Monthly Archives: February 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/37XPnER
වේදල්ල (දෙවන කොටස)
භාවනාව ආරම්භ කරන්නේ කෙසේද?
පසුගිය සාකච්ඡාවේදී “භාවනාව කියන්නෙ මොකක්ද” කියන කාරණාව අපි පැහැදිලි කර ගත්තා. අද අපි “භාවනාව ආරම්භ කරන්නේ කොහොමද” කියන කාරණාව ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු.
ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! අපි පසුගිය වතාවේදී “භාවනාව කියන්නෙ මොකක්ද” කියන කාරණාව ගැන සාකච්ඡා කළා. අද අපි “භාවනාව ආරම්භ කරන්නේ කොහොමද” කියල ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.
පිළිතුර : තෙරුවන් සරණයි! ඇත්තෙන්ම මේ භාවනාව කියන්නෙ ඉතාම සූක්‍ෂම ඒ වගේම ඉතාම සැලකිල්ලෙන් කළ යුතු ඉතාමත්ම වැදගත් කටයුත්තක්. මේ පිංවතුනුත් දන්නවනෙ සාමාන්‍ය ලෝකයේ උනත් කරන කටයුත්ත සියුම් වෙන තරමට ඒ සඳහා යෙදිය යුතු අවධානයත් වැඩි වෙන්න ඕන. නැත්නම් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.
එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ තියෙන දුෂ්කරම දෙය තමයි මේ හිත හැදීම කියන කටයුත්ත. ඒ නිසානෙ බුදු රජාණන් වහන්සෙ ධම්මපදයෙත් දේශනා කරල තියෙන්නෙ “සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච; යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං.” කියල. ඒකෙ තේරුම “තමාව අපායට පමුණුවන අහිතවත් නරක කටයුතු කිරීම පහසුයි. තමාව සුගතියට – නිවනට පමුණුවන යහපත් දේ කිරීම හරියට පහළට ගලන ගඟක් ඉහළට හැරවීම වගේ පරම දුෂ්කර කටයුත්තක්” කියන එකයි. ඉතිං ඒ නිසා මේ භාවනාවත් ඉතාම සැලකිල්ලෙන් ඕනෑකමින් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය පරිසරය හොඳින් සකස ගන්න ඕන. නැත්නම් අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.
ප්‍රශ්ණය : ඒ භාවනා පරිසරය සකස් කරගන්න විදියත් අපට කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : මේ පරිසරය අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියල බෙදන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය සැකසීම කියන්නෙ භාවනාවට සුදුසු විදියට හිත සකස්කර ගැනීමයි. බාහිර පරිසරය සැකසීම කියන්නේ ඊට ගැලපෙන විදියට වටපිටාවක් හදාගැනීමයි.
මේකෙදි අපි විශේෂයෙන්ම සලකන්න ඕන හිත වැඩෙන්නෙ එහෙම නැත්නම් දියුණු වෙන්නෙ මොන වගේ කාරණා නිසාද පිරිහෙන්නෙ මොන වගේ කාරණා නිසාද කියල. ඒ කරුණු අභ්‍යන්තරයෙත් තියෙනවා බාහිරත් තියෙනවා. බුද්ධ දේශනාවේ ඒ දේවල් ඉතා පැහැදිළිව දක්වලා තියෙනවා. ඒ කරුණු විශුද්ධිමාර්ගය වගේ පොත් වලත් බුද්ධ දේශනාවෙන් උපුටල අරන් පැහැදිලි කරල තියෙනවා. ඒවා සුදුසු පරිදි යොදා ගන්න අපි දක්ෂ වෙන්න ඕන.
ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස “භාවනාවට සුදුසු බාහිර පරිසරයක්” සකස ගන්නෙ කොහොමද?
පිළිතුර : ඇත්තටම අපිට එතරම් හිතෙන්නෙ නෑ, මේ බාහිර දේවල් අපේ භාවනාවට බලපානව කියල. ඒ නිසාම අපි ඒ ගැන එතරම් සැලකිලිමත් වෙන්නෙ නෑ. නමුත් ඒ දේවල් ගැනත් අපි හොඳින්ම දැනගෙන ඉන්න ඕන. අපි ඉන්න කාමරය හා අවටත් තමන්ගේ ශරීරයත් පිරිසිදුව තියාගන්න ඕන. සිදුකරන කතාබහ, ඇසුරු කරන පිරිස, ගන්නා ආහාර, පවත්වන ඉරියව් ආදී කරුණු ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. යම් යම් දේවල් නිසා සිත විසිරෙනව ද කිලිටි වෙනව ද ඒ දේ වලින් වලකින්න අපි දක්ෂ වෙන්න ඕන. උදාහරණයක් විදියට යම් කෙනෙක් නිතරම ප්‍රයෝජනයක් නැති හිත කිලිටි වෙන දේවල් අපට කියනව නම් එවැනි අයව ඇසුරු නොකර ඉන්න ඕන.
තමන්ට සප්පාය එ් කියන්නෙ භාවනාවෙ දියුණුවට උපකාරක දේවල් හඳුනාගෙන ඒව භාවිතා කරන්න ඕන. මේ විදියට බාහිර පරිසරය ගැන අවබෝධය ඇතිකර ගන්න ඕන. මේ කරුණු බුදු රජාණන් වහන්සේ සබ්බාසව ආදී සූත්‍ර දේශනා වලදිත් දේශනා කළානෙ. එතනදි “කතමෙ ච, භික්‌ඛවෙ, ආසවා පරිවජ්‌ජනා පහාතබ්‌බා?” “පරිවර්ජනයෙන් (ඇසුරු නොකර බැහැරකිරීමෙන්) ක්‍ෂය කළ යුතු ආශ්‍රව මොනවාද?” කියන ප්‍රශ්ණය අහල, සිතේ දියුණුවට නුසුදුසු සේනාසන, ගොදුරුබිම් හා පුද්ගලයින්ව බැහැර කරන ලෙස දේශනා කළානෙ. මේ විදියට විවිධ සූත්‍ර දේශනා වලදි මෙවැනි කරුණු දේශනා කරල තියෙනව. මජ්ඣිම නිකායෙ මහාසුඤ්ඤත සූත්‍රාදියේදිත් අසප්පාය දෙතිස් කතා ආදියෙන් වළකින්න අවවාද කරල තියෙනවා. මේ සියල්ල කැටි කරල
‘‘ආවාසො ගොචරො භස්‌සං, පුග්‌ගලො අථ භොජනං;
උතු ඉරියාපථො චෙව, සප්‌පායො සෙවිතබ්‌බකො’’
කියල භාවනාවට සප්පාය වූ සේවනය කළ යුතු කරුණු හතක් දහමෙහි දක්වා තිබෙනවා. එනම් සප්පාය ආවාසය (කුටිය), පිණ්ඩපාතයේ හැසිරෙන ගොදුරුබිම, කතාව, ඇසුරු කරන පුද්ගලයින්, ආහාර, ඍතුව, ඉරියව්ව යන කරුණුයි. මේ මේ දේ හිතේ දියුණුවට උපකාරයි, මේ දේ බාධයි කියල අපි නුවණින් තේරුම් ගෙන කටයුතු කරන්න ඕන.
ප්‍රශ්ණය : භාවනාවට සුදුසු විදියට හිත සකස් කරගන්න කටයුතු කරන්න ඕන කොහොමද කියලත් අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.
පිළිතුර : තමන් කරන භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලබන්න නම් මේ හිත හදන වැඩපිළිවෙල ගැන හොඳ අවබෝධයකින් ඒක කරන්න ඕන. මේ මේ කරුණු නිසා හිතේ යහපත් ගුණ වැඩෙනව, මේ මේ කරුණු නිසා හිතේ යහගුණ පිරිහෙනව කියන බව දැනගෙන කටයුතු කරන්න ඕන. මෙන්න මේ නිසා පැරණි උතුමන් වහන්සේල භාවනාව ආරම්භයට පෙර භාවනාවේ දියුණුවට ගැලපෙන විදියට හිත පිරිසිදු කරගැනීම සඳහා කළ යුතු කටයුතු කීපයක් දක්වල තියෙනව. ඒවට පූර්වකෘත්‍ය කියලත් හඳුන්වනව. විශේෂයෙන්ම ආධුනික අය මේ කටයුතු ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ දේවල් සුළු දේවල් කියල හිතන්නෙ නැතිව බොහොම ගෞරවයෙන් පිළිපදිනව නම් තමන්ටම ඒකෙ වටිනාකම අත්දකින්න පුළුවන්. එසේ කලයුතු කටයුතු කීපයක් අපි මතක් කරන්නම්.
සිල් සමාදානයත් (භික්ෂුවක් නම් ඇවැත් දෙසීමාදිය) තෙරුවන් වන්දනාදිය ගෞරවයෙන් සිදුකරන්න.
තෙරුවනට හා සත්පුරුෂ උතුමන්ට යම් වරදක් සිදුවී ඇත්නම් එය කමාකර ගැනීම.
“අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ සිත – කය – වචනය කියන තුන් දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ත්‍රිවිධ රත්නයට, පසේබුදු රජාණන් වහන්සේලාට, ආර්යන් වහන්සේලාට, සත්පුරුෂ උතුමන්ට යම් වරදක් සිදු වී ඇත්නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඊට මට සමාව ලැබේවා!” යනාදී වශයෙන් සමාකර ගන්න ඕන. ඒක ආර්යෝපවාද ආදී අන්තරායක් තියෙනව නම් එයින් මිදෙන්නත්, මානාදී කෙලෙසුන් යටපත් වී සිත ශාන්ත බවට පත්වීමටත් හේතු වෙනව.
ත්‍රිවිධ රත්නයට හා ගුරු උතුමන්ට ජීවිතය පූජා කිරීම
“මාගේ ජීවිතය ත්‍රිවිධ රත්නයටත් සියලු ගුරු උතුමන්ටත් පූජා කරමි, පූජා වේවා!” යනාදී වශයෙන් ජීවිතය පූජා කිරීමෙන් සිතේ ඇතිවන කෙලෙස් වලට පහසුවෙන් මුහුණ දියහැකි වෙනව. මේ කටයුත්තත් ඉතාම උවමනාවෙන් මුළු හිතින්ම කරන්න ඕන. හොඳ ප්‍රතිඵල ලබන්න ලැබෙන්නෙ එතකොටයි.
පින්දීම
“අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා මා කළ සියලු කුසල් සියලු දෙවියෝ ද සියලු සත්වයෝද අනුමෝදන් වෙත්වා!” යනාදී ලෙස පිං අනුමෝදන් කරන්න.
පිං අනුමෝදන් වීම
“සියලු බුදු – පසේබුදු – මහරහත් උතුමන්ගේත් මහබෝසත් ආදී සියලු සත්පුරුෂ උතුමන්ගේත් දාන – සීල – භාවනාදී සියලු කුසල් මම ද අනුමෝදන් වෙමි.” යනාදී ලෙස පිං අනුමෝදන් වෙන්න. මෙයිනුත් තමාගේ මානාදී කෙලෙස් යටපත් වී සිත මෘදු කර්මන්‍ය බවට පත් වෙනව.
තමාට අවවාද කරගැනීම
“ජරා – ව්‍යාධි – මරණ ආදී මහදුක් වලට අකමැති නම් හා ඒවායින් මිදීමට කැමති නම් භාවනාවේදී පැමිණෙන කුඩාදුක් ඉවසිය යුතු බවටත්, සියලු සැප අතර අග්‍ර නිවන් සැපය ලබනු කැමති නම් කුඩා සැප ගැන නොසලකා අඛණ්ඩව භාවනාව කළයුතු බවටත්” තමාට අවවාද කරමින් සිත ධෛර්යවත් කරගන්න.
බුදුගුණ මෙනෙහි කිරීම
“මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සේක, සියලු කෙලෙස් සතුරන් නැතිකළ සේක, දුක් සහිත සංසාර චක්‍රයේ පැවැත්ම නැතිකළ සේක, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන සේක, රහසකින්වත් පවක් සිදු නොවන සේ පවු සිදුවීමේ හේතු නැසූ සේක. මෙසේ අරහං නම් වන සේක. අරහං ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්විත මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා!” මේ විදියට තමන්ට හොඳින්ම ශ්‍රද්ධාව පිහිටය ක්‍රමයකට සිහිකරන්න.
මෙත් වැඩීම

