Monthly Archives: August 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33UkikI
සිතේ මායාකාරී ස්වරූපයෙන් මුසපත්ව කෙළවරක් නොමැති ජීවිත ගමනක වෙලී පැටලී සිටින සත්වයන් දකින විට සිත පිළිබඳ සියලූ බන්ධනයන්ගෙන් නිදහස් වී සිටි බුදුරජාණන් වහන්සේ තුළ කෙබඳු අනුකම්පාවක් හට ගන්නට ඇත්ද?

මේ සත්වයා සිතට වසඟ වී ඇති ආකාරය උන්වහන්සේ විස්තර කොට වදාළේ මෙසේය.

— මහණෙනි, සද්ධර්මය නොදත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන තැනැත්තා හට සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කය නිසා නොයෙක් පීඩා ඇතිවේ. එවිට ඔහුට මේ කය එපා වෙයි.
හොඳටම කළකිරෙයි. ‘අහෝ! මෙවැනි කයක් මට නොලැඛෙන්නේ නම් කොතරම් හොඳඳැ’යි කල්පනා කරයි. ඒ මේ ශරීරයෙන් ඇතිවන දුක් පීඩා නිසාමය.

එහෙත් මහණෙනි, ලෝකයේ ‘සිත’ යයි කියමින් ‘මනස’ යයි කියමින් ‘විඤ්ඤාණය’ යයි කියමින් යම් දෙයක් ගැන කතා කරයිද, ඒ කුමක්දැයි සද්ධර්මය නොදත් තැනැත්තා හරියාකාර
ලෙස නොදනී.

එහෙයින් සිතින් කොපමණ දුක් විඳින නමුත් පීඩා විඳින නමුත්, ඔහුට සිත එපා නොවේ. සිත ගැන නොකළකිරේ. සිතටම ඇලූම් කරයි. සිතම වැළඳ ගනියි. බොහෝ කාලයක් මුළුල්ලේ ඔහු සිතාගෙන සිටින්නේ සිත ‘මම’ කියාය. සිත ‘මගේ’ කියාය. සිත’ මගේ ආත්මය’ කියාය.

එහෙත් මහණෙනි, හිතන්නන් වාළේ ඔහේ හිතන තැනැත්තා හට ‘ආත්මයක්’ කියා යමක් ඕනම නම්, සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ කය ‘ආත්මය’ කියා සැලකීම මැනවි. මක්නිසා ද යත්, මේ ශරීරය වසර ගණනක් හෝ පවතිනු දැක්ක හැකිය. එහෙත් මහණෙනි, මේ ‘සිත’ කියා ‘මනස’ කියා’ විඤ්ඤාණය’ යි කියා කියන දෙය නම් නිරන්තරයෙන්ම වෙනස් වෙයි.

උපමාවකින් කියතොත්,
-මේ සිත වනාහී වනයේ හැසිරෙන වඳුරෙක් වැන්න. වඳුරා ගසෙන් ගසට පනිමින්, අත්තෙන් අත්තට
පනිමින්, අත්තෙන් අත්තට අල්ලා ගනිමින්, අත් හරිමින් යන්නේ යම්සේද, මේ සිතද එසේමය. අරමුණෙන් අරමුණ වහ වහා වෙනස් වෙයි.-

(අස්සුතවන්තු සූත්‍රය ඇසුරෙනි)

https://ift.tt/2TVwvBb

(උපුටා ගැනීමකි )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2zsqcf3
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 20 🧡💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජවව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහාක් විතර ආයුෂ. ඒ රාජ්‍යය සශ්‍රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්‍ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා සමානම පුණ්‍ය මහිමයක් ඇති සක්විති රජකෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුනු විරල කාලයක්. සමහරවිට ඔබත් මමත් ඉන්න ඇති කොහේ හරි.

රජකම පිය උරුමෙන් ලැබුනත් සක්විති රජකම පිය උරුමෙන් ලැබෙන දෙයක් නොවෙයි. එය ලබන්න පෙර වැඩු කුසල් මෙන්ම ආර්යය වු දස සක්‌විතිවත් වඩන්නත් ඕනේ. පොහෝ දින සුවඳ පැන් සොළොසකින් හිස සෝදා ස්නානය කොට පෙහෙවස්‌ සමාදන්ව උදේ කාලයේ කහවනු ලක්ෂයක් වියදම් කොට දානයක් දී රජ මාළිගයේ ඉහලම මාලයේ සිරියහනෙහි එරමිණියා ගොතා හිඳිමින් තමා දුන්නා වූ දානමය පින් ආවර්ජනය කරමින් සිටීම සියලු සක්විති රජුන්ගේ ධර්මතාවයක්. එසේ ප්‍රාසාදයේ සිටන විට නිල්මැණික් සමුහයක් මෙන් දිව්‍ය චක්‍ර රත්නය අහසින් මතු වී නගරය උඩින් රජ මාළිගාව දක්වා එන්න පටන් ගන්නවා. ඒ චක්‍ර රත්නයෙන් විහිදෙන එළිය වරෙක හිරු ලෙසත් වරෙක සඳු ලෙසත් තවත් වරෙක දිව්‍ය විමානයක් අහසේ ගමන් කරන ලෙසත් වගේ තමයි මිනිසුන්ට පෙන්නේ. ඒ එක්කම එහි ඇති නිම් වළලු ගරාදි අතරින් යන සුළඟ නවන්නේ විණා දහසක් වාදනය කරන්නාක් මෙන් මිහිරි නාදයක්. ඒ නාදය නිසා ගෙවල් තුල සිටින මිනිසුන්ද එලියට එන්නේ ඒ නාදය කොහෙන්ද එන්නේ යනුවෙන් විපරම් කරමින්. අවසානයේ ඒ සියලු ජනී ජනයා ඒ සත් රුවන යන පැත්තට ඇදී එන්නට පටන් ගන්නවා.

අවසානයේ ඒ චක්‍රරත්නය ද රජ සඳහාම තමන්ගේ පැමිණීම දැක්වීමට මෙන් සත් වරක්ම පවුර මතින් නගරයට ගොස් ඉන් අනතුරුව රජ තුමාගේ ඇතුළු නගරය ප්‍රදක්ෂිණා කොට ඇතුළු පුරයේ සීමැදුරු කවුළුවට සමව සුවඳ මල් ආදියෙන් පහසුවෙන් පුජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් නවතිනවා. මෙසේ සිටින විට ඒ නා නා විධි වර්ණ රජ තුමාගේ ප්‍රසාදය ඇතුලට වැටී සිටන හැටි රජතුමා දැක මහත් වූ ප්‍රීතියෙන් සීමැදුරු කවුළුවෙන් බලා අතීතයේ මෙන් තමන්ටද සක්විති රජකම ලද බව දැන ප්‍රීති වාක්‍ය පවසන්නට පටන් ගන්නවා. අපගේ බෝසතාණන් වූ විජිතාවී සක්විති රජුන්ටත් මේ දේ මෙලසින්ම සිදුවුනා.

මේ සක්රුවන කොතරම් කල් තිබේද එතරම් කල් සක්විති රජකම පවතී. යම් දිනක මෙය අතුරුදන් වේද එදින සිට සත් දිනක් ඇවෑමෙන් සක්විති කිරුලද අහිමි වේ. ඒ සමගම රජ තුමා හට රත්න හතක හිමිකම ලැබෙනවා. එනම්

1. දිව්‍යමය චක්‍රරත්නය, 2.දිව්‍යමය හස්තිරත්නය, 3.දිව්‍යමය අශ්වරත්නය, 4. දිව්‍යමය මාණික්‍ය රත්නය, 5. දිව්‍යමය ස්ත්‍රීරත්නය, 6. ගෘහපතිරත්නය, 7. පරිණායක රත්නය

1. දිව්‍යමය චක්‍රරත්නය,
ඉහත සඳහන් කලේ මේ සම්බන්ධව. සක්විති රජකම තහවුරු කරන්නේ මෙම චක්‍ර රත්නයෙන්. සාගරය කෙලවර කොට ඇති මෙම භුමි තලයේ සෑම දිසාවකටම එක් මොහොතකින් රජතුමා මැති ඇමති වරු වගේම ඒ සමග යාමට සිත් පහළවන හැමෝම ගෙන යාමට මෙම චක්‍රරත්නයට පුළුවන්. සාගරය තුලට යන විට සාගර ජලය දෙබෑ වී විනිවිද පෙනෙන මහා ප්‍රාසාද මෙන් රැඳී තියෙනවා පමණක් නොව මුතු මැණික් අභරණ වැනි නිධන් වස්තුන් රජතුමන් වෙත් පැමිණෙන්නේ කැමති දේ ගැනීමට. ඒ නිසාම රජතුමාට කිසිම රාජ්‍යයකින් බදු අය කලයුතු නැහැ. මෙම යානාව පෙරටු කොට යන සියලුම රාජ්‍යය යුද්ධයකින් තොරව යටත්වෙනවා. සියලු රජවරු රජතුමාට අවනත වෙනවා. ඔවුනට බදු ගෙවීම වෙනුවට දසරාජ ධර්මයෙන් රාජ්‍යය පවත්වාගෙන යන ලෙස අවවාද කරනවා. දැනුවත් කරනවා. මේ සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම චක්‍රරත්නයෙන්. ඒ ගැන ලියන්න තව පිටුගනණක්ම ලියන්න වේවි.

2. දිව්‍යමය හස්තිරත්නය,

හස්තිරත්නය කියන්නේ සක්විති රජතුමාට පහලවෙන අහසින් ගමන් කරන ධවල හස්ථි රජයාට. ඔහුත් පහළවන්නේ ඉබ්ටම. පිපුණු රන් පියුමක් මෙන් මනෝඥ වූ සොඬ අග ඇති, සෘධිමත් යෝගියකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පවුවෙන් මතු වුන ශ්‍රේෂ්ඨ ඇතෙක් මෙන් විත් මගුල් ඇතා අයින්කර ඉදිරියෙන් සිටිනු දැක සතුටුව ඇත්ගොවුවා වහා දුව ගොස් රජුට දන්වනවා. රජ පැමිණෙන විට පිරිවර ජනයා රන්දද රනින් වියනු ලැබූ රන් දැලකින් සරසා ඇතා රජු ඉදිරියට පමුනනවා. රජ්ජුරුවෝ ඇතා මතට නැගීමට ඇතාව දන ගස්වන්නේ නැහැ. ඒ වෙනුවට රුවන්මය ඉණිමගක් අධාරයෙන් පිට මතට ගොඩ වෙනවා. යා යුතු තැන සිතු සැණින් ඒ ඇත් රජ රාජ හංසයකු මෙන් ඉඳුනිල් මිනි ආලෝක ධාරා සතර දිසාවට විහිදුවමින් අහසට නැගී සියලු රජවරු වෙතට ගෙනගොස් උදේ ආහාරය සඳහා නැවත රාජ මාළිගාව වෙත හගෙන එනු ලබන්නේ සුළු වෙලාවකින්.

3. දිව්‍යමය අශ්වරත්නය,
අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. ඒ වගේම මේ අස් රජුටත් ඇත් රජුටත් රජුගේ සිතුම් පැතුම් සිතූ සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුලුවන්. යායුතු දිශාව සිතීම පමණයි කල යුත්තේ. රජ්ජුරුරුවෝ පෙර වගේම ඒ අශ්වයා බලාපොරොත්තුව ඉහත කි පරිදී පෙහවත් සමාදන් වී කරනු ලැබූ කුසලක්‍රියා අනුස්මරණය කරන මොහොතේම තමයි ඒ අශ්ව රත්නය පහල වෙන්නේ. ඔහුගේ පින් තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් විදුලියෙන් එතූ සරත් කාලයේ සුදුවලා රැසක සිරිය පෑ, රතු පා, රතු හොම්බ , සඳරැස් රැසක සමාන පිරිසිදු සිනිදූ ඝණයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිණි මෙන් ද කළුවන් හිසින් යුත් කලුහිස මනාව ලද්දාක් මෙන් අහසින් යන අස් රජද පහල වෙනවා. අනෙකුත් සියලු දේ ඇත් රජුට සමානයි.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
14-06-2019
මතු සම්බන්ධයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2TUrpFm
🧡🌷අපේ බුදුහාමුදුරුවෝ 19 🌷💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02

අනන්ත සතරකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා. එනම් සත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ ඥානයද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි.

ත්‍රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාථාවකින්. මම හිතන්නේ එය සෑම බුදුවරයෙකුටම සාධාරණයි. ඒ නිසා එහි තේරුම ලියන්න හිතුනා.

දීපඞ්කරස්ස අපරෙන, කොණ්ඩඤ්ඤො නාම නායකො;
අනන්තතෙජො අමිතයසො, අප්පමෙය්‍යො දුරාසදො.

මෙහි “දීපඞ්කරස්ස අපරෙන,” කියන්නේ දීපංකර බුදුන්ට පසුව යන තේරුමයි. ” කොණ්ඩඤ්ඤො නාම” යන්නෙන් අදහස් කරන්නේ සිය ගෝත්‍රයෙන් ලැබුණු නම් ඇති යන්නයි. “අනන්තතෙජො” යනුවෙන් අදහස් කරන්නේ සිය සිල් ගුණ පින් තෙදින් අපමණ තෙද ඇති එනම් යටින් අවිචිය ද උඩින් භාවාග්‍රයද සරසින් අපමණ ලෝකධාතු ද අතර එක් පුද්ගලයෙකු හෝ උන්වහන්සේගේ මුව බලා සිටීමට සමතෙක්නම් නැත්තේය යන බවයි.
“අමිතයසො” යනු අපමණ පිරිවර ඇත්තේය යන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වසර ලක්ෂයක් වූ පිරිනිවන් කාලය තෙක් හික්ෂු සාසනයට එක්වූ භික්ෂු සංගයාගේ ගණන මෙතෙකැයි සීමාවක් වුනේම නැහැ. . එහෙයින් “අමිතයසො” යැයි කියනු ලැබුවා.

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුනා. කොණ්ඩඤ්ඤ සාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර අසල චන්ද්‍රා රාමයෙහි වාසය කළා. එහි සුචින්ධර නම් මහසල් බමුණාගේ පුත් චන්ද්‍රමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයාද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දස දහසක් සමග උන් වහන්සේ වෙතින් පැවිදිව රහත් වුනා. ඉන්පසු කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්ෂයක් පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය පළමු සන්නිපාතයයි.

ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදු පුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්ෂයක් මැද පාමොක් දේශණා කරන්නට වුනා. එය දෙවැනි සන්නිපාතයයි.

පසුකල දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරනසේක් අනුකෙළක් පිරිවර ඇති උදේත නම් රජතුමා පැවිදි කරනු ලැබුවා. ඒ පිරිස සමග ඔහු ප්‍රධාන කොට ඇති අනූ කෙළක් සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය තෙවැනි සන්නිපාතයයි.

ඊට අමතරව මෑත භාගයෙහි මහා මංගල සමාගමයෙහි දසදහසක් සක්වළ දෙවියෝ සියුම් ආත්මභාව මවාගෙන මේ සක්වළ රැස්වුනා. එහි එක් දිව්‍ය පුත්‍රයෙක් කොණ්ඩඤ්ඤ දසබලයන් වහන්සේගෙන් පැණයක් විමසුවා. ඔහුට භාග්‍යවතුන් වහන්සේ මංගල කරුණු දේශණා කරණු ලැබුවා. එහිදී අනූ කෙළ දහසක් දෙවිවරු රහත්වුනා. සෝවාන් වූවන්ගේ ගණන නිමක් නැත.

ඒකාලේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
08-06-2019
මතු සම්බන්ධයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KKURdK
නිකායාන්තරික බුදු සමය

“පෙර ලක්දිව අශ්‍රැතවත් භික්ෂුන් නිසා ප්‍රතිපත්ති කෙලෙසීමෙන් උපසම්පදාව නැති වූ කළ වැලිවිට සරණකංර මහා නා හිමි සියමෙන් පිරිසිදු උපසම්දාව ගෙන්වූවේ ය. එයින් නැවත ප‍්‍රභව වූ ලක්දිව බුද්ධ ශාසණය ඒ වන විට මෙසේ සම්ප‍්‍රදායන් ගේ බිඳීමක් දක්නට තිබ්බේ නැත. නමුත් කල් යන විට ශාසණය තුළ පහල වූ අශ‍්‍රැතවත් භික්ෂූහු නැවතත් ශාසණයේ ප‍්‍රතිපත්ති කෙලෙසන්නට පටන් ගත්හ. ඔවහු ක‍්‍රමයෙන් පාත‍්‍රය අත් හැරියේ ය. උභයාංශ පාරුපනය (දෙවුර වැසීම) අත් හැරියේ ය. මේ ලෙස ක්‍රමයෙන් පැවිදි පිළිවෙත් අත්හරිමින් ගොස් අවසානයේ උපසම්පදා කරන සීමාව ද සංකර තත්වයකට ගෙනාවේ ය.

එයින් ලැබෙන උපසම්පදාව අපිරිසිදු බව දැන ගත් පසුකාලීන ධර්මධර, විනයධර ශාසණ ලැදි භික්ෂූහු එම උපසම්පදාවන් වලට සාධුකාර නොදී නිහඬව නො සිට එය ප‍්‍රතික්ෂේප කොට නැවත බුරුම රටට වැඩම කර පිරිසිදු උපසම්පදාවක් ගෙන ආවේ ය. ඒ අමරපුර පෙදෙසිනි. එය අමරපුර සම්ප‍්‍රදායෙන් සිදු වූවක් නිසා එය සියමෙන් (එකළ සිදුවූ සංකර අපිරිසිදු උපසම්පදාවෙන්) බෙදා වෙන්කර පෙන්වන්නට අමරපුර භික්ෂූහු යැයි ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ය. පසු කාලීනව අමරපුර නිකායටත් පෙර කී සියම් උපසම්පදාවට උරුම වූ අභාග්‍යය බලපෑවේ ය. එයින් කළකිරුණු තවත් එක් භික්ෂුවක් රාමඤ්ඤ දේශයට ගොස් ගෙනා උපසම්පදාවේ උපසම්පදාව රාමඤ්ඤ උපසම්පදාව විය. මෙසේ මෙය කාලයේ අවෑමෙන් සම්ප‍්‍රදාය තුනක් බවට පත් විය. අදටත් රාමඤ්ඤ නිකාය කොටස් වලට බෙදී නැත. එයින් ගම්‍ය වන්නේ තවමත් ඒ නිකාය තුළ මත භේදයක් නැති බව ය. නමුත් අනික් නිකායන් ඒ ඒ තුළ ඇති වූ මත භේදයන් මැඩ ගැනීමට නොහැකිව විවිධ පාර්ශව වලට කාලානුරූපීව බෙදී ගිය හ.

මෙහිලා මට කියන්නට දෙයක් ඇත. මා නම් මේ සම්ප‍්‍රදායන්ගේ වෙන් වීමට කැමැති ය. ඒ පිරිසිදු උපසම්පදාව ලැබීමට තාමත් එයින් අවකාශ තියෙන බැවිනි. රාමඤ්ඤ නිකායේ උපසම්පදාව ගැන පමණක් මා දනිමි. එහි පරිස සම්පත්තිය හෙවත් විනය කර්මයේ ගණ පූරණය කරවන්නේ කලින් පාරාජිකාදී චෝදනා නැති භික්ෂූහු පමණි. කර්ම වාක්‍ය කීමට පෙර කර්ම වාක්‍ය වලට වෙනම පුහුණුවක් මොන තරම් ශ‍්‍රැතධර වූ භික්ෂූවක් උදෙසා වූවත් තාමත් නිකායෙන් ලබා දෙති. එවිට දන්තජ මූර්ධජ වරදවා නොකියා කර්ම වාක්‍ය අකෝප්‍ය නොකර නිවැරදිව සජඣායනා කරති. දැන් දැන් මෙසේ මුහු කිරීමෙන් ඒ සම්ප‍්‍රදායන් වලට හානි වේවිදැ යි මා හට සැකයක් ඇති වේ. සමහර සීමා සංකර ය. සමහර සම්ප්‍රදායන්හි සීමා වල අත්පසයක් නැත. ඡන්දය නැත. රාමඤ්ඤ නිකාය උදකුක්ඛේප සීමාවෙහි පමණක් උපසම්පදාවන් දැනටත් සිදු කරති. එය නිකායෙහි කතිකාවතේ ඇති ප්‍රතිපත්තියකි. දැනට මා එහි අඩුවක් දැක නැත. ප‍්‍රවේසමෙන් විනය කර්මය සිදු කරති. පාරුපනය, පාත‍්‍රය, තල් අත්ත පවා තවමත් පරිහරණය කරති. එනිසා මේ සම්ප්‍රදායන්ගේ මුහු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ යාලූ මිත‍්‍රකම් නිසා, උරණ විය නොහැකි නිසා, විරුද්ධ විය නොහැකි නිසා සමහරෙක් සංකර බද්ධ සීමා වලද උපසම්පදාව සිදු කිරීමට නොවෙද ? මේ ගැන නැවත සිතිය යුත්තක් ඇත. මා බොහෝම පොඩි අයෙකි. ශාසණයේ ළදැරුවෙකි. නමුත් මේ මට වැටහෙන අනාගත ව්‍යසනයකි. මා පුද්ගලිකව මේ සම්ප‍්‍රදායන්ගේ බෙදී යෑමට කැමැති ය. ඉදින් රාමඤ්ඤ නිකායත් සංකර වූවොත් අනාගතයේ තවත් සම්ප‍්‍රදායක් පිරිසිදුව බිහි විය යුතු ය. සංකර සීමා වල, පිරිස් වල ලැබෙන උපසම්පදාවක් නැති බැවිනි. නුවණින් තේරුම් ගනිත්වා.. ඒ ඒ සම්ප්‍රදායන් තනිව ඒවා කිරීමම වටින බව මා සිතන්නෙ එබැවිනි.. මා අනිත් නිකායන් ගැන දන්නැති නිසා ඒවාගේ ඇතුල කියන්නට මා පොහොසත් නැත.. දන්න එක ගැන පමණක් ලීවේ එබැවිනි.. තෙරුවන් සරණයි”

මේ ඉහත ඇත්තේ මා විසින් මේ ලිපියේ අවසානයේ ලියා ඇති ඡේදයයි.. මේ ඡේදය මෙසේ ලියන්නට හේතු වූ කාරණා ක්‍රමයෙන් මෙලෙස දිගහරිමි..

නිකායන්ගේ බෙදී යෑම යනු වර්ථමානයේ ලංකාව තුළ බොහෝ කථා බහට ලක්වන මාතෘකාවකි. නමුත් මේ පිළිබඳව කථා කරන බොහෝ දෙනෙක් මෙහි ඇතුලාන්තය නො දැක “අනේ සංඝයා බෙදී ඉන්න හොඳ නැතැ ය. එකතු වනවා නම් කොතරම් හොඳදැ” යි සිතමින් මේවාට සාධුකාර දෙති. සංඝයා එකට එකතු වනවානම් අප ද ඉතා කැමැති ය. නමුත් මෙහි ඔබ නොදකින භයානක පැත්තක් ඇත. ඒ නොදකින පැතිකඩ පිළිබඳව මෙහි අප ලියා තැබීමට කල්පනා කළෙමු. එවිට මේ ගැටලූව පිළිබඳව ඔබට ඔබේ පැත්තෙන්ම සත්‍යයට අනුව තීරණයකට ආ හැකි ය. මේ ලිපිය අපේ කැමැත්තක් හෝ අකමැත්තක් පෙන්වන්නට ලියන ලිපියක් නොවන බව සිහි තබා ගත යුතු අතර හුදු ශාසණ ඉතිහාසය පිරික්සා බලා කළ කරුණු ගොනු කිරීමක් පමණක් වන බවත් මෙත් සිතින් සිහිපත් කරමින්ම ලිපිය ලිවීමට අරඹමි. ඒ අනුව තීරණයකට ඒම ඔබ සතුව ඇති කාරණයකි. අප හුදු කාරණාව පමණක් ලියමි. මෙය තරමක් දීර්ඝ ලිපියකි. නමුත් කියවා ගතහොත් දැනුම් සම්භාරයක් ගත හැකි බව කියන්නේ මේ එක පොතකින් දෙකකින් උකහා ගත් කරුණු නොවන බැවිනි. මේ සකවාදී මෙන් ම පරවාදීන්ගේ ද පොත් පත් රාශියකගේ අධ්‍යනයෙන් බැස ගත් නිගමන ය. මේවා සියලූ බෞද්ධයෝ දත යුතුයැ යි කරුණාවෙන් මිස පණ්ඩිතකමක් පෙන්වන්නට නොලියන බවත් සිහිපත් කිරීමට කැමැති ය.

ඒ අනුව අපේ මාතෘකාව වන්නේ නිකායන්තරික බුදු සමයයි. නැතිනම් නිකායන්ගේ බෙදී යෑම සහ එහි ඇතුලත ගැබ් වූ පැතිකඩ පිළිබඳව සාකච්ඡා කිරීමයි.

නිකායාන්තරික බුදු සමය නැතිනම් විවිධ නිකායන්ට බෙදුණු බුද්ධ දර්ශණයේ ඇතුළත පැතිකඩ පිළිබදව කථා කරන විට යමෙකුට මෙය, භික්‍ෂු සංස්ථාව ආබද්ධ කොට ඇති යම් යම් කොට්ඨාස තුළ ඇති ඔවුන්ගේ සංස්කෘතික හෝ ආගමික විශ්වාසයන් හෝ හැඩතලයන් පිළිබඳව කරන සටහනක් බව සිතෙන්නට හැක.

නමුත් නිකායාන්තර බුදු සමය පිළිබඳව හදාරන විට එය, විවිධ ආගමික හා සමාජීය සන්දර්භයන් තුල ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල අධිකාර්ථ ඉස්මතු කරන්නක් බව, මුල් බුදු සමයම සුරැකීමට පහළ වූවක් බව සියුම්ව බුදු සමයේ ඉතිහාසය හදාරන විට දැක ගත හැකිය. ඊට පෙන්විය හැකි විශිෂ්ඨම නිදසුන කථාවත්ථූපකරණය යි. භාග්‍යවතුන් වහන්සේ තැබු නය මත පිහිටා පසු කලෙක මොග්ගල්ලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් මෙම ප‍්‍රකරණය සම්පූර්ණ කළේ ප‍්‍රතිවාද මත දුරු කර මුල් බුදු සමයට ආලෝකය දීමටයි. කථාවත්ථූපකරණයෙන් සිදු වූයේ තරහකාරයන් බිහි කරගැනීමක් නොව, තථාගත වචනයම සුරක්ෂිත කිරීමයි.

තවත් අත්ථසාලිනි නම් වු අභිධර්ම අටුවාව, සමන්තපාසාදිකා නම් වු විනය අටුවාව මෙන්ම අනිකුත් අර්ථකථාවන්ද කියවා බලන විට එහි සඳහන් සමහර විනිශ්චයන් සෘජුවම සටහන් විමට එකල බල පෑ මතභේද පදනම් වී ඇති ආකාරය මැනවින් දක්නට හැකිය. ඊට නිදසුනක් වශයෙන් අදත්තාදාන පාරාජිකාව පිළිබද වු ස්ථාන විනිශ්චය දැක්විමට හැක. එහි උපචාර පිළිබද වු මත භේද දෙකක් හේතු කොට නිවැරදි විනිශ්චයම ඉස්මතුව ආ සැටි පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව ප‍්‍රකාශයක් කළ කල්කටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බි.එම් බරුවා මහතා ‘මෙසේ නොයෙක් මතභේද සහ නිකාය පහළවීම පිරිහිමේ නොව දියුණුවේ ලක්ෂණයකි. බුද්ධාගම එකම මනස් ස්වභාවයක පල් නොවි මරණයට කැප නොවී, නව ජිවයකින් හා දියුණු තියුණු ධෛර්යයෙන් යුතුව නිවැරදි වෙමින් පැතිර යාමේ ලකුණක් බව පෙනේ’ යැයි කීවේ ද ඉහත කී පදනම මත පිහිටා විය යුතුය. ඉදිරි යුග වලදි (මුල් බුදු සමයෙන් පසු) ඇති වු අතිශය සංකීර්ණ ආගමික වෙනස් විම් ඉදිරියේ මුල් බුදු සමය වෙනස් නොවී සුරැකිව ආ සැටි බලන විට ඒ සඳහා ඕනැවටත් වඩා නිදසුන් ඉතිහාසය විසින් ම සපයා ඇති බව දක්නට ඇත.

එසේ බලන කල නිකායාන්තරික බුදු සමය, පසු කාලීනව පන්සල තුල තිබු සංස්කෘතික ආරාමික අධ්‍යාපනය තුලින් භික්‍ෂූන් වහන්සේ ඇද දමා මුලික බුදු දහම පිළිබඳව නැවත සිතීමට මෙන් ම ඒ පිළිබඳව අර්ථකතන කිරිමට අවශ්‍ය දැනුමින් භික්ෂුව පෝෂණය කර ඇති බව දක්නට ඇත. පරවාදි මත බිඳ සකවාදය ඉස්මතු කිරිමටත්, සමස්ථයක් ලෙස ගත් විට මිථ්‍යා දෘෂ්ඨික ඉන්දියානු සමාජය තුළ මුලික බුදු දහම කෙරෙහි පැවති මතවාද, අර්ථවිග‍්‍රහ හේතු කොට ගෙන ඊට ප‍්‍රතිචාර දීමට ආරාමය විශ්වවිද්‍යාලයක් බවට පත් වි ඇති ආකාරයත් ඒ තුලින් පරිපුර්ණ දැනුමින් පෝෂණය වු ථෙරවාදි භික්‍ෂුන් වහන්සේලා බිහි වූ සැටිත් දක්නට ලැබේ. එවැනි මහ තෙරුන් වහන්සේලා විසින් අවස්ථානූකූලව අටුවා, ටීකා, ගැටපද, සන්න, පරිවාර ග‍්‍රන්ථ ආදිය ලියා තබමින් ථෙරවාදය තර කල සැටි අපට අදටත් දක්නට ලැබේ. ඒ මේ නිකායන් බෙදී යාම නිසා, විවිධ මත ඉදිරිපත් වූ නිසා ඇති වූ ප‍්‍රතිඵලයකි. සියුම්ව ශාසන ඉතිහාසය සොයා බලන විට මේ බව දක්නට ලැබේ. නාලන්දා විශ්ව විද්‍යාලයන්ගේ තොරතුරු සොයා බලන විට මේ සඳහා ප‍්‍රමාණ කළ නොහැකි තරම් නිදර්ශන දක්නට ලැබේ.

මේ සියල්ලම පිඬු කළ විට නිකායාන්තර බුදු සමය යනු පරවාදයන්ගෙන් වෙන් ව මුල් බුදු සමය ඉස්මතු කරන, ථෙරවාදය පිරිසිදු කරන මාතෘකාවක් බවට සාධක සපයා ගත හැකි ය.

