Monthly Archives: September 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Qkbvpt
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 51 🧡💛

🌷 මාළිගය යානාවක් කොට බුදුබව පතා නික්මුණු පදුමුත්තර බුදුහාමුදුරුවෝ 02. 🌷

🌻 ඒ පදුමුත්තර බෝධිසත්වයන් වහන්සේටත් තුන් ඍතුවට ම යෝග්‍ය වූ මහා ප්‍රාසාද තුනක් ලැබුණා. වසුදත්තා දේවිය ප්‍රමුඛ එක්ලක්ෂ විසි දාහක් ස්ත්‍රීහු උන්වහන්සේට උවැටන් කරනු ලැබුවා. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල කළ සතර නිමිති දැක සසර කලකිරී මහබිනික්මන් කරමි යයි උන්වහන්සේට අදහස් පළ වුණා . හරිම පුදුමයි ක්ෂණයක් ගත වුණා පමණයි . ඒ මහා ප්‍රාසාදය කුඹල් සකක් මෙන් අහසට නැග දෙව් විමනක් මෙන්ද පුන්සඳ මෙන් ද අහසින් ගොස් බෝරුක මැදිකොට සෝභිත බුද්ධ වර්ණනාවේ ආ ප්‍රසාදය මෙන්ම බිමට බැස්සා .

🌻 ඒ මහා පුරිස්හු ඒ පහයෙන් බැස වෙසක් පුන් පොහෝ දින උදේනි නිගමයෙහි රුචිනන්දා සිටුදියණිය දුන් මී කිරිබත් වළඳා සල්උයනෙහි දිවාවිහාර කොට සවස් කාලයේ සුමිත්තාජීවකයන් දුන් අටතනමිට ගෙන සලල බෝධිය වෙත ගොස් පැදකුණුකොට අටතිස් රියන් පුළුලැති තනඇති අතුරා පලක් බැඳ චතුරංග විර්යාධිෂ්ඨානයෙන් මරුසහිත මරබල නසා පෙරයම පෙර විසීම් සිහිකොට දෙවන යාමයෙහි දිවැස පරිසිදුකොට තෙවන යාමයෙහි ප්‍රත්‍යාකාරය මෙනෙහි කොට ආනාපානසති චතුරාර්යධ්‍යානයෙන් නැගී පස්කඳෙහි වැද උදයවය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඥානය තෙක් වඩා අර්යමාර්ගයෙන් සියලු බුදු ගුණ ප්‍රතිවේද කොට සියලු බුදු වරුන්ට ආවේණික “අනේක ජාති සංසාරං” යන උදාන වාක්‍ය පවසමින් බුද්ධත්වයට පැමිණ උදන් ඇනුවා. ඒ මොහොතේ දසදහසක් සක්වළ අලංකාර කිරීමට මෙන් පියුම් වැසි සක්වළ පුරාම වසිනු ලැබුවා.

🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼🌺🌸🌼

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
16-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30fFP8s
එක් භික්ෂුවක් වනයේ සැරි සරමින් තමා ට විසීමට සුදුසු භූමියක් සොයාගති. එය සුසාන භූමියට යාබද බව උන්වහන්සේ නොදැන සිටියහ. මෙම කතා පුවත ආචාර්ය මන් ගෙන් අසා දැන ගතිමු. තමාට නුහුරු ප්‍රදේශයක් බැවින් ගමේ මිනිසුන්ගෙන් අසා මෙහි නැවතුණි. එදින රාත්‍රිය කිසි බියක් නැතිව නැති ව පසු වුණි. පසුදින ගමේ මිනිස්සු මල මළසිරුරක් ඔසවා ගෙන යනු දුටුවේය. උන්වහන්සේගේ කුටිය අසල එම මෘත ශරීරය ආදාහනය කොට ගියහ. උන්වහන්සේට රෑ මුළුල්ලේ දැවෙමින් තිබුණ මළ සිරුර දිස්විය. මෘතදේහය දැකීමෙනුත් චකිතයට පත් පත් වූ නිසා රෑ ගත කිරීමට බිය වි‍ය. දැන් යාමට තැනක් නැත. මළ සිරුර දැවෙන දෙස බලා සිටියේය. ඉන් මහා බියක් හටගති. රෑ වෙන විට හුස්ම ගන්නටවත් නොහැකි ය.

