Monthly Archives: October 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Jle4S2
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 84 🧡💛

විපස්සී බුදුහාමුදුරුවෝ 03

🍂 විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🍂

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ උපන් නුවර ’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම ’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව් ’’බන්ධුමතී’’ දේවිය වූවාය.

ඒ විපස්සී බුදුරජතෙම බුදුවන්ට පෙර අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය, ’’සුනන්‍ද’’ ය, ’’සිරිමන්තු’’ යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුතනා’’ නම් වූවාය. පුත් තෙම ’’සමවත්තක්ඛන්‍ධ’’ නම්.

විපස්සී ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

බඹහු විසින් අයදනා ලද්දේ, මහා වීරවූ, නර දෙටු විපස්සී ලෝනා හිමිඳු ’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ට, ’’ඛණ්ඩ’’ ද, ’’තිස්සනාම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’අසෝක’’ නම් වී.

’’චන්‍දා’’ ද, ’’චන්‍දමිත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’පළොල්’’ ගස යයි කියනු ලැබේ.

’’පුනබ්බසුමිත්ත’’ ද, ’’නාග’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සිරිමා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස්විය. උන් වහන්සේගේ පැහැය සත් යොදුනක් තැන් දුවයි.

ඒ කාලයෙහි විපස්සී බුදුරජුන්ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.

ඒ විපස්සී බුදුරජතෙම ආලෝකය දක්වා, අමාපදයයි කියන ලද නිවන් තැබීමට කරුණුවූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

උතුම් ඎද්‍ධියද, උතුම් පිනද, (සක්) ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරයද, සියල්ල අතුරුදන් විය. සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?

නුවණ නොහොත් වීර්‍ය්‍යය ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දාගැබ සත් යොදුනක් උස්වී. (හෙවත් සත් යොදුනක් උසට බඳින ලද්දේය.)
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
24-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3645ZuO
රූපය දැඩිව ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට අනුව දුක ද වැඩිවේ..

බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දේශනාව ඉදිරිපත්කරද්දී දුක කුමක්ද? කියලා විස්තර කර අවසානයේදී සංඛිත්තේන පංචුපාදා නක්ඛන්ධා දුක්ඛා යනුවෙන් වදාරා ඇත. සංෂිප්තව සඳහන් කරන්නේ නමි, අපගේ දුකට කාරණාව පංච උපාධානස්කන්ධය බව විභංග සූත්‍රයේදීත් දමිසක් පැවතුමි සූත්‍රයේදීත් ඒ පිළිබඳව දේශනා කර ඇත.

මෙහිදී බුදුරජාණන් වහන්සේ දුක යැයි පෙන්වා දෙනු ලබන්නේ පංචස්කන්ධය නොවන බව අප නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාධානස්කන්ධය නමින් එය වටහා ගත යුතුයි. පංච හෙවත් පහක් වූ උපාදාන හෙවත් දැඩිව අල්වා ගත් ස්කන්ධ හෙවත් ධාතු කොටස් වන ආයතන පහ අපගේ දුක නිර්මාණය කරන කාරණා ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර ඇත. පංචස්කන්ධය ඉක්මවා ගියපු මේ මානසික වටපිටාව මොකක්ද ? යනුවෙන් අප පළමුවෙන්ම අවධාරණය කරගත යුතුයි.

පළමු වන ස්කන්ධය වන රූප යනුවෙන් හඳුන්වනු ලබන පඨවි , ආපෝ තේජෝ වායෝ යන කොටස් තුළින් සැකසුණු අපට පෙනෙන්නාවූ භෞතික රූපය මෙහි සඳහන් වෙයි. මෙහි ශීතලයට උෂ්ණයට සමිබන්ධ කොටසක් තිබෙන අතර ම ඝන ද්‍රව්‍යාත්මක දෙයට සම්බන්ධ කොටසක්ද, වැගිරෙන සුළු කොටසක්ද පිමිබෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වාතයට අදාළ කොටසක්ද තිබෙනවා. මෙම කොටස් හතරේ එකතුවට දීපු සමිමුති නාමය රූපයයි. අප රූප ලෙස මතුකර හඳුනාගැනීමේදී පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් රූපය හඳුනාගනු ලබන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් පහේ එකතුව සම්මුති ලෝකය තුළ රූපය ලෙස අප හඳුනාගනු ලබයි. පඨවි පිළිබඳ හෝ මෙහි ආපෝ ලෙස වැගිරෙන සුළු දේවල් පිළිබඳව අදහසක් සාමාන්‍ය මිනිසුන්ට නැහැ.තිබෙන්නේ එම ටික වුණත් අප මූලික වශයෙන් රූප ලෙස හඳුන්වා ගනු ලබන්නේ මේ ඉන්ඳ්‍රියන් .

ඉන්ද්‍රියන් පහකින් සැදුමි ලත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ගොඩනැඟුන මේ කය රූප යනුවෙන් හඳුන්වයි. විභංග සූත්‍රය තුළත් දමිසක් පැවතුම් සූත්‍රය තුළත් තව බොහෝ සූත්‍ර දේශනා තුළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම රූප යම් කිසි පුද්ගලයකු දැඩි ග්‍රහණය කරගත හොත් දැඩි අල්වා ගත හොත් “මම” යැයි “මගේ” යැයි මෙම රූපය ආත්ම වශයෙන් ග්‍රහණය කරගත හොත් එය තුළින් යමෙකුට දුකක් උත්පාදන විය හැකියි. එවැනි ආකාරයෙන් අල්වානොගන්නා රූප පිළිබඳ ප්‍රශ්නයක් අපට නැහැ. අප සියලු දෙනාම පංචස්කන්ධ වුණාට එකිනෙකාගේ පංචස්කන්ධ පිළිබඳ දුකක් තමන්ට දැනෙන්නේ නැහැ. මගේ රූපය නිසා තව පුද්ගලයකුට ප්‍රශ්නයක් නැතිවාසේම තව අයෙකුගෙ රූපය නිසා මටද ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ මෙම රූපය යම් පුද්ගලයකු විසින් ආලයෙන් ප්‍රේමයෙන් ආසාවෙන් තෘෂ්ණාවෙන් මගේ යැයි අල්වාගත හොත් කසාදයකින් සහතික කොට ලියා ගතහොත් එතැන් සිට ප්‍රශ්න පැන නැගීමට පටන් ගනී.රූප රූප ලෙස තිබෙනතාක් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.

රූපය මගේ කරගත් විට අර්බුද පටන් ගනී. එතැන් සිට එම රූපය තමාට අවශ්‍ය ආකාරයට පවත්වා ගැනීමට උත්සාහ කරයි. මගේ රූපය යැයි මම එය පිළිගෙන තිබෙන නිසාම එය මට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙයි. ධාතු හතරකින් සැදුණ ශරීර කොටස හෙවත් රූප කොටස නිරන්තරයෙන්ම කලින් කලට එය වෙනස් වෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි රූපය කෙතරමි ෙවිගයකින් වෙනස් වෙනවාදකියල විදර්ශනා ප්‍රඥාවෙන් රූපය දෙස බලාගෙන සිටින අයෙකුට එක ෂ්ණයකට ලක්ෂ වාරයකට වඩා වැඩි අවස්ථා ගණනක් මෙම රූපය කැඩි කැඩී සැකසෙනව දකින්න පුළුවන් බව .

රූපයට වසඟ වී සිටින නිසාම රූපයේ අනිත්‍යතාවය අපට පෙනෙන්නේ නැහැ. එය පෘතග්ජන පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවයයි. පංච කාමයේදී සත්‍ය සොයාගෙන යන අය කිං කුසල ගවේසී කුසලය කුමක්ද? කියා සොයාගෙන යන අයට හේතුඵල සම්බන්ධතාවය හම්බවෙයි. එයට අදාළ සම්පූර්ණ ඤාණය වැඩිකර ගනී. සාමාන්‍ය පෘතග්ජනයාගේ ස්වභාවය රෑපයට දැඩි ලෙස ඇලී රූපයේ පැවැත්මත් සමඟ අදාල ගණුදෙනු කාරණාව මිස රූපය උත්පාදනය වීම හෙවත් රූපය හටගන්නා ආකාරයත්,රූපයේ පැවැත්ම සිදුවන ස්වභායත් භංග හෙවත් රූපය කැඩී බිඳී විනාශ වෙන ස්වභාවයත් නුවණින් දකින්න ඤාණයට ගොදුරු කරගන්න රූපය පිළිබඳව සත්‍යයේක්ෂණයකට යාමට සාමාන්‍ය පෘතග්ජනයාට අවශ්‍යතාවයක් නැහැ.