තවත් එක් කරුණකි. මේ මාතෘකාව පිළිබඳව කතා කරන විට කෙනෙකුට මෙසේ නිකායන්ගේ බෙදී යෑම ථේරවාදය සංකර කිරිම පිණිස නො පවතින්නේ දැයි සිතිය හැක. පසු කාලීනව බෙදී ගිය අනික් සියලූ ගුරු කුල පිළිබදව කථා කරන විට එහි මව වූ පියා වූ ථෙරවාදය හෙවත් මුල් බුදු සමයම හෙලි පෙහෙලි වන සැටි, එයටම ආලෝකයක් වැටෙන සැටි ඉහත කී සුළු උදාහරණ වලින් වුව ද කෙනෙකුට අවබෝධ කර ගත හැක.

මෙකල සැටියට ථේරවාදියෙකුට තමන් සතු පිරිසිදු දහම පිළිබඳ තීක්‍ෂණ අවබෝධයකට පත් වීමට සමයාන්තර බුදු දහම ගැන අවබෝධයක් තිබීම අතිශයින්ම වැදගත් ය. අද වන විට ති‍්‍රපිටකයේ යම් යම් කොටස් අබුද්ධ දේශිත යැයි ප‍්‍රතික්‍ෂේප කරන්නේ ද මේ විෂය පිළිබඳව ඇති අවබෝධයේ මදිකම නිසා ය. ඔවුන්ගේ ආකල්ප පසු කාලීන ගුරු කුල විසින් වෙනස් කර ඇති බවවත් ඔවුන් නො දන්නේ මේ නො දැනුවත් භාවය නිසාය. එනිසා සමයාන්තර බුදු සමයේ ඇති වූ ආකල්පමය වෙනස් වීම් සහා ඒවා බෙදී යෑමට හේතු සියලූ ධර්ම රුචියෝ දැනගැනීම ඉතා වටින බව මා පුද්ගලිකව සිතමි. භාග්‍යවතුන් වහන්සේ වූවත් බ‍්‍රහ්මජාලය දේශණා කොට වදාළේ අන් ආගම් වලට නිග‍්‍රහ කිරීමට නොව, ඒ දෘෂ්ඨි වල නොපැටලී නිවැරදි බුදු සමයම ස්පර්ශ වීම පිණිස ය. එලෙස විවධ සිරිත් විරිත් වලින් සංකර වූ දර්ශණය නිසා සැක උපදවන්නෝ මූලාශ‍්‍ර අධ්‍යනයෙන් නිවැරදිම තැන ස්පර්ශ කරන බව අපට දැනී ඇත. මේ සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් පෙර සිහිපත් කළ පාරුපනනය යන ධර්ම ග‍්‍රන්ථය පෙන්විය හැක. චීවරය ඒකාංශ කළ යුතු ද නැති ද යන සංකර මතය ගෙන සකාරණිකව පැහැදිලි ථේරවාදී මතය උලූප්පා ඇති බව ඒ ග‍්‍රන්ථයෙහි මනාව දක්නට ඇත.

මූලිකව මුල් බුදු සමය ඇසුරු කර ගෙන එ්කීය වශයෙන් තිබු භික්‍ෂු සංස්ථාව පළමුකොට නිකාය වශයෙන් 02 ක් බවට බෙදි යන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බව පෙනී යයි. දෙවන ධර්ම සංගායනාවෙන් පටන් ගත් මේ බිඳී යෑම තුන්වන ධර්ම සංගායනාව වන විට නිකාය ගණනාවකට බෙදී ගොස් ඇති බව දක්නට ලැබේ. පහත සංක්‍ෂිප්තව කාල වකවානු සමග ඒ බෙදී ගිය නිකායන් පිළිබඳව සටහන් කරමි.

x පුග්ගලවාද
x ධමිමුත්තරීය
x භද්‍රයානික
x සම්මීතිය
x ඡුණ්ණාගාරික
x සර්වස්තිවාද
x මහිංසාසක
x ධමිමගුත්තික
x කාශ්‍යපීය
x සෞත‍්‍රාත්තික
x ගෝකුලික
x බහුස්සුතීය
x චෙතියවාද
x පඤ්ඤත්තිවාද
x ඒකබිබෝහාරික
x ලෝකෝත්තරවාද

(සර්වස්තිවාදින් ටික කලක් ගත වන විට කාශ්මීර, ගාන්ධාර වශයෙන් බෙදී ගොස් තිබුනත් කාශ්මීර රජුගේ සංගීතයෙන් පසු මූල සර්වස්තිවාදී නමින් නැවත එකතු වූ බව කියයි)

බුදු සමයේ නිකාය බෙදි යෑම පිළිබඳව කතා කරන විට ඒ පිළිබඳව මුලින්ම දක්නට ලැබෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව සිදු වූ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බෙදි ගිය මහා සාංඝික යන නිකාය පිළිබඳව ය. මේ වන විට විශාලාවේ පාලකයාව සිට ඇත්තෙ කාලාශෝක රජු ය. මොහු කි‍්‍ර.පූ 393 දී රජ වූ බව කියයි. මොහුගේ දසවර්ෂාභිශේකය වන විට බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 100ක් වී ඇතැයි යැයි බෞද්ධ ඉතිහාසය තුළ පෙනෙයි. ඊට අනුරූපව මොහු රජ බවට පත් විය යුත්තේ කි‍්‍ර.පූ 453 දි පමණ විය යුතුය. නැත්තම් වසර 60 ක පමණ වෙනසක් එහි දක්නට ලැබේ.

මෙහි කිව යුතු තවත් විශේෂ කරුණකි. මේ නිකාය බෙදී යෑමේ හේතුව සලකා බලන කළ දෙවන සංගායනාවෙන් ප‍්‍රතික්ෂේප වී පිටමන් වූ වජ්ජිපුත්තික භික්‍ෂු තමන්ගේ 10000ක් පමන වූ සෙනගද රැගෙන ගොස් ප‍්‍රාදේශිය පාලකයෙකුගේ උපකාර මත තමන්ට අවනත 1000ක් වූ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත මහා සම්මේලනයක් පවත්වා තමන්ගේ අභ‍්‍රිපායානුකූලව වෙනම ම අර්ථකතා උපදවා ‘මහා සාංඝික’ යන ආචාර්යවාදය ඇරඹූ බව පෙනේ. ථෙරවාදයේ (මහාකස්සපාදී ථෙරානං වාදො ථෙරවාදෝ) 700 ක් භික්ෂු සංගායනාව පවත්වන විට මොවුන්ගේ සඟ පිරිස 1000ක් විය. එහෙයින් මහා සාංඝික නම් විය. ඔවුන් ධර්මය පිළිබද වු තීරණ සම්මත කිරීමේ දී ධර්මානුකූල බව පසෙකලා වැඩි ඡන්ද ක‍්‍රමය අනුව තීරණ ගෙන ඇති බව කියා තිබේ. ඔවුනතර පරියප්තිය පුරුදු කළ එකදු භික්ෂුවක් වත් නො සිටි බැවින් ධර්ම සංගායනා කරන විට පරිවාර, පටිසමිභිදා, නිද්දෙසාදී බොහෝ ධර්මයන් ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. එනිසාම ඔවුන්ට ස්ථීර ධර්ම-විනය පදනමක් නො තිබූ අතර විවිධ මතදාරින්ගෙන් ඔවුන් සමන්විත වන්නට ඇත. මේ හේතු නිසාම ඔවුන්ගේ ආකල්ප ඉතා නම්‍යශීලි භාවයෙන් යුක්ත වු අතර ස්ථීර සම්ප‍්‍රදායක් තුල එල්බගෙන සිටීමේ වුවමණාවක් ඔවුනට නොවු බැවින් ඔවුන් වෙත විශාල ජනකායක් එකතු වූ බව ද දක්නට ඇත. එකල විශාල පිරිසක් මොවුන් සමීපයේ පැවිදි වන්නට ඇත. මෙලෙස ශාසනයේ ප‍්‍රථම නිකාය භේදය සිදු වූයේ දෙවන ධර්ම සංගායාවෙන් පිටමං වු වජ්ජිපුත්තක භික්ෂුන් නිසා බව දක්නට ඇත.

නමුත් මෙහිදි සිහි තබා ගත යුතු තවත් කරුණක් තිබේ. මෙම නව සංගායනාව ඇති වූයේ මහා සාංඝිකයන්ගේ ප‍්‍රභවය ඇති කරමින් බව පිළිගත් පොදු මතය වී තිබේ. නමුත් මහා සාංඝික නිකායේ විනය ග‍්‍රන්ථයෙහි එලෙස දැක්වෙන අදහසක් නැත. දසවස්තුවේ විනය විරෝධි බව පිළිගනිමින් ඔවුහු ද වජ්ජිපුත්තක භික්‍ෂුන්ට ගර්හා කරති.

එහි තේරුම මහා සාංඝිකයන් ථෙරවාදී සංගායනාව අකුරටම අනුමත කළ බවයි. ඒ අනුව මේ නිකාය බෙදී යෑම සංගායනාව නිසා ඇති නොවුණා විය යුතු ය. නමුත් නිසැකවම සංගායනාවෙන් පසු ධර්මාශෝක සමයට පෙර නිකාය භින්න භාවයට පත් වී තිබේ. ඒ පිළිබඳව නිවරදි දිනයක් කීමට අපහසු ය. නමුත් භාව්‍ය හෙවත් භාවවිවෙක වාර්ථා කර ඇති සම්මිතිය නිකායික ඉතිහාසයේ හා ටිබෙටි ඉතිහාස වාර්ථා වලට අනුව එය කි‍්‍ර.පූ 349 දී විසු නන්ද හා මහා පද්ම යන රජ වරුන්ගේ රාජ්‍ය කාලයේ සිදු වී ඇති බවට උපකල්පනය කළ හැකි ය.
මෙය පද්මනන්ද රජු ගේ නම වරදවා නො ගැනීමක් නම් මේ ඉහත කී රජ වරුන්ගේ ආරක්ෂාවරණ යටතේ නාම මාත‍්‍රිකව රජ කළ කාලාශෝකගේ පුත‍්‍රයෙකු විය යුතු ය. මේ යුගයෙදී රහතන් වහන්සේගේ තත්වය පිළිබද අදහස් 05 ක් ඉදිරිපත් කළ භික්ෂුවක් ගැන කිය වේ. මොහුගේ නම ‘භද්‍ර’ බව සම්මිතීය වාර්ථා කියන අතර අනිත් මූලාශ‍්‍ර ඔහු හදුන්වන්නේ ‘මහා දේව’ යනුවෙනි. මොහු රහතන් වහන්සේට කාමය, අවිද්‍යාව, විචිකිිචිචාව සහ යම් යම් දේ අනුන්ගෙන් ඉගෙන ගැනිමට හැකි බව මෙන්ම ‘අහෝ සැපයි’ කියමින් අවබෝධයට පත් විය හැකි බව යන කරුණු 05 ඉදිරිපත් කළේ ය.

පාටලීපුත‍්‍රයෙහි රජුගේ ආධාර ඇතිව පැවති මෙම සමුලූවේදී ඊට ඡුන්දය දුන් පිරිස මහා සාංඝික නම් වූ බවත් සුලූ පිරිස (අකමැති) වු ථේරවාදි වූ බවත් පැවසේ. නමුත් ථේරවාදී වාර්ථා වලට අනුව බලන විට මෙම පඤ්ච වස්තුව ඉදිරිපත් වී ඇත්තේ සංගායනාව නිමාවට පත් කළ සැණින් ය. මෙය විශ්වාස සහගත ය. ඊට හේතුව දස වස්තුව නිසා ප‍්‍රතික්ශේප වූ භික්‍ෂූහු මහා තෙරවරුන් කෙරෙහි (රහතුන් කෙරෙහි* තිබු කේන්තිය නිසා රහතන් වහන්සෙගේ අධිකාරිය බිඳ හෙලීමට දැරු මතයක් විය හැකි බව සිතා ගත හැක. අන් අතට මහා සාංඝිකයන් ගේ පසු කාලීන සාමාජිකායකු දසවස්තුව පිළිබදව සටහනෙන් තමන්ට සිදු වූ (එම නිකායට) අවාසිය නැති කර දැමීම පිණිස වෙනස් කළා විය හැක. එය ද සැක සහිතය. මන්ද යත් ඔවුන්ට ස්ථිර ධර්ම-විනය පදනමක් නොතිබු හෙයින් එය වෙනස් කිරීම ඒ කාලය වන විට ඔවුන්ට සුළු දෙයක් වූ බැවිනි. මේ සියලූ කරුණු සලකා බලා මේ ප‍්‍රථම නිකාය භේදය දෙවන ධර්ම සංගායනාව හේතුවෙන් සිදු වූ බව පිළිගත් මතය බවට පත් වී තිබේ.

මෙසේ සඟ සසුනේ පළමු බෙදී යාම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 කට පසු සිදු වූවත් බුදුරදුන් ධරමාන කාලයේ සිටම මේ බෙදී යෑම් වලට තුඩු දුන්, පදනම් වූ සිද්ධීන් පාලි ති‍්‍රපිටකය ඇසුරින් හෙළි පෙහෙලි කර ගත හැකිය. එවැනි පසුබිම් එළි පෙහෙලි කර ගනිමින් භික්‍ෂු සංස්ථාව තුල පසු කාලීන භේදයක් සිදු වීමට එම සිදුවීමි හේතු වුන ආකාරය පිළිබදව දැනීමක් තිබීමත් වටනේ ය. ඒ සඳහා උදාහරණ කිහිපයක් මාතෘකා වශයෙන් පමණක් පහත සඳහන් කරමි.
මුල් වකවානුව තුළ අගාරික ජීවිතය පිළිබදව කලකිරී සසුන්ගත වූවෝ ස්වකීය විමුක්ති සාධනයෙහි ම පමණක් තත්පර වු නමුත් පසු කාලීනව භික්‍ෂු සංස්ථාව තුල විවිධ මතභේද, අර්බුධ පහල වී ඇති බව දක්නට ලැබේ. එවැනි අවස්ථා කීපයක් වශයෙන් වශයෙන් මෙසේය.

 ඡබිබග්ගිය භික්‍ෂූන්ගේ කි‍්‍රයාකලාපය – පබිබජ්ජනීයාදී කර්ම

 කෝසම්භ සූත‍්‍රය, ධර්මදර-විනධදර භේදය (ශාස්තෘ අනුශාසනයද නොසලකා හැරිය බව පෙනේ (උපක්කිලේස සූත‍්‍රය ද මීට සමානය)

 දෙව්දත්ගේ සංඝයා පාලනයට කල ඉල්ලීම, පංච වරය මෙන්ම සංඝ භේදය (මේ පංච වරය පිළිබද වස්තුවේදී) රාක්ෂ ප‍්‍රතිපදාව පි‍්‍රය කල භික්‍ෂූන් සිටින්නට හැකි බව පෙනේ. එම ලැදියාව ඔවූන්ට හින්දු ආගමික සන්දර්භ හරහා ලැබුණා විය හැක. ජෛන සම්ප‍්‍රදායන් සතුව තිබු මේ රාක්ෂ පිළිවෙත් මෙන් ම අසීමාන්විත අවිහිංසා ප‍්‍රතිපත්ති එකල භාරතීය ආගමික චින්තනයේ කා වැදී තිබණු තැන් ය. ඔවුන්ට මේ අන්තද්වය හැර පියා මධ්‍යම ප‍්‍රතිපදාව දෙසූ බුදුන් වහන්සේ ගේ ශාසනය පිළිබද අර්බුධ තිබුණා විය හැකිය.

 අග‍්‍රශාවක හිමි නම දෙනමට එම තොරතුරු දුන් වෙලාවේ ඇති වූ සිදුවීම.

 අස්සජී-පුනබ්බසුක ආරාම අවුල ඇතිකර ගත් විට ‘පාපිච්ඡුා සාරිපුත්ත මොග්ගල්ලාන’ යැයි ප‍්‍රසිද්දියේම කියා ඇත.

 ආනන්ද හිමිට සිහි කල්පනාව මදි බව කීම. (සංගායනාවෙන් පසු)

 පළමු සංගායනාවෙන් පසු ග‍්‍රාමවාසී අරණ්‍ය වාසී පිළිබඳ වෙනස.

