Monthly Archives: January 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2v9ouA2
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 123🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18

වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය.

ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන් සමුගත් වෙසතුරු යුවළ ඇතුළු දරුවන් සෙමින් සෙමින් ඒ වංකගිරියට යන වන පියසේ ඉදිරියට පියනගන්නට වුනා. ඔවුන් පසුපස පැමිණි පිරිස තවමත් මග ඈතින් බලා සිටිනවා. කෙමින් කෙමින් ඔවුන් නොපෙනී යද්දී ඒ අහිංසක සිත්වලට කොතරම් අවිනිශ්චිත බවක් දැනෙන්නට ඇද්ද? එහෙත් අප මහා බෝසතාණන් වහන්සේටනම් එලෙස නොදැනෙන්නට ඇති කියලා මට හිතෙනවා. මක්නිසාද මීට ඉහත ආත්මභාව වල මෙම හිමවතෙහිම උන්වහන්සේ අනන්ත අප්‍රමාණවාරයක් පාරමී වැඩුව නිසා. ඒ මහා වනපියස ගැන හොඳින් දත් වනචරිකයන් මගින් ලබාගත් තොරතුරු අනුව ගන්ධමාදන පර්වතය අසල ඇති මුචලින්ද විල අසලට යන මාර්ගය දෙසට යන පසළොස් යොදුනක් වූ මාර්ගය ගැන පැහැදිලි කිරීම මද්‍රි දේවිය වූ වර්තමාන යසෝදරාව මෙනෙහිකරන්නට වුයේ ඒ මහාවීරයාණන් හට සංසාරයේ සුපුරුදු ලෙසින්ම සහාය වීමටය.

මද්‍රි දේවිය මග සලකුණු මෙනෙහි කරන්නට වුනා.

ඔබලා මෙම වනපෙතේ ඉදිරියට යන්න. යම් දුරක් යනවිට නොයෙක් වෘක්ෂ සමුහයෙන් ගැවසීගත් මනහර සිහිල් සෙවණ ඇති විපුල නම් මහා ගලකින් සැදි පර්වතය මුණගැසේවි. ඒ ගල් පර්වතය ඉක්ම යනවිට යලිත් පොකුලොම් මසුන් ගැවසීගත් අති සුන්දර බොහෝ දිය ඇති ගැඹුරු වූ, විපුල ගල් පර්වතයෙන් ගලා පැමිණෙන කේතුමතී නම් මහ ඔයක් දක්නට ලැබේවි. ඒ තමයි මෙම වෙහෙසකර ගමනේ විඩා හැරීමට සුදුසුම ස්ථානය. එහි ඇති තරම් ස්නානය කරන්න. පිරිසිදු පැන් පානය කරන්න. එහි කිසිම අනතුරක් නැහැ. ඉන්පසුව දරුවන් ඇති පමණ සතුටුකොට, නැවත ගමන අරඹන්න. පින්වතාණෙනි , එය පසුකොට තවත් ඉදිරියට යනවිට අති රමණිය වූ කදු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරපල ඇති නුගරුකක් දක්නට ලැබේවි. පින්වතාණෙනි , එය පසුකොට යනවිට නොයෙක් ළිහිණි ගණයා විසින් ගැවසීගත් කිදුරන් ගහන වූ නාලික නම් වූ ශෛල පර්වතය දකින්නට ලැබේවි. ඒ නාලික පර්වතයට ඊසාන දිගින් හෙළපියුමින්ද හෙල්මැලි කල්හාරයෙන්ද ගැවසීගත් විලක් ඇත. ඒ විල හඳුන්වන්නේ “මුචලින්ද” යන නමින්. ඒ විල අසල නීල වලාකුළක් බදු නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින්ද පලරුකින්ද යන දෙකින්ම ගැවසීගත් අතිරමණිය වනලැහැබක් ඇත. ගොදුරු කැමති සිංහයෙකු මෙන් එම සුන්දර වන ලැහැබට පිවිසෙන්න. එහි ඒකරාශිව පවත්නා හඩ ඇති මියුරු රාවයන් ඇති නන්පැහැ නන් කුළු ඇති බොහෝ සියොත්හු සෘතු සමයෙහි නොයෙක් පුෂ්පයන් පිපි රුක්හි හිද කුජනය කරන්නවුන්ට අනුව කුජනය කරයි. ඒ භුමිය තමයි ඔබගේ අසපුව තනන්නට සුදුසුම ස්ථානය.

මී සියල්ල ආවර්ජණය කරමින් ඔවුන් සතර දෙනා ඉදිරියටම පියමැන්නා. හැබැයි මිචිලින්ද පොකුණ දෙසට යන පසළොස් යොදුන් මාර්ගය කියා දී ඔවුන්ව පිටත්කර යවා ඒ සත්පුරුෂ රජවරු නිකංම හිටියේ නැහැ. වෙසතුරු රජුට යම් අනතුරක් බියක් ඇතිකිරීම පිණිස කිසිමයම් හෝ සතුරකු හෝ පාපතරයෙකු එහි යාමට ඇති අවස්ථාව වළක්වාලීම සඳහා එක් දක්ෂ කුලී හේවායකු ඒ මග යන එන්නවුන් පරික්ෂා කිරීමට ඒ පෙදෙසට ඇතුළුවන දොරටුව දෙසට යවනු ලැබුවා. එලෙස එම කුලී හෙවයාව වනයට ඇතුළුවන තැන ආරක්ෂාව සදහා තබා ඔවුන් සැම දෙන තමන්ගේ නුවරටම ආපසු ගියා.