“මම වෛර නොවෙමි. තරහ නොවෙමි. නිදුක් වෙමි. සුවපත් වෙමි. මා මෙන්ම සියලු සත්ත්වයෝ ද වෛර නොවෙත්වා. තරහ නොවෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.” කියල හොඳින් හිතයොදල කෙටියෙන් මෙත් වඩන්න.

පිළිකුල (අසුභය) මෙනෙහි කිරීම

“බඹයක් පමණ වූ මාගේ මේ ශරීරය රන්රිදී මුතු මැණික් ආදී වටිනා දෙයකින් හෝ සඳුන් ආදී සුවඳ දේවලින් සෑදුණා වූ දෙයක් නොවේ. කෙස් ලොම් නිය දත් ආදී කුණපයන් ගෙන් සැදුනා වූ පිළිකුල් ශරීරයකි. පිළිකුල් ශරීරයකි.” මේ විදියට හිතට අසුභය දැනෙන ලෙසත් කය ගැන ඡන්දය දුරුවෙන ලෙසත් කෙටියෙන් මෙනෙහි කරන්න.

මරණය සිහිකිරීම

“මාගේ ජීවිතය අනියත යි. මරණය නියතයි….” යනාදී ලෙස තේරුම හිතට දැනෙන විදියට කීපවිටක් මෙනෙහි කරන්න.

මේ කරුණු සියල්ල හොඳින් ඉටු කළාම භාවනාවට සුදුසු තත්වයට හිත පත්වෙනව. ඉන්පසු භාවනාව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/37V0uhL
විරාගයෙන් නිරෝධයට මඟ සාදන මහ අනගි
අට්ඨික සංඥාව..