 ආචාර්ය ක‍්‍රමය – බුද්ධ කාලයේම එක් එක් භික්‍ෂුන් ගුරු කොට ඒ ඒ ධර්මානුකූල ප‍්‍රතිපත්ති වලට අනුරූපව, අනුගතව ශිෂ්‍ය පිරිස් වාසය කර ඇත. එ් බව බුදුන් වහන්සේද පවසා ඇති අයුරු දක්නට ලැබේ. හයුංසියාං යන දේශාටක (චීන) වාර්ථාෙවිද පූජනීය දින වල අභිධර්මය උගත් අය සැරියුත් තෙරුන්, සෘද්ධිමත් අය මුගලන් තෙරුන්, විනය – උපාලි තෙරුන්, සාමණේර – රාහුල හිමි, භික්‍ෂුණීහු – ආනන්ද තෙරුන් වැනි තමන් ගරු කරන හිමි වරුන්ට ගරු කල යුතු බව දක්වා තිබේ. එයින්ද මේ නිකාය බෙදී යාමට මේ ආචාර්ය ක‍්‍රමය බෙහෙවින් බලපා ඇති බව සිතාගත හැක. පසුකාලීන නිකාය වල ද තමන්ගේ ප‍්‍රධානීන් වශයෙන් රහතන් වහන්සේලා යොදාගෙන තිබීමෙන් මෙය තවත් තහවුරු වේ.

නිදසුන්

x මහාවංශික – මහා කාශ්‍යප හිමි
x සර්වස්තිවාද – සාරිපුත්ත හිමි
x සම්මිතීය – මහා කච්චායන හිමි

 දේවත්ත ගල පෙරලීම – ඔහුට කරදරයක් නැතිව සිටීමට හැකි වීම (සමාජය තුළ)

 සුභද්‍රගේ අභද්‍ර වචනය – මේ පිටුපස විශාල පිරිසක් සිටින්නට නැත.

 ඛුද්දානු ඛුද්දක ශික්ෂා පිළිබදව සන්ගීතයේදී ගනු ලැබූ සංරක්ෂණවාදී පනත මෙහිලා සැලකිය යුතු විශේෂ කරුණකි.

 සාති භික්ෂුවගේ මතය – තණ්හාසංඛය සූත‍්‍රය.
 සුනක්ඛන්ත භික්ෂුවගේ ක‍්‍රියා කලාපය

ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු වර්ෂ 100 ක් පමණ ගත වන තාක් බුදු දහම පිළිබඳව එතරම් විශේෂ සටහනක් දක්නට නො ලැබේ. ඉන් පසුව කෙලින්ම දක්නට ලැබෙන්නේ දස වස්තුව පිළිබදව ය. මෙහි ද කිවයුතු කරුණක් තිබේ. මේ දස වස්තුව දෙස බැලීමේ දී එයින් 05ක් ම ආහාර සම්බන්ධව බවත් 01ක් මුදල් සම්බන්ධව බවත් 01ක් සිවුරු පිළිබඳව වූ බවත් 02ක් සංඝයා පිළිබඳව වූ බවත් 01ක් තමන්ගේ පහසුව පිණිස වී ඇති බවත් දක්නට ලැබේ. ඉන් 07ක් ම ආහාර, වස්ත‍්‍ර, මුදල් පිළිබඳව ය. එසේ නම් ගෙවී ගිය වසර 100 තුළ රාජ්‍යත්වයට පත් වූ අජාසත්ත, උදායිභද්‍ර, අනුරුද්ධ, මහා මුණ්ඩ, නාගදාස යන පීතෘ ඝාතක පරම්පරාව ලෙසින් මොවුන් රාජ්‍යත්වයට පත් වීම තුළ (වර්ෂ පිළිවෙල අජාසත් රජුගේ පටන් කි‍්‍ර.පූ 491, 459, 443, 435) ධනකාමී, කුහක රාජ්‍ය පාලනයක් ගෙන ගියා මිස රට ආර්ථික වශයෙන්, ආගමික වශයෙන් දියුණු තත්වයකට පත් නොකළා විය යුතු ය. බුද්ධාගම පිළිබඳ කිසිදු සටහනක් ඒ කාලය තුළ නැත්තේ ද ඒ නිසා විය යුතුය. වජ්ජිපුත‍්‍රකයන්ට මෙවන් අවශ්‍යතා පැන නැගුණේ ද ඒ නිසා විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ඛුද්දක ශික්‍ෂා අනුමැතිය සිහිකොට මේවා පණවා ගත්තා විය හැකි ය. නමුත් ථේරවාදය ගරු කල භිකෂූහු මෙයට විරුද්ධ වන්නට ඇත. ඔවුන් ‘ආවාසකප්පය’ ඉල්ලීමෙන් පෙනෙන්නේ එකල යම් යම් හේතු නිසා සංඝ සමාජය නම් වශයෙන් බෙදී නොගියත් මත වශයෙන් වෙන්ව ඉන්නට ඇති බව ය. එකල වන විට සංඝයා නියෝජනය කරන පිරිස විෂයෙහි එතරම් සුහදතාවයක් තිබි නැති බව ද ‘අනුමතිප්පය’ දෙස බැලීමෙදී පෙනී යයි. ‘ආචින්න කප්පය’ ද ආචාර්ය ක‍්‍රමවේදයේ ප‍්‍රතිපලයක් ලෙසත්, තමන් ඇසුරු කල ගුරුවරුන්ගේ ඉගැන්වීම් සක‍්‍රීය කර ගැනිමටත් යොදා ගත් බවත් පෙනේ. තවද මේ සියල්ල යට සංරක්ෂණවාදී පනත ද ඇති බව සිහි තබා ගත යුතුය. කාලයට, දේශයට අනුව සකසා ගත යුතුව තිබු සික පද වෙනස් කර ගැනීමට අවකාශය නො ලැබීම මේ නිකාය භේදයට තුඩු ඇති බව සිතන බව ඉහතින් ලීවෙමි. එය මෙතනින් යම් තරමකට ඔප්පු වේ. මහා කාශ්‍යපාදී මහා තෙරවරුන්ගේ උණුසුම මත මුල් වසර 100 නාමික වශයෙන් ශාසනය නො බෙදුණද පිරිස වශයෙන් නොයෙක් මතවාද වල එකල සිටම සංඝයා නියෝජනය කරන පිරිස පුද්ගලිකව බැසගෙන සිටින්නට ඇති බව මින් සිතාගත හැක. මේ සියලූ සිදුවීම් පදනම් කර ගනිමින් දෙවන ධර්ම සංගායනාවත් සමගම ‘මහා සාංඝික’ යන නව ආචාර්ය මාර්ගය මුල්ම ගුරු කුලය ලෙස බෙදී යන්නට ඇත. ඒ පිළිබඳ කිවයුතු සියල්ල පෙර සටහන් කරන ලදී.

මහා සාංඝිකයන් සතු භික්‍ෂුන් වහන්සේලා ක‍්‍රමාණුකුුලව වර්ධනය වෙමින් ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශය වන තෙක් ම පැතිර ගොස් ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහා සාංඝික නිකායෙන් ගෝකුලික හා ඒකබ්බෝහාරික නිකායන් බිඳිනි. අනතුරුව නැවතත් ගෝකුලික නිකාය, බහුස්සුතිය, පක්‍ද්ක්‍දත්තිවාද යනුවෙන් ද එහි බහුස්සුතිය නැවත චෙතියක නමින් ද බිඳී ගිය හ. මෙයට සමගාමීවම මෙන් ථෙරවාදය ද පුග්ගලවාද, සර්වස්ථිවාද, මහීසාංසක යනුවෙන්ද නැවත පුග්ගලවාදය – ධමිමගුත්තික, කාශ්‍යපීය, සෞත‍්‍රාන්තික වශයෙන් ද බෙදී ගියහ. මෙලෙස අශෝක රජ සමය වන විට ථෙරවාදය නිකාය 11කට ත්, මහා සාංඝික 07කට ත් වශයෙන් නිකාය 18ක් ව පැවතුණි.

මේ බෙදී යෑම් එක් එක් තැන්වල එක් එක් විදියට වාර්ථා වී ඇත. මහා වංශය මීට තරමක් වෙනස්ව මේ බෙදී යෑම දක්වා ඇත. ඔවුන් විවිධ වාර්ථා පදනම් කරගෙන එම බෙදී යෑම දක්වයි. එම නිසා මෙහි කාල වකවානු පිළිබඳව නිශ්චිතවම නම් කිව නො හැක. මේ පිළිබඳව එක් දෘෂ්ඨියකින් වටහා ගෙන තිබීම ප‍්‍රමාණවත් ය. බොහෝ වාර්ථා එකතුකර බැලූ විට අශෝක රජ සමයවන විට ඉහත කී ලෙස නිකායන් බෙදී ගොස් ඇති බවට නිගමනය කළ හැක. ථේරවාදයේ බෙදී යෑම පසු කාලයේ මහා සාංඝිකාදීන්ගේ ආකල්ප වලට නතු වීමකින් ධර්මාවබෝධය නොමැති භික්‍ෂූහු විසින් කරන්නට ඇතයි සිතිය හැක. පුරාණ තෙරුන්ගේ සිදුවීමද වරදවා ගත් පෘථග්ස්තයෝ පසු කලය ථෙරවාදයෙන් වෙන් වූ බව මහීංසාසකාදී නිකාය ග‍්‍රන්ථි විමසීමක් කර බැලූවිට අවබෝධ කර ගත හැක.
මෙසේ ක‍්‍රමයෙන් බෙදී ගිය නිකායන් තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ද හේමවතික, රාජගිරික, සිදිධත්ථික, පුබ්බෙසෙල, අපරෙසෙල, වාජිරිය යනුවෙන් කොටස් 06ක ට බෙදී ගිය බව පඤ්චපකරණ අටුවාවේ දැක්වේ. තවත් අන්ධක යන නාමයෙන් ද යමක් තිබූ බවත් එය පූර්වෙසෙල, අපරෙසෙල, රාජගිිරික, සිද්ධත්ථික යන නිකාය 04 හැඳින්වීමට යොදා ගත් බව ද කථාවස්තු අටුවාව කියා ඇත. මෙසේ ථේරවාදය හැර අන් නිකායන් 26ක් පමණ එකල තිබී ඇති බැව් වාර්ථා වේ.
නමුත් බුදුගොස් හිමියන්ගේ කාලය වන විට මේ ගුරු කුල බොහෝමයක් අභාවයට ගොස් හෝ සම්මිශ‍්‍ර වී තිබු බව දක්නට පුලූවන. ඉතිරිව සිටියෝ මෙසේ ය.

x පුර්වෙසෙල, අපරෙසෙල, මහා සාංඝික, ගෝකුලික, උත්තරාපථක, කස්සපීය, භද්‍රයානික, මහීංසාසක, වේතුල්ලක, සබ්බත්ථවාද, සම්මිතීය, සිද්ධත්ථක, හේතුවාද, රාජගිරික, වජ්ජිපුත්තක (නිකාය 15)

මේ සියල්ල මෙලෙස ලිවීමට කාරණයක් ඇත. දැන් ඔබට නිසැකවම නිකාය භේදය යනු කුමක්දැයි වැටහෙනවා ඇත. ඒ අනුව මේ ගැන ඔබ මෙලෙස නිගමනයකට ආ යුතු ය. නිකායන්ගේ බෙදී යෑම යනු මුල් බුදු සමයේ විග‍්‍රහයන් වෙනස් කර ගැනීමට එන මතවාදයන්ගේ නිශ්චිත නිගමනයක් නැති කළ තමන් විසින්ම පිරිස් පිරිස් සංවිධානය වී වෙන වෙන ම කණ්ඩායම් වීම යි. දැන් ඔබෙන් මා ප‍්‍රශ්ණයක් අසමි. ලංකාවේ තවමත් මෙවැනි නිකාය භේදයක් දක්නට ඇත් ද ? නැත. තවමත් එවැනි අභාග්‍යයක් අපට උදාවී නැත. කිහිප දෙනෙක් එලෙස කරන්නට වෙර දැරුවද අපි සියල්ලෝ එකතු වී ඒවා වළක්වා ගත්තෙමු. ඉදිරියේදී ද එලෙසම සිදුවෙතැයි සිතමි. එතකොට මේ වර්ථමානයේ ලංකාවේ ඇති නිකාය භේදය කුමක් ද ? මෙය නිකාය භේදයක් නොව, සම්ප‍්‍රදාය කීපයකි. සියම් සම්ප‍්‍රදාය, අමරපුර හා රාමඤ්ඤ සම්ප‍්‍රදාය යනුවෙන් සම්ප‍්‍රදාය තුනකි. මේවා මෙලෙස සම්ප‍්‍රදායන් ලෙස බෙදී ගියේ ඒ ඒ සම්ප‍්‍රදායන් වලට ආවේණික සිරිත් විරිත් කීපයකින් පමණි. දර්ශණය පිළිබඳව මේ සම්ප‍්‍රදායන් තුනටම කිසිදු ගැටලූවක් නැත. ථේරවාදී ත‍්‍රිපිටකය ඉස් මුදුණින්ම පිළිගනිති. එසේ නම් ලංකාවේ කිසිදු නිකාය භේදයක් නොමැති බව දත යුතු ය. ඇත්තේ සම්ප‍්‍රදායන් තුනක් පමණි. මේ සම්ප‍්‍රදායන් ඇති වීමට හේතුව කුමක් ද ? ලිපිය කෙතරම් දීර්ඝ වූවත් එයත් මෙහිම නොලීවොත් එය අඩුපාඩුවක් ය. එනිසාම ලියමි.