භික්ෂුවක් අවතාරවලින් බිය ගැනීම යනු අනුකම්පා කළ යුතු දෙයකි. මෙම පුවත් ගැන ලියන්නේ ප්‍රේක්ෂක ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන විට ඇතිවන මානසික විකෘතිය දැන ඉන් පාඩමක් ඉගෙනීම පිණිස ය.

හුදකලාව සිටි උන් වහන්සේට මේ බිය නිසා භාවනා කළ නොහැක. ඇස් පියා ගත් විගස අවතාර ගණනාවක් තමන් දෙස එනු පෙනේ. දැන් උන්වහන්සේ වටකරගෙන මේ පිරිස සිටී. උන් වහන්සේ භයින් ත්‍රස්ත වූහ.

උන්වහන්සේ මහණ වී මෙපමණ කලක් මෙවැනි දේ දැක නැත. මේ නම් මායාකාරී සිතේ ස්වභාවයක් ද? මගේ මනසින් මවා ගත් රූප ද?

ධූතාංග රකින භික්ෂුව මරණභයින් හෝ අවතාර වලින් තැති ගන්නේ නැත. එ බැවින් මෙසේ සිතන්නට විය. “නිර්භයය ධුතාංග භික්ෂුව සියලු දෙනාම අගය කරති. එහෙත් මම දැන් අවතාර නිසා බියට පත් වෙමි. මම සම්පූර්ණ භයින් වැටුණු අසමාර්ථයෙකි. මම මහණ වූයේ හොල්මන් අවතාර වලට භයින් සිටීමට ද? මම ධුතාංග භික්ෂූන්ට නින්දාවකි. මිනිසුන් සිතන්නේ අප කෙලෙස් මාරයන් ජය ගන්නා වීර පුරුෂයන් කියාය. බිය දුරු කළ අය ලෙස ය. මෙයට ඉඩ දෙන්නේ ඇයි?

මෙසේ තමන්ට අවවාද කරමින් තමන්ගේ දුර්වලකම දකිමින් බිය ඉක්මවීමට අධිෂ්ඨාන කොට එයට මුහුණ දීමට සිතුවේය. මෘත දේහය දැවෙමින් ඇත. එහි යා යුතු යැයි උන්වහන්සේ සිතූහ. සිවුරු හැඳ පොරවා එදෙසට ගමන් ගති. අඩි කිහිපයකට පසු කකුල් ගල් ගැසුණි. එතනම සිටියේය. සෙලවීමට බැරිය. හදවතේ ගැස්ම අධිකය. දාඩිය ගලා යයි. මේ අවස්ථාවේ දී කරන්නට දෙයක් නැත. මුළු වීර්ය යොදා එක කකුලක් ඔසවා ඉදිරියෙහි තැබීය. අනික් කකුලත් ඔසවා ඉතා සිහි සිහිබුද්ධිය ඇතිව අඩිය තබා තම ශරීරය එදෙසට ගමන් කර වීය. මරණ බියෙන් මුළු ගත වෙව්ලා යයි. එය නවත්වා ගත නොහැක. එහෙත් ඉදිරියට ගමන් කළේය.

ඉතාම දුකසේ දැවෙන මෘතදේහය ළඟට පැමිණුනි. නමුත් ඉන් කිසිම සැනසුමක් නැත. ක්ලාන්ත ගතියක් ඇත ඔල්මාද වී කරකියා ගන්නට කිසිවක් නැතුව එම දැවෙන මෘත දේහය දෙස බැලුවේය. හිස්කබල සුදු වී සුදු පැහැයක් වී තිබුණි. එය දැක තවත් ක්ලාන්ත විය. මෙ පමණ බිය ඇතත් එතැන වාඩි වී භාවනා කරන්නට පටන් ගති. මළ මිනිය උන්වහන්සේගේ අරමුණ විය භයින් ත්‍රස්ත වූ සිතින් මෙසේ කීවේය. “මම මැරෙන්න යනවා. මේ මළමිනිය වගේ මැරෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මම මැරෙනවා කවදහරි මැරෙනව. බයවී වැඩක් නැහැ.”