වෙස්සන්තර රජුද දරුවන් සහ බිරිද සහිතව ඒ කියූ අයුරින්ම නිරුපද්දතිව ගන්ධ මාදන පර්වතයට වෙතට පැමිණියා. ඉන්පසු එදින එහි ගතකොට පසුදින උතුරුදිසාවට අභිමුව විපුල පර්වත පාදය වෙතට පියමැන්නා. ඉන්පසු එහි පිහිටි කේතුමතී නම් ගංඉවුරේ සිට වනයෙහි හැසිරෙන්නන් විසින් දෙනලද මී පැණි හා මස් කා ඔහුන්හට රන්කුරක් දී නා පැන් පානයකොට සංසිදුන වෙහෙස ඇතිව එම නදියෙන් එතෙරව පර්වත ශිඛරයෙහි පිහිටි නිග්‍රෝධ රුකමුල වෙතට පැමිණියා. ඉන්පසු එහිද ටිකවෙලාවක් ගතකොට නුගපල අනුභවකොට වෙහෙස නිවීමෙන් පසු අසුනින් නැගිට නාලිකා නම් වූ පර්වතයට දෙසට යන්නට වුනා. එහි ළගා වූවායින් පසුව එහිද අසිරිය විඳ එයද පසුකොට මුචලින්ද විල්තෙර කොනට පැමිණ එහි ඇති අඩිපාරකින් වන්රොදට පිවිස එය පසුකොට ගිරි දුර්ග,නදී දුර්ග ,පර්වත දුර්ගයන්ගේ ඉදිරියේ පිහිටි ඒ සතරැස් පොකුණ ලගට පැමිණියා.

ඔබ හොද කෙනෙකුනම් ඔබව දෙවියොත් රකිනවා කියන්නේ නිකම්ම නෙවෙයි. ඒ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයා පවා අප මහා බෝසතාණන් වහන්සේගේ ගමන පිළිබඳව අවදානයෙන් සිටියේ. එවිට උන්වහන්සේ දැක්කා අප මහාබෝධිසත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබව. දැන් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බව සිතා වහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් වෙසතුරු කුමරු සඳහා මවා එවයි අණකරනු ලැබුවා. ඒ සැණෙකින්ම විශ්වකර්ම දිව්‍යපුත්‍රයන් වහන්සේ එහි පෙනීසිටියා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
22-01-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2GsPxch
අප මහා බෝධිසත්‍වයන් අපරාජිත පර්‍යංකයෙන් වැඩ සිට මේ ශරීරයේ සම්, මස්, ලේ, ඇට, නහර, වියැලී සුනු විසුනු වන කල්හි ද, පුරුෂ වීර්‍ය්‍යයේන්, පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු වු, සම්‍යක් සම්බෝධිය ලැබ මිස මා වීර්‍ය්‍ය අත් නොහරිමියි චතුරංග වීර්‍ය්‍ය ඉටා පෙරදිග බලා වජ්‍රාසනයේ වැඩ උන් සේක.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/36j0fMP
පින්වත් කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ගැන ලෝකයා නොදත් තතු මා දැනගත්තේ මේ ලිපිය මා උන්වහන්සේ අභියස දින 10 ක නේවාසික භාවනාවකට උපාසක කුටියේ නතර වූ දින කිහිපය තුළදී ය…

උන්වහන්සේ අභියසට එවකට මා මුහුණු පොතේ හිතමිතුරු රංඟ දේශප්‍රිය Ranga Deshapriya මල්ලි සමඟ කුටි දෙකක දේවාලේගම එවකට ස්වාමීන්වහන්සේ පහන් කණුව අරණ්‍යයේ වැඩවාසය කරන කාලයේ දී භාවනාවට නතර වීමු. මා එම කුටිය තුළට වී හොඳින් භාවනා කළෙමි. නමුත් තුන්වැනි සිව් වැනි දින එක ම එක වැටහෙන දේ එපා වී, ස්වාමීන්වහන්සේ සහ කමටහන ද එපා වී පසු දා මා උදේ කමටහන් වේලාවේ ස්වාමීන්වහන්සේ මුණගැසීමට ගියේ ආපසු ගෙදර යාමේ අදහසිනි.

නමුත්..
උන්වහන්සේ වැඩසිටින කන්ද මුදුණට මා නැග එන පෙරමඟ පිණ්ඩපාතෙ වැඩම කළ හිමි උන්වහන්සේගේ දානය ගෙන එළිමහනේ මා එනතුරු වැඩසිටියාක් මෙනි සිනහ මුහුණින් සිටි සේක. එන්න එන්න මහත්තයා. ඊයෙ රෑ මොකද වුණේ කියා සිනාවෙන් මදෙස බලා උන්වහන්සේ ම නැවත මට කියා සිටිනවා ඔතන දී තමයි ගුරුවරයා යෝගාවචරයා ගැන සැලකිලිමත් වෙන්න ඕනැ තැන. යෝගාවචරයාට භාවනාව එපා වෙලා ගුරුවරයත් එපා වෙලා ⁣ගෙදර යන්න යනව. නමුත් යෝගාවචරයා දන්නවා ගෙදර ගියත් සංසාරෙන් ගැලවෙන එකට උත්තරයක් නෑ කියල. ඉතිං උන්වහන්සේ තුන් පාරක් ම ඒක කියන කොට තේරුම් ගියා මගෙ හිතේ ඊයෙ රෑ වෙච්ච චිත්ත පෙරලිය. මේ හාමුදුරුවෝ දන්නෙ නෑ මෙතනින් එහා. මෙතන ඉඳල වැඩක් නෑ. භාවනාවෙ දි දකින්නෙ එක ම දේ මේකමයි කියල. ඉතිං උන්වහන්සේට හංගන්න බෑ මගෙ හිත කියල මට තේරුණ නිසා සමාවෙන්න ස්වාමීන්වහන්ස, මට වුණේ ඔය ටික තමයි. මට එපා වෙලා මේ කියල යන්නයි ඔබවහන්සේට ආවෙ මම කීවා.