පෙර ලක්දිව අශ්‍රැතවත් භික්ෂුන් නිසා ප්‍රතිපත්ති කෙලෙසීමෙන් උපසම්පදාව නැති වූ කල වැලිවිට සරණකංර මහා නා හිමි සියමෙන් පිරිසිදු උපසම්දාව ගෙන්වූවේ ය. එයින් නැවත ප‍්‍රභව වූ ලක්දිව බුද්ධ ශාසණය ඒ වන විට මෙසේ සම්ප‍්‍රදායන් ගේ බිඳීමක් තිබ්බේ නැත. නමුත් කල් යන විට ශාසණය තුළ පහල වූ අශ‍්‍රැතවත් භික්ෂූහු නැවතත් ශාසණයේ ප‍්‍රතිපත්ති කෙලෙසන්නට පටන් ගත්හ. ඔවහු ක‍්‍රමයෙන් පාත‍්‍රය අත් හැරියේ ය. උභයාංශ පාරුපනය (දෙවුර වැසීම) අත් හැරියේ ය. මේ ලෙස ක්‍රමයෙන් පැවිදි පිළිවෙත් අත්හරිමින් ගොස් අවසානයේ උපසම්පදා කරන සීමාව ද සංකර තත්වයකට ගෙනාවේ ය. එයින් ලැබෙන උපසම්පදාව අපිරිසිදු බව දැන ගත් පසු කාලීන ධර්මධර, විනයධර ශාසණ ලැදි භික්ෂූහු එම උපසම්පදාවන් වලට සාධුකාර නොදී නිහඬව නො සිට එය ප‍්‍රතික්ෂේප කොට නැවත බුරුම රටට වැඩම කර පිරිසිදු උපසම්පදාවක් ගෙන ආවේ ය. ඒ අමරපුර පෙදෙසිනි. එය අමරපුර සම්ප‍්‍රදායෙන් සිදු වූවක් නිසා එය සියමෙන් (එකළ සිදුවූ සංකර අපිරිසිදු උපසම්පදාවෙන්) බෙදා වෙන්කර පෙන්වන්නට අමරපුර භික්ෂූහු යැයි ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ය. පසු කාලීනව අමරපුර නිකායටත් පෙර කී සියම් උපසම්පදාවට උරුම වූ අභාග්‍යය බලපෑවේ ය. පසුව තවත් එක් භික්ෂුවක් රාමඤ්ඤ දේශයට ගොස් ගෙනා උපසම්පදාවේ උපසම්පදාව රාමඤ්ඤ උපසම්පදාව විය. මෙසේ මෙය කාලයේ අවෑමෙන් සම්ප‍්‍රදාය තුනක් බවට පත් විය. අදටත් රාමඤ්ඤ නිකාය කොටස් වලට බෙදී නැත. එයින් ගම්‍ය වන්නේ තවමත් ඒ නිකාය තුළ මත භේදයක් නැති බව ය. නමුත් අනික් නිකායන් ඒ ඒ තුළ ඇති වූ මත භේදයන් මැඩ ගැනීමට නොහැකිව විවිධ පාර්ශව වලට කාලානුරූපීව බෙදී ගිය හ. මෙහිලා මට කියන්නට දෙයක් ඇත. මා නම් මේ සම්ප‍්‍රදායන්ගේ වෙන් වීමට කැමැති ය. ඒ පිරිසිදු උපසම්පදාව ලැබීමට තාමත් එයින් අවකාශ තියෙන බැවිනි. රාමඤ්ඤ නිකායේ උපසම්පදාව ගැන පමණක් මා දනිමි. එහි පරිස සම්පත්තිය හෙවත් විනය කර්මයේ ගණ පූරණය කරවන්නේ කලින් පාරාජිකාදී චෝදනා නැති භික්ෂූහු පමණි. කර්ම වාක්‍ය කීමට පෙර කර්ම වාක්‍ය වලට වෙනම පුහුණුවක් මොන තරම් ශ‍්‍රැතධර වූ භික්ෂූවක් උදෙසා වූවත් තාමත් නිකායෙන් ලබා දෙති. එවිට දන්තජ මූර්ධජ වරදවා නොකියා කර්ම වාක්‍ය නිවැරදිව සජඣායනා කරති. දැන් දැන් මෙසේ මුහු කිරීමෙන් ඒ සම්ප‍්‍රදායන් වලට හානි වේවිදැ යි මා හට සැකයක් ඇති වේ. සමහර සීමා සංකර ය. සමහර සම්ප්‍රදායන්හි සීමා වල අත්පසයක් නැත. ඡන්දය නැත. රාමඤ්ඤ නිකාය උදකුක්ඛේප සීමාවෙහි පමණක් උපසම්පදාවන් දැනටත් සිදු කරති. එය නිකායෙහි කතිකාවතේ ඇති ප්‍රතිපත්තියකි. දැනට මා එහි අඩුවක් දැක නැත. ප‍්‍රවේසමෙන් විනය කර්මය සිදු කරති. පාරුපනය, පාත‍්‍රය, තල් අත්ත පවා තවමත් පරිහරණය කරති. එනිසා මේ සම්ප්‍රදායන්ගේ මුහු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ යාලූ මිත‍්‍රකම් නිසා, උරණ විය නොහැකි නිසා, විරුද්ධ විය නොහැකි නිසා සමහරෙක් සංකර බද්ධ සීමා වලද උපසම්පදාව සිදු කිරීමට නොවෙද ? මේ ගැන නැවත සිතිය යුත්තක් ඇත. මා බොහෝම පොඩි අයෙකි. ශාසණයේ ළදැරුවෙකි. නමුත් මේ මට වැටහෙන අනාගත ව්‍යසනයකි. මා පුද්ගලිකව මේ සම්ප‍්‍රදායන්ගේ බෙදී යෑමට කැමැති ය. ඉදින් රාමඤ්ඤ නිකායත් සංකර වූවොත් අනාගතයේ තවත් සම්ප‍්‍රදායක් පිරිසිදුව බිහි විය යුතු ය. සංකර සීමා වල පිරිස් වල ලැබෙන උපසම්පදාවක් නැති බැවිනි. නුවණින් තේරුම් ගනිත්වා.. ඒ ඒ සම්ප්‍රදායන් තනිව ඒවා කිරීමම වටින බව මා සිතන්නෙ එබැවිනි.. මා අනිත් නිකායන් ගැන දන්නැති නිසා ඒවාගේ ඇතුල කියන්නට මා පොහොසත් නැත.. ඉතිහාසය ගැන විමසා දන්න එක ගැන පමණක් ලීවේ එබැවිනි..

සැලකිය යුතු අනිත් විශේෂ කරුණ නම් මේ එකළ තත්වය බවත් වර්ථමානය වන විට තත්වය මා නොදන්නා බවත් සටහන් කළ යුතුම බව ය.. මේ නිකායන්ගේ සංකර ආදී සිදුවීම් පොත් පත් වල තිබුණු ඒවා ය. (වර්ථමානයේ ද සංකර සීමා නැතිව නොව) එවැනි සංකර භාවයන් නිසා ම මේ සම්ප්‍රදායන්ගේ ප්‍රභවය සිදු වී ඇති බව සඳහන්ව තිබේ..

තෙරුවන් සරණයි..

මෙයට,
සසුන් ලැදි,
කිරුළපන ධම්මවිජය හිමි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2L0vBPv
මරණය සිහි කළ යුතු අට ආකාරය.
🥀🥀🥀🥀🥀🥀🥀🍂🍁🍂🍁🍂🍂
1. වධක පච්චුපට්ඨානය

2. සම්පත්ති විපත්තිය

3. උපසංහරණය

4. කායබහුසාධාරණය

5. ආයු දුබ්බලය

6. අනිමිත්තය

7. අද්ධානපරිච්ඡේදය

8. ඛණපරිත්තය

1. වධක පච්චුපඨානය

වධක පච්චුපට්ඨානය නම් :- වධකයකු එළඹ සිටි සේ මරණය එළඹැ සිටියේය යි සිහි කිරීම ය. “මුගේ හිස සිඳැ ලමි”යි කඩුව ගෙනැ පැමිණි ගෙල පහරනා වධක ඒකාන්තයෙන් එළැඹැ සිටි සේ ම මරණ ද එළඹැ සිටියේය යි සිහිකළ යුතු.

කුමක් හෙයින් ද මරණය උත්පත්තිය සමගම අවුත් ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නා බැවිනි. නයි හතු කැකුළු මුදුණින් පසු සුඟක් ගෙනැ නඟින්නා සේ ම සත්ත්‍වයෝ ජරා – මරණ ගෙනැ ම උපදිති.

ඒ එසේ මැ යි :- ඔවුන්ගේ ප්‍ර‍තිසන්‍ධි චිත්තය උත්පාදයට අනතුරුවැ ම ජරාවට පැමිණැ පර්‍වත ශිඛරයෙන් ගිළිහුණු ගලක් මෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍ම සමග ම බිඳී යන්නේ ය. මේ ක්‍ෂණික මරණය උත්පත්තිය සමග ම පැමිණි ආකාරය යි. එසේ ම මෙහි දැක්වුණු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ද උත්පත්තිය සමග ම වන්නේ ය. උදය පර්‍වතයෙන් නැඟුණු සූර්‍ය්‍යයා අස්ත පර්‍වතයට යන්නේ ගිය ගිය තන්හි මඳකුදු නො නැවතී ගමන් කරන්නා සේ, පර්‍වතයෙන් ගලා වැටෙන සැඩ වතුරු ඇති ගංගාව මඳකුදු නො සිටැ ගලා බස්නා සේ මේ සත්ත්‍වයා ද උපන් තැන් පටන් මඳකුදු නො නැවතී මරණයට අභිමුඛ වැ මැ ගමන් කරන්නේ ය කීයේ මැ යි:-

“යමෙකරත්තිං පඨමං – ගබ්භෙ වස්ති මානවො

අබ්භුට්ඨිතො ව සයති – ස ගච්ඡං න නිවත්තති”යි

‘මේ මනුෂ්‍යයා යම් එක රැයෙක මව් කුස පිළිසිඳැ ගන්නේ ද එසේ පිළිසිඳ ගත් හෙතෙමේ අහස නැඟි වළාකුළක් මෙන් මරණය කරා යන්නේ ය. එසේ යන්නේත් ඇසිල්ලකුදු නො නවතින්නේ ය.’

ග්‍රීෂ්ම කාලයෙහි සූර්‍යතාපයෙන් ඇළ-දොළ සිඳී යන්නා සේ උදය කාලයෙහි අපොරසානුගත බන්‍ධන ඇති වෘක්‍ෂ ඵල තුවටුයෙන් ගිලිහී යන්නා සේ මුගුරින් පහළ මැටි බදුන් බිඳී යන්නා සේ, හිරැ රැස් වගුළ පිනි බිඳු වැනසී යන්නා සේ එසේ යන සත්ත්‍වයා මරණයට ආසන්න වන්නේ ය.

එහෙයින් කියන ලදී :-

“අච්චයන්තී අහොරත්තා – ජීවිතං උපරුජ්ඣති,

ආයුඛීයති මච්චානං – කුන්නදීනං ච ඔදකං

ඵලානමිව පක්කානං – පාතො පතනතො භයං

එවං ජාතානමච්චානං – නිච්චං මරණතො භයං

යථා පි කුම්භකාරස්ස – කතං මත්තිකභාජනං,

සබ්බං භෙදනපරියන්තං – එවං මච්චාන ජීවිතං

උස්සාවොව තිණග්ගම්හි – සුරියස්සුග්ගමනං පති

එවමායු මනුස්සානං – මා මං අම්ම නිවාරය”යි.

“රෑ-දාවල් ඉක්මැ යන්නේ ය. ජීවිතය නිරුද්ධ වන්නේ ය. ඇළ-දොළවල ජලය සේ මනුෂ්‍යයන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. විලිකුන් ඵල උදෑසනක් සේ වන භය ‍සේ උපන් සත්ත්‍වයන්ට එක්වන් මරණයෙන් භය පැමිණෙන්නේ ය. කුඹලා තැනූ සියලු මැටි බඳුන් බිඳී යන්නා සේ මිනිසුන්ගේ මුළු ජීවිත බිඳීමෙන් අවසන් වන්නේ ය. සූර්යෝදයයෙහි තණ අග පිනිබිඳක් සේ මිනිසුන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. මෑණියෙනි? පැවිදි වන්නට යන මා නොවළකන්න.”

මෙසේ කඩුව අමෝරා ගත් වධක සේ උත්පත්තිය හා සමග ම පැමිණි මේ මරණය ගෙළ කපාලන ඒ වධක සේ ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නේ ය. දිවි පැහැර නො ගෙන නම් නො නවතින්නේ ය. එසේ හෙයින් උත්පත්තිය සමගම පැමිණි විපත් ද, දිවි පැහැර ගන්නා බැවින් ද, කඩුව අමෝරා ගත් වධක සේ මරණය එළඹැ සිටියේ ම ය යි මෙසේ වධක පච්චුපඨාන වශයෙන් මරණය සිහි කළ යුතු.

2. සම්පත්ති විපත්තිය

සම්පත්ති විපත්ති වශයෙන් මරණය කෙසේ සිහි කළ යුතු ද, සම්පත්ති ශෝභමාන වන්නේ විපත්තියෙකින් නො මැඩෙන තාක් ය. විපත්තියෙකින් නො මැඩෙන සම්පත් නම් ලොව කැල ම නැත්තේ ය. බලනු.

“මුළු පොළෝ වළඳා – කෙළ සිය ගණන් දන් දී

අඩැඹුල් මතෙක අවසනැ – ඉසුරු බවට පැමිණියේ

එ මෙ සිරුරු බෙදෙන් – කළ පින් ගෙවෙත ගොරතර

මරණ මුව වන් දම්සෝ – නිරිඳු විඳියේ දළ සෝ

“සකලං මෙදිනං භූත්‍වා – දත්‍වා කොටිසතං සුඛී,

අද්ධාමලකමත්තස්ස – අනෙන ඉස්සරතං ගතො

තෙනෙව දෙහ බන්‍ධෙන – පුඤ්ඤම්හි ඛයමාගතො,

මරණාභිමුඛො සො පි – අසොකො සොකමාගතො”

තවද සියලු නීරොගත්‍ව ව්‍යාධිය අවසාන කොටැ ඇත්තේ ය. සියලු යෞවන ජරාව අවසාන කොටැ ඇත්තේ ය. සියලු ජීවිත මරණය අවසාන කොට ඇත්තේ ය. මේ සියලු ම ලෝකයා ජාතියෙන් අනු වැ යන ලද්දේ ය. ජරායෙන් වළඳනා ලද්දේ ය. ව්‍යාධියෙන් මඩනා ලද්දේ ය. මරණයෙන් පහරන ලද්දේ යි.

කීයේ මැ යි :-

“යථා පි සෙලා විපුලා – නහං ආහච්ච පබ්බතා

සමන්තා අනුපරියෙය්‍යුං – නිප්පොඨෙන්තා චතුද්දිසා

එවං ජරං ච මච්චූ ච – අධිවත්තන්නි පාණිනො

ඛත්තියෙ බ්‍රාහ්මණෙ වෙස්සෙ – සුද්දෙ චණ්ඩාල පුක්කුසෙ

න කිඤ්චි පරිවජ්ජෙති – සබ්බමෙවාභිමද්දති

න තත්‍ථ හත්‍ථිනං භූමිං – න රථානං න පත්තියා

න චා‘පි මන්තයුද්ධෙන – සක්කා ජෙතුං ධනෙන වා” [1]

‘අහස පැහැර සිටි විශාල ශෛල පර්‍වත සිව් දිගින් මඩිමින් හාත්පසින් පෙරළි පෙරළි එන්නා සේ ජරා – මරණ ක්‍ෂත්‍රිය – බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර‍-චණ්ඩාල-පුක්කුස යන සියලු සත්ත්‍වයන් මඩිමින් එන්නේ ය. කිසිවකුදු නො හරනේ ය. සියල්ල මැඩලන්නේ ය. (ඒ ජරාමරණයුද්‍ධයෙන් දිනිය හැකි ද නො හැකිය.) එහි ඇතුන්ට යා හැකි නො වේ. රථයන්ට යා හැකි නො වේ. පදාතීන්ට යා හැකි නො වේ. මන්ත්‍ර‍ යුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දිනිය හැකි ද නො වේ.

මෙසේ ජීවිත සම්පත්තිය මරණ විපත්තියෙන් අවසාන බව ව්‍යවස්ථා කරන්නහු විසින් සම්පත් විපත් වශයෙන් මරණය සිහි කළ යුතු යි.

3. උපසංහරණය

අනුන් හා සමග තමන් එළවා බැලීමෙන් මරණය සිහිකළ යුතු. ඒ වනාහි සත් ආකාරයෙකින් කළ යුතු.

(1) යශස් මහත්ත්‍ව වශයෙන්

(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන්

(3) ථාම මහත්ත්‍ව වශයෙන්

(4) සෘද්ධි මහත්ත්‍ව වශයෙන්

(5) ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන්

(6) ප්‍රත්‍යෙක බුද්ධ වශයෙන්

(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන්

‍(1) යශස් මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

මේ මරණය වනාහි මහයසස් ඇති මහ පිරිවර ඇති ධන වාහනයෙන් යුත් මහාසම්මත, මහාමන්‍ධාතු, මහාසුදස්සන, දළ්හනෙමී, නිමි ආදි මහරජවරුන් මතුයෙහි පවා නිසැක වැ ම වැටුණේ ය. මා මතුයෙහි වැටෙති යනු කවර කථා ද

“මහා යසා රාජවරා – මහාසම්මත ආදයො

තෙපි මච්චුවසං පත්තා – මාදිසෙසු කථාව කා.”