මෙම රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහාගතහොත් පමණමයි අප රූපවලට උපාදානය වීම ඛන්ඩනයවෙලා යන්නේ රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි. මගේ රූපය යැයි සම්මුතියේ නමක් ලබාදුන්නාට සත්‍ය වශයෙන්ම මෙහි තිබෙන්නේ ආපෝ තේජෝ වායෝ සහ මතුපිටට පෙනෙන්නට තිබෙන ඉන්ද්‍රියන් පහක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් එකිනෙකට වෙන්කළහොත් පඨවි කොටස වෙන්කර පොළව පොළවට අයත් දේ ගතහොත්ජලය ජලය ට අවශ්‍ය දේ ලබාගතහොත් ඉරහඳ එයිට අයිත ි දේ ගතහොත් සුළඟ සුළඟට අයිති දේ ගතහොත් මගේ රූපය යනුවෙන් පෙන්නන්න දෙයක් නැහැ. මෙම විෂ්වයේ තිබෙන ධාතු හතරෙන් අපගේ ශරීරයට තිබෙන දේ උරාගත හොත් එතැන් සිට මගේ රූපය කියා දෙයක් නැහැ. ඉන්ද්‍රියන් හය රූපය යනුවෙන් හඳුනාගැනීමට හැකි වන්නේම එකට එක්කාසු වි තිබෙන තාක්කල් පමණයි. එය කැඩි බිඳී ගිය විට රූපය ලෙස තවදුරටත් අප එය පිළිගනු ලබන්නේ නැහැ.

ඇස් කන් නාසය කපා වෙනම තැනකට දැමුවහොත් ඇට කටු සමෙන් ගලවාගෙන වෙන තැනකට දැමුව හොත් මස් ගොඩක් ලේ ගොඩක් වෙන වෙනම තිබෙයි දත් ඇස් කෙස් ඇට කටු ටිකක් වෙන වෙනම තිබෙන අතර පුද්ගලයෙකු නැතිව ගොස් රූපයත් නැතිව යයි . අප පාවිචිචි කරනු ලබන වාහන වල රෝද ,එන්ජිම, බොඩිය යන අදාළ කාරණා සියල්ලම එකතු වී තිබෙන තාක්කල් එය වාහනයක් වෙයි. එම කොටස් වෙන වෙනම ගලවා දැමුව හොත් යකඩ ගොඩක් සහ ටයර් ගොඩක් වශයෙන් තිබෙන අතර වාහනය යන සම්මුතිය අවසන් වෙයි.

සම්මුතිය තුළ තිබෙන්නෙම එම කාරණා ටික එකට එකතු විී තිබෙන තාක් කල් පමණයි. සම්මුතිය කැඩී ගොස් වාහනය කියපු දෙයට යකඩ ගොඩක් කියලා කියන්න ගත්ත ගමන් හේතු ඵල සම්බන්ධතාවය කැඩී බිඳී යයි. අප එක එක කාරණා නමි කරගෙන තිබෙන්නේ සම්මුතිය තුළ පමණක් බවත් පරමාර්ථමය වශයෙන් එසේ නමි කළ හැකි දෙයක් නැති බව අප අවබෝධ කරගත යුතුයි. පරමාර්ථමය වශයෙන් නම් කළ යුතු දෙයක් නැහැ.

උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා …

හෝමාගම මුල්ලේගම

ශ්‍රී සීලාලංකාර මාවත

ආර්ය නිකේතන නිර්මාතෘ

අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි

ශාස්ත්‍රපති

මාවරලේ භද්දිය හිමි

උපුටාගැනීම – බුදුසරණ අන්තර්ජාල කලාපය

සබැඳි ලිපිය-https://ift.tt/364rL1B

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BEai25
ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව

රුවන්වැලිසෑය නොහොත් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ වනාහි ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙහි අග්‍රතම වූද ශ්‍රේෂ්ටතම වූද චෛත්‍යරාජයාණන් වහන්සේය. දුටුගැමුණු මහරජතුමා විසින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් වසර 302ක් ගිය තැන, ලක්දිව එක්සේසත් කොට, සම්බුදු සසුන නගා සිටුවා අනතුරුව කහවණු කෝටි දහසක් වැයකොට තනවන ලද මේ චෛත්‍යරාජයාණන් වහන්සේ සාමාන්‍යයෙන් “මහා සෑය” නමින්ද හඳුන්වනු ලැබේ. මුදලින් හෝ අන්‍ය ආකාරයකින් හෝ වටිනාකම මැනිය නොහැකි අතිමහත් විසිතුරුවූද ආශ්චර්යමත් වූද නිධන් වස්තූන් පිරිවරා අප තිලෝගුරු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ද්‍රෝණයක් (විශාල පාත්‍රයක් පමණ) මේ මහා චෛත්‍යයෙහි වැඩ සිටිති. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක් ස්ථානයක නිධන් කොට ඇති පූජනීය ස්ථානය අපගේ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේය. රුවන්වැලිසෑය ථෙරවාද බුදු සසුනෙහි අග්‍රතම වූද ශ්‍රේෂ්ටතම වූද පූජනීය ස්ථානය වෙයි. එය ථෙරවාද බුදුසසුනෙහි මූලස්ථානය වන මහා විහාර භූම්යෙහි පිහිටා ඇත. නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි අද වනවිට උස අඩි 300ක් පමණද විෂ්කම්භය අඩි 950ක් පමණද වෙයි. රුවන්වැලිසෑය පිහිටි භූමිය මේ සක්වලෙහි, මේ ලෝක ධාතුවෙහි සුවිශේෂී ස්ථානයක පිහිටා ඇත.
මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ චෛත්‍යරාජයාණන් වහන්සේ කාලයේ අවෑමෙන් ගරාවැටීමට ලක්වී නැවත ප්‍රතිසංස්කරණය කරන ලදුව එහි චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ පැළඳවීමට අදාළ විස්තර වර්ණනාවයි.
ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව
ඒ අඳුරු යුගයකි. කලෙක ලක්ෂ කෝටි ගණනින් මහරහතුන් වැඩසිටි භූමිය, මහා බලවත් සිංහල නරශ්‍රේෂ්ටයන් විසින් රක්ෂාකොට ජය තෙද නැගූ භූමිය, වසර දහස් ගණනින් පසුව ලෝක ධර්මය පරිදි අභාවයට ගියේය. මුළු පළාතම වල් බිහි වී වනසතුන්ගේ වාසස්ථානයක් විය. දිගින් දිගටම එල්ල වූ පරසතුරු ආක්‍රමණයන්ගෙන්ද අනේකවිද ස්වභාවික අභියෝගයෙන්ද සිංහලයන්ගේ කුශල බලය හීන වීමෙන්ද ශ්‍රීමත් අනුරාධපුර ශිෂ්ටාචාරය වල් බිහිව ගියේය.
මනුෂ්‍යයන් නොපැමිණීමෙන් වල් බිහිව චෛත්‍යරාජයාණන් වහන්සේ මත ගස් වැල් වැවී ගියේය. ක්‍රමයෙන් බිඳ වැටුණු චෛත්‍යරාජයාණෝ දකින දකින දෙව් මිනිසුන් කම්පා කරවමින් වන මැද පිහිටි පර්වතයක අයුරු ගත්හ. මේ ක්‍රිස්තු වර්ෂයෙන් එක්දහස් අටසිය අසූව දශකයයි. චෛත්‍ය වන්දනාව පිණිස මෙහි එන සැදැහවතුන් අතර ඇවරිවත්තේ වෙදමහතා සහ ඔහුගේ සහායකයකු විය. නැවත නැවත චෛත්‍ය වන්දනාවේ එන මේ වෙද මහතාත් ඔහුගේ සහයකයාත් චෛත්‍යරාජයාණන් වහන්සේ දැකීමෙන් මහත් සංවේගයට පත් විය. වෙදමහතාගේ සහයක උපාසක මහතා චෛත්‍ය නැවත ගොඩනැගීමට අදිටන් කරගත්තේය. හේ මහනුවරට ගොස් නාරන්විට සුමනසාර නමින් පැවිදි විය. වසර දෙකක් පමණ බණ දහම් උගෙන තම පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම පිණිස උදලු, කැති ආදී ආයුධ ආම්පන්න ගෙන තනිවම අනුරාධපුර චෛත්‍ය ස්ථානයට වැඩම කළහ. නාරන්විට සුමනසාර තෙරුන් වහන්සේ මහත් වීරිය කොට ගස් වැල් කපා කැලය එලි කොට සීමාවෙන් පිටත ගොඩ ගසා චෛත්‍ය මතුපිට එළිකොට ගලින් ගල සිටුවා චෛත්‍ය නැවත බඳින්නට පටන් ගත්හ. අප්‍රතිහත ධෛර්යයෙන් ගලින් ගල බඳිමින් උන්වහන්සේ විසින් වසර ගණනාවක් පුරා කරන ලද චෛත්‍ය බැම්ම 1912 වන විට බිඳ වැටිණ. එය දෙදරා ගියේය.
ඉක්බිති එම වර්ෂයේදී සුමනසාර හිමිගේ අනුශාසකත්වය පරිදි ඇවරිවත්තේ (කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා) වෙදමහතා ප්‍රධානකොටගෙන “රුවන්වැලි චෛත්‍යවර්ධන සමිතිය” පිහිටුවා දක්ෂ ඉංජිනේරු මහතුන්ගේද සහයෝගය සහිතව නැවත චෛත්‍ය බඳින්නට පටන් ගන්නා ලදී. වසර ගණනාවක් ගතවිය. වර්ෂ එක්දහස් නවසිය තිස් ගණන් වනවිට චෛත්‍ය බැඳීමේ කටයුතු සැලකියයුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි විය.
මෙසේ මහත් වීර්යයෙන් චෛත්‍ය බඳින්නට කටයුතු කොට ඒ අවසන් වන කල්හි චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා කොතක් කරවීමේ කටයුතූද ආරම්භ කරන ලදී. අඩි 24ක් උස ටොන් 6ක් බර කොතක් කරවන ලදී. නමුත් චෛත්‍යරාජයාණන් වහන්සේට පැළඳවීම පිණිස චූඩාමාණික්‍යයක් සොයා ගැනීම අවශ්‍ය විය. ලංකාව පුරා සොයා බැලූ නමුත් අවශ්‍ය ප්‍රමාණයේ චූඩාමාණික්‍යයක් සොයා ගැනීමට නොහැකි විය. වර්ෂ ගණනක් විවිධ ක්‍රම වලින් උත්සාහකොට පුවත් පත් දැන්වීම් ආදියෙන් මහජනයා දැනුවත් කරමින් සොයන ලද මුත් සුදුසු චූඩාමාණික්‍යයක් සොයා ගැනීමට නොහැකි වූ තැන, අවසානයේ සැදැහවතුන් වසන ථෙරවාදී රාජ්‍යයක් වන බුරුමය (වර්තමාන මියන්මාරය) වෙත අවධානය යොමු විය. මේ වනවිට අභිනවයෙන් ඉදිකෙරෙන දළඳා මාලිගයේ කටයුතු වල නිරත කොළඹ දෙමටගොඩ මකුටාරාමාධිපතිව වැඩ විසූ පුජනීය යූ. විනයාලංකාර මහනාහිමියන් මුණගැසුණු චෛත්‍යවර්ධන සමිතියේ පිරිස් උන්වහන්සේට මෙම අවශ්‍යතාව සැල කළහ. පුජනීය යූ. විනයාලංකාර හිමිපාණන් වහන්සේ වනාහි බුරුමයෙන් ශාසනික කටයුතු පිණිස එකල ලක්දිවට වැඩම කල මහා වීරධීර ගුණයෙන් යුතු බුරුම ජාතික මහතෙර නමකි. අතිශය ගෞරවනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේත් උන්වහන්සේ කුඩා කල පැවිදිකොට බුරුමයට ගෙනගොස් ධර්මය ඉගැන්වීමටත් උපසම්පදාව පිණිසත් කටයුතු සම්පාදනය කරන ලද්දේත් උන්වහන්සේමය.
චූඩාමාණික්‍යයක් සපයා ගැනීමේ දුෂ්කරතාව ගැන මෙසේ චෛත්‍ය වර්ධන සමිතියේ පිරිසගේකරුණු දැක්වීමෙන් අනතුරුව ඒ වන විට චෛත්‍ය කර්මාන්තය හා සමාන වූම අතිශය භාරදූර කාර්යයක් වූ අභිනව දළඳා මාලිගයේ කටයුතු තම හිස මත තිබියදී අතිශය දුෂ්කරතා මධ්‍යයෙහි සිදුකරගෙන ආ මේ මහා චෛත්‍ය කර්මාන්තය මුහුණපා ඇති දුෂ්කරතාව සැලකූ උන්වහන්සේ දළඳා මාලිගයේ කටයුතු තවත් බුරුම හිමි නමකට භාර කොට 1933 මැයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චූඩාමාණික්‍යයක් සෙවීම පිණිස බුරුමයේ රැන්ගුන් නුවරට වැඩිය සේක. රැන්ගුන් නුවර ස්වාමීන් වහන්සේලා සහ ගිහි පින්වතුන්ගෙන් විමසූ නමුත් සුදුසු පලිඟුවක් ගැන දැනගැනීමට නොහැකිවිය. ඉන්පසුව “අමරපුරය” හෙවත් උඩබුරුමයෙහි මැණික් කර්මාතය පිලිබඳ ප්‍රචලිත “මෝගොක්” නගරයට වැඩමකළහ. බොහෝ මැණික් ආකාර හිමියන් මැණික් වෙළෙන්දන් වාසය කරන මේ ප්‍රදේශයෙහි පිරිස් වෙත නාහිමියන් විසින් සැළ කරන ලදුව අවශ්‍ය කරන පලිඟුවේ ප්‍රමාණ විස්තර ආදිය ගෙන එතෙක් හමු වී තිබුණු පලිඟු විශේෂයෙන් පරික්ෂා කරන ලදී. එහිදී “යූ ටො, දෝනන්ටේ, ෂන්ටිදස්, යූ මට් යන සතර දෙනෙකුට අයත් සුදුසු ප්‍රමාණයේ විශාල පලිඟුවක් හමු වී එය ඔවුන් විසින් විනයාලංකාර හිමියන් වෙත පූජා කරන ලදී. එවකට රුපියල් හයදහසක් පමණ වටිනා මෙම අතිශය ආලෝකමත් පලිඟුව අතිශය අලංකාර, අධික වටිනාකමින් යුක්ත වූවක් විය. නාහිමියෝ එම පලිඟුව රැගෙන 1938 අගෝස්තු මාසයේදී ලංකාවට වැඩම කොට චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන්ට භාර කළහ.
පතල් ආකරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආ මේ දුර්ලභ අලංකාර පලිඟුව දුටු ලක්දිව බෞද්ධයෝ ඉන් අතිශය ප්‍රීතියට පත්ව නාහිමියන්ට ප්‍රශංසා කළහ. ඉන්පසුව නිසි පරිදි මේ පලිඟුව කපා සැකසීම පිණිස ශිල්පීන් සොයන ලදුව කුඩා මැණික් මිසක විශාල මැණික් කැපීම සඳහා සුදුසු යන්ත්‍ර උපකරණ ආදිය එවකට ලක්දිව නොවූයෙන් නැවත දුෂ්කරතාවකට පත්වන්නට සිදුවිය. මේ අභියෝගය ජය ගැනීමටද විනයලංකාර නාහිමියන්ගේ පිහිටම පැතූ චෛත්‍ය වර්ධන සමිතිය බුරුම බෞද්ධයන් ලවාම පලිඟුව කපා පූජා කරවීම පිණිස ඇයද සිටින ලදී.
විනයාලංකාර හිමියෝ ඒ ඇරයුම සතුටින් පිළිගෙන චූඩාමාණික්‍යය සැපයීමේ සම්පූර්ණ කාර්ය භාරගෙන නිවැරදි සැලසුම් ප්‍රමාණ ආදිය සමග චූඩා මාණික්‍යද ගෙන මහසයුර තරණය කොට නැවත මෝගොක් නුවරට ගොස් ශිල්පීන්ට එය ලබා දුන්හ.
චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා වන සැලසුම පරිදි චූඩාමාණික්‍ය කැපීම කල නමුත් ඒ අතරදී එහි එක් පසෙකින් අඩුවක් පිහිටිබැවින් ඒ පලිඟුව භාවිතයට ගත නොහැකි විය. මාස ගණනාවක් පුරා සමුදුරු තරණය කරමින් වෙහෙසවී කරනලද සියලු ව්‍යායාමය නිෂ්ඵල විය.