මෙසේ භයංකාර වූ සිත මැඩ පවත්වා ගැනීමට මෙම භාවනාව මෙනෙහි කළහ. මළ යකුන් අවතාර සිහිපත් වේ. ඒ මොහොතේ දී ම යම් ශබ්දයක් පසුපසින් ඇසුණි. යමෙක් එන අඩි ශබ්දයකි. ශබ්දය නැවතුණි. නැවත පටන් ගති. හෙමිහිට එන ශබ්දයෙකි කුරුමානම් කර පසුපසින් එකවරම තමන් වෙත පනිති. භීතිය හා මනක්කල්පිත ය කෙතරම්ද යනු කිය නොහැකිය වේගයෙන් උඩ පැන දුව යන්ට වේ. කෑ ගසා විලාප කියා “අවතාර යක්කු” එහෙත් කතා කරන්නට බැරි විය. දුවන්නට බැරි බැරි විය. තම සිත දෙස බලමින් නිශ්චල ව සිටියහ. අඩි ශබ්දය ළඟ ළඟ ඇසේ. වාර දෙක තුනකට දුරින් නැවතුණි. දුවන සිත බලවත් වේ. එවිට වෙනත් ශබ්දයක් ඇසුණි. හප හපා කන ශබ්දයෙකි. “කූරස්,කූරස්” විකන ශබ්දයෙකි. ඒ වන විට මනස විකෘති විය. මොනවද මේ කරන්නේ ඊළඟට මගේ ඔලුව හප හපා කාවි. මහා භයානක රෞද්‍ර යකා පැන මා කා දමාවි මම ඉවරයි.

මෙසේ සිතමින් සිටීමට කොහෙත්ම නොහැකි විය. ඇස් හැර බලන්නට සිතුණි. භයානක දෙයක් නම් දුවන්නට ඕනේ. මේ යකා කනකම් ඉන්නේ මොකටද? මම මරණයෙන් බේරෙමි. මගේ භාවනාව කරගනීමට පෙර ජීවිතේ බේරා ගත යුතුයි. මේ යකාට මාගේ ජීවිතේ පිදීමෙන් ඇති වැඩේ මොකක්ද? මෙසේ සිතා බැහැර පිටුපසඇහැර පිටුපස ශබ්දය දෙස බැලුවේය. වේගයෙන් පැන ගැනීමට දැන් සූදානම්ය. අන්ධකාරයේ බලාසිටියේය. එහි ගමේ සුනඛයෙකි. මිනිස්සු කා තැබූ ආහාර කන බව දුටුවේය. යකුන්ට දුන් පිදේනි වෙති. බඩගින්නේ සිටි සුනඛයා ආහාර සොයමින් ඇවිත් මෙය කන්ට වුනි. තමන් එහි හිඳීම ගැන කිසි වගක් නැත. ඌ කෑම කන ශබ්දය ඇසුණි.

මේ ශබ්දය සුනඛයාගේ බව දැනුණු සැණින් එම භික්ෂූන් වහන්සේ සිනාසුනි. සුනඛයා දෙස බලමින් මෙසේ කීවේය. සුනඛයා මේ කිසිවක් නොදැන ආහාර බුදී. “හා උඹ ද මේ මා බිය ගැන්වූ මහා යකා?” උඹ මා උමතු කලෙහිය. මම ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගතිමි. මේ ආදිය කියමින් තමා කෙතරම් බියසුල්ලෙක්ද? මෝඩයෙක් ද? යන්න ගැන මහත් පුදුමයකට පත්වුණි. මම මහත් උත්සාහයක් දරමින් යුද වදින සෙබලෙක් මෙනි. මගේ මගේ බිය දුරු කරන්ට කරන්නට සිතුවෙමි. එහෙත් මා බියෙන් මූර්ජා වීමට පත්වූයේ මේ සුනඛයා ආහාර බුදින ශබ්දයෙනි. පිස්සු ධුතාංග භික්ෂුවක් පණ එපා කියමින් දිවීමට වෙරදැරූහ. මා මගේ අවසාන මොහොත, තත්පරය ඉවසා සති, ප්‍රඥාවෙන් මේ බය කුමක්දැයි හඳුනා ගතිමි. නැත්නම් මා දුවමින් පිස්සු වැටෙන්ට තිබුණි. හැබෑටම මා මෙතරම් බොළඳ ද? තව ඉදිරියට මේ චීවරය දැරිමට සුදුස්සෙක් ද? මේ කහපාට චීවරය නිර්භය වීමේ සංකේතයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ මගේ නිර්භීත භාවය අසීමිත විය යුතු නොවේද? මෙතරම් දුබල සිතක් ඇති මා පිඬුසිඟා වැළඳීම සුදුසු ද? අහිංසක දායකයෝ ශ්‍රද්ධාවෙන් හා ගරු බුහුමනින් දෙන මේ දානය මා වැළඳිය යුතු ද? මෙතරම් විලිලැජ්ජා නැති විදියේ බියසුල්ලෙක්වූ මම කෙසේ මේ වරදින් මිදෙම්ද? ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වෙන කිසිම ශ්‍රාවකයෙක් මේ තරම් බිය සුළු නොවේ. මා වැනි දුර්වල නිහීන පුද්ගලයෙක් නිසා මුළු සංඝ ශාසනය අශෝභන වී ඇත. මේ වැනි තවත් අය ඇත්නම් සංඝ ශාසනය විනාශ වන්නේ ය. අවතාර ගැන මා තුළ ඇති බිය දුරු කර ගන්නේ කෙසේද? මගේ ලැජ්ජාවේ නිමක් නැත. එක්කෝ අවතාර ගැන ඇති බිය මේ මොහොතේ නැති කරනු! නැත්තම් මැරෙනු! මින් මතු මගේ හදවත පාගා දැමීමට අවතාර වලට ඉඩ නැත. තමන්ට මෙතරම් ලැජ්ජා කර ගන්නා භික්ෂුවක් මේ ලෝකයේ සිටීම යුතු නැත. තම ධර්මය ට, ආගමට මා මහත් ලැජ්ජාවකි.