‘මහයසස් ඇති මහාසම්මත ආදි ඒ රජදරුවෝ පවා මාරවසයට ගියාහු ය. මා වැන්නවුන් කෙරෙහි කියනු ම කිම?

මේ යශස් මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.

(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“ජොතියො ජටිලො උග්ගො – මෙණ්ඩකො අථ පුණ්ණකො

එතෙ චඤ්ඤෙ ච යෙ ලොකෙ – මහා පුඤ්ඤාති විස්සුතා

සබ්බෙ මරණමාපන්තා – මාදිසෙසු කථාව කා”

‘ජොතිය, ජටිල, උග්ග, මෙණ්ඩක, පුණ්ණක යන මේ මහ පින් ඇති ලෝක ප්‍ර‍සිද්ධ සිටුවරයෝ ද, තව එබඳු වූ අන්‍යයෝ ද යන සියල්ලෝ මරණයට පැමිණියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

මේ පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

(3) ථාම මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“වාසුදෙවො බලදෙවො – භීමසෙනො යුධිට්ඨිලො

චානුරො පියදාමල්ලො – අන්තකස්ස වසං ගතා

එවං ථාමබලූපෙතා – ඉතිලොකම්හි විස්සුතා

එතෙපි මරණං යාතා – මාදිසෙසු කථාව කා.”

‘වාසුදේව, බලදේව, භීමසේන, යුධීෂ්ඨිර, චානුර, පියදාමල්ල යන මොව්හු ද, මාරවසයට ගියෝ ය. මෙසේ ථාම බලයෙන් යුත් ලෝකප්‍ර‍සිද්ධ මේ වීරයෝ පවා මරණයට ගියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

මේ ථාම මහත්ත්‍ව වශයෙන් සිහිකළ යුතු ආකාර යි.

(4) සෘද්ධි මහත්ව වශයෙන් කෙසේ සිහිකළ යුතු ද

“පාදඞ්ගුට්ඨකමත්තෙන – වෙජයන්තං අකම්පයී

යො නාමිද්ධිමතං සෙට්ඨො – දුතියො අග්ගසාවකො

සොපි මච්චුමුඛං ඝොරං – මිගො සීහමුඛං විය

පවිට්ඨො සහ ඉද්‍ධිහි – මාදිසෙසු කථාව කා.”

සෘද්‍ධිමතුන්ගෙන් අග්‍ර‍ වූ යම් ද්විතීය අග්‍ර‍ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් පය මහපට ඇඟිලි පමණෙකින් වෛජයන්ත ප්‍රාසාදය කම්පා කළෝ ද, උන්වහන්සේ පවා ඒ සා සෘද්‍ධිය හා සමග මෘගයෙක් මෘගෙන්‍ද්‍ර‍ මුඛයට මෙන් ඝෝර වූ මාර මුඛයට පිවිසි සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

මේ සෘද්ධි මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

(5) ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“ලොකනාථං ඨපෙත්‍වාන – යෙ අඤ්ඤෙ අත්‍ථි පාණිනො

පඤ්ඤාය සාරිපුත්තස්ස – කලං නාග්ඝන්ති සොළසිං

එවං නාම මහාපඤ්ඤෙ – පඨමො අග්ගසාවකො

මරණස්ස වසං පත්තො – මාදිසෙසු කථාව කා.”

‘සම්බුද්ධයන් වහන්සේ හැරැ අන්‍ය සියලු ප්‍රාණීහු ම ප්‍ර‍ඥායෙන් සැරියුත් ස්වාමීන්ට සොළොස් වන කලාවට ද නො අගිති. ඒ සා මහා ප්‍රාඥ වූ ප්‍ර‍ථම අග්‍ර‍ශ්‍රාවකයන් වහන්සේ පවා මාර වශයට ගිය සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

මේ ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.

(6) ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

ස්වකීය ප්‍ර‍ඥා – වීර්‍ය්‍ය බලයෙන් සියලු කෙලෙස් සතුරන් සාධා පසේ බුදු බැව් ලත් කගවෙහෙණ බඳු ස්වයම්භුවරයෝ ද මරණයෙන් මිදී ගන්නට අසමර්‍ථ වූවෝ ය. මම කෙසේ මිදී ගන්නෙම් ද

“තං තං නිමිත්තමාගම්ම – වීමංසන්තා මහෙසයො

සයම්භුඤාණතෙජෙන – යෙ පත්තා ආසවක්ඛයං

එකචරියනිවාසෙන – ඛග්ගසිඞ්ගසමූපමා

තෙපි නාතිගතා මච්චුං – මාදිසෙසු කථාව කා.”

‘අතේ රන් වලලු ගැටුම්, හුණ කිළිල් කිසි තැනෙක නො ලැගුම්” ආදි ඒ ඒ නිමිති ලැබැ පරීක්‍ෂාකාරී වූ යම් මහර්ෂි කෙනෙක් ස්වයම්භුඥාන තේජසින් ආශ්‍ර‍වක්‍ෂයට පැමිණියෝ ද, හුදෙකලා විසුමෙන් කාගවෙහෙණ බඳු ඒ පසේ බුදුවරයෝ ද මාරයා ඉක්ම නො ගියෝ ය. මා වැනියන් කෙරෙහි කවර කථාද,

මේ ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යිහ

(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

අශීති අනුඛ්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා විචිත්‍ර‍ රූපකාය ඇති, සර්‍වාකාර පරිශුද්ධ ශීලස්කන්‍ධාදි ගුණරත්නයෙන් සමෘද්‍ධ ධර්‍මකාය ඇති, යශො මහත්ත්‍ව, පුණ්‍ය මහත්ත්‍ව, ථාම මහත්ත්‍ව, සෘද්ධි මහත්ත්‍ව, ප්‍ර‍ඥා මහත්ත්‍ව යන මේ මහත්ත්‍වයන්ගෙන් පරතෙර පත්, අසම වූ අසමසම වූ අප්‍ර‍ති පුද්ගල වූ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පවා වැසි දිය භීමෙන් මහගිනි කඳක් සේ මරණ වැසි භීමෙන් නිවීගියසේක.

“එවං මහානුභාවස්ස – යං නාමෙතං මහෙසිනො

න භයෙන න ලජ්ජා ය – මරණං වසමාගතං

නිල්ලජ්ජං වීතසාරජ්ජං – සබ්බසත්තාභිමද්දනං

තයිදං මාදිසං සත්තං – කථං නාභිභවිස්සති”

‘යම් මරණයෙක් ඒ සා මහානුභාව ඇති මහර්ෂීන් වහන්සේට පවා බියෙන් ලජ්ජායෙන් වසයට නො ගියේ නම් විළි – බිය නැති සියලු සතුන් මැඩැ පියනසුලු ඒ මරණය මා වැනි සතකු කෙසේ නම් නො මැඩැ පියා ද,

මේ සම්‍යක් සම්බුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

මෙසේ යශෝමහත්ත්‍වාදියෙන් සමන්විත වූ අන්‍යයන් හා සමග සමානභාවයෙන් මරණය තමා කෙරෙහි එළවා ඒ විශේෂ සත්ත්‍වවරයන්ට සේ මට ද මරණය වන්නේ ය යි සිහි කරත් ම කර්‍මස්ථානය උපචාර ප්‍රාප්ත වේ. මෙසේ උපසංහරණ වශයෙන් මරණය සිහි කළ යුතු.

4. කාය බහු සාධාරණය

ස්වකීය ශරීරය අන්‍ය බොහෝ සත්ත්‍වයන්ට සාධාරණ බව සලකා බැලීමෙන් මරණය සිහි කළ යුතු.

ඒ මෙසේ ය:-

මේ ශරීරය බොහෝ දෙනාට සාධාරණ ය. අසූ කුලයෙක පණුවන්ට සාධාරණ ය. ඒ පණුවන් අතුරෙන් සිවිය ඇසුරු කළ පණුවෝ සිවිය කා දමති. සම ඇසුරු කළ පණුවෝ සම කා දමති. මස ඇසුරු කළ පණුවෝ මස කා දමති. නහර ඇසුරු කළ පණුවෝ නහර කා දමති. ඇට ඇසුරු කළ පණුවෝ ඇට කා දමති. මිදුලු ඇසුරු කළ පණුවෝ මිදුලු කා දමති. ඔව්හු එහිම උපදිති. එහිම දිරති. එහි ම මියති. එහි ම මළ මූ කෙරෙති. ඔවුන්ගේ තිඹිරිගෙය ද, ගිලන් හල ද, සොහොන ද, වැසිකිළිය ද, කෙස කිළිය ද මේ ශරීරය ම ය. හෙ ද ඔවුන්ගේ ප්‍රකෝපයෙන් මරණයට පැමිණෙයි. ඒ අසූකුලයේ පණුවන්ට සේ ම මේ ශරීරය මරණයට හේතු වන නොයෙක් සිය ගණන් අධ්‍යාත්මික රෝගයන්ට ද, බාහිර නයි ගෝනුසු ආදි සත්ත්‍වයන්ට ද සාධාරණය. සිව් මං සන්‍ධියෙහි කළ ඉලක්කයෙහි සියලු දිගින් හෙන ඊ-සැත්-තෝමර-පහණ ආදිය වැදැහෙන්නා සේ මේ ශරීරයෙහි සියලු උපද්‍ර‍වයෝ වැදහෙති. මේ ශරීරය ඒ උවදුරු වලින් ද මරණයට පැමිණෙයි.

වදාළේ මැ යි :-

“ඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පනිහිතාය ඉනි පටිසංචික්ඛති. බහුකා ඛො මෙ පච්චයා මරණස්ස – අභි වා මං ඩසෙය්‍ය, විච්ඡිකො වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො. උපක්ඛලිත්‍වා වා පපතෙය්‍ය, භත්තං වා මෙ භූත්තං ව්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මෙ කුප්පෙය්‍ය, සෙම්හං වා මෙ කුප්පෙය්‍ය, සත්‍ථකා වා මෙ වාතා කුප්පෙය්‍යුං තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො” [2]

‘මහණෙනි! මේ සසුන්හි භික්‍ෂු දහවල් ගෙවෙත් ම රෑ වත් ම මෙසේ සලකයි. මාගේ මරණයට හේතු බොහෝ ය. නයෙක් හේ ගෝනුස්සෙක් හෝ පත්තෑයෙක් හෝ මා දෂ්ට කෙළේ නම් එයින් මගේ මරණය වන්නේ ය. එසේ වන මරණය මට බුදුන් වදාළ අනුශාසනා කිරීමට අන්තරායකර වන්නේ ය. එසේ ම මම පය පැකිළ වැටුනෙම් නම් වැළඳූ ආහාර හෝ අජීර්‍ණ විණි නම් පිත හෝ සෙම් ශස්ත්‍ර‍ක වාත හෝ කිපිණි නම් එයින් මගේ මරණය වන්නේ ය. ඒ මරණය මට බුදුන් වදාළ අනුශාසනාව කිරීමට අන්තරායකර වන්නේ ය, යනු එහි අර්‍ථ යි.

මෙසේ කාය බහුසාධාරණ වශයෙන් මරණය සිහි කළ යුතු.

5. ආයු දුබලත්‍වය

ආයු දුබල වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද

මේ ආයුෂ වනාහි අබලය, දුර්‍බලය, සත්ත්‍වයන්ගේ ජීවිත ආශ්වාස-ප්‍ර‍ශ්වාස පිළිබඳ ය, ශීත-උෂ්ණ පිළිබඳ ය, මහාභූත පිළිබඳ ය, ආහාර පිළිබඳ යි.

ඒ එසේ මැ යි :- මේ ජීවිතය ආශ්වාස-ප්‍ර‍ශ්වාස සම වැ පවත්නාතාක් පවත්නේ ය. පිටත නික්මුණු නාසිකා වාතය ඇතුළට නො පිවිසෙත් ම ඇතුළ පිවිසුණු නාසිකා වාතය පිටත නො නික්මෙත් ම සත්ත්‍වයා මෙළේ නම් වේ. එසේ ම මේ ජීවිතය සතර ඉරියව් සම වැ පවත්නා තාක් පවත්නේ ය. කොයෙකක් හෝ අධික වත් ම ආයුෂය සිඳී යෙයි. ශීත – උෂ්ණ ද සම වැ පවත්නා තාක් පවත්නේ ය. අධික ශීතයෙන් හේ අධික උෂ්ණයෙන් හෝ පීඩිත වත්ම වැනසී යෙයි. මහාභූත ද සම වැ පවත්නා තාක් පවතින්නේ ය. පෘථිවි ධාතු හෝ අප් ධාතු ආදීන් අතුරෙන් කිසිවක් හෝ කිපීමෙන් බලසම්පන්න පුද්ගලයෝ ද තද වැ ගත් ශරීර ඇත්තෝ වැ අතීසාරාදි වශයෙන් තෙත් වූ පූතිකාය ඇත්තෝ වැ මහදාහයෙන් පෙළුණෝ වැ සන්‍ධිබන්‍ධන හෝ සිඳී ගියෝ වැ ජීවිතක්‍ෂයට පැමිණෙති. කබලීකාරාභාරය ද සුදුසු අවස්ථාවෙහි ලදහොත් ජීවිතය පවතී. නො ලදහොත් නො පවතී.

6. අනිමිත්තය

අනිමිත්ත වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද, අනිමිත්ත නම් කාලාදි වශයෙන් ව්‍යවච්ඡේද රහිත බව ය.

සතත්‍වයන්ගේ (1) ජීවිතය, (2) ව්‍යාධිය, (3) කාලය, (4) දේහ නික්‍ෂෙපය, (5) ගතිය යන මේ පස ජීවලෝකයෙහි ව්‍යවචේඡද රහිත ය දැනැ ගත නො හැකිය.

“ජීවිතං ව්‍යාධි කාලො ච – දෙහනික්ඛෙපනං ගති

පඤ්චෙතෙ ජීවලොකස්මිං – අනිමිත්තා න ඤායරෙ.” [3]

(1) ‘මෙ තෙක් කල්ම ජීවත් විය යුතු ය. මින් ඔබ්බෙහි ජීවත් විය යුතු නො වේ’ ය යි ව්‍යවස්ථා රහිත බැවින් ජීවිතය අනිමිත්ත ය.

ඒ එසේ මැ යි :- සත්ත්‍වයෝ කලලාවස්ථායෙහි ද මැරෙති. අර්බුද පෙසි – ඝන අවස්ථායෙහි ද මැරෙති. එක් මැසි – දෙ මැසි – තෙ මැසි – සිව් මැසි – පස් මැසි – දස මැසි කල ද මැරෙති. කුසින් සැහැල්ලු වන කල ද මැරෙති. ඉන් පසු හවුරුදු සියයෙන් මොබ ද ඔබ ද මැරෙත්.

(2) මේ ව්‍යාධියෙන් ම සත්ත්‍වයෝ මැරෙති, අන් ව්‍යාධියෙකින් නො මැරෙති යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ ඇස් රෝගයෙනුදු මැරෙති, සෝත රොගාදීන් අතුරෙන් කිසිවකිනුදු මැරෙත්.

(3) මේ කාලයෙහි ම මරණය විය යුතු ය. අන් කලෙක මරණය නො විය යුතු යයි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ පෙරවරු ද මැරෙති. පස්වරු ආදියෙහි ද මැරෙත්.

(4) මැරෙන්නවුන් ගේ දේහය මෙහි ම වැටිය යුතු ය. අන් තැනෙක නො වැටිය යුතුය යි ව්‍යවස්ථා රහිත බැවින් අනිමිත්ත ය. ඇතුළු ගම උපන්නවුන්ගේ දේහය පිට ගම ද පිට ගම උපන්නවුන්ගේ දේහය ඇතුළු ගම ද ගොඩ උපන්නවුන්ගේ දේහය දියෙහි ද දියෙහි උපන්නවුන්ගේ දේහය ගොඩ ද වැටිය හැකි ය.