අනුරාධපුර යුගයේ අට්ඨික සඥාව (අස්ථි පිළිබඳ ඥානය) ප්‍රගුණ කළ භික්ෂූන්…

අනුරාධපුර යුගයේ අට්ඨික සඥාව (අස්ථි පිළිබඳ ඥානය) ප්‍රගුණ කළ භික්ෂූන් වහන්සේ නමක් සිය භාවනා අරමුණින් යුතුව ම මහමඟ වඩිමින් සිටියහ. ඒ අතර තුර එක්තරා කාන්තාවක ද එම පාරේ ම ඉදිරියට එමින් සිටියා ය. දෙපැත්තට යන දෙදෙනා මුහුණට මුහුණ හමුවන මොහොතේ හිමි නම කාන්තාව දෙස බැලූහ. ඇය ද හිමියන් සමඟ සිනාසී ඉදිරියට ගමන් කළාය. කාන්තාව පසුපසින් ඈ සොයා පැමිණි ඇගේ සැමියාට පාරේ වඩින භික්ෂූන් වහන්සේ හමුවිය. සිය බිරිය පිළිබඳ තොරතුරු ඇසීමට මුන්වහන්සේ සුදුසුයැයි කල්පනා කළ ඔහු මේ පාරෙන් කාන්තාවක යනු දුටුවාදැයි භික්ෂූන් වහන්සේගෙන් විමසී ය. කාන්තාවක යනු දුටුවේ නැහැ. ඇට කැබලි ගොඩක් නම් එහාට මෙහාට වෙනවා වගේ දුටුවා යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. අට්ඨික සංඥාව වඩමින් එම අරමුණෙහි ම රැඳී සිටීම නිසා එම භික්ෂූන් වහන්සේ කාන්තාව පෑ හසරැල් හා මනසින් බද්ධ වූයේ නැත. තමන් වහන්සේ මනසින් වැඩූ දෙය උන්වහන්සේ ඈ තුළින් දුටුවහ. එනම්, ඇගේ කටෙහි තිබුණ දත් ය.

ධඤ්ඤම්දං මුසලේන පහිඤ්ඤං – කාය මිදං මරණේන පහිඤ්ඤං

මොහොල් පහරින් මේ ධාන්‍ය පොතු ගැලවේ – මරණින් පසු මගේ කයත් මාහට නැති වේ යනාදී වශයෙන් වූ අනිත්‍යතාවය හෙළිවන කවි ගායනා කරමින් කාන්තාවෝ වී කෙටූහ. ඔවුන්ගේ කවි හඬ අනිත්‍යතාවය පිළිබඳ සිහි කරමින් බවුන් වඩන භික්ෂූන් වහන්සේලාට ඇසේ. කවිවල අදහස මෙනෙහි කළ භික්ෂූන් වහන්සේලා රහත් වූහ.

බුදුරජාණන් වහන්සේ සමීපයට තාලපුට නමැති නර්තනවේදියෙක් පැමිණියේ ය. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම නර්තන ශිල්පියාට පැහැදිලි කරනු ලැබුවේ යමෙක් කරන රඟපෑම් නිසා මිනිස් සිතෙහි රාග ද්වේශ මෝහ යනාදී අකුසල සිතිවිලි හටගනු ලබන්නේ ද එසේ නම් නර්තනවේදියාට එය බරපතළ අකුසලයක් බවයි. ඒ අකුසලය නිසා සෘජු වශයෙන් ම නර්තනවේදියා මරණින් පසු (පරම්මරණා) අපායගාමී වන බවයි.

චක්බුනා රූපානි දිස්වාන නිමිත්තග්ගාහි හෝති.
(නෙත්වලින් විවිධ රූප නරඹන දකින නමුත් එම රූප අදහස් වශයෙන් නිමිති ගැනීමෙන් වළකින්න) දුක ඇති වන්නේ රූප බැලීමම නිසා නොව ඒවා පිළිබඳව සුබවාදී අරමුණු ඇතිකර ගැනීම නිසා ය. බුදුදහමට අනුව අල්ලා ගැනීම අත්වලින් පමණක් නොව මනසින් ද කළ හැකි වන්නේ ය. දෑත්වලින් අල්ලා ගැනීමට වඩා බරපතළ බලපෑමක් ඇති කරගනු ලබන්නේ මනසින් අල්ලා ගැනීම නිසා ය. මනස තුළ පවතින උපාදාන ස්වභාවය ජීව අජීව බොහෝ දේ පිළිබඳ ව පවතී. එය සීමාවක් මායිමක් නැත. පුද්ගල මනසෙහි උපාදානය වැඩි වන තරමට පුද්ගල තෘෂ්ණාව ද අධික වේ. එසේ තෘෂ්ණාව වැඩිවන තරමට උපාදානය ද අධික වේ. පුද්ගල මනසින් අල්ලාගනු ලබන වස්තූන් හී ස්වභාවය යයි. ඉතිරී යාමක් නැත. සාගරයට ජලය පිරවූවා සේ ය. අල්ලා ඇති දේ අත්හරින තරමට මනසට ලැබෙන්නේ සැහැල්ලුවකි. එම සැහැල්ලුව කොපමණ ද කිවහොත් එබඳු තත්ත්වයක් ඇතිකර ගත්විට අහසේ යාමට තරම් පුද්ගල ශරීරය ද සැහැල්ලු බවට පත්වේ.

පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දුටුවාම ඒ රූපය ගැන සුභව සිතීම නැති රාගය උපදවන්නත්, ඇති රාගය වැඩි කරන්නත් හේතු වෙනවා. අසුභව සිතීම නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් හේතු වෙනවා. ඒ නිසා නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් බුදු දහමේ මනා පිළිවෙතින් හික්මෙන අයටත් අට්ඨික සංඥාව වැඩීම ප්‍රයෝජනවත්. අන් ස්ත්‍රීන් ගැන පමණක් නොව තමන් ගැනත් එසේම සිතන්න යොමු වෙනවා නම් තමාගේ කය කෙරෙහි ඇති ආශාවත් අඩු වෙනවා. එයත් ප්‍රයෝජනවත්.

රාගික දෑ කෙරෙහි ඇලුණු පුද්ගලයින්ට ඉන් බැහැර වීම සුදුසු යැයි සිතූ පමණින් රාගික දෑ වලින් මිදීම අපහසු ක්‍රියාවක්. මෙලොව බොහෝ අය එආකාරයි. ඒ නිසා බුදු දහමේ හික්මෙන පුද්ගලයින් යම් කරුණක් කෙරෙහි තමන්ට ඇති රාගය එකවර ප්‍රහීණ වන්නේ නැති නම් එය ක්‍රමක්‍රමයෙන් සිදුකරනවා. පුද්ගල රූප කෙරෙහි ඇලුණු අයෙකුට එකවර තම රාගය ප්‍රහීණ කර ගන්න අපහසු නම් අට්ඨික සංඥාව වැඩීමෙන් එය කර ගත හැකියි.

අට්ඨික සංඥාව උපකාරයෙන් කාම සංකල්පනා යටපත් කොට නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීම ගැන මනා අවබෝධයක් ලබාගත හැකිය.
මේ ගැන තථාගත තිලෝගුරු වදනේ.