නමුත්, මහා පුරුෂයෝ අභියෝග හමුවේ නොපරදිති. අරඹන ලද කාර්ය අවසන් නොකර අත්නොහරින ධීර වීර ගුණයෙන් යුත් බුද්ධ පුත්‍ර නමක වූ විනයාලංකාර හිමිපාණෝ නැවත පලිඟුවක් සොයන්නට පටන් ගත්හ.
ස්වර්ණමාලිචෛත්‍යරාජයාණන් වහන්සේගේ ආනුභාවය නිසාදෝ පෙර පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම එම මැණික් ආකරයන්ගෙන්ම පළමු පලිඟුවටද මහත් වූ විශාල පලිඟුවක් හමුවිය. ඒ පින්වත් පිරිස අතිශය සතුටින් එම පලිඟුවද විනයාලංකාර හිමියන්ට පූජා කළහ. ඒ පලිඟුව එවකට රුපියල් අටදහසක් වටිනාකම විය. එය මෝගොක් නුවර මැණික් පතලකින් හෝ ආකරයකින් එතෙක් ලද විශාලතම පලිඟුව විය. අවශ්‍ය අවස්ථාවේදීම මෙබඳු මහා පලිඟුවක් මතුවීම ආශ්චර්යජනක සිදුවීමක්ම විය. නිසි සැලසුම් පරිදි නැවත කටයුතු ආරම්භ කෙරින. දක්ෂ ශිල්පීන් විසින් මැනවින් පලිඟුව කපන ලදී. කපන ලද චූඩා මාණික්‍ය උසින් අඟල් 18කි. වටප්‍රමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.
පලිඟුව කැපීම අවසන් වූ පසුව එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක්ද පිහිටුවා අවශේෂ මැණික් වලින් තවදුරටත් සැරසීමේ අවශ්‍යතාව විනයාලංකාර හිමියන් විසින් බුරුම බෞද්ධයන්ට දන්වන ලදී. බොහෝ බුරුම බෞද්ධයෝ මේ සඳහා රන් සහ මැණික් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. නාහිමියෝ මේ කටයුත්ත මෝගොක් නුවර ධනවත් බෞද්ධ මහතෙකුට පැවරීය. කිසිවකුගෙන් උපකාර නොලැබුනත් සිය ධනයෙන්ම හෝ මේ කටයුත්ත උපරිමයෙන්ම කරන බවට ප්‍රතිඥා දී ඔහු එය භාර ගත්තේය. ඇස් ඉදිරිපිටම පිරිසිඳුවම එය කිරීමට සිතූ ඔහු අවශ්‍ය සියලුම උපකරණ අලුතින්ම මිලටගෙන ඒවා සිය නිවසේ ස්ථාපිත කර රන්කරුවන් ආදීන් ගෙන්වා ආරක්ෂා සහිතව කර්මාන්තය කරන්නට පටන් ගත්තේය. මාණික්‍යය සැරසීමේ කටයුතු ආරම්භ වනු සමගම බුරුම බෞද්ධයන් වෙතින් රන් රිදී මැණික් පූජා ගලා එන්නට විය. රිදීයෙන් විශාල ආධාරකය කොට සියල්ල රනින් වසා මැණික් අල්ලන ලද අඩියෙහි චූඩා මාණික්‍ය සවිකර එහි මුදුනෙහි ස්වර්ණමය ධාතු කරඬුවක් සවිකර මැණික් වලින් සරසන ලද ස්වර්ණමය කොපුවකින් මුදුන වසන ලදී. තවද, සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලන ලදී. මාස නවයකින් මේ මනරම් අති දුර්ලභ චූඩාමාණික්‍ය කර්මාන්තය නිමවන ලදී.
මාණික්‍ය පිහිටවූ අඩියේ උස අඟල් 13කි. එහි බර රිදී රාත්තල් 144කි. එය වසා පෙරවීමට ගත් රන් බර රාත්තල් 12කි. ඒ අනුව මැණික පිහිටවූ අඩියේ මුළු බර රාත්තල් 156ක් වෙයි.
මේ සඳහා ලැබුණු මැණික් ගල් ගණන 7684කි. ඒවා අතර එවකට රුපියල් 4000ක් පමණ වටිනා ලෝහිතඞක (රතු) මාණික්‍යයක්ද විය. ඉහල වටිනාකම් වලින් යුත් බොහෝ මැණික් ගණනාවක්ද ඒ අතර විය. එවකට අවම වශයෙන් රුපියල් පහක් (අද වන විට රුපියල් දස දහස් ගණනක් විය යුතුය) වත් නොවටිනා එක මැණිකක් වත් මේ මැණික් 7684 අතර නොවීය. මේ සියලු මැණික් චූඩාමාණික්‍යට එක් කල නොහැකි බැවින් වැඩි වටිනාකමින් යුත් මැණික් 4350ක් තෝරාගෙන චූඩාමාණික්‍ය සරසන ලදී. ගන්නා ලද ඉතාම අඩු වටිනාකමින් යුතු ගල පවා එවකට රුපියල් 25ක් වටිනා බව සඳහන්ය.
මේ මැණික් වලින් එවකට රුපියල් පහළොස්දහසක් අගනා පෙර කියන ලද ලෝහිත මාණික්‍ය සහ තවත් ගල් 1144කින් මාණික්‍යයේ මුදුන සරසා ඇත. මැණික් 3206කින් එහි යට කොටස සරසා තිබෙයි. අඩිය සහිතව සම්පූර්ණ මාණික්‍යයේ උස අඟල් 31කි. බෞද්ධ සදැහවතුන් විසින් තම තමාගේ වශයෙන් පුජා කරන ලද මෙහි වටිනාකම මිල කල නොහැකිය.
චූඩාමාණික්‍ය මුදුනෙහි ස්වර්ණමය කරඬුවෙහි තැන්පත් කිරීම පිණිස විනයාලංකාර නාහිමියන් විසින් ඒ ඒ ස්ථානයන්ගෙන් ලබා ගත් ධාතූන් වහන්සේලා නව නමෙක් වීදුරු කුප්පියක ආරක්ෂා සහිතව තැන්පත් කරගෙන තිබුණු අතර මාණික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට නියමිත දින එය සවිකරන ස්ථානයට වැඩමවාගෙන යන ලදී. නමුත් කරඬුව සවි කිරීමේ කටයුතු එදින අවසන් කරන්නට නොහැකි විය. එනිසා ධාතූන් වහන්සේලා වැඩ සිටින වීදුරු කුප්පිය එහිම සුදුසු ස්ථානයක තැන්පත් කොට උන්වහන්සේ පෙරලා වැඩියහ.
පසුදින උන්වහන්සේ එහි වැඩම කර, කරඬුවෙහි තැන්පත් කිරීම පිණිස ධාතූන් වහන්සේලා ගන්නට ගිය කල කුප්පිය පුරා ධාතූන් වහන්සේලා වැඩ සිටින මහත් ආශ්චර්ය දකින්නට වූහ. සියල්ලෝ මහත් ප්‍රීතියෙන් පිනා ගියහ. අනතුරුව කුප්පියෙන් ධාතූන් වහන්සේලා පිටතට ගෙන බලන කල එහි ධාතූන් වහන්සේලා 98 නමක් විය. සියල්ලෝ මහත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී සාධුකාර දෙමින් ධාතුන් වහන්සේලා 98 නම මාණික්‍ය මුදුනෙහි සවිකරන ලද ධාතු කරඬුවෙහි තැන්පත් කරන ලදී.
බුරුම බෞද්ධයෝ මහත් ශ්‍රද්ධාවන්ත සම්මා දෘෂ්ටිකයෝය. ඔවුන් ලක්දිවට චූඩාමාණික්‍ය වැඩමවනු පිණිස පළමුව විශේෂ දුම්රියකින් පූජෝපහාර සහිතව මහා උත්සවශ්‍රීයෙන් බුරුමයේ වත්මන් අගනුවර වන රැන්ගුන් නුවරට වැඩම කරවන ලදී. වැඩමවාගෙන යන අතරමග චූඩාමාණික්‍ය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණනින් ජනයා රැස්ව සිටියහ. රැන්ගුන් නුවරදී එය භාරගත්තේ ලෝක ප්‍රකට උතුම් වූ “ශ්වේදගොන්” චෛත්‍යරාජයාණන් වහන්සේගේ භාරකාර මණ්ඩලයේ මහතුන් විසිනි. මෙම භාරගැනීමේ උත්සවයට බුරුමයේ ප්‍රධාන සංඝයා වහන්සේලා, මැති ඇමතීන් ප්‍රභූන් ඇතුළු ලක්ෂයකට අධික ජනකායක් රැස්ව සිටියහ.
චූඩාමාණික්‍ය දුම්රියපළේ සිට පුද පූජා සහිතව විශේෂයෙන් අලංකාරව ගෞරව බහුමානයෙන් යුතුව පිළියෙළ කරන ලද රථයක තැන්පත් කොට ලක්ෂයක් පමණ මහජනයා සහිත පෙරහරකින් රැන්ගුන් නුවර ලෝක ප්‍රකට ශ්වේදගොන් චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයට වැඩමවා එහිදීද මහජනයාට ප්‍රදර්ශනය කරන ලදී.
මේ අතිශය උතුම් වස්තුව ලක්දිවට පැමිණවිය යුතු කාලය එළඹෙන තෙක් ශ්වේදගොන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ භාරකාර මණ්ඩලය විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක ආරක්ෂා සහිතව තැන්පත්කර තබන ලදී.
නියමිත දිනය පැමිණි කල්හි බුරුම ආණ්ඩුකාරයාට භාරකොට ඔහු මාර්ගයෙන් රාජකීය භාණ්ඩයක් ලෙස ආරක්ෂක විධිවිධාන යොදා ලංකා ආණ්ඩුකාරවරයා වෙත එවා, ඔහු මගින් එවකට ලංකාවේ මහාමාත්‍ය තුමා මාර්ගයෙන් මහෝත්තම වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේට පැළඳවීම පිණිස රුවන්වැලි චෛත්‍යවර්ධන සමිතියට භාරදෙන ලදී. මේ සමග දක්වා ඇති ඡායාරූපයේ දක්වා ඇත්තේ අදත් විරාජමානව වැඩසිටින ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේට එසේ පළඳවන ලද එම චූඩාමාණික්‍ය සහ එහි අධාරකයයි.
ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වනාහි අපට ජීවමාන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ සමාන මහා ලාභයකි. මහානර්ඝ වස්තුවකි. උන්වහන්සේ දිවි දෙවැනිකොට ආරක්ෂා කර ගැනීම, පුද පූජා දැක්වීම, පර සතුරු ආක්‍රමණයන්ගෙන් අනතුරට පත්වන්නට නොදී රැක ගැනීම, උන්වහන්සේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ලෙස හැසිරීම අප සැමගේ අතිශය බලවත් වගකීම වන්නේය. රුවන්වැලිසෑය, මහා සෑය, ස්වර්ණමාලි චෛත්‍යරාජයාණෝ ආදී කවර නමකින් උන්වහන්සේ ගැන ඇසුනද, උන්වහන්සේගේ මහානුභාව සම්පන්න රුව අප නෙත හමුවීද, උන්වහන්සේ අපේ සිහියට නැගිනිද ඒ සෑම විටකම ජීවමාන සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිහිවීමෙන් වන මහා ශ්‍රද්ධා ප්‍රසාදයෙන් අප සිත් සතන් පහන් වී නිවී සැනහී යයි.
සිංහලයා සතු අති උදාර මහාර්ඝ සම්පතද, සිංහල බෞද්ධ සංස්කෘතියේ අග්‍රස්ථානය සහ කේන්ද්‍ර ස්ථානයද , සිංහල බෞද්ධ රාජ්‍යයෙහි සංකේතයද, ථෙරවාද බුදු සසුනෙහි කේන්ද්‍රස්ථානයද උන්වහන්සේය. උන්වහන්සේ රකිමු. ධර්මයට අනුව පිළිවෙත් පුරමු. බුදු සසුන ආරක්ෂාකර ගනිමු. නූපන් මතු පරපුරට බුදු සසුන දායාද කරනු වස් දහම් ගරුකව තිසරණයෙහි පිහිටා කටයුතු කරමු. සිංහල බෞද්ධයින් ලෙසද, ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ලෙසද, අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙසද සමගි සම්පන්නව පින් දහම් කරමින් නිවෙන සැනසෙන මග යමු!
සියලු සම්‍යග්දෘෂ්ටික දෙවියෝද, ශාසනාරක්ෂකයෝද මේ පින් අනුමෝදන් වේවා! බුදු සසුනත් අපත් ආරක්ෂා කරත්වා!
තෙරුවන් සරණයි!
මෙත් සිතිනි,
සසිත් රාජසූරිය