(5) මෙයින් චුත වූවත් අසුවල් තැන ඉපදිය යුතුය යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. දෙව්ලොවින් සැවැ මිනිස් ලොව ද මිනිස් ලොවින් සැවැ දෙව්ලෝ ආදියෙහි ද උපදිත්. මෙසේ සත්ත්‍වයෝ යන්ත්‍රයෙහි යෙදූ ගොනුන් මෙන් ගති පඤ්චක ලෝකයෙහි කැරකෙන්නාහ.

මෙසේ අනිමිත්ත වශයෙන් මරණය සිහි කළ යුතු.

7. අද්ධාන පරිච්ඡේදය

අද්ධාන පරිච්ඡෙද නම් කාල පරිච්ඡෙද ය. මෙකල මනුෂ්‍යයන්ගේ ජීවිතය මෙතෙක් කල් විය යුතු ය යි කාල පරිච්ඡේදයෙක් නැත. යමෙක් වැඩි කල් ජීවත් වන්නේ නම් හේ අව්රුදු සියයක් හෝ ඉන් ස්වල්පයක් වැඩි වැ හේ ජීවත් වන්නේ ය. වදාළේ මැ යි.

“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, කත්තබ්බා කුසලං, චරිතබ්බා බ්‍ර‍හ්මචරියං, නත්‍ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, යො වස්ස සතං අප්පං වා භීය්‍යො” [4] යි. ‘මහණෙනි! මිනිසුන්ගේ ආයුෂය ස්වල්ප ය. පරලෝ යා යුතු ය. කුශල කළ යුතු ය. බඹසර විසිය යුතු ය. උපන්නවුන්ගේ නො මැරී සිටීමෙක් නැත. මහණෙනි? යමෙක් වැඩි කල් ජීවත් වේ නම් හේ ශත වර්‍ෂයක් හෝ ඉන් ස්වල්ප වැඩියක් හෝ ජීවත් වේ.’

“අප්පමායු මනුස්සානං – හීළෙය්‍ය නං සුපොරිසො

චරෙය්‍යාදිත්තසීසො‘ව – නත්‍ථි මච්චුස්ස නාගමො.” [5]

‘මිනිසුන්ගේ ආයුෂ ස්වල්ප ය. සත්පුරුෂ ඒ සම්භාවනා නො කරන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මාරයා අනාගමනයෙක් නැත. ඒකාන්තයෙන් මාරයා පැමිණෙන්නේ ය.

තවද,

“භූතපුබ්බං භික්ඛවෙ අරකො නාම සත්‍ථා අහොසි” [6] යනාදීන් වදාළ සප්තෝපමාවෙකින් ප්‍ර‍තිමණ්ඩිත වූ අරක සූත්‍රයෙන් ද මේ අර්‍ථය ප්‍ර‍කාශ වන්නේ ය. යටගිය දවස අරක නම් ශාස්තෘවරයාණකෙනෙක් වූහ. ඔව්හු උපමා සතකින් මරණානුස්මෘතිය ප්‍ර‍කාශ කොටැ ලෝ සතුන් බිය ගන්වා සුචරිතයෙහි යෙදූහ. ‘හිරු උදා වත් ම තණ’ග පිණිබිඳු සේ, දියෙහි නැගි බුබුලු සේ, දිය ඇඳි ඉර සේ, පර්‍වතයෙන් ගලා බස්නා ගංගාව සේ, දිවග කෙළ පිඩ සේ, රත් යකබල මස් කැබැල්ල සේ, මස් ලොඹුව කරා ගෙන යන ගවයා සේ, මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේ ය. එය ස්වල්පය, විනිශ්චරය, බහු දුඃඛය, බහූපායාසය, නුවණින් දත යුතු ය. කුසල් කටයුතු ය, බඹසර විසිය යුතු ය, උපන්නහුට නො මැරී විසීමෙක් නො වේ’ යනු එහි සංක්‍ෂිප්තාර්‍ථ යි.

“යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං රත්තිං දිවං ජීවෙය්‍යං භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං දිවසං ජිවෙය්‍යං -පෙ- අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි -පෙ- අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සංඛාදිත්‍වා අජ්ඣොහරාමි -පෙ- ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආස වානං ඛයාය.

“යොච ඛවායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං ආලොපං සංඛාදිත්‍වා අජ්ඣොහරාවි භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං අස්සසිත්‍වා වා පස්සසාමි පස්සසිත්‍වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං බහුං වත මෙ කතං අස්සාති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආසවානං ඛයාය” [7] යි වදාළ ධර්‍මය සලකනු. එහි සංක්‍ෂිපතාර්‍ථ මෙසේ ය.

“අහෝ මම එක් රෑ දාවලක් ජීවත් වන්නෙමි නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. අහෝ මම එක් දාවලක් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම එක් පිණ්ඩපාතයක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම බත් පිඬු සතරක් පසක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහිකැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. මහණෙනි! යම් කෙනෙක් මෙසේ මරණ සති වඩද්ද ඔව්හු දන්‍ධ වැ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍ර‍වක්‍ෂය පිණිස ප්‍ර‍මත්ත වැ වසන්නෝ ය.

‘මහණෙනි! යම් කෙනෙක් “අහෝ මම එක් ආලෝපයක් මුව තබා ගිලින තාක් ජීවත් වන්නෙම් නම් යහපති. -පෙ- ආශ්වාස කොටැ ප්‍ර‍ශ්වාස කරන තාක් හෝ ප්‍ර‍ශ්වාස කොට ආශ්වාස කරන තාක් හෝ ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය යි මරණ සති වඩත් නම් ඔව්හු තීක්‍ෂණ වූ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍ර‍වක්‍ෂය පිණිස අප්‍ර‍මධ්ත වැ වසන්නෝ ය.

මෙසේ පිඬු සතරක් පසක් කා ගිලින තරම් කාලයටත් විශ්වාස නො තබා ජීවිත කාලය ස්වල්පයයි අද්ධාන පරිච්ඡේද වශයෙන් මරණය සිහිකළ යුතු යි.

8. ඛණපරිත්තය

ජීවිතය ඉතා ස්වල්ප ක්‍ෂණයක් පවත්නා වශයෙන් ද සලකා මරණය සිහි කළ යුතු. කෙසේ ද පරමාර්‍ථ වශයෙන් සත්ත්‍වයන්ගේ ජීවිත ක්‍ෂණය ඉතා ස්වල්ප ය. එක චිත්ත ක්‍ෂණයක් පමණ වූ ම කාලයක් වන්නේ ය. රථ චක්‍ර‍ය පෙරලෙන්නේ එක නෙමි ප්‍රදෙශයෙකින් ම පෙරළෙන්නා සේ සිටින්නේත් එක නෙමි. ප්‍රදෙශයෙකින් ම සිටිනා සේ සත්ත්‍වයන්ගේ ජීවිතය ද එක චිත්ත ක්‍ෂණයෙකින් ම පවත්නේ ය ඒ චිත්ත ක්‍ෂණය නිරුද්ධ කල්හි සත්ත්‍වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ.

වදාළේ මැ යි.

“අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්‍ථ, න ජීවති, න ජීවිස්සති. අනාගතෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, න ජීවති, ජීවිස්සති, පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, ජීවති, නජීවිස්සති.” ‘අතීත හෙවත් නිරුද්ධ චිත්තක්‍ෂණයෙහි සත්ත්‍වයා ජීවත් වූයේ ය. ඒ නිරුද්ධ චිත්තක්‍ෂණයෙන් දැන් ජීවත් වෙමින් සිටින්නේ නො වේ. මතු ජීවත් වන්නේ ද නො වේ. අනාගත චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටින්නේ ද නො වේ. මතු ජීවත් වන්නේ ය. වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටී මතු ජීවත් වන්නේ නො වේ’ යනු එහි අර්‍ථ යි.

“ජීවිතං අත්තභාවො ච – සුඛ දුක්ඛා ච කෙවලා,

එකචිත්තසමායුත්තා – ලහුසො වත්තතෙ ඛණො,

යෙ නිරුද්ධා මරන්තස්ස – තිට්ඨමානස්ස වා ඉධ,

සබ්බෙපි සදිසා ඛන්‍ධා – ගතා අප්පටිසන්‍ධියා.

අනිබ්බත්තෙන න ජාතො – පච්චුප්පන්නෙන ජීවති

චිත්තහඞ්ගා මතො ලොකො – පඤ්ඤත්ති පරමට්ඨියා”

‘ජීවිතය ද, ආත්ම භාවය ද, සුඛ දුඃඛ වේදනාව ද යන මෙය හුදෙක් එක චිත්තක්‍ෂණයෙකින් යුක්ත ය. ජීවිත ක්‍ෂණය වහා පෙරලෙ යි’ (ආත්ම භාව යන්නෙන් මෙහි ජීවිත – වේදනා – විඤ්ඤාණ හැරැ සෙස්ස ගත යුතු ය)

‘මැරෙන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද, දැන් මෙහි ජීවත් වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද යන මේ සියල්ලෝ සමානයෝ ය. ඒ දෙපක්‍ෂයෙහි ම වූවෝ ප්‍ර‍තිසන්‍ධාන (ගැළපීම්) රහිත වැ ම ඉක්ම ගියෝ ය” (ජීවිතය එක චිත්තක්‍ෂණක ය.)

‘මේ ලෝක සත්ත්‍වයා නූපන් සිතින් නූපන්නේ ය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේ ය. චිත්තයාගේ භඞ්ගයෙන් මැරෙණේ ය’ (ඒ ඒ ධරන සිත් නිසා තිස්සයා ජීවත් වන්නේ ය. යනාදි වචන ප්‍ර‍වෘත්තිය විෂය වූ) සන්තාන ප්‍ර‍ඥප්තීය පරමාර්‍ථ යි නො නස්නේ යි.

මෙසේ ඛණපරිත්ත වසයෙන් මරණය සිහි කළ යුතු යි.

මෙසේ දැක්වූ අට ආකාර අතුරෙන් කිසියම් ආකාරයෙකින් සිහි කරත් ම නැවත නැවත සිහිකිරීම් වශයෙන් සිත එකඟ වන්නේ ය. මරණාරම්මණ සතිය පිහිටන්නේ ය. නීවරණ විෂ්කම්භන වන්නේ ය ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. එසේ වුව ද මරණ අරමුණ ස්වභාව ධර්‍මයක් හෙයින් ද, සංවේග ජනක හෙයින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය.

ප්‍ර‍ශ්නයෙකි – නිර්වාණය අරමුණු කොටැ ලෝකෝත්තර ධ්‍යාන ද ප්‍ර‍ථම – තෘතීය අරූපාවචර සිත් අරමුණු කොට ද්විතීයචතුර්‍ථ අරූපාවචර ධ්‍යාන ද අර්පණා ප්‍රාප්ත වේ එහි නිර්වාණය ද, ප්‍ර‍ථම – තෘතීය ධ්‍යාන සිත් ද ස්වභාව ධර්‍ම නො වේ ද, මෙහි අර්පණා ප්‍රාප්ත නො වේ ද,

උත්තර මෙසේ යි:- ඔව්හු භාවනා විශේෂ හෙයින් අර්පණා ප්‍රාප්ත වෙති. ලෝකෝත්තර ධ්‍යාන අර්පණා ප්‍රාප්ත වන්නේ විශුද්ධි භාවනාක්‍ර‍ම වශයෙනි. අරූපාවචර අර්පණා ප්‍රාප්ත වන්නේ ආරම්මණාතික්‍ර‍ම වශයෙනි. මෙහි ඒ දෙ විධිය ම නැති බැවින් අර්පණා ප්‍රාප්ත නො වේ. උපචාර ප්‍රාප්ත ම වේය යි දත යුතු යි.

ඒ මේ ධ්‍යානය ස්මෘති බලයෙන් උපන් බැවින් මරණානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණෙන්නේ ය.

මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු භික්‍ෂු නිතර අප්‍ර‍මාද වැ වසන්නේ ය. සියලු භාවයන්හි අනභිරති සංඥාව ලබන්නේ ය. ජීවිත තෘෂ්ණාව හැරැපියන්නේ ය. පාපයට ගර්‍හා කරන්නේ ය. සන්නිධි බහුල නො වන්නේ ය. පරීෂ්කාරයෙහි මසුරු මල නැතියෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යෙයි ඒ අනුසාරයෙන් දුඃඛ සංඥා ද අනාත්ම සංඥා ද වැටහෙයි. මරණසතිය භාවනා නො කොළෝ මරණාසන්න කාලයෙහි ව්‍යාලමෘග – යක්‍ෂ – සර්‍ප – චෞර – වධක යන මොවුන් විසින් අභිභුත වූවන් සේ වහා සන්ත්‍රාසයට – සම්මොහයට පැමිණෙයි. එසේ නො වැ මේ තෙමේ නිර්‍භය වැ අසම්මුඪ වැ කාලක්‍රියා කරන්නේ ය. මේ අත් බැව්හි ඉදින් නිවන් නො ලද්දේ නම් මරණයෙන් මතු සුගති පරායන වන්නේ ය.

“තස්මා හවෙ අප්පමාදං – කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය – මරණානුස්සතියා සදා.”

‘එසේ හෙයින් සුප්‍රාඥ මහානුභාව ඇති මරණානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍ර‍මාද වඩන්නේ යි’

මරණානුස්මෘතියෙහි විස්තර කථා නිමි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NncGBA
💚💛 අපේ බුදුහාමුදුරුවෝ 18 💚💛
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01

දිපංකර බුදුන් වහන්සේ පිරි නිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ සාසනය ද අතුරුදහන් වුනා. දිපංකර බුදුන්ගේ පරිනිර්වානයෙන් එක් අසංඛ්‍යයක් ගෙවි එක් කපක කොන්ඩඤ්ඤ නම් ශාස්තෘන්වහන්සේ කෙනෙක් ලොව පහල වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරා බෝධිඥානය මෝරවා තුසිත ලොව ඉපිද එහි ආයුතාක් කල් වැඩ සිට දේව ආරාධනයෙන් පසු පස්මහ බැලුම් බලා දෙවු ලොවින් චුතවී රම්මවති නම් නුවරක සුනන්ද නම් රජ කුලයේ සුජාතා නම් දේවියගේ කුසෙහි පිළිසිද ගත්තා.

එදත් දීපංකර බුද්ධවංශයේ කී ආකාරයට දෙතිස් පෙළහර ඇතිවුනා. ඉපදීම සිට බුදුවීම දක්වා වූ කාලයේ ඇතිවූ සියලු විශේෂ සිදුවීම් සියලු බුදුවරුන්ගේ බොහෝදුරට එක හා සමාන වුනා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ අවුරුදු දස දහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් “රාම”, “සුරාම”, ’’සුභ’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් තිබුනා. එහි නැටුම් ගැයුම් වැයුම්හි දක්ෂ ඉතා අලංකාර ඇඳුමින් සරසන ලද පරිවාර අඟනෝ තුන් ලක්‍ෂයක් පමණ දිනපතා නැටුම් ගැයුම් වැයුම් පවත්වනු ලැබුවා. බිරිඳ ’’රුචිදේවී’’ නම්. පුත් තෙම ’’ජිනසේන’’ නම් වුනා. අවසානයේ සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම දසමසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය හෙවත් බුදුවීම පිණිස වෙර වෑයම් කොට බුද්ධත්වයට පත්වුනා.

සෑම බුදුවරයෙකුටම අවිජහිත ස්ථාන සතරකි. “අවිජහිත ස්ථාන” යනුවෙන් අදහස් කරන්නේ “අත් නොහරින ස්ථාන” යන්නයි.