උන්වහන්සේගෙ කුඩා කාමරයට නැගිට ගිය උන්වහන්සේ අතින් ම ලියූ කුඩා කොළ කැබැල්ලක් ගෙන මහත්තයා ඊයෙ රෑ ඔය සිදුවිම වෙද් දී මම මේක ලිව්වෙ. නිබ්බිදාව අවස්ථාව. මහත්තයා මෙන්න මෙතනයි දැන් ඉන්නෙ. ඒ නිසා ඔතන දී දක්ෂ ගුරුවරයා තමන්ගෙ යෝගාවචරයා ගැන අවධානයෙන් ඉන්න ඕනැ තැනක්. භාවනාවත් එපා වෙලා සළුව ගසා දාල යන වෙලාව මේක. ඉන් අනතුරුව මට සතුටක් ආවේ මේ දක්වා කළ දියුණුවක් බව පෙන්වූ නිසාවෙනි. ඉන්අනතුරුව උන්වහන්සේගෙන් අලුත්කමටහනක් ලබාදෙන මෙන් ඉල්ලීමි. ඔය එපා වෙච්ච එක ම කරන්න. ඒ එපා වීමට හේතුව හම්බ වෙයි මහත්තයා. උන්වහන්සේ දුන්න උපදේශය කනගාටුවෙන් පිළිගෙන ගෙදර යාමේ අදහස පසෙකලා නැවත කුටියට වී තව දින දෙකක් භාවනා කළෙමි. දෙවැනි දිනයේ පාන්දර සිට භාවනාවේ දී ශරීරයට පුදුම ප්‍රීති සුවයක් ගෙන දුන් අතර, හිත ද විසිරෙනු වෙනුවට අරමුණු ද පැමිණ යයි. උදෑසන දානයෙන් පසුව නැවත කමටහන් දීමට යන පෙරවරු 10.30 අතර කාලයේ දී වේගයෙන් එන යන අරමුණු ද දැන් නැත. ඒවා ද ප්‍රකට වීම අල්ප ය. සිත ප්‍රභාශ්වර තත්ත්වය නිසා ගත හරි ම සැහැල්ලු ය.

උන්වහන්සේ අභියසට ගොස් මේ බව කියන්න උන්වහන්සේ ඉදිරිපිට බිම පැදුර හෙලා වාඩි වෙන කොට ම ස්වාමීන්වහන්සේ පවසනවා, මහත්තයා සමහර රටවල පැයට සැතපුම් 300 වේගයෙන් යන සැප පහසු කෝච්චි තියෙනවා. ඒ කෝච්චියක යනව වගේ නේද මහත්තයත් දැන්. නෙළුම්කොළයට වතුර වැටෙනවා. රැඳෙන්නෙ නෑ නෙ. දැන් ඒ කෝච්චියෙ යන කොට වාඩි වෙලා හරි ම සැප පහසුයි. ඒ වගේ මහත්තයගෙ ශරීරයත් දැනෙන්නෙ නෑ. නිකම් පුළුන් උඩ වාගෙ. අර කෝච්චිවල යද්දි වේගය නිසා ගෙවල් දොරවල්, ගහකොළ හඳුනන්නෙ නෑ. මොනව ද පහු වෙනව. මහත්තයට ඒව බලන්න වුවමනාත් නෑ. ඒවායෙ රැඳෙන්නෙත් නෑ. කියල මෙන්න මෙතනයි කියල මට අවබෝධ වෙච්ච වෙලාවෙලු සංඛාර උපේක්ඛා ඤාණය යටින් නිල් පෑනෙන් ලකුණු ක⁣ළේ කී උන්වහන්සේ මේ කොළය මා අතට පත් කළා. ඊළඟට ඕක ම දිගට කරන්න උත්සාහයෙන්. හැබැයි ජීවිත බිය නිසා ගොඩ දෙනෙක් මෙතනින් පැන්නෙ නෑ. මහත්තයත් උත්සාහ කරල බලන්න කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ මට උපදෙස් දුන්නත් මට එහි සිටි සත්ත්ව විශේෂයක් (හොහපුටු) නිසා මුළු ශරීරය ම කසන්නට වීම හේතුවෙන් නව වැනි දින උන්වහන්සේට වැඳ එන මොහොතේ උන්වහන්සේ මට කීවේ මහත්තයට පුළුවන් කර ගන්න. ඉඩ තියෙන වෙලාවක ආයෙ මෙහෙ එන්න යන්න යි. උන්වහන්සේගේ මූලික ම කමටහන වචනය “සුවපත් වෙත්වා” විදර්ශනාවෙන් දියුණු වෙදිදී ඒ වචනය සුවපත් වා කියල කරන්න.