1. අට්ඨික සඤ්ඤා සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.
යනුවෙන් ආදී ලෙස විස්තර වේ…

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.

බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

මේ අට්ඨික සංඥාව ගැන ගැඹුරින්ම විස්තර වන්නේ විශුද්ධි මාර්‍ගයේය.
එහි ඇති පරිදිද එය නිවැරදිව වඩනා විට ..
සිරුරේ සියලු ඇට ගනනත්.එවායෙහි හැඩයත්.
එකිනෙකට සම්බන්ධවන ආකාරයත ආදී දේ සැලකා මනසිකාරය දියිනු කල යුතුය.
මෙහි පහතින් දක්වනුයේ එහි සරල දල අදහසකි..

💀 – අට්ඨික සඤ්ඤා භාවනාව –

සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

විරාගය පිණිසම වේවා

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2TacfM9
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 141🧡💛

🌼 අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස නොහොත් දුරේ නිධානයේ අවසානය. 🌼

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 36

🌺 පසුගිය ලිපියෙන්..

මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුනා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුනා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුනා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා.

🌺 ජිවිත අවදානමක් මැද්දේ පාරමිතා පුර්ණය සඳහා උදවු කල දරුවනට පුණ්‍යානුමෝදනා කිරීම.

සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු වෙමින් මෙසේ දරුවන්ට පවසන්නට වුනා,
දරුවෙනි, ජූජක බමුණා ඔබ රැගෙන ගියබව දැනගත් පසු ඔබ පතමින් නිරතුරුවම එක්වේලක් පමණක් වළදන්නට වුණෙමු. බිම නිදාගන්නට වුනෙමු. මෙසේ මට මෙය ඔබ වෙනුවෙන් ඔබ බලපොරෝතුවෙන් දිනපතා කෙරන වෘතයක් විය. දරුවෙනි, මාගේ ඒ වත සමාදානය අද තොප හා සමෘද්ධ විය. මව කෙරෙන්ද පියා කෙරෙන්ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. සදමහරජ එය රකීවා. මා විසිනිදු තොප පියා විසිනිදු කරන ලද යම්කිසි පිනක් ඇද්ද ඒ හැම පිනෙන් ඔබ දෙදෙනා අජර අමර වේවා. දරුවෝ මව නිසා හටගත් සොම්නස ද පියා නිසා හටගත් සොම්නසද පාලනය කෙරේවා. මව්පියන් සතු පින ඔහුව පාලනය කෙරේවායි හඬනගා කිවා.

🌺 වෙසතුරු කුමරුගේ මව මද්‍රි දේවියට යවනු ලැබූ අභරණ.

ඉන්පසු වෙසතුරු කුමරුගේ මව ඵුසති දේවියද “මෙතැන් පටන් මාගේ ලේලිය මේ වස්ත්‍රම හදීවා. මේ ආභරණ ද පලදීවයි” කරඩුවක දමා ලබා දුන්නා. යම් වස්ත්‍රයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එයට නිසි කපුපිළි ද කිහිරිපිළිද කොමුපිළිද කොදුම්බර රට නිපන් පිළිද නැන්දා වූ ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. ඉක්බිත යම් අලංකාරයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද, එබදු රන්මුවා ග්‍රීවාභරණද, අගුපලදනාද, මිණිමෙවුල් ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යැවුවා. ඉක්බිත යම් අභාරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එබදු රන්මුවා ග්‍රීවාභරණද මිණිමුවා ග්‍රීවාභරණද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද එබදු රන් බුබුළු ද නන්පැහැ මැණිකෙන් කරන ලද තිලකාභරණ ද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් පළදනාවකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබදු රන්කසුකම් කළ තනපටද, රන් වොරසුද, මෙවුල්දම්ද, පාදාභරණ ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. හුයෙන් ඇමුණු අභරණ ද හුයක් නැති අභරණද පරීක්ෂාවක් කර බලා සැරසී සිටි උතුම් රූ දැරූ රාජපුත්‍රී නදුන් වනයේ දෙවගනක් මෙන් ශෝහමාන ව බබළන්නට වුනා. ස්නානය කොට පවිත්‍ර ඇදුම් ඇදගත් සියළු අභරණන් සෑදුනු රජ දු තව්තිසා වැසි දිවයඅප්සරාවක් මෙන් ශෝභමාන වුවා.

🌺 එදින මද්‍රී දේවියගේ රූප සෝභාව තවදුරටත් අටුවාවෙහි මෙලෙස විස්තර කරනවා.

බිඔුපලවන් ලවනින් යුතු රාජපුත්‍රිය චිත්‍රලතා වනයේ හටගත් සුළගින් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභමාන විය. ඉදුණු නුගපල බිඔුපලවන්ලවන් ඇති ඒ රජ දු උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිදුරු ලිහිණියක මෙන් ශෝභමාන විය. ස්වර්ණමය ගෙල පලදනාවද අගුපලදනාවද මිණිමෙවුලද ස්වර්ණමය වූ වනයෙහි ඉදිගෙඩ්වලට සමාන වූ ගෙළ පළදනාව තවත් මාණික්‍යමය ගෙළ පළදනාවක් නළලත බදින බුබුළුද තිලකාභරණද නොයෙක් වර්ණ ඇති මාණික්‍යමය ආභරණ විශේෂ දෙකක් රන් හා රිදීමය මෙවුල පා පළදනාවන් නුලෙන් අමුණු හා නුලෙන් අමුණු නැති ආභරණ, මේ නූලෙහි අමුණන ලද හා නූලෙහි නො අමුණන ලද ආභරණ ඒ ඒ හිස්තැන් බලා සරසා සිටියා වූ උත්තම රූප ඇති මද්‍රිය නන්දන වනයේ දෙව්ලියක් මෙන් බැබිලින. චිත්‍රලතා වනයෙහි හටගත් රන්කෙසෙල් ගසක් මෙන් ඒ දවස ඇය බැබලෙමින් සිටියාය. බිඔුපල හා සමාන වූ තොල්වලින් යුක්ත යම්සේ මිනිස් සිරුරෙන් හටගත් මානුසිනී නම් වූ විසිතුරු පියාපත් ඇතිව අහසෙහි සැරිසරන්නේ පියාපත් දිගුකර යන්නී ඉතා අලංකාරය. මෙසේ ඇය රතු පැහැයෙන් නුගගෙඩි හා බිඔුපල හා සමාන වූ තොල්වලින් බබලන්නීය. ඇයටද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන හස්තියකු විය. ඒ මද්‍රි දේවිය තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන ඇතුපිට නිගුණි. ඉක්බිත ඔවුන් දෙදෙනාම මහත් වූ යසසින් කදවුරට ගියහ.

🌺 වෙසතුරු රජතුමා ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත යලි රැගෙනයාමට රැස්වුණ පරිවාර සේණාව.