මෙසේ තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ගරු ගාම්භීර ලෙස බාර වුණි. පොරොන්දු වුණි. මම මේ අවතාර වලට ඇති බය දුරු කර ගන්නා තුරු මේ ආරණ්‍යයේ වාසය කරමි. මැරුනත් කමක් නැහැ මේ බිය නැතිකර ගන්නට නොහැකි නම් මේ ලැජ්ජාව විඳිමින් සිටීමෙන් කම් නැත. අන් අය ද මගේ නරක ආදර්ශය අනුගමනය කරති. එවැන්නෝ ද කිසි වැඩක් නැති නිකමුන් වෙති. එවැන්නෝ සාසනයට බරකි.

අන්තිමේදී උන්වහන්සේ මේ සුසාන භූමියේ රෑ දවල් දෙකේ වාසය කරමින් තම බිය නැති කර ගැනීමට තීරණය කළ හ. තමා ඉදිරියේ ඇති මළ මිනිය දෙස තීක්ෂණව බලමින් තමාගේ ශරීරයත් එබඳු බව වටහා ගත්හ. සතර මහා භූතයන්ගෙන් සැදුම් ලත් සිරුර කි. විඤ්ඤාණය ඇති තාක් කල් මේ සිරුර නොමැරී කුණු නොවී පවතී. එය පහවූ විට සතෙකු හෝ වේවා මිනිසකු හෝ වේවා කුණු වෙති. කැඩී බිඳී වෙන්වී වෙති. මළකුණක් බවට පත්වෙති.

තමා සුනඛයෙක් නිසා මෙතරම් බියට පත්වූ බව නිසැකය. එය සිතා ගැනීමට වත් දුෂ්කරය. මින් මතු අවතාර ගැන නොසිතමි. හොල්මන් වලින් බිය නොවෙමි. තමාගේ සිත තමා රැවටූ බව පැහැදිලිය. මෙවැනි මුලාවක් නිසා විඳි දුක අප්‍රමාණය. ගම් සුනඛයෙක් ආහාර බුදින විට මෙතරම් බියක් බියක් ඇති වන්නේ කෙසේද? ජීවිතයත් මරණයත් අතර සටනක් වූයේ නොවේ ද?

උන් වහන්සේ මෙසේ සිතූහ.