අන්තිමට වා වා කිව්වත් කමක් නෑ. ඒ අකුරත් ඊට පස්සෙ අත්හැරෙයි. මට එදා දුන්න උපදෙස. නිවන් දුටු, පිරිනිවන් පා වදාළ හිමිට නැවත නිවන් දකිත්වා යි කීමට මා අඥාන වන්ත නොවෙමි. කළයුතු අප්‍රමාදව උන්වහන්සේගේ දහම මේ ඉන්ටනෙට් එකෙන් හරි අසා සසරින් මිදීමට යුහුසුළු වීමයි. මේ මඟ යන හිමි වරු තව නම් එක්කෙනයි මට හමු වුණේ. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ තත්ත්වය මේකයි. ආයෙ මේ රෑ යන අන්තිම බස් එකයි. යුහුසුළු වන්න.

උපුටා ගැනීම :- Vijitha panagoda

පිංවත් ඔබත් අප්‍රමාදි ව මේ සද්ධර්මයෙන් සැනසෙන්න

අතිපූජනීය කටුකුරුන්⁣දේ ඥානානන්ද මහා ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏

New at Little Bit

from Path to Nirvana https://ift.tt/38zBxcJ
බුදුවරයාණන් වහන්සේ කෙනකුගේ අපරිමිත ගුණස්කන්ධය අවබෝධ කොට ගත හැකි වන්නේ, දැකිය හැකි වන්නේ තවත් එවැනිම වූ සම්මා සමුබුදුවරයකුට පමණි. සෙස්සෝ තම තම ප්‍රඥා මට්ටමට අනුවම ඒවා දැන ගනී. ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියුත් ස්වාමින් වහන්සේ වරෙක බුදු රඳුන් හමුවට පැමිණ පැවසූවේ,
“ස්වාමිනී, මහා සාගරයේ ජලය ප්‍රමාණය යමෙක් භාජනයකින් මැන කිරා ප්‍රමාණය දැක්වීමට සූදානම් වන්නේද, එය කෙසේ වත් කළ නොහැකිය. නමුත් එය කිරීමට හැකි වුවද ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මෙපමණකැයි මිනිය නොහැක ස්වාමිනි” යනුවෙනි.
එය සත්‍යක්මය. එය පූර්ණ වශයෙන් දන්නේ එවැනිම සම්මා සම්බුදුවරයකු පමණි. එසේ හෙයින් බුදුවරයන් වහන්සේලා “අසම සම” වන සේක..

ඒ සර්වඥතා ඥාණයට හසු නොවන දෙයක් නැත. ගෝචර නොවන දැයක් මේ විශ්වය තුළ නොමැත. විශ්වය තුළ පවතින දත යුතු ධර්මතාවයන් යම් තාක් ද, ඒ තාක් සර්වඥතා ඥාණයද, සර්වඥතා ඥාණය යම්තාක් ද, විශ්වය තුළ පවතින දත යුතු ධර්මතාවයන් එපමණය.

සෘධිමත් රහතන් වහන්සේලා අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සත් දවසක් ලෝකය වටා සෘධි බලයෙන් ගොස් අතරමං වී සිටින අවස්ථාවේ, පිරිනිවීමට අධිෂ්ඨාන කළ සේක. මෙය දුටු අප මහා තථාගතයාණෝ නමා තිබූ අත දිග හරින වේලාවකින් මුගලන් මහ රහතන් වහන්සේව එයින් මුදවාලූ සේක. සෘධිමතුන් අතර අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේගේ දින 7 ක සෘධි බලය, බුදු පියාණන්ගේ එක් ක්ෂණයක සෘධියට යටත් වූ සේක.

උන් වහන්සේගේ සතිය කොතෙක්ද?
මුළු බුද්ධ ජීවිතය පුරාම සතියෙන් තොරව සිදු කළ එකදු මානසික, වාචික, කායික ක්‍රියාවක් නොමැත. ධර්ම පර්යේෂක භික්ෂුව විසින් ද, වරෙක් මාරයා විසින්ද උන්වහන්සේ පසුපසින්ම රැඳී සිටිමින් අවුරුදු ගණන් සෙව්වද, සතියෙන් තොර වන එක තත්පරයක් ඔවුනට සොයා ගත නොහැකි විය. උන්වහන්සේගේ සතිය එතරම්ම ප්‍රබල විය.
මුළු මහත් විශ්වය පුරා යම්තාක් සංස්කාරයන් පවතීද ඒ සෑම සංස්කාරයකම යථා ස්වරූපය යථා පරිදි උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගන්නා ලදී. අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද, අනිත්‍යය , දුක්ඛ, අනාත්ම, ආදී වශයෙන්ද, හේතු ඵල වශයෙන්ද, ධාතු වශයෙන්ද, චතුරාර්‍ය සත්‍ය ධර්මයන් වශයෙන්ද ආදී අනේක ආකාර වලින් උන්වහන්සේ ඒ සෑම දෙයක්ම පිරිසිඳ දත් සේක.
උන්වහන්සේ වරෙක විශාල ඇට්ටේරියා වනයක් මැදින් වඩිනා විට බිම වැටී තිබූ ඇට්ටේරිය කොළ ස්වල්පයක් අතට ගෙන, තමන් වහන්සේ අවබෝධ කොට ගත් ධර්මය මේ මුළු වනයම තරම් නම්, සත්වයාට දේශනා කොට ඇත්තේ අතට ගත් කොළ ස්වල්පය තරම් ප්‍රමාණයක් බව පැවසීය. එසේ දේශනා කොට වඳාළ ධර්ම ස්කන්ධයද මේ සංසාර දුක්ඛය නිමකරමින් නිවන් අවබෝධය පිණිස කිසිඳු අඩුවක් නැති , පරිපූර්ණ ධර්මයක් බවද ප්‍රකාශ කොට වඳාළ සේක. ඒ සර්වඥතා ඥාණය එබඳුය. මේ විශ්වයේ පහළවන තවත් සම්මා සම්බුදුවරයකුට පමණක් එය ගෝචර වන්නේය.