සංජය රජු මසක් පමණ සැණකෙළි පවත්වා සේනාපතියා කැදවා දරුව, අප බොහෝ කලක් වනයෙහි විසුවෙමු. “කිම, මාගේ පුත්‍රයාගේ ගමන්මග සරසන ලද්දේදැයි” අසා “එසේය දේවයන් වහන්ස,ඔබවහන්සේලාට ගමන් ඇරඹීමට කාලයයි” කී කල්හි වෙස්සන්තර රජුට දන්වා සේනාව ගෙන පිටත් වුනා. වංකගිරියේ සිට ජයතුරා නුවර දක්වා වූ මග මනාලෙස අලංකාර කරන ලද සැටයොදුන් මගට මහත් පිරිවර සමග බෝධිසත්වයන්වහන්සේ පිළිපන්න. වෙස්සන්තර රජු යම්තැනක විසීද එතැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මල් අතුරන ලද රාජමාර්ගය පිළියෙළ කරන ලැබුවා. ඉක්බිත සිවිරට යන්නා වූ වෙස්සන්තර රජු නික්මුණු කල්හි යහපත් දර්ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජ නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්මුණු කල්හි ඇත්රුවෝද අසරුවෝද රථාචාරීහුද පාබල සේනාද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝද නියම්ගම් වැසියෝද රැස්වුනා . සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පලග දරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පොරවාගත් අය රජු පෙරටුකොට පිළිපන්න.(වෙසක් සැණකෙළි කාලයේ මෙන් අලංකාර කරන ලදී )

🌺 වෙසතුරු රජුගේ තේජසින් සහ මෛත්‍රියෙන් සන්සුන්වූ වනසතුන් එකට රැස්ව කම්පාවීම.

සංජය රජු මෙලෙස මාසයක් පමණ පාර්වත ක්‍රීඩා, වන ක්‍රීඩා පැවැත්වුවා. අප මහා බෝධිසත්වයන්වහන්සේගේ තේජසින් විශාල වූ ආරණ්‍යයේ කිසිම නපුරු සතෙක් හෝ පක්‍ෂියෙක් හෝ කිසිවකුටත් පීඩා කලේ නැහ. ඒ සෑම වනයකම යම් පමණ සැඩ සිව්පාවෝ වුහුද ඔවුන් බෝධිසත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන්ද නොපෙලූවා. ඒ මුළු වනයෙහිම යම් පමණ ලිහිණියෝ වූවාහු ද ඔවුහු බෝධිසත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූවා. සිවිරට වර්ධනය කරන වෙස්සන්තර රජු එම වනයෙන් නික්ම ගියකල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූවාහුද ඔවුහු එක් තැනක රැස්වුනා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්ම ගියකල්හි ඒ හැම වනයෙහි යම් පමණ සියොතුන් වුහුද ඔවුහු සියල්ලෝමත් එක්රැස් වුනා. ඒ සැම ඉන්පසු මියුරු ලෙස කුජනය කලේ නැහැ. ඔවුන් එක්රැස්වී මෙතැන් පටන් අපට ඔවුනොවුන් අතර ලැජ්ජාවක් හෝ සංවරයක් හෝ නොවේ යැයි දොම්නස් වුනා. බෝධිසත්වයන්වහන්සේගේ වෙන්වීමේ වියෝදුකින් මිහිරි නදින් පෙරසේ නාද නොකළ.

🌺 වෙස්සන්තර රජු ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත රැගෙන යාම සඳහා ආරක්ෂාව ලබාදුන් සැටදහසක් යෝදයෝ.
.
කෙසෙල් පුන්කලස් ධජ පතාක ආදියෙන් විසිතුරු වූ ලදපස්මල් විසුරුවා යම්තැනක වංකගිරියේ වෙස්සන්තර රජ වාසය කළේද එතැන් පටන් ජයතුරා නුවර තෙක් අලංකාර කරන ලැබුවා. හිසෙහි පළදනා ඇති යෝධයෝ ඊතල පහරවල් වලක්වන සම් දරණ විසිතුරු දැල්වලින් මනාව යුධ ඇදුම්වලින් සැරසී මෙබදු මත්ඇතුන්ද එනකල්හි නොනවතින සුර යෝධයෝ වෙස්සන්තර රජු පෙරටුකොට ගියා. රජු සැටයොදුන් මග දෙමසකින් ගෙවා ජයතුරා නගරයට සැපත් වුයේ මනාලෙස අලංකාර කර පිළියෙළ කරන ලද නගරයට පිවිස ප්‍රසාදයට ගොඩවුනා. ආහාරපානවලින්ද ගීනැටුම්වලින්ද යන දෙකින් යුක්ත වූ බොහෝ පවුරු හා තොරන් ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔවුහු පිවිසිය. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද සතුටු බොහෝ ලෙස සතුටුවුණා. මහජනයාට ධනය දෙන්නාවූ වෙස්සන්තර රජු සිය නුවරට පැමිණි කල්හි පිළිහිස සිසෑරීම් පැවැත්වුනා. සතුටු බෙර හැසිරවූවා. රජුගේ අණ යැයි නගරයෙහි බෙර හැසිරුවුවා. සියළු සතුන් බන්ධනයෙන් මිදිය යුතු යැයි ඝෝෂා කළා. යටත් පිරිසෙන් බළලුන් ඇතුළුව සියළු සතුන් බෝධිසත්වයන්වහන්සේ අණින් නිදහස් කරවුනා. වෙසතුරු රජු නගරයට පිවිසි දිනයේම අළුයම් වේලෙහි මෙලෙස සිතන්නට වුනා. රෑ පහන් වූ කල්හි මා පැමිණි බව අසා යම් යාචක කෙනෙක් පැමිණෙත්ද ඔවුන්ට මම කුමක් දෙන්නේම්ද? ඒ මොහොතේම ශක්‍ර දෙවිදුගේ ආසනය උණුසුම් වුනා. සක් දෙවිදුන් විසින් රජගෙදරට බටහිර හා පෙරදිග නිවාසවල තුනටිය තෙක් ප්‍රමාණයේ පිරෙන්නට තද සත්රුවන් වර්ෂාවක් වැස්සවනු ලැබුවා. එයින් මුළු නගරයෙහිම දනක් පමණ සත්රුවනීන් වැසී ගියා. පසුදා බෝධිසත්වයන්වහන්සේ ඒ ඒ නිවෙස්වලට බටහිරින් හා පෙරදිගින් වැසි වසින ලද ධනය ඔවූන්ටම වේවායි ඔවුන්ට දී ඉතිරිය ගෙන්වාගෙන තමන්ගේ වාසස්ථානයේ ධනයත් සමග භාන්ඩාගාරවල විසිරුවා දන්දීම ආරම්භ කරනු ලැබුවා.

මේ කරණය ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.
සිවිරට වඩන වෙසතුරු රජු නුවරට පිවිසි කල්හි එකෙණෙහිම පැමිණි වලාකුළු ස්වර්ණමය වැසි වස්සුවා. ඉක්බිත ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති පින්වත් අප මහා බෝධිසත්වයන්වහන්සේ බොහෝ සේ දන්දී කය බිදීමෙන් මරණින් පසු එයින් චුතවුයේ දෙවැනි චිත්තයෙන් තුසිත පුරයෙහි උපන්නා.
🌼🌼🌼🌼🌼🌼 නගර කාණ්ඩය නිමි 🌼🌼🌼🌼🌼🌼

🌺 අප මහා බුදුපියාණන් විසින් ජාතක කතාවෙහි එන චරිත ගැලපීම.

සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ ගාථා දහසකින් සමන්විත මහා වෙස්සන්තර ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව මෙලෙස ගලපා වදාළ සේක. එකල්හි බමුණා වුයේ දෙව්දත්ය. අමත්තතාප වුයේ චිංචිමානවිකාවය. චෙත පුත්‍රයා වුයේ චන්න ඇමතිය. අච්චුත තාපසයා වුයේ සැරියුත් තෙරුන් වහන්සේය.ශක්‍රයා වුයේ අනුරුද්ධ තෙරුන්ය.සංජය රජුනම් සුද්ධෝදන මහරජතුමාය.ඵුසති දේවිය නම් මහාමායා දේවියයි.මද්‍රි දේවිය නම් රාහුල මාතාවය.ජාලිය කුමරුනම් රාහුලය. ක්‍රිෂ්ණජිනා නම් උප්පලවණ්ණාය.ඉතිරි පිරිස බුදුපිරිසය.වෙස්සන්තර රජුනම් සම්මා සම්බුදු රාජාණන්වහන්සේයි.
මහා වෙස්සන්තර ජාතකය නිමි
සාදු සාදු සාදු
.
25-02-2020
💚💙💛 අවිදූරේ නිධානය නොහොත් අප මහා බෝසතාණෝ
තුසිත දෙව්ලොව සිට ලොව්තුරා බුද්ධත්වය දක්වා පැමිණි
දෙවැනි කොටස ළඟදීම කොටස් වශයෙන් බලාපොරොත්තුවන්න.💚💙💛

from Path to Nirvana https://ift.tt/3a0JBnl
නිර්වාන මාර්ගය (පළමු කොටස)

භාවනාව යනු කුමක්දැයි හඳුනාගනිමු

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මුලින්ම බුදු දහම කියන්නෙ
කුමක් ද, කියන කාරණය කෙටියෙන් අපට පැහැදිලි කර දෙන මෙන්
අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : තෙරුවන් සරණයි! මේ ලෝකයේ සත්වයෝ ඉපදීම, වයසට
යාම, ලෙඩවීම, මරණයට පත්වීම, කැමති දේ නොලැබීම, දඬුවම් –
වධහිංසා – නින්දා ආදී විවිධ අකමැති දේ ලැබීම වැනි බොහෝ දුක්
වලට භාජනය වෙනව. මේවායින් ගැලවෙන්න විවිධ උපක්‍රම කළත් ඒ
දුක් ලැබීම අවසන් වෙන්නෙ නෑ. මෙන්න මේ කියන සියලු දුක්
ගැනත්, ඒවා ඇතිවීමේ හේතුත්, ඒ දුක් වලින් තොර ස්වභාවයත්, ඒ
දුකින් මිදීමේ මාර්ගයත් අවබෝධ කරගෙන ලෝක සත්වයන්ට පහදා
දීමට ඉතා කලාතුරකින් ලෝකයට පහළ වන අති ශ්‍රේෂ්ඨම උතුමන්
වහන්සේ තමයි ලොවුතුරා බුදු රජාණන් වහන්සේ කියල කියන්නෙ.
“බුද්‌ධෝ සෝ භගවා බෝධාය ධම්‌මං දේසේති …….” යනාදී වශයෙන් බුද්ධ
දේශනාවෙ මේ ගැන සඳහන් වෙනව. අන්න ඒ බුදු රජාණන් වහන්සේ
අවබෝධ කළ ඒ වගේම දේශනා කළ “දුකින් මිදීමේ පිලිවෙත” තමයි බුදු
දහම කියන්නෙ.
ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස බෞද්ධයා කියල කියන්නෙ
කාටද කියන කාරණයත් අපි දැනගන්න කැමතියි.
පිළිතුර : ඇත්තටම මේ බෞද්ධයා කියන වචනය මේ ජාතියට
අයිතියි, මේ රටට අයිතියි කියල වර්ග කරන්න බෑ. යම් කෙනෙක් බුදු
රජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නව නම්, එතුමන්
වහන්සේගේ අවවාද පිලිගෙන ඒ අනුව තමන්ගේ ජීවිත හැඩගස්වා
ගන්නව නම් අන්න ඒ කෙනා බෞද්ධයෙක්. ඒ කෙනා ලංකාවෙ
කෙනෙක් උනත්, ඉංදියාව – බුරුමය – තායිලන්තය – චීනය –
එංගලන්තය – ඇමරිකාව ආදී කුමන රටක උපන් කෙනෙක් උනත්
එයා බෞද්ධයෙක්. ලංකාවෙ බෞද්ධ දෙමාපියන්ට දාව උපන් දරුවෙක්
උනත් බුද්ධ දේශනාව පිළිපදින්නෙ නැත්නම් එයා සැබෑ බෞද්ධයෙක්

නෙවෙයි. ඒ නිසා මේ බෞද්ධකම කියන්නෙ යම් යම් ජාතීන්ට අයිති
දෙයක් නෙවෙයි. මොනම ජාතියක කෙනෙක් උනත් බුදු දහම අනුව
නිවැරදිව තම ජීවිතය හැඩගස්වා ගන්නව නම් ඒකාන්තයෙන්ම ඒ
ජීවිත වාසනාවන්ත වෙනව. දුක් දොම්නස් අඩු, ගැටලු වලට මධ්‍යස්ථව
නොසැලී මුහුණ දීමට සමත් සාර්ථක ජීවිත බවට පත් වෙනව.
ප්‍රශ්ණය : බොහෝ බෞද්ධයින් සිටින ලංකාවෙත් නිතර විවිධ ගැටලු
හා නරක ක්‍රියා ඇතිවෙන අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනව.
මේකට හේතුවත් අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.
පිළිතුර : මේක අපි ගොඩක් සැලකිල්ලෙන් බැලිය යුතු කාරණයක්. මේ
වැරදි කරන බොහෝ දෙනෙක් උපතින් බෞද්ධ උනත් සැබෑවටම බුදු
දහම පිළිපදින අය නෙවෙයි. ඒකයි අපි මුලින් මතක් කලේ කෙනෙක්
උපතින් බෞද්ධ වෙන්නෙ නෑ කියල. ඒ නිසා මේ තියෙන ගැටලු අවම
කරන්න තියෙන එකම ක්‍රමය මේ පිරිසගේ හිත්වල සාරධර්ම ඇති
කිරීමයි. ඒ සඳහා මේ බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න
පිරිසව උනන්දු කරවන්න ඕන. නිවසේ සිටින කුඩා දරුවාගේ පටන්
පාසල් විශ්වවිද්‍යාල ආදී සෑම තැනකම මෙම සාරධර්ම දියුණු කිරීමට
මුල් තැනක් දීල ප්‍රායෝගිකව ඒ සාරධර්ම දියුණු කරන ක්‍රමය පිරිසට
පුහුණු කරවනව නම් මේ සමාජය ඉතාම ධාර්මික සාමකාමී
සමාජයක් බවට පත් කරන්න පුළුවන්. එහෙම නැතිව ලාභ –
සත්කාර, නම්බු – නාම ආදිය පසුපසම හඹා යන කෙලෙස් වලින්
පිරුණු සමාජයකින් කිසිදාක ධාර්මික සාමකාමී පිරිසක්
බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ ලාභ ලැබීමේ චේතනා
පසෙක තැබූ ගුණධර්ම දියුණු කිරීමේ චේතනාවටම මුල්තැන දුන්න
සමාජයක් ඒකාන්තයෙන්ම සැනසුන සමාජයක් වෙනව. භෞතික
සම්පත් කොතරම් තිබුනත් හිත් සතුටින් නැත්නම් ඒ සම්පත් වලින්
ඇති ප්‍රයෝජනය මොකක් ද? භෞතික දේවල් අඩු උනත් හිත සතුටින් තියාගන්න
පුළුවන් නම් ඒකයි වටින්නේ. ඇත්තටම දුක් අඩුකරන සැප ලබන ක්‍රමය බොහෝ දෙනෙක්
නොදන්න නිසයි මේ ගැටලු සියල්ල ඇතිවෙන්නෙ.