සංඥාව හැමදා ක්‍රියාත්මක වූ නමුත් මේ අවධියේ දී සංඥාව මහත් කැළඹීමකට විනාශයකට මා පත් කළේය. ධර්මයට අනුව සංඥාව යනු ප්‍රබල මුළාවකි. මායාවකි. එහෙත් මේ තාක් එය වැටහුනේ නැත. දැන් මගේ මරණයේ දුර්ගන්ධය මට ම දැනෙයි. මේ කාරණය තේරුම් යයිද? මා හොල්මන් වලට තිබූ බය ද සංඥාවේ රැවටිල්ලකි. මින්මතුවට සංඥාව මා රවටන්නේ නැත. මම මේ සුසානයේ සිටිමින් සංඥාව නැමැති විජ්ජාකාරයා මරා මෙහිම වලලන්නෙමි. මින් මතුවට හොල්මන් සංඥාව මට දුක් නොදේ. ඒ තෙක් මෙහි රැඳී සිටිමි දැන් මගේ වාරය පැමිණ ඇත. සංඥාව නැමැති මායාකාරී රැවටිලිකාරයා මරා පුළුස්සා දැමීමට මට හැකි වේ. මෙහි පැවති කුණු වූ මිනිය පුළුස්සා දමන්නා සේ එය පුළුස්සමි. සංඥාවේ යටි කූට්ටු මායාව මම ජය ගනිමි. මගේ ජීවිතයේ දැන් ඇති එක ම අරමුණ එයයි.

මේ භික්ෂුව සංඥාව සමග සටන් වදී. අවතාරයක් ඇතැයි සංඥාව ලැබූ විගස ඒ දිශාවට ගොස් පරීක්ෂා කරයි. රාත්‍රී කාලයේ නොනිඳා මේ මායාකාරයා පසුපස එළ වීය. අන්තිමේදී සංඥාව දුර්වල වී තමන් යටත් කිරීමට නොහැකි විය. සවස් යාමයේ දී මේ අවතාර සංඥාව තමන්ට වද දුනි. එය ගමේ බල්ලෙකුගේ වේශයෙන් ආවේය. මේ බාහිර සංඥාව මෙසේ මර්දනය කර අභ්‍යන්තර සංඥාව අරමුණු කළේය. එහෙනම් බය, සැක, දුක, ආදී කෙලෙස් ය. රාත්‍රී පුරා මෙම සංඥාවන් හඳුනාගෙන මෙනෙහි කළහ. යම් කිසි බියක්, සැකක්, දුකක්, ආ විගස එම සංඥාව හඳුනා ගෙන පලා හරිති. අවසානයේදී උන්වහන්සේ ඉතාමත් නිර්භීත භික්ෂුව බවට පරිවර්තනය වූ හ. එය විශ්මිත දෙයකි. මෙම සිද්ධිය උන්වහන්සේගේ මුළු ධර්ම මාර්ගය දියුණු කිරීමට විශාල ලෙස බලපෑවේය. හොල්මන් වලට තිබූ බිය ධර්ම පාඩමකි. එය නිවන් පිණිසම විය.

මා මේ කතාව ඇතුළත් කළේ පාඨක ඔබ යම් වටිනා ප්‍රඥාවක් ලබාගනිති යන අදහසිනි. ආචාර්ය මන් ගේ ජීවිත ප්‍රවෘත්තිය ද ඔබට බොහෝ උපකාර වේ යැයි මම සිතමි. මෙම කතාවේ කථාවේ සඳහන් වූ පරිදි ධුතාංග භික්ෂුවකගේ එක් චර්යාවක් නම් මෙසේ සුසානයේ විසීමයි…

(ආචාර්ය මන් භූරිදත්ත මහා රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය නමැති පොතෙන් උපුටා ගන්නා ලදී)

Path To Nirvana පේජය වෙනුවෙන් සැකසූ මෙම ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානමය පුණ්‍යකර්මයට ඔබත් සහභාගී වන්න!

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Qmu8sL
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 50 🧡💛

නාරද බුදුන්ගේ ශාසනය අවුරුදු අනූපන්දහසක් පැවතිලා අතුරුදහන් වුනා. එලෙස ඒ කල්පය ද විනාශ වුණා . ඉන් පසු ව අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව පහල උනේ නැහැ. එවැනි කල්ප බුද්ධ ශූන්‍ය කල්ප වශයෙන් හඳුන්වනවා. නැවතත් බුද්ධාලෝකයෙන් ලොව තොර වී අන්ධකාරය රජ කරන්න වුනා. සතර අපාය පිරී ඉතිරිමත් දිව්‍ය තල හිස් වීමත් එවැනි කල්ප වල තවත් ලක්ෂණයක්. එවැනි අසංඛ්‍ය කල්පයක් නිමා කරමින් තවත් මණ්ඩ කල්පයක ආලෝකය ලොවට උදාවන්නට වුනා. මණ්ඩ කල්පයක් කියන්නේ බුදුවරු දෙනමක් පමණක් පහළවන කල්පයකට. ඒ අවිදු ගනඳුර ,නිමා කරමින් සකලලෝකෝත්තර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනා.

