජානපදා සමෙච්ච
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදය හදාරන එකෙක් වේවා, සකල ලෝකයා හේ සිල්වතෙක් යයි සිතාවා, ජනපද වැසියෝ එක් ම ඔහු පුදත්වා.”

“චතුස්සදං ගාමවරං සමිඬං
අන්නං හි යො භුඤ්ජති වාසවෙන,
අවීතරාගො මරණං උපෙතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද ධනය ද දර ද දිය ද යන මේ සතර උත්සන්න වූ ද, ශක්‍ර‍යා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘඬ ගමක් භුක්ති විඳීවා, එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණේවා.”

“සො ගාමිණී හොතු සහායමජ්ඣෙ
නච්චෙහි ගීතෙහි පමොදමානො,
මා රාජතො ව්‍යසනමලත්ථ කිඤ්චි
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍ර‍ධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා, හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.”
නැගණිය ගේ ශාපය මෙසේ ය :-

“යං එකරාජා පඨවිං විජෙත්වා
ඉත්ථි සහස්සස්ස ඨපෙතු අග්ගං
සිමන්තිනීනං පවරා භවාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”
“බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අගරජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍ර‍ධාන කොට තබා ගනීවා, ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර‍ වේවා.”
ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.

“ඉසිනං හි සා සබ්බසමාගතානං
භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්පමානා,
චරාතු ලාභෙන විකත්ථමානා
භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”
“බ්‍රාහ්මණය, නුඹ වහන්සේ ගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තා ද ඕ තොමෝ එක්රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිළීමක් නැති ව, උතුම් රසය අනුභව කරාවා, ලාභය නිසා කුහක කම් කරාවා” යනු එහි තේරුමයි. දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසි දාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එතැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.

“ආවාසිකො හොතු මහා විහාරෙ
නවකම්මිකො හොතු කජඞ්ගලායං
ආලොකසන්ධිං දිවසා කරොතු
භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා, කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා, එක් දිනයකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.
ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍ර‍තිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිටි ඔවුන් ගේ මිදී, වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපස වරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.

“සො බජ්ඣතං පාසසතෙහි ජම්හි
රම්මා වනා නීය්‍යතු රාජධානිං
තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි
භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”
“බ්‍රාහ්මණය, ඔබතුමාගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන් ගෙන් සය තැනින් බඳිනු ලබාවා, සිත්කලු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා, කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.”
එහි අහිගුණ්ඨිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කළේ ය.

“අලක්කමාලි තිපුකණ්ණවිද්ධො
ලට්ඨිභතො සප්පමුඛං උපෙතු,
සක්කච්චබද්ධො විසිඛං චරාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙල එළ වරා මාලය පළඳවනු ලදුව කනෙහි ඊයම් ආභරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයා ගේ ඉදිරියට යන්නට සිදු වේවා” ය යනු එහි තේරුම යි.
රිළවා මේ කියන්නේ අහිගුණ්ඨිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහ බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී යයි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.

“යො චෙ අනට්ඨං නට්ඨන්ති චාහ
කාමෙ ච සො ලභතං භුඤ්ජතඤ්ච
අගාරමජ්ඣෙ මරණං උපෙතු
යො වා භොන්තො සංකති කිඤ්චිදෙව.”
“පින්වත්නි, යමෙක් නැති නො වූ තමා ගේ ආහාර කොටස නැති වූයේය යි කියා නම් හෙතෙමේ රූපාදි කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහිගෙයි ම ඔහුට මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.
මෙසේ තවුසන් විසින් ශාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය’ යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරින් වෙහෙසී කාමයන් සොයති, කාමයෝ බොහෝ දෙනාට ඉතා ප්‍රිය වෙති, ඒ කාමයන් කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙතිදැ” යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“කාමෙසු වෙ හඤ්ඤරෙ බජ්ඣරෙ ච
කාමෙසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං
කාමෙසු භුතාධිපතී පමත්තා
පාපානි කම්මානි කරොන්ති මොහා.
තෙ පාපධම්මා පසවෙත්වා පාපං
කායස්ස භෙදා නිරයං වජන්ති,
ආදීනවං කාමගුණෙසු දිස්වා
තස්වා ඉසයො නප්පසංසන්ති කාමෙ.”
“ශක්‍ර‍ය, කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහරනු ලබති. බඳිනු ද ලබති. කාමයන් නිසා කායික මානසික දුඃඛය ද අත්තානුවාදාදි භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස්කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුමයි. ශක්‍ර‍යා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව්ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.