ප්‍රශ්ණය : බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ දුක් නැතිකරන සැප
ලබන ප්‍රතිපදාව ගැන කෙටි හැඳින්වීමක් කරන ලෙස අපි ගෞරවනීය
ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව ගැන කෙටියෙන්
කියනව නම්, සීල – සමාධි – ප්‍රඥා කියන ධර්ම දියුණු කිරීමයි මේ
ප්‍රතිපදාව. මේක කෙනෙකුට කරන්න බැරි අසාමාන්‍ය දෙයක් නෙවෙයි.
ඇතැම් අය මේ ගැන බාහිරින් බලල මේක කරන්න බැරි දෙයක් කියල
හිතන්න ඉඩ තියෙනව. මේ සීලය රකිද්දි තමන්ට අවශ්‍ය විදියට
ඉන්න බැහැනෙ, මේක මහ දුකක් කියල කෙනෙකුට හිතෙන්න ඉඩ
තියෙනව. එහෙම හිතෙන්නෙ ඒ ගැන අත්දැකීම් නැති නිසයි. මුළදි
නම් මොනම දෙයක් උනත් අපහසුයි. නමුත් යම් හොඳ දෙයක් හුරු
උනාම ඒකෙන් ඇතිවන යහපත අත්දකිද්දි පුදුමාකාර ප්‍රීතියක් ලබනව.
මේ ප්‍රතිපදාවත් එහෙමයි. මුළදි කෙලෙස් තද නිසා අපහසුතා
ඇතිවෙනව. නමුත් ටිකක් පුහුණු උනායින් පසුව සීලය පලුදු උනොත්,
සමාධිය – ප්‍රඥාව පිරිහුනොත් තමයි අපහසුවක් දැනෙන්නෙ. සීලය
රකින එක, සමාධි – ප්‍රඥා වඩන එක පහසුවක් විදියට දැනෙනවා. ඒ
නිසානෙ කලින් රජසැප විඳල තිබුණ මහාකප්පින, භද්දිය ආදි
මහරහතන් වහන්සේල “අහෝ සුඛං, අහෝ සුඛං” කියල මේ පැවිදි
සැපය නිවන් සැපය වර්ණනා කළේ. ඒ වගේම මහා සිටු සම්පත් විඳපු
රට්ඨපාල, සෝණ, යස ආදී මහරහතන් වහන්සේල බොහෝ දෙනෙක්
මේ සාසනයේ සිත් අලවා වාසය කළේ මේ ප්‍රතිපදාවෙ තියෙන ඒ “හිත
නිවන” හැකියාව නිසයි. ඇත්තෙන්ම මේ සියලු සත්වයෝ දුක්
විඳින්නෙ කෙලෙස් පීඩාවන් නිසයි. ඒ නිසා අපි මේ දුකින් නිදහස්
වීමටත් සැප ලැබීමටත් කැමති නම් මේ ප්‍රතිපදාව අනුමනය කරන්නම
ඕන.
ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස මේ “භාවනාව” මේ ප්‍රතිපදාවට
සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ භාවනාව කියන්නෙ මොකක්ද
කියලත් අපි දැනගන්න කැමතියි.
පිළිතුර : ඇත්තෙන්ම මේ සීල – සමාධි – ප්‍රඥා කියන ගුණධර්ම දියුණු
කිරීම තමයි භාවනාව කියල කියන්නෙ. ඒ නිසානෙ භාවනා කියන

පදය “භාවේති කුසලේ ධම්‌මේ ආසේවති වඩ්‌ඪේති එතායාති භාවනා.” කියල පැහැදිලි
කරන්නෙ. ඒකෙ තේරුම “මේ ක්‍රියාව කරණකොටගෙන කුසල් දහම්
වඩන්නේය” කියන එකයි. කෙටියෙන්ම කියනව නම් කුසල් දහම්
වැඩෙන ක්‍රියාව භාවනාවයි. ඉතිං මේ සීලාදී ප්‍රතිපත්ති පුරන කොට
කුසල් දහම් වැඩෙනව.
නමුත් මෙතනදි දැනගන්න ඕන මේ කුසලයන්ගේ විවිධ මට්ටම්
තියෙනව. කාමාවචර කුසල ඒ වගේම රූපාවචර – අරූපාවචර –
ලෝකෝත්තර කුසල කියන විවිධ මට්ටම් තියෙනව. ඒවායේ
ශක්තියත් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ එකිනෙක කුසලය
ලබන්නට භාවනාව කළ යුතු ආකාරයෙත් වෙනස්කම් තියෙනව.
ප්‍රශ්ණය : දාම් ඇදීම, චෙස් ක්‍රීඩාව ආදී ක්‍රියා නිසත් සිතේ එකඟ
බවක් ඇතිවෙන නිසා ඇතැම් අය කියනව ඒවත් හොඳ භාවනා ක්‍රම
කියල. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන ලෙස ස්වාමින්
වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනව.
ඔව් ඒ ක්‍රීඩා වලදිත් හිතේ ඇතැම් ධර්මවල දියුණුවක් වෙනව.
නමුත් බුදු දහමට අනුව “භාවනා” කියල අදහස් කරන්නෙ කුසල්
දියුණු වෙන්න හේතු වෙන ක්‍රියා පමණයි. ඒ වගේ ක්‍රීඩා වලදි බොහෝ
සෙයින්ම ලෝභාදී කෙලෙස් තමයි වැඩෙන්නෙ. ඒ නිසා ඒව බුදු දහමෙ
කියැවෙන භාවනා වලට ඇතුලත් වෙන්නෙ නෑ. සමාධිය කියල
කියන්නෙ සිතේ තියෙන ඒකාග්‍රතාවය කියන චෛතසිකයටයි. ලෝභාදී
අකුසල සිත් වලත් මේ ඒකාග්‍රතාවය තියෙනව. නමුත් ඒක එතරම්
බලවත් නෑ. මොකද එකඟකමට විරුද්ධ උද්ධච්චය ආදී ධර්මත්
අකුසල හිත්වල තියෙනවනෙ. ඒ නිසා මේ වගේ ක්‍රීඩා වලින් කවදාවත්
ධ්‍යාන මට්ටමේ එකඟතාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ වගේම අකුසල
සිතක ඇති එකඟකම කවදාවත් යහපත් විපාක ගෙනත් දෙන්නෙත්
නෑ. යහපත් විපාක ගෙනත් දීමේ ශක්තිය තියෙන්නෙ කුසල සිත්
වලට පමණයි. ඒ නිසා නිවන් අවබෝධ කිරීම කියන උතුම්
පරමාර්ථය ලඟාකර ගැනීමට නම් ඉතාමත් පිළිවෙලට කුසල් දහම්
වැඩීම කරන්න අවශ්‍යයි. ඒ ගැන බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර
දේශනා වලදි ඉතාම විචිත්‍ර විදියට පැහැදිලි කරල තියෙනව. යම්