උන්වහන්සේද පාරමී පුරා තුසිතපුර ඉපිද එයින් චුතවී හංසවතී නුවර සකල ජන ආනන්දකර නන්දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවියගේ කුස පිළිසිද ගත්තා. දෙවියන් විසින් ආරක්ෂා ඇති එතුමිය දසමස් ඇවෑමෙන් හංසවතී උයනෙහි පියුමතුරා කුමරු ප්‍රසූත කළා. අනෙකුත් බෝධිසත්වයන්ගේ වගේම උන්වහන්සේගේ උපතිදීත් මිට ඉහත විස්තර කල පරිදී දෙතිස් පෙළහර ලොවෙහි ඇති වුනා. උන්වහන්සේගේ උපතේදී ද පියුම් වර්ෂාවක් ඇද හැලුනා. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයේ නෑයෝ පදුමුත්තර කියා නම් තැබුවා. උන්වහන්සේ මෙලෙස අනේක විදි සැප සම්පත් මැද අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසය කළා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

15-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Ob4Fjt
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 49🧡💛

🍂 නාරද බුදුහාමුදුරුවෝ 04

🍂 ඒ නාරද භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංශිප්ත කොට සදහන් වෙනවා.

පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නම්න් ’’නාරද’’ නම්වූ සම්බුදු රජතෙම වී.

ඒ නාරද බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේය.

ඒ උයනෙහි ලෝකයෙහි ප්‍රසිද්‍ධවූ, දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.

ඒ තොටිල ගස මුලදී වජ්‍රයකට බඳු හෙවත් තියුණුවූ පමණ කළ නොහැකි සර්‍වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කෙළේය.

ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් තණි රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ගේ උපන් නුවර ’’ධඤ්ඤවතී’’ නම්. පියතෙම ’’සුදෙව’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අනොමා’’ නම් වූවාය.

ඒ නාරද බුදුරජතෙම බුදුවීමට පෙර අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. ’’ජිත’’ ය, ’’විජිත’’ ය, ’’අභිරාම’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි. බිරින්ද ’’විජිත සේනා’’ නම් වූවාය. පුත් තෙම ’’නන්දුත්තර’’ නම් වී.

සතර පෙර නිමිති දැක, පා ගමණින් මහබිනික්මන් කෙළේය. නාරද ලෝනා හිමිඳ සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ට ’’භද්දසාල’’ ද, ’’ජිනම්ත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ ’’වාසෙට්ඨ’’ නම් වී.

’’උත්තරා’’ ද, ’’ඵග්ගුණී’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’උග්ගරින්‍ද’’ ද, ’’වසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ඉන්‍දවරී’’ ද, ’’ඉන්දී’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අසූඅට රියනක් උස්වූ, රන් ඇගෑවක් පහන් කණුවක් බඳු නාරද මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබලවති.

ඒ නාරද බුදුරජුන්ගේ ශරීරයෙන් බඹයක් පමණවූ ආලෝකය හාත්පස නිතර දුවයි. පැතිරෙයි. දවල්ද, රෑද නිතර යොදුනක් තැන් පතුරුවයි.

ඒ කාලයෙහි නාරද බුදුරජුන්ගේ රශ්මියෙන් පැතුරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම්ද, පහන්ද නොදල්වත්.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. ඒ නාරද බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

යම්සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරුව හොබීද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොටගෙණ ශෝභාවත් විය.

ඒ නරදෙටු නාරද බුදුරජතෙම රහතුන් හැර සෙසු පිළිවෙත් පිරූ සෙඛාදී පුද්ගලයන්ට සංසාර නමැති සැඩපහර එතර කිරීම පිණිස මාර්‍ග නැමැති හෙය ඒදණ්ඩ දැඩිකොට තබා පිරිනිවි සේක.

අසමසමවූ ඒ නාරද බුදුරජතෙමේද, අසමාන තෙද ඇති ඒ රහත්හුද යන සියල්ල අතුරුදන්වී. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නොවෙත්ද?

නාරද ජිනරාජයන් වහන්සේ සුදස්සන නම් නුවරෙහි පිරිනිවි සේක. ඒ නුවරෙහිම ජිනථූප දාගැබ තුන් යොදුනක් උසට බැන්දේය.