මේ ලිපිය සඳහා අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව නම් ලිපිය සහ මහා වංශයේ මූලාශ්‍ර උපකාර කර ගන්නා ලද බව පින්දෙමින් සඳහන් කරමු.

උපුටා ගැනීම @sasith rajasooriya

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NfnXCi
තෙරුවන් සරණයි…!

පෙර කල පව්/අකුසල් දුරු කල හැකි එකම ක්‍රමය

කුමන හෝ ආකාරයක පෙර කන ලද පවක්/අකුසලයක් තිබේ නම් එය දුරුකල හැකි එකම ක්‍රමය පින්/කුසල් කිරීම පමණයි. ඒත් සියලුවම පෙර පව්/අකුසල් එසේ දුරු කල නොහැකියි ඒත් යම් යම් දේවල් පුලුවන්.

මේ ගැන බුදුරජාණන්වහන්සේ ලෝණඵල/ලොණකපල්‌ල සූත්‍රයේදී දේශනා කරනවා සමහර අයගේ කරපු පව් වල විපාක පින් කිරීම මගින් අඩුවෙලා යන බව,

උදාහරණයට දක්වා තිබෙනවා ලුනු කැටයක් ගගකට වගේ ලොකු වතුරකට දැම්මොත් ඒ ගගේ වතුර ලුණු රස නොවන්නා සේ පිනෙන් පිරුනු කෙනෙක් අතින් සිදුවන අකුසල් විපාක නොදෙන හෝ අඩුවෙන බව. ඒ වගේමයි වතුර පොඩ්ඩකට ලුනු කැටයක් දැම්මොත් ඒක ලුණු රස වෙනවා වගේ පව් වැඩී නම් ඒවා විපාක දීමේ හැකියාව වැඩි බවත් බුදුරජාණන්වහන්සේ ඒ සූත්‍රයේදීම පෙන්වා දෙනවා.

පහත යොමුවෙන් ගොස් ඔබත් ඒ සූත්‍රය කියවා බලන්න.
👇👇
https://ift.tt/363Z7xK

ඒ නිසා කෙනෙක්ට හිතෙනවා නම් මේ කාලේ මගේ පෙර පව්/අකුසල් පලදෙන කාලයක් කියලා කරන්න පුලුවන් එකම දේ පින්කම් කිරීම පමණයි. නිවරදිව කරන බෝධිපුජාවකින් වෙන්නෙත් ඔය දේම තමයි. ඒකෙන් කරන්නේ බුදුරජාණන්වහන්සේ උදෙසා පුජා පවත්වලා එයින් පින් රැස් කරගැනීම. ඒත් අද කාලේ ගෝඩාක් අය බෝධි පුජා කියලා කරන්නේ ග්‍රහ පුජාවල් ඒ නිසා
නිවරදිවම බෝධිපුජාවක් පවත්වන විදිහ ගැන සදහන් රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෝධි පුජාව නම් ග්‍රන්ථයේ ඒ යොමුවත් පහතින් දක්වන්නම් කියවා බලා කරනවා නම් ඒ අයුරින් බෝධි පුජාව කරන්න.
👇👇👇
https://ift.tt/2JiR3PE

තව ඔබට අවශ්‍ය නම් මේ වගේ කරන්න පුලුවන් විවිධ පින්කම් තියෙනවා. අලෝක පුජා,මල් පුජා,බෙහෙත් ඖෂධ පුජා, ආහාර,කැවිලි පුජා වගේ බුදුරජාණන්වහන්සේ උදෙසා කල හැකි ඕනීම පුජාවක් කරලා පින් රැස් කරගන්න පුලුවන්. ඒ වගේම ඔබට සාංඝික දානයක් වගේ දේකිනුත් මහා පිනක් රැස් කරගන්න පුලුවන් මේවා සාමාන්‍යයෙන් ගෝඩාක් අය කරන දේවල් ඒකෙන් ටිකක් එහාට ගිහින් කරන්න දෙයක් කියන්නම් කරලා බලන්න කැමති නම්.