කෙනෙක් ඉතාම උනන්දුවෙන් ඒව නිවැරදි ක්‍රමයට ජීවිතයට හුරුකර
ගන්නව නම් ඒකාන්තයෙන්ම දුක් දොම්නස් දුරු කරගෙන සැනසීමක්
ලබන්න පුළුවන්. ලෝකයේ සියළුම දෙනා මේ විදියට කුසල් දියුණු
කරන්න පෙළ ගැහෙනව නම් මේ තියෙන සියළුම ගැටලු අවසන්
වෙනව. ඒ නිසා සියලුම සත්වයින්ට ගුණධර්ම දියුණු කිරීමට හිත්
පහළ වේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.
පුණ්‍යානුමෝදනාව : ගෞරවණීය ස්වාමින් වහන්සේ ඉතාම සරලව
පැහැදිලිව භාවනාව කියන්නෙ මොකක්ද කියල අපිට පැහැදිලි කළා.
ඉදිරියෙදි ක්‍රමාණුකූලව භාවනාව කරන ආකාරයත් අපිට විස්තර කර
දෙන සේක්වා කියන ආරාධනාවත් කරනව. ඒ වගේම ස්වාමින්
වහන්සේට මේ කරන සාසනික කටයුතු සාර්ථකව සිදුකරන්නට සෑම
පහසු විහරණයක්ම සැලසේවා. ඉක්මනින්ම නිවන් අවබෝධය
පිණිසත් හේතු වේවා කියල පින් අනුමෝදන් කරනවා.
සාධු! සාධු!! සාධු!!!

දහම් කරුණු පහදා දීම : නාඋයන අරණ්‍ය සේනාසනාධිපති
කර්මස්ථානාචාර්ය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2VcNmC9
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 140🧡💛
🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 35

🌺 පසුගිය ලිපියෙන්

මහජනයා පුදුමයට පත්වුනා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුනා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණ. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුනා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුනා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ලග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි, ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

🌺 වෙසතුරු කුමරු ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම.

මේ සියල්ල ඉවසීමෙන් අසාසිටි අප මහා බෝධිසත්වයන්වහන්සේ තම පියරජු සමග කථා කරමින් මෙසේ පැවසුවා. “ඔබද දනව්වැසියෝද නියම්ගම් වැසියෝද එක්ව දැහැමින් රජකෙරූ මා රටින් නෙරපවනු ලැබුවා.” උන්වහන්සේ කිවේ එපමණ වූවත් කිවයුතු බොහෝ කරුණු එහි සඳහන්ව තිබ්බා. ඉන්පසු රජතුමා පුතණුවන්ගෙන් සමාව අයදිමින් ” පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් රටෙහි අභිවෘද්ධිය නසන ලදී. මම සිවිරට වැසියන්ගේ වචනයෙන් ඔබව රටින් නෙරපූයෙමි.” ඉන්පසු තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මෙසේ කිවා. පුතනුවනි, යම්කිසි අයුරකින් තමා ජිවිතයද පුදා පිහා හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද පහකරන්නේද, එලෙසම දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක නැති කළ යුතුය. දරුව, එය සිතෙහි තබා තවස්වෙස් අත්හැර රජවෙස් ගන්නැයි” කිවේ බැගාපත්ව.

රජතුමා ඇතුළු සියලු රටවැසියන්ගේ ආරාධනයෙන් පසු යලිදු රජකම බාරගැනීම.

බෝධිසත්වයන්වහන්සේ රාජ්‍ය කරනු කැමැත්තේ නමුත් මෙපමනක්ම් නොකියූ දෙයෙහි සැලකිල්ලක් නැතැයි කීවා. ඉන්පසු රජතුමා මහා බෝධිසත්වයන්වහන්සේට ආරාධනා කරනු ලැබුවා. බෝධිසත්වයන්වහන්සේත් එය පිළිගනුලබුවා. ඉන්පසු ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි පවසනු ලැබුවා. බෝධිසත්වයන්වහන්සේ ටික වේලාවක් ඉවසන්න යැයි කියා පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින් මාස හතක් මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළොව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැද, පසග පිහිටුවා වැද සිටියා. ඉන්පසු වෙසතුරු රජු රජස්කදැල් සෝදා, කපුවෝ හිසකෙස් රවුල් කැපීම් ආදියද කරනු ලැබුවා. සියළු අභරණනි අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන වෙසතුරු රජුව රාජ්‍යයෙන් අභිෂේක කරනු ලැබුවා.

🌺 වංකගිරියේ පැවැත්වූ සැණකෙළිය.

එතැන්පටන් ඔහුගේ යසස් මහත් විය. බැලු බැලු තැන කම්පා වෙයි. ස්තෝත්‍ර ගායකයෝ මංගල ගී ගායනා ගැයුවා. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්තා. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද වෙන්නට පටන්ගත්තා. මේ සියලු කරදර වලටද පාරමිතා පූර්නයටද එකසේ හේතුවූ ඒ දන්දුන් හස්ති රත්නය සුදානම් කර සමීපයට ගෙන අවා. වෙසතුරු රජු උතුම් කඩුව පැළදගෙන තමන් උපන් දිනයේම උපන් ඒ සතුරන් නසන මංගල හස්තියා පිටට නැග්ගා. එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුණු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්තා. ඉක්බිති වෙසතුරු රජ සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්තා. සිවි කන්‍යාවෝ රැස්ව මද්‍රි දේවිය නැහැවුවා. ඉන්පසු සිවි රජුගේ බිසෝවරුන් රැස්වී ඇයව නැවතවරක් සුවද පැනින් නාවනු ලැබුවා. මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුනා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුනා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුනා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා. මීට පෙර තමන් වනයෙහි වාසය කිරීම් නමැති කිලිටි සිහිකර වංකගිරි පර්වතය තුළ වෙස්සන්තර රජුගේ ආඥාව යැයි වැල් ඔතන ලද ආනන්දය භේරිය හසුරුවා සැණකෙළි පැවැත්වුහ. සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු වුනා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
22-02-2020