🍂 නාරද බුදුරජුන්ගේ බුද්ධවංශ කතාව සමාප්තයි. 🍂

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
13-08-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2V3yFir
කෙනෙක් අහනවා උඩඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගෙන් “හාමුදුරුවනේ මට මෙහෙම ශාරීරික ලෙඩක් තියෙනවා. මෙහෙම මානසික ලෙඩ තියෙනවා. මේ වගේ ලෙඩ තියෙන අය භාවනා කරන්න සුදුසු ද?”. උන්වහන්සේ වදාලා මෙහෙම “කෙනෙක්ට කන කෑම ටික දිරවනවා නම්, සාමාන්‍ය විදිහට නිදාගන්න පුලුවන් නම්, ගුරු කමටහන්/අවවාද යටතේ භාවනා කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් ඇගේ කෑල්ලක් ගිහින් තිබුනත්, අර දෙක තියෙනවා නම් භාවනා කරන්න. හැබැයි භාවනා කරන්නෙ සිතේ සංසිදීම, නුවණ දියුණු වීම, කෙලෙස් තුනී කරගැනීම ආදී වූ දේට මිස, ලෙඩ සුව කරන්න නෙමෙයි. එහෙම කරන්නත් එපා, මෙහෙ එන්නත් එපා එහෙම අදහසකින්. ඒවා ම්ථ්‍යාවන්. බුදුරජාණන්වහන්සේ කිව්වේ මේ මුලු පංචඋපාදානස්කන්ධයම ලෙඩක් කියලා. ඉතින් ලෙඩ හොද කරන්න නෙමෙයි, ඒවා නිරෝධයට තමයි භාවනාව කරන්නෙ”

New at Little Bit


from Path to Nirvana https://ift.tt/30bjMQm
💛🧡අපේ බුදුහාමුදුරුවෝ 48🧡💛
🍂 අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ – නාරද බුදුහාමුදුරුවෝ 03 🍂

🌷 නිරන්තරයෙන් යොදුනක් බුදුරැස් විහිදුන නාරද බුදුහාමුදුරුවෝ.

තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා . ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක් . සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න . නාරද බෝසතාණන් වහන්සේ එවැනි අනේක වූ සැප සම්පත්ද සක්විති රජකම ද හැර දමා තමයි බුද්ධත්වය සඳහා පැමිනුනේ.

නාරද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයනුත් බුද්ධ රශ්මි ධාරා යොදුනක් පමණ පැතිරුණා කියල තමයි අට්ඨකථාවේ කියන්නේ. ඒ නිසාම උන්වහන්සේ වැඩ සිටින තැන්වල ජනතාව පන්දම් පහන් දැල් වූයේ නැහැ . කාලය සෙමින් ගත වෙද්දි උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා .

🌷 ප්‍රථම සන්නිපාතය

පළවෙනි සන්නිපාතය ඇතිවුණේ ථුල්ලකොට්ඨිත නුවරයි. භද්දසාල විජිතමිත්ත කියන්නේ උන් වහන්සේගේ අගසව් දෙදෙනා. දිවි ජීවිතේ ඒ දෙන්නා හොඳම යාලුවෝ .ඔවුන් දෙදෙනා නිවන් මග සොයමින් එනකොට තමයි දැක්කෙ බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද වැඩ සිටිනවා . ඒ අතිශයින් ප්‍රභාස්වර වූ නාරද බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් මේ කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුවරයෙකු යයි නිෂ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදි බව ලබා ගත්තා. ඒ පැමිණීම ඒ බුදු රජාණන් වහන්සේත් බලාපොරොත්තු වෙන්න ඇති. ඔවුන් පැවිදි ව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දේශනා කළා. එයප්‍රථම සන්නිපාතයයි.

🌷 දෙවැනි සන්නිපාතය

යම් කාලෙක නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ වහන්සේගේ ඥාති සමූහයා අරභයා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූවා. ඒ තමයි උන්වහන්සේ ගේ පළමු බුද්ධත්ව ප්‍රාර්ථනය සිට බුද්ධත්වය දක්වා ආ මග මඟ පිළිබඳව සවිස්තර ව දේශනා කළ අති මිහිරි බුද්ධ වංශ කතාවයි . එදා අනූ කෙළ දහසක් භික්ෂූන්ගේ දෙවැනි සමාගමය වුණා .