මුලින්ම හොදින් පිරිසිදුවෙලා බුදුන්වැදලා ශීලයක් සමාදන් වෙන්න ගිහි කෙනෙක් නම් පංච ශීලයේ ඉදන් දසසිල් දක්වා ඕනීම සීලයක්. සීලයේ උඩට යන්න පුලුවන් නම් බලය වැඩී.හොදින් සමාදන් වෙලා ඒ සීලය රකින්න. අවශ්‍ය නම් යම් කාලයක් යොදාගන්න. සතියක්,මාසයක් නිවරදිවම දිවිහිමියෙන් සමාදන් වූ සීලය රකින්න කැඩෙන්න නොදී රකින්න. කැඩුනොත් ආයී සමාදන් වෙන්න. එහෙම රැකලා අධිෂ්ඨාන කරපු කාලේ අවසානයේ මේ සිල් රැකීමේ පින දෙවියන්ට අනුමෝදන් කරන්න. කරදර දුරු වෙන්න කියලා හිතන්න. ඒවා හිතන්න දේකුත් නෑ නිවරදිව කරානම් ඒක වෙයි. මේවා ප්‍රායෝගික දේවල් කරලම බලන්න හිතට එකගව කරන්න ලේසිත් නෑ.

තවත් ඔබට වීර්‍ය තියනවා නම් සිල් රකින ගමන් භාවනාවක් වඩන්න. මෛත්‍රී භාවනාවේ සිට ඕනීම එකක්. ඊට පස්සේත් භාවනාව දවස ගානේ කරලා හරි ඒ පිනත් අනුමෝදන් කරන්න දෙවියන්‍ට. එයින් පසු දුරු විය හැකි අකුසල් කර්ම විපාකයක් තියේ නම් නියත වශයෙන්ම දුරු වෙලායයි. ඒ නැතත් භාවනාව වඩලා ඔබ සිත හදා ගත්තොත් ඔබට ඕනීම දේකට මූණ දෙන්න පුලුවන් අටලෝ දහමින් කම්පානොවෙන හිතක් හැදෙයි. ඊට පස්සේ වෙන ඕනීම දෙයක් දරාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබටත් හැකියාව ලැබෙයි.
ඔබත් කරලම බලන්න.

තෙරුවන් සරණයි…!

Yohan Sewwandika

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NfnXCi
තෙරුවන් සරණයි…!

පෙර කල පව්/අකුසල් දුරු කල හැකි එකම ක්‍රමය

කුමන හෝ ආකාරයක පෙර කන ලද පවක්/අකුසලයක් තිබේ නම් එය දුරුකල හැකි එකම ක්‍රමය පින්/කුසල් කිරීම පමණයි. ඒත් සියලුවම පෙර පව්/අකුසල් එසේ දුරු කල නොහැකියි ඒත් යම් යම් දේවල් පුලුවන්.

මේ ගැන බුදුරජාණන්වහන්සේ ලෝණඵල/ලොණකපල්‌ල සූත්‍රයේදී දේශනා කරනවා සමහර අයගේ කරපු පව් වල විපාක පින් කිරීම මගින් අඩුවෙලා යන බව,

උදාහරණයට දක්වා තිබෙනවා ලුනු කැටයක් ගගකට වගේ ලොකු වතුරකට දැම්මොත් ඒ ගගේ වතුර ලුණු රස නොවන්නා සේ පිනෙන් පිරුනු කෙනෙක් අතින් සිදුවන අකුසල් විපාක නොදෙන හෝ අඩුවෙන බව. ඒ වගේමයි වතුර පොඩ්ඩකට ලුනු කැටයක් දැම්මොත් ඒක ලුණු රස වෙනවා වගේ පව් වැඩී නම් ඒවා විපාක දීමේ හැකියාව වැඩි බවත් බුදුරජාණන්වහන්සේ ඒ සූත්‍රයේදීම පෙන්වා දෙනවා.

පහත යොමුවෙන් ගොස් ඔබත් ඒ සූත්‍රය කියවා බලන්න.
👇👇
https://ift.tt/363Z7xK

ඒ නිසා කෙනෙක්ට හිතෙනවා නම් මේ කාලේ මගේ පෙර පව්/අකුසල් පලදෙන කාලයක් කියලා කරන්න පුලුවන් එකම දේ පින්කම් කිරීම පමණයි. නිවරදිව කරන බෝධිපුජාවකින් වෙන්නෙත් ඔය දේම තමයි. ඒකෙන් කරන්නේ බුදුරජාණන්වහන්සේ උදෙසා පුජා පවත්වලා එයින් පින් රැස් කරගැනීම. ඒත් අද කාලේ ගෝඩාක් අය බෝධි පුජා කියලා කරන්නේ ග්‍රහ පුජාවල් ඒ නිසා
නිවරදිවම බෝධිපුජාවක් පවත්වන විදිහ ගැන සදහන් රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෝධි පුජාව නම් ග්‍රන්ථයේ ඒ යොමුවත් පහතින් දක්වන්නම් කියවා බලා කරනවා නම් ඒ අයුරින් බෝධි පුජාව කරන්න.
👇👇👇
https://ift.tt/2JiR3PE

තව ඔබට අවශ්‍ය නම් මේ වගේ කරන්න පුලුවන් විවිධ පින්කම් තියෙනවා. අලෝක පුජා,මල් පුජා,බෙහෙත් ඖෂධ පුජා, ආහාර,කැවිලි පුජා වගේ බුදුරජාණන්වහන්සේ උදෙසා කල හැකි ඕනීම පුජාවක් කරලා පින් රැස් කරගන්න පුලුවන්. ඒ වගේම ඔබට සාංඝික දානයක් වගේ දේකිනුත් මහා පිනක් රැස් කරගන්න පුලුවන් මේවා සාමාන්‍යයෙන් ගෝඩාක් අය කරන දේවල් ඒකෙන් ටිකක් එහාට ගිහින් කරන්න දෙයක් කියන්නම් කරලා බලන්න කැමති නම්.

මුලින්ම හොදින් පිරිසිදුවෙලා බුදුන්වැදලා ශීලයක් සමාදන් වෙන්න ගිහි කෙනෙක් නම් පංච ශීලයේ ඉදන් දසසිල් දක්වා ඕනීම සීලයක්. සීලයේ උඩට යන්න පුලුවන් නම් බලය වැඩී.හොදින් සමාදන් වෙලා ඒ සීලය රකින්න. අවශ්‍ය නම් යම් කාලයක් යොදාගන්න. සතියක්,මාසයක් නිවරදිවම දිවිහිමියෙන් සමාදන් වූ සීලය රකින්න කැඩෙන්න නොදී රකින්න. කැඩුනොත් ආයී සමාදන් වෙන්න. එහෙම රැකලා අධිෂ්ඨාන කරපු කාලේ අවසානයේ මේ සිල් රැකීමේ පින දෙවියන්ට අනුමෝදන් කරන්න. කරදර දුරු වෙන්න කියලා හිතන්න. ඒවා හිතන්න දේකුත් නෑ නිවරදිව කරානම් ඒක වෙයි. මේවා ප්‍රායෝගික දේවල් කරලම බලන්න හිතට එකගව කරන්න ලේසිත් නෑ.

තවත් ඔබට වීර්‍ය තියනවා නම් සිල් රකින ගමන් භාවනාවක් වඩන්න. මෛත්‍රී භාවනාවේ සිට ඕනීම එකක්. ඊට පස්සේත් භාවනාව දවස ගානේ කරලා හරි ඒ පිනත් අනුමෝදන් කරන්න දෙවියන්‍ට. එයින් පසු දුරු විය හැකි අකුසල් කර්ම විපාකයක් තියේ නම් නියත වශයෙන්ම දුරු වෙලායයි. ඒ නැතත් භාවනාව වඩලා ඔබ සිත හදා ගත්තොත් ඔබට ඕනීම දේකට මූණ දෙන්න පුලුවන් අටලෝ දහමින් කම්පානොවෙන හිතක් හැදෙයි. ඊට පස්සේ වෙන ඕනීම දෙයක් දරාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබටත් හැකියාව ලැබෙයි.
ඔබත් කරලම බලන්න.