උන්වහන්සේගේ වීරිය කොතෙක්දැයි සාමාන්‍ය කෙනකුට නම් සිතා ගැනීමට වත් නොහැකිය. බෝධි සත්ව මූලයේදීද දස පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා පූරණය කරන විට තිබූ වීරිය කොතෙක්ද? බුද්ධත්වය පිණිස ගිහි ගෙයින් නික්ම, දුෂ්කර ක්‍රියා කරන කාලය පුරාවටම වැඩූ වීරිය ප්‍රමාණය, ගස් , ගල්, පර්වත පවා සෙලවිය හැකි තරම් විය. එය කිසිවකුටවත් සිතා ගැනීමට නොහැකි තරම්ය. ඇස්, ඉස්, මස් ලේ දියවී යද්දී පවා, සිහිසුන්ව එකම තැන වටෙද්දී පවා, උන්වහන්සේ තම අභිමතාර්ථය අත් නොහළේය.
කුසේ මස් දියවී ගොස්, එය පිට කොන්දේ ඇලෙන්නට විය. නමුත් ඒ වීර්යය නොසංසිඳිනි. අද අප මේ අත්දකින ධර්මය, එදා උන්වහන්සේ එසේ අප්‍රතිහත වීර්යයෙන් සිදු කළ අනේක කැපකිරීම් වල ප්‍රථිඵලය. බුදු වන මොහොතේ, එදා ශ්‍රි මහා බෝධී මූලයේ හිඳ ගත්තේ,
“මාගේ ශරීරයේ ඇස්, ඉස් ,මස් ලේ,. නහර දියවී ගියත්, බුදු වී මිස මෙතනින් නොනැඟිටිමි” යන චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුවය. දෙවියන්, බඹුන් , මාරයන් සහිත මේ තුන් ලෝකයේ කිසිවකුට එම වීර්යයට ළං වනු තබා සිතා ගැනීමටවත් නොහැකිය.

උන්වහන්සේ සතු සමාධි ස්කන්ධය මහා සාගරය වැනිය. කැමති කැමති අරමුණකින්, කැමති තාක් වේලා සමවැඳිය සිටි හැකි, සිතූ පරිදි යළි නැඟී සිටිය රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, අනිමිත්ත සමාධී ආදී අපේ මනසට, ප්‍රඥාවට පවා ගෝචර නොවන අසීමිත සමාධි ස්කන්ධයක් උන්වහන්සේ සතුය. අහස පොළොව කම්පා වන තරම්, ගෙවල් දොරවල් , ජීවීත විනාශ වන තරම් අති දරුණු, අති භයංකාර අකුණු පහර හඩ මැදද, එවැනි වූ වෙනත් තත්වයන් මැද්දේ දී පවා නොසැලෙන, නොකැඩෙන සමාධියක් උන්වහන්සේ සතු විය.

උන්වහන්සේ සතු උපේක්ෂාව, මහ පොළොවටවත් සම කළ නොහැක. අනේක විදි නින්දා, ප්‍රශංසා, ලාභ , අලාභ, යස අයස ආදී අෂ්ඨ ලෝක ධර්මතාවයන් කෙරෙහි නොසැලෙන තාදි ගුණයකින් සමන්විත සිතක් උන් වහන්සේ සතුව තිබිණි. අහස පොළොව ගුඟුරා ගියද ඒ බුදු සිත එක් මොහොතකදු කම්පා නොවිණි.

මෙසේ අනන්ත අප්‍රමාණ, ගුණ සහිත ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්කන්ධය මෙසේ ලිපියකට ලඝු කොට දැක්වීමට අපේ ප්‍රඥාව මඳය. මේ ලිවූ ප්‍රමාණය උපාමවකටවත් දැක්විය නොහැක.
උන් වහන්සේ අසම සමය…!
මේ අප දන්නේ අප මනසින්, අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට දක්නා බුදු ගුණ පමණි. එවැනි බුදුවරයකුගේ ලයෙන් උපන් ශ්‍රාවකයන් වීමට, උන්වහන්සේ පෙන්වා දුන් නිර්වාණ ප්‍රතිපදාවේ ගමන් කිරීමට තරම් ඔබත් මමත් මේ සංසාරයේ අනන්ත පින් කොට ඇත්තෝය.

කොතෙක් බුදු ගුණ දැන කියවා, මතුරමින් සිටියද අප බුදු ගුණ වැඩුවා වන්නේ නැත. උන් වහන්සේ සතුව තිබූ එක් ගුණයක්, අංශු මාත්‍රයකින් හෝ අපේ ජීවීතයට ගළපා ගෙන එය වැඩීමට ප්‍රයත්න දැරුවේ නම්, දරන්නේ නම් එයම අවංක , අව්‍යාජ බුදු ගුණ වැඩීමක් වන්නේය. අප සත්‍ය වශයෙන්ම බුද්ධානුස්සතිය වැඩුවා වෙයි.