🌷 තෙවැනි සන්නිපාතය

ඒ වගේම මීට ඉහත සදහන් කළ දොණ නාගරජ දමනය දැකබලා පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවුවක් පමණ වූ සත් රුවන් මණ්ඩපයක් මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍ර බව දැක්වීම පිණිස ආරාධනය කොට නාග නළු නිළියන් ද විවිධ වේශලංකාරධර තාලාවචරයන්ද රැස් කොට මහා සත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහ දන් පූජා කළා. ඒ මහජන මහා දානමය පිංකම පිංකම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්‍ය ගංගාවක් ගලන්නා විලසින් පුණ්‍යානුමෝදනාවක් කලා. ඒ පුණ්‍යානුමෝදනාවක් අසා පැහැද එහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා . ඒ තෙවැනි මහා සන්නිපාතය වුණා

🌷 අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පැවිදි තවුසෙක් ව හිමවතහි අසපුවක් තනා පංචාභිඥා ද අෂ්ටසමාපත්ති ලාභීව ද වැඩ වාසය කළා. ඒ කාලේ ඒ මහා බෝසතාණන් වහන්සේට මහත් වූ අනුකම්පාවෙන් නාරද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩිය. අප මහ බෝසතාණන් වහන්සේත් මහත් සෘද්ධි බල සම්පන්න තවුසෙක් . නැතිනම් එකවර අනපේක්ෂිත ලෙස පැමිණි මේසා විශාල බුද්ධ ශ්‍රාවකයන් පිරිසකට ඇප උපස්ථාන කරන්නේ කෙලෙස ද. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අසපුවට වඩින විට හවස් වෙලා. අදුර වැටෙන්නට ආසන්නයි. බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කළේ ඒ අසූ කෙළක් පමණ වූ පිරිසට රාත්‍රියේ වැඩ වාසය කිරීමට විශාල අසපුවක් මැවීමයි. ඉර්දියෙන් මවන අසපු දෙව්ලොව මාලිගා තරම් ලස්සනයි . ගස් වැල් මල් පලවැල විතරක් නෙමෙයි රාත්‍රී කාලේ එළිය දෙන මල් වලිනුත් මුළු පරිසරයම පිරිලා. එහි පිහිටවූ විශේෂ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වුණා .

🌷 දින හතක්ම බුදුගුණ ඇසූ අප මහා බෝසතාණෝ

අප බෝසතාණන් වහන්සේ අහන්නට කැමති වුනේ බුදු ගුණ. ඒ ඔහුත් මතු බුදුවරයෙක් නිසා. ඒ නිසා නාරද බුදුහාමුදුරුවෝ මුළු සර්ව රාත්‍රිය පුරාම දේශනා කළේ ඒ අනන්ත වූ බුදුගුණමයි. අප මහා බෝසතාණෝ පසුදින උදෑසනම උතුරුකුරු දිවයිනට ගොස් දන් ගෙනවිත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ පිරිවරට පූජා කළා. ඒ ඉර්දි බලය ආශ්චර්යයි . තමාගේ පාත්‍රයන් කොතරම් දම් බෙදුවත් ඒ ඒ ආහාරය ඉවර වුණේ නැහැ. උන්වහන්සේ පෙර මා ඇසූ අනන්ත වූ බුදු ගුණ දේශනාව ට කොතරම් වසඟ වුනාද කියතොත් දින හතක් පුරා ම නාරද බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර රඳවාගෙන බුදුගුණම ඇසුවා. අවසානයේ සත්වෙනි දින මහත්වූ ප්‍රීතිය ට පැමිණි අප මහා බෝසතාණෝ වතින් අනගි රත්සදුන් ගෙනවිත් එයින් බුදුන් පුදනු ලැබුවා.

🌷 නියත විවරණ ලැබීම.

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් පිරවරා පුණ්‍යානුමෝදනා කොට උන්වහන්සේට මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දෙනු ලැබුවා. දෙවිවරුන්ගේ සාධුකාර නදත් අත්පොළසන් නදත් දසදහසක් සක්වල පුරාම පැතිරුණා. මදාරා මල් දසත විසිරී ගියා. අප බුදුහාමුදුරුවන්ගේ අපම වෙනුවෙන් පැතූ තවත් නියත විවරණයක් එලෙස සනිටුහන් වුනා.
සාදු සාදු සාදු.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
12-08-2019