අවිජහිත ස්ථාන සතර

01. සෑම බුදුවරයෙකුටම බෝධිපර්යංකය අත් නොහරින ස්ථානයකි. එනම් බුද්‍ධගයා බෝධිමණ්ඩලයයි.
02. එසේම සියළු බුදුවරු ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසති. මෙය ද අත් නොහල ස්ථානයකි.
03. මාතෘ දිව්‍යරාජයා ඇතුලු දෙවිවරුනට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පා තැබූ ස්ථානය, එනම් සංකස්ස අත් නොහල ස්ථානයකි.
04. දෙවුරම් ගඳකිළියෙහි ඇඳ පා පිහිටි තැන් සතර යන මේ ස්ථාන සතර සියළු බුදුවරයන් විසින් අත් නොහැරූ ස්ථාන සතර වුනා. එය කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් සමාන වුනා.

උන්වහන්සේ කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, ළංවිය නොහැකි ලෝකනායත තවත් බුදුවරයෙක් වුනා.
උන්වහන්සේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේද, සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේද, සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේද,වුනා.

මතු සම්බන්ධයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
05-06-2019
මතු සම්බන්ධයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2z88Unf
සහස්සමපි චෙ වාචා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වසන සමයෙහි තඹදැළිරැවුලැති චෞරඝාතකයා අරභයා දේශනා කරනලදි.

හාරසිය අනූනවයක් පමණ සොරු ගම් පැහැරගැනීමාදියෙන් ජීවිකාව කරගෙන ගියහ. ඉන්පසු එක්තරා පිඟුවන් ඇස් ඇති, තඹපාට දැලිරැවුලක් ඇති මිනිසෙක් ඔවුන් ළඟට ඇවිත් මමත් නුඹලා සමග ජීවත්වීමට කැමැත්තෙමියි කීය. ඉන්පසු ඔහු හොරදෙටුවා ළඟට ගෙනගොස් මොහුත් අප සමග ජීවත් වීමට කැමැත්තේයයි කීවෝය. සොරදෙටුවා ඔහු දෙස බලා, මෙතෙම ම වගේ තනයවුවත් කපාගෙන කෑමට, පියාගේ ගෙළ සිඳ ලේ බීමටවුවත් දක්ෂ අතිශයින්ම කර්කෂ එකෙකියි දැනගෙන, මොහුට අප හා සමග විසීමට අවසරයක් නැතැයි ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කෙළේය. දෙවැන්නා, තම ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළත් දෙටුසොරාගේ අතවැසියකු ළඟට ගොස් ඔහුට උපස්ථාන කරමින් ඔහු පහදවා ගත්තේය. අතවැස්සා ඔහුත් රැගෙන සොරදෙටුවා ළඟට ගොස් මෙසේ කීවේය. ස්වාමීනි, මොහු අපට සුදුසුයි. හොඳ උපකාරකයෙකි. මොහු ගැන අනුකම්පා කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉන්පසු දිනෙක නුවරවැසියෝ රාජපුරුෂයන් සමග එක්වී ඒ සොරුන් අල්වා අධිකරණ ඇමතියන් වෙත පැමිණවූහ. ඇමතියෝ ඔවුන් හිස් පොරොවෙන් කපාදමන ලෙස නියෝග කළහ. ඉන්පසු සොරුන් මැරීමට කැමති කවුරුන්දැයි සොයා බැලූවිට ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අනතුරුව සොරදෙටුවාට මෙසේ කීවාහුය.

ඔබ මොවුන් මරාදැම්මොත් සම්මානත් ජීවත්වීමත් ලබාගත හැකිය. එනිසා මොවුන් මරාදමවයි කියාය. ඔහුද තමන් නිසා තමන් ළඟ සිටිනවුන් නිසා ඔවුන් මරාදැමීමට එකඟ නොවීය. මේ ආකාරයෙන් හාරසිය අනූනව දෙනාගෙන්ම විමසා බැලූහ. ඒ සියල්ලෝම අකමැතිවූහ. සියල්ලන්ගෙන්ම පසුව යටකී පිඟුවන් ඇස් ඇති තඹවන් දැළිරැවුලු ඇති එකාගෙන් අසා බැලූහ. හෙතෙම යහපතැයි කැමති වී ඒ සියලු දෙනා මරා ජීවිතයත් සම්මානත් ලැබීය.

නගරයේ දක්ෂින දිසාවෙනුත් අල්ලාගත් සොරුන් පන්සීයක් අල්ලාගෙනවුත් ඇමතියන්ට භාරදුන්හ. ඇමතියෝ පෙර පරිදිම ඔවුන්ගේ හිසගසා දැමීමට නියෝග කළවිට සොරදෙටුවාගේ පටන් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවූහ. පසුව මීට පෙර දිනයේ එක් පුද්ගලයෙක් සොරුන් පන්සීයක් මැරුවේය. ඔහු කොහේදැයි විමසූ විට අසවල් අසවල් තැන්වලදී දක්නාලදැයි කීකල ඔහු කැඳවා මේ සොරුන් මරා දමව. ඒ සඳහා සම්මාන ලැබෙනු ඇතැයි කීහ. හෙතෙම හොඳයි කියා එය පිළිගෙන ඔවුනුත් මරාදමා සම්මාන ලැබීය.

ඉක්බිතිව මොහු මේ ක්‍රියාවට සුදුස්සෙකි. මොහු ස්ථිර චොරඝාතක කරන්නෙමුයයි සාකච්ඡා කොට ඔහුට ඒ තනතුර දී සම්මානද කළහ. බටහිර-උතුරු දිසාවලින් ගෙන ආ පන්සීය පන්සීය බැගින් වූ සොරුන්ද ඝාතනය කෙළේය. මෙසේ සිව්දිසාවෙන් ගෙන ආ සොරුන් දෙදහසක් මරා එතැන් පටන් දිනපතා ගෙන ආ එක්කෙනා දෙන්නා බැගින්වූ සොරුන් මරමින් පනස්පස් වසරක් චෝරඝාතක කර්මය කෙළේය. හෙතෙම මහලු වූ පසු එක පහරින් හිස ගසාලන්ට අසමත් විය. දෙතුන්වර කඩුපහර දෙනු බලාසිටි මිනිස්සු ක්ලාන්ත වූහ. නුවර මිනිස්සු තවත් චෝරඝාතකයකු උපදිනු ඇති. මොහු බොහෝ මිනිසුන් ක්ලාන්ත කරවයි, මොහුගෙන් වැඩක් නැතැයි ඔහුගේ තනතුර පැහැර ගත්හ.

පෙර චොරඝාතක තනතුර දරද්දී ඔහුට අලුත් සළුපිළි අඳින්ට, වෙඬරු හා කිරිකැඳ බොන්ට සමන්මල් පළඳින්ට සුවඳවිලවුන් ගාගන්ට යන මේ කටයුතු සඳහා වේලාවක් නොවීය. ඔහු තනතුරෙන් පහවූ දිනයෙහි මට කිරිකැඳ පිසව්යයි කියා අලුත් සළුපිළිද සමන්මල් සුවඳවිලවුන්ද ගෙන්වාගෙන ගඟට ගොස් නා අලුත් සළුපිළි හැඳ මල් පැළඳ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන ගෙට අවුත් හිඳගත්තේය. ඉන්පසු ඔහුට අලුත් ගිතෙල් මිශ්‍ර‍ කිරිකැඳ ඉදිරියෙන් තබා අත් සේදීමට වතුරගෙන ආහ.

ඒ වේලාවෙහි සැරියුත්තෙරණුවෝ සමවතින් නැගිට අද මා කොතනට යායුතුදැයි තමන්ගේ භික්‍ෂාචාර වේලාව ගැන සලකා ඔහුගේ ගෙදර කිරිකැඳ පිළියෙල වී ඇතිබව දැක, ඔහු මට සංග්‍ර‍හ කරයිද කියා බලා මේ කුල පුත්‍ර‍යා මා දැක මට සංග්‍ර‍හ කරන්නේය, එසේ කර මහ සම්පත් ලබන්නේයයි දැන සිවුරු පෙරවා පාත්‍ර‍යද රැගෙන ඔහුගේ ගෙදොර සිටින්නාක් මෙන් පෙන්වාලූහ. හෙතෙම තෙරණුවන් දැකීමෙන්ම පැහැදුණු සිතැතිව මම බොහෝ කලක් චොරඝාතක කර්මය කෙළෙමි. බොහෝ මිනිසුන් මැරුවෙමි. දැන් මගේ ගෙදර කිරිකැඳක් පිළියෙල වී ඇත. තෙරණුවෝත් පැමිණ මගේ ගෙදොර සිටියෝය. දැන් මම ආර්යයන්වහන්සේට දනක් දීම සුදුසුයයි සිතා ඉදිරියෙහි තිබුණු කැඳ හැරගෙන තෙරුන් වෙත එළඹ වැඳ තමන්ගේ ගේතුළ වඩා හිඳුවා පාත්‍ර‍ය කිරිකැඳවලින් පුරවා අලුත් ගිතෙල් ඉස පිළිගන්වා තෙරුන්ට පවන් සලමින් සිටියේය. බොහෝ කලකින් කිරිකැඳ නොලැබුණු හෙයින් කිරිකැඳ බීමට බලවත් ආශාවක් ඇතිවිය. තෙරණුවෝ ඔහුගේ අදහස දැන උපාසකය, ඔබ ඔබේ කැඳ බොන්න. හෙතෙම වෙන එකකුගේ අතට විජිනිපත දී කැඳ බීවේය. තෙරණුවෝ පවන් සලන පුරුෂයාට කථා කොට යව උපාසකයාටම පවන් සලවයි කීහ. ඔහු පවන් සැලීමද ඉවසාගෙන බඩපුරා කැඳබී අවුත් තෙරුන්ට පවන් සලමින් සිට අහරකිස නිමවූ තෙරුන්ගේ පාත්‍ර‍ය ගත්තේය. තෙරණුවෝ ඔහුට අනුමෝදනා දේශනාව පටන්ගත්හ. උපාසකයාට තමන්ගේ සිත තෙරණුවන්ගේ දේශනාවට යොමුකරගත නොහැකි විය. තෙරණුවෝ ඒබව දැන, උපාසකය, කුමක් නිසා ඔබේ සිත දේශනාවට යොමුකර ගත නොහැකි වන්නේදැයි ඇසූහ. ස්වාමීනි, මම දිගු කලක් ඉතා දරුණු ක්‍රියාවක් කෙළෙමි. බොහෝ මිනිසුන් මරාදැමුවෙමි. මම ඒ ක්‍රියාව සිහිකරමින් මගේ සිත ආර්යයන්වහන්සේගේ දේශනාව කෙරෙහි යොමුකරගත නොහැකිවී සිටිමි. තෙරණුවෝ, මොහු රවටන්නෙමියි සිතා, මොකද ඔබ එය සිතාමතාම කැමැත්තෙන්ම කෙළෙහිද, නැත්නම් අනුන්ගේ කීම නිසා කෙළෙහිද? ස්වාමීනි, මා ලවා රජුන් විසින් කරවනලදි. ඉතින් එසේනම් උපාසකය, අකුසලයක් වෙයිද? මුළාවට පත් උපාසක තෙම තෙරුන් එසේ කීකල මට පවක් සිදුවී නැත යන සංඥාව ඇතිකරගත්තේය.

එසේනම් ස්වාමීනි බණ කියනු මැනවැයි කීය. හෙතෙම තෙරණුවන් අනුමෝදනා කරද්දී එක්සිත්ව බණ අසන්නේ සෝවාන් මගට පහතින්වූ අනුලෝමික ඥානය උපදවා ගත්තේය. තෙරණුවෝ අනුමෝදනාව කොට වැඩියහ. උපාසකයා තෙරුන් අනුව ගොස් නැවතුණු විට එක් යක්ෂණියක් ගවදනකගේ වෙස් ගෙන අවුත් ඔහුගේ පපුවට ඇන ඔහු මරා දැම්මේය. හෙතෙම කළුරියකොට තුසිතපුරයෙහි උපන්නේය.

ධර්මසභාවෙහි රැස්වූ භික්‍ෂූහු, චෝරඝාතකයා පනස්පස් වසරක් දරුණු අපරාධ කොට අදම එයින් මිදී අදම තෙරණුවන්ට භික්ෂාවදී අදම මිය පරලොව ගොස් කොහි ඉපදුණේදැයි කථාවක් ඇති කළහ. ශාස්තෘන්වහන්සේ එතැනට වැඩමවා මහණෙනි, මේ වේලාවේ කිනම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා, මෙබඳු කථාවකිනුයි කී කල්හි, මහණෙනි, ඔහු තුසිතපුරයෙහි උපන්නේයයි වදාළහ. ස්වාමීනි, කුමක් වදාරනසේක්ද? මෙතෙක් කල් මෙපමණ මිනිසුන් මරා තුසිත භවනයෙහි උපන්නේද? එසේය මහණෙනි, ඔහුට මහාකල්‍යාණ මිතුරෙක් ලැබුණේය. හෙතෙම සැරියුත්තෙරණුවන්ගෙන් බණ අසා අනුලෝම ඥානය ලබා මෙයින් චුතව තුසිතවිමානයෙහි උපන්නේයයි වදාරා මේ ගාථාවද ප්‍ර‍කාශකළහ.

චොරඝාතක තෙම මැනවින් කී බණ අසා

අනුලොම්නුවණ ලැබගෙන සතුටුවෙයි තුසිතයේ ඉපදී

ස්වාමීනි, අනුමෝදනා කථාව එතරම් බලවත් නොවෙයි. ඔහු කළ අකුසලකර්මය ඉතා මහත්ය. ඉතින් ඒ පමණකින් මෙවැනි විශේෂ උත්පත්තියක් ලබන්නේ කෙසේද? මහණෙනි, මා දෙසූ දහමෙහි හුඟක්ය ටිකක්ය කියා පිළිගන්නහුද? අර්ථවත් එක වචනයක් වුවද ශ්‍රේෂ්ඨම වන්නේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

දහසක් වදන් කීවත්

අරුතක් නොමැති නම් එහි

එක දම්පදය වටිනේ වෙයි

ඒ අසා සැනසේ නම්

එහි සහස්සම්පි යන කොටකර කී වචනයකි. එක්දහස, දෙදහස ආදි මේ අයුරින් වෙන්කොට කීමක් ඇත. ඒ වචනද අරුතින් තොර ආකාශවර්ණනා, පර්වතවර්ණනා, වනවර්ණනා ආදි නිවන් අරමුණු නොකොට ප්‍ර‍කාශකයන්ගේ අරුතින් තොර පදසංයෝගයක් මෙන් පද බහුල වෙයිද, ඒ පද පාපී පැත්තටම බරවේ යනු අරුතයි. එකං අත්ථපදං යනු යම් පදයක් අනුව මේ කයයි, මේ කායගතාසතියයයි කියවෙන පද අනුව ත්‍රිවිධ විද්‍යාවන්ට පැමිණ බුද්ධානුශාසනය කරගන්නාලදි යනාදි වශයෙන් අර්ථයක් ලබා දෙන පදයෝයි. එකං අත්ථපදං සුත්වා යනු යම් පදයක් නිසා රාගාදි කෙලෙස් ව්‍යපසමනය වන්නේය යන අරුතින් උපසම්මති වුපසම්මති නම්වේ. එබඳු පදය අර්ථයක් ගෙනදෙන්නේය. නිවන් හා සමග සම්බන්ධය. ස්කන්ධධාතු ආයතන ඉන්ද්‍රිය බල බොධ්‍යංග සතිපට්ඨාන විසඳා දෙන්නේය. එබඳු එක පදය පවා ශ්‍රේෂ්ඨ වන්නේමය යන අර්ථයි. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

මතු සම්බන්ධයි!

පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සම්පූර්ණ ලිපි මාලාව: https://ift.tt/2LssJge

තෙරුවන් සරණයි!