තිලොවින් අග්‍ර වූ ශාස්තෘවරයාණන් වහන්සේ කෙනකු ලබන්නට අප පින් කොට ඇත්තෙමු. එසේ අනන්ත ගුණ ඇති, අග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් ගේ අග්‍ර වූම ගුණස්කන්ධය මෙනෙහි කරමින් දවස ආරම්භ කරන්න. දවස පුරාම බුදුන් වහන්සේ මනසින් දකිමින් ජීවත් වන්න. තම ලය මඩල බුදුන් වහන්සේ උදෙසා ඉඳි කළ බුදු කුටියක් බවට පත් කරන්න. නිවස තුළ ඉඳි කල බුදු කුටිය සුවන්ඳවත් මලින් සරසා, ආලෝකයෙන්, සුවඳ දුමින් පුරවන්නේ යම්සේද, ඒ බුදු රඳුන් නිරන්තරයෙන් වැඩ සිටිනා තම හදවත නැමැති බුදු කුටිය නිකෙලෙස් සිතිවිලි වලින් නිරතුරුව නිර්මල පවිත්‍ර බාවයට පත් කරන්න. එයම ඔබේ චිත්ත ප්‍රීතියට හේතුවනු ඇත.

බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නේ පන්සලක වත්, දේවලයකවත්, බෝධියකවත් නොව, තම සුපිරිසිදු, ශ්‍රද්ධාවන්ත සන්තාණය තුළය. එය සුවඳවත් කොට පවිත්‍ර කොට තැබීම ඔබේ කාර්යයකි. කොතෙකින් බුදු පිළිම විනාශ වූවද, ඔබේ හද තුළ වැඩ සිටින අමා මැණියන් විනාශ කිරීමට ඔබටම හැර වෙන කෙනකුට නොහැක. ඔබේ හදවත තුළට බුදු පියාණන් වැඩමවිය හැක්කේද, ඉවත් කළ හැක්කේද ඔබටම හැර අන් කෙනකුට නොවේ.

මෙසේ අනන්ත වූ බුදු ගුණ මෙනෙහි කරමින්, මේ ලිපිය කියවන මොහොතේ පවා ඔබ තුළ ජනිත වූ ශ්‍රද්ධා සිත ඔබට අග්‍රවූම පුණ්‍ය ස්කන්ධයක් රැස් කර දුන් බව නො අනුමානය. ඒ ශක්තිමත් පුණ්‍යස්කන්ධය ඔබට නිවන් මඟ දොරටු විවර කරන අයෝමය හස්තයක් වේවා….!!!!

සියළු සත්වයෝ නිවනින්ම සැනසෙත්වා…!!!!

අමා සුව

New at Little Bit

from Path to Nirvana https://ift.tt/37aBmnV
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 122🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17

අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා අත්හල වෙස්සන්තර කුමරු.

මීට පෙර කී ලෙස හැටදහසක් වූ රජවරුන් ඇතුළු පිරිස වෙස්සන්තර ඇතුළු රජ පවුල අනාථව පැමිණි බව අසා මහත් වූ දුකෙන් පැමිණ විවිධ ප්‍රශ්ණ අසන්නට පටන්ගත්තා.

” දේවයිනි !කිම නිරෝගී ද? දුකක් නැද්ද? කිම තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද? මහරජතුමනි ! ඔබගේ සේනාව කොහිද? කිම සතුරන් විසින් යටත්කරන ලද ද? අසුන් නැතිව රිය නැතිව මෙරටට පැමිණියාහුද? ඉක්බිත ඒ රජවරුන්ට මහාබෝධිසත්වයන් වහන්සේ තමන්ගේ පැමිණි කාරණය පැහැදිලි කරන්නට මෙලෙස කිවා.

🌺රටින් නෙරපුබව කියා සත්‍ය ප්‍රකාශ කල වෙසතුරු කුමරු.

“සබදිනි, මට රෝගයක් නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකක් නැත. යම්හෙයකින් මම රියහිස් බදු දළ ඇති, බර උසුලන, සියලු යුද්ධ වලදී නියම භූමිය හදුනන, සම්පුර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි. රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩින යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන්, ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද ඒ කාරණයේලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීය. එබැවින් වංකගිරියට යමි.”

මිත්‍රවරුනි, අපහට වනයේ විසීමට සුදුසු පෙදෙසක් දැන කියව.

එය ඇසු රජවරු මෙලෙස කියන්නට වුනා.

🌺 රජකම භාරගන්නා ලෙස ආරාධනය කල චේතිය රටවැසියන්.

මහරජුනි, ඔබගේ පැමිණීම අපහට මැනවි , තවද ඔබ නිදොස්ය. මෙලෙස පැමිණි ඔබ අපට ඉසුරු වන්න. ඔබහට තොප රිසි යමක් ඇත්නම් කියන්න, මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුකයකු බැවින් පලා ද, නෙලඹල ද, මී ද, මස් ද, පිරිසිදු හැල්බත් ද, වලදන්න. අපි සියල්ල පිළියෙළ කර දෙන්නෙමු. රට වඩන මහරජුනි, ඉදින් ඔබව එරට රටවැසියනට එපාවීනම් චේතිය රටවැසියන් විසින් පිරිවරන ලදුව මෙහිම රජකම් කරන්න. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ ය, සමෘද්ධ ය, විශාල ය, මේ රජයට අනුශාසනා කරන්නට අදහස් කරත්වා යයි කීය.

එවිට මහාබෝධිසත්වයන් වහන්සේ ඔවුන්ව අස්වසමින් මෙලෙස පිළිතුරු දුන්නා.