තෙරුවන් සරණයි…!

Yohan Sewwandika

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NfnXCi
තෙරුවන් සරණයි…!

පෙර කල පව්/අකුසල් දුරු කල හැකි එකම ක්‍රමය

කුමන හෝ ආකාරයක පෙර කන ලද පවක්/අකුසලයක් තිබේ නම් එය දුරුකල හැකි එකම ක්‍රමය පින්/කුසල් කිරීම පමණයි. ඒත් සියලුවම පෙර පව්/අකුසල් එසේ දුරු කල නොහැකියි ඒත් යම් යම් දේවල් පුලුවන්.

මේ ගැන බුදුරජාණන්වහන්සේ ලෝණඵල/ලොණකපල්‌ල සූත්‍රයේදී දේශනා කරනවා සමහර අයගේ කරපු පව් වල විපාක පින් කිරීම මගින් අඩුවෙලා යන බව,

උදාහරණයට දක්වා තිබෙනවා ලුනු කැටයක් ගගකට වගේ ලොකු වතුරකට දැම්මොත් ඒ ගගේ වතුර ලුණු රස නොවන්නා සේ පිනෙන් පිරුනු කෙනෙක් අතින් සිදුවන අකුසල් විපාක නොදෙන හෝ අඩුවෙන බව. ඒ වගේමයි වතුර පොඩ්ඩකට ලුනු කැටයක් දැම්මොත් ඒක ලුණු රස වෙනවා වගේ පව් වැඩී නම් ඒවා විපාක දීමේ හැකියාව වැඩි බවත් බුදුරජාණන්වහන්සේ ඒ සූත්‍රයේදීම පෙන්වා දෙනවා.

පහත යොමුවෙන් ගොස් ඔබත් ඒ සූත්‍රය කියවා බලන්න.
👇👇
https://ift.tt/363Z7xK

ඒ නිසා කෙනෙක්ට හිතෙනවා නම් මේ කාලේ මගේ පෙර පව්/අකුසල් පලදෙන කාලයක් කියලා කරන්න පුලුවන් එකම දේ පින්කම් කිරීම පමණයි. නිවරදිව කරන බෝධිපුජාවකින් වෙන්නෙත් ඔය දේම තමයි. ඒකෙන් කරන්නේ බුදුරජාණන්වහන්සේ උදෙසා පුජා පවත්වලා එයින් පින් රැස් කරගැනීම. ඒත් අද කාලේ ගෝඩාක් අය බෝධි පුජා කියලා කරන්නේ ග්‍රහ පුජාවල් ඒ නිසා
නිවරදිවම බෝධිපුජාවක් පවත්වන විදිහ ගැන සදහන් රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෝධි පුජාව නම් ග්‍රන්ථයේ ඒ යොමුවත් පහතින් දක්වන්නම් කියවා බලා කරනවා නම් ඒ අයුරින් බෝධි පුජාව කරන්න.
👇👇👇
https://ift.tt/2JiR3PE

තව ඔබට අවශ්‍ය නම් මේ වගේ කරන්න පුලුවන් විවිධ පින්කම් තියෙනවා. අලෝක පුජා,මල් පුජා,බෙහෙත් ඖෂධ පුජා, ආහාර,කැවිලි පුජා වගේ බුදුරජාණන්වහන්සේ උදෙසා කල හැකි ඕනීම පුජාවක් කරලා පින් රැස් කරගන්න පුලුවන්. ඒ වගේම ඔබට සාංඝික දානයක් වගේ දේකිනුත් මහා පිනක් රැස් කරගන්න පුලුවන් මේවා සාමාන්‍යයෙන් ගෝඩාක් අය කරන දේවල් ඒකෙන් ටිකක් එහාට ගිහින් කරන්න දෙයක් කියන්නම් කරලා බලන්න කැමති නම්.

මුලින්ම හොදින් පිරිසිදුවෙලා බුදුන්වැදලා ශීලයක් සමාදන් වෙන්න ගිහි කෙනෙක් නම් පංච ශීලයේ ඉදන් දසසිල් දක්වා ඕනීම සීලයක්. සීලයේ උඩට යන්න පුලුවන් නම් බලය වැඩී.හොදින් සමාදන් වෙලා ඒ සීලය රකින්න. අවශ්‍ය නම් යම් කාලයක් යොදාගන්න. සතියක්,මාසයක් නිවරදිවම දිවිහිමියෙන් සමාදන් වූ සීලය රකින්න කැඩෙන්න නොදී රකින්න. කැඩුනොත් ආයී සමාදන් වෙන්න. එහෙම රැකලා අධිෂ්ඨාන කරපු කාලේ අවසානයේ මේ සිල් රැකීමේ පින දෙවියන්ට අනුමෝදන් කරන්න. කරදර දුරු වෙන්න කියලා හිතන්න. ඒවා හිතන්න දේකුත් නෑ නිවරදිව කරානම් ඒක වෙයි. මේවා ප්‍රායෝගික දේවල් කරලම බලන්න හිතට එකගව කරන්න ලේසිත් නෑ.

තවත් ඔබට වීර්‍ය තියනවා නම් සිල් රකින ගමන් භාවනාවක් වඩන්න. මෛත්‍රී භාවනාවේ සිට ඕනීම එකක්. ඊට පස්සේත් භාවනාව දවස ගානේ කරලා හරි ඒ පිනත් අනුමෝදන් කරන්න දෙවියන්‍ට. එයින් පසු දුරු විය හැකි අකුසල් කර්ම විපාකයක් තියේ නම් නියත වශයෙන්ම දුරු වෙලායයි. ඒ නැතත් භාවනාව වඩලා ඔබ සිත හදා ගත්තොත් ඔබට ඕනීම දේකට මූණ දෙන්න පුලුවන් අටලෝ දහමින් කම්පානොවෙන හිතක් හැදෙයි. ඊට පස්සේ වෙන ඕනීම දෙයක් දරාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබටත් හැකියාව ලැබෙයි.
ඔබත් කරලම බලන්න.

තෙරුවන් සරණයි…!

Yohan Sewwandika

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2W7Mvko
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 83 🧡💛

විපස්සී බුදුහාමුදුරුවෝ 02

මංගල ධර්ම දේශණය

විපස්සි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණුනායින් පස්සේ උදන් අනා බෝ සමීපයෙහිම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන දිවැසින් ලොව දෙස බලන්නට වුනා. ඒ අවස්ථාවේ තම සුළු මවගේ පුත් ඛණ්ඩ කුමරුගේ ද, පුරෝහිතගේ පුත් තිස්ස කුමරුගේද හේතුසම්පත් දකින්නට වුනා. ඒ මොහොතේම ඛේම මිගදායෙන් අහසෙන් බැස උයන් පාලක ලවා ඔවුන් දෙදෙනා කැඳවා පිරිවර මැද ඔවුනට දම්සක් පවත්වන්නට වුනා. ඒ අවස්ථාවේ ධර්මාවබෝධයට පැමිණි දෙවියන්ගේ ප්‍රමාණය සීමාවක් නැහැ කියලයි අට්ට කතාවේ සඳහන් වෙන්නේ.

ඒකාලේ අප මහා බෝසතාණෝ මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාරජව සිටියේ. උන්වහන්සේ නොයෙක් කෙළගණන් නාපිරිවර සහිත අසම සිල්බල ඇති, කරුණාවෙන් බරිත වූ සිහිල් සිත් ඇති අතිෂය බලපරාක්‍රමයක් යුතුව වැඩ සිටින අතරේ තමයි විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කරන්නේ ඒ දසබලයන් වහන්සේට සත්කාර කරනු පිණිස සඳමඩල වන් රුවන්මුවා දර්ශණීය මණ්ඩපයක් කරවීමයි. ඉන් අනතුරුව එහි වඩාහිඳුවා සතියක් දෙවුසැපතට අනුරූප මහදන් පුදන්නට වුනා. අවසානයේ සත්රුවනින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිනිරැස්දහරින් බබළන පුටුවක් පුජා කරමින් මහත් වූ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් නොසැලී සිටියා. එකල්හි ඒ මහාකරුනිකයාණෝ ඔහුට පීඨාදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් එකානුවන කප්හි ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුනා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන සසර නතර වුනේ එලෙසයි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
23-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33SBMNm
මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද යම්සේද, දික්කළ අත හකුලන්නේ යම්සේද, එමෙන් ඇසිල්ලකින් පූර්වාරාමනම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙන් අතුරුදන්වූයේ තව්තිසා දෙව්ලොවෙහි පහළවූහ. එහි වෛජයන්ත ප්‍රාසාදය දැක මහ මුගලන් තෙරුන්වහන්සේට මේ අදහස විය;
“මේ දෙවියා ඉතා දැඩිසේ ප්‍රමාදව වෙසෙයි. මම යම්හෙයකින් මේ දෙවියා සංවේගයට පමුණුවන්නෙම් නම් ඉතා යෙහෙක”

ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ වෛජයන්ත ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් ගැසීමෙන් කම්පාවේද, අතිශයින් කම්පාවේද, වෙවුලායාද, එබඳු ඍද්ධියක් කළහ. ඉක්බිති සක්දෙව් රජුද, වෙසෙවුණු රජුද, තව්තිසා වැසි දෙවියෝද ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තෝ වූහ. “යමෙක් මේ දිව්‍ය භවනය පය මාපටැඟිල්ලෙන් කම්පා කෙළේද, විශෙෂයෙන් කම්පා කළේද, සෙලවූයේද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ ශ්‍රමණයාට මහත් ඍද්ධි ඇත. මහත් අනුභාව ඇත. ආශ්චර්‍ය්‍යයි!”

ඉක්බිති මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ, සංවේගයට පැමිණි, ලොමු ඩැහැගත් සක්දෙව් රජුට මෙසේ කීහ. “කෝසියයෙනි, භාග්‍යවතුන් වහන්සේ නුඹට සංක්ෂිප්තව තෘෂ්ණා උදුරා දැමීමවූ විමුක්තිය (තණ්හාසඞ්ඛයවිමුත්තිං) වදාළේ කෙසේද?”

“නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හිඳ මෙසේ කීවෙමි. ‘ස්වාමීනි, කොපමණකින් මහණ තණ්හාවෙන් මිදුනු සිත් ඇත්තේ, ඒකාන්ත අවසානයක් ඇත්තේ, ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, ඒකාන්ත බ්‍රහ්මචරියා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ’යි කියාය. නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ කී කල භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළෝය.”

“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේය, යි භික්ෂුව විසින් අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් (අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්) පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සියලු ධර්මයන් විශේෂයෙන් දැනගනී (සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති).”

“සැප වූ හෝ දුක් වූ හෝ දුක්ද, නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි.”

“හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ, විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරොධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ඔහුට ලෝකයේ කිසිම දෙයක් උපාදානය නොවෙයි. උපාදාන නොවන්නේ තැති නොගනියි. තැති නොගන්නේ මේ ආත්මයේදීම පිරිනිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්තකරන ලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.”

“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්ම චරියාව ඇති ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන්නේය’යි වදාළේය.”

“නිදුක් මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් තෘෂ්ණාව උදුරා දැමීමෙන් ලැබෙන විමුක්තිය වදාළෝය.”

එවිට මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ශක්‍රදෙවෙන්ද්‍රයාගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් නැමූ අතක් දිග හරින්නේද, දිග හැරිය අතක් නමන්නේද, එපරිද්දෙන්ම තව්තිසා දිව්‍ය ලොකයෙහි අතුරුදන්වූයේ පූර්වාරාම නම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි පහළවූහ. ඉක්බිති සක්දෙවිඳුගේ පරිචාරිකා ස්ත්‍රීහු මහ මුගලන් තෙරුන් වහන්සේ බැහැර ගිය නොබෝ වේලාවකින් සක්දෙවිඳුට මෙසේ කීවාහ;

“නිදුකාණෙනි, ඔබගේ ශාස්තෘවූ ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේද?”

“මෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ නොවෙයි. මාගේ සබ්‍රම්සරුවූ මහ මුගලන් තෙරණුවෝය”යි සක්දෙවිඳු කීය.

“නිදුකාණෙනි, ඔබට මහත් ලාභයකි. ඔබගේ සබ්‍රහ්මචාරිතෙමට මෙසේ මහත් ඍද්ධි ඇත්තේ නම්, මහත් අනුභාව ඇත්තේ නම්, ඔබගේ ශාස්තෘවූ යම් ඒ භාග්‍යවත් කෙනෙක් වේද, උන්වහන්සේගේ ඍද්ධ්‍යනුභාවය එකාන්තයෙන් මහත් විය යුතුමයි.”

චූල තණ්හා සංඛය සූත්‍රය
☘️☘️🌼☘️☘️☘️🌼☘️☘️☘️🌼☘️☘️

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33WM3Z7
සත්පුරුෂයින් බෙදා හරින්න.
මෙ දිනවල සකල ලොක වාසින්ට ඉතාම සුවසේ දුර්ලභ මහා පිනක් අනුමොදන් විමෙ මහා පුන්‍ය භාග්‍ය උදාවෙලා තියනවා එ තමයි මනුලොව අසාහාය මහා සැය රුවන්වැලි මහා සැ රජුන්ගේ. කොත් වහන්සේ ගේ රන් ආලේප කරන මහානීය පිංකමයි එ අසිරිමත් මහා පිංකම පිලිබදව ඉතා වගකිමෙන් යුතුව පහත කරැණු මා සදහන් කරමි මෙමෙ මහා පිංකම ඉතාමත් සත්පුරුෂ චෙතනාවකින්ම සිදු වෙන පිංකමක් වන අතර සිදුකරන පිරිස මනා බුද්ධ ගෞරවයකින් සිදු කරනු ලබයි තවද මෙමෙ කාර්‍යය මහා සැයේ පැවැත්මට කිසිම තර්ජනයක් නොවන අතර මහා සැයේ ගර්භයේ යකඩ බට ගැවෙන ස්තානවලට රබර් බුෂ් සවිකර ඇත පටු දේශපාලන සහ විවිධ කාරනා මුල් කරගනිමින් මෙම මහා පිංකම ලංකාවාසි ජනයාගේ සැකයට තුඩු දෙන කාරනවක් ලේස පිරිසක් සමාජගත කරමින් පවතිනවා මෙ⁣ම කාරනාව අසත්‍ය වන අතර එයින් අහිංසක සත්පුරුෂයින් ට මෙම මහා පින අනුමොදන් විමෙ භාග්‍ය ඔවුන් අහිමි කර ඇත තවද මිට වසර දෙකකට පෙර මහ සැ මළුවේ විහාර මංදිරය අලුත්වැඩියා කරන අවස්ථාවෙදිද මෙලේසින්ම අසත්‍ය පතුරවා. යමි පිරිසක් මුලා කරන්නනට යෙදුනාහ නමුදු තත් විහාරය දර්ශනිය ලෙස නිමවා සසුණට පිදු විගස එම තොරතුරැ අසත්‍ය බව ජනතාවට පසක් වන්නට යෙදුනි සත්පුරුෂ මිනිසුනේ මෙමෙ පිනට හානි කරන බොහො මිනිසුන්ට අකුසල් සිත් උපදවන අසත්පුරැෂයින් සමාජ ගත කරන තොරතුරැ වලට නොරැවටෙන්න එම පොස්ටි ෂෙයා නොකරන්න මහ සැ රජුන් ට කිසිවෙකුට හානියක් සිදු කල නොහැක මනුලො අසදිස පුන්‍ය භුමිය මහා සැයමයි මෙම සුන්දර පින අනුමොදන් වන්න නැවත නොලැබෙන පින අනුමොදන් වන්න කරැනු නොදැන එම සුන්දර පිංකමට ගරහා අකුසල් රැස් නොකර ගන්න ලගට ගිහින් සොයා බලා අදහස් දක්වන්න මන්ද යත් එයින් රැස්වන අකුසලය මහත් නිසා අකුසලට උපකාර කරන ද්වෙශය උපදවන අසත්‍ය තෙරැතුරැ ඇතුලත් පොස්ටි ෂෙයා කිරිමෙන් ඔබද ⁣එම අකුසලයේම කොටස් කරැවෙකු වෙන්නෙය එය අනාගතයේ ඔබට දුක පිණිස වන්නේය සකල ලංකාවාසි සත්පුරුෂ සාදුන් මෙම දුර්ලභ මහා පින අනුමොදන් වෙත්වා සියළු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා ද්වෙශ සහගත නොවෙත්වා මෛත්‍රී සිත් ඇත්තො වෙත්වා.

උපුටා ගැනීමකි