රටින් නෙරාපන ලද මට රාජ්‍යානුශාසනාවට කැමැත්තෙක් හෝ බුද්ධියක් නැත. කරුණාවෙන් මාගේ බස් අසන්න. යම් හෙයිකින් රටින් නෙරපන ලද වෙසතුරු හට චේතිය රටේ වැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හයි සිවිහුද බලකාය ද නියම්ගම් වැසියෝද යන යම්කෙනෙක් දැනගත්තා වෙත්ද ඔවුහු සැමදෙන නොසතුටු වනවා ස්ථිරයි. ඒ විතරක් නෙවෙයි. මා නිසා ඔබ රාජ්‍යයන් අතර අසමගිය ද නිරතුරුව වන්නේය. ඒ නිසාම එකිනෙකා අතර කලහවිවාද ඇතිවීමද වැළක්විය නොහැකියි. එවැනි සිවි වැසියන්ගේ කලහයද විග්‍රහයද මට රුචි නෙවෙයි. තවද එම නිසාම කර්කශ කලහයද පහරදීමට නොමදව සිදු වන්නේය. එසේ ඇතිකල්හි එකල මා නිසා බොහෝදෙනා නැසෙන්නේය. හැමදෙනා විසින් සම්මාදන් වී කරන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලදමැ මා විසිනුදු පිළිගන්නා ලදම වේවා. පියමහරාජ මා නෙරපීය. එහෙයින් මම වංකගිරියට යමි. සබදිනි, වනෙහි යම්තැනක් වසමෝද එහි අපට නිසි පෙදෙසක් කියනු.

මෙසේ ඒ රජවරුන් මහා බෝධිසත්වයන් වහන්සේ වෙතින් නොයෙක් අයුරින් රාජ්‍යය භාරගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට කැමැති වුනේ නැහැ. ඊටපස්සේ ඔහුට ඒ රජවරු බොහෝ සත්කාර කරන්නට වුනා. මේ සියලු කතාබහ සිදු වුනේ ප්‍රධාන නගරයෙන් පිටත ශාලාවක් තුලයි. ඊට හේතු වුනේ මහා බෝධිසත්වයන් වහන්සේ නගරයට පිවිසෙන්ට අකමැති වූ නිසාවෙන්. එනිසා රජ යුවල සිටි ඒ ශාලාව අලංකාරකොට තිරයකින් වටකොට මහා ආසනයක් සුදානම් කර ආරක්ෂාවද යොදා සියල්ලෝම පිරිවරා ගත්තා. අප මහා බෝධිසත්වයන් වහන්සේ එක්දිනක් එක් රාත්‍රියක් ඔවුන් විසින් ආරක්ෂා කරන ශාලාවේ වාසයකොට ඔවුන්ගේත් සිත නොරිදවා පසුදා උදෑසනම යන්න තීරණය කළා.

🌺 රාජකීය බෝජන සංග්‍රහය

පසුදා උදෑසන රාජකීය භෝජන සංග්‍රහයක් ඔවුන් විසින් රජකෙනෙකුට සුදුසු අයුරින් සකසා තිබුනා. නොයෙක් අග්‍ර රසයෙන් පිරිපුන් භෝජන අනුභවකොට ඒ රජවරුන් විසින් පිරිවරමින්ම ඔහු ශාලාවෙන් නික්ම ගියා. හැටදහසක් පමණ ක්ෂත්‍රියෝ ඔහු සමග පසළොස් යොදුන් මාර්ගය ආසන්නයට පැමිණුනා. පැමිණ ඒ භාග්‍යවන්ත ලොව දුකෙන් මුදවාලීම උදෙසා සියල්ල අතහැර අසීරු ගමනක් යන සියුමැලි පිවිතුරු රජ පවුලට වාසය කිරීමට සුදුසුම වනගත පෙදෙස පිළිබඳව මෙලෙස විස්තර කරනු ලැබුවා.

“එම පුදන ලද ගිනි ඇති එකග සිත් ඇති රාජර්ෂිහු යම්තැනක ස්න්හිදෙත් එයට යන භාරිය දක්ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට අපි කියම්හ. මහරජුනි, තොපි දරුවන් හා භාර්යාව සමග යම්තැනක වාසය කරන්නාහු නම් එයට නිසි පර්වතය ගන්ධමාදන නම් වේ. කදුළු පිරුණු නැත ඇති වැලපෙන මුහුණු ඇති චේතිය රටේ රජු වෙස්සන්තර රජුට අනුශාසන කළහ. මහරජුනි ,මේ මගින් ඍජුව උතුරු දිග බලා යව.තොපට යහපතක්ම වේවා.”

ඉන්පසු වෙසතුරු රජ ඇතුළු ඒ කුඩා පවුල කිසිදිනක නොගිය මහා වනපෙත අතරින් ඉදිරියටම පියවර තැබුවේ ඔබ අප වෙනුවෙන්මයි.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-01-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2NWRh1B
පින්වතුනි.

ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් සසර දුකින් එතෙර වන්නට උපකාරී වෙන ඒ සීලය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ පැහැදිලිව. ගිහි පින්වතුන් හැමදාම පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පොහොය දිනයේ අටසිල් ආරක්ෂා කළ යුතුයි සසර දුකින් මිදීමට කැමති කෙනා විසින්. එතකොට දැන් කියලා දෙන්නේ පන්සිල් රැකීමේ ආනිසංස ගැනයි. ඒ ආනිසංස දැන ගන්න විට සිල් රකින්න කැමැත්තක් ඇති වෙනවා.

ඔන්න ඈත අතීතයේ චන්ද්‍රවති කියන නගරයේ අනුන්ගේ බැල මෙහෙවර කරන දුප්පත් මනුස්සයෙක් හිටියා. ඉතින් එයා දවසක් කල්පනා කළා මෙහෙම. මං මේ අනුන්ගේ බැල මෙහෙවර කරන කෙනෙක්. මට පැවිදි වෙන්න විදියකුත් නෑ. මේ මෝහාන්ධකාරයෙන් වැහිච්ච ලෝකයේ සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙනවා. අනේ මං කොහොමද මේ දුකින් ගැලවෙන්නේ. මට දන් දෙන්න තරම් ධනයක් ඇත්තෙත් නෑ. ඒ නිසා මම පන්සිල් සම්පූර්ණ කරගත්තා නම් හොඳයි කියලා.

ඒ කාලේ අනෝමදස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ සිටියා නිසභ කියලා. ඉතින් මං උන්වහන්සේ ළඟට ගිහින් පන්සිල් සමාදන් වුණා. ඒ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක් ඉතින් එච්චර කාලයක් ඒ පන්සිල් හොඳට ආරක්ෂා කර ගත්තා.

දැන් මං මැරෙන වෙලාව ඇවිත්. දෙවියෝ ඇවිත් කියනවා ” නිදුකාණනි මේ දහසක් අසුන් යෙදු දිව්‍ය රථය ඔබ වෙනුවෙන් තමයි මේ ගෙනාවේ කියලා. ඉතින් මැරෙන වෙලාවට මං මගේ සීලය සිහි කර ගත්තා. මං හොඳින් සිල් රැකපු කෙනෙක් නිසා තව්තිසා දෙව්ලොව ගිහින් ඉපදුණා. තිස් වතාවක් ශක්‍රදේවේන්ද්‍රයා වෙලා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දෙව් සැප වින්දා. හැත්තෑ පස් වතාවක් මනු ලොව සක්විති රජ වුණා. ඔය එක එක රටවල් වල රජ කම ලැබුණු වාර ගණන කියන්න බැහැ එච්චරකට ලැබුවා.

ඉතින් ඊට පස්සේ දෙව් ලොවින් චුත වෙලා විශාලා මහනුවර අතිශයින්ම ආඪ්‍ය මහාසාර කුලයක ඉපදුණා. ඔන්න දැන් ගෞතම බුද්ධ ශාසනය බබලන කාලය. වස් කාලයේදී මගේ මව්පියන් පන්සිල් සමාදන් වුණා. ඒ සිල් පද කියනකොට මට ඇහුනා. ඒ සමගම මං සංසාරේ පෙර ආරක්ෂා කළ සීලය මතක් වුණා. එතැනදී ම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උතුම් අරහත්වයට පත් වුණා. එතකොට මගේ වයස අවුරුදු පහයි. ඒ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ගුණ දැනගෙන මාව උපසම්පදා කළා.

ඉතින් මං ඒ පන්සිල් ආරක්ෂා කිරීමේ පින කළේ මීට අපරිමේය කල්ප ගණනකට පෙර. එදා සිට මේ දක්වා අපායේ ගියේ නැහැ. ඒ පන්සිල් ආරක්ෂා කිරීම නිසා මම සසරේ බොහෝ සැප සම්පත් වින්දා. කල්ප කෝටියක් තිස්සේ ඒ සැප ගැන කීවත් කියලා අවසන් කරන්න බෑ.

ඒ පන්සිල් රැකපු පිනෙන් මට විශේෂ ආනිසංස තුනක් ලැබුණා. ඒ තමයි
1. මං සංසාරේ දී දීර්ඝායුෂ ලැබුවා.
2. මහා භෝග සම්පත් ලැබුවා.
3. තියුණු ප්‍රඥාව ලැබුවා.

සියලු දෙනාටම තමන්ගේ දක්ෂකම් කියන්නා වගේ සංසාරේ සැරිසරලා අද මං මේ තත්වයට පත් වෙලා ඉන්නේ.

( පංච සීලයට මෙහෙම නම්)ඉතින් අප්‍රමාණ වූ සීලයක් රකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් භවයේ හිටියොත් කොහොම ආනිසංස ලැබෙයිද.

ඈත අතීතයේ අනුන්ගේ බැල මෙහෙවර කර කර හිටිය මං පන්සිල් හොඳින් ආරක්ෂා කර ගත්තා. ඉතින් ඒ සීලය හේතු කරගෙන අද මං සියලු භව බන්ධන වලින් නිදහස් වුණා. සිව් පිළිසිඹියා අෂ්ට විමෝක්ෂ ෂඩ් අභිඥා උපදවා බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

පින්වතුනි මේ විදියට තමන්ගේ ඒ පෙර පින් බලය ගැන සඳහන් කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් නිකෙලෙස් පුත් රුවනක් වූ ” පඤ්චසීල සමාදානිය” මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමන්ට සසර දුකින් එතෙර වන්නට උපකාරී වූ පෙර කළ පින් ගැන සොයා බලන විට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කළ ඒ පින්කම දැක්කා.

ඉතින් බලන්න අපි යම් කිසි පින්කමක් කරනකොට ඒක හරියට කරන්න ඕන. ඕනෑවට එපාවට කරලා හරියන්නේ නෑ. ඒ වගේම බලන්න සීලයේ ආනිසංස කොච්චරද කියල. සංසාරේ අපායෙන් මිදිලා අනන්ත දෙව් මිනිස් සැප සම්පත් විඳලා නිවන් දකින්න තරම් ශක්තිමත් වුණු හැටි.

ඉතින් ඔබටත් මේ ජීවිතේ පිරිසිදු සීලයෙන් යුතුව නිවන් මග ඉදිරියට යන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

https://ift.tt/2G6eJF3

(අ:පා: ඇසුරින්)